ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක ළමයෙක් හිටියලු.(එකෝමත් එක ළමයගේ නම කිව්වනම් නරකද අනේ?)ඉතිං මේ ළමයා හරිම හොදයිලු.කරුණාවන්තයිලු.කෙලින්ම කිව්වොත් මුණ දැක්කාම තියෙන සිරියාවට හිතයි බන්ඩියයි දෙකම පි‍රිලා ඉතිරෙනවලු.(එහෙන්ම් ෆොටෝ එකක් ගහල ගෙදර එල්ලගන්න වටිනවා නේද? ඇයි ඉතිං බඩගිනිවුණ වෙලාවට ෆොටෝ එකදිහා බලන් ඉදලා බන්ඩිය පුරෝගන්න පුළුහන්නේ...) බොරු කියන්නේ මොකටද...හැබැයි මේ එකෝමත් එක ළමයා පොඩ්ඩක් විතර දඟයිලු.("පුංචි ළමයි දඟ නෑ පැටියෝ" කියලා කීව්වේ කවුද..?)

ඔන්න ඉතිං මේ එකෝමත් එක ළමයා තුන වසරේදි (මොනවා ඒ කියන්නේ මේ ළමයා ඉස්කෝලෙත් ගිහින්ද..?) මහා වැස්සක් ඇද හැලෙන්න ගත්තලු.අර කියන්නේ ධාරාණිපාත වර්ෂා කියලා, අන්න ඒ වගේ එකක්ද කොහෙද තමා.ඉතිං එදා ඉස්කෝලේ කලින් ඇරියලු.ඇත්තනේ ඉතිං බැරිවෙලාවත් යට වෙලා යන්ට එන්ට බැරිවුනොත් ළමයි ටිකට එදා දවසම ඉස්කෝලෙට වෙලා ඉගෙනගන්න තමියි වෙන්නේ.(ඉන්න පැය හතරත් බොහොම අමාරුවෙන් ඉන්නේ... ඉදපල්ලකෝ දවසක්.)ඉතිං දැන් ළමයි හැමෝම කුඩ ඉහලගෙන එහෙට යනවා මෙහෙට යනවා ඉවරයක් නෑලු.මුළු ඉස්කෝලෙම කුඩ සංදර්ශනයක් වගේ.(මේ හැබෑට එහෙම ඒවත් තියෙනවද?) ඉතිං අර එකෝමත් එක ළමයා කරපු වැඩක් දන්නවද? (දන්නේ නැති හන්දනේ අනේ මේ පණ දාගෙන කියවන්නේ....)ඉතිං මේ එකෝමත් එක ළමයා ගිහින් ඔළුවට පීල්ල අල්ලලා...නෑ..නෑ පීල්ලට ඔළුව අල්ලලා ලු.(හැබෑටම ඒකට පිස්සුද? ) ඒ වෙලාවේ වැස්සේ හැටියට ලොකු වතුර පාරකුත් ඇවිත්ලු පීල්ල දිගේ‍.ඉතිං මේ ළමයා හොදට ඔළුවට පීල්ල අල්ලන්...ෂික් මේක වරදිනවනේ.. පීල්ලට ඔළුව අල්ලන්ම ඉදලාලු.(මොනාද දන්‍නෑ හම්බවුනේ....) ඉතිං ඔය එකෝමත් එක ළමයාගේ යාළුවෝ මේ වික්‍රමය ගැන රපෝර්තු කලා ලු නෙවැ පංතිභාර ගුරුමෑණියන්ට.මේ එකෝමත් එක ළමයගේ දඟ වැඩේ, යාළුවෝ ගුරුමෑණියන්ට ගිහින් රපෝර්තු කොලේ ක්‍රෙඩිට් ගන්න එහෙම නෙවේලු ඕන්..(ක්‍රෙඩිට් ගන්නේ ෆෝන් එකටද දන්නෑ....) ඇත්තටම අර එකෝමත් එක ළමයට තිබ්බ ආදරේටලු.(ඔව්නේ වැඩිය තෙමිලා මොළේ පෙගුනොත් හරි දියවුනොත් හරි මොන දෙයියන්ට කියන්නද ඉතිං..) ඉතිං මේ ගුරුමෑණියන්ගේ හිතට නැගුනු දයාවපිරි අසීමිත සෙනෙහසින් අර එකෝමත් එක ළමයගේ ඔළුව ගුරුතුමීගේ සාරි පොටෙන්ම පිහදැම්මලු‍.

අන්තිමට අර එකෝමත් එක ළමයගේ මව්තුමිය ආපුවහම පුතන්ඩියා කරපු වීරකම කියන්න ගුරුතුමී අමතක කලේ නෑලු ඕන්....හොද වෙලාවට අර එකෝමත් එක ළමයාට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑලු.ඒ කිව්වේ මේ උණක් හෙම්බිරිස්සවක් වගේ දෙයක්.(එයා කිරිත් එක්ක සමහන් බිව්වද දන්නෑ නේද..?)

හැබැයි අර එකෝමත් එක ළමයට ගුරුමෑණියන්වත් මව්තුමිය වත් ගෙදර අයවත් ගැහුවේ බැන්නේ නැති එකනම් අදටත් ඒ එකෝමත් එක ළමයට ප්‍රශ්නයක්ලු.


ඔය එකෝමත් එක ළමයා "හසියා" වෙන්න බැරිදෝ.......


කවුද කවුද ඒ කටපියන් ඉන්න බැරි එකා....ආ.... හෆ්ෆේ බලනවා කෂ්ටිය ඉස්සරහා කාඩ් කුඩුනේ ඕයි....




ප.ලි. : (මට බෝවූ ප.ලි. අනිත් අයට බෝ නොවේවා....!!!
)


කෂ්ටිය මේ දවස්වල නියමෙට තෙමෙනවා නේද....?
චෝයී...කෂ්ටිය ඉතිං මේ දවස්වල වැස්ස ගැනම පෝස්ට් ලිව්ව නිසා ඔන්න හසියටත් හිතුනා වැස්සේ හසියට ගිය චූන් එකක් ගැන කියන්න.එදා හසියා වැහි පීල්ලට ඔළුව ඇල්ලුව හේතුව නම් අදටත් දන්නේ නෑ.(වෙන මොකක්ද ඉතිං ඕකට හේතුව තමයි පිස්සු කියන්නේ...)

හසියත් ආසයි වැස්සටනම්.වැස්ස වහිනවෙලාවට ඇදට වෙලා ජනේලෙන් එළිය බලන් වැහි බිංදු වැටෙන සද්දෙයි, වැටෙන වැහි බංදු දිහායි, වැටෙන වැහි බිංදු නිසා තෙමෙන ගස් බලන්න හරිම ආසයි.(මේ මොන පිස්සු විකාරයක්ද මේ...) තව ඉතිං කනේ අයිපොඩ් රාජයා ගහගෙන කැලැසිකල් සෝන්ග් එකක් ලිස්න් කරන්න තියේනම් මැක්සම තමයි ඕන්.(පිස්සු නැත්නම් ශෝක්...)


අහ් තව දෙයක් ඕන්...
මේ දවස් වල වැස්ස හොදටෝම වැඩියි නෙවැ.ඉතිං පොල් කෝම්බ, ටිං, පොල් කටු, ටයර් වගේ වතුර එකතු වෙන දේවල් ළග පාත අපි නොදැක තියේද කියලා බලන්න.(හැංගිලා එහෙම ඉන්න පුළුහන්නේ...)තව වහලේ වැහි පීලී වගේ වතුර රැදෙන්න ඉඩ තියෙන ස්ථානත් පොඩි සොදිසියක් දාලා බැලුවොත් හොදයි.(ඓහෙම කියලා වැස්සේ තෙමිලා ලෙඩ එහෙම හදාගන්න එපා ඕන්....)මොකද ආයේ ඉතිං අර පොරොවෙන් කොටන් පුළුහන් වල් ගහ මැෂින් කියතෙන් කපනකන් බලං ඉන්ට ඕනි නෑ කියනවනේ.ඉතිං දැන්ම ඒ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ....

හසියා ලියපු පෝස්ට් දෙකක් තියේ නෙවැ ඔය ඩෙංගු මාරයා ගැන.නොදැකපු කෂ්ටියයි, අමතක කෂ්ටියයි, ආයේ බලන්න ආසා කෂ්ටියයි පොඩ්ඩක් ගිහින් බලන්නකෝ.
නොදන්න කියන අයට කියලා දුන්නත් වරදක් නෑ.



හරි එහෙනම්.....අදට හසියා වාෂ්ප වෙනනැයි කියලා.හරි එහෙනම් ටටා කිව්වා....කෝ ඔය තැන තැන දාලා තියෙන ටිං කෝප්ප අරව මේවා ටික ඇහිදලා සුද්ද පවිත්‍ර කලානම්....


("හරි එහෙනම්" කියන එක හසියට පුරුදු කලේ, අපේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් බ්ලොග් ලියන සාමාජික සාමාජිකාවන්ගේ සදාදරණියගුරුතුමී වුන කෙනා තමයි ඕන්...
කවුද කියලා අමුතුවෙන් කියන්ට ඕනි නෑ නේ.... )


ඒස්ඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

21 comments:

:r එදා පීල්ලට ඔලුව අල්ලපු නිසා තමා දැන් පිස්සුව වැඩි වෙලා තියෙන්නේ..:q හික්ස්... :c මමත් දවසක් වැස්ස වෙලාවක එලියට පැනලා නෑවා.. :d හරිම ෂෝයි :m

November 21, 2010 at 10:53 AM  

මෙ කොල්ලොත් කරන වැඩ..අනේ අම්මපා

November 21, 2010 at 11:03 AM  

අපිට නෝ වැස්ස හසියෝ ! පායනවා 4 පැලෙන්න අපිට ඔහෙන් වැස්ස ටිකක් එවපල්ලකෝ ..

හසියා පොඩිකාලේ මාර පිස්සෙක් දැං සුපර් පිස්සා !

ජයවේවා !!

November 21, 2010 at 11:32 AM  

හසියගෙ වැඩ දැන් කීපවතාවක්ම ඇවිත් බලලා හොරෙන්ම ගියා.අදත් එහෙම යන්න කියලා හිතුවේ.ඒත් කොළුවගෙ දඟ වැඩේ දැක්කම ලියන්නම හිතුනා.ඕකමද මචෝ කොළු වයස කියන්නෙ.(එතකොට දැන්...දැන් කොළු වැඩ..)

November 21, 2010 at 1:13 PM  

හරි එහෙනම් .... එහෙමයි ලු එක්කොමත් එක ළමයා වැස්සට පීල්ල ඇල්ලුවේ...නැහැ නැහැ ඔළුවට පීල්ල ඇල්ලුවේ... අයියෝ නැහැ ..පීල්ලට ඔලුව ඇල්ලුවේ....

දැන් කවුද ඔය කියන මහ ලොකු ගුරුතුමී. බැරි වෙලාවත් ඒ මම වුනානම් අද හසියෙක් නැහැ බ්ලොග් ලියන්න ..

හරි එනෙහම් අපි ගියා ඒස්ඃ පුඃ

November 21, 2010 at 1:31 PM  

හප්පේ මේ ළමයා ෂෝක් එකට නාලා නෙව :t
සමනලීත් ඔය කීවා වගෙ ක්ලැසිකල් සින්දු අහන්න හරිම ආසයි... ඒ වගේම වැස්සටත් හරිම ආසයි (අයිතිකාරයා එක්ක වැස්සේ තෙමි තෙමි ගිය සුන්දර මතක සටහන් එමටයි)

දැන් ඔය එකෝමත් එක හසියා (ආ නෑ නෑ ළමයා) පීල්ලට ඔලුව අල්ලලා නෑවා වගේ දැනුත් නාන්නේ නැද්ද? මම මේ කීවේ වහින වෙලාවට? වතුර බිලත් ඉතුරුයි නෙව?? :b

November 21, 2010 at 2:17 PM  

කාටවත් කියන්න එහෙම එපා අයියා නිසා කියනවා..... :a
මම නම් දැනුත් හිතුනම වැස්ස වෙලාවට වත්තට වෙලා උඩ බලාන ඉන්නවා....... වැස්සෙන් නාලා පස්සේ ටැප් එකෙන් නානවා..... :b :b :b :b
පීල්ලට මම නම් ඔළුව අල්ලල නෑ බල්ලගේ ඔළුව නම් අල්ලල තියේ....... ඔව් ඔව් එයත් මා එක්ක වැස්සේ නාන්න සූරයා තමා..... :b :b

November 21, 2010 at 4:11 PM  

හික් හික්!! මට පේන්නෙ අදත් පීල්ලට ඔලුව අල්ලලා වගේ :e:e:e

November 21, 2010 at 7:30 PM  

@හසී
හ්ම්ම්ම්ම්ම් වෙන්න ඇති‍‍.... :p
හැබෑට...අනේ ඉතිං එදා වැහි වතුර ඔක්කොම කුළු පාට වෙන්න ඇති නේද? :r
ඇයි ඉතිං ඔයාගේ කුණු ටික හේදිලා... :q

November 21, 2010 at 9:18 PM  

@හිස් අහස
අහ් එහෙමද...හිපටන්කෝ මම පීල්ලක් සෙට් කරන්න මෙහෙන් ඔහෙට... :r

ආයෙත් අහලා...ඒකාලේ වගේ නෙවේ දැං මේ කාලේ.... :p

උඹටත් ජය වේවා‍‍‍...!!!

November 21, 2010 at 9:22 PM  

@තරු අහස
හේහේහේ හොර වැඩ හොද නෑනේ කොලුවෝ... :c
එන්ට එන්ට ඇවිත් බලාලා අඩු පාඩු කියන්ට...එහෙමනේ යාළුවෝ වුනහම... :e
වෙන්ට ඕනි මයෙ හිතේ....කොළු වැඩ කලත් බලු වැඩ නොතරමි... :r

November 21, 2010 at 9:26 PM  

@wath
හරි එහෙනම් අන්න එහෙමම තමයි අක්කියෝ.... :P
අහ් මේ එයාට බනින්න එන්න එපා හරිද...හැබැට එහෙමද හිතන් ඉන්නේ.... :p

හොද වැඩේ කොපි කරලා නේද මගේන්...මගෙත් අද වාෂ්ප වීමේ අවුලක්.වැස්ස නිසා වෙන්න ඇති.
ඒස්ඃ පුඃ නෙවේ ඒසවඃ පුඃ (කෝ "ව" නැනේ...)

November 21, 2010 at 9:36 PM  

@punchisamanalee
අපි එහෙමයි වැඩක් කලොත් පිළි වෙනලට කරනවා... :e
අහ්...නියමයි නියමයි සමනලී අක්කියෝ... :c
හ්ම්ම්ම්ම්....ඉස්සර නම් මටත් ඒවගේ සොදුරු මතක තිබ්බා මතකයි. :s
ෂා හැබෑටම මට ඕක අමතක වුනා නෙවැ.කොහෙද ඉතිං අපේ මේ සමනලී අක්කා තරම් බුද්ධිමත් කෙනෙක් වෙන කොහෙද ඉන්නේ ඉතිං...තැන්කූ අදහසට හොදේ... :p :t

November 21, 2010 at 9:43 PM  

@හා පැටික්කි (MS)
පිස්සුද මගේ නිංගියෝ...දන්න කියන දෙසීය පනස් දෙකකට තුනකට විතරයි කියන්නේ...කමක් නෑනේ...:r :c
අහ් එහෙනම් ටිකක් පිස්සුව වැඩිම වෙලා.ම්ම්ම්ම්ම්ම් පේන විදිහට නම් මේ පිස්සුව සුව කරන්න බෑ වගේ... :r
කෙල්ලයි බල්ලයි දෙන්නම අහ් නෑ නෑ හාවියි බල්ලයි දෙන්නම.... එකම වසන් වගේ... :p

November 21, 2010 at 9:46 PM  

@blog gadol
හෆ්ෆේ ඔහොම ප්‍රසිද්ධියේ කෑ ගහන සිරිතක් තියේද හැබෑටම ආ...අපේ කාඩ් කුට්ටම් පිටින් කුඩු නොවැ.... :h :h

November 21, 2010 at 9:47 PM  

දැන් මෙතන ඉන්න ගොඩක් අය පොඩ් කාලෙදි ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි ඕක.
හරි නැද්ද මම කියන්නෙ? පොඩි කාලෙ වැස්සෙ තෙමි තෙමි නාපු නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. ආ කෝ.... එක්කෙනයි. කවුද ඔය මට පේන්නෙ නෑ.

November 21, 2010 at 11:32 PM  

ලංකාවට නිවාඩු ගිය හැම පාරම බයිසිකලෙන් ගමන් ගිහින් ඇතිවෙන්ඩ නානවා. මොකෝ වැස්සා කියලා අපේ ගමන් නොගිහින් ඉන්ඩයෑ. මගේ භාර්යා තොමෝ මුලින්ම මුණ ගැහුණු දවසෙත් ඔය වගේම නාත අනාත වෙන්ඩම තෙමුණා.
ඇත්තටම මල්ලි ඔයාගේ එදා දිය වුණු මොලේ ආයේ කවදාවත් ආවේ නැත්තේ මොකෝ මල්ලි...?

November 22, 2010 at 2:08 AM  

අයියා ඔළුවට පීල්ල ඈල්ලුවේ... අයියෝ මටත් වැරදුනානේ ... නෑ නෑ.. පීල්ලට ඔළුව ඇල්ලුවේ අයියට පිස්සු නිසානේ. එතකොට පන්ති භාර ගුරුතුමියි, මව්තුමියි දඩුවම් කරන්න නැතුව ඇත්තේ අයියට පිස්සු බව දන්න නිසා වෙන්න ඇති නේද? :D

November 22, 2010 at 8:44 AM  

පරක්කු ද දන්නේ නෑ.. කොමෙන්ටුවක් දාන්න..
අනේ හසි අයියා.. ඔයාගේ ඔය නිර්මාණාත්මක මොළේ :a හේදිලා ගියානම් කාට කියන්නද අහ්..? ඒ වගේම ඩෙංගු ගැන කිවුව එකත් හොදයි... අමතක වෙනවනේ අපිට හරියට..
මමත් හරි අසයි වැස්ස වෙලාවට ගෙදරට වෙලා slow beet classical සිංදුවකට ඇහුම්කන් දෙන්න.. ගොඩාක් හිතට වදිනවා එතකොට..

November 22, 2010 at 12:43 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails