෴ රිසර්වුඩ් | яєѕєяνє∂ ෴





පොඩි කාලේ
නොතේරුන හන්දා
නිකන් හිටියා....


O/L කරනකොට
අම්මා කිව්වා...
උඹ
‍කෙල්ලෙක් එක්ක
යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
ඒක අහලා O/L කොරගත්තා.....


A/L කරද්දි
තාත්තා කිව්වා...
උඹ
කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
ඒක අහලා A/L ගොඩදාගත්තා.....


ඊට පස්සේ
අයියා කිව්වා.....
උඹ
රස්සාවක් නැතිව මේ ගෙදරට
කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....


මෙන්න දැන්
අක්කා කියනවා.....
උඹට
දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....


හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....


කෝ යකෝ කෙල්ලෝ........????



අහපුවහම ඔක්කොම....

"
яєѕєяνє∂"




~~~~~~~~~~





ප.ලි. :
මේක අපේ පොඩ්ඩා වත් අක්කිගේ ෴ හසුන ෴ ලිපියේ දාපු කොමෙන්ටුවක් නිසා හසියගේ හිතට ආ සිතුවිල්ලක් බව කරුණාවෙන් සලකන්න.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

31 comments:

:c :c :c :c

ආන්න නියම පිලිවෙල........
අයියට පිනක් කර ගත්ත ඔන්න කට්ටියට පිලිවෙල පෙන්නල..... :d :d

පොඩ්ඩෝ ආදර්ශයට ගන්නව නම් ඔන්න හොඳ උපදෙසක්...... :o :o

August 28, 2010 at 1:19 AM  

හික්...ඒකනෙ කියන්නෙ :d අපි නම් අමුනල කරල ඔය වැඩේ දැම්ම කම්ප්ලීට් කරගන්නව :t එතකොට ඉතින් ශේප් එකේ ඕන එකක් :i

August 28, 2010 at 1:22 AM  

@හා පැටික්කි (MS)
අන්න හා පැටික්කිට තේරුණා.... :q
හෙහෙහෙ කෂ්ටිය පොලු අරන් පස්සෙන් පන්නයිද දන්නෙත් නෑ.... :e :d
ඔව් ඔව් පොඩ්ඩට තමයි දැම්මේ.... :c :d

August 28, 2010 at 1:24 AM  

@Hasitha ජයසූරිය
අහ් ඇත්තද....හොදා හොද....ඔක්කේම කොරගෙන වරෙන්කෝ ඇනගත්තා කියාන.... :l :c

August 28, 2010 at 1:26 AM  

අමුනල කරල බැලුවම මොන ලව්ද බන් අපිට :k

ඒත් ඉතින් තිබ්බත් අවුලක් නෑ :t :t :t

August 28, 2010 at 1:50 AM  

@Hasitha ජයසූරිය
ඇයි මොකද අවුල....??? :e
හිහිහිහහිහි මුගේ තියෙන පැණි ගතිය බලහල්ලකෝ... :c

August 28, 2010 at 1:53 AM  

ඒ අම්මනන් හරි......මොකද මාත් ඕ.ලෙවල් එක්සෑම් දවස් වලත් රෑ වෙනකන් මේල් කරපු කෙල්ලොත් දැන් නෑ :f හැබැයි ඒ.ලෙවල් කාලෙනම් ලවක් දෙකක් කරන එකේ අවුලකුත් නෑ :g හික්!හික්! :c

August 28, 2010 at 2:19 AM  

අපි නම් ඕකේ පහළ ඉඳන් ඉහළ‍ට ගියේ... හික් හික්..

August 28, 2010 at 3:19 AM  

O/L කරණකොට අම්ම කියපු එක අහපු හින්ද ඒක කොර ගත්තා.තාත්ත කියපු එක ඇහුවෙ නැති හින්ද A/L ඇන ගත්තා.

August 28, 2010 at 6:11 AM  

ඇණ....
ඇණ......
ඇණ....
බූට්.....
බූට්.....
බූට්.....
බූට්.....
අන්තිමට ප්‍රොපෝසල්........:)))).

August 28, 2010 at 7:09 AM  

:r :o ලොකු අයියාගේ උපදෙස් පිලිගන්න වෙයි කට්ටියටම.අයියා වසයි හොඳේ.. :l

August 28, 2010 at 8:20 AM  

වැඩැක් නෑ මලේ කියලා . . . උඹ ගැන නම් මාරම දුකයි . . . කවුරු මොනව කිව්වත් පුළුවංතරම් ඉක්මනටම කෙල්ලෙක් රිසර්ව් කර ගත්ත එකා දිනුම්. මම නම් මගේ හම හාමිනේව රිසර්ව් කර ගත්තෙ ඕ.ලෙවෙල් කරල ගෙදර ඉන්න කාලෙ . . . . . !

August 28, 2010 at 8:44 AM  

එළකිරි! කතාවනං සහතික ඇත්ත මචෝ!!!...

August 28, 2010 at 9:10 AM  

@Hasitha ජයසූරිය
කොහොමත් එහෙම තමයි බං.... :b ඔය මොකෙක් වත් වැඩිය විශ්වාස කොරන එක අගූන අපිටමයි නොවැ.......:b උන් උන්ගේ වැඩේ කොරන් හෙමිහිට මාරු....කෙල්ලෝ කෝල්ලෝ දොගොල්ලෝම එකයි. :l අම්මත් හරි...තාත්තත් හරි‍‍....අයියත් හරි....අපි වැරදි...... :c
උඹට ඉතිං ඔච්චරම ආසනම් එකක් කොරගනින්‍.:d හැබැයි කොරන එකක් හිතල බලලා අවංකව බොක්කෙන්ම කොරපන්.:q හැබැයි ඉතිං අවංක කෙල්ලෙක් හොයාගනින්.නැතිනම් අයියට වුනදේ තමයි උඹටත් වෙන්නේ......... :f :d
ස්තූතියි පොඩ්ඩෝ..... :a

@Jeew
මාත් දන්න කියන ඈයෝ ඕනි තරම් ඉන්නවා.....සමහරු ගොඩගිය උන් ඉන්නවා..... :q ඇනගත්ත එවුනුත් ඊට වඩා ඉන්නවා.:r අධ්‍යාපනයට බාධාවක් නැතිව කොරන්න පුළුවන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ.:a මේ බ්ලොග් අවකාශෙත් එහෙම කෙනෙක් ඉන්නවා.දැන් ඉන්නේ මොරටුවේ‍.:c :d
ස්තූතියි මචෝ..... :a

August 28, 2010 at 9:36 AM  

@dinesh
හාහාහාහාහා ඔය තියෙන්නේ උදාහරණ.......හික්ස් :c :d
ස්තූතියි මචෝ..... :a

@Shadow/හේමලයා
අහ් එකත් පට්ට....... :c :d කොහොමත් වැඩිය කෙල්ලෝ ගැන හිතන්න ගියහම උඹ කියපු එක තමයි වෙන්නේ...... :c :d
ස්තූතියි හේමලයියේ..... :a


@හසී
අන්න අපේ හසී නංගිට තේරුණා.....:q වැඩ වරද්දගත්තොත් පවුලෙන්ම පන්නනවා........:s :c :d
ස්තූතියි හසී කෙල්ලේ..... :a

August 28, 2010 at 9:38 AM  

@දුමී
හාහාහාහා....හෝව් හෝව් හෝව්......... :l
මේ මං ගැන නෙමේ......මම තාත්තා කීව එක ඇහුවේ නැති එකේක්.අන්තිමට විභාගයයි කෙල්ලයි දෙකම නැතිවුනා.දෙවෙනි පාර තාත්තා කිව්ව විදිහට තමයි ඉතිං විභාගේ ගොඩගියේ... :c :d
හැබැයි දැන් කෙල්ලෙක් සෙට් කරගන්න ඕනි වුනත්... කෙල්ලොත් නෑ....ඉන්න එකෙක්වත් අපි දිහා බලන්නෙත් නෑ.... :b :c :d
අපෙත් ඉන්නවා ඕලෙවල් කාලේ තමන්ගේ හාමිනේව හොයාගත්ත එකෙක්‍.උන් දෙන්නම බොක්කෙන්ම ලව්.වැඩේට ගෙදරින් ළගදි කැමැත්ත් දීලා තිබුනා.:q :n
ස්තූතියි දුමී අයියේ..... :a

August 28, 2010 at 9:38 AM  

@blog gadol
පූස් අයියලත් අත්දැකීමෙන් වගේ කියන්නේ.... :c :d
ස්තූතියි පූස් අයියලා..... :a

August 28, 2010 at 9:44 AM  

අනේ මන්දා... ඔහොම බලං හිටියොත් නං ලොවෙත් අනාතයි සහෝ!! ඔන්න මමනං කොහොමහරි විභාගෙත් ගොඩ දාගත්තා අවුරුදු ගානක ලව් එකකුත් එක්ක ඕං!! :t :h

August 28, 2010 at 10:46 AM  

කොල්ලෙකුට කෙල්ලෙකුත් කෙල්ලෙකුට කොල්ලෙකුත් සෙට් වෙනකන් විතරයි පුතේ ආතල් තියෙන්නෙ....

ඊට පස්සෙ. ඔයාලා සැපයි කියලා හිතෙන දේ මොන වගේද කියලා තේරෙන දවසට කියයි.... මචන් අර ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීතයා කියපු කතාවත් ඇත්ත වගේ කියලා........... :D

August 28, 2010 at 10:53 AM  

@ජංජාල චාමර
අහ් උඹ ගැන තමයි කිව්වේ.... :q :d
ඔන්න ඉතිං අපෙනුත් වෙනදා වගේම සුභ පැතුම්.... :c :d
යකෝ...:l "තනිකඩ ජීවිතං අලංකාරං විවාහ ජීවිතං භයංකාරං....." :c :d
ස්තූතියි සහෝ....:a

August 28, 2010 at 10:56 AM  

@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
අහ් ඔය කියන්නේ....:q සංතෝසයි....:c :d කෝ කට ඇරියනම් ශත පනහක් දාන්න.... :c
ඔව් අප්පා අපේ උන්ට ඕක නොතේරෙන හැටි විතරක්... :l :o
ඉදල ඉදල ඇත්තක් කිව්ව එකම එකා...අනිත් ඔක්කෝම අපිව අමාරුවෙ දාන්න හදන්නේ... :c :d
සතූතියි අයියා.... :a

August 28, 2010 at 11:01 AM  

හික් හික් හික් පට්ට කතාව බොල... කෝ කෙල්ලො...

මල්ලිලා දැන් කෙල්ලෙක් 9 - 10 වසර වලදිම ගොඩ නොදැම්මොත් ඉතින් අමාරුයි තමා ගොඩ යන්න හික් හික්...

මම නම් අම්ම කියන් දේ ඇහුවෙත් නැහ.
තාත්ත කියන දේ ඇහුවෙත් නැහ.
අයිය කියන දේ ඇහුවෙත් නැහ.

අන්තිමට ඔක්කොමත් ගොඩ කෝ කෙල්ලො...

උන් ඔක්කොම ගිහිල්ලා... හික් හික්

හා පැටික්කි : ආදර්ශය හොඳයි ගෙදර ට නාකි වෙන්න වෙන එක තමා නගේ අවුල ඔකෙන් හික් හික්. හා ලෝකෙ එහෙම නැතුව ඇති මයෙ හිතේ... හික් හික් හික්....



හේමලයා : පට්ට කතාව .

අභීත : සහතික ඇත්ත තමා..

August 28, 2010 at 3:16 PM  

@ දුමී
මෙන්න අදහන්න වටින කොල්ලෙක්...

" ඒ අයියේ කෙල්ලෝ විතරයෑ කොල්ලොත් නැහැ නේ"

August 28, 2010 at 3:31 PM  

හක් හක් හක් ඔය ඕඩර් එක බොටම් ටු ටොප් තමයි ගොඩක් අය යන්නේ. මැදින් පටන් අරන් දෙපැත්තට යන අයත් දැකල තියනවා. සහජ දක්ෂතා තමයි.

August 28, 2010 at 4:55 PM  

@පිස්සා පලාමල්ල
හිහිහිහි තැන්කූ තැන්කූ... :a
එකත් පට්ට කතාව.... :q
ඔක්කෝම කොලත් අන්තිමට හිටපු කෙල්ලොත් නෑ.... :c :d
බලං යනකොට අපි ඔක්කොම මේ ස්ටෙප් ටික එක එක විදිහට කොරලා හමුබුවෙලා තියෙන්නේ එකම ප්‍රතිඵලයක් නේ. :d :c

August 28, 2010 at 4:59 PM  

@wath
යකෝ මේක පුදුම රටක්නේ...ඔක්කොම ස්ටෙප් වරද්දලා ගිය එකාට අදහන්න ඕනි කොල්ලෙක් කියනවා.මේ අපි වගේ එක ස්ටෙප් එකක් වරද්දගත්ත එවුන්ට අනේ හෆොයි කියන්න එකෙක් නෑ නේ කටක් ඇරලා.... :l :d :c

August 28, 2010 at 5:03 PM  

@Naදී
දැන් එතකොට අක්කි මොන විදිහටද ගියේ....? :c :d

August 28, 2010 at 5:05 PM  

හම්මෝ දැං කාලෙ 7, 8 වසර වෙද්දි Reserve කරගත්තෙ නැත්තං හුලං තමා :D ඒ අතිං මම ලකී :D

August 28, 2010 at 8:13 PM  

@Kanishka | කණියා
හිහිහිහි....වැඩේ නැගලා යනවා වගේ එහෙනම්.... :d
ඔන්න අපෙනුත් බොක්කෙන්ම සුභ පැතුම්.... :d
ස්තූතියි මචෝ..........:a

August 28, 2010 at 8:38 PM  

Reserved වුනාට ඒවායෙන් සමහර ඒවා ගණන් වැඩියි කියල නොගෙන ඉන්නවා. Reservation Period එක expire වෙනකම් පොඩ්ඩක් ඉවසන් හිටියොත් අඩු ගාණකට 4 5ක්ම ගන්න පුළුවන්

August 31, 2010 at 7:17 PM  

@Chanaka Aruna Munasinghe
Reservation Period expire වෙච්ච අය අල්ල ගන්න ගිහින් පැකින් කැඩිච්ච එව්ව තමයි හොයාගන්න වෙන්නේ..... :c :c :c :c :c
අනිත් එක ගණන් වැඩි එවුන් අපිට කොහොමත් ගණන් වැඩියිනේ....හික්ස් :c :c :c :c :c
ස්තුතියි අයියා..... :a

August 31, 2010 at 7:32 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails