෴ අපගේ බලවත් ශෝකය...!!! ෴


සමාවෙන්න ඕනි අද කෂ්ටියට උදෙන්ම ගොඩාක් ශෝකජනක සිද්ධියක් කියන්න වෙන එක ගැන.ඒත් මේක නොකියා කෝමද...හිතේ තියෙන දුක කෂ්ටයත් එක්ක බෙදාගන්න හිතුනා.හිතේ තද කරන් දුක් විදිනවට වඩා හොදයිලුනේ කාට හරි කියලා හිත සනසා ගන්න එක.

අපි අතර සිටි "ඇය".........හ්ම්ම්ම්ම්ම්ම්......

කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද මන්ද.....හිතාගන්න බෑ....හීනයක් වගේ......

ඇය අපිට හමුවුනේ අපේ වාසනාවටද මන්ද....අපි හමුවුන විදිහ හරිම පුදුමයි.හිතාගන්න බෑ.ඇත්තම කිව්වොත් අහම්බෙන් වගේ.....

අපිට බනින්න...කෑගහන්න....අපේ වැරදි පෙන්නන්න....විහිළු කරන්න...බයිට් කරන්න......බයිට් වෙන්න (වැඩිපුරම)....රණ්ඩුවෙන්න....අපිව හිනස්සන්න....අපේ දුක බෙදාගන්න....මේ හැමදෙකටම අපි ලගින්ම හිටියේ ඇය......

ඇත්තටම අපි සමග සිටි ඇය ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ....ඒ දුක කියන්න බැරි තරම්.....බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ටත් මේක ඇත්තටම දරාගන්න අමුරුයි කියලා අපි දන්නවා.ඒත් මේක තමයි අපේ ජීවිතේ.......අපි ඒකට මුණ දෙන්න වෙනවා....

කවුද ඇත්තටම මේ ඇය....

වෙන කවුරුත් නෙවේ ඇය අපේම කෙනෙක්....මෙන්න මෙතනින් ගිහින් "ඇය" කවුද කියලා බලන්නකෝ.......

දැන් දන්නවනේ කට්ටිය....ඇය හරියට මල් කුමාරියක් වගේ....ඒත් මොනාකරන්නද....මේක තමයි අපි හැමෝටම උරුම දේ.....

ඉතිං ඇයට මොකද වෙලා තියෙන්නේ....?

ම්ම්ම්ම්ම්ම් ඇ...ඇය.... අනේ මන්ද මේවා කොහොම කියන්නද කියලා හිත හදාගන්න බෑ.....

කවදා හරි මේක දැනගන්න වෙනවනේ...ඔන්න එහෙනම් කියන්නම්.....මොනා කරන්නද ඉතිං දුකයි කියලා.....

ඒ තමයි ඇය....ඇය.....තව අවුරුද්දකින් වයසට යනවනේ....

මොකක්.....!!!!

ඔව් ඔව් අද එයාගේ උපන්දිනේ.....ඉතිං දුක නැද්ද අප්පා.....මේ මල් කුමාරි වගේ ඉන්න අපේ මේ හසී නඟා (හසී කෙල්ල) තව අවුරුද්දකින් වයසට යන එක ගැන....ඇත්තටම හරිම දුකයි.....(දැනටත් අවුරුදු 80ක් විතර වෙනවා මයේ හිතේ‍‍‍‍...මේකප් එකෙන්නේ ඔය අවුරුදු 40ක විතර පෙනුම අරන් තියෙන්නේ.....)

ඒත් ඉතිං කොච්චර දුක වුනත් ඒක සමරන්න එපායෑ...නැතිනම් දුකෙනුත් වැඩක් නෑනේ......

ඔන්න ඉතිං අපේ "හසී ෆැමිලි" එකේ සෙට් එකයි....ඇයි අනේ මේ එස්.බී.යු. හෙන සෙට් එකයි.... කෂ්ටයම එකතුවෙලා අපේ හසී නඟාට හදවතින්ම සහ බොක්කෙන්ම සුභම සුභ උපන්දිනයක් වෙන්නත්, හිතන පතන සියළුම දේ ඒ විදිහටම වෙන්නත්, හිතේ සතුට රැදෙන්නත්, ජීවිතය සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා...

එහෙනම් ඔන්න අපේ හසී නඟාට සුභ පතන්න කෂ්ටිය අමතක කරනවා එහෙම නෙවේ ඕන්...නැතිනම් දුක හිතෙයි එයාට...

කේක්...?? ඉතිං අපෙන් ඉල්ලන්නේ....එයාගෙන්ම ඉල්ලගන්න....
දෙයි දෙයි කෂ්ටියට කේක් එයාම හදලා දෙන්න ඕනි කියලා ඔන්න දැන් මාස ගානක ඉදන් එයා කුකරි ක්ලාස් එකකටත් ගියා......


කෝ කෝ කෂටිය චියර් එක්ක දෙන්න අපේ එසී කෙල්ල කේක් එක කපන්න යන්නේ......එහෙනම් ඉතිං කෂ්ටිය එකතු වෙලා කියන්නකෝ....

(හෙමින් පිඹින්න හසී කෙල්ලේ....නැතිනම් ඉටි පන්දම් නිවෙන එක කෙසේ වෙතත් ඔයා පස්සට විසික්වෙයි...අර නිව්ටොන් අයියගේ කොල කොල දේ පල පල දේ තියොරිය තාමත් මතක ඇතිනේ......)



හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හසී කෙල්ලේ......
හැපි බර්ත් ඩේ ටූ යූ
.....





ෂා නියමයි....ඔය තියෙන්නේ......


එහෙනම් අපේ හසී නඟාට අපි ආයෙත් සුභ පතන ගමන් එයාගේ ගෙවල් පැත්තට යන්න සෙට් වෙමු....අද එහෙ පාර්ටි එකක්ලුනේ....ඔව් ඔව් කන්න බොන්න බැරිනම් නාන්න වුනත් දෙන්නම්ලු......එහෙන්ම කෂ්ටිය තෑගි බෝග අරන් ඒ පැත්තට යමු......අපිත් එක්කම යන්න පුළුහන්නේ.....නඟින්නකෝ මෙහෙන්ම ලොරියට....නෑ නෑ ලොරියක් කිව්වට මේක හෙන දිග කන්ටේනර් එකක්...කෂ්ටියටම යන්න හැදුවේ....කෝ කෝ ඉක්මන් කරන්න....ඔන්න එහෙනම් අපි ගියා......


උදේ සුපිපුණු මලක් බදු
ළපටි අත පය හූඟක් මුදු
අම්මා හරි ආදරෙන් හැදු
අපේ නංඟිගේ නමයි සුදු.....





අපි
හසී පවුලේ සාමාජිකයෝ
(ඔබේම නිවුන් සහෝදරයෝ)




තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

12 comments:

සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ............

November 6, 2010 at 9:22 AM  

ඔන්න ගෝල්ඩ් fish ගෙනුත් උණුසුම් සුභ පැතුම්... සුභම සුභ වාසනාවන්ත උපන් දිනයක් වේවා...!

November 6, 2010 at 9:32 AM  

ඈ බොලං.!! ඔය හසී කෙල්ලගේ වයස ක්වොන්ටීකරණය වෙලාද, එකපාරටම අද අවුරුද්දකින් වයසට යන්න.. :D :D

November 6, 2010 at 10:38 AM  

ඔන්න මගෙනුත් සුභ පැතුම්. :b

November 6, 2010 at 10:50 AM  

සුබ උපන්දිනයක් වේවා හසී අක්කේ.............. :m :m

November 6, 2010 at 11:08 AM  

වීශ් යූ අ වෙරී හැපී බර්ත් ඩේ හසී අක්කා...........
:b

November 6, 2010 at 11:52 AM  

happy b;day akkaz..... :b

November 6, 2010 at 12:12 PM  

පිලිගන්න මගේ උනුසුම් සුබපැතුම්

ජයවේවා !!

November 6, 2010 at 8:27 PM  

සුබම සුබ උපන් දිනයක් නංගා ...

November 6, 2010 at 10:20 PM  

සුභ උපන් දිනක් වේවා
ජීවිතයම සරු වේවා
ආසිරි ආසිරි වාසනා වේවා..!
(කෝ බං මලයෝ කේක්... ලුනු වැඩි වුණාට කමක් නැතෝ...)

November 7, 2010 at 12:29 AM  

ගොඩාක් ස්තුතියි ඔයාලාගේ ආදරණීය සුබ පැතුම් වලට... මට ගොඩාක් සතුටුයි මේ වගේ අයියෙකුයි මල්ලිල දෙන්නෙකුයි ලැබුනාට... :t :m

November 7, 2010 at 10:11 AM  

සුභ උපන් දිනයක් අක්කියා......
පුරුදු පරිදි හා පැටික්කිගෙන් ලේට් විෂස්......

සියළු සිතුම් පැතුම් බලාපොරොත්තු සඵල වේවා...!!!!!!

November 7, 2010 at 12:42 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails