ආණ්ඩුපක්ෂයත් විපක්ෂයත් බිත්තියේ තියෙන සුදු පාට කොටුවකට එක එක ඒවා ගහනවා ගලවනවා.හැබෑටම මොකක්ද අප්පේ ඒ ගැජට් එක‍.හසියට ලොකු අවුලක් ඕක.අහ් ඔව් ඔව් වෘත්තීය සමිතියට තමා.එහෙම පුළුහන්ද ආණ්ඩුපක්ෂයටත් විපක්ෂයටත් ඕනි ඕනි දෙවල් කරන්න මේ අපේ රටේ වගේ.වෘත්තීය සමිති ගැනත් හිතන්න එපායෑ.ඉතිං ඔය බිත්තියේ හයිකොරලා තියෙන එකේ ඒ මදිවට ලොකු ප්ලාස්ටොරේකුත් ගහලා.පව්.... තූලා වෙලා වෙන්න ඇති.දවසක් දෙක්ක හෙමින් සිරුවේ බිත්තියේ තියෙන ඒ ගැජට් එක පොඩ්ඩක් විපරම් කොරන්න හැදුවට කොහෙද හැමදාම එක්කෝ ආණ්ඩුපක්ෂෙට හරි නැතිනම් විපක්ෂයට හරි අහුවෙනවා.එතකොට ඉතිං වෘත්තීය සමිතියට කන පිරෙන්න අහගන්නත් පුළුහන්.සංතෝසයි නේද?

ඉතිං ඔන්න තවත් එක් මොන්ටිසෝරි දවසක් ගෙවිලා ගෙදරට ආවා කියමුකෝ හසියා.හෆ්ෆේ හරිම මහන්සියි නොවැ.පැය තුනක් මොන්ටිසොරිය ඇතුලට වෙලා එක එක විකාර කරනවා කියන එකත් ලේසි කට්ටක් නෙවේ.කොහෙද ආණ්ඩුපක්ෂයට වත් විපක්ෂයටත් ඕවා තේරෙන එකක් යෑ.සෙල්ලම් කොරන්න දෙන්නෙත් පැය භගයක් විතර.වෘත්තීය සමිතිවලට කිසිම නිදහසක් නෑ.

කෝ කෝ මේ වෘත්තීය සමිති ට්රැක් පනින එක තමයි එකම අවුල.
ඔන්න එහෙනම් බැක්ටු ට්රැක්.මෙන්න බොලේ එදා දවල්, මං හිතන්නේ ඔලසෝසුවේ වෙලාව පස්වරු එක පසුවී විනාඩි විස්සකුත් තත්පර තිස්....එකයි....දෙකයි.....තුනයි..කෝ මේ දිග කට්ට නවතින්නේ නෑ නේ. විපක්ෂය හොදට ගොරව ගොරව දොයි.එතකොට ආණ්ඩුපක්ෂේ දෙයියන්ගේ මල්ලි හොයන්න ගිහින්නේ.අහාහාහාහා ඔය තියෙන්නේ නියම වෙලාව අර බිත්තියේ තියෙන ගැජට් කෑල්ල බලන්න.අද දවස උදාවෙනකම් ඇඟිළි ගැනපු හැටි දන්නේ වෘත්තීය සමිතියම තමා ඕන්.

හ්ම්ම්ම්ම්ම්ම්‍‍‍...... හෙමින් හෙමින් ළගට ගිහින් බලන්න ඕනි.ප්ලාස්ටොරේ ලොකු එකක් නේ.හම්මේමේ‍...
ඒක ගලවන්න තියෙන අමාරුව.කක්කි පාරකුත් ගියාද මන්ද.හෆ්ෆේ ඒ ගැජට් එකේ හිල් තුනකුත් තියේ....මාරයිනේ....මොකටද දන්නෑ ඒ හිල්තුන තියෙන්නේ?ලොකු පුශ්නයක්නේ දැන් වුනේ.ම්ම්ම්ම්ම්....මගේ චූටි ඇඟිල්ල, අර සුළඟේ ඇගිල්ලද වගේ මොකක්ද නමක් කියන ඇඟිල්ලත් දාන්න බෑ වගේ‍.ම්ම්ම්ම්ම්ම්ම් මේකට දාන්න පුළුහන් මොකක්ද හැබෑටම....කූරක් වගේ එකක් දැම්මොත් හරි වගේ.ඒත් කොහෙන්ද?ආණ්ඩුපක්ෂෙ විපක්ෂෙ ඔය වගේ දෙවල් වෘත්තීය සමිති වලින් ඈත් කොරලනේ තියන්නේ.(ප්‍රචණ්ඩව හැසිරෙයි කියලා වෙන්න ඇති නේද....)හරිම අසාධා‍රණයි.වෘත්තීය සමිති කියලා ඔටුවොයෑ. ෂෑ....තාම මොළේට එන්නේ නෑනේ....

ආහාහාහා.....හලී....

හෝ හෝ කෑගාන්න එපා ආණ්ඩුපක්ෂෙට ඇහුනොත් මිෂොන් එක අබ්ලික් වෙනාවා.මොන්ටිසෝලී ඇදුමේ ලේන්සුව එල්ලන කට්ට නම් චෝයි භාණ්ඩේ.මේක ගලවන්න හරිම අමාරුයි නොවැ.හදිස්සියකට මුන පිහදාගන්න වුනොත් ගලවගන්න බෑ.ෂික්... වෘත්තීය සමිතිවලට දැනෙන හිතෙන දෙවල් මේ ආණ්ඩුපක්ෂෙටවත් විපක්ෂෙටවත් නොතේරෙන හැටි.පොඩ්ඩක් මොළේ කල්පනා කරල වැඩකරන්න බෑනේ වෘත්තීය සමිති වගේ.හෆ්‍ෆා ඇති යාන්තම් කට්ට ගලවගත්තා.තව පොඩ්ඩෙන් අ‍‍තේ ඇනෙනවා.

හ්ම්ම්ම්ම්....දැන් බලමු මේ කට්ට ගහලා මේ හිල් වලට මොකද වෙන්නේ කියලා.තූලේ සනීපවෙලාද බලන්න එපායෑ.හැමදාම එකම ප්ලාස්ටොරේ ගහන් ඉදලා හරියනවද....හෆ්ෆේ තවත් බැරෑරුම් පුශ්නයක්නේ.වෘත්තීය සමිති වලට හැමදාම පුශ්න විතරයි.දැන් කොයි හිලටද කට්ට ඉස්සෙල්ලම ඔබන්නේ.
ම්ම්ම්ම්ම් කමෙක් නෑ දකුණු පැත්තේන් පටන් ගමු.....ඔන්න ගැහුවා එහෙනම්.....

ෂා.....ඉතිරි ටික ඕනි නෑනේ......


සනීපෙට දැනුණා....හරීම සනීපයි....හෙනයක් ගැහුව වගේ දැනුණෙ.....
බැලින්නම් විපක්ෂෙත් ආවා නොවැ සනීපද කියලා බලන්න.ලැජ්ජාවේ සංතෝසේ බෑ.
මං හිතන්නේ දැනුණ සනීපෙට කඳුළු පැන්නේ...නෑ නෑ ඇඬුව නෙවේ.දැනුණ සතුටට කදුළු ආවේ.හැමදේම අනික් පැත්තට තමයි මෙයාලා හිතන්නේ.එක පාරක් සනීපෙට දැනුණ නිසා ආයේ ඔය ගැජට් එක දිහා බලන්නෙවත් නෑ.ඔය ඉතිං.....බයේ නෙවේ අනේ.අර කතාවක් අහල නැද්ද ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නෑ කියලා.තේරුම් ගන්න‍කෝ එක පාරක් කිව්වාම.නැත්නම් ඔන්න මං අඬනවා.


ප.ලි. : (කිසිදිනෙක පලි නොගනිමි.
)

මේ මොකක්ද කියලා බලනවා ඇති නේද අපේ කෂ්ටිය..ඊයේ හසියා හදපු ලාම්පුවට හොද ප්‍රතිචාර ලැබුණා නොවැ හිතුවටත් වඩා.ඉතිං හිතුව හසියා ගැන පොඩි ඕප දුපයක් කියන්න.
ඔය කොච්චර වැඩ දැම්මත් හසියා එක දේකට නම් බයයි.ආණ්ඩුපක්ෂයටද? විපක්ෂයටද? ඒ දෙකට බය වෙන්නේ නැතිව හිටියොත් වෘත්තිය සමිති වලට අකුලගෙන කොහේහරි යන්න තමයි වෙන්නේ.නැතිනම් අපේ රටේ වගේ (ඔව් ඔව් ලංකාවේ තමයි) කරේ නගින්න එනවනේ.ඒහෙම පුළුහන්ද රටක් රාජ්‍යයක් පාලනය කරන්න? කොරන්න බෑනේ ඉතිං.‍හසියා කිව්වේ ඒ වගේ දෙකට බයයි කියලා නෙවේ ඕන්....

හසියා කොච්චර වැඩ දැම්මත් ඔය ගෙදර තියෙන මේන් කරන්ට් එකට නම් පණ බයයි.හේතුව තමයි ඔය කිව්වේ.එදා පල්ග් එකට ගහලා වැදුන කරන්ට් පාරට හිත ඇතුලේ ඒ බය තාම තියෙනවා.ආණ්ඩුපක්ෂෙවත් විපක්ෂෙවත් හිතුවේ නෑ එදා ඒ වෙච්ච දේ ඔය තරමට වෘත්තීය සමිතියේ හිතට වදියි කියලා.ඇත්තම කියනවනම් අද වුනත් ස්විච් එකක් දැම්මත් දාන්නේ පණ බයේ.ඔය ටීවී ඇන්‍ටනා ඒරියල් මොනිටර් වගේ අල්ලපුවහම දැනෙන් පොඩි කරන්ට් එකටත් බයයි.ඒත් ඉලෙක්ට්‍රෙනික් වැඩ වලට තියෙන ආසාව නම් අත් ඇරිලා නෑ.


වෙලාවට මොන්ටිසෝරි ඇදුමේ එක ලේන්සුවයි එල්ලන්නේ...
දෙකක් එහෙම එල්ලුවනම් අද හසියාගේ කෑලිත් නෑ.

මෙහෙම හිටියට හසියා ලේසි පහසු වෘත්තීය සමිතියක් එහෙම නෙවේ.
එක දවසක් ආණ්ඩුපක්ෂෙ වෘත්තීය සමිතිය ආදරෙන් වඩාගෙන රෑ අහසේ තරු පෙන්න පෙන්න හිටියා.වෘත්තීය සමිතියට ඉතිං ප්‍රශ්න කෝටියයි.

පුතා අර තියෙන්නේ හත්දින්නත් තරු.ඕකේ තරු හතක් තියෙනවා එකපොකුරට.හැබැයි හතම එකපාරට බලන්න බෑ....ඔය වගේ ඉතිං ආණ්ඩුපක්ෂේ ආදරෙන් තරු ගැන කියලා දුන්නා.දැන් ඉතිං වෘත්තීය සමිතිය දැම්ම උදැල්ල ආණ්ඩුපක්ෂයේ ආදරණිය ඉගැන්වීමට.ඇත්තනේ ප්‍රශනයක් ඇතිවුනහම අහන්න එපායෑ.හිතේ සැකේ තියන් ඉන්න හොද නෑනේ.

තාත්තේ එතකොට ඔය තරු කවුද අහසට දැම්මේ....? ඔය තරු කොහොමද අහසේ රැදිලා තියෙන්නේ.....?


දීපන්කෝ උත්තර.....ඇත්තනේ ගල් කැටයක් උඩ දැම්මත් බිමට වැටෙනවා.අර කා‍ගෙද ඔළුවට ඇපල් ගෙඩියක් වැටිලා මොකක්ද කෙහෙල්මලක් හොයාගත්තා කියලත් කතාවක් තියෙන්නේ.වෙලාවට ඇපල් වැටුනේ.පොල් ගෙඩියක් දූරියන් ගෙඩියක් එහෙම වැටුනනම් සොරි.කොම්.


ආණ්ඩුපක්ෂේ විද්‍යා ගුරුවරයෙක් වෙලත් එදා දුන්න උත්තරේ දැන් මතක් වෙනකොට හිනා කාලා පණයනවා.දැනටත් පොඩ්ඩක් ඕක මතක් කරලා ආණුඩුපක්ෂෙයි විපක්ෂෙයි වෘත්තීය සමිතියයි හිනාවෙනවා.(හැබෑට ඔක්කොම එකතුවෙලා වැඩ කරන කතා බහ කොරන රටක් දැක්කමයි මයේ හිතේ‍.‍‍...)

පුතා වගේ ළමයෙක් මේ ලෝකෙට උපදිනකොට තරුවක් හැදෙනවා.ඉතිං ඔය තරු සුරංඟනාවියෝ අහසේ තියෙන දැලේ එල්ලනවා......

ඒකත් හරි කියමුකෝ....එතකොට තාත්තේ කෝ මගේ තරුව....?


වෘත්තීය සමිතියටත් තියෙන ප්‍රශ්න....ඇත්තනේ අපේ දේ වටින්නේ අපිටමනේ......


පුතාටත් අයිති තරුවක් තියෙනවා.හැබැයි මේ තරු ඔක්කොම එක වගේ.ඉතිං හොයන්න බෑ.හරියට ඔයාල වගේ. පොඩියි. අහිංසකයි. කරුණාවනතයි. ඉතිං ඒ තරුව අහසේ තියෙන දැලේ එල්ලපු සුරංඟනාවී ඔයා දිහා බලන් ඉන්නවා...කරන දේවල් කියන දේවල් හැමතිස්සෙම.හැබැයි නරක වැඩ කලොත් දඟ වැඩ කලොත් අම්මට තාත්තට අකීකරු වුනොත් ඒ සුරංඟනාවීට දුක හිතිලා ඒ තරුව දැලෙන් ගලවලා බිමට දානවා.එතකෙට තමයි අන්න අර වගේ තරු කඩන් වැටෙනවා වගේ පේන්නේ.(වෙලාවට උල්කාපාත වර්ෂාවක් නොතිබ්බේ.එහෙනම් ඉතිං හසියා කියනදේ හිතාගන්න හැකිනේ.
)

එදා ඉතිරි ප්‍රශ්න ටික වෘත්තීය සමිතිය අහන්න ඉස්සෙල්ලා වෙලාවට ආණ්ඩුපක්ෂයට කාතා කලානෙවැ විපක්ෂේ.වෙලාවට හැබැයි.පේනවනේ නැත්නම් කොහෙන් නතර වෙයිද දන්නෑ වෘත්තීය සමිතියේ ප්‍රශ්න කෝටිය.......


අද හසියගේ ඕප දුප වගේම පම්පෝරිය අසා සිටි ඔබ සැමට ස්තූතියි...
(පෝස්ට් එක දිග වැඩිද මන්ද.....)මෙන්න මං ගානේ උණු උණු කෝපී කෝප්පයක්‍‍‍...මේ පාර ගානට මිරිස් තුනපහ දැම්ම...බය නැතිව බො‍න්නකෝ......

එහෙනම් ඔන්න හසියා වාෂ්ප වුනා..... (කෝ කෝ ලයිට් නිවන්න....)

ඒස්වඃ පුඃ

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

14 comments:

එළ එළ.. කට්ටියම මේ දවස් වල පුංචි කාලෙ රවුම් ගහනවා වගේ.. ඒක නෙවි හසියෝ..... post එකට වඩා පලිය දිගයිනේ.. :D
එහෙනම් මාත් වාෂ්ප වුනා..
ඒස්වඃ පුඃ පුඃ පුඃ පුඃ පුඃ පුඃ කේ නෑනෙ තාම පුඃ පුඃ ආ හරි.

October 28, 2010 at 1:39 PM  

@කාංචන දිනූක
හිහිහිහි අපි මුල අමතක කරන්න හොද නෑනේ....:o

ඒකත් ඇත්ත තමා‍...:j අපි අළුත් විදිහට අළුත් දෙවල් කොරන අයනේ...:r හිහිහිහිහි මේකත් අළුත් විදිහේ දෙයක්නේ....
හෆ්ෆේ ඔහොම වාෂ්ප වෙන සිරිතක් තියෙනවද මං අහන්නේ ආ....? :n

October 28, 2010 at 1:48 PM  

@අද නම් කතාව පටන් ගත්තේ හසි පොඩ්ඩා නේද..?:q
ඔයා ලියන විදිය නම් මාආආආආආරම මාආආආආරයි..:t..
මට පුදුම ප්ලග් එකට හැට්ට කටු ගහලා බේරුනේ කොහොමද කියලා..:a

ඔයාගෙ කෝපි එක නම් එල...
තාම මගේ කං දෙකෙං දුම් දානවා..:h

October 28, 2010 at 2:39 PM  

@ප්‍රාර්ථනා
හ්ම්ම්ම්ම්ම් ඒකටත් එක විදිහකට ඉනන් බෑ...කොහෙද තෝරු මෝරූ අස්සේ රිංගන්න එනවා.ඇඩුවා නොවැ එයාටත් පෝස්ට් එකක් දාන්න ඕනි කියලා....ඉතිං ඉඩදුන්නා...ගම කාලා නේද? :h

ඇත්තට අපරාදේ මං හිතුවේ ඇල්බීසියා කියලා.... ස්තූතියි නගෝ.... :a :q

හේහේහේහේ ජීවත් වෙන්න කරුමයක් තිබ්බනේ... :s :s
:r ඒකනේ ඕෆ් කරපු ස්විච් එකට ගැහුවේ...වැදුනේ නියුට්‍රල් එකේ එන කරන්ට් එකනේ.... :q

අහ් තැන්කූ තැන්කූ...ආයේ එන්නකෝ දෙන්නම් ඉහින් කනින් දුම් දාන්න.... :q

October 28, 2010 at 3:42 PM  

:t

නියමයි.... ඔය ලියන්නේ දැන් යස අපූරුවට...

October 28, 2010 at 6:15 PM  

හසියගේ කෝපි එකට තරු පේනවා.'
සමහර විට අර සුරංගානාවියෝ අහසේ තියන දැල්ලේ එළපු තරු වෙන්ට ඇති නේද? :P

ලස්සනට ලියල තියනවා.ඔහොම යමු...අපිත් එන්නම් කියවන්න :)

October 28, 2010 at 7:32 PM  

@wath
ලැජ්ජාවේ සංතෝසේ බෑ.... :i
කවුද ඉතිං අපිට අකුරක් හරි ලියන්න ඉගැන්නුවේ...:r
බොහෝමත්ම ස්තූතියි අක්කියෝ....:b

October 28, 2010 at 7:33 PM  

@පබලු
වෙන්න බෑනේ...මම දැම්මේ නෑනේ තරු....:j දැම්මේ මිරිස් තුනපහ විතරයිනේ....:r
අහ් වෙන්න ඇති...කො‍හෙද මේ සුරංඟනාවියන්ටත් ඉන්න බෑනේ එක විදිහකට‍‍‍....:j

බොහෝමත්ම ස්තූතියි අක්කියෝ.... :b
ආහා...එල එල ඕනි වෙලාවක ගොඩවදින්න හසියාගේ නවාතැනට...ඔයාලා වෙනුවෙන් හැමදාමත් දොර විවෘතයි.... :e

October 28, 2010 at 7:50 PM  

වෙලාවට මොන්ටිසෝරි ඇදුමේ එක ලේන්සුවයි එල්ලන්නේ...දෙකක් එහෙම එල්ලුවනම් අද හසියාගේ කෑලිත් නෑ.
ලස්සනට ලියනවා.......... කොපි එක නම් සැරයි.යි...යි.... එත් සංග්‍රහයට තැන්කු කිවා...

October 28, 2010 at 7:52 PM  

@නිම්ශා
හේහේහේ ඒකනේ වෙලාවට නේද...:n
බොහෝමත්ම ස්තූතියි සහෝදරී....:i
ම්ම්ම්ම් වෙන්න බෑනේ...:j මම කට්ටියට සැර වැඩිවෙයි කියලා දැම්මේ මිරිස් සහ තුනපහ පුරවලා මේස හැදි තුනයි.:r
සැර වැඩිනම් මෙන්න සීනී ටිකක්...:r වැඩිය කාලා "සීනී සුගර්" හදාගන්නවා එහෙම නෙවේ ඕන්..... :a
ඕවා මොනාද හසියගේ නවාතැනට ගොඩවැදුන කෙනෙක්ව හිස් අතින් යවන සිරිතක් තියේද.... :b

October 28, 2010 at 8:08 PM  

ඕකට තමා කියන්නේ ඕන නැති ඒවා නොකර ඉන්න කියලා.. :P හික්ස්... :q මමත් බය කරන්ට් එක වදිනවට... හපොයි දවස් දෙක තුනක්ම වැදිලා තියේ... :h :h නියමෙට ලියලා තියෙනවා හසියෝ..... :e :t අපේ ලොක්කා මෙහෙමනම් පොඩ්ඩා කොහොමද කියලා හිතාගන්න පුලුවන් :d

October 29, 2010 at 9:09 AM  

@හසී
ඔයාල වගේ ගස් ගෙම්ඹියෝ වගේ ඉන්න බෑනේ අපිට...:h
හිහිහිහි දැනගත්ත එක හොදයි...:r පොඩ්ඩක් බය කරගන්න පුළුහන්නේ කරන්ට් වයර් එකක් පෙන්නලා....:o
ම්ම්ම්ම්ම් තැන්කූ තැන්කූ හසී කෙල්ලේ....:i :b
අන්න ඒකනේ කියන්නේ.....:p

October 29, 2010 at 9:15 AM  

මරේ මරු කතාව. අහද්දීත් ඇඟ හිරිවැටෙනවා වගේ. හසි අංශක 2 කලා 5 තව නූල් එකකිනුයි තමා බේරිලා තියෙන්නේ. නැත්නම් එදා සෙට්ට පෝජ්ජි

November 1, 2010 at 3:48 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails