෴ මඩ මඩ මඩ...ලාබයි ලාබයි ලාබයි..... ෴



"එන්න සල්ලි නොදී මඩ අරන් යන්න එන්ඩෝ...ඒන්න ඇවිත් මඩ ගාගන්න බැරි නම් නාගන්න එන්ඩෝ.... මෙන්න අපෙනුත් මඩ පිට මඩ......"

හසියත් හිතුවා ඔන්න ඉතිං 19 තිබ්බ ගෙට් එකේ වෙච්ච මඩ සීන් කොන් ටිකක් ඇදලා අරන් අයිස්, පලම්, සුල්තානා, කජු, පැණි වගේ දාලා කෂ්ටියට දෙන්න රස බලන්න.ඔන්න එහෙනම් ඔන්න ඇතිවෙනකම් මඩ ගාගන්න බැරිනම් ගිලිලා නාන්න....

වසරේ හොදම මඩ කල්දේරම නාගත්තේ අපේ සාඩම්බර හසී පවුලේ සාමාජික පොඩ්ඩා.පොඩ්ඩ කිව්වට දැන්නම් ‍ඒකා පොඩ්ඩා නෙමේ පොඩ්ඩි.ඒක දැක්කේ නැති කෙනෙක් ඉන්නවනම් හීන්සීරුවේ මාරුවෙලා..., "෴ මූ කොල්ලෙක්ද කෙල්ලෙක්ද....??? ෴"‍‍ පෝස්ට් එක බලලා අයේ මේ පැත්තට සැපත්වෙන්නකෝ‍.‍‍....

දැන් එහෙනම් ඔන්න හසියගේ මඩ සීරීස්.....


ඔන්න හා හා පුරා කියලා පලමු මඩ පාර වදින්නේ අපේ හසී නඟාට....

ඔන්න ඉතිං හසී නඟාට තනියම යන්න බෑ කියලා අඬන්න ගත්ත නිසා, හසියට මහරගමින් බැහැලා හසී නඟා එනකන් බලන් ඉන්න වුනානේ.හසී නඟා නම් කිව්වේ මට මහරගමට ආපු ගමන් කොල් එකක් දෙන්න මම විනාඩි පහෙන් එන්නම් කිව්වා.මොකද අලියා (හසී නඟා අලියා කියන්නේ එයාගේ අයියට...) හසී නඟාව ගෙනත් දානවා කියලා මහරගමට අලියගේ දඬුමොණරෙන්ම.හැබැයි එයාගේ විනාඩි පහනම් මරේ මරු.වැඩිය නෑ අඩු නැතිව විනාඩි පහලොවක් විතර ගියා එන්න.ඔන්න ඉතිං අලියත් එක්ක කූඹියෙක් ආවා බයික් එකේ.ළගට ඇවිත් බහිනකන්ම දැක්කේ නෑ.හසියා හිතුවා බයික් එකේ පිටිපස්සේ ගෙනාපු කාඩ්‍බෝඩ් කෑල්ලක් වැටුනා කියලා.(ඒ තරම්ම මහතයි නෙවැ...)බයික් එකේ ඇවිදිනුත් මෙච්චර වෙලා ගිහින් තියෙන්නේ බයික් එකට නැග ගන්න බැරිව හසී නඟා‍ පැය ගාණක් දඟලලා.පස්සේ අම්මා පුටුවක් ගෙන්ත් දීලා නඟින්න ලේසිවෙන්න දඬුමොණරෙට.අනිත් හොදම දේ තමා හසී නඟා, අලියගේ දඬුමොණරෙ තිබ්බට එකපාරක් වත් ඕකේ ගිහින් නැතිලු.(එක්කන් යන්න බැරි බව අලියට වුනත් තේරෙනවනේ...දඬුමොණරේ එක්කම චා වෙනවනේ...) ඉතිං අලියට ඕක අමතක වෙලා පොඩ්ඩක් දඬුමොණරේ පාගලා ලෑල්ලට.මෙන්න එක පාරට අලියට හසී නඟා කියනවලු අලියෝ මට වමනේ යන්න වගේ කියාලා.ඔන්න ඉතිං අලියා දඬුමොණරේ නවත්තලා හසී නඟා කබරයා දාලා ඉවරවෙනකන් කඩේකට ගිහින් ප්ලෙන්ටියක් ගහලා කෑල්ලකට ටෝකක් එහෙමත් දාලා ඇවිත්.ඒ එනකොටත් හසී නඟා නන්ස්ටෝප් කබර සීන්ලු.ඔන්න ඉතිං කොහොමින් කොහොමහරි බෝක්කුවක් උඩට ගිහින් අමාරුවෙන් හසී නඟා නැඟලා අයේ දඬුමොණරෙටඅලියත් එක්ක ආයේ එන්න ගත්තලු‍‍.ඉතිං අලියා අයේ පොඩ්ඩක් ස්පීඩ් කරලා.එක පාරටම බැලින්නම් අලියට දැනුනලු හසී නඟා නෑ කියලා.ඉතිං පොඩ්ඩක් ස්ලෝ කරපුවහමලු දැක්කේ ආපු ස්පීඩ් එකට හසී නඟාව හුලන් පාරට සරුංගළයක් ‍වගේ එල්ලිලා එනවලු දඬුමොණරේ පිටිපස්සේ තිබ්බ හැන්ඩ්ල් එකක.පස්සේ ඉතිං අලියා ඇවිත් තියෙන්නේ පයින් යන වේගෙටත් වඩා අඩු වේගෙකින්.ඉතිං ඔන්න ඔහෙමයි කිලොමීටර දෙකක්වත් නැති ගමනට විනාඩි පහලොවකටත් වඩා ගතවුනේ.ඕවා ඉතිං විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තමයි හසියට දැනගන්න ලැබුණේ.


ඔන්න දෙවැනි මඩ පාර.... මේකත් ඉතිං අපේ හසී නඟාටම තමා...

ඔන්න ඉතිං හසී නඟාවත් එක්කන් ආවා කියමුකෝ පිටකොටුවට.අපේ හසී ෆැමිලි එක සෙට් වෙන්න කතාවුනේ ‍පිටකොටුවේ දුම්රියපල ඉස්සරහා තියෙන මඟී ගුවන් පාලමේ මැදදි.(පිස්සෝ වුණාම එහෙම තමා ඉතිං....) ඔන්න ඉතිං හසී නඟාවත් එක්කන් නැග්ගා‍ මඟි පාලමට.දැන් මැද අපි ඉන්නේ.දැන් පොඩ්ඩා අහ් වැරදුනා අපේ පොඩ්ඩි ඉන්නේ කොහෙද කියලා බලන්න ගත්තා‍ කොල් පොල්ලක්.දැන් පොඩ්ඩිට කොල් කරලා ඉවරවෙලා බලනකොට හසී නඟා නෑ.බොක්ක කූල් වෙලා ගියා හසියගේ.අලියා ඇවිත් නෙලන විදිහ මැවිලා පෙනුනා.යකෝ මේකී පල්ලටවත් පැන්නද? (ෂුවර් නෑනේ...පුර පසොළොස්වකත් ළගයිනේ...) කොක්ටත් කියලා බැලුවා.ඒත් නෑ.මල මඟුළයි.කෝ මේකී..ඔන්න ඉතිං ඔය වෙලාවේ කූඹියෙක් කෑ ගහනවා වගේ ඇහෙනවා පාලමේ ස්ටේශන් එක පැත්තේ සයිඩ් එකෙන්.එතකොට තමයි දැක්කෙ පාලම උඩ තිබ්බ ලොකු බටයක් බදාගෙන ගැහි ගැහි ඉන්න අපේ හසී නඟාව.අපරාදේ කියන්න බෑ හසියට අමතකම වුණා ෆෝටෝ එකක් ගන්න.ඉතිං ගිහින් බැලින්නම් මේකි කියනවා අනේ හසියෝ අර පාලමේ මැද ඉන්න බෑ.වාහන පල්ලෙහා යනකොට පාලම හෙල්ලෙනවා..මට කලන්තේ වගේ දැනෙනවා.කඩන් වැටෙයි කියලා බයයි.අනේ අපි ඉක්මණට පහලට යමු කියලා.ඔන්න ඔය වෙලාවේ තමා අර "කොන් වෙච්ච ෆියුස් කිලෝග්‍රෑරෑම් එකට පොඩ්ඩක් අඩුවෙන් අරගත්ත එකෙක්" (කන්‍ෆියුස්ඩ් ප්‍රෝග්‍රැමර් | Confiuzd ප්‍රෝග්‍රැමර්) එයාගේ වෙන්ඩ වයිෆ් එක්ක ඔය පාලම උඩින් කින්ඩි හිනාවකුත් දාගෙන ගියේ හසියටත් එක්ක.තව පොඩ්ඩක් කලින් ආවනම් කින්ඩි නෙමේ හිනාවේලා පණ යනවා අපේ හසී නඟාව දැකලා.


ඔන්න තුන්වෙනි මඩ පාර...මේක අපේ පරණ සාමාජිකයෙක් වුනත් අළුතින් පොඩිඩි කියලා බෞතීස්ම වෙච්ච අපේ පොඩ්ඩට.....

ඔන්න ඉතිං දැන් හසී නඟාගේ බය අඩුවෙනකන් ඉන්නකොට පොඩ්ඩිට ආයේ පාරක් කොල් පොල්ලක් දීලා බැලුවා.මෙන්න මේකී කියනවා.අනේ අයියේ කොහේවත් යන්න එපා.මං මේ දැන් එනවා.අනේ බුදු අයියේ කොහේවත් යන්න එපා.මට ආපහු ගෙදර යන්නත් පාර මතකනෑ.අනේ මං අතරමං වෙයි බං අයියේ යන්න එපා කියලා.අනේ ඒ පොඩි එකීගේ අඳෝනාව අහපු අපිට බඩ පපුව දාලා ගියා.(කොහෙටද දන්නේ නෑ නේද...) තාම කිරිබොන පොඩි එකානේ...ඉතිං ගනන් ගන්න දෙයක් නෙමේ.ඒත් ඉතිං මේකිට කොල්ලෙක් එහෙම හීනියට දැක්කනම් ඇති ඉතිං පොඩිකම ඉහින් කනින් විසික්වෙන්න...කුකුල් කරමලේ නැති කිකිලි රැජිණක්.....


ඔන්න ඉතිං සාර්ථක විදිහට එල්ලවෙන හතරවෙනි මඩ පාර...වෙන කාටද ඉතිං ආයෙත් අපේ හසී නඟාටම තමා‍‍‍ ඕන්.....

ඔන්න ඉතිං අපි කොටුව ස්ටේෂන් එක ඉස්සරහා තියෙන බස් හොල්ට් එකෙන් නැග්ගා මොරටුව බස් එකකට‍.බස් එකනම් ෂෝයි.හැබැයි ඉතිං නඩේ ගුරා නම් චොර.අපි දන්නෙත් නෑ‍‍..., ඌම ඉතිං හිතාගෙන තමන් නඩේ ගුරා කියලා.(ඉතිං අපිට මොකෝ...පොඩි එකාගේ ආසාවනේ ඉතිං...) වෙන කවුද ඉතිං අපේ මේ කණියට ඇරෙන්න...නේද.‍.... දැන් ඔන්න ඉතිං බස් එකට නැඟලා හසියා ඉදගත්තේ හසී නඟාගාව.අපි ඉතිං හසී නඟාගේ හැටි දන්නවනේ.බැරි වෙලාවත් වෙන කෙනෙක් එයා ළඟ ඉදගෙන ඉදගත්ත කෙනාට මොකක් හරි නරක දෙයක් වෙයි කියලා තමා හසියා එයා ළගින් ඉදගත්තේ.පව්නේ අහිංසක මිනිස්සු නේද...ඉතිං ඔන්න දැන් ලේක්හවුස් එක ළංවෙනකොට හසී නඟා, හසියට කතා කරලා පෙන්නනවා බස් එකේ එයාගේ සීට් එක ළග තිබ්බ ඇලුමිනියම් පතුරක්.‍මේකි ඒ ඩින්ගිත්තට ඒක ගලවලා.හසියත් දන්න දහම් ගැට ඔක්කොම දාලා බැලුවා ඒක හයි කොරන්න.කොහෙද...ගලවන එක ගලවලා තියෙන්නේ සුපිරිම විදිහට.ආයේ හදන්නම බැරිවෙන්නම තමා ඕන්...ඔන්න ඒකෙනම් හසියා ෆොටෝ එකක් ගත්තා.‍ඒක ගත්තා කියලත් හසියට තර්ජන එල්ල වුණා අපේ හසී නඟාගෙන් (ප්‍රසිද්ධියේ නොකියා කොහොමද ඉතිං‍‍‍...)හසියා ඉතිං නොසැලී එඩිතරව මුහුණ දීලා ෆොටෝ එකක් ගත්තා අමාරුවෙන්...


(හසී නඟාගේ වික්‍රම....)
(දහදුක් විදලා තර්ජන ගර්ජන මැද්දේ ගත්ත ෆෝටෝ එක)



නඩේ ගුරා කියලා එයාම හිතාගත්ත අපේ කණියගේ GPS එකෙන් නවම් මාවතේ වටයක් ඇවිදන් යනකොට, බේරේ වැව වටේ ඔය ලස්සනට තියලා තියෙන පරණ නැංඟුරම් එහෙම දැකලා...එකක් උස්සලා පොලේ ගහන්න..., බෙල්ලේ මාලෙකට පෙන්ඩන්ට් එකක් විදිහට හයිකරගන්න වගේ හීනී හන්කිති ආතල් එහෙම අපේ හසී නඟාට ඇතිවුනේ එහෙම නෑ ඕන් හොදේ....(හරි හරි බං කෙල්ලේ එහෙම දෙයක් වුනේ නෑ කියලනේ කිව්වේ‍‍‍...)


ම්ම්ම්ම්ඔන්න දැන් එහෙනම් පස්වෙනි මඩ පාර වදින්නේ අපේ මේ මාර කොලුවට....අහ් ඔව් ඔව් උඹට තමයි අයියේ....

ඔන්න ඉතිං දැන් ගෙට් එක නමෝ විත්තියෙන් පරක්කු නැති‍ව ඔන් ටයිම් පෙ.ව. 9.40ට විතර පටන් ගත්තා කියමුකෝ. කෂ්ටය හදුනාගැනීමේ පෙරැට්ටුවට එහෙම මුණදීලා කාගෙදෝ මංදා කතා‍වක් අහන්න සැලැස්සුවනේ අපේ මේ කාලංග අයියා.ඉතිං කෂ්ටියට නියමෙට සැපට නින්ද ගියා ඕන්..මාරයත් පොඩ්ඩක් ගොරවනවා ඇහුණා.ඔක්කෝටම වැඩිය තිස්ස අයියගේ ගෙරවිල්ල තමා ගෙරවිල්ල.තව පොඩ්ඩෙන් හසියත් ඇදිලා යනවා.ඔය වෙලාවේ මරයා හීනෙන් නැගිටලාද කොහෙද තිස්ස අයියට කියනවා මේ වොෂ්රූම් තියෙන්නේ කොහෙද දන්නේ නෑ නේද කියලා.තිස්ස අයියා ඉතිං නිදිමර ගාතේ පාර කිව්වා.දැන් ඔන්න ඉතිං මාරයා නැඟිටලා අර පාර්ලිමෙන්තුවේ කතානායකට ගෞරව කරනවා වගේ ඒ වෙලාවේ දේශණාවක් කර කර හිටුපු ඇත්තට ආචාර කොරලා ගියා එළියට.විනාඩි පහක් ගියා.දහයක් ගියා.පහලොවකුත් ගියා.කෝ යකෝ මරායා.දැන් කෂ්ටිය ඒ කිව්වේ මේ තිස්ස අයියයි අපේ ජීව් අයියයි බලනවා කෝ මාරයා කියලා.නිදිමතේ වැරදි පැත්තකටවත් ගිහන් බිල්ඩිමෙන් පහළට වැටුනද දන්නේත් නෑනේ.ඔන්න මාරයා ජයග්‍රාහී ලීලාවෙන් එනවා හිනාවෙවි එයා හිටුපු ආසනේට.විනාඩි විස්සක් විතර ගියා මං හිතන්නේ.දැන්නේ වැඩේ ක්ලික් වුනේ.මාරයා එළියට ගිහින් තියෙන්නේ හංඟලා ආපු ගල් බාගේ අනුමතවෙන්න.කොහේ හැංඟුවද කියන එක තමයි අවුල.හසියා ඉතිං තීක්ෂණ නුවණ යොදවලා කල්පනා කොරා.පස්සේ තමයි මතක් වුනේ අර කතන්දර කාරයාගේ බොතල් හංඟන ෆ්ලෂ් ටෑන්කියේ කේස් එක.(කකා අයියගේ ඒ පෝස්ට් එකනම් හොයාගන්න බැරිවුණා සමාවෙන්න ඕනි හොදේ...) මාරයත් කරලා තියෙන්නේ ඒ වැඩේ.මිනිහගේ ඇස් රතුවෙලා.අමුතුම කික් එකකින් හිටියේ එවලේ.මෙන්න ඒ අස්සේ ජීව් අයියා මාරයා ලව්වා බැලුම් පුම්බවන්න හදනවා.හසියනම් එවලේ බයේ හිටියේ මාරයාගේ තිබ්බ කික්එකට මයික් පොල්ල අතට අරන් බණක් දේශනා කොරන්න පටන් ගනියි කියලා.මේ දේශන සම්මන්ත්‍රණ කුමන්ත්‍රණ අස්සේ අහපල්ලකෝ මාර බණ.වෙලාවට වටාපතක් තිබ්බේ නෑ ළගපාතක.නැතිනම් ඉතිං කෂ්ටයට වේන්නේ සාදු සාදු සාදු කිය කියා දවස ගත කරන්න තමයි ඕන්....



දැන් තියෙන්නේ අති සාර්ථක හයවෙනි මඩ පාර‍‍‍....වදින්නේ අපේ මේ ජීව් අයියට තමයි‍‍...දතකට මැදගෙන මූණ ‍එහෙම හෝදන් ඉන්නකෝ... තව ගොඩක් මඩතියේ ඉතිරිවෙලා.හසියා ඊළඟ පෝස්ට් එකෙන් දෙන්නම්.නැතිනම් මඩ පෝස්ට් එක පට්ට දිග වෙලා චා පෝස්ට් එකක් වෙනවනේ.අනිත් එක හසිය‍ගේ මඩ කල්දේරමත් ටිකක් වේලිලා වතුර නැතිව.හිපටල්ලකෝ කෂ්ටිය ආයේ පදමට වතුර ටිකක් දාලා අනලා සීනී, ලුණු, මිරිස්, දෙහි,තුන පහ, පස් පංගුව දාලා රත්කරලා ගේන්නම්කෝ හොද්ද වගේ හදලා ඇති වෙන්න නාඟන්න....


එහෙනම් හසියා දැනට වාෂ්ප වෙන්නම්කෝ.....

"මඩ වැදුනු ඇත්තෝ ඇත්තියෝද....
වදින්න සිටින ඇත්තෝ
ඇත්තියෝද...
තරහා අවසර හොදේ....‍"




ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

46 comments:

හප්පේ මෙහෙමත් මඩ ගැහිල්ලක්.
මාරය බාගෙ හංගපු තැනනං හොයාගන්නමයි තිබුණෙ.

දැන් ඔය අස්සෙ හසියට මොනවත් උණේ නැද්ද.

December 21, 2010 at 12:46 PM  

@Praසන්ன
මඩ නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ කියලා අහල නැද්ද හැබෑටම.... :b :q
මං හිතන්නේ අර මං කියපු තැන තමා... :r

හසියා ඉතිං හසියගේ පාඩුවේ කාටත් කරදරයක් නැතිව පිණක් දහමක් කරන් ඇල්වතුර ෆිජ් එකේ දාලා නිවලා බීලා යටින් ගිණි ගෙඩියක් දිරච්ච ලණුවක් දීලා පැත්තකට වෙලා පාඩුවේ ඉන්න අයනේ.... :k :b :p

December 21, 2010 at 12:57 PM  

හික් හික් අපි බේරි.අක්කට නම් මඩ වැදිලම නැහැ.අයියේ අර අක්කා බස් එකේ හුලගට යන්න ගිහින් කකුලෙන් නවත්තපු ෆොටෝ එක කෝ

December 21, 2010 at 12:58 PM  

@පුබුදුවා
පොඩ්ඩක් හිපටන් මලේ...තව මේ මඩ හැලියක් ලිපේ....ඔක්කොම දෙන්නම් ඇතිතරම් ගහගන්න බැරිනම් ගිලිලා නාගන්න....

December 21, 2010 at 1:06 PM  

අපෝ මූනන් මහ මඩ හැලියක්... අර බීපු කික් එකට කික් වෙලාද කොහෙද :r

අහුවෙයන්කෝ මන් ගානෙ නොමිලේම දත් ඇන්ද ගලෝල දෙනව.. හික් :e :n :b

December 21, 2010 at 1:31 PM  

http://taboosubjects.wordpress.com/2010/12/20/214-2/

මෙන්න මඩ

December 21, 2010 at 1:44 PM  

දැන් බැලින්නම් තිබිල තියෙන්නෙ ගෙට් ටුගෙදර් එකක් නෙවෙයි මඩ පාටියක්. උඹලට දවල් ට කන්න දීල තියෙන්නෙත් මඩ වගේ.

December 21, 2010 at 1:48 PM  

නියමයි.එන්න මාරක කතා කියවන්න.WWW.NADDYLAND.BLOGSPOT.COM

December 21, 2010 at 1:58 PM  

@Hasitha ජයසූරිය
අහ් උඹ මෙච්චර වෙලා ගහපු කික් එකේ වෙරි හිදෙනකන් උන්නද....:n දෙහි ගෙඩි කීයක් විතර ඇතිල්ලුවද.... :b
කිව්වා උඹට පුරුදු නැති එව්වා බොද්දි... :r

නෑ බං මගේ දත් ටිකනම් හොදට තියෙනවා....ගලවන්න ඕනි වුනොත් කියන්නම්කෝ.... :b

December 21, 2010 at 2:01 PM  

@Anonymous
ෂා ඇත්තට...අපි දන්නේ නෑනේ....තැන්කූ හොදේ කියලා දුන්නට....
මං මෙච්චර කල් දැනන් උන්නේ ඕවා විවේචන කියලා...අර ලංකාවේ වැඩක් කලොත් වැඩිපුරම ලැබෙන්නේ ඕවා කියනවනේ... (අඩු පාඩු ඇතා නැතා‍‍....)

December 21, 2010 at 2:03 PM  

@Ranga
ගෙට් එකක් තියන්නේ සහෘදයන්ට පොඩ්ඩක් එකතුවෙලා කතාබහ කරලා ෆන් එකක් ගන්න...
බ්ලොග් අවකාශයේ හොදින් දැන හැදින සිටියත් හමුවුනේ ජීවිතේ පළවෙනි වතාවට සමහරු...ඉතිං පොඩි පොඩි රස බර සිදුවීම් වුණහම ඒවා එකතු කරලා අදාල කෙනාට මඩක් ගැහුවා කියන එක ගෙට් එකට අදාල නැත.එහෙම කරලා කෙනෙක්ගේ හිත් රිදවන්නත් ඕනි කමකුත් නෑ.එහෙම වෙන්නේත් නෑ.මොකද අපි හැමෝම අපි කවුද කියන එක දන්න නිසා....
අපාරාදේ උඹත් ආවනම් හොද ෆන් එකක් ගන්න තිබ්බා......

December 21, 2010 at 2:15 PM  

@naddy
තැන්කූ හොදේ....

December 21, 2010 at 2:20 PM  

ඔව් බං මාත් ආතල් එකට කිව්වෙ. මඩක් නැත්ත්න් ෆන් එකකුත් නෑනෙ. :b

December 21, 2010 at 2:21 PM  

අඩේ හසියා මමනෙ බොල පස්සෙ සීට් එකට එන්න ආපු උබව හසී නගා ගාවට යැව්වේ.. කල ගුණ සලකපං යකෝ :D

December 21, 2010 at 2:31 PM  

එතකොට දැන් ඔයාගේ මඩ ටික ලියන්නේ කවුද??? හසී අක්කිද පොඩ්ඩද????? :q

:r :r මේ අර පෝස්ට් එක මේකද බලන්න. (මට සොඳුරු සිත බලන්න බෑ.... )
තව කිව්වේ මොනවද ආ මං හොඳ වෙලාවට ආවේ නැත්තේ නැත්නම් මටත් ඔය හසී අක්කට වුන ටිකම තමා වෙන්නේ...... :d

කලින් කමෙන්ට් එක අන්තරස්දාන තත්වයට පත් වූ නිසා නැවත ලීවෙමි. කලින් එකේ තිබූ දේවල් අඩුවක් විනිදැයි මතක නැත.

December 21, 2010 at 2:33 PM  

@Ranga
හේහේහේහේ...ඕවා මොනාද බං...
ඊළග පාර අනිවා සෙට් වෙමු....තව මඩ හැලිටිකක් නාගන්න බැරියෑ ෂේප් එකේ....

December 21, 2010 at 2:33 PM  

@Kanishka | කණියා
අහ් හරි හරි...උඹ එහෙනම් හසී නඟා එක්ක ප්ලෑන් කොරලා කොරපු වැඩක් එහෙනම්...:r කොන්දට කියලා මට ගස්සන්න නේද හැදුවේ... :h
හිපටන් උඹට දෙන්නම්කෝ... :c

December 21, 2010 at 2:50 PM  

@හා පැටික්කි (MS)
මං අහිංසකයා...මට ගහන්න මඩ නෑ...අපි ඇල් වතුර ෆිජ් එකේතියලා නිවලා බොන අය...

අහ් ඒක ලිව්වේ වත් අක්කාද...මල කෙලියයි...

අහ් ඒ මොකෝ...ඒස්ඃ පුඃ වෙලාද? මේ තියෙන්නේ ඒකට හරියන්න හොද කොමෙන්ටුවක්...

December 21, 2010 at 2:52 PM  

ඔය බස් එකේ අව්ලුමිනියම් පතුර කැඩුවට තමා බහින්ඩ ඉස්සෙල්ලා කොන්දයියා වැඩිපුර රුපියල් 40 ඉල්ලා ගත්තෙ කණියගෙන්

December 21, 2010 at 3:16 PM  

කාන්තා හිංසනය පිටු දකිමු කියල උඹව අල්ලන් ගියොත් තමයි වැඩේ

December 21, 2010 at 3:27 PM  

හසී අයියටද මඩ නැත්තේ,අයියේ අර අත් දෙකෙන් බෝට්ටුව පැදපු එක කියන්නද?

December 21, 2010 at 4:00 PM  

අඩේ උඹ නම් පට්ටම බුවෙක්නේ බං. උඹ ඉපදිලා තියෙන්නෙම මඩ ගුලියක් අතින් අරන්ද කොහෙද?
-කාංචන

December 21, 2010 at 4:30 PM  

ආනේ.. කවුදැ මේ කියන හසී කෙල්ල :i හික්ස්
සියල්ලන්ගේ දැනගැනීම පිණිසයි හසියා ගහන මඩ වලින් බාගයකටත් වඩා මුසාවාද බව කරුණාවෙන් සලකන්න.. :k :k :k
හසියාගේ වික්‍රම ගැන සටහනක් හසීගේ සිතිවිලි තුලින් ලඟදීම බලාපොරොත්තුවන්න... :a

December 21, 2010 at 5:45 PM  

@Confiuzd ප්‍රෝග්‍රැමර්
අහ් වෙන්න ඇති එහෙනම්....
අවුලක් නෑ මිනිහා ඉතිං හිතින් පොරවෙන්න ගියානේ නඩේ ගුරා වෙලා....

December 21, 2010 at 5:56 PM  

@thiraya
හේහේහේහේ ඒවා කොහෙද අපිත් එක්ක... :P

December 21, 2010 at 5:57 PM  

@පුබුදුවා
හේහේහේ ඔහොම තමා ඉතිං අපි වගේ අයට මඩ ගහන්න තමා හැමෝම බලං ඉන්නේ...හරි හරි කියපන්කෝ ඕනිනම්....
පස්සේ බලාගමු....

December 21, 2010 at 5:59 PM  

@Anonymous
හෑබෑටම බං අයියේ උඹට ගහන්න මඩක් ගැන මං මේ කල්පොනා කොරේ...කොහෙද මතකෙට එන්නෙම නෑනේ...

December 21, 2010 at 6:03 PM  

@හසී
අහ් එයා අපි හොයාගත්තේ සෝස කැලෙන්...:p
අහ් දැන් කෂ්ටියට තේරෙනවනේ "සියල්ලන්ගේ දැනගැනීම පිණිසයි හසියා ගහන මඩ වලින් බාගයකටත් වඩා මුසාවාද බව කරුණාවෙන් සලකන්න..." කියලා දාලා යටින් දාලා තියෙන ස්මයිලීස් වලින් තේරෙනවා කවුද ඇත්ත කිව්වේ කියලා.... :r :q
හේහේහේ මහන්සි වෙන්න එපා අනේ...ඔය ලියන විදිහට අවුරුද්දට එකක් විතර පෝස්ට් දාගෙන ඉන්න.... :p

December 21, 2010 at 6:09 PM  

මඩ විමානයක් හසියටත් මෙන්න මඩ ලෙඩේ බෝවෙලා ..වෙලාවට මම ආවේ නැත්තේ කියලා හිතෙන වාර ගාන අනන්තයි ..ආවනං ගාගනිංකෝ මඩ !

හැබැයි කොල්ලෝ ඊලඟ පාර ඔයවගේ හමුවක් තිබිලා ඔයා ආවොත් කස්ටිය ඔයාව මඩ කරියෙක් කරයි ..

මඩසෝදා ගත් කල හසියා .......සුදුසුයි නේද ?

ජයවේවා !!

December 21, 2010 at 6:51 PM  

මඩ ව්‍යාපාරෙ නම් නියමයි හසියෝ.. :m :m

@හසී කෙල්ල,
හසියාගේ වික්‍රම ය ගැන සටහන හැකි ඉක්මනින් අප වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.. :b :b :b

December 21, 2010 at 7:17 PM  

දේයියන්ගේ පිහිටයි අපි ආපු නැති එකම....මොන මොනා අහගන්නවද,,,, ඇයි මේ අපේ බ්ලොග් ලොකේම පිරිලම තියෙන්නේ මේ එදා උන මඩ ගැහිලි නේ අප්පා.. ආ.. අර අරන්චියේ හැටියට මාරයියා මේ ෆොටො පස්සේ එදා දුව දුව මුන පෙන්නන් ඇබිත් තියෙන්නේ එහෙනම් අර වැදුනු පාරටයි නොව... හහ්... මේ ඔන්නොහේ හසි අයියේ ඉතුරු මඩ ටිකත් දාමුකො.. පව් මේ අපෙ හසි අක්කාට කියන කතා වලට නම් දුකේ බැ... හහ්...

December 21, 2010 at 9:01 PM  

හික් හික්!! හපොයි උඹ වගේ මඩයෙක්.......!

December 21, 2010 at 10:23 PM  

මඩයා..... උඹේ සතුට දැකලා මටත් සතුටුයි සහෝදරයා....

December 21, 2010 at 11:21 PM  

දැන් නම් කියන්න තියෙන්නේ මඩ නම් හසී හසී නම් මඩ කියලා....

හමුවට වැඩිය ෆන් එකක් බස් එකේදී අරන් තියෙනවනේ....

අපරාදෙ අපිට එන්න බැරිවුණානේ....

December 22, 2010 at 5:57 AM  

අහිංසක කිව්වේ???? :j වෙන හසියෙක්වත්ද?????? :r

මට මතක හැටියට වත් අක්කිගේ තමා....... :r

මං පුංචි උදව්වක් කරන්නද????? කාංචන අයියට මඩ ගහලා ඔයාව හොයාගන්න නැති තරමටම මඩ කන්න වෙයි...... ඔන්න කලින්ම කිව්වා මං....... :a :a

December 22, 2010 at 9:02 AM  

@හිස් අහස
හේහේහේ අපි කතා වුනා උඹ නැති එක ගැනත්...අපාරාදේ...හොද මඩටිකක් නාගන්න කරගන්න තිබ්බා....

හැබෑටම මොකේටද?

උඹටත් ජය වේවා...!!!

December 22, 2010 at 3:56 PM  

@පබලු
අපි වැඩක් කලොත් ආයේ අහන්නත් දෙයක්ද ඉතිං....

හේහේහේ ඕවා අමුලික පට්ටාපල්ල ‍බොරු...ඔය මඩ වලට අපිව වට්ටන්න බැරියෝ...අපි නෙසැලේ කිසිදා....

December 22, 2010 at 3:58 PM  

@නිම්ශා
හේහේහේ ඉල්ලන් කන මඩනේ....මොනාකරන්නද ඉතිං‍.‍.‍‍

ඔන්න දැම්මා මඩ කොච්චියේ දෙවන ඇරඹුම...
මෙතනින් යන්න...

December 22, 2010 at 4:01 PM  

@blog gadol
අන්න උඹේ උපාසකයටත් මඩක් ගහලා...හරිද මං අහන්නේ මෙහෙම කරනඑත...

මෙන්න බලන්නකෝ බොරුද කියලා...

December 22, 2010 at 4:02 PM  

@ජංජාල චාමර
හේහේහේ උඹ ඉතිං මං ගැන දන්න එකානේ...උඹට විතරයි ඒක තේරුණේ...අනිත් එක උඹලා වගේ උන් තමා යාළුවෝ..අනුන්ගේ සතුටෙදි බොක්කේන්ම සතුටු වෙනඋන්...
තැන්කූ වෙරිමච් හොදේ‍‍‍...

මොකෝ ආවේ නැත්තේ ගෙට් එකට...අපරාදේ තව මඩ කරියෙක්...

December 22, 2010 at 4:05 PM  

@කැන්ඩි...
අනිවා අපිට කොහෙත් එකයි...පිස්සන්ගේ පිස්සෝ අපි පිස්සු මැට්ටෝ....
ඊළග පාර සෙට් වෙමුකෝ....

December 22, 2010 at 4:06 PM  

@හා පැටික්කි (MS)
නෑ නෑ මං හසියා තමා ඕන්...

ඔව් ඔව් පොඩි මිස්ටේක් එකක්....ඒක කාටවත් වැඩිය නෝට් නැ...ශේප්...

හේහේහේ හොර හාවි නොහොත් පුළුන් නැට්ටි කියනදේ අහන්න එපායැ...
මොනාවුනත් හීනියට මඩක් ගැහුවා...අවුලක් නැතිවෙයි නේද...
මෙන්න බලන්නකෝ....

December 22, 2010 at 4:08 PM  

@෴ හසියා ෴ & හා පැටික්කි (MS)

හොර හාව බයවෙලා හොර අහුවෙයි කියලා... :f :f

-කාංචන

December 22, 2010 at 10:11 PM  

@Anonymous
මොනද ඔය හොර...අපිටත් ‍එකක් දෙක්ක කිව්වට පාඩු නෑ....අනේ කියන්නකෝ...වැඩිය මුකුත් කරන්නේ නෑ...‍බ්ලොග් එකේ දාලා හීනි මඩක් දෙන්නම්.....

December 23, 2010 at 10:03 AM  

බොල උබ මඩ ගහනව නෙමෙයි නාවනව නොවැ... හික් හික්

December 23, 2010 at 6:06 PM  

@පිස්සා පලාමල්ල
හේහ්හේහ්හේහ් මඩ ගැහිල්ලත් එක්තරා ආකාරයක කලාවක්....

December 23, 2010 at 6:42 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails