දුක්බර තනිව ගෙවු ඒ
දිවිමඟට සමුදෙමින්

ඇයට පණටත් වඩා

පුද කලෙමි ආදරය මුළු හදින්....

නමුත් ඇය වෙන්ව ගියේ

ඇරඹුමම කදුලක් වෙමිනි.....

දෙවැනි තෙවැනි වරටත්

ලබන්නට සිතු ආදරය

පෙර පරිදිම

ඇරඹුමම කදුලක්ම විය....

ඒ අයුරින් මා හට

ආදරය සරදම් කරන්නට විය....



දිවිමගේ හමුවූ මිතුරන් මිතුරියන්

සහොදර සහෝදරියන්

නෑදෑ හිතවතුන්

නොසිතූ ලෙස වෙන්ව යමින්....

කරනා සියළු දේ මෙන්ම

අලුතින් පටන්ගත් හැ‍මදේම

ප්‍රතිඵල රහිතව

නිෂ්ඵල වෙමින් මා හට

ජීවිතයද සරදම් කරන්නට විය.....



එපා වූ ජීවිතයෙන්

සමුගන්නට සදහටම

බීවෙමි නිදි පෙති

අසුපහක් එක් රැයෙක....

කිසිත් නොවුවෙකු මෙන්

පසුදා අවදි කරවමින් මාහට

මරණයද සරදම් කරන්නට විය....



ළංව සිටි සැමටම

මා වදයක්ම විය...

මා කරදරයක්ම විය...

මා දුකක්ම විය....


මා මෙතෙක්

දැනහෝ නොදැන

සිදුකරඇති සැම‍දේ

වෙනුවෙන් වරදකරු වෙමි

නිවැරදිකරු නොවෙමි......

එය මා පිළිගන්නා එකම සත්‍යයි....

සමාදෙන්න මාහට

හැකිනම් පමණක්

මා අතින් සිදුවූ සැමදේට.....



මෙලෙසින් වූ මාගේ

දුක්බර පව්කාර විඳවන

අරුතක් නොලත් ජීවිතයට

නැවතත් සමුදෙන්නට

කාලය එළෙඹ ඇත‍...
.
කාටත් වදයක් වු මා

තවදුරටත් වදයක් නොවෙමි..

යන්නටම යමි

සදාකාලිකවම නොඑන්නට....




෴____________෴






ප.ලි. :


ම්ම්ම්ම්ම්ම්..... හසියා සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මේ පද ටික ලියන්නට සිතුවේ එක්තරා පුද්ගලයෙක් වෙනුවෙන්....ඒ කෙනා කවුද කියන එක ගැන වගේම ඒ සිදුවීම හොයනවට වඩා ඔහුගේ මානසික තත්වය ගැන කැමතිනම් විතරක් සිතන්න..... ඔහුගේ හැඟීම් හසියට හරියටම අකුරු කරන්න බැරවුණා වෙන්න පුළුහන්...මොකද හසියට පද හරඹයේ දස්කමක් ඇත්තටම නෙමැති නිසා‍‍.....ඒ ගැන අනේක වාරයක් සමාව අයදිනවා ඔබ සැමගෙන්.....






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

26 comments:

පද පෙළ හිතනවට වඩා ගොඩක් සාර්ථකයි. කියවගෙන යන අතරතුර මට දැනුන හැගීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. කවුරුහරි ළඟ ඉඳගෙන කිව්වා වගේ...මට හිතුන සමුගන්න එපා කියන්න..හැමදේම හරි යාවි කියන්න..

December 25, 2010 at 10:02 PM  

හම්ම්ම්... ජිවිතය ප්‍රශ්නාර්ථයක්... දුක හිතෙනව කියවනකොට... :)

December 26, 2010 at 12:48 AM  

උපන්දා පටන් ආදරය දුන් දෙමාපියන්,
දිවිමගේ හමුවු යහළු යෙහෙළියන්,
ඔබේම සහෝදර සහෝදරියන්,
හැර යන්නට නොහැක ඔහුට කිසිවෙකුත්,
ආදරය විටෙක සරදම් කරයි,
නමුදු ඔබේ හැරයාමේන් වන්නේ සරදම ජය ගැනීමයි.
දිරි ගන්න සිතට, යන්න බාදක මැඩගෙන,
දිනෙක ඔබ වේවි හිස් මිනිසුන් පිරුණු ලොවේ
පරිපූර්ණම මිනිසෙකු...

December 26, 2010 at 6:51 AM  

නියමෙට ලියලා තියේනවා දැනෙන්න...!!

December 26, 2010 at 7:27 AM  

ආදරය නිසා‍වෙන්
දිවිය කඳුළක් වුවද
ඒ කඳුළ පහව ‍ගොස්
සතුට ඔබ ‍සොයනු ඇත
මදක් රැදී ඉවසන්න............

අතැර වරදින ජීවිතය
නැගීසිටින්නට අත් වැලක්
ශක්තියක් කර ගන්න පරාජය.......

සිතුවත් සැම ඔබ අතැර යන බව
දෙනෙත මෙන් මෙතෙක් ඔබ රැකගත්
ඔ‍බේ ‍දෙමව්පියන් නැත යන්නේ
කිසිදාක ඔබ මඟ දමා හැර
ඔවුන් ඔබ වෙනුවෙන් ඇති
උතුරන ආදරය විටක හඳුනාගත ‍නොහැක........

දිවිය සැමහට සරදම් කරයි නිරතුරු
එයට එ‍රෙහි වන්නට ශක්තිය ඇත සැමට
ජීවිතය අතැර සදාකාලිකවම යාම ‍නොව
අධිශ්ඨානයෙන් මුහුණ දීමයි මිතුර
නියම පිළිතුර අපට දියහැකි
අපට සරදම් කරන දිවියට............

MS

December 26, 2010 at 10:41 AM  

ඒ හිත කියවන්න කවදාවත් මට බැරි වෙයි...ඒත් ඒක දෙයක් මං දන්නවා...මැ‍රෙන්න යන අයගෙ සිත් ගොඩක් ශක්තිමත් එක්තරා ආකාරයකට...ඒ එයාලට දැනෙන දුක නිසාම ‍වෙන්නැති...දරාගන්නම බැරි වුනාම ඒත් එහෙම කරන එක නිවැරදිද...?විවිධ උත්තර තියෙන ප්‍රශ්නයක් නේද?

December 26, 2010 at 11:08 AM  

පද පෙළ ලස්සනයි................

December 26, 2010 at 11:23 AM  

නිරමාණයක් විදියට නම් හොදයි..සිදූවීම දුකයි..

නිදි පෙති 85ක් බීලාත් උදේ ඇහරුනේ කොහොමද?

December 26, 2010 at 11:53 AM  

හපොයි අපි බයවෙච්ච බයවිල්ල. උඹට ඔය අගට දාලා තියන ඡේදෙ මුලින්ම දාන්න තිබ්බනෙ. හා හා!! දැන් ඉතිං කමක් නෑ, මොනවා වුණත් සිරාවටම ලියලා තියෙනවා. :b:b:b

December 26, 2010 at 5:35 PM  

එළ එළ මැරිලම බලපන්කො...එහෙට වඩා මෙහෙ හොදා....!

December 26, 2010 at 7:02 PM  

සහෝ.. හැමදේම නැතිවෙන්න විදියක් කොහෙත්ම නෑ! මොනා වුණත් ලස්සනයි පද පෙල..

December 26, 2010 at 7:17 PM  

මොකද්ද බං මම හිතුවා උඹටත් යන්න ඕන වෙලා කියලා .. මේ පරක්කු වෙලා හරි පනකඩාගෙන ආවේ ඒකයි ,

මචං ඇස්වහක් කටහක් නෑ . ගින්දරට තියනවා . පින්තූර ටිකත් නියමෙට ගැලපෙනවා . මටත් මැරෙන්න හිතෙන තරමට . මේක සංවේදියි ,

සිරාවටම එල

ජයවේවා !!

December 26, 2010 at 11:32 PM  

@Janani
බොහෝමත්ම ස්තූතියි....
එහෙනම් ඔහුගේ හිතේ හිරවෙලා තිබුනු හැම හැගීමක්ම එලිකරන්න පුළුහන් තරම් මම සාර්ථක වෙලා තියෙනවා....ඇත්තටම සතුටුයි...

December 31, 2010 at 12:20 PM  

@Hipo

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....ඒක ඇත්ත‍.‍‍‍...
අපි පතනදේ නොලැබෙනම...නෙපතන දේම ලැබෙන අමුතුම තාලේ අමුතුම දෙයක්....

December 31, 2010 at 12:23 PM  

@හසී

ඔහුට ඔයා ඔය දවස කවදා උදාවෙයිද?
එතකන් ඔහු ජීවතුන් අතර හිදීද....

December 31, 2010 at 12:24 PM  

@සෝරෝ

බොහෝමත්ම ස්තූතියි සහෝ.....

December 31, 2010 at 12:25 PM  

@Hasitha ජයසූරිය

මොකෝ මේ....
ඔන්න උඹත් ඔය වැඩේ කොරනව එහෙම නෙවේ...

December 31, 2010 at 12:25 PM  

@Anonymous

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
බොහෝමත්ම ස්තූතියි හා පැටික්කියේ....
මං එයාට මේක පෙන්වන්නම්කෝ....

December 31, 2010 at 12:26 PM  

@තරු අහස
හ්ම්ම්ම්ම්....
ඒක ඇත්ත....සමහරවිට අපි මරණයට බය වෙන්න පුළුහන්...එයාලා ඒ අතින් ඉදිරියෙන්....

ඒක ඇත්ත....ඔහුගේ අතින් ඔහු නිවැරදි වෙන්න පුළුහන්....ඒත් සමාජය පැත්තෙන් ඔහු දරුණු අපරාධ කරුවෙක්....
අනේ මන්ද....

December 31, 2010 at 12:28 PM  

@කැන්ඩි...
බොහෝමත්ම ස්තූතියි සහෝ.....

December 31, 2010 at 12:29 PM  

@පබලු

බොහෝමත්ම ස්තූතියි....
හ්ම්ම්ම්...ඒත් ඕක ඕනිම කෙනෙක්ට වෙන්න පුළුහන්....මම දන්න විදිහට මට වුනත්‍‍‍....

ඔව්...ඒක මමත් දන්න සත්‍යම සිදුවීමක්...
නිදි පෙති 10ත් 15ත් අතර ප්‍රමාණයක් බෙහෙවින්ම ප්‍රමාණවත්...ඒත් 85ක් බිලත්....
අපේ පැත්තේන් නම්...."අහ් ලොකු දෙයක්...වාසනාවක්..."
ඔහුගේ පැත්තෙන්‍‍‍..."කරුමයක්....."

හා නැද්ද....?

December 31, 2010 at 12:32 PM  

@blog gadol

බොහෝමත්ම ස්තූතිය සහෝ.....

අහ් කියන්න බෑ....හසියත් දවසක එල්ලිලා තියෙයිද කියලා‍‍‍‍.... :n

December 31, 2010 at 12:33 PM  

@Anonymous
ඔව් ඒකත් ඇත්ත‍‍‍...
කවුද මේ ඇනෝ...?

December 31, 2010 at 12:34 PM  

@ජංජාල චාමර
ම්ම්ම්ම්ම්ම් පිළිනොගනිමි....

ගොඩක් දෙවල් නැතිවනු අහිමිවුනු අය උඹ වගේම මමත් දන්නවා...හා නැද්ද....
ඒ ඒ අයට තව තව දේවල් නැති වුනහම දැනෙන දුක තම බං මේ....මොනාකරන්නද....
පතාගෙන අපුහැටියට එපැයි ඔතාගෙන යන්න....

බොහෝමත්ම ස්තූතියි සහෝ....

December 31, 2010 at 12:41 PM  

@හිස් අහස

අහ්....උඹ බය වෙන්න එපා...මං හොදින්....
බොහෝමත්ම ස්තූතියි හොයා බැලුවට....

බොහෝමත්ම ස්තූතියි සහෝ‍‍‍....

ජය වේවා...!!!

December 31, 2010 at 12:56 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails