අද මොනාද හසියා දෙන්න හදන්නේ මේ....බැටළුවෙක් හදන්නද යන්නේ අර එක පාරක් තැත්තෙක් හැදුව වගේ.හෆ්ෆේ නෑ.එහෙනම් මේ මොකක්ද දෙන්න යන්නේ.....? ම්ම්ම්ම් අද කෂ්ටියට දෙන්න හිතුවා හොද TV Series එකක්‍.හෆ්ෆේ කෂ්ටියගේ හිනාව.මේක Nickelodeon වැනල් එකේ ගිය TV Series එකක්.

දැන් කෂ්ටිය කියයි හෆ්ෆේ හසියගේ මහලොකු TV Series එක කියලා
. ඇත්ත මේක ඉතිං පොඩි ළමයින්ට හදපු එකක්.(හසියත් තාම පොඩි එකානේ....) ම්ම්ම්ම්ම් මේක පොඩි එවුන්ට හැදුවට මොකෝ...මේක ඕනිම එකෙක්ට ගැලපෙනවා.පොඩි කොටසක් බැලුවොත් ඉතිරි ටික අනිවා බලනවා.අත්දැකීමෙන් කියන්නේ හසියා ඔන්න.දන්නවනේ හසියා බොරු කියන්නේ නෑනේ.මොකද හසියා ඕක හසියා දන්න කියන පොඩි අයට දුන්නාම බලන්න..ඒ අයගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා සීයලා අච්චිලා සෙට් එක පිටින් එකතු වෙලා බලනවා.ඇයි තව බව්වලා, ඤාව් රාළලා ඔය සේරමත් මේ Shaun The Sheep TV Series එක ආසාවෙන් බලනවලු.බලමුකෝ ඒකෙත් හැටි නේද...

කතාව මෙහෙමයි...මේක ගෙවිපළක්.ගොවිපළේ මොක්කුද ඉන්නේ...බැටළුවෝ ඌරෝ (මේ මේ කාටද මෙතන ඌරා කිව්වේ ?
) තාරාවෝ බ්ලා බ්ලා...ඇයි තව ගොවිපළේ අයිතිකාරයා..තව..ඇයි සත්තු බලාගන්න ඉන්න බව්වා.එයත් ඉන්නවා.ඉතිං මේ බැටළු රැලේ ඉන්න එක් බැටළුවෙක් තමයි Shaun කියන්නේ.ඌ තමා මෙතන පොර.ඔය අපේ වගේ පොරක් නෙමේ ඌ නම් හැබෑම පොරක්.මේ Shaun කියන බැටළුවා වටා තමා මේ කතා පෙල පෙල ගැස්සිලා තියෙන්නේ... වීරක්‍රියා, විහිලු, සෙල්ලම්, තැනට සුදුසු නුවණ යනාදී වශයෙන් වු එකී මෙකී නොකී හැම ජිල්මාට් එකම මෙතන තියෙනවා.ම්ම්ම්ම් පොඩි ළමයින්ට දැනුම විනෝදය වගේම ඉගෙන ගන්නත් දෙයක් තියේ කියල තමයි හසිය හිතන්නේ.ඇයි පොඩි ළමයින්ට විතරද..අපේ මේ ලොකු ඈයන්ටත් හොදයි ඕන්...මේ TV Series එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.බොරුනම් ඩවුනලෝඩ් කරලා බලන්නකෝ.

ඔන්න කෂ්ටියට ෂුවර් නැතිනම් ඔය පහල තියෙන වීඩියෝ එක බලන්නකෝ....Shaun The Sheep TV Series එක කතාවක් ඔය තියෙන්නේ...




කොහොමද TV Series එක..? හිනාකාලා මැරෙනවා නේද?


මේ Shaun The Sheep කියන්නේ IMDB ශ්‍රේණිගත කීරීම් වල 8.8/10 අරන් තියෙන TV Series එකක්.
(තව වෙන මොනාද ඉතිං.....)මේ Shaun The Sheep TV Series එක නිර්මාණය කරලා තියෙන විදිහ දැනගත්තොත් අපේ කෂ්ටිය පුදුම වෙයි.මේක හදලා තියෙන්නේ ක්ලේ වලින්.එතකොට ඇනිමේට් කරන්නේ කොහොමද...?කරන විදිහ පොඩ්ඩක් මෙතනින් ගිහින් බලන්නකෝ.

~Making Of Shaun The Sheep~
(You tube Videos)

බලන්න කොච්චර පරිශ්‍රමයක් දරලා තියෙද කියලා මේක හදන්න.උත්සහය සහ උනන්දුව තියෙනම් මොනාද කරන්න බැරි නේද?

ඔන්න එහෙනම් හසියා කෂ්ටියට හොද TV Series එකකුත් දුන්නා.
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඔය පහල තියෙන ලින්ක් එකෙන් හසියා කෂ්ටියට ටොරෙන්ට් ෆයිල් ටික දීලා තියෙනවා.ඔන්න ගන්නකෝ ඉතිං....




ඔන්න ඉතිං හසියා ටොරෙන්ට් ෆයිල් ටිකත් දුන්නා.හසියා ඉස්සරහට තව තව හොද TV Series ටිකක් දෙන්නම්කෝ.
ඉතිං කෂ්ටියට කරන්න තියෙන්නේ මෙච්චරයි.හැමදාමත් හිටියා වගේ රැදී සිටින්න ෴ හසියා ගේ නවාතැන ෴ සමග.

අහ්...තව මෙතනින් "
Shaun The Sheep" වෙබ් සයිට් එකට යන්න පුළුහන්.අ‍පේ පොඩි ඈයන්ට එතන හොද හොද දේවල් ටිකක් තියේ බලන්න කරන්න.

එහෙනම් අද දුන්නු තෑග්ග කොහොමද කියලා අදහසක් දාලා යන්න අමතක කොරන්න එපා ඕන්....


එහෙනම් අදත් හසියා වාෂ්ප වෙන්නෙයි කියලා....කෝ ඔය "Shaun The Sheep" TV Series ටික දාලා දුන්නනම් අපේ මේ කෂ්ටියට බලන්න.......



ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

19 comments:

ඒළ එළ බාගන්නකොට තමා දුක හිතෙන්න.....

නියමයි

November 19, 2010 at 11:13 AM  

මරු :b නිකම් ඉන්න එකේ බාගෙන බලන්න ඕන..:c තැන්කූ වේවා..! :d

November 19, 2010 at 11:33 AM  

හානේ හරි ෂෝයිනේ... සමනලීත් හරිම ආසයි ඔය වගේ කාටුන් වලට..! :-) බොහොම ස්තූතියි මේක පළ කලාට හොදේ? ඒත් සමනලීට මේක බාගන්න වෙන්නේ නෑ දැන්ම. පුලුවන් උන ගමන් ගන්නම්....

November 19, 2010 at 11:36 AM  

බාගත කොරලම බලමුකෝ

November 19, 2010 at 5:19 PM  

@ඉලංදාරියා
බාගත්තට පස්සේ දුක හිතෙන එකක් නැතිවෙයි...
තැන්කූ සහෝ...

November 19, 2010 at 8:54 PM  

@Praසන්ன
තැන්කූ සහෝ... :c

November 19, 2010 at 8:55 PM  

@හසී
හේහේහේ ඒක හොදා...දැන්ම ඕවා ඩවුන්ලෝඩ් කරන් තියාගන්න එක වටිනවා ඔයාලටනම්... :q :d

November 19, 2010 at 8:56 PM  

@punchisamanalee
අහ් එහෙනමි නියමයි අක්කියෝ...
අහ් එක්ට කම්ක් නෑ...ඕනිම නමි ඩීවීඩී එකකට ගහල ගෙනත් දෙන්න බැරි කමකුත් නෑ.:e

November 19, 2010 at 9:00 PM  

@ගාමින්ද
බලන්ට බලන්ට....පිස්සු හැදිලා ආයෙත් හැදෙයි...

November 19, 2010 at 9:00 PM  

හරිම විනෝදජනකයි... :b

November 20, 2010 at 1:49 AM  

එල එල... අඩේ මේක බලනකම් නිවනක් නෑ. ම​ටත් දිරවන්නේ ඔය ඇනිමේෂන් ඒවම තමා. අම්මානම් බනිනවා මූ තාම කාටුන් බලනවා කියලා. ඒ වුනාට ඒවායේ ලස්සන පේන්නේ අපිටනේ. අයියේ ඉතුරු සීරීස් ටිකත් කියන්න ඔනේ ඕං ඉක්මනට.

November 20, 2010 at 8:19 AM  

එල එල අයියා. මේ වගේ ජාතිවලට අපෙත් මනාපය උඩින්ම දෙනවා...........

November 20, 2010 at 12:22 PM  

පොඩි එවුන්ට තියන ටීවී සීරීස් එකක් නේද ?

මමත් තාම පොඩි එකා නෙව .ඉතිං හදවතිම පිං දීල බාගන්නව

ඉස්තූතියි හසියෝ

ජයවේවා !!

November 20, 2010 at 7:21 PM  

@prasanna86k
හේහේහේ මේක ඇනිමේෂන් නම් නෙමේ කොලුවෝ...:r මේක ක්ලේ වලින් හදලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.... :r
කාටුන් කිව්වොත් මාත් ඉතිං එක පයින් තමයි...:q
හරි හරි කොල්ලෝ දෙන්නම් දෙන්නම් පොඩ්ඩක් ඉවසලා හිටියනම්.... :a

November 20, 2010 at 7:41 PM  

@Hasitha
සංතෝසයි මගේ සහෝ.... :t

November 20, 2010 at 7:42 PM  

@හිස් අහස
අහ් ඔව් ඔව් පොඩි එවුන්ට තියෙන එකක් තමා....:r
මොකා....මල්ලි හොදටම ෂුවර්ද?:j ඒ වුනාට මල්ලි කරන්නේ ලොකු ලොකු අය කොරන වැඩනේ.... :h
ඕවා මොනාද අයියෝ...:b

ඔබටත් ජය වේවා...!!!

November 20, 2010 at 7:45 PM  

අයියෙ මැක්සා හොදේ මාත් මේක ආසාවෙන් බලපු කාටූන් සීරීස් එකක්.අයියාගෙ ඔය මතක් නිරීමට තාන්කූ වේවා මම අද ඉදං මේ සීරීස් එකේ හැම කොටසම මගේ බ්ලොගියෙ දානව කමක් නෑ නේ.

November 21, 2010 at 4:15 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails