හසියා අද කියන්න යන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා නොවැ.ඔව් මේ අපේ දිලුම් සහොදරයා එහෙම නැතිනම් සයිබර් අවකාශය හරහා සමීපවුණු ඉලංදාරියා ගැන තමා.හැමෝම සිද්ධිය හොද හැටි දන්නවා.හසියා වැල්වටාරම් පුරසාරම් දොඩන්න ඕනි නෑ.....අපේ සහෝදරයාට අපිම උදව් කරමු.ඔහුව සුවපත් කරමු.
වැඩි විස්තර නොදන්න කෙනෙක් ඉන්නවානම් මෙතනින් යන්න....දන්න කියන හැමෝටම කියන්න.....
උඹ කවදාවත් නොහිතන්න ඇති බ්ලොග් එකක් නිසා මෙච්චර පිරිසක් උඹ වටා ඇති කියලා.එහෙම නේද? ඒත් උඹ දන්නවා නේද "සේම් ෆෙදර් ෆ්ලොක් ටුගෙදර්" පැරණි ඉංග්රිසි කියමන.ගොඩක් වෙලාවට බ්ලොග් එකක් බලපුවහම, කියවපුවහම ඒක ලියන කෙනාගේ ප්රතිරූපය ඒ තුලින් හොදට දකින්න පුළුහන් කියන දේ මම පුද්ගලිකව ගොඩක් විශ්වාස කරනවා.ඒ විදිහට උඹවත් උඹේ හදවතත් උඹේ බ්ලොග් අඩවිය හරහා දැකපු අය පිරිසක් තමයි අද උඹ වටා ඉන්නේ.....ඒ උඹ වටා එක් රොක් වෙලා ඉන්න හැමොම උඹ වගේම හිත හොද එවුන් ටිකක්...උඹට ඒක දැනටමත් තේරෙනවා ඇති.උඹ බය වෙන්න එපා....අපි උඹට වැටෙන්න දෙන්නේ නෑ....උඹට දැනුනත් උඹ වැටෙන්න යනවා කියලා බය වෙන්න එපා අපි උඹට වැටෙන්න දෙන්නේ නෑ...අපි ඉන්නවා උඹ වටේ.....කතාවෙන් විතරක් නෙවේ ක්රියාවෙනුත්.....කතා ඕනි නෑ....හැමදේම උඹ හිතුවට වඩා හොදින් සිද්ද වෙනවා....!!!
උඹට තෙරුවන් සරණයි....!!!
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |