෴ ආ...නංගි ඉදගන්න.... ෴



කතන්දර කාරයගේ "බඩ දරු අම්මලා" පෝසට් එක දැක්කාම ඔන්න හසියාටත් පොඩි කතාවක් මතක් වුනා.ඔව් ඔව් ඉතිං මේක හසියගේ අත්දැකීමක්.ටිකක් මෑතකදි වුන දෙයක්.කතාව මෙහෙමයි.

ඔන්න හසියා ඉතිං ඉරිදා බම්බලපිටියේ ක්ලාස් එකට යන්න කියලා හිතාන නැග්ගා නුගේගොඩින් 112 බස් එකට.ඒ කියන්නේ මහරගම කොටහේන බස් එක නොවැ.යන කෂ්ටිය දන්නවා ඇතිනේ ඉරිදට ඔය 112 බස් අඩුයි කියලා.ඉතිං නැග්ගාම දැක්ක ඉස්සරහා සීට් එකක් හිස් තියෙනවා.ඉතිං ගිහින් ඉදගත්තා‍.බස් එක ඉතිං කොටහේනනේ යන්නේ.නමේ හැටියටම තමයි බස්එකත්‍‍‍.කොට කොට තමයි.නු‍ගේගොඩ ඉදන් කිරුලපනට එන්න විනාඩි 20කටත් වඩා ගියා.කොහොමද යෑම.

ඉතිං ඔන්න කිරුලපනින් නැග්ගා අක්කා කෙනෙක්.බස් එකේ සෙනග සීට්ගාණට පොඩ්ඩක් වැඩියෙන් හිටියා.ඉතිං අර නැග්ග ඇත්ති හසියා ඉදන් හිටපු සීට් එක ලග තමයි ඇවිත් හිටගත්තේ.හසියා ඉතිං එච්චර ගණන් ගත්තේ නෑ.ඒත් හසියට එහා පැත්තේ හිටපු එකා නලියන්න ගත්තා‍‍‍.මැදි වයසේ පොරක් මම දැක්ක විදිහට.මිනිහා හැමවෙලේම අර මං ලග හිටපු ඇත්ති දිහා බලනවා.ආයේ මං දිහා බලනවා.මේක මහ විකාරයක්නේ.ඉතිං මම දිහා බලන වෙලාවක් ටාගට් කරල මම මිනිහා දිහා බැලුවා.බැලින්නම් මිනිහා මං දිහා නෙවේ බලන්නේ.ඉතිං හසියත් බෙල්ල අංශක 180ක් හරවලා බැලුවා මු ඔච්චර බලන්නේ මොකක්ද කියලා.ඒවලේ තමයි වැඩේ මීටර් වුනේ.අරූ බලලා තියෙන්නේ අර ඇත්තිගේ බඩ දිහා.හැබැයි ඉතිං මම ඒ බඩේ විශේෂත්වයක් දැක්කේ නෑ.අහ් නෑ නෑ...හොදට පිළිවෙලට ඇදලත් තිබුණා.මු තාමත් ඉතිං හැරි හැරි බලනවා.දැන් බස් එක තිඹිරිගස්යායෙන් ගාලු පාර පැත්තටත් හැරෙව්වා.ඒකියන්නේ ඩික්මන් රොඩ් එකට ඇතුළු වුනා.ඔන්න ඔය හරවපු ගමන්ම තියෙන බස් නැවතුමෙනුත් නැග්ගා ගැබ්බර කාන්තාවක්.ඉතිං මට සීට් දෙකක් ඉස්සරහා උන්නු එකා නැගිටලා සීට් එක දුන්නා.

මෙන්න යකෝ මට එහා පැත්තේ හිටපු එකා එකපාරටම කුලප්පු වෙලා මට කිව්වා."ගැබිණි කාන්තාවක් නැග්ගාම ඉඩ දෙන්න දන්නේ නැද්ද ?"කියලා.මම අන්දුන් කුන්දුන් වුනා.ඇයි හත්තිලව්වේ අර නැගපු ගැබිණි කාන්තාවට සීට් එකකුත් දුන්නා ඉස්සරහම හිටපු කෙනා.ඉතිං මම ගිහින් ඒ ගැබිණි කාන්තාවට කතා කරල ආ ඔයා මගේ සීට් එකෙන් ඉදගන්න කියනනද මූ කියන්නේ.ඉතිං මම හිතට ආපු ලැජ්ජාවයි කේන්තියයි යට කරගෙන ඇහුවා, "ම්මම්ම්ම් එයාට සීට් එක දුන්නනේ ඉස්සරහා හිටුපු කෙනා.අනිත් එක වෙන ගැබිණි කාන්තාවක් මෙතන නෑ නේ".එහෙම කියලා මම වට පිටත් බැලුවා මා නොදකින, මේකා දකින තවත් ගැබිණි කාන්තාවන් ඉන්නවද කියලා.ඒත් දැක්කෙ නෑ.ඊටත් වඩා දැන් බස් එකම අපි දිහා බලාගෙන.පොලොව දෙකඩ කරන් යන්න හිතුනා ඒ වෙලාවේ.පොලොවක් කොහෙද බස් එකේ....

"මු එතකොටම කියපු ඒ කෙනා ගැන නෙමෙයි අයිසේ මම කියන්නේ ඔහේ ලග හිටන් ඉන්න කෙනාටයි සීට් එක දෙන්න කිව්වේ" එහෙම කියලා මූ පොර වගේ නැගිටලා අර හසියා ළග හිටන් උන්නු ඇත්තිට කිව්වා "ආ නංගි ඉදගන්න....අද කාලේ ඉන්න උන්ට කිසිම හැදියාවක් නෑ" කියලා‍.

දැන්නම් හසියට පට්ටෙටම තද වුනා.හසිය කතා කරන්න හදනකොටම හසිය ළග හිටන් උන්නු ඇත්ති කට ඇරලා කිව්වා "වට්ද හෙල්, ආයූ ටෝකින් එබවුට් මී‍..? අයැම් නොට් මැරීඩ් යෙට්.ආ යූ මෑඩ්........?"

හිතේ තිබ්බ කේනතිය කොහෙන් ගියාද දන්නෑ, හසියට බකස් ගාලා හිනාගියා......ඒ මදිවට බස් එකේ හිටුපු ඔක්කොම හිනා වෙනවා.අර මනුස්සයට දැන් හොදටම මල.මිනිහා St.Paul's Girls' School එකට මෙහා හොල්ට් එකෙන් දඩි බිඩි ගාලා බැස්සා.මුණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා.අර ඇත්තිත් මුණ දෙකක් කරගෙන බැස්සා ගාලු පාරෙන්.මුණුදෙකනම් මාරම ලස්සනයි.මතක් වෙන ගානේ ලේ පිරිසිදු වෙනවා.


~බ්ලොග් අවකාශය ගැබිණි කානතාවන්ගේ කතා වලින් පිරේවා....!!! ~


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

29 comments:

හෆොයි.....ජනෙලයෙන් දෙන්න ගොහින් ගාගෙන නේද හැමතැනම....:c..

August 26, 2010 at 1:34 PM  

@Shadow/හේමලයා
හේහේහේහේ නැත්නම් නැත්නම්....අතේ සල්ලි දීලා මිනිහා *කේ ටිංකිරි ගාගත්තා නොවැ...... :c
ස්තූතියි හේමලය්යේ..... :a

August 26, 2010 at 1:38 PM  

:c :c :c :c
මිනිහට අර ගර්ල්ව ලගින් වාඩි කරව ගන්න ආස හිතිලද කොහෙද.....

මලු.....:c :c

August 26, 2010 at 1:41 PM  

@හා පැටික්කි (MS)
වෙන්න ඇති‍‍...කොහෙද හා පැටික්කිවත් හිටියේ නෑනේ ඕක කියන්න. :c :c :c :c :c
ස්තූතියි හා පැටික්කියේ මේ පැත්තට පැන්නාට‍‍‍...

August 26, 2010 at 1:44 PM  

හෙ හේ....අන්න වැදගත් මිනිස්සු....ඒකට අපේ හසියා...නිකන්වත් සලකල නෑනෙ :d

මිනිහනන් සිරා ඇබල ඩයල් එකක් වගේ :o

August 26, 2010 at 1:49 PM  

නොට් මැරීඩ් යෙට් කියමුකො. ඒත් ? අනේ මන්ද...

August 26, 2010 at 1:56 PM  

@Hasitha ජයසූරිය
අපි සලකන්නේ වැදගත් නැති අයටනේ.... :c :d

මම ඒ මිනිහා දැක්ක වෙලාවෙනම් ඉතිං ඇඹලයෝ හිටියේ නෑ...ඈ බං පොඩ්ඩෝ උඹ කොහොමද ඒක හරියටම දන්නේ.... :c :d
ස්තූතියි ජුනියර් පොඩ්ඩෝ.......... :a

August 26, 2010 at 1:59 PM  

@wath
අහ්...ඒක අහන්න බැරි වුනා.... :k
ඇත්තටම වෙන දෙයක් හිතුනෙම නැද්ද අප්පා අක්කියෝ.... :l
එනිවේ තැන්කූ වේවා.... :a

August 26, 2010 at 2:05 PM  

හසියෝ . . ටොප් කතාව . . :n . ඉතින් ඕකනෙ කියන්නෙ, අපි කොහොමද දන්නෙ ගෑණු කෙනෙක් බස් එකකට නැග්ගොත් එයාට බබෙක් හම්බවෙන්න ඉන්නවද නැද්ද කියල දැන් ඉන්න අයගෙ බඩවල් දිහා බැලුවම . . . !

August 26, 2010 at 2:42 PM  

හික් හික් හික් යකෝ හිනා කාල නහිනවනේ මේවට... අරූ අර සූකිරි කෙල්ල ගාව වාඩි වෙලා යන්න උබට සද්දෙ දාන්න ඇත්තෙ හික් හික්...

අර දුමිය කිව්ව වගේ දැන් ඉන්න අයගෙ බඩ වල් ඔක්කොම බබ්බු හම්බෙන්න වගේ නොවැ... හික් හික් හික් පට්ට මලේ කතාව.

August 26, 2010 at 3:01 PM  

@දුමී
හිහිහිහි ඒක ඇත්ත...බොඩ් කෑල්ලක් එල්ලන්වත් නැග්ගනම්.... :c
ඒත් මේ ඇත්ති‍ගෙනම් ඒහෙම දෙයක් මමවත් මට පිටිපස්සේ හිටපු අයවත් දැක්කේ නෑ...මේ මිනිහට අමුතු ඇස් දෙකක් ඇත්තේ.ඉස්සරහට බඩට වෙන්න තියෙන දෙයක් දැක්කද දන්නේ නෑනේ... :c :d
ස්තූතියි දුමී අයියේ..... :a

@පිස්සා පලාමල්ල
හ්ම්....මටත් ඕතම හිතුනා පස්සේ.... :d

ඇයි ඒ විතරක්ද යන්නෙත් ඒ විදිහටනේ...දැන් බබා හම්බවෙයි වගේනේ.... :c
ස්තූතියි පිස්සයියේ....... :a

August 26, 2010 at 3:19 PM  

හික් හික් හික්. අර කිව්වත් වගේ සමහරුන්ගේ බඩවල් දැක්කහම නම් බබෙක් ඉන්න බඩක්ද නැති බඩක්ද කියලා හිතාගන්න බෑ තමයි .... අර uncleට නම් කෙල්ලව ළඟින් වාඩි කරගෙන යන්න හිතිලාම වෙන්න ඇති. කොහෙද ඉතින් මේ හසියා තමයි හරහට ඉඳලා තියෙන්නේ.

August 26, 2010 at 3:39 PM  

@Manik
හ්ම්....නෑ නෑ මම හැදුවේ අර මිනිහව නැගිට්ටවල ඒ ඇත්ති මයේ ගාවින් වාඩිකෝරෝගන්න.... :c :d කොහෙද ඉතිං... :f :f
ස්තූතියි අක්කී... :a

August 26, 2010 at 3:50 PM  

හි හී හොඳ වැඩේ අර ඇඹලයාට :o

August 26, 2010 at 4:24 PM  

@හසී
හ්ම්...... :c :c
මොකද අද මේ පැත්තේ පරක්කුවෙලා....? :e
ස්තූතියි සහොදරී....... :a

August 26, 2010 at 4:32 PM  

ඒ මනුස්සයාගෙ පොයින්ට් ඔෆ් වීව් එකෙන් එයා කරපු දේ හරි වෙන්න පුලුවන්... මොකද එයා උදව්වක් කිරීමේ චේතනාවෙන් ඒක කලා වෙන්නත් පුලුවන්නෙ..! එත් ඉතින් වැරැද්ද වුනේ එයා කෑ ගහන්න ගිහින් හැමෝගෙම අවදානය ගත්තු එක.. ඕක හිමින් සැරේ හසිත අය්යත් එක්ක කතා කරල සීට් එක දුන්නනම් ඉවරයි නෙ, අණ බෙර ගහන්නෙ නැතුව! ඉවසීමක් නැතිකම තමයි ඉතින්!

~Sumu~

August 26, 2010 at 5:12 PM  

@Anonymous
හ්ම්....ඒකත් ඇත්ත තමා..... :q :c
වෙනස් අදහසට බොහොමත්ම ස්තූතියි සහෝදරීයේ... :a

August 26, 2010 at 5:37 PM  

හිකිස්... ෂෙක්.. කෙල්ල ඔයිට වඩා දෙයක් නොකිව්ව එකයි පුදුමෙ :D අරූ‍ට ඕනා උනේ කෙල්ල උගේ ගාවිං ඉන්ද ගන්නද දන්නෑ :D

August 26, 2010 at 6:08 PM  

ඇඳගෙන නෑමක් වගේ

August 26, 2010 at 6:11 PM  

මගෙ හිතට ආපු හැම දෙයක්ම කට්ටිය කියලා... මීට පස්සෙ එන්න හොද නෑ බ්ලොග් වලට පරක්කු වෙලා.. :(

August 26, 2010 at 7:49 PM  

@Kanishka | කණියා
හිහිහිහි මටත් හිතෙන්නේ එහෙම තමයි.....:c හැබැයි ඉතිං අර ඇත්ති කට නොඅරින්න ඒ මිනිහා මගෙන් අහගන්නවා හොදට.... :c :d මටත් එවලේ අම්බානකට තද වෙලා හිටියේ.....:p ස්තූතියි සහෝ......... :a

@තීර්ථ යාත්‍රිකයා
ඔව් ඔව්‍‍....අපරාදේ මහන්සිය.... :c :d ස්තූතියි සහෝ.... :a

@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
හරි හරි ඒකට කමක් නෑ.... :a එහෙනම් මුලින්ම එන්න... :q හැබැයි මුලින්ම එන්න බැරිවුනා කියලා පහුවෙලා නෑවිදින් ඉන්න එපා..... :b හසියාගේ නවාතැන ඕනි කෙනෙක්ට විවෘතයි, ඕනි වෙලාවක........ :k

August 26, 2010 at 9:04 PM  

හික්ස්...මරු කතාව මලයො...එකත් එකටම ඌනං නියම සැවුල් රාජයෙක් වෙන්න ඇති!:s:s:s

August 26, 2010 at 10:18 PM  

@blog gadol
හිහිහහි තැන්කූ තැන්කූ....:h හිහිහිහි වෙන්න ඕනි...:c :d ස්තූතියි පූස් අයියලා....:a

August 26, 2010 at 10:30 PM  

patta kathawa..he maru wade ara minihata..

August 27, 2010 at 9:48 PM  

@ඉලංදාරියා
හේ හේ හේ...තැන්කූ තැන්කූ‍‍‍...:c
හ්ම්.... :c :dබොහෝමත්ම ස්තූතියි සහෝ....:a

August 27, 2010 at 10:36 PM  

udauvak karanna one miniha eka anunta ana karavala karavanna hadanne na, hari minihek nan thaman negitala seat eka denava... ehema nethuva laga inna miniha lauva seat eka illala deela pora venna hadanne na... hoda vade e minihata

November 22, 2010 at 11:08 PM  

@අයියා.. ඇත්තටම ඔයාට හිතෙන විදියට ඇයි අර මනුස්සයා එච්චර නටුවේ.. කොහොම වුණත් හසි අයියේ ඔයා දිහා දෙයියො බැලුවා..
හැමදාම එක සේ ලස්සනට ලියනවා හසි අයියේ..

November 23, 2010 at 10:26 PM  

මට හිතුන දේ හේමලයා කියලා....

"ජනේලයෙන් දෙන්න ගිහින් හිකිස් හිකිස්....."

December 27, 2010 at 7:14 PM  

මටත් ඔය වගේ අනන්තවත් seat දෙන්න කත කරලා තියෙනවා
මමනම් ඉතින් බනින්නේ නෑ no thanx කියල නිකන් ඉන්නව
:h :h :h :h :h :h

January 28, 2011 at 10:35 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails