"හසී නඟාගෙන් පටන් ගත් මඩ කෝච්චිය ඉදිරියේදී ජීව්, පුබුදු, පොඩ්ඩී, හසී නඟා, හිඟන්නා, උපාසක, කුෂාන් විත් ෆා යන නැවතුම් පසුකරමින් අහිංසකීගේ නැවතුමේ තාවකාලිකව විවේක ගනුඇත‍‍‍..."

වැඩි කතා ඕනි නෑ...මඩ කෝච්චියේ මුල් ගමනාගමනය දැක්කේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පොඩ්ඩක් හොට දාලා එන්නකෝ... "෴ මඩ මඩ මඩ...ලාබයි ලාබයි ලාබයි..... ෴"

ඔන්න ඉතිං ඉස්සෙල්ලා නැවැත්තුව වගේ දැං ආයෙත් මඩ සීරීස් පටන් ගන්න යන්නේ....


හයවෙනි මඩ පාර....කිව්වත් වගේ මේ නඟරයේ විදී දිගේ ඇවිදන් ගිය වෙන කාටද අපේ මේ ජීව් අයියට ඇරෙන්න....

ඔන්න ඉතිං කාලිංග අයියා කිව්වනේ අපේ තිස්ස අයියට සිංදුවක් කියන්න කියලා.තිස්ස අයියා නොබියව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේපකලා.(එහෙම හරිද මං අහන්නේ...)ඇත්ත හැබැයි වැඩේ වැරැද්දුවේ කාලිංග අයියා.සිංදු කොහොමද කියන්නේ..ගායනා කරනවා මිසක් නේද.බැරි දේවල් නොකරන් අඹරෝ වගේ තිස්ස අයියා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කල එකත් හරි.තිස්ස අයියා ඉතිං ලංකාවේ අර දේශපාලුවො බොලේ පාස් කරනවා වගේ මයික් පොල්ල කුෂාන් අයියට බාර කලා...එයත් ඊට නොදෙවෙනි නෑ.ආයේ තිස්ස අයියට දුන්නා බොරු බයිලා පාරක් ගහලා.අපි නොදන්න සිංදු කාරයෝ...ඔන්න ඔය වෙලාවේ ඉතිං අපි ගැන දුක හිතිලා හසියා අසල ඉදන් හිපටු ජීව් අයියා උඹලා දෙන්නට බැරිනම් දියව් මං කියන්න කියලා මයික් පොල්ල උඳුරලා අරන් කිව්වනේ සිංදුවක් අහ් වැරදුනා කිව්වේ නෑ...ගායනා කලා නෙවැ.ඔන්න හසියා ඉක්මනින් විඩියෝ පාරක් දැම්මා.හැබැයි විඩියෝ කරන්න පටන් ගනිද්දි කෝච්චිය ගිහින්.කොහෙද ඒවා රෙඩි කරගන්නත් වෙලාවක්.උඳුරගත්ත ගමන් මයික් පොල්ල කියාගෙන කියාගෙන ගියා.ඉතිං සිංදුවේ මුල්ම කොටස නැ හොදේ.ඔය විඩියෝ එක අතර තුර බලන්නකෝ ජීව් අයියගේ සිංදු කීමේ හැකියාව නිසා මාරයියට නින්දත් ගිහින්.බොහොම අමාරුවෙන් තමයි මිනිහා ඇහැරලා හිටියේ.බොරුනම් බලන්නකෝ.ජීව් අයියා සිංදුව ගායනා කරන ෆ්‍රේම් එකේදී වම් පැත්තෙන් ඉන්නවා කංචන අයියා.මිනිහටම මාර චූන් එකක් ගිහින් තියෙන්නේ.බලන්නකෝ හසියා කියන්නේ බොරුද කියලා.ඇයි ඒ මදිවට දකුණු පැත්තේ ඉන්නේ අපේ මේ පුබුදු කොලුවනේ.ඌටනම් ඉතිං කඳුළු පැන්නේ නැති එක විතරයි.බලන්නකෝ මූඩ් එකේ හැටි.දැක්කම දෙන්න හිතෙනවා මූඩ් ෆික්ස් වෙන්න ජින්ජර් බිස්කට් එකක්.මොනා වුනත් ඉතිං කාපු බූට් වලින් එකක් දෙකක් මතකෙට එන්න ඇතිනේ...පව්නේද...
දැන් කිව්ව ටික මතකද මන්දා..ඔන්න වීඩියෝ එක තියෙනවා.බලන එකයි ඇත්තේ‍‍‍...



සිංදුවට ප්‍රතිචාරනම් තිබ්බා.අන්තිමට මොකෙක්ද මන්ද විසිල් පාරකුත් ගැහුවේ.
හසියා ඉතිං මධ්‍යස්ථ මතධාරී සාධාරණ කොටා නිසා ඇත්තම කියනවනම් ඉතාමත් දුර්වලයි.ශෘතියද (කෑ ගැහුවට හරියට ලිව්වද මන්ද...) මොකක්ද එක කෑලේ.මිනිහා නිදි.ඔහොම පුළුහන්ද සිංදු කියන්න.ආ...? තුන්වෙනි වටේට තියා දෙවෙනි වටේටවත් යවන්න බෑ කියලා තමයි කියන්නේ.මොකාද මේ ජීව් කාරයාව දෙවෙනි වටේට එවපු එකා...


හත්වැනි මඩ පාර කාටද දෙන්නේ...ම්ම්ම්ම්ම්ම්ම මේක හීන් මල්ටි මඩ ප්‍රහාරයක්...(හැමෝටම එකයි....)

ඔන්න ඉතිං කෂ්ටිය දැන් කන්න බොන්න සෙට් වුනානේ ගෙට් එකෙන් පස්සේ.ෂේප් කෑම ටික.ඔන්න ඉතිං කන්න ඉස්සෙල්ලා අපේ මේ හිඟන්නා අඩන්න ගත්තා කෑම පැකට් එක ඉස්සරහා තියාන ෆොටෝ එකක් ගන්න ඕනි කියලා.පව්නේ ඉතිං හිඟන්නගෙත් ආසාවනේ.ඔන්න ඉතිං ගත්ත ෆොටෝ එකත් දැම්මා.ආව් ආව් හිඟන්නා...කවදා කාපු කොන්ක්‍රීට්ද මෙව්වා නේද...

ඔන්න දැන් පේනවානේද අපේ පුබුදු කොලුවගේ උනන්දුව.උනන්දුවද පෙරේත කමද කියන එක පොඩ්ඩක් හිතලා බලලා තීරණය කොරන එකයි ඇත්තේ‍‍.‍..පේනවනේ බත් පැකට්එක එක පාර බඩට දාගන්න විදිහ තමයි හිතන්නේ ඔය...වැඩේ අසාර්ථකයි.මොකද හසියා පුබුදුවට මතක් කරලා දුන්නේ මේ ගෙදර නෙමේ කියලා..

ඔය අපේ හසී නඟා ඔච්චර කෙට්ටු වුනාට කන හැටි දැක්කම කලන්තේ හැදෙනවා.හසියාගේ බත් එකෙන් බාගෙකට හසී නඟා වැඩේ දුන්නා.දුන්නේ නැතිනම් ගහනවා කිව්වා.ගුටි කනවා කියලා ඔහොමත් ගුටි කන්න පුළුහන්ද මං අහන්නේ...කැත වැඩේ කියන්නේ ගිඟන්නගෙ බත් එකෙනුත් බාගයක් දුක නැතිව ගත්තා‍‍.(හිඟන්නගේ පාත්තරේටම තමා හසී නඟාත් කඩා පාත්වෙන්නේ කියන්නේ ඕකටනේ...)

පොඩ්ඩිනම් අඬ අඬා කිව්වා අනේ මගේ බත් එකනම් ඉල්ලන්න එපා.මට මේකත් හොදටම මදි කියලා.කොහොම හරි පොඩ්ඩිගේ බත් එක බේරුනේ කාලංග අයියා ඇවිත් කිව්වනේ තව බත් පැකට් තියනෙවා ඕනි නම් අරන් කන්න කියලා.ඒක කිව්වා විතරයි හසී නඟා හිටපු තැනක්වත් නෑ. බැලින්නම් බත් පැකට් දෙක්ක අත් දෙකෙන්ම උස්සන් එනවා.දුක නැතිව ඒ බත් පැකට් දෙකට හසී නඟා‍ වගකිව්වා.ගෙදර අලියාව මතක් වෙලා හසියගේ ඇහැට කදුළුත් ආවා.ගෘහස්ථ හිංසනය යටතේ කොච්චර පීඩනයකින් ඒ මිනිහා ජීවත්වෙනවා ඇත්තේ‍‍‍ නේද....

(මල්ටි මඩ කියන්නේ මේවට තමා....)

ඔය ෆොටෝ එකෙන් තව එකෙක්ගේ හොර වැඩක් මාට්ටු වුණා.බලන්නකෝ හොදට.ඔය බත් පැකට් දිහා කෙලා හලා හලා ඉන්නේ එහා මේසේ ඉදන් වෙන කවුද නේද....අපේ මේ උපාසක බළල් උන්නැහේ මිසක්...වෙලාවට දැක්කේ.නැතිනම් අපේ බත් පැකට් එකට වගකියන්නේ කොහෙවත් හිටපු හොර උපාසක පූස් තඩියෙක්‍‍.(අහුවෙත්දෙන්කෝ ඔය හොර පූස් තඩියා....)


ඔතන පොඩ්ඩි හිඟන්නට කෙප්පයක් අතාරිනවා.මොකක්ද කියලා අහඟන්න බැරිවුනානේ හසියට.මොකද මේ ෆෝටෝ ගැනිල්ල නිසා.හසී නඟත් ඉතිං හැමදේම දන්න ඇත්ති වගේ අනුන්ගේ කතාවලට හොට දාගෙනමයි...පේනවනේ ගෑණු ගතිය....


දැන් එහෙනම් ඊළග මඩ පාර අපේ මේ පුබුදු කොලුවටනේ...අනේ අහිංසකයා....(අපිනේ දන්නේ...)

ඔන්න දැන් ඉතින් කට්ටිය කාලා බීලා සතුටු සාමීචියේ යෙදෙනකොට බැලින්නම් පුබුදු කොලුවා නෑ.මාර සීන් එකනේ.පස්සේ බැලින්නම් තමයි දැක්කේ පැත්තක තිබ්බ පුටුවක හොදට වාඩිවෙලා කෝල් එකක කියලා.අපිත් හිතුවා ඉතිං ඔෆීෂියල් කොල් පොල්ලක් වෙන්න ඇති කියලා.ඒත් කතාව ඉවරවෙන පාටක් නෑ.මෙන්න බොලේ එක පාරට මේකා උම්බෑ කියන්න ගත්තා ෆොන් එක‍ට.අහ් ෆෝන් එකට නෙමේ අනිත් පැත්තේ කතාකරපු කෙනාට වෙන්න ඕනි මයෙ හිතේ‍‍.කවුද කියලා අපිනම් දන්නේ නෑ ඕන්...පුබුදු කොලුවගෙන්ම අහල බැලුවනම්...ඔන්න මල් කඩන වෙලාවේ ගත්ත ෆොටෝ එකකුත් දැම්මා.දැන් කෂ්ටියට ෂුවර්නේ.නැතිනම් අර ඊයේ හසී කෙල්ල හසියා කියපු දේවල් බොරු කියලා කියන්න අසාර්ථක උත්සහයක නිරතවුණා වගේ පුබුදු කොලුවත් ට්‍රයි කොරයි.(ඒවා කොහෙද මල්ලි මේ හසියා එක්ක...ආ....) හසියට ඒවා සාර්ථකව මැඩ පවත්වන්න පුළුහන් හොදේ.

(මල් පොහොට්ටු ගොඩායි.....)


මේ මඩ පාර පිස්සු ඩබලකට ගහන්න යන්නේ....හා කවුද කියන්න බලන්න....හරියට හරි වෙන කාටද ඉතිං කුෂාන් ඇන්ඩ් ෆා ඩබලට තමා‍....

මේ දෙන්නා හරියට රයිනයි සූකරයි වගේ.(වෙගේ මොකක්ද නේද ඉතිං....) ඇඟේ සයිස් එකෙනේ නෙවේ.මොලේ සයිස් එකෙන්.ඉතිං ඔය කුෂාන් කාරයා අපිව අන්දන්න කියලා වෙන්න ඇති හදුනාගැනීමේ පෙරැට්ටුවේදී කිව්වේ "මට අදාල වෙන කවුරුත් නෑ..බ්ලා බ්ලා බ්ලා...." කියලා.ඔන්න එතනම එහා පුටුවේ හිටපු ෆා අක්කත් ඒ බයිලා එකම ගැහුවේ අපිව තවත් ගොනාට අන්ඳන්‍න වෙන්න ඇති.අනේ මුං දෙන්නා වගේ මෝඩ ජෝඩුවක්‍.කෙලින්ම ඇත්ත කිව්වනම් මේ ඉන්නේ මගේ වෙන්ඩ වයිෆ් ඇන්ඩ් වෙන්ඩ හබී කියලා කතාව ඉවරයිනේ.කොහෙද ඉතිං.

අනිත් එක කුෂාන් කාරයා හිතන් ඉන්න ඇත්තේ පොර කියල වෙන්න ඇති.කොන්ඩේ කපා ගන්න සල්ලි නෑ කිව්වනම් දෙනවා කීය කීය හරි එකතු කරලා.අර ෆා අක්කා පොඩි කාලේ කොණ‍්ඩෙ‍ට දාපු බෑන්ඩ් එකක් දාගෙන් කොණ්ඩේ තියේ කියලා පෙන්නනවා.ඒ මදිවට ජේ.ඩී. කාරයත් ඒක පුරුදු වෙලා.පිස්සු නැත්නම් ෂෝක්..

කුෂාන් කාරයා එක්ක ෆෝටෝ ගත්ත අයට මතක ඇති හැමවෙලේම කේජු කේජු ගානවා.(කේජු කියන්නේ කේක් කියලා දන්නේ දනිතිනේ...)ඕකට හේතුව වෙලා තියෙන්නේ පොඩි කාලේ කුෂාන් කාරයා බයලු ෆෝටෝ ගන්නවට.ඉතිං පොඩි කාලේ ෆෝටෝ ගන්නකොට හැමදාම දුන්නලු කේජු.තාමත් ඉතිං බයලු‍.ඉතිං ඒකයි ඔය හැමවෙලේම ෆෝටෝ ගන්නකොට කේජු කේජු ගානේනේ.දැනගත්තේ විශ්වාසවන්ත ආරංචිමාර්ගයක් හරහා ඕන්‍‍‍...(ඉතිං කවුද කියලා අහන්න ඕට්ටු නෑ ඕන්....)

ඔන්න ඉතිං හසී ෆැමිලි එකත් ඔය කුෂාන් අයිය ඇන්ඩ් ෆා අක්කා තියලා ෆොටෝ එකක් ගත්ත නෙවැ.කේජුම තමයි....

(පිස්සු ඩබලක් පිස්සු ෆැමිලි එකක් සමග)


අති සාර්ථක දහවෙනි මඩ පාර අළුතින් අඳුනාගත්ත අහීංසකීට...මේක හීන් මඩ පාරක්...තාම ජූනියර්නේ...(පව්නේ පොඩි එකී...)

ඔන්න ඉතිං අර ඉස්සෙල්ලා කිව්වා වගේ පිස්සු ඩබල එක්ක ‍ෆොටෝ එකක් ගන්නකොට පැත්තක හිපටු අහීංසකී අඬ අඬා කිව්වා මාවත් ෆොටෝ එකට ගන්නකෝ කියලා.කොහෙද හසියට ගෑණු දැරිවියෝ නළවලා පුරුද්දක් තියේයෑ.ඉතිං ඔන්න හසියත් කිව්වා එහෙනම් හොටු කඳුලු පිහදාගෙන පැත්තකින් සෙට් වෙන්න කියලා.කොහෙද මැදටම එන්න ඕනි කිව්වනේ.පොඩි එකීගේ ආසාවනේ කියලා එන්න දුන්නාම බලන්නකෝ නේද..කාන්තා පාර්ශවයේ හැටිනෙවැ.ඔන්න ඉතිං ෆොටෝ එකක් ගත්තා‍ කියමුකෝ.ගෙදර ඇවිත් බලද්දී තමා හසියට තරු විසික්වුනේ.අහිංසකී කියලා එතන ඉදලා තියෙන්නේ භූතියක්‍‍.බොරුනම් ෆොටෝ එක බලන්නකෝ.‍‍...

(අහිංසකී භූතීට දකුණු පැත්තෙන් ඉන්නේ කවුරුත් දන්න මලහොල්මනක් ඊටත් දකුණු පැත්තෙන් ඉන්නේ කවුද කියලා කිව්වොත් හසියට වෙන්නේ අයි.සී.යූ එකේ මාස ගාණක් ඉන්න...නොකියා ඉන්න තරමටම හොදයි....)

පේනවා නේද...ඕකනේ කියන්නේ සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ කාන්තාවන් කියලා....


හෆ්ෆේ මඩ කල්දේරම ආයෙත් වේලිලා නෙවැ.ආයෙත් වතුර ටිකක් දාලා පහේ අඩු වැඩි නැතිව දාලා රත්කරලා ගෙන්නම්කෝ....මඩ කෝච්චිය දැනට අහිංසකීගේ නැවතුමේ නතරකලා තියන්නම්කෝ‍‍‍...තරහා නෑ නෙවැ...මේ මඩ කල්දේරම හදාගෙන ආයේ එන්නම්කෝ හසියා....


ආයෙත් කියන්නම්...

"මඩ වැදුනු ඇත්තෝ ඇත්තියෝද....
වදින්න සිටින ඇත්තෝ ඇත්තියෝද...

තරහා අවසර හොදේ....‍"



එහෙනම් හසියා දැනට වාෂ්ප වෙන්නම්කෝ.....


ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

44 comments:

ඇයි අප්පා ඔච්චර අමාරුවෙන් සිංදු කියන්නෙ.
මටනං පේන්නෙ මාරය අඩනව වගේ සිංදුව අහං ඉන්න බැරුව.

අර මල්ටික ගංගාරාමෙට පූජකරල ආවනං හරිනෙ.

December 22, 2010 at 2:34 PM  

හපොයි මෙහෙමත් මඩ..

පුබුදු මල් කඩනවා කියල මෙහෙමත් කඩනවද ?

December 22, 2010 at 2:45 PM  

වෙලාවට අපි අවේ නෑත්තේ .. ඔය මඩ අතර අවනම් අපිත් ඉන්න්වනේ නෙද .?

December 22, 2010 at 2:52 PM  

අම්මප මලේ... මේක දකින කල් මං දැනන් හිටියේ නැහැනේ මම එච්චරම ලස්සනට කිව්වා කියලා... මඩක් වගේ වුණත් සෑහෙන ලොකු සේවයක් ඔයා කරලා තියෙන්නේ... මං දැක්කා ටැබූ ගේ ගෝලයෙකුත් මම ඉල්ලං කාලා චාටර් වුණා කියලා තිබුණා. පව්... ඒක ලියපු මනුස්සයාගේ හිත රිදෙයි කියලා මමත් මුකුත් කිව්වේ නැහැ....
ඒත් මම මං ගැනම ආඩම්බර වෙනවා බය නැතුව ඉදිරිපත් වෙන්ඩ හොඳ එඩිතර කමක් මට තියෙනවා කියලා....
මොකෝ කියන්නේ...?

December 22, 2010 at 3:00 PM  

අඩෙ දැං හසි මලයත් අර දුමියා වගේ වෙලානේ..
ඇත්ත තමා මං බොහෝම අමාරුවෙන් ඇහැරගෙන හිටියේ..හිහ් හිහ්...

උඹ ඒ උනාට මල්ලියේ අර දැරිවිට එහෙම කියන එකනං වැරදියි..මම වතාවක් ඇවිත් බලනකොටත් ඒ කෙල්ල බත් එකෙං බාගයක්වත් කා ගන්න බැරුව අත ගගා ඉන්නවා...
මං ඒත් හසී නගාගෙන් අහලත් ගියේ..මොකද කන්න බැරිද කියලා..?
එහෙව් දැරිවිට ඔහොම කියන්න එපා බං..
හැබැයි ඉතිං ඒ පළවෙනි එකද..එහෙමත් නැත්තං අංක දෙක හෝ තුනද කියන්නනං මං දන්නේ නැහැ..හැබැයි මම බලනකොටනං කා ගන්න බැරුවයි හිටියේ...

අර ෆා ජෝඩුව ගැනනං කතා කරන්න එපා..
මටත් අර බෑන්ඩ් එක ගැන සෑහෙන පුස්නයක් තිබුනා..ඒත් අර සංසදේට ගිය ඇනෝ ගොයියා සද්ද නැතුව බත් ගිලලා ආවා වගේ මාත් ඔන්න ඔහේ නොකර සද්ද හිටියා...
ෆාට හොඳනං අපට මොකෝ කියලා..
හැබැයි ඔය විදියට ගියොත් ෆාට හෙයාර් බෑන්ඩ් එකක් තියා..වෙන කොය්යම්ම මලඉලව්වක්වත් ඔය කුසානයගෙන් ඛෙරගන්ට බැරි වෙනවා..හිහ් හිහ් හිහ්...
අර මල් කැඩීම ගැනනං මම හරියටම කියන්න දන්නේ නැහැනේ...

ඒක නෙවෙයි අර භූත නගාගේ පොටෝ කෑල්ල දක්කමනං මටත් හිතුනේ සංසාරෙක හැටි කියලා තමයි...
කොයිතරං ලස්සන දැරිවියක් උනත් ඉතිං භූතියක්නං මක්කටැයි නේද..?

December 22, 2010 at 3:09 PM  

කතා දෙකක් නෑ........ මූනන් ගිය ආත්මෙ මඩ කරියෙක් .. හික්

December 22, 2010 at 3:32 PM  

Jeew ගේ සිංදුව නම් මාරම ලස්සනයි ..

හසීයෝ උඹනම් ලඟදීම හොඳ හෝටලේකින් කනවා මේ මඩ ජොබ් එක නිසා ..

හාබැයි නවත්වන්න එපා තව මඩ තියනවනම් ගහපං මේකත් මාරම ගති වැඩේ ..!!

ජයවේවා !!

December 22, 2010 at 3:39 PM  

@Praසන්ன
හේහේහේහේ ඒකනේ මාත් අහන්නේ...මටත් නින්ද යාගෙන වගේ ආවා පොඩ්ඩක්‍‍‍‍...

December 22, 2010 at 4:17 PM  

හප්පච්චියේ මෙන්න මාව මඩ වලින් නාවලා.හසියාව වාශ්ප කරන්නම වෙනවා දැන්.ඉන්නකෝ හසී අක්කට කන්ට්‍රක්ට් එකක් දීලා උස්සනවා

December 22, 2010 at 4:18 PM  

@පබලු
අක්කටත් ඕනි?

හේහේහේ ඒකනේ...බපලු අක්කට එහෙම කඩගන්නත් ඉතිරි කොරානම් නරකෙයි....

December 22, 2010 at 4:19 PM  

@ඉලංදාරියා
අනිවැ ඩැෆා.....හේහේහේ ඒවුනාට ආවනම් හරි අප්පා...මඩ ෆන් එකක් ගන්න තිබ්බා....

December 22, 2010 at 4:21 PM  

@Jeew
අනිවා අයියේ...ඒ භූතයා දුන්නු බත් පංගුව කාලා ගිහින් නෙවැ බත් පත දුන්නු එකාටත් බැනලා තිබුනේ...ඕවා ගණන් ගන්නේපා...ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ හාල්පාරුවා කියපු කතාවෙන් කෙනෙක්ගේ හිත ගොඩාක් රිදිලා.අනේ මන්දා...ඒවගේ කෙනෙක්ව රිද්දලා තව කෙනෙක්ට සතුටු වෙලා ඉන්න බෑ මම දන්න ලෝ දහමේ හැටියට නම්....

මේක අයියේ පුංචි මඩක් විතරයි...අයියාගේ සිංදුව ඇත්තටම ලස්සනයි.ඒ හන්දා තමයි මඩකුත් අල්ලා දැම්මේ....

අපි කරපු දේ අපිට තියේවි...උන් කොරගත්තේ දේ උන්ට තියේවි...බලං ඉමු...මොකාද දිනන්නේ කියලා...

අහ් මේ තරහා වෙන්න එපා...තව පොඩි මඩක් ඊළග පෝස්ට් එකේන දෙන්නම්කෝ‍‍‍...

December 22, 2010 at 4:27 PM  

@මාරයාගේ හෝරාව
හේහේහේ ඒකනේ හසියා කවදාවත් බොරුකියන්නේ ‍නෑනේ....

අහ් ඒ කියන්නේ අයියේ උඹ හසිගේ බත් එකටත් බැල්මට් එක දැම්මා නේද...අනේ අනේ මාරයියේ...
හේහේහේ අමාරුවෙන් කන්නේ කියන්නේ...ඒ තුන්වෙනි පැකට් එක‍‍‍‍...
ඔය පේන්න එහෙම කන්න ඇත්තේ...තුන්වෙනි එකත් කාලා තව එකකුත් කන්න යන්න හැදුවේ...වෙලාවට කෑම පැකට් ඉවරවෙලා...

ආයෙත් අහලා...ඒ අනෝටත් කාපු කෑම කාලා යහතින් ඉන්නවද දන්නේ නෑනේද....? කෙලෙහිගුණ නොදත් උන්නෙවැ...
ඔව් නේද...ඒත උන්දෙන්නගෙ වැඩක්නේ...
හැබෑව හැබෑව‍....

හිහිහිහිහි ඒකනේ...මොනාවුනත් ලොවෙත් නෑ මේ වගේ භූතියෝ....

December 22, 2010 at 4:33 PM  

@Hasitha ජයසූරිය
හැබෑද පොඩ්ඩියේ..උඹ කොහෙන්ද බං ගිය ආත්මේ ගැන කියන්න ඉගෙන ගත්තේ‍‍‍?
එතකොට උඹ මොකාද ගිය ආත්මේ...වැස්සියක්ද?

December 22, 2010 at 4:34 PM  

@හිස් අහස
හ්ම්ම්ම්ම්ම ඇත්තටම ලස්සනයි තමා‍‍....

හේහේහේහේ තරු පහේ හෝටැලේකින් නම් සිරිම තමා ඉතිං‍‍‍....
ආයෙත් අහලා...ඇයි දේශපාලුවන්ට විතරද හොද...අපිට නරකෙයි....

උඹටත් ජය වේවා‍...!!!

December 22, 2010 at 4:36 PM  

හෆොයි මඩ හසියාගේ නවාතැන පුරාම.......... :h :h
ජීව් අයියා ලස්සනට සිංදුව කියලා ඇත්තටම....... :t

මාරයියා ඇඬුවද නැත්නම් මටත් මයික් එක දුක හිතිලා හරි දෙයි කියලා අරම හිටියද දන්නෑ..... මාර ගී කට්ටිය අහලා තියන නිසා මයික් එක දෙන්නැතුව ඇති මයේ හිතේ.......... :n :n

පුබුදු මලේ මල් කියලා ඇපල්නේ බොල කඩලා තියෙන්නේ..... හික්ස්.... බැලුවනම් හොඳට...... අපරාදේ ඇපල්ටික බෙදලවත් දෙන්න එපායි අතුරුපසටවත් කට්ටියට....... :o :o

කුෂාන් අයියි ෆා අක්කයි අරම කිව්වේ කට්ටිය ගැන දන්න නිසා බය වෙලා වෙන්ටැ එතනම බන්දලා දායි කියලා කට්ටිය එකතුවෙලා....... :a :a

අහිංසී අක්කියේ අර නටන්න බැරි මිනිහට පොළව ඇදයිලු ගනන් ගන්න එපා හසියානේ ෆොටෝ එක අරන් තියෙන්නේ.... හික්ස්..... :q :q :q :q

දිග....... කමෙන්ට් එකක් දැම්මා ඔන්න........

December 22, 2010 at 5:32 PM  

බුදු අම්මේ මෙහෙම මඩ කඳක්...
මට මතක් වෙන්නේ මිනි මැරතන් එකේ වතුර ගැහිල්ල....

එල එල.....

කොහොම උනත් කස්ටිය සෙට් වෙනවා නම් එච්චරයි...

ජය....

December 22, 2010 at 5:40 PM  

අනේ හිත හොඳ මාරයියාට විතරයි තේරුනේ මම කාපු හැටි.. :b මේ හසියෝ මඩ ගැහුවාට කමක් නෑ බොරු කියන්න එපා හරිද? පෝයට පස්සේම මඩ ගහන්න සෙට් උනේ බොරු කියන හින්දා නේ.. :k:k :K :q

December 22, 2010 at 5:44 PM  

@හා පැටික්කි (MS)
බැරිද හොර හාවිට ඇවිත් සුද්ද කරලා දෙන්න...
හේහේහේ අනේ හාටියේ කෙප්ප නැතිව ඉන්නවද...

අහලා බලන්න ඕනි මාරයගෙන්ම තමා..මිනිහා මාර බණක් නම් කියන්න හැදුවා.වෙලාවට වටාපත තිබුනේ නෑ...
හාවිගේ ඇස් පොඩ්ඩක් අවුල් ගිහින් වගේ...නරකද චෙකප් එකක් දැම්මෝත්...
වෙන්න ඇති එහෙනම්...
අනේ යන්න නිකන් හාවියේ...අනිත් අය ඔය ලස්සනට ඉන්නේ...නිකන් එන්න එපා බොරු චෝදනා කරන්න...

හේහේහේ ඔන්න මාත් දිග රිප්ලයි එකක් දුන්නා...

December 22, 2010 at 5:53 PM  

@බිඟූ...!
හේහේහේහේහේ බිඟුවා මිනි මැරතන් ගියේ නැතිනම් හසියා අද කැලේ....

ගොඩදවසකින් මේ පැත්තේ....

හ්ම්ම්ම්ම්ම..අයියත් ආවනම්....
උඹටත් ජය පිට ජය අයියේ....

December 22, 2010 at 5:55 PM  

@හසී
හරි හරි දැන් මාරයියාත් දන්නවා ඔයා කාපු විදිහ....බොරු කරන්න එපා....
බොරුයෑ කිව්වේ...බලන්නකෝ බොරුද කයලා ලඟපාත හිටපු අයගෙන් අහලා....

December 22, 2010 at 5:57 PM  

@පුබුදුවා
හේහේහේහේ ඒවා කොහෙද....
මේ හසී අක්කා පව් බං...එයා කොහෙමද බලපං ඔය ඇඟත් එක්ක මාව උස්සන්නේ...මාව ඉස්සුවොත් අර කාටුන් වල වගේ පොලොවත් එක්ක ගිලා බැහැගෙන යයි හසී නඟා.‍...පව්නේ..මඩක් ගැහුවට කමක් නෑ උඹට ඕනිමනම්....ඒත් බං ඔය වගේ ලණු දෙන්න එපා...හරි නෑනේ..නේද....

December 22, 2010 at 5:59 PM  

ubala kanakota eha paththe thaniyama kanne kawda.moka unath eka thaniyama paww wade.

anika niyama sukara nil shirt ekak adalane hitiye.oya uda photo ekakuth thiyenne.

jeaw aiyage siduwanam ithin patta.kiyalaaaaaaaaa wadak na.

nama nodama comment eka danawa.tharaha unoth ehema.

December 22, 2010 at 7:47 PM  

හිටාපියකෝ අක්කව ජිම් එක්කගෙන ගිහින් කොහොම හරි මහත් කරලා උස්සණ එක උස්සණවමයි

December 22, 2010 at 8:14 PM  

@Anonymous
හේහේහේ එයාත් එක්ක තව යාළුවෙක් හිටියා.ඒ දෙන්නම බත් කෑවේ නෑ.ඒකයි දෙන්නා පැත්තකට වෙලා හිටියේ....

හැබෑට....

කවුද කුෂාන් අයියද මේ....? ම්ම්ම්ම වේන්න බෑ...
මොකද මිනිහා දන්නවා තරහවෙන්න දෙයක් මෙතන නැනේ...
කවුද හැබෑටම‍‍ මේ ඇනයා..අහ් නෑ නෑ ඇනො...

December 22, 2010 at 8:15 PM  

@පුබුදුවා
මේ බං ඔයිට වඩා හොද නැද්ද අර කාටුන් වලවගේ හුලන් ගහලා හසී නඟාගේ ඇඟ හැදුවනම්...සිම්පල් පෑල්න් එකක්නේ....

ජිම් එක්කන් ගිහින් උඹ අපේ හසී නඟාගේ කොන්ද කඩන්නද හදන්නේ...ආ...?
ඒවා කොහෙද අපිත් එක්ක...පුම්බලා උඩ අරිනවා....

December 22, 2010 at 8:23 PM  

හික් හික්, මානුෂික (මඩ)මෙහෙයුම නැගල යනව නේද බං. නන්දිකඩාල් කලපුවේ බැහැගෙන ගේම දෙනව නේද :d

December 22, 2010 at 9:08 PM  

බලමු අක්කගෙන් අහලම බලනවා සිම්පල් ප්ලෑන්ද කම්ප්ලෙක්ස් ප්ලෑන්ද කැමති කියලා?කෝ මේ අක්කා?හවස දාපු නැප් එක තාම එහෙමමද කොහෙද?අක්කේ නැගිටින්න.............

December 22, 2010 at 10:25 PM  

හප්පේ දැන් තමයි බොලේ ඉස්පාසුවක් ලැබුනේ කොමෙන්ටුවක් දාන්නවත්. වෙලාව රෑ (පාන්දර ) 1.45. ඒත් ඉතින් මේක දැක්කහම කමෙන්ට් එකක් නොකර යන්නෙ කොහොමද.

අනේ හසිය මලේ, උඹත් දැන් පටන් ගත්තනේ අර මාරය වගේ මඩ ගහන්න. අපි වගේ පොඩ්ඩක් හැදෙන්න බලපන්කො රටේ අනාගතය බාරගන්න ඉන්න පුරවැසියො නේද....අනේද කියන්නෙ....!

හැබැයි ජීව් නම් මඩේ පිපුන නෙළුම වගේ.... සින්දුව නම් සිරාවටම සිරා. කොහොමද ලාවට සංගීතෙ පාරකුත් ආවනම්. ෆුල් මූඩ් එකට කියන නිසානේ තව පොඩ්ඩෙන් මාරය උනත් තව පොඩ්ඩෙන් අඬන්නෙ... මම එහෙම ජජ් බෝඩ් එකේ හිටියනම් කෙලින්ම යනවන්නෙ අවසාන වටයට.....! ජීව් ඇත්තට්ම උඹ නම් සිරාවටම සින්දුව ගායනා කරනවා....මෙන්න මගෙනුත් විසිල් පාරක්..!!

මේ හසිය මලේ පව්නෙ බං අනිත් ඈයෝ, අපි වගේ අනුන්ට මඩ නොගහ ජීවත් වෙන හැටි ඉගෙන ගනින් ඔය මාරය වගේ වෙන්නෙ නැතිව .... :)

December 23, 2010 at 3:23 AM  

පේනවනේ මල්ලි මට තියෙන ප්‍රතිචාර... අන්තිමේ හම්බවුණු අත්පුඩි ටිකයි විසිල් පාරයි එල නේ... කට්ටියම ‘වන් මෝ‘ කියලා කෑ ගහපු ටික රෙකෝඩ් කරලා නැහැනේ...

December 23, 2010 at 7:41 AM  

@Ranga
හේහේහේ තව මඩහැලියේ තියෙන්නේ එක පෝස්ට් එකකට විතරයි මඩ....බලමු තව මඩ ටිකක් නන්දිකඩාල් කලපුවෙන් හරි හොයාගන්න....:c

December 23, 2010 at 10:04 AM  

@පුබුදුවා
කියන්න එපා.... :a :a
අක්කා වයසයිනේ බං....ඉතිං නිදාගත්තහම එහෙම එකපාරට ඇහැරෙන්නේ එහෙම නෑ‍...නින්ද ගියොත් ගියාමයි....:c
අපිත් ඉතිං ඇහැ‍රවන්නේ එහෙම නෑ...මොකද එකපාරටම ඇහැරලා මෙමොරියට අප්සැට් ගියොත්....ජංජංලයක්නේ වේනනේ.... :n :n
අද හවස විතර එයි...එතකොට අහල බලපංකෝ... :p
හැබැයි උඹට තියෙන ආදරේට පොඩි අවවාදයක් දෙන්නම්... :r :r ගෑනු අතට දෙන්න එපා බං පිස්ටෝල්....උන් එකෙන්ම අපිට තියනකම් අපි දන්නේම නෑ...පරිස්සමින් ඒ හන්ද.... :p :p

December 23, 2010 at 10:10 AM  

@දුමී
අහා...ඊයේ එහෙනම් පාටි වගේ...හොදා හොදා....

මාරයියගෙන් කෙසෙවෙතත් ඉතිං ඔක්කොටම මඩ ගැහිල්ල පුරුදු කරේ අර කට කහන කතා ලියන එක්කේනා නෙවැ...මාරයියත් පටන් ගත්තේ එයාගෙන්ම වෙන්න ඕනි...නැතිව නැතිව අපිත් වැඩිහිටියන් ආදර්ශයට අරන් හැදෙන්න එපායෑ....නේද....

හ්ම්ම්ම්ම්ම් ඇත්තටම සිරා‍නම් තමයි...කොහෙද ඉතිං අපේ උන් ඉන්නේ කොරපු දේ විවේචනය කොරන්නමනේ...
එහෙම පිස්සුද අයියේ...නැගීගෙන එන වැඩ පුළුහන් එකාට අපේ රටේ අතදෙන්නේ නැනේ..පයින් ගහලා එලියට දානවා...මේ අයියා ඉන්න රට නෙමේනේ...අපේ සිරි ලංකාව මේ...හික්ස්....

හා අයියේ කියනකම් හිටියේ...ඊළග පාර හරි සෙට් වෙන්නේ නැතෑ‍...මඩකලපුවේ ඔබලා මඩ නාවලා ගන්න අපේ මේ දුමි අයියාව..ලොල්ස්...

December 23, 2010 at 10:18 AM  

@Jeew
ඒකනේ නේද...මං චාද මන්දා...
දුමී අයියත් පොඩ්ඩක් මුරුංගා අත්තේ තියලා තියෙන්නේ....හික්ස්...

හොදා හොදා...ඔය කටාර් පැත්තේ තියෙනවනම් සිගින්ග් ස්ටාර්ලා තෝරන තරඟයක් තියෙනම් ඇප්ලයි පාරක් දැම්මනම්....සිරි ලංකාවේ නම් හිතන්නවත් එපා...ඒවයේ තෝරන්නේ සිංදු කියන්න බැරි එකානේ.....

December 23, 2010 at 10:20 AM  

හසී නගාගේ බත් කන කතාවටනම් ඕං මාත් සාක්ෂි. මං හසියා එක්ක කතා කරද්දී එතෙන හිටපු ඔක්කොමලා කෑම කනවා, හසී නගා විතරක් කාලා ඉවරවෙලා අනිත් අයගේ කෑම දිහා බල බල අත ලෙවකකා හිටියනේ. ෂිඃ.. බලන්න කැතයි. මොනා කොරනන්ද ඉතිං, පොඩි එකානේ කියලා මාත් ඒ විගඩම බලං හිටියා.

December 23, 2010 at 10:24 AM  

ඇත්තටම මේ උපාසක කෑම එකට කෙල හලනවා නෙවෙයිලු ඉතින්.. සාඩම්බර හසී පවුලෙ ආහාර අනුභවය දැකල කෑම කන්නත් අමතක වෙලා බලං ඉන්නෙ. ආයෙ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ.. :q

December 23, 2010 at 11:59 AM  

මඩ සෝදා ගත් කළ හසියා .......................... සුදුසුයි, ( කැමති වචනෙකින් හිස්තැන පුරවන්න )

December 23, 2010 at 1:36 PM  

කල දසාව හොඳයි කියලා හිතෙන්නේ

වෙලාවට ආවෙ නැත්තේ....

December 23, 2010 at 3:29 PM  

@prasanna86k
අන්න ඒකනේ කියන්නේ...ඔය තුන්වෙනි බත් එකත් කාලාතමා ඒ උඹ එකක් කතාකරන ගමන් අපේ බත් එකට හොට දැම්මේ....
‍වෙලාවට උඹ හරි හිටියේ...නැතිනම් ඇනිත් උන් හිතන්නේ මං බොරු කිව්වා කියාලා...

December 23, 2010 at 5:52 PM  

@blog gadol
අහ් ඇත්තද උපාසක බළල් උන්නැහේ... :p
අහ් වෙන්න පුළුහන්...:r අපේ හසී නඟා කන විදිහ ෆස්ට් ටයිම් දැක්කහම පොඩ්ඩක් ෂොක් වගේ...ෂේප් ෂේප්... :q
ඇයි උඹල ලොවි ගහට දුන්නද වැඩේ....අපරාදේ...:n

December 23, 2010 at 5:54 PM  

@Hasitha
ම්ම්ම්ම්මම්ම්ම්ම් මොකේටද....ඕක පුරවලා දැම්මනම් හරිනේ මගේ සහෝ....

December 23, 2010 at 5:55 PM  

@කැන්ඩි...
හරි හරි කවදා හරි සෙට් වෙමුකෝ....

December 23, 2010 at 5:56 PM  

ජීව් ගායකය වෙලා නොවැ... හික් හික්... ඔව් ඔව් ගායනය නම් හොඳයි. 2 වැනි වටයට යන්න පුලුවන් හික් හික්

මාරයා අයිය නම් අංශෙ වැඩ කොරන්න අරන් වගේ අමාරුවෙන් ඉන්නෙ හික් හික්

December 23, 2010 at 6:13 PM  

@පිස්සා පලාමල්ල
හ්ම්ම්ම්ම්...ජීව් අයියා තමා දවසකටත් මිනිහා...පට්ටේටම කිව්වා...
මාරයා ඔය පොඩි ෂොට් එකක් අනුමත වෙලා ඉන්නේ...ඇස් වලින් ගින්දර පිටවෙනවා....

December 23, 2010 at 7:15 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails