ආසයි හිස අතගා
නුඹ සනහන්නට
ආසයි දිග කෙහෙරැලි
සමඟින් දඟකරන්නට
ආසයි නුඹේ සිනිදු දෙතොල්
සෙමින් සීරුවට සිපගන්නට
ආසයි මුමුණා කියන්න
ආදරෙයි කියා නුඹහට
ආසයි විදින්නට ජීවිතේ
නුඹේ ආදරෙන් දයාවෙන් නැහැවෙන



ඒ සිතුපැතු ආසාවන් කිසිදා
නොලැබෙන බව මා දනිමි
නුඹේ ආදරේ සිහිල් ගිම්හල
මෙමට හිමිනැති බැව් දිනිමි
මා විදවන ලද මේ දිවිමග
නුඹෙන්වත් විදින්නට සිතීමි
නුඹේ සතුටම වෙනුවෙන්
ඉදිරියටත් මේලෙසම විදවන්නෙමි


෴_____෴




ප.ලි.:

කෂ්ටිය බලනවා ඇති හසියට මොකෝ මේ එකපාරට කවි සිතුවිළි පහල වෙලා කියලා...මේක ලිව්වේ මීට අවුරුදු කීපෙකට පෙර ඇය වෙනුවෙන්...(හා හා වැඩි විස්තර පස්සේ....)

ම්ම්ම්ම්ම්ම්ම් අද හසියට හසියගේ ප්‍රියතම සිංදුවක් අහන්න ලැබුණා.ඒ සිංදුව ගොඩදවසකින් තමයි අහන්න ලැබුනේ..සිංදුව තමා ටී.එම්. ජයරත්න මහතා‍ගේ "සිතට දැනෙන මේ ලතැවුල්....." ඉතිං හසියගේ මතකය පියාඹලා ගියා නෙවැ අතීතයට...ඉතිං හසියගෙන් ඇය වෙන්වී ගිය වෙලාවේ හිතට ආපු පද ටිකක් තමයි මේ.....ආයෙ ඉතිං වෙනදා කියනවා වගේම පද ටිකනම් චාම තමයි...

හසියා ඔන්න ඉතිං "සිතට දැනෙන මේ ලතැවුල්....." ගීතයේ පද ටිකයි ගීතයයි දෙකම දැම්මා ආයේ කෙනෙක්ට රස විදින්න....





සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබෙ නමින්
ජීවිතයේ කෙදිනක ‍හෝ
සැනසෙන්නට පතා ඔබෙන්‍.....

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ හිමිවේ නම්......

අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්......


ගායනය : ටී.එම්. ජයරත්න
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ විරසිංහ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

25 comments:

පිස්සු කොර අප්පා ...මාත් අද උදේ ඉදලා ..මේ ගැන තමා හිතුවේ

December 27, 2010 at 1:03 PM  

සින්දුවට මමත් ආසය්, ලස්සන පද මාලාවක්.

December 27, 2010 at 1:36 PM  

පව් අප්පා අපේ අහිංසක හසියා. මොකෝ කිරි පුතේ වුනේ? හිත ​ගොඩක් ඌයියා උනාද? ගනන් ගන්න එපා බං, ඕව ඔහොම තමා.

මාත් මේ මගුලක් කියෙව්ව මාත් ඔය බෝට්ටුවෙම තමා බං. හික්ස්... මේ පට්ට සිංදුව බං. අපිටම කියලා වගේ නේද?

December 27, 2010 at 2:07 PM  

ela ela පට්ට සින්දුව ජයවෙවා

December 27, 2010 at 2:37 PM  

:b හසීය මලයටත් හිතෙන එව්වා... ලස්සනයි පද පෙල... දිගටම ලිවනම් ඔං අපිත් කියවනවා..

December 27, 2010 at 3:31 PM  

ලියන්න බෑ කිව්වට ඔය ලියලා තියෙන්නේ.. :e කියන්න දෙයක් හිතාගන්න බැරි තරමටම සංවේදී පද පෙලක් :s :s :s

December 27, 2010 at 5:36 PM  

ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්..
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්..

( හසියාගේ හිතට දැනෙන මේ ලතැවුල් දැක තව තව අයගේ හිතට ලතැවුල් ඇති විය හැක. )
පද පෙළත් ලස්සනයි ප.ලි ත් ලස්සනයි.. :) :)

December 27, 2010 at 7:07 PM  

මඩ සීසන් එකෙන් පස්සේ හසියා පොඩ්ඩක් මූඩ් ගහලා ..මොකද අප්පා හසී අයියට උනේ ..? පරන එවුවා මතක්කරන්නේ ..මම වගේ ඕව අමතක කරලා ඉඳපංකෝ ..

ජයවේවා !!

December 27, 2010 at 7:29 PM  

මඟ බලා හිදිනු මිස
අන් කුමක් කරන්නද
වේදනා හඳ රිදවීද
ඇය නමින් ඉවසන ඔබට
කුමක් කරන්නද වෙන
සිතට සැනසුම ගෙනෙන ඇය
එනතෙක් මඟ බලා ඉඳිනු මිස............

December 27, 2010 at 7:38 PM  

මේක ගැන ඉතින් මං ලියන්න‍ ගියොත් මෙතන................

කොහොම වුනත් හසියාගේ පද ටිකටත් මම කැමතී සිංදුවටත් කැමතී..

December 27, 2010 at 7:41 PM  

හ්ම්ම්......... මටත් මොනවද මොනවද උනා වගේ. නිසඳැස නම් maxaa. හසියට නියමෙටම කවි ලියන්න පුලුවන් කියල මං අද නෙ දන්නෙ...

December 28, 2010 at 4:45 PM  

මොකෝ බං හසියෝ.. මේ???
-කාංචන

December 28, 2010 at 5:16 PM  

@Confiuzd ප්‍රෝග්‍රැමර්
හේහේහේ..... ඒ මොකෝ සහෝ එකපාරටම.....

December 31, 2010 at 1:29 PM  

@samadhi
හ්ම්ම්ම්ම්....මගෙත්‍‍....

December 31, 2010 at 1:30 PM  

@prasanna86k

අහ් ඔව් බං අයියේ....බපලංකෝ මට වුනු වියෝයා....

හේහේහේ ඒ උඹ කොහොද බෝට්ටු වල නැගලා යන්නේ...අපි නම් කමකුත් නෑ...අපිට පීනන්න පුළුහන් කියලා යැ....

December 31, 2010 at 1:31 PM  

@ඉලංදාරියා

තැන්කූ තැන්කූ‍‍....

උඹටත් ජයවේවා....!!!

December 31, 2010 at 1:33 PM  

@සුදු හංසි
ඇයි අක්කේ ඔයාලට කවි පද පෙලවල් විතරමද දිරවන්නේ.....

බොහෝමත්ම ස්තූතියි සහෝ....

December 31, 2010 at 1:34 PM  

@හසී
අඩන්නේපා.... :g
තැන්කූ...... :i

December 31, 2010 at 1:35 PM  

@පබලු

හ්ම්ම්ම්ම්ම් ඒක ඇත්ත‍‍‍...තේරුම් ගත්තේ කිදෙනාද...

මේ අර වරහන් ඇතුලේ දාපු හපරේ මොකක්ද?
දැන් කාටද ලතැවුල් වේ‍න්නේ.... :n

December 31, 2010 at 1:38 PM  

@හිස් අහස

හේහේහේ හැමදාම එකම විදිහට ඉන්න හොදනෑනේ...අපිත් අළුත් වෙන්න ඕනිනේ...

ජය වේවා..!!!

December 31, 2010 at 1:40 PM  

@හා පැටික්කි (MS)

හා...කියනකම්ම කමයි උන්නේ....

December 31, 2010 at 1:40 PM  

@ළමයා

බොහෝමත්ම ස්තූතියි.....

December 31, 2010 at 1:41 PM  

@මම තමයි කුම්භ කරන

බොහෝමත්ම ස්තූතියි සහෝ....

December 31, 2010 at 1:42 PM  

@Anonymous

මොනා වෙන්නද බං අයියේ....ඉස්සර වගේම තමා හසියා...පොඩි අතීතයක් සිහියට නැඟුවා....!!!

December 31, 2010 at 1:42 PM  

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ

January 1, 2011 at 2:11 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails