෴ අපි තැත්තෙක් හදමු ෴



හෆ්ෆේ ගොඩ දවසකින් නවාතැන පැත්තේ ආවේ. හෆ්ෆේ මකුළු දැල් දුවිල්ල ගන්න දෙයක් නෑ.අස්පස්කරලත් නෑ නොවැ.නවාතැන වටේ පිටේ ටින් පෝල් කෝම්ඹ පොල් කටු පිරිලා.ආපු කවුරුවත් සුද්ද කරලා නෑ.හරි නාකයි.මදුරු පණුවොත් හිටියා ඒවයේ.හෆෆේ ඩෙංගුද දන්නෑ.

හරි හරි දැන් බය වෙන්න දෙයක් නෑ.හසියා ඔක්කෝම සුද්ද පවිත්‍ර කරලා තමයි ආයේ වැඩේ පටන්ගත්තේ.
බලන්න දැන් දුවිළි එහෙම තියෙද කියලා.කොහෙද හසියටත් ආවනේ මහා නපුරු කාලයක්.කොර කොර හිටපු හැම ෆන් වැඩේම දමලා ගහන්න වුනා.මහ නපුරු උණක් ඒක.මතක් වෙනකොටත් ඇඟ ගැහෙනවා.උණට බේත් දීලා දැන් වැඩේ ගොඩ.ම්ම්ම්ම් දන්න විදිහටනම් මේ උණේ බෝවෙන්නේ නෑ.ඒත් ගොඩක් අයට මේ උණේ නිතරම හැදෙනවා.හා හා බය වෙන්ට කාරී නෑ මම මේ කියැව්වේ එක්සෑම් උණේ.දැන් ඒ උණේ ඉවලායි.දැන් ආයේ හීන් දාඩිය දාලා උණ ගැනෙන්නේ තව මාස තුනකින් විතර වගේ ලියපු සබ්ජෙක්ට් පහේ රිසල්ට් එනකොට තමා.කමෙක් නෑ තව ඒකට කල් තියෙනවානේ.

ම්ම්ම්ම් නවාතැනට ගොඩවැදුණු ගොඩක් අය හසියගේ නවාතැනේ තිබ්බ අඩු පාඩු කියලා තිබ්බා.බොහෝමත්ම ස්තූතියි වචනෙකින් හරි හසියගේ නවාතැන පිරිසිදුවට ලස්සනට ගානට පිළිවෙලට තියාගන්න උදවු කරනවට.වැරැද්දක් දැක්කොත් දුටු තැන කියන්න.එතකොට පුළුහන්නේ හසියට හදාගෙන කෂ්ටියට අළුත් දෙයක් දෙන්න.


හා හා මෙතන උණ හදාගෙන ඉදලා ඉදලා ඇවිත් කියව කියව ඉන්ට හදනවා කියලා කෂ්ටිය චෝදනා කොරයි ඔන්න දැන් හසියට.
අද මාතෘකාවට එන්ටර් වෙමු එහෙනම්.....

මොකක් තැත්තෙක් හදන්න....????
ඒ මොකාද ඒ...???
හෆ්ෆේ තැත්තා කියන්නේ පොඩිඋන්ගේ භාෂාවෙන් හරකට නෙවැ.....ඒකවත් දන්නේ නෑ නෙවැ මේ කෂ්ටිය.හසියනම් තාම පොඩි බබානේ.ඉතිං ඕවා හොදට දන්නවා.


හසියා අද කියන්න යන්නේ සෙල්ලම් තැත්තෙක් ඉවතදාන දේවල් වලින් හදන විදිහ ගැන.(අහ් ඒක මිසක් නේද?)හා හා දැන් හැරිලා යන්න හදන්න ඒපා ඕන්.ආපු එකේ බලලම යන්න ඕන්.පහුවෙනකොට ඉතිං කාට කාටත් මේවා ඕනිවෙයි.ඒ හන්දා දැන්ම දැනන් උන්නට පාඩු නෑ ඕන්.


ඉස්සෙල්ලම කියන්න ඕනි හසියට මේක හදන විදිහ ගැන අදහස ඔළුවට පාත්වුනේ අහසින් නම් නෙවේ.හසියා මේක දැක්කේ වෙබ් අඩවියක.නමුත් හසියට ඇත්තටම ඒ වෙබ් අඩවිය මතක නෑ.හසියා ලගත් නෑ.බෙහෙවින්ම කණගාටුව හා සමාවඉල්ලා‍ සිටිනවා ඔන්න හසියා.දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයට දැනගන්නත් එක්ක කොමෙන්ටුවක් දාලා ගියාට හසියාගේ කිසිම විරුද්ධත්වයක් නෑ.

හසියා ටිකක් වෙනස් කෙනෙක් නේ.හසියා සාමාන්‍යයෙන් ටිකක් ක්‍රියෙටිව් අයිඩියාස් තියෙන පොරක්.
(ඔන්න පටන්ගත්තා පම්පෝරිය....ඕක මීට කලිනුත් කීවද මන්දා)පොඩිකාලේ මේ හැකියාව හොදට තිබ්බා.අර ඔළුව නැති කොරන නිර්මාණ හැකියාව නැති කොරන එක්සෑම් එක කොලාට පස්සේ තිබ්බ ඒ හැකියාව ගොඩක් අඩුවුණා.ඔව් ඔව් හසියා කිව්වේ අ.පො.ස‍. උ.පෙ. ගැන තමයි.

ම්ම්ම්ම්ම්ම් සිංහල බ්ලොග් ඉතිහාසයේ පළමුවතාවට ක්‍රියෙටිව් අයිඩියාස් වලින් කරන්න හොද වැඩ ටිකක් කෂ්ටියට කියලා දෙන්න හසියා හිතුවා.ඔය ක්‍රියෙටිව් අයිඩියාස් තියෙනම් වැඩක් ඉක්මණට මෙන්ම අඩුවියදමකින් කොරගන්න පුළුහන්ළුනේ.(හසියා නම් නෙවේ කියන්නේ ඕන්....)

හා හා පැන්නා නේද ආයෙත් ට්රැක් එක....

හරි හරි ඔන්න ඉස්ඉස්සෙල්ලාම හසියා දෙන්න යන්නේ සෙල්ලම් තැත්තෙක් හදන ටියුටෝරියල් එකක්.ඔන්න අයෙත් කිව්වා.මෙව්වා ඉතිං ඉස්පෙසොල් ඒව්වා.හසියාගේ නවාතැනින්ම විතරයි ඕන්.


හා හා දැන් වැඩේට බහිමුකෝ.......




ඔය උඩ පිංතූරේ ඉන්න තැත්තාව තමයි හදන්න යන්නේ.බලන්නකෝ ආඩම්බරේ.හැදුවට පස්සේ අඩන්න ගත්තා තණකොළ කන්න ඕනිමයි කියලා.පව්නේ තැත්තාට බන්ඩිය පිරෙනකම්ම උදුපියළිය කැව්වා.


දැන් මේකට ඕනි කරන දෙවල්.......

1.) හිස් ප්ලාස්ටික් ටින් එකක් (හතරැස් නම් වඩාත් හොදයි)
2.) නූල් ඔතාඇති ප්ලාස්ටික් ටියුබ් හතරක් (එහෙමත් නැතිනම් ඒවගේ තියෙන වෙනදෙයක් වුනත් කාරිනෑ.....)
3.) දුඹුරු පාට වාර්නිෂ් කොලයක්
4.) කතුරක්
5.) ගම් (නෑ නෑ ඇලවෙන ගම් නොහොත් ග්ලූ.....)


ඔන්න මේ තියෙන්නේ හසියා ගත්ත ඒවා ටික......


දැන් එහෙනම් වැඩේ පට්ටාන් ගමු..........

ඉස්සෙල්ලම අර ගත්ත නූල් ඔතලා තියෙන ප්ලාස්ටික් කෝන්
(පාරේ යන අයිස් කෝන් කාරයට පිං සිද්දවෙන්න, ඔන්න දැන් තමයි හසියට මතක්වුනේ හරි නම ඕකට කියන) හතර ඕනි උසට කපාගන්න.මොකද අපි ඒව්වා තමයි තැත්තා‍ගේ කකුල් වලට ගන්නේ.ම්ම්ම්ම් නිකන්ම ගත්තොත් තැත්තෙක් කෙසේවෙතත් බුලුවෙක් වගේ එකේක් නිකම්ම හැදිලා තියෙයි උස වැඩි වෙලා.හැබෑටම බුලුවට අං තියෙනවාද?

දැන් ඒ අපිට ඕනි ගානට කපාගත්ත අයිස් කෝන්.... අහ් නෑ නෑ ප්ලාස්ටික් කොන් ටික අපි ගත්ත අර ප්ලාස්ටික් ටින් එකේ එක් පැත්තකට අලවගන්න ඕනි.(කකුල් පිහිටන ආකාරයට) හොදට අලවාගන්න.නැත්නම් ඔන්න තැත්තගේ කකුල් ගැලවෙයි.


හොදට අලවාගත්තට පස්සේ තැත්ත‍ගේ කකුල් හතර අර ගත්ත දුඹුරු පාට වාර්නිෂ් කොලේ අලවගන්න.ලස්සනට පිළිවෙලට.


ම්ම්ම්ම්ම්ම් ඊට පස්සේ ටිකක් වේලෙනකන් ඉදලා තැත්තට කන් දෙකක් අං දෙකක් වලිගයක් ඇස් දෙකක් හොම්බක් එහෙම හයිකොරගන්න.එතකොට වැඩේ ගොඩ.හෝව් හෝව් පුල්ලිත් ඕනිනම් හයි කොරන්නකෝ.

මේ තියෙන්නේ කරන විදිහ පොඩි විඩියෝ ටියුටෝරියල් එකක්..... ක්‍රියේටඩ් ඇන්ඩ් එඩිටඩ් බයි හසියා....




කෝමද හසියගේ වොයිස් එක......
(බැක්ගරවුන්ඩ් ‍‍සෝන්ග් එක ගැනනම් සමාවෙන්න ඕනි ඕන්....ඉදිරියේදී හොද සිංදු දාන්නම්කෝ....)

ඒ වගේමයි හසියට සමාවෙන්න ඕනි ෆොටෝ දාන්න බැරිවුනාට පියවරෙන් පියවර.ඊලග පාර අනිවා දාන්නම්කෝ.ඒකට හරියන්න විඩියෝ එක බලන්නකෝ.ම්ම්ම් කරනවිදිහ පැහැදිලිව තියෙනවා.අවුලක් තියෙනම් ඔන්න හිතේ හංගන් ඉන්නව එහෙම නෙවේ ඕන්......


හැබැයි ඔන්න හසියට කියන්න එපා තැත්තා කෑගහන්නේ නෑ කියලා.හසියා හදපු තැත්ත නම් කෑ ගහනවා.විඩියෝ එක බලපු අයට ඇහෙයි.ඔන්න එහෙනම් තැත්තා හදලා ඉවරයි.


ම්ම්ම්ම්ම්ම් මේක කෙනෙක් කියයි පොඩි දෙයක් කියලා.ඔව්නේ ඇත්තනේ ඉතිං.
මට පැය දෙකයි ගියේ.තව කෙනෙක් කියයි ඔය පිස්සු විකාර කරන්න කොහෙද අපිට වෙලාව තියෙන්නේ කියලා.ඇත්ත‍.....ඒත් මේවගේ දෙයක් තමන්ගේම හෝ වෙනත් පොඩි ළමයෙක්ට තමන්ගේම මහන්සියෙන් හදලා දුන්නාම ඒ ළමය ඒක අරන් සෙල්ලම් කරනකොට අපිට දැනෙන සතුට.....සල්ලි වියදම් කරලා කොච්චර වටින කෘතිම සෙල්ලම් බඩුවක් ගෙනිහින් දුන්නත් අපිට දැනෙන ඒ සතුට ආත්ම තෘප්තිය ලබන්න බෑ කියලයි හසියා හිතන්නේ.හසියා ඉතිං සාපේක්ෂව වෙනස්ලුනේ. (කවුද හැබෑටම කිව්වේ....?)

ඊටත් වඩා අවුරුදු තුනට වැඩි ළමයෙක්ට මෙවගේ දෙයක් කරන්න කියලා දුන්නාම ඒ ළමයිගේ සිතීමේ ශක්තිය දියුණු වෙනවා.ඒ විතරක් නෙවේ, බුද්ධිය ඉවසීම පිළිවෙල මේ හැමදේම නිකන්ම හොදින් පුරුදුවෙනවා.කොහෙද ඉතිං අද කාලේ පොඩි එවුන්ට ඔයිට වඩා වැදගත් ටියුෂොන් පංතිය.ඒත් ටියුෂොන් ගොහින් හිතන්න බැරි මොලේ තියෙන රො‍බෝ කෙනෙක් ලෝකයට දායාදකරන එකද හොද, නැතිනම් හිතන්න පුළුහන් අළුත්දෙයක් කරන්න පුළුහන් මොලේ තියෙන හොද පුද්ගලයෙක් ලෝකයට දායාදකරන එකද හොද?

අම්මලා තාත්තලා හසියට, හසියාගේ නවාතැනට විරුද්ධව නඩු මගට බහියිද දන්නෑ නේ.....

කාලේ හැටියට ටියුෂොන් ගියාට කමක් නෑ‍.ඒත් ළමයිගේ නිර්මාණශීලීත්වය, සිතීම, බුද්ධිය, ඉවසීම, හැකියාව, පිළිවෙල වගේ ගුණාංග වර්ධනයටත් ලොකු ඉඩක් එහෙමත් නැතිනම් වැඩි කාලයක් ලබාදුන්නොත් නරකද?

මේ ගැන සිතීම දෙමව්පියන්ට බාරයි ඕන්....

ආයේ හසියාගේ නවැතැනට සැට් වෙමු මේවගේ අළුත් දේකින්.....

අහ්....වැඩේ කොහොමද කියලා පොඩි කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා ඔන්න හොදේ......

මේවා ඉතිං හසියගෙන්ම විතරයි ඕන්.....

(අද පම්පෝරිය කිව්වා වැඩිද මන්දා)

එහෙනම් හසියා වාෂ්ප වුණා....
ඒස්වඃ පුඃ


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

19 comments:

බොලේ කොල්ල මාර වැඩ්ඩනෙ............එල කිරි මැක්සා

October 11, 2010 at 7:15 PM  

දැන් කාලෙ ළමයි කීදෙනාද ඔය වගේ වැඩ කරන්නේ.. කඩේ රෙඩිමේඩ් තැත්තො ඉන්නවනේ.. :-/ දියුණුවෙයි එතකොට ළමයින්ගෙ මොලේ... :-( ලොකු වුනත් පොඩි අයට ආදර්ශයක් දීපු හසියට ජය.. :-)

October 11, 2010 at 7:37 PM  

ෂා මරුනේ... :b අක්කාගේ පොඩි දෙන්නා ඊළඟ පාර ආවාම හදන්න ඕන... :e :e නියමයි හසියෝ.. :t :t

October 11, 2010 at 7:37 PM  

හසිත මාමි අලි ඔදයි. මාමියෝ ඊලග පාල අපි ලොකූ............ වෙන දාතියක පැටියා බබෙක් අදමුද ?

October 11, 2010 at 11:07 PM  

ඇත්තමයි එළම එළ වැඩක්....

October 12, 2010 at 10:49 AM  

හොඳ අදහසක්. අද කාලේ ළමයින්ට ඕව කරන්න අනුබල දෙන්න කිව්රුත් නැති එකේ මේව ලියන එක ලොකු දෙයක් හසියෝ

October 12, 2010 at 11:40 AM  

අඩේ අප්පා...එල එල..............

October 13, 2010 at 11:23 AM  

එළ... දැන් එව්වොන්ට ඔව්ව ඔට්ටු නැති එකනේ බන් අවුල. උන්ට ඕනි ප්ලේස්ටිශන්.. අනම් මනම්... අනේ මන්ද බන් දැන් හැදෙන එව්වො...

October 13, 2010 at 5:47 PM  

wade nam elama thamai... hasiyo....nool tube nemei ban nool corn eka kiyala okata kiyanne...

podi podi waradi wenawa neda ithin.....monawa unath wade nam mal 7i

:r

October 14, 2010 at 3:07 PM  

පමාවී පැමිණියට කමාකරත්වා....... :n :n
හරකා නම් මරු කියන්න දෙයක් නෑනේ...... :t :t
පෝස්ට් එකත් ඒ වගේම තමා අයියා...... සරළව කිව්වත් දෙමව්පියන්ට හිතන්න හොඳ දෙයක් කියලා තියෙන්නේ...(හිතනවනම් තමා ඕව හිතන්න කොහෙන්ද වෙලාව දැන් අයට එයාල වැඩක් නැතත් බිසී අයනේ.... :h :h)

October 17, 2010 at 9:27 AM  

hasiyo ela kiri ! vedio ekath ehemai
Bgrund music ela.mata eke link 1k ewanawada?

October 18, 2010 at 12:06 AM  

@Hasitha ජයසූරිය
හේහේහේහේ තැන්කූ තැන්කූ පොඩ්ඩෝ....... :b

@කාංචන දිනූක
සැටිෆිකේට් ට්රූ අයියා.....බොහොමත්ම ස්තූතියි අයියා...... :d


@හසී
එල එල ආපුවහම මම මතක් කලා කියන්නකෝ‍‍‍...බොහෝමත්ම ස්තූතියි කෙලි හසියේ‍‍... :i

@..::| පොජ්ජේ |::..
‍බොහෝමත්ම ස්තූතියි පොජ්ජේ....පොජ්පේලට නම් මේවගේ දෙවල් හදන එක මහ කජ්ජක්ද නේද? :q

October 18, 2010 at 8:28 AM  

@Hasitha
හා හා හොද බබෝ....බබාගේ ජාතියේ එක්කෙනෙක් හදමුද? :r මම මේ කිව්වේ බුලු පැටියෙක්.....:q


@ප්‍රාර්ථනා
බොහොමත්ම ස්තූතියි සහොදරී‍‍....:i


@priyantha.ඒබී
හිහිහිහිහි බොහෝමත්ම ස්තූතියි අයියා....:b

October 18, 2010 at 9:37 AM  

@ර ත් ග ම යා
බොහෝමත්ම ස්තූතියි සහෝ.... :b

October 18, 2010 at 9:39 AM  

@පිස්සා පලාමල්ල
ඒක ඇත්ත අයියේ...මොනාකරන්නද ඉතිං‍‍‍...මොලේ ඇති හිතන්න බැරි රොබෝලා ටිකක් ඉදිරියට බිහිවෙයි... :h :h :h

October 18, 2010 at 9:40 AM  

@kanishka
බොහෝමත්ම ස්තූතියි සහෝ...ඇත්තටම නම අමතක වෙලා තිබුනේ....බොහෝමත්ම ස්තූතියි නම මතක් කරලා දුන්නට... :t :t

October 18, 2010 at 9:42 AM  

@හා පැටික්කි (MS)
අපෝ කමෙක් නෑ....ඒත් බැලුවා වෙනදා ඉස්සෙල්ලම ඇවිත් පිනුම් ගහන පුළුන් නැට්ටි කෝ කියලා. :q :q :q
ඒක තමා...අපි දාමුද දැනුවත් කිරීමේ වැඩසටහනක්.... :r :r :r

October 18, 2010 at 9:44 AM  

@ibm
බොහෝමත්ම ස්තූතියි.
මොන ලින්ක් එකද සහෝ...??

October 18, 2010 at 9:46 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails