෴ සදාදරණීය නැගණිය ෴



අත්තම්මා සාදා දුන් ආහාරද රැගෙන ඉක්මණින් බස් නැවතුමවෙත දිව ගියේ රෝහල වෙත යාමටයි.ඒ අන්හේතුවක් නිසා නොව, ‍ඩෙංගු සෑදී අසාධ්‍ය තත්වයේ සිටින මගේම එකම එක ආදරණිය සුදු නංගියා බැලීමටය.අම්මා, ඇය රොහල් ගත කල දිනයේ සිට ඇගේ ළඟ තනියට නැවතී සිටී.ඇයට දහවල් ආහාරයත්, මගේ හොදම යාළුවෙකු පැවසූ පරිදි ඩෙංගු සදහා ‍‍‍‍‍ඖෂධයක් වන "ගස් ලබු ප්‍රතිකාරකයත්" රැගෙන කඩිනමින් රෝහල වෙත යාමට බස් නැවතුමට පැමිණියත් තවමත් බස් රථයක් නම් පැමිණයේ නැත.‍විනාඩි දහයකට පමණ පසු ඈතින් එනු දුටු බස්රථය දැක මා සැනසුම් සුසුමක් හෙළුනේ මටත් නොදැනිමය.බස් රථයට ගොඩවු මා බස් රථයේ මැද තිබු හිස් අසුනක හිද ගත්තෙමි.මසිත කෙතරම් වියවුල්ද කියතොත් කොන්දොස්තරගෙන් ටිකටි ගැනීමට පවා අමතකවිණි.

නැගුණු නොයෙකුත් සිතුවිළි වලින් මගේ මුළු සිතම වියවුල් වී ඇත.කෙදිනකවත් නොසැලුනු මනසක් තිබු මා හට මේ වන විට මාගේ සිත අන්ත අසරණ වී ඇත.ඒ මගේ ආදරණිය නංගී නිසාය.ඇය මගේ ජීවිතය හා සමාන විය.අප දෙදෙන වගේ මේ ලෝකේ කිසිම අයියෙක් නංගියෙක් නොමැත."උඹල දෙන්න ඉතිං තකට තකනේ." ඒ අම්මගේ මුවින් පිටවන අප දෙන්නාගේ හදුන්වාදීමයි.ඇය නැති විට මුළු ගේම පාළුය.සියළුම ගෙදර වැඩ ඇය හොදහැටි කරන්නීය.මා අකමැති වුවත් මගේ ඇදුම් පවා සෝදා මැද දෙන්නේ ඇයයි.ඇය ගෙදර මිණි පහනක්ම විය.අප දෙදෙනාගේ සමගිය කෙතෙක්ද කියතොත් අද වනතුරුත් අප දෙදෙන වැලි කැටයකටවත් රණ්ඩු වී නැත.මට දෙයක් කන්නට ලැබුණු විට එය කෙසේ හෝ පරිස්සම් කරගන්නේ ඈ වෙනුවෙනි.ඇයත් එසේමය.අපේ නෑදෑ උදවියටත් අහල පහල උදවියටත් අප දෙදෙනාගේ මේ සහෝදර පෙම පුදුමයකට කරුණක් විය.ඔවුන්ගේ ඇස්වහ කටවහ නිසා මෙසේ සිදුවුවා දැයි විටෙක මගේ සිතට වද දෙන්නට විය.ඇය දෙක වසරේ සිටින විට, උණ සෑදී සිටි මා බදාගෙන අඩන්න ගත්තේ "අනේ අයියේ මාව දාලා යන්න එපා.අනේ ඔයා මැරෙන්න එපා" කියමින් මාද, අම්මා ඇතුළු පවුලේ සැවෙම පුදුමයට පත්කරවමිනි.ඇගේ යෙහෙළියක් පවසා ඇත්තේ උණ හැදුනුවිට ඒ කෙනා මිය යන බවයි.ඒබව ඇසු ඇය මා බදාගෙන අඩන්න විය.ඒ ඇය මට දැක්වු ආදරයයි.

"අයියේ මම එහාට යන්නද?" බසයට නැගි පොඩි කොලුවෙකුගේ ඉල්ලීමත් සමග පියවි සිහියට පැමිණි මා ඔහුට ජනේලය අසල ඇති අසුනට යාමට ඉඩ දුන්නෙමි.මගේ කොපුල කදුළීන් තෙත්වී ඇති බව ඒ වන විටත් නොවැටහිණි‍.මම හොරෙන් මෙන් දෑසට නැගී තිබු කදුළු පිසගතිමි.ඒ මොහොතේ මගේ නෙත ගැටුනේ බසයේ වීදුරුවේ ලොකුවට අලවා තිබු ස්ටිකරයයි.


"ඩෙංගු මාරාන්තිකයි....!!!"

"ඔබේ පරිසරය පිරිසිදුව තබාගන්න.ඉවතලන ටින් පොල් කෝම්ඹ,පොල් කටු,ටයර්,වැහි පීළි වැනි ජලය එක් රැස් වන ස්ථාන වේනම් වහාම විනාශ කරදමන්න......."



අපේ ගෙවත්තේ එවන් අපිරිසුදු තත්වයක් නැත‍.තාත්තා සෑම විටම ගෙදර අප සමග එක්ව සතියකට සැරයක් ගේ අවට හොදින් සුද්ද පවිත්‍ර කරන‍්නේය.නමුත් මගේ නංගීට දැන් ඩෙංගු වැළදී ඇත.‍අප පමණක් ගෙවත්ත හා අවට පරිසරය පිරිසිදුව තබාගැනීමම මදිය.අන් අයද මේ පිළිබදව සැලකිලිමත් විය යුතුය.මට අපේ අසල් වාසීන් පිළිබද දැනුනේ දැඩි කේන්තියක් සහ වෛරයකි.ඔවුන් සැමදා කලේ අනුන්ට දොස් පැවරීමය.තමන්ගේ ගෙවත්ත කෙදිනකවත් සුද්ද පවිත්‍ර කරගත්තේ නැත.මහජන සෞඛ්‍ය නිළධාරීන් පැමිණෙන විට පමණක් තමන්ගේ ගෙවත්ත පිරිසිදු කරගැනීමට ඔවුන් පුරුදු වී සිටියහ.

"රෝහල ළග බහින අය ඉස්සරහට ගිහින් බැහැගන්න......." කොන්දොසතරගේ සිහිකැදවීම නොතිබෙන්නට මම රෝහලත් පසු කර යන්නට ඉඩ තිබිණි.හිදි අසුනේන ඉක්මණින් නැගිට බසයේ ඉස්සරහා දොර වෙත ළංවුනේ රෝහල ළගින් බැසගැනීමටය.

බසයෙන් බැසගත් මා ඉක්මණින් රෝහලට දුවන්නට වීමී.ඒ මගේ සුදු නංගී බැලීමටය.ඇයට ගස් ලබු ප්‍රතිකාරකය දී හෝ ඇය බේරා ගැනීමටය.රෝහලට ඇතුළු වු මා නංගී සිටින වාට්ටුවට යන අතරමගදී මා දුටුවේ එම වාට්ටුව බාර ප්‍රධාන වෛද්‍යවරයායි.මා දුටු සැනින් ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වු බව මට දක්නට ලැබුණි.එය දැකීමෙන් මගේ පපුවේ ශබ්දය පිටතට ඇසෙන්නාක් මෙන් වේගවත් විය.

"ඔයා මිස්ටර් ජනක නේද?" ඔහු මා ඇමතීය.

"ඔව් ඩොක්ටර්.."

"ඔයාගේ නංගි නේද පූර්ණිමා කියන්නේ.....?"

"ඔව් ඩොක්ටර්....දැන් මගේ නංගිට කොහොමද ඩොක්ටර්.....?"

"කලබල වෙන්න එපා මිස්ටර් ජනක......ජීවිතය කියන්නේ පුදුම දෙයක්....."

"කියන්න ඩොක්ටර් කොහොමද මගේ නංගිට දැන්.....ඩොක්ටර් මොනාද කියන්න හද‍න්නේ....." මම සිතේ තිබු ආවේගයටම එසේ ඇසුවෙමි.

"හ්ම්ම්ම්......මිස්ටර් ජනක....අපිට ඔයාගේ නංගිව බේරාගන්න බැරිවුනා.ඇය දැන් පොඩිඩකට කලින් අපිව දාලා ගියා...."

මට ඇසුනේ එපමණකි....මා පිස්සුවෙන් දිව ගියේ ඇය සිටි වාට්ටුවටය.ඈව බදා‍ගෙන විළාප තියන අම්මා දුටු විගස මාගේ හදවත නැවතුනා සේ දැනිණි.ඇස් නිලංකාර වී ගියේය.

"දඩාස්......." මා හට මතක එපමණකි.

මගේ මුහුණට කවුරුන්දෝ වතුර ඉසින්නාක් මෙන් දැනුණි.....

"නැගිටින්න සුදු අයියේ නැගිටින්න......."

ඒ ඇයයි.......ඈ ඉසු වතුර බිංදු වලින් මට ඇහැරුණි.

"මොකද මේ භය වෙලා....මම ඔයාගේ නංගි...යකෙක් නෙවේ අනේ.....දාඩියත් දාලා....ඇයි හීනයක් වත් දැක්කද?.....ආ...?? ලැජ්ජා නැද්ද මෙච්චර උදේ වෙනකන් නිදාගන්න.....?"

මා දැක ඇත්තේ සිහිනයකි.නමුත් සිතට දැනුණු බිය තවමත් එසේමය.

"නංගියෝ අද අපි අපේ වත්ත සුද්ද කරමු" යැයි කියමින් හා දෙවියන්ට ස්තූති කරමින් මම මගේම සුදු නංගියාව ආද‍රයෙන් බදාගත්තෙමි‍.




~~~~~~~~~~~~~~~~~~~~






ප.ලි. : ඩෙංගු මතකද කෂ්ටියට....??? අමතක වුනා නේද...? අමතක නම් පොඩ්ඩක් මේ ගමන්ම මතක් කරගන්නකෝ.....

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

26 comments:

ඇත්ත......වැඩේ කියන්නේ හුඟ දෙනෙකුට ඕක දැනෙන්නේ තමන්න්ට කිට්ටු කෙනෙකුට ඔය තත්වය උද්ගත වුනොත් විතරයි...:(..

August 25, 2010 at 7:36 PM  

අපේ රටේ අනිත් මිනිස්සුත් හීනෙන් හරි බය වේවා !!!

August 25, 2010 at 7:55 PM  

කශ්ටියට මතක් කරන එක හොඳයි අයියා.....
දැන් චුට්ටක් ඒ ගැන කතාබහ අඩුවෙලානේ තියෙන්නේත්.........

කතාවනම් ලස්සනයි...... ඔහොම අයියෙක් නැති එක තමා දුක.......

August 25, 2010 at 8:01 PM  

උබ අපිව බය කරා මචෝ ....

ඇතබන් අයෙමත් කස්ටියටම් මතක් කරන්න් අවෙලා තියෙනේ මෙක ..හැමොටම අමතක වෙලා ගිහින්.....

හොදලිපියක්..

August 25, 2010 at 8:06 PM  

ඒක ඇත්ත ඩෙංගු කොච්චර භයානකද කියලා මං දන්නවා,ගිය ජුලි 14වැනිදා මගේ හොඳම යාළුවෙක්ගේ නංගී කෙනෙක් අපිව දාලා සදහටම ගිය නිසා.අපේ යාළුවෝ ගොඩක් දේවල් කරා ඒ නංගීව බේර ගන්න,ඒත් දවස් 3ක් ඇතුළත හැමදේම නැති වුනා.ඉතින් හැමෝගෙන්ම ඉල්ලන්නේ තමන්ගේ ගෙදර පිරිසිදුව තබා ගන්න..

දවස් 3කට වඩා උණ තියේනම් ලේ චේක් කර ගන්න.ඇගට පණ නැත්නම් ඩොක්ටර් කෙනෙක් අල්ලං සේලයින් එකක් දා ගන්න,පුළුවන් තරම් වතුර,තැබිලි බොන්න.රතු බීම වර්ග,බීට් රුට් කන්න එපා,හොදම දේ ඇදට වේලා ෆුල් රේසිට් එකක් දාන්න....
ඕය දේවල් කිව්වේ අපේ යාළුවන්ට දැන ගන්න,මං ඩෙංගු ගැන ගොඩක් දේවල් දන්නේ එකේ තිබ්බ රසේ විදපු කෙනෙක් නිසා........

August 25, 2010 at 8:09 PM  

@Shadow/හේමලයා
හ්ම්....ඒක ඇත්ත හේමලයියේ........:n එහෙම වුනත් ටික දවසකින් ඕක අමතක කරලා දාලා නික්න ඉන්නවා....ආයෙත් ඉතිං සෙට් එකක්ම මැරුණාම තමයි මතක් වෙන්නේ ඩෙංගු කියලා ලෙඩක් තිබුණා කියලා.... :b ලංකාවේ මිනිස්සු නොවැ..... :s :l

@Chanaka Aruna Munasinghe
හීනෙන් බය වුනත් අපේ උන්ගේ ඇස් ඇරෙයිද කියලා හිතන්න අමාරුයි.:l මේ කිව්ව දේ මේ අමතක කරන රටක රෑ දැකපු හීනයක් උදේ වෙනකොට‍ කොහොම මතක තියේවිද? :c :d

@හා පැටික්කි (MS)
හ්ම්.....ඔව් ඔව් ඒක ඇත්ත‍‍...:b දැන් ආයේ ලබන පාර තමයි මතක් වෙන්නේ... :l
තැන්කූ තැනකූ..... :a ඇයි හෆ්ෆේ මුණ බලාන ඔහොම කියන්නේ.... :e මේ ඉන්නේ දෙවියෙක් වගේ අයියා කෙනෙක්‍‍‍...:k :c

August 25, 2010 at 8:13 PM  

@ඉලංදාරියා
හෙහෙහෙහෙ බය කරන්නේ නැතිවත් බෑනේ.....බය වුනා නම් ඔන්න සමාවෙන්න හොදේ.....
ලංකාවේනේ බං........වැඩිය හිතන්න එපා....හැබැයි ඉතිං මුකුත් වරදක් නොකරපු අයත් අනිත් මොඩයෝ නිසා දුක් විදින එකයි බලන්ම ඉන්න බැරි දුක....ඇත්තටම මේ ඩෙංගු මදුරුවත් ඔය මොඩ රැලගෙන් විතරක් ලේ බිව්වනම් මොකද..?


@LankaeTeam
හෆ්‍ෆා ඒ කියන්නේ මේ කතාව හීනයක් නොවී හැබහින් වෙලා....ඇත්තටම දුකයි උඹගේ යාළුවා ගැන මචෝ....ඇයට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.මේ ලිපිය දැක්කාම උඹට ඇති වුන දුක මට හිතාගන්න පුළුහන්.අපි කොච්චර හරියට හිටියත් අනිත් අය නිසා අපිට මෙහෙම දුක් විදින්න වෙලා තියෙන්නේ.....
වැදගත් තොරතුරු ටිකක්....බොහොමත්ම ස්තූතියි කරුණුවලට.....නරකද උඹේ බ්ලොග් එකෙත් තව ටික දවසකින් හොද විස්තරයක් දාලා මතක් කිරීමක් කලොත්....??
බොහොමත්ම ස්තූතියි මේ පැත්තට ඇවිත් අදහස් හා අත්දැකීමී බෙදාගත්තාට.ඒ වගේම අපේ බලවත් කණගාටුව උඹගේ යාළුවගේ නංගි ගැන...ඇයට නැවතත් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.....

August 25, 2010 at 8:25 PM  

හීනෙන් පෙනිලා හරි කමක් නෑ මේ මිනිස්සු අහල පහල සුද්ධ කරලා තියාගන්නවානම්..

මමත් මන්ඤඤන් වෙලා ගියා බොල දොස්තර අන්කල්ගේ කතාව කියද්දී.. මං හිතුවා මේ කියන්නේ ඇත්තම වෙච්ච දෙයක් කියලා.. හෆොයි..

August 25, 2010 at 8:26 PM  

@ළමයා
ඒක ඇත්ත ළමයෝ..ළමයා පොඩි වුනාට යමක් කමක් තේරෙනවා එහෙනම්....

හේහේහේ...ඇත්තටම වෙච්ච දෙයක් නෙවේ වුනත් දැන් ඒක ඇත්තටම වෙලා වගේ....LankaeTeam ගේ කමෙන්ට් එක බලන්න.....
බොහොමත්ම ස්තූතියි ළමයෝ....

August 25, 2010 at 8:34 PM  

නියම කාලෝචිත ලිපියක් මලයො.මම ඩෙංගු ගැන කියවපු හොදම එක...

August 25, 2010 at 9:43 PM  

හ්ම්ම්.... ඇත්ත ඇත්ත..........

August 25, 2010 at 9:46 PM  

@blog gadol
අහ්...අපේ මිනිස්සුන්ට ඉතිං අමතක වෙනවානේ හැමදේම ඉක්මණින්‍‍...
බොහෝමත්ම ස්තූතියි අයියා......

August 25, 2010 at 10:17 PM  

@හා පැටික්කි (MS)
ඒකනේ කිව්වේ....හා හා මල් ටිකක් ගෙනල්ල වැන්දනම්........

August 25, 2010 at 10:18 PM  

අඩේ ලොකු අයියා හෙන පින් අතේ වැඩ මයි කරන්නෙ....අනේ හොදා :q

අමුනල කරල මරු කතා කාරයෙක්නෙ ලොක්කා...එල කිරි :n

August 25, 2010 at 11:15 PM  

@Hasitha ජයසූරිය
අයෙත් අහල....අපි ඉතිං ඇල් වතුරත් නිවල බොන කොල්ලෝ ආ....ඊයේ ‍පොඩ්ඩෝ උඹ හා පැටික්කි එක්කලා කීව ඒවා දැන් උඹම බොරු කියලා ඔප්පු කලා.කිවූවේ අපායේ යන්ට ඉන්නේ කියලනේ... :k :c :d

මට බං කතා ලියන් බෑ...අමුනල කොරල කතා ලියන්න ඉගෙන ගත්තේ ඔය කතා ලියන බ්ලොග් කාරයින්ගෙන්ම තමයි.උන්ට ඉතිං හැමදාමත් මම හිසනමා ආචාර කොරනවා... :a තවමත් වරදින තැන් බොහෝය.කියවනකොට තේරෙනවා ඇතිනොවැ...ඒව කිව්වොත් හදාගන්න පුළුහන් වෙයි මට...එහෙම කරනවනම් ලොකු දෙයක්...
බොහෝමත්ම ස්තූතියි "ජූනියර් පොඩ්ඩෝ"....

August 25, 2010 at 11:28 PM  

කතාවත් ලස්සනයි කතාවෙන් කතාවෙන් කිව්ව දේත් වැදගත්. අලි මදිවට හරක් කිව්වලු ඔන්න දැං මැලේරියාවත් තියනවලු. හැමෝම හිතන්න ඕනි තමන් ගැන වගේම අනිත් අය ගැනත්.එහෙම නැති එක දුකයි.

August 26, 2010 at 9:29 AM  

@Naදී
හිහිහිහිහි බොහෝමත්ම ස්තූතියි‍‍.වැඩක් නෑ අක්කියෝ...අපේ උන් හැමෝම තමන්ගැන විතරක්ම හරි හිතලා තමන්ගේ පරිසරය පිරිසිදු කරගත්තනම් ඒත් හරි.හැමොම එහෙම කරනකෝට රටම පිරිසිදු වෙලා.වැඩේ කියන්නේ අපේ උන් තමන්ගැනවත් තමන් ආදරේ කරන අය ගැනවත් නොහිතන එකයි.:l
හෆ්‍ෆා දැන් ඒකත් එනවද? :e
ස්තූතියි අක්කියෝ.... :a

August 26, 2010 at 9:41 AM  

ඉතාමත් වැදගත් කරුණක් මහා භයානක විදියට කියලා නෙව..

August 26, 2010 at 9:44 AM  

@මාරයාගේ හෝරාව
හිහිහිහිහි බොහෝමත්ම ස්තූතියි මාරයියේ.... :a

August 26, 2010 at 9:48 AM  

හ්ම්... මටත් ඩෙංගු එච්චරම වැදුනේ නෑ ඒදවස්වල. ඒත් ඔෆිස් එකේ අපේ එකෙක්ටම හැදුනට පස්සේ තමා තේරුනේ රඟේ... :(

August 26, 2010 at 10:39 AM  

@කුෂාන් ඇස්. වන්නිආරච්චි
වරැද්ද, වැරැද්ද හැටියට දැකීම පිළිබදව සතුටු වෙමි.....වැරැද්ද පිළිගැනීම පිළිබදව මහත් සේ සතුටු වෙමි.
බොහොමත්ම ස්තූතියි සහෝ...... :a

August 26, 2010 at 10:44 AM  

හොද ලිපියක් හෑම දේම ඉක්මනින් අමතක වීම අපේ අයගෙ සිරිත නෙව ඉතින් මතක් කරන එක හොද්යි.

August 26, 2010 at 2:56 PM  

@nish
බොහොමත්ම ස්තූතියා....(සහෝදරයෙක්ද සහොදරියක්ද කියලා දන්නේ නෑ...)
හ්ම්....ඒක ඇත්ත‍‍...මොහෙම හරි කරලා ජීවිතයක් බේරාගන්න හැකිවුනොත් ඒ හොදටම ඇති....

August 26, 2010 at 3:21 PM  

ඇඟ හිරිවැටිලා ගියා මුල ටික කියවනකොට....
ඩෙංගු විතරක්ම නෙවෙයි අපේම නොසැලකිල්ල නිසා හැදෙන තව ලෙඩ කොච්චර තියනවද? අවදානයෙන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ

August 26, 2010 at 10:45 PM  

@තීර්ථ යාත්‍රිකයා
හ්ම්.....මේවගේ දෙවල් ඇත්තටත් වෙලා තියෙනවනේ බං.... :f
සහතික ඇත්ත‍‍‍....අපේ අයට කිසිම උනන්දුවක් නෑ තමන්වත් ලෙඩ රොග වලින් බේරෙන්න...කියලා වැඩක් නෑ බං.... :b
ස්තූතියි සහෝ.......... :a

August 26, 2010 at 11:14 PM  

Pattama Patta Story ekak ban...

November 19, 2010 at 5:39 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails