෴ ඇත්තටම තීරණය නුඹේ අතේ...... ෴



සැබෑ ආදරය යනු...
සිදුවු වරදකට
පළිගැනීමද......?
සමාවදීමද......?

ඇත්තටම තිරණය
නුඹේ අතේ....

෴_______෴



ප.ලි. :

වරදක් කිව්වට ඒක වරදක්ම නෙමේ.කරන්න සිදුවු දෙයක්.ඒත් ඒකෙන් කිසි කෙනෙක්ට කරදරයක් නෙවුන බවනම් විශ්වාසයි.ඒත් එකම එක කෙනෙක්ගේ හිත නොරිදුනාමත්ම නෙමේ.(සදාකාලික වෙන්වීමක් වගේ දෙයක් නෙවේ හැබැයි.....)

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........
සිදුකරපු වරද මොකක්ද? කාටද වුනේ? කවුරුද කලේ? ඔය හැමදේම හිතනවට වඩා අහපුදේට පිළිතුරක් දෙන්න....
ඇත්තටම තීරණය නුඹේ අතේ......






" There is no revenge so complete as Forgiveness...!!! "






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

16 comments:

මචං මේකට අදහස් දක්වන්න අපිටත් පුළුවන් නේද? :j

January 14, 2011 at 6:56 PM  

වරදක් නොකර සිටීමට වෙර දැරීම......

January 14, 2011 at 7:02 PM  

ඕකේ ඔන්න එහෙනම් මේකයි මගේ අදහස.

ආදරය කරනකොට දෙන්නාගෙන් කාගේ හරි අතින් වරදක් උනොත් සමාව දෙන එක සැබෑ ආදරේ තමයි. හැබැයි සැබෑ ආදරේට මුවා වෙලා ආයේ ආයේත් වැරදි කරලා සමාව බලාපොරොත්තු වෙනවනම් ඒක සැබෑ ආදරේ නෙවෙයි.
තවත් සමහර වැරදි තියනවා සමාවක් දෙන්නම බැරි විදිහේ ඒවා.

මේක නිකම් මගේ අදහස විතරයි.
පේන විදිහට හසියා අතින් නම් බොහෝම සුළු දෙයක් වගේ සිද්ධ වෙලා තියෙන්නේ. බය වෙන්න එපා බං හැම දේම හොඳින් විසඳෙයි

January 14, 2011 at 7:34 PM  

@සෝරෝ
එය වරදක් නොවේනම්....?

January 14, 2011 at 7:38 PM  

ඔය කාන්තා පාර්ශවයත් එක්ක වැඩ කරද්දි :a:a:a මෙහෙම තමයි ඉන්න ඕනෙ

January 14, 2011 at 7:54 PM  

පූසා හා එකඟ වෙමි.

January 15, 2011 at 5:58 AM  

සමාව දීම. ඒත් පූස කිව්ව වගේ යලිත් යලිත් සමාව දුන්නොත් අපිට වෙන්නෙ යන එන මං නැති කරගන්න.

පලිගැනීමක් කොහෙත්ම ආදරේ ගාව තියෙන්න බැහ නේද හසියො

January 15, 2011 at 1:32 PM  

ආදරේ වැඩි වුණහම පොඩි වරදක් වුණත් දුක හිතෙනවා. ආදරේ තවත් වැඩි නම් පොඩ්ඩක් පළිගන්නත් හිතෙනවා. ඒක ඇත්තටම ආදරේ නැති කම හින්දම නෙමෙයි. දුක වැඩි හින්දා වෙන දෙයක්. හැබැයි ඒ සොඳුරු පළිගැනීම තේරුම් අරන් තවත් වැඩියෙන් ප්‍රති ආදරේ කරන්න පුළුවන් නම් පළිගැනීම වෙනුවට ආදරේ උපරිමයට හැරෙනවා....
වැඩේ අමාරුයි. ට්‍රයි කරලා බලන්න....

January 15, 2011 at 1:33 PM  

අනේ මන්ද බන් :j

January 16, 2011 at 12:58 PM  

ලොක්කා මොකක්ද සීන් කෝන් එක?.

ශේප්මන්ට් එකක් දාන්න පුලුවන් වැරදිත් තියනවා එහෙම බැරි ඒවත් තියනවා. කොයි එක උනත් හැකියාව අනුව ගොඩ දාන්න පුලුවන්. ඒකට නං ඉතින් වාක්කිය ටික හරි පිලිවෙලට දේසනා කොරන්ට වෙනවා.

කොහොම හරි කමක් නෑ කොල්ලා ගොඩ යනවනං එච්චරයි.

January 16, 2011 at 5:17 PM  

මොකද බං මේ මමනම් හිතුවේ හසිය කියන්නේ කවදා වත් වැටෙන්නේ නැතුව කෙලින් ඉන්න කොල්ලෙක් කියලා හරියට මම වගේ ..

මචං හිතලා බලපන් අපි හිතන විදිහයි උඹ හිතන විදිහයි වෙනස් .

January 17, 2011 at 2:29 AM  

චේචච වැරැද්දට සමාව දීමවත් , පලිගැනීමවත් නෙමේ බං කරන්න ඕනෙ, තමන් අතින් වැරැද්දක් වෙලා කවුරු හරි අපහසුතාවයට පත්වුනානම් ඒ කරදරෙන් ඒ මනුස්සයව මුදවන එකයි කරන්න ඒනේ.

January 17, 2011 at 8:11 AM  

කමෙන්ට් කියවන්න වෙලාවක් නැ මලෙ..උත්තරය සමාව දීම ..පැන්ඩට අනුව නම්

January 21, 2011 at 10:14 AM  

මල්ලි මට හිතට ආපු අදහස් ටික පුසා, Jeew අයියා සහ පිස්ස කියල තියෙන හන්දා මං ඒ ටික ආයෙම කියන්න යන්නෙ නැහැ...

ඇත්තටම තමන් අතින් වැරැද්දක් වුණානම්, ඒක පිළිගෙන සමාව ඉල්ලන්න.. සමාව ඉල්ලීම කාටවත් දෙවැනි වීමක් කියල හිතන්ඩ එපා...

January 22, 2011 at 7:55 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails