෴ ඊයේ වගේද අද..... අද වගේද හෙට..... ෴




I will never say never...! (I will fight...)
I will fight till forever....! (make it right...)

Whenever you knock me down,

I will not stay on the ground.

Pick it up,

Pick it up,

Pick it up,

Pick it up up up,

And never say never.......


~~~~~~~~


හසියා මොකක්ද මේ කියන්න කරන්න යන්නේ අද.....ඊයේ පට්ට දුකෙන් හිත රිද්දන් දුක් වින්දා....අද මෙතන සිංදු කිය කියා නටනවා......

ම්ම්ම්ම්ම්ම්ම් සේරම ඇත්ත‍‍....

දුක සතුට කියන්නේ කාසියක දෙපැත්ත කියලා හැබෑටම කිව්වේ කව්ද...? හරි ඒකත් හරි කියමුකෝ...එතකොට සමහරවෙලාවට දුකයි සතුටයි එකම සිද්ධියකින් එකවිට ලැබෙනකොට කාසිය දෙකට පැළිලා පලු දෙක වැටෙනවද දන්නේ නෑ නේද....

ඇයි කාසිය කෙලින් හිට්ටෝත්... අහ් ඔව් ඒකත් හරි....

අපේ දුකා අයියා ඊයේ කිව්වා වගේ දුකක් දැනුනමත් සතුටක් දැනුනමත් කරන්න තියෙන හොදම දේ බ්ලෝග් පෝස්ට් එකක් ලියන එක කියලා හසියා ඊයේ හොදට තේරුම් ගත්තා‍‍‍...යාළුවෝ කීදෙනෙක් එක් වුණාද හසියාගේ හිත සනසන්න...ඒ විතරක් යෑ සමහරු තර්ජන ගර්ජන කලා හසියෝ සතුටින් ඉන්න නැතිනම් මගේ බ්ලොග් එක ඩිලීට් කරගන්නවා කියලා....තව කෂ්ටියක් කොල් කරලා මැසේජ් කරලා හිත හැදුවා...
ඒ හැමෝටම ගොඩාක් පිං හසියගේ හිත හදන්න එක්රොක් වුනාට.....ඇත්තටම ගොඩාක් සතුටුයි....ඒ වගේමයි ඔන්න හිත හදන්න එකතු වුන හැමෝගෙම හිත් කිසිම දිනෙක නොරිදේවා...සතුට රැදේවා කියලා හසියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා‍‍......



හ්ම්ම්ම්ම්ම්ම් ඒ ඊයේ...මේ අද.....


දැන් ඒ හැමදේම අමතක කරමු.....!!! කෝ කෂ්ටිය හොද හුස්මක් ගන්න බලන්න.... ම්ම්ම්ම් හරි...

දැන් කෂ්ටිය අහයි මුලින්ම ‍‍‍ජේ.බී. මලයගේ සිංදුවේ කොටසක් දැම්මේ මොකෝ කියලා....

හෝව් හෝව්.... හසියාට අමතක වුණානේ...කෝ කෂ්ටිය හොදට ගත්ත හුස්ම හෙලන්න......තව පොඩ්ඩෙන් මිල්ක් ෆාදර්ට ඩෝග් ජම්ප් වෙනවා...

ම්ම්ම්ම් ඉස්සෙල්ලා හසියා කිව්වා වගේ අර ජේ.බී. මලයගේ "නේවර් සේ නෙවර්" සිංදු‍ව දැම්මේ ලොකු හේතුවක් ඇතිව...

ඒ මොකෝ ඒ....

අද හසියාගේ නවාතැනට ඉතාමත් සුවිශේෂි දවසක්‍‍....ඇත්තටම ගොඩක් සතුටු දවසක් හසියාට....ඔය පහල පිංතූරේ බලන්නකෝ.....










දැන් තේරුණා නේද.....හරියටම 2010 ජූනි 18 වෙනි දින හා හා පුරා කියලා "෴ කෂ්ටියට මතකද මන්ද....??? ෴" කියන පෝස්ට් එකෙන් පටන් ගත්ත ෴ හසියා ගේ නවාතැන ෴ ට අද වෙනකොට පේජ් වීව්ස් කවුන්ටරේ 10'000 පසුකරලා....(හසියගේ පේජ් වීව්ස් නැතිව හොදේ...) අද වෙනකොට ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනකොට
෴ හසියා ගේ නවාතැන ෴ ට දින වලින් නම් දින 161ක්ද මාස වලින්නම් මාස 5යි දින 8ක්ද වෙනවා....ඒ අතරට හසියා දාලා තියෙන පෝස්ට් ගණන 37ක්. (මේ පෝස්ට් එක නැතිව ඕන් හොදේ‍‍‍‍....) ඒ කියන්නේ එක පෝස්ට් එකක පේජ් වීව්ස් සාමාන්‍ය 270 ක් වෙනවා...

කෙනෙක් කියයි.. හෆ්ෆේ ඕකට ඔච්චර උඩ පනින්න ඕනිද කියලා....ඇත්ත‍‍‍‍...ඒත් වෙනත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැතිව තනියම දෙයක් කරලා ඒකේ පුංචි හරි සාර්ථකත්වයක් ලබනකොට දැනෙන සතුට දන්නේ තමන්ම තමයි...ඒක ඉතිං අපේ මේ බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ....

ඉතිං ඔන්න ඕකට තමයි අද හසියාට ‍ගොඩක් සතුටු....ඉතිං හසියා එක්ක මෙතෙක් කලක් ළගින් හිටුපු හැමෝම එක්කත්, හසියට දුක දැනුණු වෙලාවේ ළග හිටපු යාළුවෝ හැමෝම එක්කත් හසියාට දැනුණු සතුට බෙදාගන්න හිතුවා....ඉතිං ඔයාලා හන්දා තමයි හසියා
෴ හසියා ගේ නවාතැන ෴ අද මේ තත්වයේ ඉන්නේ....(ඇයි පිට සක්වලින් හසියගේ බ්ලොග් එක බලන්න එනවා කියලා හිතුවද...?‍)

ඉතිං අපේ කෂ්ටිය හැමෝටම හදවතින්ම හිස නමා ආචාර කරනවා කෂ්ටිය හසියව අද මේ තත්වෙට ඔසවලා තිබ්බට...(බයේ බෑ කොන්ද කැඩෙයිද කියලා බිමට වැටිලා....) බොහෝමත්ම ස්තූතියි ඒව‍ගේම ගොඩාක් පිං හැමෝටම‍‍‍....නම් වශයෙන් සදහන් කරන්න බැරි තරම් ලොකු ‍පිරිවරක් හසියා සමඟ ඉන්නවා කියලා දන්නවා...ඉතිං ඒ හැමොටම තමයි මේ ආචාරය..... (ඔන්න නම් කිව්වේ නෑ කියලා තරහ බෑ හොදේ.....)




හසියා ඉතිං කෂ්ටියට කොහොමත් දුන්නේ අලුත් දෙවල්නේ..... ඉතිං හසියා තවත් අලුත් අත්දැකීමක්
෴ හසියා ගේ නවාතැන ෴ ට පැමිණෙන හැමෝටම ලබාදෙන්න ඉන්නේ... (සූන් ඔන් ෴ හසියා ගේ නවාතැන ෴ .) නෑ නෑ වැඩි කල් නෑ ඉතාමත් ළගදීම ඔන්න හොදේ....
(රැදී සිටින්න
෴ හසියා ගේ නවාතැන ෴ සමගම මීළගට ...........)

ඒ වගේමයි හසියගේ තියනෙ අඩු පාඩු කියලා දෙන්න...(තාම පොඩි එකානේ....) වෙන්ස් වෙන්න ඕනි දෙවල්...වියු යුතු දේවල්....මේ හැමදේම හසියට කියන්න....හසියා ඉතාමත් සතුටින් ස්තූති පුර්වකව ඒ දේවල් බාරගන්නවා....


ඉතිං වාෂ්ප වෙන්න ඉස්සෙල්ලා කියන්න තියෙන්නෙත් හසියා සමග හිටපු හැමෝටම....හසියව දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පිං....ඒ වගේමයි ගොඩාක් ස්තූතියි..... හැමෝටම හසියාගේ හද පිරි ප්‍රණාමය.....

එහෙනම්
෴ හසියා ගේ නවාතැන ෴ සමග දිගටම රැදී සිටින්න කියලා, හසියා කෂ්ටයගෙන්ම ඉල්ලා සිටිනවා ඔන්න හොදේ....

ඒ වගේමයි දෙයක් කරන්න පුළුහන්නම් කරන්න...බෑ බෑ කිය කිය ඉන්න එපා....කොහොමහරි කරන්න බලන්න...හැබැයි කරන්න බැරි දෙවලුත් තියේ...ඒවා කරන්න ගිහින් ජීවිත අවදානමක් ගන්න එපා...... තමන්ටත් සමාජයටත් වැඩදායී හිතැති අලුත් දෙයක් කරන්න හැමවෙලේම.... එතකොට මේ ලෝකේ හැමෝටමත් අපිටත් ගොඩක් සතුටින් ඉන්න පුළුහන් වෙයි.....


ඕන් කිව්වා මේන් වාෂ්ප වුනා..... (කෝ අර ජේ.බී. මලයගේ සිංදුව දැම්මනම්....)


I will never say never.....!!!



ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

29 comments:

සන්තෝසයි සහෝදරයා ..ඉතින් දෙන්නකෝ අපිට පොඩි පාටියක් එහෙම. 1000 නෙමෙයි තව දින කීපයකින් හසියට 100000 සමරන්න වාසනාව ලැබෙන බව නම් මට විස්වාසයි .මගේ ඇස්වහ කටවහ වදියිද මන්ද ?

හැමෝටම උදවුකරන හැමෝගෙම දුකසැප බලන්න එන හසිය බලන්න අපි එන එක අහන්නත් දෙයක්‍ද ? අද හසියා හැපී නේ (මාත් අද හැපී )එහෙනම් එච්චරයි ඔය සතුට හැමදාම ලඟ තියාගනිං මචෝ !

ජයවේවා !!

November 26, 2010 at 8:15 PM  

අප්පා... මරුනේ හසි අයියේ,, හද පිරි අවංක සුබ පැතුම්..හොදේ..... අද සින්දුවකුත් දැම්මට මොකො වෙනදට හම්බෙන තේ කොප්පේත් නැ,, ඔන්නොහේ කමක් නැ,, සතුට අමතක උනද මන්දා,, තේ නොදුන්නා ට මොකො අපි එනවා ඔයා බලන්න... දිගටම ලියමුකො එහෙනම්..,,,,,

November 26, 2010 at 8:21 PM  

කොහොම පටන් ගෙන මොනවා කියන්නද මන්දා...ඔන්න මගෙන් උණුසුම් තෑග්ගක්..ඒ තමයි මගේ යාළුකම..හැමදාම තියාගන්නකො...අද හසියා සතුටෙන් කියන එක තමයි ලොකුම සතුයට..එහෙනම් ඒකත් අරන් මං ගහින් එන්නම්....ඉදිරියටත් මේක කරන්න ඔයාට පුළුවන් බව දැන දැනම වෙන මොනවත් කියන්න මම දන්නෙ නෑ....

November 26, 2010 at 8:28 PM  

'ඒ වගේමයි හසියගේ තියනෙ අඩු පාඩු කියලා දෙන්න...(තාම පොඩි එකානේ....) වෙන්ස් වෙන්න ඕනි දෙවල්...වියු යුතු දේවල්....'
පොඩි එකා වූණාට කමක් නෑ මලේ... හැබැයි දැන්වත් ඔය ඇ‍ඳේ චූ දාන එක නැවැත්තුවොත් හොඳයි...
10,000 ට ඔන්න අපිත් අත් දෙකෙන්ම අත්පුඩි ගැහුවා... (තනි අතින් අත්පුඩි ගහන්නේ කොහොමද කියලා අහන්න නම් එපා මලේ..)

November 26, 2010 at 9:55 PM  

මගේ උණුසුම් සුභ පැතුම් හසියො...කේශාන් ගෙ බ්ලොග් එකෙ උඹෙ කමෙන්ටුවට රිප්ලයි කරල එනකොට තමා දැන ගත්තෙ හසිය බොල්ග් කරණයේ හොඳ පිම්මක් පැනල කියල..

අපිට කේක් ඕනි දැන්....

ඉතින් තව හුගාක් කල් මේ විදියට අපිට හොද බ්ලොග් ලියන්න හසියට තෙරුවන් සරණයි....

November 26, 2010 at 11:21 PM  

මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝ(අත පිච්චුනේ නෑ නේ....) :m බලන්න කොච්චර අය ඔයාට කැමතිද කියලා...ආයේ හිත රිද්දගන්නේ නැතිව සතුටින් ඉන්න හැමවෙලාවෙම. :b අපි ඔබ සමගයි..! ජය වේවා...!! :e :e

November 27, 2010 at 7:54 AM  

අඩේ මට කියන්න දෙයක් නෑනේ. කලින් අය ඔක්කොම කියලා. හරි හරි කමක් නෑ, මමත් සුභ පතනවා බොක්කෙන්ම.

මේ ඒක නෙවේ, සතුටු දායක අවස්ථා සමරන්න ඕනෙනේ. ඒක නිසා මට කේක්..... එපා, හිනා වෙන්න පුළුවන් සිරා පෝස්ට් එකක් ඕනේ.

ජයවේවා අපේ හසියට.... කෝ කෑගහලා කියන්නලා....

November 27, 2010 at 8:03 AM  

ඔන්න මගෙනුත් හොට් ම හොට් (අත පිච්චෙයිද දන්නෑ) සුබ පැතුම්. :t :b

November 27, 2010 at 9:00 AM  

හරි...............................ම සතුටුයි අයියා.. ඇත්තමයි.. :t ඉතින් අයියේ ඉදිරියටත් මේ වගේම ලස්සම ලිපි දසදහස් ගානක් ලියන්න හැකියාවත්.. දස දහස් ලක්ෂ ගණනින් තවත් අය.. මේ පිටුව කියවන්නත් ලැබේවා කියලා හදවතින්ම පතනවා අයියා..

November 27, 2010 at 2:02 PM  

සිංහල බ්ලොග්කරණයේ තව දිගු ගමනක් යන්න අපේ හසී අයියාට හැකිවේවා කියලා හදවතින්ම පතනවා

November 27, 2010 at 4:05 PM  

සුබ පතනවා හසියෝ.... දිගටම ලියපන්.. ප්‍රශ්න වලදි වැටෙන්න එපා කියන්නෙ නැහ... ඒත් ඔලුවෙන් හිතල වැඩ කරපන්...

උබට ජය

November 27, 2010 at 4:28 PM  

ඔන්න හසියාට අපෙනුත් උණුසුම් සුභ පැතුම්!බ්ලොග් අවකාශෙ ඉන්න අනිවාර්ය සාමාජිකයෙක් විදිහට තවදුරටත් ඉදිරියටම යන්න ලැබේවා...:b:b:b

November 27, 2010 at 6:06 PM  

@හිස් අහස
බොහෝමත්ම ස්තූතියි සහෝ...උඹලා හන්ද තමයි හසියා මෙහෙම ඉන්නේ...අපෝ නෑ බං...උඹලගේ හදවත පිරිසිදුයි කියලා අපි දන්නවා හොදට...
බොහෝමත්ම ස්තූතියි....
පාර්ටි එකක් දෙන්නම්කෝ ලෑලි කෑලි තම්බලා...හේහේහේහේ‍‍‍...
උඹ‍ටත් ජය වේවා....!!!

November 27, 2010 at 8:10 PM  

@නිම්ශා
තැන්කූ තැන්කූ නංගියෝ....
හේ හේ හේ තේ එකකට වඩා වැදගත් සිංදුවක් දුන්නේ ඕන්...අදහස ජීවිතයට එකතු කරගත්තොත් තේරෙයි මම බොරුද කියන්නේ කියලා...
අනිවා අනිත් දවසේ දෙන්නම්කෝ....(කවුද දන්නේ මගේ තේ එකට ඔච්චර ආසයි කියලා...කියන්න එපායෑ...)

November 27, 2010 at 8:13 PM  

@තරු අහස
හිස් අහස කියයි තරු අහස කියයි‍....
හෆ්ෆේ තව මොනාද තියෙන අහස් වර්ග?
අනිවා සහෝ ඒක ලැබුනේ අපි බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වලනේ....අනිවා තිබ්බ විශ්වාසය රකිනවා ජීවිතය තියෙනතුරාවට....
බොහෝමත්ම ස්තූතියි සහෝ...
හසියා‍ගේ ශක්තිය වෙන කවුද උඹලා ඇරෙන්න...

November 27, 2010 at 8:16 PM  

@පූසා
ස්තූතියි සහෝ....බොහෝමත්ම ස්තූතියි....

November 27, 2010 at 8:16 PM  

@Jeew
හෆ්ෆේ ඔහොම කෑ ගහන්නෙපා...මගේ කාඩ් කූඩේ කුඩු.....
අහ් හැබැයි මං දැන් පැම්පස් එකක් ඇදන් නිදන්නේ...එතකොට වැඩේ ෂේප් නේ....
බොහෝමත්ම ස්තූතියි සහෝ....
හැබෑට මාත් දන්නේ නෑ....කවුරු හරි දන්නවනම් කියන්ඩෝ....

November 27, 2010 at 8:19 PM  

@පැන්da
හේහේහේහේ ‍බොහෝමත්ම ස්තූතියි සහෝ....
ඔව් අප්පා පැන්න පිම්මට කොන්දත් උළුක් වුනා වගේ....

මොකක්...ඇහුවමයි පැන්ඩලා කේක් කනවා කියලා...හරි හරි මං බටකොළ ටිකක් ගෙන්ත් දෙන්නම්කෝ හප හප ඉන්න....

අනේ පැන්ඩයියේ උඹටත් තෙරුවන් සරණයි...බොහොමත්ම ස්තූතියි මේ විදහට ලගින්ම ඉදන් දිරිමත් කරනවට....

November 27, 2010 at 8:22 PM  

@Kathandara
බොහෝමත්ම ස්තූතියි කතන්දර අයියේ....අයියා වගේ කෙනෙක් මගේ බ්ලොග් එක බලන්න ආපු එකත් ලොකු සතුටක්....
බොහෝමත්ම ස්තූතියි අයියා...

November 27, 2010 at 8:23 PM  

@හසී
ඈ කෙල්ලේ...උයන්න පිහින්න දන්නවා කියලා ඔහොම ලිපෙන් බාපු ගමන් දෙනවද? වැඩ දන්න හන්දා බේරුණා....
හ්ම්ම්ම්ම්ම් ඒකනම් ඇත්ත....ඔයාලා හන්ද තමයි හසියා මෙහෙම ඉන්නේ....ගොඩාක් ස්තූතියි මගේම හසී සහෝදරියේ.....
ආයේ තර්ජන ගර්ජන බෑ ඔන්න....
අහන්නත් සතුටක්....‍
ඔයාටත් ජය වේවා...!!!

November 27, 2010 at 8:26 PM  

@prasanna86k
ඔව් නේද...මින්ස් බොක්කට වඩා වෙනස් ඇති නේද ගොල්ඩ් ෆිෂ්ගේ බොක්ක....
පැන්ඩලයි ගෝල්ඩ් ෆිෂ් ලයි කේක් කනවා කියලා ඇහුවමයි....
හරි හරි එළවළු කෑමද නැත්නම් මාළු කෑමද ඕනි...අහ් ඒකත් වැරදුනා...මාළු කෑමනේ නේද ඕනි....
හරි හරි පැකට් එකක් ගෙනත් දෙන්නම්කෝ හප හප ඉන්න....

බොහෝමත්ම ස්තූතියි....ගොඩාක් සතුටුයි...
ඔයාලටත් ජයවේවා...!!!

November 27, 2010 at 8:29 PM  

@Praසන්ன
හසී කෙල්ල ඇවිත් ලිපෙන් බාපු ගමන් දුන්නා...දැන් මෙයත්....ඉස්සෙල්ලා වගේම වැඩ දන්න හන්දා බේරුණා...

බොහෝමත්ම ස්තූතියි සහෝ.....

November 27, 2010 at 8:30 PM  

@ප්‍රාර්ථනා
බොහෝමත්ම ස්තූතියි නංගියා...ඒ වගේමයි ගොඩාක් සතුටුයි....
ඇයි මට විතරක්....ඔය ප්‍රාර්ථනාව නංගියටත් එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

November 27, 2010 at 8:32 PM  

@Hasitha
බොහෝමත්ම ස්තූතිය මගේ සහෝ....
උඹටත් ඒ හැකියාව ඒ විදිහටම ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...!!!

November 27, 2010 at 8:32 PM  

@පිස්සා පලාමල්ල
හ්ම්ම්ම්ම්ම් බොහෝමත්ම ස්තූතයි අයියා....හසියා වැටෙන්නේ නෑ...කොහොමද වැටෙන්නේ මේවගේ ගොඩාක් හොද අවංක යාළුවෝ ටිකක් හසියගේ වටේට ඉද්දි....

උඹටත් අයියේ ජය...!!!

November 27, 2010 at 8:34 PM  

@blog gadol
බොහෝමත්ම ස්තූතිය පුස් අයියාලා....
හසියා මෙහෙම ඉන්නේ ඔයාලා නිසාම තමා ඕන්....

November 27, 2010 at 8:35 PM  

ප්‍රමාදය පසු තැවීමයි....... :s :s
සුභ පැතුම් මගේ අයියා........ තව ඉතින් ලියනවා ලියනවා ලියනවා නේ............ :m :m :m :m

November 29, 2010 at 3:35 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails