අද අපේ බ්ලොග් අවකාශයේ ඉන්න පතාක යෝධයෙක්ගේ උපන්දිනේනේ.....(අහ් ඒහෙනම් ලෑලි කෑලි තම්බා පත අට දෙකට සිදුවා දෙන්න වටිනවා නේද....) හෑබැට මොකාද ඒ යෝධයා...යෝධයෙක් කිව්වට යෝධයෙක් නෙමේ අනේ දෙවිකෙනෙක් වගේ මනුස්ස උත්තමයෙක්.එහෙමත් අය ඉන්නවද? මොකෝ නැත්තේ...ඔය ඉන්නේ එහෙම අය.....හැබැයි ඉතිං දුර්ලබයි.හොද දේවල් කෝමත් දුර්ලභයි ලුනේ....

වැඩි කතා ඕනි නෑ...කෙනා තමයි අද දින 83වන උපන්දිනය සමරන අපේ "තිස්ස දොඩන්ගොඩ අයියා" (ආදරේට එහෙම තමයි අයියා කියලනේ කියන්නේ ඉතිං....
) කෂ්ටිය නම් කියන්නේ "දොඩං සීයා" කියලා.ඔව් ඔව් හොරෙන් දොඩං විකුණනලා අහුවුනා නෙවැ දෙතුන්පාරක් දෙල්කද පොලේ....බලමුකෝ ඒකෙත් හැටි....

ඉතිං ඔන්න අපේ මේ සොදුරු මිනිසාට තවත් දිගු කාලයක් අපිත් එක්ක මේ වගේම විනෝදෙන් ආදරෙන් සහෝදර බැදීමෙන් යුතුව බ්ලොග් අවකාශය රස කතා සමග ගීත වලින් අපිව පිනවන්න හැකිවෙන්න කියලත්.....(කොහේ යන්නද ඔහේ හිටු අපිත් එක්ක) අයියගේ සිතුම් පැතුම් හිතනවටත් වඩා හුගක් හොදින් සාර්ථක වෙන්නත්....(පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා) පවුලේ සතුට සාමය සමගිය ආදරය උතුරා දෝරේ ගලන්නත්....(ඇස් වහක් කටවහක් නෑ බොල අයියේ) අපේ මව්බිමට ඇවිත් අපිත් එක්ක ඉන්න එන්න ඕනි කියන චේතනාව හිතට තදින් කා වදින්න කියලත් (කොහේ හිටියත් මව්බිම කරම් විටින තැනක් වෙන තියෙද?) හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.‍‍‍‍...!!! (හදවතින්ම කිව්වට හදවතින්ම නෙමේ...හදවතින් සහ බොක්කෙන් යන දෙකෙන්ම සම සමව අඩු වැඩි නැතිව හොදේ‍‍‍....)

එහෙනම් කෂ්ටිය එකතු වෙලා විෂ් කොලානම් අපේ දොඩං සියාට.....


හැපි බර්ත්ඩේ ටු යු...
හැපි බර්ත්ඩේ ටු යු...
හැපි බර්ත්ඩේ ඩියර් දොඩං සීයේ...

හැපි බර්ත්ඩේ ටු... යු...




දොඩං සීයේ....නුඹට සුභම සුභ උපන්දිනයක් වේවා...!!!



එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබොවේවා...!!!





අහ් කෂ්ටිය ‍අපේ දොඩං සීයට සුභ පතන ගමන් ඒ ගෙවල් පැත්තට ගියානම් දොඩං වලින්ම සංග්‍රහ කරයි මදි නොකියන්න....


හෆ්ෆේ දොඩං සීයා මේ පැත්තට එනවා වගේ හති දාගෙන....‍
අහ් දොඩං නම් දැන් කන්න‍ බොන්නත් බෑ වගේ...අනේ මන්ද හිතටත් හරි නෑ වගේ දුන්නොත් නොගෙන ඉන්න.....

මළා....හෆ්ෆේ අතේ දො
ඩං නෙවේ තියෙන්නේ හැරමිටියද නැතිනම් තඩි පොල්ලක්ද මන්ද....මේ හසියා වාෂ්ප වෙන්නම් නැතිනම් ආයේ පෝස්ට් එකක් ලියන්න බැරිවෙන තරමට හසියව කෝටු මස් කරයි.අසු හාරදාහට පොඩ්ඩක් එහාට තදවෙනවා කියලා දවසක් දොඩං සීයම කිව්වනේ...‍‍. බොරුනම් මේ බලන්නකෝ...



හෆ්ෆේ තව පොඩ්ඩෙන් ඔත්තුව දුන්න කෙනා අමතක වෙලා කන්න වෙන්නේ ටොකු.....
හසියට මේ බව දැනුම් දුන්නේ දොඩං සීයාගේත් හසියාගේත් තවත් බොහෝ සහොදර බ්ලොග් කරුවන්ගේත් ගුරුතුමිය වුන අපේ මේ අහිංසක "වත් අක්කා".(අහිංසකයි කිව්වේ නිදාගත්තහම බව කරුණාවෙන් සහ දයාවෙන් සලකන්න.)

හරි එහෙනම් වත් අක්කේ දුවන්න ලෑස්ති වෙන්ඩෝ....ඔන්න දොඩං සීයා එනෝ.......
(අල්ලයි අපිව... ඒවා කොහෙද දොඩං සීයේ අපිත් එක්ක.....)

ඔන්න හසියා නම් වාෂ්ප වුනෝ......


ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

23 comments:

හික් හික් හික්............ ෆට්ටයි හොඳේ........ :e
ඔන්න දැන්නම් මතකත් නැ විෂ් කොරපු වාර ගාන......... :j
ඔන්න ඔහේ මේ පාරත් කියල දානවා ( මුවා අයියා කියනව වගේ වචන ගොඩක් වටිනවනේ ) :f

හැපිම හැපිම හැපි හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවාzzzzzzz :m
( දොඩම් දීලනම් බේරෙන්න බැරි හැඩක් තියෙන්නේ නේද තිස්ස අයියාzzzzzz :q)

මුවා කිව්වට මටත් ගහයිද දන්නෙ නැ :s ඕං මාත් දුවමි.............zzzzzzzzzzzzzzzzzzzz :o

November 24, 2010 at 1:17 AM  

:f
Haffy birthday ටූ ටූ දොඩන් ෂීයා...

November 24, 2010 at 1:24 AM  

ඔත්තුව දීපු කෙනාටයි... දාපු කෙනාටයි බොහොමත්ම ස්තූතියි... පොඩ්ඩක් ඔහොම ඉන්ටකෝ බර්ත් ඩේ පාටියට යන්ඩ ලැහැස්ති වෙලා එනකල්...
කෝ අර තෑග්ග...? ඒකත් අරගන්ඩකෝ...

November 24, 2010 at 1:36 AM  

අනේ බං මල්ලියේ මම ඒ හැටි පතාකයෙක් නෙමේ....
පාලුව තනිකම ඉවසා ගන්න බැරිව පටන් ගත්තු වැඩක් ඒක...
ඒ මොනවා වුනත් මා වෙනුවෙන්ම් දාපු මේ පෝස්ට් එක දැක්කම මගේ ඇස් දෙක තෙමිලා ගියා මල්ලියේ...
මෙතන කියන්න බැරි කාරණා ගොඩාක් හන්දා මට මේවා හරියට වටිනවා...
බොහොම ස්තූතියි මල්ලියේ... වයසට ගියාට දුකක් නැත්තේ මෙන්න මේ වාගේ කාරණා හින්දා....

November 24, 2010 at 7:19 AM  

දොඩං අයියේ..(සීයා කියලා කකුල් කඩාගෙන දුවන්න අද බෑ හසි අයියේ.. ටිකක් අසනීපයි...:n)... සුභම සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා.. හසි මාස්ටර්.. ලස්සනයි ලියලා තියනවා.. :e

November 24, 2010 at 7:52 AM  

හසියාත් එක්ක එකතු වෙලා මමත් අයියාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියනවා ඔන්න.. :m :m

November 24, 2010 at 8:02 AM  

දොඩන් සීයට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා යා පැටික්කිත් පතනවා....!!!! :c :c
සීයේ මම හොඳ හාවි.... මට ගහන්න එපා...... ඔය අයියා තමා නාක...... :b :b (ඔය පොඩ්ඩක් අවුස්සන්න මම ඔහොම කියන්නේ.... එයා රවන කොට හරි සිරියාවයිනේ..... :b :b)

November 24, 2010 at 8:07 AM  

දොඩං සීයට සුබ උපන්දිනයක් වේවා....!

November 24, 2010 at 8:33 AM  

අනේ බුදු සියෙ...දොඩංසීයා කියලා නම කිවට සමාවෙන්ටෝ :D

අනේ මේ පොඩි එකා නිසා අහන්නෙ
කාටද පතකයා කියන්නෙ ?

November 24, 2010 at 8:35 AM  

@ජේ.ඩී
තැන්කූ තුන්කූ සහෝ... :i
මටත් එහෙමයි බං..... :a
හේහේහේහේ ඔන්න එනවලු අද හෙටම අපිට පාර්ටි එකක් දෙන්න.... :m :n :m :n

November 24, 2010 at 8:52 AM  

@..::| පොජ්ජේ |::..
අපිත් සෙට් වෙවා ඔන්න උඹත් එකක්.... :m
නරකද මී පැණි කදක් එහෙම ඇන්න ආවොත් දොඩං සීයාට....:r

November 24, 2010 at 8:54 AM  

@Jeew
තැන්කූ තැන්කූ අයියා... :i
අහ් එල එල මම නම් මේ දුවනවා...ගුටි කන්න බෑ වගේ... :e

November 24, 2010 at 9:01 AM  

@තිස්ස දොඩන්ගොඩ
හරි හරි පතාකයෙක් බැරිනම් පාතාලයෙක් කියමුකෝ.... :p
මේ ඕවා මේවා කියලා නිකන් අපිට පාර්ටි දෙන්නේ නැතිව ලිස්සලා යන්නේපා ඕන් හොදේ‍‍.... :i
පාලුව තනිකම දැන්කොහේද අයියා...බලන්නකෝ අයියට ඉන්න පිරිවර සේනා...මම ඇරෙන්න අනිත් හැමෝම අයියා වගේම හොද අය නෙවැ... :r
මොනාවුනත් අයියට අපෙන් උණු උණූ සුභ පැතුම් හොදේ‍‍....:m

November 24, 2010 at 9:17 AM  

@ප්‍රාර්ථනා
නංගියා නම් දෙක අදනම් පටලන් වගේ...මාස්ටර් කියන්න ඕනි කෙනා තමා ඔය සීයා වෙලා ඉන්නේ අද... :r
තැන්කූ නගේ... :i
ස්තූතියි සුභ පත්නන් එකතුවුනාට අපේ දොඩං සීයාට.. :t :n

November 24, 2010 at 9:25 AM  

@හසී
එල එල හසී නගෝ...ඔන්න ඕකට තමයි කියන්නේ අපේ බ්ලොග් අවකාශයේ එකමුතුව කියලා... :n

November 24, 2010 at 9:28 AM  

@හා පැටික්කි (MS)
එල එල....කෝ දොඩං සීයට කැරට් ගෙනාවේ නැතෙයි? දොඩං සීයා තවත් ලස්සන වෙයි කැරට් කෑවනම්....:r
:h :h :h :h
ඔහේ හිටු හොර හාවි....

November 24, 2010 at 9:32 AM  

@Praසන්ன
ස්තූතියි සුභ පතන්න එකතුවුනාට සහෝ...:e
පාර්ටි එක තමා දැන් ගන්න තියෙන්නේ නේද? :r

November 24, 2010 at 9:33 AM  

@Bunny !
අහ් මේ ඉන්නේ අපේ දෙඩං සීයගේ නමේ නිර්මාර්තෘ.මේකත් හොර හාවෙක්ම තමයි.අර හොර හාවි වගේම‍‍‍.... :h

කොල්ලෝ පතකය කියලා නම් මම අහලා නෑ.
පතාකයා කියන්නේ නම් සමාන්‍යයෙන් අපේ භාෂාවෙන් කිව්වොත් ලොකු කකුලක් කියන එක.... :r

November 24, 2010 at 9:35 AM  

මාත් එහෙනම් ඔන්න දොඩං වලින් පිරිච්ච සුභ උපන් දිනයක් පතනවා..

November 24, 2010 at 10:07 AM  

මාත් ඉතිං සුභ පතන්ටම ඔන නෙව ෂීයා පප්පාට..
මොනවා උනත් දැන් අවුරුදු පනස් හතරක් කියලා කියන්ට බැහැ නේද බැළු බැල්මට...

November 24, 2010 at 10:54 AM  

දොඩම් සීයේ හැපි බර්ත් ඩේ වේවා!!!
හසියා ලියමන නම් එළzz

November 24, 2010 at 11:32 AM  

මං කිව්වේ බොරුද බලන්න දොඩං සීයේ......
බලන්නකෝ මූණේ තියන සිරියාව....... ලස්සන වෑහෙනවා.... :g :g
ඕන් මං පැනලා දිව්වෝ......... මෙන්නෝ අයියා සීයගේ බස්තම හොරකන් කරලෝ.....
මගේ පස්සෙන් පන්නනවෝ...... :n :n :n :n

November 24, 2010 at 11:35 AM  

දඩිං බිඩිං දොඩං අපේ දොඩං සීයාට දොඩම් ගොඩා.......ක් විකුණා ගන්න ලැබෙන සුබ උපන් දිනයක් වේවා...................

November 26, 2010 at 7:59 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails