෴ බාර් එකේ සෙට් වෙන්න අමාරුද ? ෴


ඔන්න අද හසියා කියන්න යන දේ අහලා අපේ මේ විපක්ෂයේ උදවිය, ඒ කිව්වේ මේ කාන්තා පාර්ෂවය එයිද දන්නෑ හසියට විරුද්ධ‍ව උද්ඝෝෂණ කොරන්න.කෂ්ටිය දන්නවනේ ඉතිං කොල්ලෙක් කෙල්ලෙක්ව සෙට් කරගත්ත දවසේ ඉදන් කොල්ලා නොවිදිනා දුකක් නෑ කියලා.හරියට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයට ඇතුළු වුනා වගේම තමයි ඕන්.කොයි වෙලේ බැලුවත් ආණ්ඩුපක්ෂය විවේචනය කොරන එකනේ විපක්ෂයේ වැඩේ.අරක කොලා හරිනෑ.....අරහේ යන්න එපා....මෙහෙම කරන්න එපා...බ්ලා බ්ලා බ්ලා....කතාකරන වචන 10න් 2ක් අනිවා "එපා" වචනය තියෙනවා.ඕක පවුලක් පන්සලක් වුනහම තව වැඩිවෙනවා.

ඉතිං ඔය විපක්ෂය ආණ්ඩුපක්ෂයට චෝදනා කොරන එක් ප්‍රධාන කාරනාවක් තමයි මේ ආණ්ඩුපක්ෂය බාර් වලට රිංගන එක‍.ඔව් ඔව් ඉතිං බාර් එකට යන්නේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් ගන්න නෙවේනේ.විපක්ෂය ආණ්ඩුපක්ෂයට ඔතෙන්දි චෝදනා එල්ල කරන හේතුව හසියානම් හරියටම දන්නේ නෑ.සමහරවිට ආණ්ඩුපක්ෂයට මොනාහරි වෙයි කියලා බයටද දන්නෑ නේ.එහෙම වුනොත් පාලනය බාරගන්න වෙන්නේ විපක්ෂයටනේ.එතකොට විපක්ෂය අනාථ වෙනවනේ.එහෙම හරි ආදරෙන් හිතනවනම් ඔය චෝදනාව ගැන සැලකුවට කමක් නෑනේ.හැබැයි ඔන්න විපක්ෂෙට ලැබෙන ප්‍රතිසම්පාදන අඩුවෙන නිසා ඔය ගැන චෝදනා කරනවනම් ඒ ගැන නොසලකා හැරියට කමෙක් නෑ.මොකද එහෙම හිතල චෝදනා කරන විපක්ෂය ආණ්ඩුපක්ෂයට ආදරේ නෑනේ.

හෝව් හෝව් ට්‍රැක් පැන්නද මන්ද.....හසියා ඉතිං කියන්න යන්නේ ඔය චෝදනාවෙන් බේරෙන්න පුළුහන් පොඩි ට්‍රික් එකක් ගැන‍.ඔන්න මේක මගේ ට්‍රික් එකක් නෙවේ.ප්‍රසිද්ධ බියර් සමාගමක වැඩක්‍‍.දැන් හසියට මැවිලා පේනවා විපක්ෂයේ මුණේ තියෙන සිරියාව... පුපුරනවා කියන්නේ මෙහෙටත් සද්දේ ඇහෙනවා...

වැඩිය කවි කතන්දර ඕනි නෑ...ඔය පහල වීඩියෝ එක බලලාම තේරුම් ගත්තනම්.....




වැඩේ හොදයි නේද? හැබැයි ඉතිං අපේ ඔය ටවුන් වල තියෙන බාර් එකක ඔය වගේ පොඩි ගැජට් එකක් තියනවා කියන එකත් ලොකු ගැටළුවක්නේ.ඇයි ඉතිං ඔය සේරම කොරන්න තියෙන්නේ හුණ්ඩු ඉඩක් නොවැ.....ආණ්ඩුපක්ෂෙට කිසි ගින්නක් නැතිව වැඩේ ෂේප් එකේ කොරගන්න පුළුහන්.ෆන් එකත් තියෙනවා.විපක්ෂෙත් හොදට ඉන්නවා.චෝයි නේද......

මලා.....අන්න කවුද මන්දා සෙට් එකක් මේ පැත්තට දුවගෙන එනවා වගේ පේනවා.....ම්ම්ම්මම් "මත්පැන් මත්ද්‍රව්‍ය විරෝධී විපක්ෂයන්ගේ එකමුතුව" වගේ බෝඩ් ලෑල්ලකුත් ලා වට පේනවා වගේ....මේ.. කොකටත් හසියා වාෂ්පවෙන්නම්.ඇඟට ගුණයිනේ.‍

යන්න ඉස්සෙල්ලා මෙකත් කියන්නම්කෝ.... ඔන්න අහගත්තනම් ආණ්ඩුපක්ෂයේ අය හොදට...... මොනාකිව්වත් ඉතිං හසියානම් කියන්නේ ඔය ගිණිවතුර වගේම දුම්බට භාවිතා කරන්න එපා කියලා.ඒකෙන් වෙන්නේ තමනුත් අනුනුත් පරිහාණියට පත්වෙන එකනේ.කෙනෙක් කියයි අපි පොඩි ෂොට් එකක් දැම්මට මොකද අපි අපේ පාඩුවේ ඉන්නවනම් කාටත් කරදරයක් නැතිව.ඇත්ත....ඒත් අපි නොදැනුවත්ව හරි කෙනෙක්ට හිංසාවක් කරදරයක් වෙන්න පුළුහන්.ඒ වගේම පවුලක් පන්සලක් වුන කෙනෙක්නම් හිතලා බලන්න....තාත්තා අසිහියෙන් ගෙදර එනකොට දරුවන්ට ඇති වෙන දුක(ගෙදර කරදරයක් නොකලත්‍).මොකද ඕනිම දරුවෙක් කැමතියි තමන්ගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර ආපුවහමවත් සතුටින් කතා බහ කරලා විනෝද වෙන්න.හිතලා බලන්න ඔය වියදම් කරන සල්ලි වලින් ගෙදර එනකොට තමන්ගේ දරුවන්ට බිරිදට කන්න දෙයක් ගෙනාවොත් එයාලා කොච්චර සතුටු වෙයිද?කොච්චර ඔබට ආදරේ කරයිද?අනිත් එක ලෙඩක් දුකක් වුනාම තමන් වගේම තමන්ගේ පවුලේ අයත් දුක් විදිනවා.ඉතිං ඔය ගැන පොඩ්ඩක් හිතලා ඔවයින් ඇත් වෙන්න බලන්න.කාටවත් බල කරන්නේ නෑ හසියා.ඒත් හැමොටම මොලේ තියෙනවා යම් දෙයක් ගැන තර්කානුකූලව හිතන්න. හසියා මේක දැම්ම් මේ ඇඩ් එකේ තියෙන ක්‍රියෙටිවිටි එහෙමත් නැතිනම් මේ නිර්මාණශීලීත්වය ගැන හිතලා.හසියා ටිකක් ඔය ක්‍රියෙටිවිටි එක ගැන හිතන එකෙක්.හසියාව ලගින් ඇසුරුකරන්නෝ එය හොදටම දන්නවා.හසියා ඉදිරියේදි ක්‍රියෙටිව් අයිඩියාස් පිළිබදව කෂ්ටියට හොද හොද දේවල් ටිකක් දෙන්නම්කෝ රසවිදින්න....එහෙනම් ඉතිං කෂ්ටියට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් තමන්ටත් අනුන්ටත් හොද විදිහට යොදාගන්න සිත් පහල වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා‍.ඒ ගමන් හසියා උඩ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න......


එහෙනම් ඔන්න හසියා වාෂ්ප වුනා.....
ඒස්වඃ පුහ්ඃ


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

23 comments:

හා අපි අහුවෙයි ඕවාට...:o මටනම් ඕක ගැන බය වෙන්න දෙයක් නෑ හික්ස් :k :t

August 28, 2010 at 8:23 PM  

අපි නම් ඕං ද්‍රව අංශයට පමණයි බර.අපරාදෙ කියන්නේ බෑ මගෙ එක්කෙනා නම් ඒතරම් උදලු දාන්නේ නෑ.මොකද මම ඉඳලා හිටලා නෑවට හාන්නේ නම් නෑ....:)))..

August 28, 2010 at 8:41 PM  

@හසී
සංතෝසයි....බලමු අපි හරි එකතුවෙලා අපි වෙනස් කරලා ගන්නම්..... :d :c

August 28, 2010 at 8:42 PM  

මේ ලොකු අයියේ.... එහෙම කරලා අහු වෙන්න එපා, මමත් වසයි හරිය :l

August 28, 2010 at 8:48 PM  

@Shadow/හේමලයා
හිහිහිහිහහි අපිනම් ඔය එක අංශෙකටවත් නෑ. :k මොනා නැතත් හොද විපක්ෂයක්...හික්ස්.... :d :c
ස්තූතීයි සහෝ....:a

August 28, 2010 at 8:53 PM  

@හසී
අහ් ඒවා කොහෙද පොඩි අක්කේ.... :l
බලමු බලමු අපි ආණ්ඩුපක්ෂේ ලස්සනට නම්ම ගන්නම්කෝ.... :c : d :s

August 28, 2010 at 8:57 PM  

ආ බලාගමුකෝ.... (ආණ්ඩුපක්ෂේ අදුන්වලා දෙන්නේ නෑ එතකොට වැඩේ ගොඩ) හි හී :k

August 28, 2010 at 8:58 PM  

@හසී
මොනා බලන්නද.....හිහිහිහි ඔයා අදුන්නල දෙන්න ඕනි නෑ අපිම හොයාගන්නම් කෙනාව... :d :c
අර මුණ මැද නහයක් තියෙන කෙනා නේද? :k

August 28, 2010 at 9:00 PM  

නෑ නෑ ඔයා එයාව දන්නේ නෑ.මුන මැද නහය තියෙන අය කොච්චර ඉන්නවද :d

August 28, 2010 at 9:02 PM  

@හසී
හැබෑට....වෙන්න බෑනේ...මම දන්න කෙනා තමයි ඒ...නහයට යටින් කටකුත් තියෙනවා... :c

August 28, 2010 at 9:05 PM  

නෑ නෑ එයා නෙමෙයි... ඔයා එයාව දන්නෙ නෑ.. හූ හූ :o

August 28, 2010 at 9:13 PM  

@හසී
හේහේහේහේ එයා කමයි....එයා කිව්වා මගේ විපක්ෂේ හරි මෝඩයි කියලා..... :o හික්ස්....

August 28, 2010 at 9:25 PM  

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..................

August 28, 2010 at 10:37 PM  

ඉඳ හිටලා මඳ පමණින් දශ්ඨ කර ගත්තට නම් ඉතිං ලොකුම අවුලක් නැහැ... ඒත් ඉතිං ආතල් කුඩු වෙනකල් ගහලා.. කබරගොයා උගේ සුරතලී සින්දුව කිය කිය එලොවටත් මෙලොවටත් නැතුව පතබෑවෙන එක තරම් මෝඩකමක් තවත් නැතුව ඇති...
එක ගෑණු කෙනෙකුට (කාවුද කියලා නම් දන්නේ නැහැ) මංගල යෝජනා වගයක් බැළුවලු. ආපු ගොඩක් ඒවා වල තිබුණේ 'සුරා සූදුවෙන් තොර' කියලලූ. මේ ගෑණි එහෙම තිබුණු ඔක්කොම අල්ලලා විසි කෙරුවළු. යාළුවෙක් ඇහුවළු "ඇයි නොබොන මිනිස්සුන්ගේ යෝජනා විසි කළේ" කියලා. මේ ගෑණි කිව්වළු "ජීවතේ එකම විදිහට වැඩිය යනවට වැඩිය, ඉඳලා හිටලා හස්බන්ඩ් බීලා ආපුවම මිනිහගේ සපත්තු, ඇඳුම් ගලවල.. නාවලා කරලා.. කබරයා දාපුවම අස් කරලා.. වගේ ජීවිතේ පොඩි වෙනසක් තියෙන එක හොඳයි කියලා....
අපේ විරුද්ධ පක්ෂයේ ප්‍රතිචාර කොහොම වෙයිද දන්නේ නැහැ....
(හැබැයි මට නම් අවුරුදු 3 ක ඉඳලා අමධ්‍යප සංගමයේ නිත්‍ය සාමාජිකත්වය තියෙනවා.)

August 29, 2010 at 3:01 AM  

@හා පැටික්කි (MS)
බස්සෙක්ද හ්ම්.... ගාන්නේ....

August 29, 2010 at 3:46 AM  

@Jeew
ඒකනේ මං කිව්වේ....සහතිත ඇත්ත‍‍ සහෝ....වැඩ පෙන්නන්න බොන ඈයොත් ඉන්නවනේ...කෙල්ලන්ට පේන්න බියර් වීදුරු 2 3ක් බීලා පොර වෙන්න හදනවා.
හිහිහිහහි ඔන්න ආදර්ශමත් කාන්තාවෝ....
මෙන්න ආදර්ෂමත් මිනිස්සු.....
ස්තුතියි සහෝ..........

August 29, 2010 at 3:51 AM  

සුරාවේ අගයත්
එහි ඇති මනා ගුනයත්
බොන උතුමෝ මිසක්
නොබොන අනුවන ගැහැණු නොදනිත්..

අපේ එක්කෙනාටත් වැඩිය අවුලක් නෑ.... ඒ නිසා මටත් ඕකෙ අවශ්‍යතාවයක් නෑ,,, :c

August 29, 2010 at 9:13 AM  

පිස්ස නම් ඉතින් ඔය පැත්තට බර බව බ්ලොග් අඩවි වල අය දන්නව නොවැ... කක්කුට්ටො ඇදේට ගොහින් බන කියන්නේ මක්කටෙයි... ඒ උනාට හසියා ගෙ කතාවට එකඟයි.

අනේ මන්දා ඔව්වා... මම නම් වෙන්න ගෑනු ළමයට වුනොත් කියල දැන්මම කියල තියෙන්නේ... ම්ම් අඩු කරන්න කියන්නේ... බලන්න ඕනි... හි හි

August 29, 2010 at 4:52 PM  

@ Anonymous....
හසියා ගේ නවාතැන වෙත පැමිණි අසහනකාරයාව සාදරයෙන් පිළිගනිමි.ඒත් ඉතිං ඇවිත් කොරල තියෙන්නේ වනසපු එකනො‍වැ...ඒක ඉතිං උන්ගේ ජන්මේ පුරුද්ද....ගිය තැන වනසන එක තමයි වැඩේ.හසියා ගේ නවාතැන ඕනිම කෙනෙක්ට විවෘතයි.ඇවිත් සතුට විනෝදය වගේම දැනුම බෙදා හදා ගත්තාට කමක් නෑ.ඒ වගේම නවාතැනේ තියෙන අඩුපාඩු කියලා ගියාට කමක් නෑ.ඒ වගේම ඉතිං අඩුපාඩු හදාගන්න උදව් කරනවනම් ඒක ලොකු දෙයක්.‍එහෙම මිසක් අඩුපාඩු තිබුනෙයි කියලා වනසන්න ඕනි නෑ නේ.තමන්ට තමන්ගේ නවාතැන පිළිවෙලට තියාගන්න බැරි විත්තිය අපි දන්නවා.ඉතිං ඊරිසියාව වැඩි වුනහම කොරන දෙයක්නේ ඔය වැඩේ.අර පුස් අයියලා කිව්වා වගේ උඹටත් අනුකම්පා කරනවා මිස වෙන කොරන්නද?පුළුවන්නම් පිං අතේ වැඩ ටිකක් කොරපන් ලබන ආත්මේවත් හොද ජන්මයක් ඇතිව ඉපදෙන්න.උඹට පිං මචෝ ඇවිත් හසියාගේ නවාතැන වනසන්න හැදුවට....හැබැයි උඹ වැඩේ හරියට කොරල නෑ නොවැ....හසියට වගේම හසියාගේ නවාතැනට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා.ඉතිං එයාලා කවදාවත් උඹල වගේ උන්ට මේ තැන වනසන්න දෙන්නේ නෑ....ඒවගේම හසියව වට්ටන්නත් ටිකක් අමාරු වෙයි.මොකද හසියට උඹල වගේ උන්ව ඕනෑතරම් මුණගැහිලා තියෙනවා.
බොහොමත්ම ස්තූතියි.......උඹ වවපු මල් පැලේ මල්පිපුනාම ගදයි බං.ඒ හන්දා උඹ වවපු මල් පැලේ උගුල්ලන්න සිද්ධවුනා.සොරි බං හොදේ.....

August 29, 2010 at 6:54 PM  

@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
හිහිහිහිහි ඒ වටනම් පද ගලාගෙන එනව නේද....
හිහිහහි එහෙනම් හොද විපක්ෂයක් නොවැ උඹට හම්බවෙලාතියෙන්නේ....අනේ වාසනාවන්....
ස්තූතියි අයියේ.....

August 29, 2010 at 6:56 PM  

@පිස්සා පලාමල්ල
හිහිහිහහි ඒක ඇත්ත‍‍‍....
ඔව් ඔව් කියන්න තියෙන හැමදේම කියලා තිබ්බාම පස්සට කේස් නෑ....
ඕව් ඔව් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරලා නැත්තටම නැති කරගමු ඔය පුරුද්ද.....

August 29, 2010 at 6:58 PM  

හික්ස්.. අනේ හසියෝ උඹටත් අහුවෙන දේවල්

August 31, 2010 at 9:55 AM  

@priyantha.ඒබී
හිහිහිහි සොයන්නට හම්බවේ කියන්නේ මේකට වෙන්න ඇති නේද.....හික්ස්....
ස්තූතියි අයියා......

August 31, 2010 at 10:04 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails