෴ සෙනෙහසේ අයැදුම ෴



ඔය නිල්වන් නෙතු සඟලේ
පින්බර ඔය හිත් පොඩියේ
ආලවන්ත හද මැඳුරේ
ආසයි රැදෙන්නට මොහොතක් සැනසිල්ලේ....

සියොත් කැල පෙම් කෙලින අහස් කුසේ
නිල්වන් වු වලා පෙල අතරේ
හිරු අවරේ සැඟවෙන මේ සවස් කලේ
ආසයි සැතපෙන්නට ඔය උරමැදුරේ......

සඳ එළියෙන් බබළන නඳී තෙරේ
තරු එළියෙන් මෝරන මේ අහස් කූසේ
ආසයි විඳින්නට පෙම් සුව මද පවනේ
දෙනවද රත්තරං අවසර මේ මොහොතේ........


ම්....hah කෂ්ටිය බලනවා ඇති හසියට එකපාරට මෙකද මේ කවි සිතුවිළි පහල වෙලා කියලා....හික්ස්. මේ කවිය මම ලියපු එකක් නම් නෙවේ.මේක ලිව්වේ හසියගේ පෙම්වතිය. ම්ම්....පෙම්වතිය කීවට දැන් ඇය ම‍ගෙන් ගොඩක් ඈතට ගිහින්. ඇය ගැන ඉදිරියේදී කියන්නම්කො‍්.එදා වත් අක්කිගේ ෴ ආදර හසුන ෴ ලිපිය කියවද්දි... මට මගේ පෙම්වතිය දුන් ලියුම් හා ලිපි කිහිපය ආයෙ කියවන්න හිතුනා.ඒ අතරේ තියෙන මම ආසම පද පෙල තමයි මේ. ම්ම්ම්....මේ පද පෙල ඇය මට දුනේනේ අප පෙම්වතුන්වුනාට පසුව සිදුවු පළමු හමුවීමේදීයි. ඒ නිසාමද මන්ද මේ පද පෙළට මම දක්වන්නේ පුදුම ආදරයක් වගේම ආසාවක්. ඒ හන්දමයි මේ පද පෙල දැම්මේ.....
හ්ම්ම්ම්....කෂ්ටිය කියවලා දැනුනුදේ කියල යන්නකෝ එහෙනම්.....hah ඇය ගැන පස්සේ දවසක කියන්නම්කෝ.......එහෙනම් හසියා වාෂ්ප වුණා.
ඒස්වහ්ඃ පුහ්ඃ

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

17 comments:

හ්ම්ම්ම්....

August 5, 2010 at 3:03 PM  

හරිම ලස්සනයි ඒ පද පෙල.. :q (මෙයා වාෂ්ප වෙන්නමයි බලන් ඉන්නේ :i )

August 5, 2010 at 3:06 PM  

@Shadow/හේමලයා
හ්ම්....ස්තූතියි සහෝ....

August 5, 2010 at 3:08 PM  

@හසී
සියළුම හිමිකම් ඇය සතුයි...ස්තූතිය යා යුත්තේ ඇයටයි...ඇයත් දකීවී මෙය...
වාෂ්ප වෙන්න ඇත්නම් සදහටම කෙතරම් අගනේද... :i

August 5, 2010 at 3:10 PM  

අපොයි මගේ හසි පැටියා... මම හිතුවේ තාම කිරි කැටිය කියල..( ඉන්නේ පොඩි එකා වගේ නිසා )

August 5, 2010 at 4:19 PM  

@wath
හිහී හිහී...ඔව් අනේ මං පව්... :f
:e මේ මං පොඩි නෑ හරිද....බොලු කීනකොටනම් මට තද වෙනවා...හරිද...(මාව දැකල තියෙද..සංතෝසේ බැලුවා...)

August 5, 2010 at 4:33 PM  

ස්තූතිය ඈ සතු නිසා තෑන්කූ බෙදාගත්තට


නිෂ්

August 5, 2010 at 4:49 PM  

@nish
හා හා හම්බවුනොත් කියන්නම්කෝ කියන්න ගිහින් ගුටිකන්න වෙයිද දන්නෑ.... :b

එහෙනම් මේ පැත්තේ අවාට මදි නොකියන්න පිං හොදේ.... :d

August 5, 2010 at 5:41 PM  

එයා කලින්ම කියලා තියනවනේ මලේ. " මොහොතක් රැදෙන්න " කියලනේ තියෙන්නේ.

බලාගෙන යනකොට හසියටත් කියන්න දේවල් තියනවා වගේ. බලමුකෝ

August 5, 2010 at 8:53 PM  

@හෙළයා
හ්ම්.....ඒකතමා...දැන්නම් තේරෙනවා එයා මාව රැවැට්ටුවා කියලා.
මට පේන විදිහට බ්ලොග් ලියන බහුතරය බුට් කාපු අය වගේ....

August 5, 2010 at 11:17 PM  

අප්පේ ලොකු බොස් ගිහිල්ල තියෙන දුර :e කවියනම් මැක්සා අයියෙ :d එල කිරි :p

August 6, 2010 at 2:51 AM  

ඒ අක්කනම් ගොඩක් ආදරෙන් ඉන්න ඇතිනෙ :t :g ඇත්තටම අමුනල කරල මොකෝ අනේ උනේ :j :s

August 6, 2010 at 2:53 AM  

@Hasitha ජයසූරිය
දින වලින් වැඩි දුරක් නොගියත් සිතෙන් ගොඩක් දුර ගියා....:f ඒක ඉතිං අරයටම තමයි කියන්න වෙන්නේ... :d
හ්ම්...ඒ විස්තර පස්සේ කියන්නම්කෝ.... :h

August 6, 2010 at 7:44 AM  

hmmmmmmmmmmm..................:f :f
dhuka thamaa..........

August 6, 2010 at 6:35 PM  

@හා පැටික්කි (MS)
හ්ම්.....
:f :f :f :f :f :f :f :f :f :f :f

August 6, 2010 at 7:14 PM  

boot eka bokkatama wadila wage ganan gannepa ohoma thamai jeevithe

August 23, 2010 at 6:00 PM  

@Anonymous
ඇත්ත කියන්න ලැජ්ජා වෙන්න ඕනි නෑනේ...ම්ම්ම්ම් ඔව්.... :f
නමවත් කියලා ගියානම් නරකෙයි ඇනෝ...???

August 23, 2010 at 6:25 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails