෴ හිත රිදුනම...... ෴





අඬන්න....
ලැජ්ජා නැද්ද කොල්ලෙක් වෙලා අඬන්න...



පොතක් බලන්න....
කියෙව්වට හිතට යන්නේ නෑ...



වැටෙනකන් බොන්න...
අපෝ බෑ...කවදාවත් බොන්නෑ කියලා අම්මට පොරොන්දු වුණා.....



ෆිල්ම් එකක් බලන්න...
ඔක්කොම බලපුවා....



යාළුවොත් එක්ක රවුමක් ගහන්න....
මට කවුද ඉතිං ඉන්න යාළුවෝ......



නිදන්න...
නිදි දෙව්දුව අහලකවත් නෑ.....



බ්ලොග් පෝස්ට් එකක් ලියන්න....
ඒක තමා මේ ලිව්වේ.....



~~~~~~~~





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

26 comments:

හසියෝ... මොකෝ මේ එක පාරටම....

November 25, 2010 at 10:04 AM  

දැන් කවුරු කාගෙද හිත රිදෙවුවේ.
දැන් කවුරු කාටද ටොකු අනින්නේ . . .
දැන් කවුරු කාටද කෝල් කරල පණ්ඩිත කතා කියන්නේ ...
දැන් කවුද අඩන්නේ . . .ඔයාද මම ද අපි දෙන්නම ද?

හසි පැටියෝ මොකද මේ.....

November 25, 2010 at 10:22 AM  

මේ මොකද වෙලා තියෙන්නෙ

November 25, 2010 at 11:10 AM  

හිත රිදුනම කරන්න හොදම දේ තමයි හසියෝ ඇගිලි පැලෙනකන් ගිටාර් ගහන එක.... අත්දු‍ටුවයි ප්‍රත්යක්ශයි......

November 25, 2010 at 11:34 AM  

අයියා ආසා නැද්ද හිත රිදුනම අර සද්දේ දාලා, ලයිටි නිවලා වාෂ්ප වෙන්න? ඒක නියමයිනේ....

November 25, 2010 at 12:01 PM  

හසි...
ඔයාට අඩන්න ඕන නම් උරහිසක් වෙන්න අපි ඉන්නවා හැමදාම.කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් අඩන්න තහනමක් නෑ.. :)
ඒ වුනත් හිනාවෙලා ලස්සනට ඉන්න ඕනේ...... :D :D :D

November 25, 2010 at 12:13 PM  

මචං දෙන්නද හොඳ පොර ටෝකක් ..... එක්කො ඕනි නැ..
වරෙන් ඇවිත් මාව බදාගෙන දුක හේදෙන්න අඬපන්..සමහර වෙලාවට ඒක තමයි ප්‍රත්‍යක්ෂ බෙහෙත..ඊට පස්සෙ දෙන්න එක්ක රට කජු ගොට්ටක් අරගෙන කකා යමු...

November 25, 2010 at 2:42 PM  

දුක හිතෙන සින්දු ටිකක් හොයාගෙන ඇහුවනම් මොකෝ.... මට නම් දුකටත් සැපටත් නියපොතු ටික තියෙනවා හප හප කල්පනා කරන්ඩ.....
සමහර විට අර චාටර් වෙච්ච කූඹියාටත් ඔහොම දුකක් දැනුනද දන්නේ නැහැ.
කෝකටත් තමුන්ටත් දුක දැනෙන ‍එක හොඳයි. එතකොට තේරෙනවා අනික් අයටත් දුක දැනෙනවා කියලා.
.... තරහා වෙන්න එපා මලයෝ. හේතුව නොදන්නවා වුණාට ඕනම හේතුවකට ගලපගන්ඩ තමයි මේක දැම්මේ.....
(අවුලක් නැහැ.. ටිකක් හොරාට අඬපන්... පස්සේ අඬපු එක ගැන හිනාවෙයන්......)

November 25, 2010 at 4:04 PM  

@wath
වත් නෙමේනේ හසී මලයව ඇ‍ඬේව්වේ...?

November 25, 2010 at 4:05 PM  

@ පැන්ඩා අය්යා...
අවසානෙට එතනත් කෑමක් නේ...... :f

November 25, 2010 at 4:27 PM  

ඇත්තෙන්ම හිත රිදුනාම කරන්න පුලුවන් බෙස්ට්ම දේ තමයි බ්ලොග් පෝස්ට් එකක් ලිවීම.

ඒවගේම තමයි සතුටක් දැනුනාමත් . . .

රිදුනු හිත ඉක්මනට සුවපත් වේවා . .

November 25, 2010 at 6:54 PM  

ඇයි කොල්ලෙක්ට අඬන්න හොඳ නැත්තෙ? එහෙම බම්බුවක් නෑ. දුක හේදෙනකන් අඬපන්!

බිව්වට ප්‍රශ්න හරියන්නේ නෑ. වෙරි මත ඉවර උනාම ආපහු ප්‍රශ්න එනවා. අනික තමුන්ගේ ෆන් එක ගන්න ඕනනන් බිව්වට කමක් නෑ. සංස්කෘතිය සදාචාරෙට යට වෙලා තමුන්ගේ ජීවිතේ ආතල් නැතිකරගන්න ඕන නෑ. මම කිව්වේ වැටෙන්න බොන්න නෙමෙයි. ආතල් එකට බොන්න අනුන්ට වදයක් නොවී! ඒක අම්මටත් කියන්න!

යාලුවොත් එක්ක රවුම් ගැහුවට ප්‍රශ්න හරියන්නේ නෑ. යාලුවෙක් එක්ක කතා කරන්න පුලුවන්නම් හොඳයි. යාලුවෝ නැහැයි කියන එකත්, සෙට් වෙන්න විදිහක් නෑයි කියන එකත් මෙච්චර කොමියුනිටීස් තියෙන රටක හෙන බොරුවක්!

බ්ලොග් එකක් ලියන්න පුලුවන් වෙන එක හොඳයි තමයි. හැබැයි උඹ මෙහෙම ලිව්වට වඩා හොඳයි ඇඬුවානම්!

මම කිව්වා වැඩිද දන්නේ නෑ. ටිකක් පොර ටෝකක් වගේනන් එච්චර නොහිතා ඉඳපන්! හැමදේම හොඳ වෙයි! ඕකටනේ අර මොක්කුද එවුන් ජීවත්වීම කියලා කියන්නේ!

November 25, 2010 at 7:04 PM  

@ Jeew

අනේ මේ පොඩි ළමයව මම අඩවන්නේ මක්කටෙයි....

ඉහි ඉහි මම එයාව ඇඬෙවුවෙ නැහැ . . ..

November 25, 2010 at 7:33 PM  

පට්ට කතාව අයියා උපරිමයි. ගොන් ආතල් ගන්නේ නැතිව ගොන් ආතල් දෙන්නේ නැතිව බ්ලොග් එකක්වත් කරන එක හොඳම හොඳයි..............

November 25, 2010 at 8:16 PM  

@ All


හැමෝටම ගොඩක් පින් මගේ හිත හදන්න මේ පැත්තට ආවට....සමහරු කොල් කර කරා අහනවා...තව සමහරු මැසේජ් එවනවා.තව සමහරු ඉමේල්ස එවනවා...හැමෝටම ‍ගොඩක් පින්.සමහරු මගේ හිත රිදුන හේතුව දන්නවා.
සමහරු මාව හිනැස්සුවා....ගොඩක් උත්සහා කලා සතුටින් තියන්න‍‍....ඒ අතර තර්ජන ගර්ජනත් තිබ්බා.....(සතුටෙන් හිටියේ නැතිනම් තමන්ගේ බ්ලොග් එක ඩිලීට් කරනවා කියලා වගේ....)
අර වත් අක්කා ඇහුවා වගේ කිව්වා වගේ...මම මගේම හිත රිද්දගෙන අඩනවා....මොඩ කමක් තමයි...ඒත් වෙන කරන්න දෙයක් නෑ....හැමෝටම ඉස්සරහදි ඒක දැනගන්න ලැබෙයි....
ඒත් අද දවස තුල දේවල් ඉගෙනගත්තා‍‍‍...දුකා අයියා වගේම කතා හසියා කිව්ව වගේ හිත රිදුනාම බ්ලොග් පෝස්ට් එකක් ලියන එක තමා හොදම දේ...අනිත් අය දක්වපු අදහසුත් ඉතාමත් ඉහලින් හිස නමා මම පිලිගන්නවා.ඒත් මට කරන්න පුළුහන් වගේම හැකි හොදම දේ බ්ලොග් පෝස්ට් එක්ක ලියන එක තමා....බලන්න මගේ හිත හදන්න කීදෙනෙක් ආවද...ඒ අය ආවේ අවංක හදවතින්ම කියලත් මම දන්නවා...

කෙනෙක් මට කතා කරලා කිව්වා තමන්ට තමන්ව පාලනය කරගන්න...අපිට ඕනි විදිහට හසුරවාගන්න බැරිව කොහොමද අපි තව කෙනෙක් ගැන තව කෙනෙක් අපේ සිතුම් පැතුම් මත රදවා ගන්නේ කියලා...කතාව සහතික ඇත්ත....

ම්ම්ම්ම්ම්ම්ම් හැමෝටම ගොඩක් පින් (නම් වශෙයෙන් ස්තූති නොකලාට....) මගේ හිත හදන්න මේ පැත්තට ආවට...හැමදාමත් මන් ඒ වෙනුවෙන් ඔයාලා හැමොටම ණය ගැතියි....ළග ඉන්න යාළුවන්ට වඩා දැන් ඇත්තමට ජංජාලෙන් හමුවුණ මේ මිතුරන් මගේ හොදම මිතුරන් වෙලා....

හැමොටම ගොඩාක් පින්....ඒ වගේම කාටවත් හිත් රිදීම් විදවන්නට නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

හෙට අළුත් දවසක්.....මම හිතන විදිහට හෙට මම ගොඩක් සතුටු වෙයි...(ඒකත් මේ ජංජාල කෙරුවාව නිසා තමයි....)ඒ සතුටත් මම ඔයාලා එක්ක බෙදාගන්න අනිවා එනවා.....දුකේදී වගේම සතුටෙදිත් ඔයාලා මාත් එක්ක ඉදියි කියලා මම හිතනවා....

හැමෝටම ගොඩක් පිං ඒ වගේම බුදු සරණයි....!!!

November 25, 2010 at 8:56 PM  

මේ මොකෝ මම දැං දැක්කේ ...
හසීයෝ මමත් උඹ එක්ක ඉන්නවා
අඬනව නම් අඬමු මචං ..මමත් එනවා අඬන්න
ලොකු අවුලක්ද ? කල්පනාවෙන් වැඩකරපං මචෝ

උඹට ජයවේවා !!

November 25, 2010 at 9:40 PM  

පරක්කු වෙලා ආවට මටත් ලියන්න හිතුනා..දුක දැනුනම කරන්න ගොඩක් දේවල් තියෙනවා...තනියම පැත්තකට වෙලා හොටු පෙර පෙර අඬන්න පුළුවනි..අඩලා ඉවර වුනාම මාර සැහැල්ලුයි..නැත්නම් ‍හොඳ සිං‍දු ටිකක් අහන්න පුළුවනි..තනියම හැන්දෑවක ඇව්දලා එන්න පුළුවනි..ලස්සන පාරක වගේ..දුක දැනෙන දේ ගැන මොනා හරි කුරුටු ගාන්න පුළුවන්..ඒකම කමයිනෙ බ්ලාග් ලියන එක..ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනේවි.මම විඳලා තියෙනවා..මං ඉතින් දන්නෙ නෑ හසියගෙ දුකට හේතුව..මම හසියගෙ හොඳ යාළුවෙකුත් නෙවෙයි.එත් මට මෙහෙම කියන්න පුළුවනි..දුකද එක්තරා සතුටකි..විඳින මොහොතේදී නොව වින්ඳ පසු දැනෙන සතු‍ටකි...ඉතාමත් කලාතුරකින් පමණක් එසේ නොවිය හැක..ලිව්වා වැඩිද මන්දා...මං හිතන්නෙ හසියට දැනෙන දුක කලාතුරකින් කියන තැනට වැටෙන්නෙ නෑ කියලා..සතුටින් ඉන්න යාළුවේ....

November 25, 2010 at 9:50 PM  

@wath

සමාවෙන්න ඕනා... ඔයාගේ කමෙන්ට් එක දැක්කහම මට එහෙම හිතුණා. අහිංසකයට බැන්නවත් ද කියලා. මමත් ඉස්සර ගොඩක් ලඟින් ඇසුරු කරපු අක්කා කෙනෙක් දොස් කියලා මටත් ගොඩාක් දුක හිතිලා අඬලා තියෙනවා.

November 25, 2010 at 10:58 PM  

@හිස් අහස
මචන් ඔය වචන ටිකම මදෑ කෙනෙක්ගේ හිත හැදෙන්න...
බොහෝමත්ම පිං...ජංජාලෙන් මට ලැබිලා තියෙන්නේ ඇත්තම යාළුවෝ ටිකක්...දුකේදී ලගින්ම ඉන්න හරියට සැපේදීටත් වඩා....

උඹටත් ජය වේවා...!!! සතුට රැදේවා....!!!

November 25, 2010 at 11:42 PM  

@තරු අහස
හොද යාළුවෙක් වෙන්න කතා බහ කරලා ඇවිත් ගිහින් ඇසුරු කරන්න ඕනි නෑ බං...මේ කරපුම හරිය මදෑ...
බොහෝමත්ම පිං...මින් ඉදිරියට උඹත් මගේම හොද යාළුවෙක් තමා ඕන් අනිත් මේ අය වගේම...අදුනාගන්න ලැබුණ එකත් ලොකු සතුටක්...
උඹත් සතුටින් ඉන්න යාළුවේ...!!!

November 25, 2010 at 11:45 PM  

@Jeew
අපෝ නෑ ජීව් අයියේ...වත් අක්කා එහෙම හිතන්නේ නෑ...එයා ඉතිං කොහෙමත් වෙනස් කෙනෙක්...ඔය වත් අක්කා හැදුවේ මට හින්ට් එකක් ගහලා හිනස්සන්න....වත් අක්කා ඔවා ගණන් ගන්නේ නෑ අයියා...
බොහෝමත්ම පිං අයියේ....

November 25, 2010 at 11:49 PM  

@හසි අයියේ.. අයෙත් මම ගොඩාක් පරක්කුයි වගේ.. සමා වෙන්න ඕනේ .. සමාව දෙනවා නේද..?... දුකක් ආවම බ්ලොග් post එකක් ලියන එක තමා මාත් දකින විදිහට හොඳම ක්‍රමේ අයියේ.. සතුටින් ඉන්න (දැන් නම් නිරවුල් ඇති.. මම හරිම පරක්කු වුනානේ මේ පැත්තේ එන්න..)..

November 26, 2010 at 8:13 AM  

උබ ඇයි දුකෙන් අහන්නෙ නැහ බොල මම... ඒක මොකක් උනත් දුක නම් අඩපන්... දුක හේදෙන්න... ( ඒක බ්ලොග් අවකාශේදිම කෙනෙක් කිව්ව දෙයක් ) ඇත්ත... ඇයි බොල කොල්ලොන්ට කඳුලු එන්නෙ නැද්ද ?????

තනියම ඉන්න එපා... බොක්කෙ යාලුවෙක් අල්ල ගනින්... නැහයි කිව්වා... ඇයි බොල... නැතිවෙන්න බැහ... නැත්තම් මේ අපි ඉන්නෙ බ්ලොග් අවකාශේ... කා එක්ක හරි කතා කරපන්... දුක හිතේ හිර කරන් ඉන්න එපා...

November 26, 2010 at 3:17 PM  

@ප්‍රාර්ථනා
අපෝ ඒකට කමක් නෑ නංගියෝ...පිස්සුද අපි හැමෝම එක පවුලේ අය....ඉතිං කොහොමද තරහ වෙන්නේ...? ආආආඅආ?
බෑ සමාව දෙන්න වැරැද්දක් කරලා නෑනේ...
හ්ම්ම්ම්ම් දැන්නම් හරි...ඒ ඔයාලා නිසාම තමා...හැමොම ළග ඉදන් හිත හැදුවා..බොහෝමත්ම ස්තූතියි ඒ දෙවල් වලට නම්...
හසියා මේ දුක් වෙන හේතුව ළගදිම දාන්න හිතන් ඉන්නවා...ම්ම්ම්ම්ම්ම් බලමුකෝ....

බොහෝමත්ම ස්තූතියි නංගියේ මේ පැත්තට ආවට මගේ හිත හදන්න...

November 27, 2010 at 8:40 PM  

@පිස්සා පලාමල්ල
අයියා මම කීව දේවල් මටම කියනවා නේද?
නෑ නෑ ඉන්නවා...හැබැයි ළග ඉන්න ආත්මාර්ථකාමී යාළුවෝ නෙවේ...ගතින් ඇත වුනත් සිතින් මගේ ළගම ඉන්න අයියලා වගේ හොදම යාළුවෝ සෙට් එක්ක මට දැන් ඉන්නවා...බොහොමත්ම ස්තූතියි අයියේ මේ පැත්තේ ආවට හිතට සතුටක් දෙන්න....

November 27, 2010 at 8:43 PM  

ඒක තමයි බන් ජීවිතේ. උබ වැටුනම මම හිත හදනවා... මම වැටුනම උබ හිත හදනවා... ඒක තමයි බන් යාලුවො කියන්නේ. මොකෝ මුහුදෙ ඉන්නෙ එක මාලුව කියල නොදැනය ඔය කොල්ලො කෙල්ලො නහින්නේ... උන්ම එහෙම කියල ඇති.. ඒත් උන් වැටුනම ඒවා අදාල නැහ... උබ ෆිට් නම් එච්චරයි

November 28, 2010 at 5:48 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails