අහ් කෂ්ටිය සද්ධාවෙන් භක්තියෙන් දෙහොත් මුඳුන්දී වැඳගත්තනම්‍‍.... විහිළුවකට ගන්නේපා ඔන්න හොදේ... හසියගේ මන්තරවල බලේ දන්‍න අය ගොඩක් ඉන්නවා..... ඔය ඔය ඔතන ඉදන් ඉන්න නරපනු මල්ලි තොප්පිය ගැලෙව්වනම්.... විහිලුවක් නෙවේ ඔන්න ආයෙත් කිව්වා.....!!!



ඕං රිං කට්ටු කට්ටු....හසියා ඇවිත් ඔන්න හැමෝටම සුභ පතන්න....ඕං.....ලැබුවාවු නව වසර බත බුලතින් කිරියෙන් පැණියෙන් (කූඹින්ගෙන් තොර) ඉතිරෙන්නත්‍‍....අපේ මේ කෂ්ටියගේ පුංචි අහිංසක හිත්වල ගුලි වෙලා තියෙන සිතුම් පැතුම් යනාදී එකීමෙකී නොකී දහසකුත් බලාපොරොත්තු සියල්ලම හිතනවටත් වඩා හොදින් අතිසා‍ර්ථකව ඉටුවෙන්නත්......කරන කියන හැමදේම ඉතාමත් හොදින් ඉටුකරගන්න පුළුහන් වෙන්නත් ඊට අදාල ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්නත්....සාමය සමගිය සමාදානය සතුට නිඳුක් නීරෝගීසුව පිරි ඉතිරීයන්නත්.....කියලා, හසියා... හසියාගේ අවංක හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම සමසමව ප්‍රාර්ථනා කරනවා.....!!!


දැන් සම සමව එකතු කරගත් සුභ පැතුම් කිලෝ පනහේ උර වලට කිරා මැන ‍‍ගෙන කල්දේරමකට දමා ඇති පදමින් ජලය එක්කර.... මද ගින්නේ සෙල්ෂියස් අංශක හරියටම අඩු වැඩි නැතිව 465.234කට රත්කර....ඊට සීනී තුනපහ ලුණු ඇති පදමින්ද....මිරිස් වැනිලා ස්ට්‍රෝබෙරි පලම් සුල්තානා වැඩි වැඩියෙන්ද....කජු කොත්තමල්ලි පස්පංගුව සමග එකට හොදින් කවලම් කොර සෙලිසියස් අංශක -106.123ට නිවෙන්නට ජලයේ ගිල්වා පත දෙක අටට සිදෙනතුරු තබා ඊට උඩින් කිතුල් පැණි හා කිරි වත්කර හොදින් සුද්ද කරගත් පොල්කට්ටකට බෙදා පොල්කටු හැන්දක් හා හකුරු කෑල්ලක් සමග මේන්න රස විඳින්න....


කොහොමද හසියාගේ සුභ පැතුම් පුඩිම.....?


නව වසරේ හසියගෙනම් තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයි......

ඒ තමා....

"හසියට මේ අවුරුද්දෙත් අනිත් අය වෙනුවෙන්.... අනිත් අයගේ සතුට වෙනුවෙන්.... හසියගේ ජීවිතයෙන් කැපකිරීම් කරන්න හැකියාව හා ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න..."
කියලා......


මෙන්න හසියගෙන් කෂ්ටියට පුංචිම පුංචි තෑග්ගක්.... ඩිසයින්ඩ් ඇන්ඩ් ක්‍රියේටඩ් බයි හසීයා තමයි ඕන්.....හැබැයි ඉතිං අවුරදු කීපයක් පරණයි... ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා කවුද එකකේනෙක් කියලා තියෙනවලුනේ... අරන් බලන්නකෝ ‍කොහොමද කියලා.....ඔන්න ලින්ක් එක...



ප.ලි. :




ඒ වගේමයි අද හසියට වගේම හසියාගේ නවාතැනටත් ‍ගොඩක් වැදගත් දවසක්..මේ පෝස්ට් එක හසියගේ 50 වෙනි පෝස්ට් එක....ඉතිං හසියව නැවත බ්ලොග්කරණයට බලකරපු උනන්දුකරපු හැමෝටමත්‍‍....එක අම්මගේ තාත්තගේ නොවුනත් හදවතින්ම අමුතුම බැදීමකින් බැදිලා ඉන්න සාඩම්බර හසී පවුලේ සාමාජිකයින්ටත්....ලිපි කියවා රසවිදලා කමෙන්ට් කරලා උනන්දු කරපු හැමෝටමත්...ලිපි කියවලා රසවින්ද අයටත්‍‍....මේ බ්ලොග් අවකාශය තුල ඉන්න හැමෝටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....!!! මේ කෂ්ටිය නිසා තමයි අද හසියා 50වෙනි පෝස්ට් එක ලිව්වේ.....නම් වශයෙන් කියන්න ගියොත් හසියා ලොකු අමාරුවක වැටෙනවා....ඒ තරම්ම සෙනඟක් හසියා වටා රොක් වෙලා ඉන්නවා කියන්නත් සතුටුයි.....ඉතිං ‍ඒ හැමෝටම තමා හසියගේ මේ උපහාරය හසියාගේ නවාතැනට ආව ගියා හැමෝටම මුළු හදවතින්ම හිසනමා ප්‍රදානය කරන්නේ.....




"හසියා දිරිමත්කල සහෘද ඔබ සැමට බෙහෙවින් ස්තූතියි....!!! "




හසියගේ පළවෙනිම පෝස්ට් එක......(ආවේ මෙන්න මෙහෙම.......)





අහ්....අද හසියා කෂ්ටියට ලබාදුන්නු "නිව් ඉයර් විෂින්" මන්තරේ හරිම බලගතු එකක්....එස්.බී.යු. ගෙට් එකට එන්න නොහිටි කෙනෙක් ඔය මන්නතරේ බලෙන් ගෙන්නුවා....ප්‍රසිද්ධ එක්කෙනෙක්....ඒ දවස්වල බ්ලොග් කියවපු අය හීනියට ලාවට දකින්න ඇති.....


හරි එහෙනම්‍‍....හසියා අද ගොඩක් සතුටින් වාෂ්ප වෙන්නෙයි කියලා....

කාලෙකට ඉස්සෙල්ලා නැතිවෙලා තිබුනු සතුට නැවතත් හසියට ගෙනාපු හැමෝටම ගොඩාක් පිං....!!!




ඒස්වඃ පුඃ




.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

36 comments:

හසියෝ අද මගෙත් 50 වෙනි පෝස්ට් එක... :m :m ඔන්න හදවතින්ම සුබ පතනවා 50 වෙනි පෝස්ට් එකට, ඒවගේම තව තවත් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා... :b :e

හසියාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...! :m

January 1, 2011 at 10:58 AM  

සුභම සුභ නව වසරක් මගේ අයියා...... වැරදුනා මන්තරාචාර්ය තුමා..... හික්ස්.... :P
සියළු ප්‍රාර්ථනා සිතුම් පැතුම් ඉෂ්ඨ වන නිරෝගී බවින් හා සිනාවෙන් පිරුණු සුභම සුභ නව වසරක් වේවා!!!!!! :g :g

50 වෙනි ලිපියටත් සුභ පැතුම් තව තවත් ලිපි දහස් ගනනින් ලියන්න ලැබේවා.....!!!!! (ගනින්න දන්නවනේ 50න් පස්සේ???? :d )

එහෙනම් නව වසරේ පුඩිම් පත 2 අටට සින්දවූ මණ්තර උතුමානන්ටත් ගෙදර සියළු දෙනාටමත් කියලා තියන විදියෙම නව වසරක් වේවා....!!!!!! :m :m :m :m

January 1, 2011 at 11:05 AM  

@හසී

ඒක කමා...මාත් දැක්කේ දැන් නෙවැ...:m :m :m

ෂුභ පැතුම් දෙකටම බොහෝමත්ම ස්තූතියි කිව්වා ඔන්න.....පළවෙනිම පෝස්ට් එකේ ෆස්ට් කෙමෙන්ට් එක දැම්මේත් ඔයාමනේ....:t :t :t

හසී න‍‍ඟාටත් එසේම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!
:b :f :e

January 1, 2011 at 11:15 AM  

@හා පැටික්කි (MS)

මගේ නංගියාටත් එසේම වේවා...!!! :c
මේ එන්න එපා හසියගේ මන්තර අපහාස උපහාස කරන්න....:h හසියා දානවා දෙකයි පනහේ අපහාස නඩුවක් කොච්චිකඩේ පුළුන් නැට්ටිට විරුද්ධව... :r
අනිත් එක හසියගේ මන්තර වල ප්‍රාර්ථනා බල මහිමේ දන්න ඈයෝ ගොඩක් ඉන්නවා මේ බ්ලොග් අවකාශේ...බොරුනම් ඔය පොඩ්ඩක් හොයලා බලන්නකෝ....!!! :r :p :h

අයියෝ හසියා දන්නවා ගණින්න හොදට...50ට පස්සේ 74 නේද? :r :f

බොහෝමත්ම ස්තූතිය මගේ නංගියෝ...ඔයාටත් මං තුමා ප්‍රාර්ථනා පුඩිමේ දුන්නු පැතූ විදිහටම එසේම වේවා...!!! :f :t :c

January 1, 2011 at 11:25 AM  

හසියා ඇතුලු හසී පවුලේ සැමට සාමය සතුට සම්පත පිරි සුබම සුබ නව වසරකට පැතුම්.

හසියාගේ නවාතැනේ තව තවත් ලිපි පලකිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

January 1, 2011 at 11:55 AM  

හසියා 1000 පෝස්ට් එක ලියද්දීත් අපි හසියත් එක්ක ඉන්නවා . හදවතින්ම සුබ පතනවා තව ලියන්න යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා .

සුබම සුබ ජයම ජය නව වසරක් වේවා !!

ජයවේවා !!

January 1, 2011 at 12:07 PM  

@Praසන්ன
බොහෝමත්ම ස්තූතියි සහෝ.....
උඹටත් එසේම වේවා‍‍...!!!
නැවතත් බොහෝමත්ම ස්තූතියි...!!

January 1, 2011 at 2:13 PM  

@හිස් අහස

බොහෝමත්ම ස්තූතියි සහෝ....උඹල නිසා තමයි හසියා මෙහෙම ඉන්නේ....

උඹටත් එසේම වේවා....

උඹටත් හැමදාම වගේ ජය වේවා...!!!

January 1, 2011 at 2:14 PM  

ගුරුන්නාසේටත් සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!
:m :m :m :m :m :m :m :m :m :m :m :m :m

අප්පා හසී පව්ලෙ ඔක්කොමල කතාවෙලා වැඩ කරන්නේ නේද?50ත් එකටමයි.......හොදා හොදා
:t :t :t :t :t :t :t :t :t :t :t :t :t

තව පෝස්ට් දහස් ගනනක් ලියන්න හසී ෆැමිලියටම ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා!!!!!!!!!!

January 1, 2011 at 3:26 PM  

ඔන්න හසියෝ 50ට 50න් සුභ පැතුම්. දහස් ගණනක් පොස්ට් ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...
උදාවූ අළුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන වසරක්ම වේවා..!!!!!

January 1, 2011 at 3:37 PM  

අපුරුයි... ඔන්න හිපොගෙනුත් සුභ පැතුම්...ප්‍රාර්ථනා ඉටුවන නව වසරක්ම වෙවා එහෙනම්... හොන්ග්‍රින් කට්ටු කට්ටු භූම්.....

January 1, 2011 at 5:42 PM  

@අඳුරෙන් එළියට

අහ් එසේම වේවා ඔබතුමාටත්..... :f :e

අපි එහෙමයි.... :a :a
බොහෝමත්ම ස්තූතියි සහෝ.... :f :e

January 1, 2011 at 6:04 PM  

@priyantha.ඒබී
හේහේහේහේ 50න් 50ට සුභ පැතුම්...ඒකත් නරකනෑ... :r
අයියා ප්‍රාර්ථනා කරන විදිහටම හැමදේම අයියටත් එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!

January 1, 2011 at 6:07 PM  

@Hipo

එසේම වේවා කියලා අපිත් ඔන්න ප්‍රාර්ථනා කරනවා..
අහ් ඒ හිපෝලාගේ මන්ත්‍ර ගුරුකම්ද...ඒකත් නරක නෑ....:r

January 1, 2011 at 6:11 PM  

මන්තරේ හොඳයි
මම හිතුවේ අර මාළු බෑවා වගේ ඉහළට යන මන්තරේ වගේ එකක් කියලා
50ට සුභ පැතුම්.....!!!!
ඔහොම යන් ඔහොම යන්......
හසියටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක්........!!!!!!!
:b :b :b :b :b: b :b :b :b :b :b :b :b :b :b :b :b

January 1, 2011 at 6:23 PM  

@කැන්ඩි...
තැන්කූ තැන්කූ සහෝ.... :i
එන්න එපා හසියගේ මන්‍ත්‍ර වලට අපහාස කොරන්න.... :h :h

උඹටත් එසේම වේවා සහෝ....බොහෝමත්ම ස්තූතියි.... :f :c :e

January 1, 2011 at 6:41 PM  

හසියාගේ 50 වෙනි ලිපියට පූසන්ගෙන් උණුසුම් සුභපැතුම්. අපේ බ්ලොග් කෙරුවාවට හසියා දුන්න සප් එකත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අනික හසියා ලියන ස්ටයිල් එකට අපි හැමදාම කැමතියි.

ඒ වගේම ලැබුවාවූ 2011 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා

January 1, 2011 at 8:05 PM  

@blog gadol
බොහෝමත්ම ස්තූතියි පුස් අයියලා... :b
හ‍ෆ්ෆේ අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් කිව්වලු....:n :n එහෙම එකක් කෙලැයි? :n

පුස් අයියලටත් එසේම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....:f :e

January 1, 2011 at 8:23 PM  

එලකිරි ලොක්කා....... 100 ගහන සුබ නවවසරක් වේවා :q

January 1, 2011 at 11:04 PM  

එළ එළ මචෝ. ලබන අවුරුද්දට බ්ලොග් පෝස්ට් 550ක් දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :e ඕන්න බලන්න කියලා කරදරේ බැරි නිසා බාගෙන බැලුවා උඹේ තැග්ග :k :b ඒක ෆට්ට. මේ වසර සුභම සුභ එකක වේවා!!!!! :c

January 2, 2011 at 12:35 AM  

@Hasitha ජයසූරිය

උඹටත් එසේම වේවා...!!! :f :e :c
බොහෝමත්ම් ස්තූතියි පොඩ්ඩෝ...!!! :i :c
උඹ බ්ලොග් එක ලියන්නේ නැතෙයි‍.... :r :s

January 2, 2011 at 9:51 AM  

@පූසා
බොහෝමත්ම ස්තූතියි පුසෝ... :i :f
අහ් එහෙනම් එපා බලන්න...මං තලාම තාලායි... :j :h

උඹටත් එසේම වේවා (හොර)පුසෝ.... :t :f

January 2, 2011 at 9:53 AM  

සමා වෙන්ට ඔන මල්ලියා දැනුයි දැක්කේ..පහුගිය දොහේ විවෙක පාඩු තිබ්ඛෙ නැහැ දන්නවනේ ඉතිං වැඩ අධිකයි..

ඉතිං මලයාගේ පනස් වෙනි පෝස්ට් එකට මගේ උණුසුම් සුභ පැතුම්..පරිස්සමින් අල්ල ගන්ට අත පිච්චෙයි...

ඇත්තටම මලේ උඹගේ බ්ලොග් කෙරුවාවටත් වඩා උඹ අනුන්ගේ බ්ලොග් වලට ගිහින් ඒවාට දෙන සපෝට් එක හර්ම වටිනවා..
මං හිතන්නේඑහෙම කරන කිහිප දෙනයි අපි අතරෙ ඉන්නේ..
උඹ, අර වල් හාවී..එතකොට අර බොලාගේ කොම්පැනියේ සැර කෙල්ල.. එහෙම කිහිප දෙනයි කන්නේ බොන්නේ නැතිව අනුන් වෙනුවෙන් කොමෙන්ට් දදා ඉන්න..
සමහර විට එහෙම නොවුනනං උඹ අද පෝස්ට් සීයයත් පන්නලා තියෙන්ට තිබුනා..
අපි මෙච්චර නොලියන්ට තිබුණා.
අන්න ඒ හින්දයි මම උඹට ආචාර කරන්නේ..
ඔහොම යං කොල්ලෝ...

January 2, 2011 at 12:17 PM  

හැපි 2011 ක් වගේම 50 පෝස්ට් එකටත් සුභ පැතුම් හසියෝ..වැඩි වැඩියෙන් ලියන්න අපිට වැඩි වැඩියෙන් කියවන්න.හසී නගාගේ 50 පෝස්ට් එකට සුභ පතාගෙන මේ එනගමන්..හී හී...
ජයෙන් ජය..!!

January 2, 2011 at 12:36 PM  

හැබැටම අර එක හැදුවෙ කොහොමෙයි.අපිටත් කිව්වනං.

January 2, 2011 at 3:30 PM  

@මාරයාගේ හෝරාව
අයියෝ අයියේ ඇවිත් බලලා ගියත් ඇති...කමෙන්ට් එකක් දැම්ම වගේ තමයි...හැමදාම මේ පැත්තේ එන ජනතාව අතර අයියත් මුල් තැන ඉන්නවා කියලා දන්නවනේ....

අහ් මම දන්නවා අයියා දෙන්නේ හොට් හොට් හැලි පිටින් කියලා...මම වෙලාවට ග්ලව්ස් එකක් දගෙන හිටියේ.....

අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් කිව්වලු....මාරයා එහෙනම් මුරුංඟා අත්තෙ තිබ්බා හසියාව...
අහ් අයියේ උඹට තියෙන ආදරේට කියන්නේ...හසී නඟාට මුකුත් කියලා කට වරද්දගත්තොත් විනාසයි බං අයියේ....අලි ඩෝං හොදයි....

අයියෝ අයියේ ඕව මොනාද...ලිපියක් කියෙව්වනම් ඒකේ අඩුපාඩුවක් තියෙනම් කියලා ගුණදොස් කියලා පොඩි තල්ලුවක් දුන්නාම තමයි අනිත් ලිපිය ඒ කෙනාට ලියන්න හිතෙන්නේ කියන එක අපිට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...

බොහොමත්ම ස්තූතිය අයියා...අයියත් දිගටම ලියන්න....හදවතින්ම සුභ පැතුම් හොදේ....

January 2, 2011 at 9:25 PM  

@පබලු

අහ් එසේම වේවා බපලු අක්කේ...
අහ් ලියන්නම්කෝ කෂ්ටියට මලවන්න....
බොහෝමත්ම ස්තූතියි අක්කේ...අක්කලා එහෙම නිසා තමයි හසියා අද මේ 50වෙනි පෝස්ට් එක ලිව්වේ....

අහ් ඔව් අනේ....එයත් අපිට නොකියම පෝස්ට් එකක් දාලා කියනවා 50 වෙනි පෝස්ට් එක කියලා....කැත වැඩනේ....නේද?

අක්කිටත් ජයෙන් ජය...!!!

January 2, 2011 at 9:37 PM  

@Anonymous

අහ් ඉ-කාඩ් එක ගැන වෙන්න ඇති....හැදුවෙනම් ඉතිං ෆ්ලෑෂ් වලින්....
බලමු ඉදිරියේදි කියලා දෙන්න....

මොකෝ ඇනෝ...

January 2, 2011 at 9:40 PM  

“ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.
සන්සරසිදු -

...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

January 2, 2011 at 10:06 PM  

හසියාගේ ඉදිරි ගමන සාර්ථක වී, අනාගතය තවත් සාර්ථක වෙන සුභ නවවසරක් වේවා.

මෙන්න මෙහෙම බ්ලොග් එ​කේ වැදගත් අවස්ථා තවත් දේවල් එක්ක එකතු කරගත්තම කොයිතරම් ෂෝයිද බලන්න.

January 3, 2011 at 8:22 AM  

@sansarasidu

අයියටත් එසේම වේවා..!!!

නෑ නෑ අපි අනුකරණ වලට රැවටෙන්නේ නෑ....අපි ගත්තොත් ගන්නේ නම බලලා "සන්සරසිදු" සුභ පැතුම් පත්ම පමණයි.

අහ් අයියා දැනුවත් කරපු එක හොදයි අයියගෙ අළුත් වැඩේ ගැන....සුභ පතනවා අපිත්....

ඔන්න මමත් එව්වා "සන්සරසිදු" සුභ පැතුම් පතක් අයියගේ අළුත් වැඩේට සුභ පතලා....

January 3, 2011 at 11:01 AM  

@prasanna86k

බොහෝමත්ම ස්තූතියි සහෝ....උඹටත් එසේම වේවා....!!!

ඒකනේ නේද බලන්නකෝ.....

January 3, 2011 at 11:07 AM  

සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ...

January 3, 2011 at 5:05 PM  

කව්ද අර මාරයියා වල් හාවි කිව්ව එකා....... ආ නෑ එකී????
ඒකිටත් ඩෝං යයි ඔන්න. අපි නෑ..... ආව මෙතන වල් හාවි කියන්න..... :h :h :h :h

January 4, 2011 at 8:28 AM  

@හා පැටික්කී...

කවුද කවුද..අපේ හා පැටික්කිට වල් පැටික්කි..ආ වැරදුනා..වල් හාවී කිව්වෙ...

අනේ මගෙ සුදු නංගියේ..මංනං නෙවෙ ඔං..
ඔක ඔය හසියගේ ජාත්‍යන්තර කුරුමන්තරණයක්..

January 4, 2011 at 8:43 PM  

දවස් නමයක් පරක්කු වෙලා.. දන්නවනේ ඉතිං. අපි මේ දවස්වල බිසී. :D කමක් නෑ තාම ජනවාරිනේ.. හසියට කරදර බර බර දුක් කම්කටොලු වලින් තොර නව වසරක් වේවා කියලා පැතුවා එහෙනම්...
-කාංචන

January 9, 2011 at 2:01 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails