෴ මෙන්න මේකයි විශේෂත්වේ ෴



ම්ම්ම්ම් මම කෂ්ටියගෙන් ඇහුවොත් මේ අපේ සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ජනප්‍රියම බ්ලොග් එක මොකක්ද කියලා, මොකක්ද දෙන උත්තරේ‍‍...ඒ පාර කෂ්ටිය කියයිද දන්නෑ මෙන්න හසියා ජනප්‍රියම බ්ලොග් තරුව තෝරන්න හදනවා කියලා.නෑ නෑ මෙතන එහෙම සිද්ධියක් නෙවේ තියෙන්නේ‍.මට හිතෙන විදිහට එකක් කියලා නෑ.ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවි කිහිපයක්ම තියෙනවා අපි අතරේ.මම කියන්න ඕනි නෑනේ ඉතිං කෂ්ටියට මතක් වෙනවා ඇතිනේ ලොකු ලිස්ට් එකක්.ම්ම්ම්ම් මම අද කියන්න හිතුවෙත් ඒ වගේ ගොඩාක් ජනප්‍රිය බ්ලොග් අඩවියක් ගැනයි.ඔන්න දැන් බ්ලොග් ලියන සහොදර සහොදරියෝ හසියා එක්ක තරහා වෙයිද දන්නෑ.., හසියට අරයගේ බ්ලොග් එක ගැන කියන්න පුළුහන් ඒත් අපේ ඒවා ගැන වචනයක් වත් කියන්න බෑ කියලා.හරි හරි ඉතිං....මම මේ බ්ලොග් එක ගැන කියන්න හිතුවේ විශේෂ හේතුවක් නිසයි.

මේ මම කියන්න හදන බ්ලොග් අඩවිය ලගදීම විශේෂ සන්ධිස්ථානයකට ළගා වෙනවා.ළගදීම කිව්වට අද හෙටම කිව්වොත් නිවැරදියි.මම හිතන්නේ මේ බ්ලොග් එක අපේ බ්ලොග් අවකාශයේ ඇති වැඩිම ලිපි සංඛ්‍යවක් ඇති බ්ලොග් අඩවිය කියලයි.එහෙම නැතිවුනත් දෙවෙනි තැන හරි ඉන්නවා කියලා නම් ෂුවර් ඇන්ඩ් ෂොට්.

සතුට, සාමය, සමගිය, සෙනෙහස, ආදරය, කරුණාව, දයාව, දුක, සොබාදහම ඇතුළු නොයෙකුත් මාතෘකා යටතේ මේ මම කියන බ්ලොග් අඩවියේ ලිපි අඩංගුවෙනවා.එක වෙලාවකට බඩරිදෙනකන් හිනාවෙන්නත් තව වෙලාවකට ඇස් රිදෙනකන් අඩන්නත් ඒ වගේම ලියන්නාගේ අත්දෑකීම් මෙන්ම තමන්ගේ පවුලේ, මිතුරන්ගේ ඕපා දුප පවා මේ ලිපි අතර අඩංගුවෙනවා.ඒ විතරක්ද හොද නරක, උපදේශයන් වගේ ජීවිතයට වැදගත් ලිපි වලිනුත් මේ බ්ලොග් අඩවිය සමන්විතයි කිව්වොත් මම නිවැරිදියි.

දැන් කෂ්ටියට අම්බානකට තද වෙලා ඇත්තේ.හා හා තව පොඩ්ඩක් ඉවසමුකෝ........

දැනුම විනෝදය ඉහළින්ම සපයන මේ බ්ලොග් අඩවිය පටන් අරන් තියෙන්නේ 2009 සැප්තැම්බර් 18 වෙනිදා.දැන් කෂටිය කියයි අපෝ මේ කියන්න හදන්නේ බ්ලොග් එකකට අවුරුද්දක් පිරෙන එකක් ගැන කියලා.නෑ නෑ එහෙම දෙයකටත් වඩා වැදගත් සිදුවීමක් තමයි මම කියන්න යන්නේ.

මේ බ්ලොග් අඩවියේ ලිපි කියෙව්වාම, එහි ලිපි ලියු තැනැත්තා‍ගේ හදවත ඒවගේම ඒ තැනැත්තා කොහොම කෙනෙක්ද කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ .කෙලින්ම කිව්වොත් ලියන්නාගේ හදවතේ කැඩපත කිව්වත් කමක් නෑ.ඒ මට දැනුණු විදිහ.අපේ කෂ්ටියටත් එසේම වෙන්න ඇති කියලා මට හිතෙනවා‍.ඒ හන්දනේ ජනප්‍රියයි කියලා කිව්වේ.

වැඩි විස්තර ඕනි නෑ‍‍.(වැඩි විස්තර ඕනි නෑ කියන්නේ හරියට දැන් කරපු විස්තරේ පොඩි එකක් කියලා හිතානද දන්නෑ කියලා කෂ්ටිය හසියට බනිනවා ඇති.) ම්ම්ම් මේ බ්ලොග් එක ලියන්නේ අපේ කාන්තා පාර්ශවයේ කෙනෙක්.හා හා දැන් කාන්තා පාර්ශවයට අදාල කෂ්ටිය උඩයනවා එහෙම නෙවේ ඕන්.

මේ බ්ලොග් එකට ගියහම මෙන්න මේවගේ දෙයක් දකින්න පුළුවන්......බලන්න කෂ්ටියට මතකද කියලා......

"~~~~සීතල දිය පිරි සුනිල විලයි..ඒ විල මැද ඔබ සුවඳ මලයි..ගිමන් නිවාලන සුළං රැළක්වී..ඔබේ සිනා මට පවන්සලයි~~~~"

(බ්ලොග් එකට එනකොටම මේක දැක්කාම හොදටම ඇති....හිතයි බඩයි දෙකම පිරෙනවා.දැන් අහන්න එපා බඩ කොහොමද පිරෙන්නේ කියල.මම දන්නෙත් නෑ.)

දැන් කෂ්ටියකට මීටර් ඇති මේ මම කියන බ්ලොග් එක මොකක්ද කියලා‍‍......හරි හරි ටියුබ් ලයිට් වුන කෂ්ටියයට පහල තියෙන සබැඳියෙන් ඒ බ්ලොග් අඩවියට ගිහින් බලන්න පුළුහන් මේ කාගේ බ්ලොග් එක ගැනද කියන්නේ කියලා.අහ්...මේ අපේ මීටර් වෙච්ච සෙට් එකත් ඉතිං තමන්ට මීටර් වුන බ්ලොග් එකමද මේ කියලා හරියටම දැනගන්න ගිහින් බලන්නකෝ.හැබැයි ඔන්න පැළවෙන්න එපා.තව විශේෂත්වේ කිව්වෙ නෑනේ.....





















අහ් ආවද සෙට් එක‍‍‍.......
දැන් දන්නවනේ කවුරු ගැනද මෙච්චරවෙලා කියෙව්වේ කියලා.......සෙදුරු සිතක හිමිකාරිය වු අපේ "වත්සලා" අක්කිගේ "෴ සොඳුරු සිත ෴" කියන බ්ලොග් අඩවිය ගැන තමයි මෙච්චර වෙලා හසියා කියෙව්වේ.කවදාවත් දැකලා නැති වුනත්,කතාකරලා නැතිවුනත් වත්සලා අක්කි ගැන ඕනිම කෙනෙක්ට කියන්න පුළුවන්.කොහොම කෙනෙක්ද? මොනවටද ආසා..පවුලේ විස්තර වගේම ඇගේ විස්තරත්‍‍.වත්සලා අක්කිව මම නම් අද වෙනකන් දැකලා නෑ....කතා කරලත් නෑ...අඩුම තරමේ මුළු නම, ඉන්නේ කොහෙද කියලවත් මම නම් දන්නෑ.හැබැයි ඇය ගැන තියෙන්නේ පුදුම ලෙන්ගතු හැඟීමක්‍‍.මගේම අක්කියෙක් වගේ.(මේ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් අපි පිං කොරල නෑ නොවැ.)මම නම් හිතනනේ මේ හැගීම අපේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝටම දැනෙන දෙයක් වෙන්න ඕනි.ඒ ඇයගේ තියෙන මිත්‍රශීලී, සාමකාමී, ආදරබර, කරුණාබර, පිරිසිදු, විවෘත අදහස් නිසා වෙන්න ඕනි.ඔන්න මම කිව්වේ ඇත්ත....වත්සලා අක්කිව මුරුංඟා අත්තේ තිබ්බ එහෙම නෙවේ ඕන්.....

අහ්....වත්සලා අක්කිව මුරුංගා අත්තේ තියන්න ගිහින් එයාගේ බ්ලොග් අඩවියේ විශේෂත්ව කියන්න බැරිවුනානේ.වත්සලා අක්කිගේ ෴ සොඳුරු සිත ෴ බ්ලොග් අඩවියේ ලිපි 200 ට ආසන්න වීම තමයි විශේෂත්වේ‍‍.බොරුනම් ගිහින් බලන්නකෝ.බ්ලොග් ලිපි ලියන අපේ උදවියට ඉතිං අමුතුවෙන් කියන්න ඕනිනෑනේ ලිපියක් ලියන්න තියෙන අමාරුව.හැබැයි ඉතිං වත්සලා අක්කි ලියන ලිපි වනසන්න අපි ඉන්නවා.කමෙන්ට් කරන අය දන්නවනේ ඉතිං වැඩේ‍.සමහරවිට වත්සලා අක්කි අපිට බනිනවත් ඇති.අමාරුවෙන් ලියපු ලිපි ටික මුං සෙට් එක එකතුවෙලා වනසනවා කියලා.හැබැයි ඉතිං මුණට බැන්නත් ඒ වැඩේ නම් අපි නතර කරන්නේ නෑ.එහෙම වුනොත් කමෙන්ට් නැතුව අක්කිටම එපා වෙලා ලිපි ලියන එක නැවැත්තුවොත්, කාටද පාඩු...අපිටමනේ.කියවන්න තියෙන එක බ්ලොග් එකක් අඩුවෙනවා කියන්නේ සෑහෙන්න බොන්න ඕනී ප්‍රශ්නයක්නේ.‍

ඔන්න ඉතිං ෴ සොඳුරු සිත ෴ නම් වු සොදුරු බ්ලොග් අඩවිය ලියන අපේ සොදුරු සිතැත්ති වන වත්සලා අක්කිට සිංහල බ්ලොග් ලියන සුහෘද බ්ලොග්කරුවන් හා බ්ලොග්කාරියන් මෙන්ම අපේ හසී පවුලේ සාමාජිකයන් හා එකමුතුව, හසියා..., වත්සලා අක්කිගේ 200 වන ලිපියට ඉස්ඉස්සෙල්ලාම මුළු හදවතින්ම සුභ පතනවා.‍....!!!
ඒ වගේම තව චිරාත් කාලයක් අපේ අක්කියා නීරෝගී සුවයෙන් අපිත් එක්ක බ්ලොග් ලියන්නත්, සොඳුරු සිතේ ඇති සියළුම පැතුම් ඉතා ඉක්මණින්ම සිතනවාටත් වඩා හොදින් ඉටු වෙන්නත්, සොඳුරු සිතේ ඇති සියළුම තැවුල්, දුක් කරදර නැත්තටම නැතිවෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!

මේ තියෙන්නේ අපේ වත්සලා අක්කිගේ පළමු ලිපිය.ඒ කියන්නේ මේ
෴ සොඳුරු සිත ෴ ඇරඹුම.......


ඔන්න දැන් කෂ්ටියට කලින්ම කිව්ව නිසා වත්සලා අක්කිගේ 200 වෙනි ලිපියට ඇති වෙනකම් සුභ පතන එකයි ඇත්තේ ඕන්........


වත්සලා අක්කිව මුරුංගා අත්තේ තැබූ
මම
෴ හසියා ෴

(අද නම් ඔන්න අන්තිමට දාන රෙකොඩ් එක හොරකම් කලා........තරහා අවසර හොදේ........)


ප.ලි. : හැබෑටම අපේ හසී කෙල්ල කිව්වත් වගේ, "හසී පවුල" කියලා අපට නම දැම්මෙත් අපේ මේ වත්සලා අක්කි නොවැ.අපිට ලේබල් එකක් ඇලෙව්වට ගොඩාක් ස්තූතියි හොදේ අක්කියෝ.....

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

39 comments:

ඔන්න දෙවනියාම් මම.මම හිතුවා වත් අක්කි ගැන තමා කියන්නේ කියලා.හසී පවුල කියන නම දැම්මෙත් එයානේ.ඇත්තටම මගේම සහෝදරියෙක් සහෝදරයෙක් වගේ දැනෙනවා මේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩාක් අයව.200 වැනි ලිපියට සුබ පැතුම් අක්කියෝ.

August 21, 2010 at 11:00 AM  

මුලදි හිතාගන්න බැරි උනත් පස්සේ හරියටම හිතුව මාත්.......
වත් අක්කිට අපිට තව ලස්සන කවි, නිසදැස්, කතා ලියන්න හා පැටික්කිත් සුභ පතනව............

සුභ පැතුම් වත් අක්කියෝ........

ඔන්න මම තුන් වැනිය.......(ශිහ් හතර වෙනිය වෙන්න බැරි උනේ ඇයි.....)

August 21, 2010 at 11:12 AM  

@හසී
ස්තූතියි හසි කෙල්ලේ...මට අමතක වෙලා තිබුනේ නම දාපු කෙනා අද කතා නායිකාව කියලා...එදාටත් ගොහින් සුභ පතන්න.....

August 21, 2010 at 11:13 AM  

@හා පැටික්කි (MS)
හ්ම්....අපේත් පැතුම එයමයි හා පැටික්කියේ...
ඇයි හතර වෙනියා....??

August 21, 2010 at 11:15 AM  

කුමුදු පින්තු මහත්මයාගේ blog එකේ ලිපි 400+ එතුමා කොපමණ ලියා තියනවද දන්නේ නෑ. 400ට වඩා ගොඩක් වැඩිවෙන්න පුළුවන්. කතන්දරත් 200+. මතකයට නැගුනු blog අඩවි දෙකක් පමණයි. තව ඇති.

August 21, 2010 at 11:31 AM  

වත්ට සුබ පතන්න අමතක වුනා සමාවෙන්න.. වත්ට දිගුගමනකට මගේන් සුබ පැතුම්.

August 21, 2010 at 11:33 AM  

"~~~~සීතල දිය පිරි සුනිල විලයි..ඒ විල මැද ඔබ සුවඳ මලයි..ගිමන් නිවාලන සුළං රැළක්වී..ඔබේ සිනා මට පවන්සලයි~~~~"
මේ වචන ටික දකිනකොටම මම දැනගත්ත..මාතර බ්ලොගර් කෙනෙක් ගැන පෝස්ට් එකක් දැම්මම අපිටත් එක්ක අඩම්බරයි..හි හී.මමත් සුභ පතනව වත් අක්කට

August 21, 2010 at 11:33 AM  

තුනේ ගුණාකාර මට අපලයි.......:d :d

August 21, 2010 at 11:41 AM  

@Anonymous
අහ්....මට කුමුදු සර්ගේ බ්ලොග් අඩවිය අමතක වුනා.:b කතන්දරකාරයාගේ බ්ලොග් අඩවිය නිසා තමයි වැඩිම ලිපි වලින් දෙවැනි තැන හිමිවෙන්න පුළුවන් කීවේ.දැන් මකත් වුනේ...අපේ බිඟුවා අයියාත් වැඩිම ලිපි තියෙන ලිස්ට් එකේ ඉන්නවා.:d මාව නිවැරදි කලාට බොහෝමත්ම ස්තූතියි. :a
නම කියල යන්න කාරුණිකවුනානම් නරකද?:c ස්තූතියි.

@පබලු
හේහේහේ....වටිනා කියන අය අගයන්න එපායෑ..... :d වත් අක්කි අපේ බ්ලොග් එකමුත්වේ ඉන්න එක ගැන අපටත් ආඩම්බරයි. :d ස්තූතියි අක්කියෝ.....

@හා පැටික්කි (MS)
ඒ මොකද ඒ.....? :e

August 21, 2010 at 11:54 AM  

ඔන්න මගෙනුත් සුබ පැතුම්....:n...

August 21, 2010 at 12:00 PM  

වත් ඔබේ ගමනට මගෙන් ආසිරි පිළි ගන්න. ඔබේ සියලුම පැතුම් ඉටුවේවා!!!!!!

මේ ලිපිය සම්පාදනය කල හසී ඔබට බොහොම ස්තුතියි ඒ පිළිබඳව

August 21, 2010 at 12:19 PM  

වත් අක්කිට අපෙන් උනුසුම් සුබ පැතුම් මමත් ගනන් කරකර හිටියේ......

August 21, 2010 at 1:22 PM  

අඩේ එලකිරි හසි අයියේ......වත් අක්කට අපෙනුත් සුබ පැතුම්

August 21, 2010 at 2:13 PM  

වත් අක්කිට මගෙනුත් සුභ පැතුම්. ඒක ගැන දැනුවත් කරපු හසියට ස්තුතියි.SBU අපට ආඩම්බරයි!

August 21, 2010 at 2:32 PM  

මම බ්ලොගයක් ලියන්න කලින් මුලින්ම දිගටම අසාවෙන් කියෙව්ව බ්ලොග් එක තමයි වත් ගේ බ්ලොග් එක... මට ඒ අතින් මගේ බ්ලොග් ගුරුතුමී තමයි වත්... ඇයට සුභ පතන්නත් ඔබේ මතක් කිරීමට ස්තූති කරනන්නත් මමත් එක්වෙනවා...!

August 21, 2010 at 2:42 PM  

මම නම් පටන් ගන්නකොටම දැන ගත්තා මේ කියන්නෙ මේ ගැන කියලා.. මොකද වත්ගෙ බ්ලොග් එකට හසියගෙ ලෙන්ගතුකම මට ඔයාගෙ කමෙන්ට් වලින් දැනිලා තිබ්බා... අපිත් එහෙමයි.... ඉදලා හිටලා කොමිටල් කමෙන්ට් එකක් දැම්මට අපිත් වත් එක්ක ඉන්නවා...

August 21, 2010 at 2:47 PM  

නම කිව්වේ නෑ කියල මම කාරුණික නෑ කිව්වනේ. ඔන්න එහෙනම් ආපහු ඇවිත් නමින්ම වත්ට සුබ පැතුවා. වත්ට මගේ උණුසුම් සුබ පැතුම්.
(මට වත්ගේ blog එක හොයාගන්න බැරුව හිටියේ. වත්ගේ blogger profile එකක් නෑනේ. හසිට බොහොම ස්තුතියි ඒක දැම්මට.)
(මමත් මාතර පැත්තෙම තමයි, නරකද සාඩම්බර හසී පවුල වගේ මාතර blog කරුවෝ ටික එකතු වෙලා මාතර ගැට්ටක් ගැහුවොත්?)

August 21, 2010 at 4:05 PM  

වත් අක්කට මගෙනුත් සුබ පැතුම්....

August 21, 2010 at 4:31 PM  

@Shadow/හේමලයා
සංතෝසයි... :c එදාටත් ගොහින් සුභ පතන්න....ස්තූතියි හේමලය්යා.....(හේමලයා + අයියා) :a


@RanDil
ඇගයිය යුතුදේ අගයන්න එපායෑ නේද...... :a ස්තූතියි සහෝ....... :a


@ඉලංදාරියා
අහ්...එල එල...බලාන හැබැයි ගනින්න ඇඟිලි මදිවෙයි..... :d ස්තූතියි සහෝ....... :a


@Hasitha ජයසූරිය
අහ් පොඩ්ඩෝ....එදාටත් ගිහින් සුභ පැතුවනම් නරකෙයි...? උඹට වැඩිපුරම ඉගෙනීමට බලකරන කෙනානේ...... :d (හැමවෙලේම "පළමුව පාසල" කියලනේ පොඩ්ඩට කියන්නේ..... :o ) ස්තූතියි පොඩ්ඩෝ...... :a


@Naදී
හෆ්ෆෝ සුළු දෙයක්නේ..... :a වැදගත් කියන දේවල් දැනුවත් කරන එක අපේ යුතුකමක් නේ ඉතිං. :d හ්ම්....අපි හැමෝටම ආඩම්බරයි.ස්තූතියි අක්කියෝ...... :a


@තිස්ස දොඩන්ගොඩ
අහ්...ගුරා සහ ගොළයා.... :o ඒක හොදයි අන්න එහෙම තමයි කළගුණ සලකන ගොලයෝ.... :q සංතෝසයි....ගුරාගේ ඉගැන්වීම කොහොමද කියනවනම් අපිට තවත් හොද බ්ලොග් ලියන්නනෙක් දායාද කරල තියෙන්නේ....... :c :d බොහොමත්ම ස්තූතියි අයියේ.... :a (අයියේ කීවට සමාවෙන්න ඕනි.වයස් පරතරය මම හරියටම දන්නේ නෑ.)


@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
අහ්....නියමයිනේ.... :q අයියා පාවිච්චි කරන්නේ මොන ලයීට්ද...? :d අහ් "පුහුල් හොරා කරෙන් දැනේ" කියන්නේ ඕකට වෙන්න ඇති නේද? :d දැන් හැබෑටම කවුද හොරා....? :e නැත්නම් නැත්නම්......අපිට අපේම සහොදරියක් වගේ ඉන්න වත් අක්කිට තමයි අපිත් මනාප...... :c ස්තූතියි සහෝ........ :a


@කාංචන දිනූක
හෆ්ෆේ එහෙම කියන්නෙපා.මම ඒක නිකන් කිව්වේ.... :b දැන් බලන්නකෝ නමෙන් කමෙන්ට් එකක් දාපුවහම තියෙන සිරියාව...... :h බැන්නත් සතුටුයි නොවැ....... :c අන්න බලන්න දැන් වත් අක්කිත් දන්නවා සුභ පැතුවේ කවුද කියාලා.අයියා ගැනත් ආඩම්බරයි මට..... :k අහ්....ඔව් ඉස්සර දාලා තිබ්බා.මන්හිතන්නේ දැන් ඒක හයිඩ් කරලා ඇත්තේ‍‍‍....හෆ්ෆෝ ඕව මොනාද, සුළු දේවල්නේ...ඒකත් නරක නෑ...නරකද "මාතර බ්ලොග් කෙරුවාව" වගේ නමක් දැම්මොත්‍‍‍....? :d අපිත් පුළුවන් සප් එකක් දෙන්නම්....මොන සාමාජික උනත් අපි හැමෝම "සිංහල බ්ලොග් ලියන්නෝ" සංගමයේනේ..... :c :d
බොහොමත්ම ස්තූතියි අයියේ ආයේ ඇවිත් නමින් කමෙන්ට් කලාට........ :a


@පිස්සා පලාමල්ල
එදාටත් ගිහින් සුභ පතන්න එහෙනම්......ස්තූතියි සහෝ...... :a

August 21, 2010 at 5:46 PM  

අප්පොච්චියෝ මක්කයි මල්ලි මේ කොරල තියෙන්නේ...මටවත් මතක නැහැ මම බ්‍ලොග් එක පටන් ගත්ත දවස.. අනිත මේ ලීව ලිපි ගාන නම් මතකයි බ්ලොග් එකේ උඩ ඒ ගැන තියෙන නිසා...

ඒත් ඔයා මේ මොනාද කරේ....

මම බ්ලොග් එක පටන් ගත්තේ කාටවත් කියා ගන්න බැරි දුකක් මගේ හිතේ තිබුන දවස් වල... ඒ දවස් වල ලියපුව කිසිකමකය නැහැ... හරිම බාලාංශයි. දැන් නම් ටිකක් විතර හොදයි. ඒත් හසියා කියන තරම් නම් හොද නැහැ...හසියෝ..උඹ මට අහුවුනොත් ..

ආයේ එහෙම මේ වගේ වැඩ කරන්න එපා...හොඳද.... එහෙනම් කාටත් ස්තූතියි ගොඩක්.... මට හරිම දුකයි මේ වෙච්චි දේට... මම හිතුවෙ නැහැ.....

දඩන් බඩන්........... අයියෝ.......

ඉවරයි ඉවරයි ඔන්න මුරුංග අත්ත පිටින්ම මමත් වැටුන.. කොන්දට බේත් කරහන් ඉතින් දැන්....

මුරුංග අත්තෙන් බිම වැටුන
මම
෴ වත් ෴

August 21, 2010 at 6:24 PM  

මටනම් එහෙම කිසිම බාලාංශ කමක් දෑනුනේ නෑ... බොහොම අසාවෙන් කියවූ නිර්ව්‍යාජ හැඟීම්...

හ්ම්ම්ම් දැන් ඉතින් පලයල්ලකෝ හොරිවිල...!!!

August 21, 2010 at 7:13 PM  

@wath
අහ් මේ ඉන්නේ අද කතා නායිකාව. :c කොරල තියෙන්නේ කියන්නේ, මම වගේම අපේ බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝම ගොඩක් ආදරේ කරන ඒවගේම කියවන බ්ලෝග් අඩවියක විශේෂ අවස්ථාවකට සුභ පැතුවා.එච්චරයි ඉතිං. :d මම, අක්කි බ්ලොග් එක පටන් ගත්ත දිනේ හොයාගත්තේ ඔයාගේ පළමු ලිපියෙන්. :i

මේ සැර දාන්න එන්න එපා ඔන්න..... :l

මේ ලෝකේ කවුරුවත් නෑ දුකක් නොවිදපු කෙනෙක්.සමහර අය තමන්ගේ දුක තව කෙනෙක්ට කියනවා.තව සමහරු තමන්ගේ හිතේම තියං තද කරන් ඉන්නවා.ඔය දෙකෙන් වඩා හොද තමන්ගේ හිතේ තියෙන දුක කාට හරි සමීප කෙනෙක්ට කියන එක.(හැබැයි අහලා හිත සනසන්න පුළුහන් කෙනෙක්ට...නැත්නම් වෙන්නේ පෑරුණු හිත තවත් පෑරෙන එකමයි‍.) එතකොට දුකත් අඩුවෙනවා.ඒ වගේම ශරීර සෞඛ්‍යටත් හොදයිනේ‍.ලියපු දේවල් කිසි කමකට නැතිනම් කිසිකෙනෙක් කියවන්නෙත් නෑ නේ.අඩු තරමේ අක්කියම හිතල බලන්නකෝ....ඒත් අකිකිගේ ලිපි කියවලා ඒවට දාන කමෙන්ට් වලින් පේනවා ලිපියේ තියෙන හරවත් බව.පටන් ගන්නකොට එහෙම තමයි ඉතිං.දැන් ඉතිං උපරිමයිනේ.හරි හරි ඉතිං ලැජ්ජා වෙන්න කාරි නෑ නොවැ....මේ අපේ අම්මිට ඉන්න එකම හරක් පැට්ටා මම...ඒ හින්දා මට මොනාහරි වුනොත් අපේ අම්මිගේන් අක්කිට විසුමක් නෑ...ඔන්න දැන්ම කිව්වා.... :c

ම්ම්ම්ම් බලමු.....දුක් වෙන්නේ මොකටද? කියන්න කාටත් කරදරයක් වෙලා තියෙද...? කාටහරි පාඩුවක් වෙලා තියෙද? ඒ වගේම කාටහරි වැරැද්දක් වෙලා තියේද? නෑ‍ නෙ...ඉතිං දුක හිතන්න ඕනි නෑ...නොහිතන දේවල් නම් කොච්චර වෙලා ඇතිද අක්කියෝ.....මේ ලෝකේ හිතන දේවල් වලට වඩා සිදුවෙන්නේ නොසිතන දේවල්.......

අහ්.....හෆ්ෆේ කිව්වනේ මුරුංගා අත්තේ තිබ්බාම දගලන්න එපා කියලා.කොහෙද ඇහුවයෑ....අහ් කමක් නෑ එහෙනම් අපි සැට් එකම මාතර පැත්තේ එන්නම්කෝ ලෙඩාත් බලලා, 200 ලිපියේ සංග්‍රහය බුක්ති විඳින්නත් එක්ක. :c :d

ඇගයිය යුතුදේ කවදත් අගයන
මම
෴ හසියා ෴


ප.ලි. : වත් අක්කියෝ ඔයාට හිත රිදෙන දෙයක් වගේම ඔයාගේ පෞද්ගලිකත්වයට හානියක්, මගේ අතින් හරි අනෙකුත් බ්ලොග් සහෘදයින් අතින් හරි වුනානම් සිය දහස් වාරයක් සමාවෙන්න.මේ ලිපිය ලිව්වේ, ඇත්තටම මම කැමතිම බ්ලොග් වලින් එකක් නිසාමයි.ම්ම්ම්ම්මම්......ඒ වගේම අද දැනගත්ත, අක්කියගේ තවත් ගුණාංගයක් පිළිබදවත් ආඩම්බර වෙනවා.ඒ අක්කියාගේ නිහතමානීකම.බොහෝමත්ම ස්තූතියි අක්කියෝ.......... :a

August 21, 2010 at 7:21 PM  

@තිස්ස දොඩන්ගොඩ
ඒක තමා....මේක පුදුම සමාජයක්නේ...හිතට දැනෙන දේ කිව්වාම බැනුම් අහ්න්න ඕනි...දුෂ්ධයි අයියා මේ සමාජේ දුෂ්ටයි....

ඒ කොහෙද අප්පේ ඒ....?

August 21, 2010 at 7:26 PM  

මගෙනුත් සුබපැතුම්.......

August 21, 2010 at 7:28 PM  

@ තිස්ස
මට හොරි නැහැ . මේ මුරුංග ගහේ අතු හයිය මදි නිසා ඩෝං ගාලා වැටුන...

@ ෴ හිසියා ෴
පුද්ගලිකව බැනීම සදහා වහාම ඊමේල් ලිපිනය එවනු.

August 21, 2010 at 7:33 PM  

@ගීත් | Geeth
ඔන්න කතා නායිකාව බනිනවා....කමක් නෑ මචෝ සැලෙන්න නරකයි...එදාටත් ගිහින් මතක් කරලා සුභ පතන්න..... ස්තූතියි මචෝ....

August 21, 2010 at 7:41 PM  

අපොයි ද්විත්ව ශතකයට තව 2ක්ම තියෙනවා. 199 දි නෝ බෝල් එකක් එහෙම වැටුනොත් ඔන්න හසියා තමයි.

කොහොම වුණත් ද්විත්ව ශතකලාභී බ්ලොග් කරුවන්ගේ සමාජයට එක් වන්නට සිටින සොඳුරු සිතවත් වත්ට මකර අධිරාජයාගෙනුත් උණුසුම් සුභපැතුම්

August 21, 2010 at 8:00 PM  

@Chanaka Aruna Munasinghe
හෆ්ෆා මකරෝ මොනාද මේ කියවන්නේ.... :b
හ්ම්.....200 ලිපියට ගිහින්ම සුභ පතන්නකෝ.... :c

August 21, 2010 at 8:18 PM  

කෝ 200ක් නෑනෙ. 198 යිනෙ. මට ගණන් කරන්න බැරුවාවත්ද ?

99 දි නෝ බෝල් දාන එක දැන් ප්‍රසිද්ධ කතාවක්නෙ

August 21, 2010 at 8:23 PM  

@Chanaka Aruna Munasinghe
ඔව් ඔව් මකරෝ තාම ලියලා නෑ....මේ මකර රජා නම් ටියුබ් ලයිට්ම තමයි‍‍.... :d
හෙහෙහේ අපි දන්නේ නෑ නේ.... :i

August 21, 2010 at 8:32 PM  

හසියා.. වත් අක්කගෙ ද්විත්ව ශතකය ගැන දැනුවත් කළාට ස්තූතියි සහෝ..

ඔය දෙසීයේ සමාජයට බොහොම වේගයෙන් ළඟාවෙමින් ඉන්න තව දෙන්නෙක් තමා තිසා අයියා සහ දුකා අයියා...

August 21, 2010 at 11:39 PM  

@sansarasidu
ඕක මොකක්ද සහෝ...200 ලිපියට ගිහින් සුභ පතන්න ඇති වෙනකම්....:c
අහ්...එල එල දැනුවත් කරපු එක ගොඩක් හොදයි....නරකම නෑ පාර්ටි 3ක් එකපාර...ත්‍රිත්ව සංග්‍රහ.... :d :c
ස්තූතියි සහෝ....

August 22, 2010 at 3:56 AM  

කියන්න දෙයක් නෑ. සිතක සිතුවම අපූරුවට ගොඩනගල තියනවා. හසියෝ ඔය සුභ පතන ගොඩට මාවත් දාගන්න හොඳේ.

August 22, 2010 at 8:53 AM  

@කාංචන.....මාතර අපේ බ්ලොගර්ස් කියල මමයි අපේ හා පැටික්කියි එකතුවෙලා පොඩි වැඩක් දියත් කරගෙන යනවා දැනටමත්.ඒත් ඒක වැඩිදියුණු කරල ගමු අපි එකතුවෙලා.
@හසීයා ඔන්න අපිට හෙල්ප් එකක් දෙන්න මාතර අයව හොයගන්න..

August 22, 2010 at 1:05 PM  

පබලුගේ comment එක මම දැනුයි දැක්කේ.

ඒක නෙවෙයි හසියා පොඩි ප්‍රශ්නයක්. ඇයි "අයියා ගැනත් ආඩම්බරයි මට.." කියල කිව්වේ?

August 22, 2010 at 7:54 PM  

සතුටුයි මේ ලිපිය ගැන .........

තම තමුන් ඉස්මතුවෙන්න යන කල .....
අනෙකෙකු වෙනුවෙන් ලිපියක් ලියන්නට තරම් ......
වෙහෙසක් ගත් ඔබට මගේ ආචාරය

August 22, 2010 at 8:17 PM  

@කාංචන දිනූක
ම්ම්මම්ම් නෑ ඉතිං ඇනො විදිහට ඇවිත් කමෙන්ට් දාපු එකට නම දැම්මනම් හොදයි නේද කීවාම අයියා ඇවිත් වැරැද්ද පිළිගත්තනේ....අපේ අයට වෙලා තියෙන්නේ තමන්ගේ වැරැද්ද පිළිගන්න අකමැති එකනේ...

කමක් නෑ දැන් ඒවා ඉවරයි...ඔන්න ආයේ ඇවිත් බැන්නත් ඇනෝ ක්මෙන්ට් දැන්න බෑ....හික්ස්...

August 22, 2010 at 8:19 PM  

@වැප්
බොහෝමත්ම ස්තුතියි සහෝ....ඇගයිය යුතු දේ අගයන එක අප කාගෙත් යුතුකමක් නේ...
ස්තූතියි සහෝ....

August 22, 2010 at 8:27 PM  

@ All........

ඔන්න දැන් තියෙන්නේ කෂ්ටියගේ යුතුකම....ඔන්න වත් අක්කි 200 ලිපිය දාලා...ඇත්තම කිව්වොත් පට්ටම ලිපියක්...ඔන්න එහෙනම් ගිහින් සුභ පතන එකයි ඇත්තේ‍‍‍.....

ඔන්න සබැඳුම......

http://sodurusitha.blogspot.com/2010/08/blog-post_23.html

ඒ වගේම මෙතන කමෙන්ට් කරපු හැමොටමත් මගේ ස්තූතිය....

August 23, 2010 at 10:52 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails