හොද පුද්ගලයින්ගේ ආයුෂ අඩුය....නමුත් ඔවුන් ගත කරන කුඩා කාලය තුල රටට ලෝකයට විශාල සදාකාලික රැදෙන සේවයක් ඉටුකරයි.....එවන් ප්‍රතාපවත් මිනිසෙකු, පියෙකු, සහෝදරයෙකු, ගුරුව‍රයෙකු, කලන මිතුරෙකු අපෙන් පෙරදා සදහටම වෙන්වී ගියේ ඔහුගේ මතකය....ඔහු‍ගේ උපදෙස් අවවාද...අප හද තුල මෙන්ම වාතලයෙහි රදවමින් අප සුසුම් සයුරක ගිල්වමිනි.....ඒ අන්කවුරුවත් නොව... "කුමුදු පින්තු ගුරුපියාණන්ය"...ගුරුහොරුන් අතර දිදුලන සැබෑ ගුරුපියෙකුවු එතුමාගේ අවවාද අනුසාශනා ඊයෙට අදට හෙටට පමණක් නොව සදාකල් වටිනේය.නමුත් ඒවා ඔහු සිටි කල පිළිගත්තෝ අඩුය.දැන් ඔහුගේ අගය අපටත් ඔවුනටත් දැනෙනු ඇත...ඒ ඔහු නැවත කෙදිනකවත් "තම තම නැණ පමණින්" නම් වු එතුමාගේ සිංහල බ්ලොගය නොලියන නිසාවෙනි‍.ඔහු කිසි දිනක දැක නැතත් කතා නොකල නුමුත් මා සමගින්, එතුමාගේ "C සඳහා උදාහරණ" නම් වු ලිපි පෙල හාරහා සමීප වු මා..ඔහුගේ අනෙක් ලිපි වෙතද මා ඇද තබා ගත්තේ නිතැතිනි‍‍....

ජීවිතේ මරණ බිය සැබැවින්ම එක්වරක් විද ඇති මා....එය මතක් වන වාරයක් පාසා ඇගහිරී වැටී මනස පවා අවුල් කරගනී.නමුත් ඔබතුමා මරණයට සැබෑ බුද්ධ පුත්‍රයෙකුසේ මුහුණ දුන් අයුරුනම් මහත් ආශ්වර්යයකි.අභාවප්ප්‍රාප්ත වීමට දින කීපයකට පෙර ලියු " මිනීමල් හා මරණයට ඇති බිය " නම් වු ලිපියෙන් ඒ බව මොනවට පැහැදිලිවේ.

"අපි කාට හරි දීර්ඝායු වේවා කියල පතන එක කොච්චර නිවැරදිද ? යමෙක් වයසට ගිහිල්ලා දුර්වල වෙලා අනෙක් අයට බරක් වෙලා දුක් විඳ විඳ ඉන්නවට වැඩිය හොඳ නැද්ද ඒ දුර්භාග්‍ය සමය එන්න ඉස්සර වෙලා චුත වෙන එක ?"
(එතුමාගේ
" මිනීමල් හා මරණයට ඇති බිය " නම් ලිපියේ එතුමා දුමී සහොදරයට දැක්වු පිළිතුරක්...)

එතුමාගේ ගුණ ගැයුමෙන් දැන් පලක් නොවේ....එතුමාට කල හැකි හොදම ගරු කිරීම නම් එතුමා පැවසු අවවාද අනුශාසනා අපේ දිවියට එක්කරගෙන අපේ ජීවීත සාර්ථක කරගැනීමයි....

ගුරුපියාණෙනි....ඔබ තුමා‍ගේ අඩුව පිරවීමට සමාජයේ කිසිවෙකුටත් නොහැකිවෙනු ඇත.දුක් සයුර මැද ගිල්වුවද අප කුමුදු පින්තු ගුරුපියාණෙනි ඔබට අමා මහ නිර්වාණ සුවය පතමි............!!!

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

4 comments:

මං එතුමා ලියපු ලිපි කියෙව්වත් කවදාවත් කිසිම කමෙන්ට් එකක් ලියපු කෙනෙක් නම් නෙමෙයි අයියා. හැමෝම ලියපු ලිපි වලින් තමා දැන ගත්තේ එතුමා ගුරුවරයෙක් යන වග.... මට ඒ ගැන බොහොම කණගාටුවක් ඇති උනා.

ගුරු පියාණන්ට නිවන් සුව පතනව......!!!!!

July 26, 2010 at 9:36 PM  

@හා පැටික්කි (MS)
දුක්වීමෙන් දැන් වැඩක් නැත නංගියෝ....දැන් ඔහුකීදේ ගැන දැන්වත් සිතන්නට පටන්ගෙන ඒවා අපේ ජීවිතයට එක්කරගෙන ජීවිතය සාර්ථක කරගැනීම ඔහුට කරන ලොකුම උපහාරයයි.

ඔහුගේ අඩුව නම් ලොකුවට දැනෙවී නංගෝ......

July 27, 2010 at 6:20 AM  

"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

July 27, 2010 at 6:58 AM  

එතුමාට නිවන් සුව ලැබේවා!

July 27, 2010 at 2:06 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails