"අහිංසකීගේ නැවතුමෙහි විවේක ගත් මඩකෝච්චිය ජීවි, පුබුදු, මල්ටි මඩ, හසී නඟා පසුකරමින් හසියා වෙත ඇදෙනු ඇත‍‍...."

වැඩි කතා බහ ඕනි නෑ...දන් කෂ්ටිය දන්නවනේ හසියගේ මඩ කෝච්චිය ගැන.දැක්කේ නැතිකෙනෙක් ඉන්නවනම් දැන්ම පෝඩ්ඩක් හො‍ට දාලා ලොවෙත් නැති මඩ ටිකක් ගාගෙන බැරිනම් නාගෙන ආවනම් තව මඩ ටිකක් නාගන්න....

මඩකෝච්චියේ පළමු භාගය.....
"෴ මඩ මඩ මඩ...ලාබයි ලාබයි ලාබයි..... ෴"

මඩකෝච්චියේ දෙවන භාගය.....
"෴ මඩ මඩ මඩ...තව ඉවර නැද්ද මේ මඩ කල්දේරම.... ෴"


ඔන්න ඉතිං නැවතත් මඩකෝච්චිය ඉදිරයට ඇදෙමින්.....


සාර්ථක එකොලොස් වෙනි මඩ පාර... මේ නගරයේ වීදී දීගේ ඇවිදන් ගිය අපේ මේ ජීව් අයියටම තමා‍‍‍ ඕන්......

ඉතිං ඔන්න දැන් කෂ්ටිය ආහාර අනුමත වෙලා එහෙම සතුටු සාමීචීයේ යෙදුණනේ...ඔන්න ඔය අතරේ ආවා නේද ලස්සන අක්කා නඟෙක්...ඇස්වහක් කටවහක් නෑ ඉටි රූපේ වගේ.පස්සේ තමයි දැක්කේ අයිතිකාරයා...වෙන කවුද ඉතිං ජීව් අයියා තමයි...අක්කා නම් ඇත්තටම ලස්සනයි.(හසියා බොරු කියන්නේ නෑනේ...කියලත් නෑනේ....) හැබැයි ඉතිං මොනාවුනත් එවලේ තිබ්බ මූඩ් එකද එහෙමත් නැතිනම් හැටිමද මන්දා පොඩි අවුලක් තිබ්බා වගේ.ඒ අක්කගේ මුණට චීස් කෑල්ලක් එහෙම දැම්මනම් උණුවෙන්නේ දාන පරක්කුවෙන්...ඒ තරම්ම කූල්....ජීව් අයියත් ඉතිං අනේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ (වචනෙ සැරද මන්ද...) මීක් නෑ....වෙලාවට ඉතිං ජීව් අයියගේ වයිෆ් අක්කා ගෙට් එකට මුලදි ආවේ නැත්තේ.නැත්නම් ඉතිං ඔය ෆුල් මූඩ් ගහලා සැන්ටිමැන්ටල් විදිහට සිංදු කියන්න යෑ...නේද....

ජීව් අයියගේ වයිෆ් අක්කා දැක්කගමන් හසියා ඉතිං ජීව් අයියට පොඩි වොර්නිං පාරක් දුන්නා...අදනම් පුතේ ගෙදර ගිහින් හමාරයි කියලා..මිනිහට ඒක තේරුණේ නැද්ද...නැත්නම් ඉතිං වයිෆ් ඉස්සරහා නිසා කරබාගෙන උන්නද කියන එකනම් හසියා දන්නේ නෑ ඕන්...හැබැයි ජීව් අයියා ගෙට් එකෙන් පස්සේ දවස් දෙක්ක විතර යනකම් දැක්කේම නෑ....පස්සේ තමයි කරලියට බැස්සේ...ඔය පානදුර පැත්තේ කෂ්ටිය නම් කිව්වේ ගෙට් එක දවසේ හවස ඉදන් පියාඹන පීරිසි, පිඟන්, කෝප්ප එහෙම අහසේ පාවෙනවා දැක්කා කියලා.වෙච්චි දේ හිතාගන්න පුළුහන් ඇතිනේ...අනේ අසරණ අපේ මේ ජීව් කොලුවා....හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.....!!!


ඔන්න ඉතිං දොලොස්වෙනි මඩ පාර....අපේ අර හයේ හතරේ කොලුවා...බුපුදු නෑ නෑ... පුබුදු කොලුවට තමා මේ හීන් මඩේ....

ඔන්න ඉතිං දැන් ඔක්කොම කයි කතන්දර අහවර කොරලා සැවොම සතුටින් විසිර යනමොහොතේ අපි හිපටු බිල්ඩිමෙන් පහලට ආවේ අර ඇලිවේටොර්ද මොකක්ද එකෙන් නෙවැ...(කවදා කාපු ජම්බෝලද මෙව්වා....)ඔන්න ඉතිං කෂ්ටිය දඟලලා දඟලලා අර ඇලිගේටරේද මොකක්ද එක‍ ගෙන්නගෙන ඇතුලටත් ගියා.දැන්මේක පහලට යනකොට අපේ මේ පුබුදු කොලුවා උඩ පනින්න ගත්තා‍‍...ඉවරයක් නෑ ඉතිං උඩ පැනිල්ල...හසියා හිතුවේ පුබුදු කොලුවට මොකක් හරි දෙයක් මතක් වෙලා ගිය චූන් එකක් නිසා ඇතිවෙච්ච සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්න ඇති කියල....පස්සේ කෝකටත් කියලා කවුරුත් නැති වෙලාවක අහල බලපුවහම කිව්වේ, "ඇයි බං ඉතිං දැන් අපිට යන්න ඕනි පහලටනේ‍‍....ඉතිං අපි උඩ පැන්නාම අපේ බරට තමා ඕක පහලට යන්නේ.ඒකයි ඉතිං උඩ පැන්නේ..." කියලා. කොහොමද අපේ පුබුදු කොලුවගේ මොලේ... හැබෑටම එතකොට උඩට යන්න පහළට පනින්න ඕනිද පුබුදු කොලුවෝ...?


දැන් ඉතිං දහතුන්වෙනි මඩ පාර....මේකත් හීනි මල්ටි මඩක්.....

අපේ මේ හසී නඟාට හරි ආසාවක් තියෙනවා මුහුදේ රැල්ල පාඟන්න.ඉතිං ඔය හොතුව නිසා අපි හිතුවා ගෙට් එකෙන් පස්සේ පොඩ්ඩක් එයාට ඇති තරම් රැල්ල පාඟන්න ගෝල්ෆේස් පැත්තට ගිහින් දාන්න.ගිහින් දාලත් බෑ...කඹ වලින් බැදලා කොරලා තියන්න එපායෑ...‍හුලං පාරටයි රැල්ලටයි අහුවෙලා පාවෙලා ගියොත් මොන දෙයියන්ට කියන්නද ඉතිං......(හසියට නම් ඔය තිස්තුන් කොටියක්ද කොහෙද ඉන්න දෙයියන්ව පොඩ්ඩක් වත් ෂුවර් නෑ...මුකත්ම කොරගන්න බැරිව අපෙන්ම යැපෙන සැට් එකක්නේ....ඉතිං හසියා උන්ට මුකුත්ම කියන්නේ නෑ‍‍‍....) ඉතිං දවල් වෙද්දි තිබ්බ සීතල නිසාම අපි තීරණය කොර අපේ හසී නඟාගේ ආසාවට වැට බදින්න...පව් පෙඩි එකීගේ ආසාව....

ඔන්න ඔය අස්සේ අපේ මේ පොඩ්ඩිට ඕනි වුනා නෙවැ බේරෙ වැවේ හංස බෝට්ටු පාරක් පදින්න...අපි මුලදි හිතුවා එදා පොඩ්ඩිට වෙච්ච දේ නිසා මේකි පනියි කියලා බේරේ වැව මැද්දට ගිහින්...කොහෙද ඒකවත් කොලේ නෑනේ....ඔන්න ඉතිං හංස බෝට්ටුවට නැග්ගේ දේන්නා දෙන්නා.අලි පස්දෙනෙක් එක බෝට්ටුවක ගියොත් හොදට තියෙයි...හිඟන්නයි ජේඩී කොලුවයි එකකට නැඟ්ගා.(කෙල්ල කවුද කියලා හසියා දන්නේ නැතෝ‍‍.....)අපේ පුබුදු කොලුවයි පොඩ්ඩියි නැග්ගා එකකට (හරි රොමැන්ටික්.....) අනේ අසරණ හසියාට නඟින්න වුනේ හසී නඟා එක්ක.නැග්ග කරුමේ කියලා හිතුනේ ඒ වෙලාවේ...(හසියා ගැන දුකේ බෑ....පව් නේද....)


දාහතරවෙනි මඩපාර අපේ මේ පොඩ්ඩිට....

දැන් ඉතිං කෂ්ටිය හංස බෝට්ටු පැදලා කකුල් දෙකට වැඳ වැඳා යන්න පිටත් වුනා.ඔන්න එතකොට අපේ මේ පොඩ්ඩිට දොළදුකක් පහලවු‍නා හංස ‍බෝට්ටු පදින්න ගියා පුබුදු කොලුවා එක්ක ටැයිටැනික් බයිස්කෝප් එකේ තිබ්බ සීන් එකක් රඟදක්වන්න...(හෆ්ෆේ ඇඩල්ට් සීන් එකක් නෙවේ....ඒත් එහෙම එකක්ද මන්දා කියලත් හිතනෙවා....) ඔන්න ඉතිං බේරේ වැව ළග තියලා තියෙන නැංගුරමක් ළගට වෙලා දෙන්න ලව් සීන් එකක් රඟදැක්කුවා...හසියා වැඩි දුර ගෙනියන්න දුන්නේ නෑ...බෑනේ මුං දෙන්නව අල්ලන් ගියොත් අසභ්‍ය විදිහට ප්‍රසිද්ධීයේ හැසිරුණා කියලා..ඔන්න ෆොටෝ එක තියෙනවා....

(ෆුල් රොමැන්ටික්....)

දැන් ඉතිං ඔය සීන් කෝන් රඟදක්වලා කෂ්ටිය මොනාහරි බොන්ට කියලා හොයන් ගියා...(ඇඟරත්වෙන්න නෙවේ කූල් වෙන්න දෙයක් හොයන්....) ඔන්න ඉතිං කඩයක්ද හෝටලයක්ද කූල්ස්පොට් එකක්ද මන්ද එහෙකට ගියා.ඔන්න කෂ්ටිය කික් කෝලා බොන්න කතා කරගත්තා.අපේ හසී නඟා ඉතිං කික් ගන්න ඕනි නෑ කියලා ක්‍රීම් සොඩා එකක් ඉල්ලුවා.ඔන්න ඉතිං දැන් අපි කික් ගහනකොට හසී නඟා ක්‍රීම් සොඩා ගහනවා...පස්සේ ඉතිං හසී නඟා හසියට ක්‍රීම් සොඩා එක දීලා කියනවා හසියෝ ආ බොන්න පොඩ්ඩක් කියලා.හත්ඉල්ව්වට ගහපු කලාබරේ කිව්වලු..මේ මොකෝ මේ...එකපාරට අපි ගැන ආදරේ පහල වුනේ ඇයි කියලා.පස්සේ තමා තේරුණෙ...එයාට මේ අපි බොන කික් කෝලා බොන්න ඕනි වෙලා.නැතිනම් දෙයි මෙයාලා.(ඔය කෙල්ලෝ අපිට දෙයක් දෙන්නේ ඉතිං ගන්න දෙයක් අපේ අතේ තියෙනම් විතරමනේ....හා‍ නැද්ද මං අහන්නේ....) ඔන්න ඉතිං හසී නඟාටත් දුන්නා.පව්නේ ඇඩුවොත් නළවන්නේ කොමැයි...ඔය අතරේ පොඩ්ඩිත් හසී නඟාගේ ක්‍රීම් සෝඩා එක අරන් කික් කෝලා එකට එක අනුපාතයට මික්ස් කොරලා ගැහුවා.අපිට මොකෝ ඒකිට හොදනම්‍‍...දැන් පොඩ්ඩට පොඩ්ඩක් කික් වගේ....පොඩ්ඩක් නෙවේ හොදටම...කඩෙන් එළයට බැහැල එද්දි තමා අපිටත් ඒක තේරුනේ.දැන් අපි පෙටා එන්න බස් හොල්ට් එකට පොඩ්ඩක් මෙහා නැවතිලා හිටියා බස් එකක් එනකන්.පොඩ්ඩි මේ අතරේ අපිට කියනවා ඒ බංස්ලා අතන පට්ට කෑලි ටිකක් ඉන්නවා යංකෝ බං බස් හෝල්ට් එක ළගට කියාලා.ඔන්න පොඩ්ඩිගේ කුකුල් ගතිය...හැබැයි ලොකු අවුලකට තිබ්බේ එතන හිටියේ කෙල්ලො ටිකක් නෙවේ කොල්ලෝ තුන්දෙනෙක්...(අහ් හරිනේ කෙල්ලොත් කොල්ලන්ට කියන්නේ කෑලි කියලනේ...ෂේප් ෂේප්....)

කොහොම හරි පොඩ්ඩිට වැදිච්ච කික් එක නිසා පොඩ්ඩි දවස් තුනක් යනකන් පේන්න හිටියේ නෑ.ගෙදරට කතාකරලා බලපුවහම කිව්වා පොඩ්ඩිගේ ඔළුවේ දෙහි ගාන්න දැන් දෙහි කිලෝ පහකටත් වඩා ගෙනාව කියලා.තාමත් කිසිම අඩුවක් නෑ කියලා...පුළුහන් කෙහෙල් මලක් කොරන්න එපායැ....මදෑ පොඩ්ඩි කික් ගන්න ගියා....


අති සාර්ථක පහලොස්වැනි මඩපාර අපේ මේ හසී නඟාට.....

ඔන්න දැන් අපි බස් එකේ නැගලා පෙටා එනකොට අපි ඉදගත්තා පිටිපස්සේ සීටි එකේ.අපි කිව්වේ හසියයි, පොඩ්ඩියි, හිඟන්නයි.එතකොට පුබුදුවා පිටිපස්සේ දොරට ඉස්සරහා සීට් එකෙන් ඉදගත්තා.පුබුදුවා හිටපු සීට් එකට හරියටම අනිත් සයිඩ් එකේ තිබ්බ සීට් එකේ අපේ හසී නඟා ඉදගත්තා‍‍...දැන් තමයි හොදම සීන් එක...බස් කාරයට නැට්ට පැගිලා ඇරලා තියලා යනවා...ඉතිං වංගු ගන්නකොට අපේ මහත හසී නඟා සීට් එකපුරාම එහා යනවා මෙහා යනවා...හරියට නිකන් සරල අවලම්බයක් වගේ...ඔහොම යනකොට තුන් පාරක් විතරම හසී නඟා සීට් එකෙන් එළියට විසික් වුණා.ඒ හැමපාරම අපේ මේ පුබුදු කොලුවා තමා පයින් ගහලා හසී නඟාව බේරාගත්තේ‍‍‍...සීට් එකෙන් එළියට පනින කොටම පයින් එකක් ගහනවා සීට් එකේ එහා කොනටම විසික්වෙන්න...වෙලාවට අපේ පුබුදු කොලුවා ස්ථානෝචිතප්‍රඥාව යොදලා අපේ හසී නඟාට එහෙම කොලේ...නැතිනම් ඉතිං අපේ හසී නඟා බස් එකෙන් එළියට විසික්වෙන්නේ බස් එකේ තඩි දොරෙන් නෙමේ ජනේලෙකින්....ඇයි ඉතිං හුලං පාරට ඔරෙත්තු දෙන්නේ නෑනේ....


(පුබුදු කොලුවා එඩිතරව අපේ හසී නඟාව බේරාගන්නා එක් අවස්ථාවක්.....)


ඔන්න ඉතිං හසියගේ මඩ කෝච්චිය දැන්නම් ගමනාන්තට ඇවිත්‍‍....මඩකල්දේරමේ පොඩ්ඩක් තව මඩ තියේ...ඒක මේ අපේ ගුණගරුක අවංක සත්ඟුණවත් නැණවත් හසියාතුමාට....මේච්චර වෙලා මඩ ගහපු අපේ මේ හසියාතුමටත් මඩ පාරක් ගැහුවේ නැතිනම් ඉතිං හරි නෑ වගේනේ... මේන්න එහෙන්ම් ඒ මඩ පාර....

ඔන්න ඉතිං කෂ්ටය හංස බෝට්ටු පදින්න ගිහින් හසියාතුමායි හසී නඟායි එකබෝට්ටුවේ නැග්ගා කියලා හසියාතුමා ඉස්සෙල්ලා කිව්වනේ... ඔතන හොද සීන් එකක් වුනා.දැන් ඉතිං හංස බෝට්ටුවේ නැග්ග අනිත් කෂ්ටිය සහයෝගෙන් දෙන්නම ලස්සනට පදිනවා .ඒත් ඉතිං හසියාතුමා නැග්ග බෝට්ටුව පැද්දේ හසියාතුමා තනියම.හසියාතුමා කකුල් දෙක කාඩාගෙන පදිනවා....දුකේ බෑ...හසී නඟා ඉතිං සුක්කානම අරන් කරකෝනවා එයාට ඕනි ඕනි විදිහට....(රියදුරු දෑතට නොව, රිය පදවනා කකුල් දෙකට බුදු සරණයි.....)ඉතිං ම‍ගෙත් කට කහන නිසා මං ඇහුවා හසියාතුමාගෙන් මොකෝ මේ තනියම පදින්නේ හසී නඟාත් එක්ක පදින්න කියලා.ඉතිං හසියාතුමා කියනවා‍‍...."හසී නඟාත් බෝට්ටුව පැදලා එයාගේ හන්දිපත් රුදාවයි කකුල්වල රුදාවයි ඇවිස්සුනහම තෙල් බේත් ගාන්නේ කවුද...අනිත් එක ‍ඔය වයසේ හැටියට තරුණ ගැටිච්චියෝ වගේ වෙහෙස මහන්සි වෙන්න හොද නෑනේ...ඉතිං මං කිව්වා හසී ඔයා පදින්න ඕනි නෑ මං පදින්නම් කියලා".ඒකත් හැබෑව හැබෑව.ඔය වෙලාවේ මට තව පුශ්නයක් පැණ නැග්ගනේ.ඒකත් ඉතිං හසියාතුමාගේන් අහලා නිරාකොරණය කොරගත්තා.මං ඇහුවේ එතුමගෙන් "දැන් ඔච්චර වයස හසීට ඇයි ඔබතුමා නඟා නඟා කියන්නේ...එහෙම නඟා කියන ඔබතුමාට ඊටත් වඩා වයසද...? "කියලා.එතකොට හසියාතුමා කියනවා... "නෑ බං මට නම් වසය අවුරුදු 22යි.අපේ හසීට වයස අවුරුදු 86ක් විතර.ඔච්චර වයස වෙලත් තාම හසී බැදලා නෑනේ.ඉතිං අපිට ඔය හසී කිව්වා අනේ මට බදින්න කෙනෙක් සෙට් කරගන්න ඕනි...ඒ හන්දා කට්ටිය ඉන්න තැන හසී නඟා කියලා කියන්න.මං මේකප් එකෙන් අවුරුදු 22 විතර කෙලි පොඩ්ඩක් වගේ ඉන්නම් කියලා.මොනා වුනත් හසීගේ ආසාව නිසා අපි තීරණය කොලා හසී නඟා කියලා කතාකරන්න...".ඔන්න බලන්න පිංවතුණි මේ පවුලේ තියෙන බැදීම...ආදරය...එක පවුලේ නොවුනත් දක්වන ආදරය අනුකම්පාව අනොන්‍ය අවබෝධය...

එහෙනම් හසියාතුමාට මඩ ගහපු මං නැවතත් අපේ සත්ගුණවත් නැණවත් කරුණාබර දයාබර හසියාතුමාට මඩ කෝච්චිය බාර දීලා පැත්තකට වෙන්නම්....මම තමයි මඩ කරියා....ටාටා හොදේ....


අහ් එහෙනම් කෂ්ටිය අන්තිමට හසියටත් මඩ ගැහුවා...හසියට මඩ ගහන්න ඉතුරුවෙලා තිබ්බ එකම තුරුම්පුව අර මඩ කරියා මහතා ගැහුවනේද...දැන් ඉතිං හසියට මඩ ගහන්න බලන් උන්නු අපේ මේ දේශමාමක දේශද්‍රෝහී හසී නඟා ඇතුළු අන්ඩපාල සෙ‍ට් එකට හුලං තමා...අනේ පව් නෙවැ....


ම්ම්ම්ම්ම් 19 තිබ්බ සිංහල බ්ලොගර්ස්ලාගේ එකතුවෙදී සිදුවෙච්ච සිදුවීම් කිහිපයක් අල්ලාලා තමයි හසියා ඔය මඩ කෝච්චිය සංවිධානය කොරේ...ඇත්තටම ගෙට්එක සංවිධානය කරපු කාලිංග ඇතුළු සෙට් එකට ගොඩක් ස්තූතියි...ඔවුන් ඒක සංවිධානය කරපු නිසා තමයි අපිට මේවගේ ෆන් එකක් ගන්න ලැබුනේ...ඇත්ත අඩුපාඩු තිබුණා.අනවශ්‍ය දීර්ඝ කතා දෙක්කම තිබුණා කියලා කියන්න ඕනි.තව පොඩ්ඩක් කෂ්ටියගේ සුහදතාවය වැඩිවෙන විදිහේ අංගයක් දෙකක් ඇතුළත්ව තිබුණනම් නියමයි..උපරිමයි...අවුලක් නෑ...අපි නැගිටින්න ඕනි වැරදි මතින්..ඊළග පාර ඔය වැරදි නිවැරදි කරගෙන මේ ආවටත් වඩා සෙට් එකක් එකතු කරගෙන මීටත් වඩා හොද ගෙට් එකක් තියමු.එකනේ වෙන්න ඕනි දේ...

බොක්කෙන්මයි කියන්නේ හසියනම් ෆුල් හැපී විත් දිස්ටයිම් ගෙට්....මැක්සා විත් රොක්ස්.....


අහ් අද අපේ මේ ජිල් අක්කගේ හයියෝ නෑ නෑ... අපේ මේ දිල් අක්කගේ උපන්දිනේ......අපරා‍දේ 19 ගෙට් එකට ආවනම් උපන්දිනේට කවදාවත් අමතක නොවෙන්නම මඩහැලියක් දෙන්න තිබුණා.....හසියා අහල තියෙන විදිහටනම් දිල් අක්කත් හොද මඩ පප්පියක් බස් එකතුල..... ඔන්න ඉතිං ඒ මඩ පප්පිටත් සුභම සුභ උපන්දිනයක් වගේම කරන කියන සියළුම කටයුතු සාරථකවෙන්නත් සතුට නීරෝගී සුවය සදා රැදෙන්නත් කියලා හසියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......


තුන්වෙනි පාරටත් කියන්නම්කෝ...

"මඩ වැදුනු ඇත්තෝ ඇත්තියෝද.... වදින්න සිටින ඇත්තෝ ඇත්තියෝද... තරහා අවසර හොදේ....‍"


එහෙනම් හසියා දැනට වාෂ්ප වෙන්නම්කෝ.....


ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

26 comments:

ආ.. දැන් කවුද ඔයාත මඩ ගහන්න හැදුවේ... :q :q :q ඔයාම නාගත්ත එක හොඳයි.. :p :p :p

December 23, 2010 at 5:42 PM  

@හසී
අහ් අර හසී නඟා ගෙදර මඩහැලියක් ලිපේ තියනවා කියලා ආරංචි වුණා...:r අලියා තමා කොල් කරලා කිව්වේ.... :a

හැබෑද...අනේ වාසනාවන්...ආයේ සෙට් වෙමුකෝ...නේද.... :p :e

December 23, 2010 at 5:59 PM  

හසියෝ..ඔන්න ඉතින් ඔයාට මාව මතක් වෙලා සුබ පෑතුවට ගොඩාක් ස්තූතියි හොඳේ .... :) ඔයාල නිසා මන් සතුටෙන් ජීවත් වෙනවා... ස්තූතියි :)

December 23, 2010 at 6:08 PM  

සු මම හිතුවෙනම් ඊලග G2G එක එනකම්ම මඩ තියෙයි කියල......අපරාදේ :r

December 23, 2010 at 6:09 PM  

හපුච්චියේ මඩ තොගේ... උපරිමයි... හික් හික්.

December 23, 2010 at 6:16 PM  

හික් හික්!! මෙහෙමත් මඩයෙක්! මටපං පේන්නෙ අපේ දුමී එක්ක "හොදම මඩයා" තරගයට හසියත් තරග කරනවද කොහෙද? :q:q:q

December 23, 2010 at 6:43 PM  

හසී නගා පව් අප්පා අහි0සක ළමයා මොනා හරි කර ගනීද මන්දා අනිත් අතින් පොඩ්ඩි අනිච්චේ දුක්ඛේ ස0සාරේ හැටි තමා. . .

හිකිස්...

December 23, 2010 at 6:49 PM  

මඩ නම් මඩ මේවා හසියගේ මඩ කිව්වලු,,,

December 23, 2010 at 7:10 PM  

@ජීවිතේමල්
හේහේහේ‍හේ ඕවා මොනාද අක්කේ... :g :a :d
අපි හැමෝම මිනිස්සු...මොකටද තරහා මරහා...අනිත් කෙනාගෙ සතුට හැකියාවන් දැකලා හදවතින් හිනාවෙන්න පුළුහන්නම් හැමෝටම කොච්චර හොදද...

December 23, 2010 at 9:00 PM  

@අඳුරෙන් එළියට
හේහේහේ වැඩිය මඩ දාන්න ගියින් කෂ්ටියට එපා වෙනවනේ... :c

December 23, 2010 at 9:00 PM  

@පිස්සා පලාමල්ල
ඇයි පිස්සටත් ඕනිද හසියාගේ මඩ පාරක්...:r සැට්වෙමුකෝ ලංකාව පැත්තේ ආවහම.... :e

December 23, 2010 at 9:02 PM  

@blog gadol
අහ් එහෙමත් තරඟයක් තියේද...:p නියමයි නේද... :t
පුසන්ටත් බැරියැ ඇප්ලයි කොරන්න...:r ඔය ඕනි තරම් ගහලා තියෙන්නේ මඩ‍.:p

December 23, 2010 at 9:17 PM  

@හසී රන්
හෆ්ෆේ නැ...එයා පට්ට බයයි...කටනම් තියෙනවා...ඒත පණ බයයි...අඩු තරමේ තුවාලෙකට බෙයි දාන්නවත් කාටවත් ළගට එන්නේ දෙන්නේ නැතිලු...ඒ තරම්ම බයලු....

කමෙන්ට් එක දකිනකොටම හිතුනා ඔයා තමා මේ කියලා...
මොකද මේ බ්ලොග් අවකාශේ "ං" ට "0" දාන්නේ ඔයා විතරයි‍‍...
ඒක ඔයා ඔයාගේ අනන්‍යතාවයටද පවිච්චි කරන්නේ...?
("ං" ටයිප් කරන්නේ "X" Key එකෙන්....)

December 23, 2010 at 9:28 PM  

@පබලු
ආයෙත් අහලා....ඕනිද ඔයාටත්‍....අනේ පොඩ්ඩක්....

December 23, 2010 at 9:29 PM  

චිකේ ! අඩිය තියන්න බෑ හැමතැනම මඩ ගාල..

ජයවේවා !!

December 23, 2010 at 9:37 PM  

@සඳරු
එහෙනම් පොඩ්ඩක් හෝදලා දීලා පලයන්කෝ...
මල්ලි උඹටත් දෙන්නද ලාවට හීනි මඩක්...

උඹටත් ජය වේවා...!!!

December 23, 2010 at 9:48 PM  

හප්පේ මේකා මාව මඩ වලින් නාවලනේ.මේ මඩ ටික යවාගන්න බැරි වෙයි සතියක් එක දිගට නෑවත්,අක්කගේ නම් මඩ කොහොමවත් යන එකක් නැහැ.ඇයි ඉතින් නාන්නෙත් නැහැනේ.

මට හිතෙන්නේ අපි ඔක්කොමලා ඇත්තම සහෝදර සහෝදරියෝ වගේ එක කුස උපදුනේ නැතත්.

ජයවේවා හසී අයියට!

ඔන්න අපිත් වාශ්ප වුනා

ඒස්වඃ පුඃ

December 23, 2010 at 11:15 PM  

අපොයි යන්තම් ඇති. මඩ කල්දේරම අයින් කලා....... ඔය හැලියත් හොදලා නවාතැනත් හොදලා දාන්න.......

හසී අක්කිට කල්දේරමෙන් තුන් කාලක්ම ගහලා තියෙන්නේ..... දැන් එයා මඩ ගාගෙන මහත් වෙලා ඇතිනේ මැටි රූපේ වගේ හැඩට........ :q :q

ජීව් අයියේ අක්කත් මේවා කියවනවද???? එහෙනම් ආයේ පීරිසි පිඟන් පියාඹයි.......... :a :a

December 24, 2010 at 8:55 AM  

@පුබුදුවා
අවුලක් නෑ බං...රින්සෝ බාල්දියක බැහැල හිපටන්කෝ...වැඩේ හරියයි....
උඹ ඉදල හිටලා ඇත්තත් කියනවා නේද...හසී නඟා නාන්නේහ නෑ...මාස දෙකකට සැරයයා නැත්නම් දෙසරයයි.ඇත්තනේ බං ඔය වයසට හීතල එහෙම ටිකක් දරන්න අමාරුයි නෙවැ...

අනිවා සහෝ...අපේ හසී ෆැමිලි එකත් එහෙමයි...නැතිනම් වෙන් කෙනෙක්නම් මෙලහට නඩුත් දාලා හසියට විරුද්ධව (මං කිවේවේ මේ අපේ හසී නඟා ගැන...) ඒකනේ බං වෙන්න‍ ඕනි දේ...නැතිනම් සල්ලිවලට යාළු මිත්‍රකම් නෑදෑකම් සහෝදරකම් ඇපේට තියලා මරාගෙන හරියනවද...අපි මොනවා වෙනුවෙන් ගහමරාගන්නද...යනකොට අරන් යන්නේ කොල හොද විතරනේ...

හෑ බෝල උඹත් එපාර වාෂ්ප වෙන්න ගත්තද...අනේ අනේ යකෝ...හිපටන්කෝ...මම ඇන්ගලන්තෙට ගිහින් දානවා කොපිරයිට් ‍ලෝ නඩුවක්....අපේ රටේ ඔය කෙහෙල්මල නෑනේ...
හික්හික්හික්‍හික්......

December 24, 2010 at 9:03 AM  

ඇති යාන්තං මඩ කෝචිචිය ඉවරයි. දැන් ඊළඟට මොන කෝච්චියක් පටන් ගනීද දන්නේ නෑ? වෙලාවක මූව අල්ලගෙන මඩ වලින් නාවන්න ඕනෙ. අපරාදේ උඹව බේරෙ වැවට වැටුනේ නැහැනේ.

December 24, 2010 at 9:09 AM  

@හා පැටික්කි (MS)
අනේ හොර හාවියේ ඒකත් ඔයාම කොලානම් නරකෙයි.... :e
මේ තුන්කාලක් කියන්නේ කොච්චරක්ද...මට ඔය ගණන් හිලව් දන්නේ නෑ...කාටවත් කියන්න එපා ඕන්... :a
අහ් එයත් කිව්වා මහත් වෙලා කියලා(මම නම් දැක්කෙ නෑ ඕන්....) හැබැයි පෙන්නේ මොඩයින්ට විතරක් වෙන්න ඕනි..... :q :p
ජීව් අයියට වැඩේ හරි වගේ...ෆස්ට් ලිපි දෙක නම් අමාරුවෙන් කියවලා තිබ්බා...දැන්නම් මිනිහා පේන්නත් නෑ,.. :n

December 24, 2010 at 9:20 AM  

@prasanna86k
උඹ බයවුනානේද...උඹටත් මඩපාරක් දෙයි කියලා...උඹ හරියට සෙට් වුනේ නෑ...නැත්නම් දෙනවා නෑවෙන්නම මඩ පාරක්.... :e
අහ් ඒවා කොහෙද... :p
යකෝ බේරේ වැවට වැන්නොත් වෙන්නේ කුණුවෙලා මැරෙන එකනේ....:n

December 24, 2010 at 9:22 AM  

බොලාටනම් කොල්ලෝ ඊලඟ ඉලෙක්ෂන් කාලේදි අම්බානෙකට වැඩ තියෙයි...!

මොනා උනත් සිරා මඩ කෝච්චිය... කොච්චර කිව්වත් අහන්නෙ නෑනේ මඩ ගහන්න එපා පව්නේ කියලා..

අර හසී නගාගෙ ඇඟ පත එහෙම ටිකක් දාල ඇති මේ ගහපු මඩ පාරවල් ඇඟේ වැදිලා වේලිලා...!

December 24, 2010 at 8:17 PM  

@දුමී
එහෙමද අයියා....අයියෝ මං දේශපාලුවන්ට හෙල්ප් කොරන්න කැමති නෑ නෙවැ.... :n

එහෙමතමයි.....ගුරා උගන්නපු ශාස්ත්‍රය අකුරට ඉටුකරන එකනේ සුවච කීකරු ගෝලයෙක්ගේ යුතුකම හා වගකීම...හා නැද්ද මං අහන්නේ.... :e :P

ඔව් එයා නාන්නේත් නැති නිසා දැන් ගොඩක් ඇග තියෙලු...මේ දවස්වල එලියටවත් බහින්නේ නැතිලු වැස්සට තෙමිලා මඩ ටික හේදෙයි කියලා.... :r :q

December 24, 2010 at 11:36 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails