අද අපි හම්බවෙන්න යන්නේ අපේ මේ සිංහල බ්ලොග් කෙරුවාවේ ඉන්න කෙනෙක් හම්බවෙන්න....මිනිහා බ්ලොග් කෙරුවාවෙන් සමුගන්නවා කියලා ලැබුණු ආරංචියේ සත්‍ය අසත්‍යතාව බලන්න....මිනිහගේ නම තමයි හසියා.දැන් කවුරුත් දන්නවනේ ‍කෙනා කවුද කියලා.හසී ෆැමිලි එකේ ලොකු හසියා.(වයස නිසා හොදේ.)එහෙමත් නැතිනම් ඒස්වඃ පුඃ හසියා‍.එහෙමත් නැතිනම් මාළු බාපු හසියා.ඔය වගේ නම් වලින් තමයි අපි මෙයාව දන්නේ.අපි ඉතිං එයත් එක්ක කතා බහ කොරලා විස්තර ටිකක් දැනගමු එහෙනම්....



ඉතිං හසියා කොහොමද තොරතුරු‍....

ම්ම්ම්ම් වරදක් නෑ....(සුපුරුදු සිනහව පාමින්....)


පහුගිය දවස්වල මොකද කලේ.....

ම්ම්ම්ම්ම් ඇත්තටම විශේෂ දෙයක් කලේ නෑ...(කවදත් එහෙමනේ.....)


අපිට ආරංචිවුනා බලංගොඩ පැත්තෙ ගිහින් අමු චාටර් එකක් කාලා ආවා කියලා....
අනේ මන්දා මේවා ඔයාලා කොහොම හොයාගන්න ඒවද කියලා.ඇත්ත කතාව හැබැයි.මම බලංගොඩ ගියේ වැඩ ටිකක් කරගෙන එන්න කියලා.කොහෙද ඒ හැමදේම වතුරේ ගියා.ඒකට හේතුව වුනේ වැස්සයි උහුලන්න බැරි හීතලයි.දෙයියන්ටත් නිකන් ඉන්න බැරිවට ෆිජ් එකයි ටැප් එකයි ඇරලා දාල.ඔය වගේ බලු වැඩ කරනවද මං අහන්නේ නේද? ඉතිං එළියටවත් බහින්න බෑ‍.ඉතිං කරගන්න ගිය හැමදේම අවුල් ගියා.ඇත්තටම බ්ලොග් එකේ ලිපි ටිකකට කරුණු හොයන්න තමයි ගියේ.ඒත් ඉතිං වැඩේ අබ්ලික් වුනානේ.බලමු ඉදිරියේ දවසක ආයේ ගිහින් කරුණු රැස් කරගෙන එන්න.


මටත් ඇත්තටම කණගාටුයි ඒ දේ ගැන. අපිට ආරංචියි ඒ සංචාරය ගිහින් එනකොට ඔබ සතුව තිබු වටිනාම වස්තුවක් නැතිවෙලා කියලා....

(රහසින්....)යකෝ මේවා මෙහෙම ප්‍රසිද්ධියේ අහන්නෙපා...
ම්ම්ම්ම් ඔව් ඒක ඇත්ත.හිතුවේ නෑ එහෙම වෙයි කියලා.වැරැද්ද මගේමයි.ඒකට ඉතිං මමයි සමාවගන්න ඕනි.මම මේ වෙලාව ඒකට අවස්ථාවක් කරගන්නව ඒ ඒ අදාල අයගෙන් සමාවගන්න.නැවත එහෙම දෙයක් සිදුනොවෙන්න වග බලාගන්න පොරොන්දු වෙන්න පුළුහන්.....


හසියෝ ඒ කියපු කතාවනම් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ...(වැඩිපුර කියන්නේ ඉතිං එහෙම ඒවනේ ෂේප් ෂේප්...) නැතිවුනේ ඔබට අයිති දෙයක් නම් ඇයි තව අයගෙන් සමාව ගන්නේ....

තේරුනේ නැතිනම් ලොකු දෙයක්.....හා හා උඹලා මේවට පොඩි එවුන්....උඹලට තාම මේව්වා තේරෙන්නේ නෑ....


අහ් හරි ඕනි දෙයක්...ම්ම්ම්ම්ම් අපිට දැනගන්න ලැබුණා දෙවන බිරිඳ අසනීප වුනා කියලා.ඇත්තද මේ කතාව?

ඔව් මගේ දෙවන බිරිද අසනීප වුනා හදිසියේම.දැන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා.හැබැයි තාම ඇයගේ තත්වේ කොහොමද කියන්න දන්නේ නෑ..තව දවස් තුනකින් විතර ඇවිත් බලන්න කියලා තමා කීව්වේ දොස්තර මහත්තයා.දැන් මං ඇය වෙනුවට ඒ මට්ටමේ නැති වෙනත් බිරිදක් ළග තබාගෙන ඉන්නේ...(ඇයනම් සක්ස්...වෙලාවේ හැටියට රොක්ස්) ඇත්තටම දෙවන බිරිඳ නැතිව දකුණු අත නෑ වගේ....‍(තේරුනේ දැන් තමයි...)


මොනවා තව බිරිඳක්....? ඔබ කසාදත් බැදලද? කවුද ඒ කෙනා? එතකොට පළමු බිරිද? මේවා නීති විරෝධි වැඩ නේද? ඔබගේ රසිකයන්ට මේවා දැනගන්න උවමනාවෙන්නේ ඇතිතේ...කිව්වනම් ඒ විස්තරත්‍‍....

හෆ්‍ෆා ඔව් අපි නොකා හිටියත් එයාලට ප්‍රශ්නයක්නේ.... (ඔරවමින්....)
අහ් තාම බැදලා නැතෝ....හ‍ෆෆේ දැන්ම අමාරුවේ වැටෙන්න උවමනාවක් නෑ..(සිනාහ වෙමින්...) නීතිවිරෝධි වැඩ වෙන්නේ කොමද ෆොන් දෙකක් පාවිච්චි කොරන එක වරදක් වුනේ මොන රටේද? මගේ දෙවන බිරිඳ කියන්නේ මගේ ආදරණිය ජංගම දුරකථනය.පළවෙනි බිරිද ඉතිං කෙම්පූටරේනේ.


අහ් ඒක මිසක්.....මොකෝ මේ කකුලට වෙලා තියෙන්නේ?

ම්ම්ම් මේක මේ පොඩි රිය අනතුරකින් සිදුවෙච්ච දෙයක්...මම ඊයේ ආපු බස් එක හැප්පුණා පොඩ්ඩක්.වැරැද්ද ඉතිං බස් කාරයගේ.බස් එකේ විදුරුවකට කකුල පොඩ්ඩක් කැපුණා.අතත් පොඩ්ඩක් තැලුණා...දැන් ඉතින් විවේක සුවෙන් ඉන්නවා.


අනේ හෆෝයි....පරිස්සමින් යන්න එපැයෑ....

ඇයි හත්තිලව්වේ මං එලෙව්වා වගේනේ මට කියන්නේ...ඩ්‍රැයිවර් කාරයා කරපු එකටත් මම තමයි පලි.අනේ මන්ද හැමෝම එකයි.


දැන් කියන්න බලන්න මේ බ්ලොග් කරණයෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය ඇත්තක්ද?
ඔව් ඒක ඇත්ත.


හේතුව ඇහුවොත්?

ම්ම්ම්ම්ම්ම් ඇත්තටම කිව්වොත් මට දැන් හොදටම වැඩ.හුස්ම ගන්නත් ඇත්තටම අමතකයි.ඉදිරියේ තවත් වැඩ අධික වෙයි.ඉතිං තිරණය කරා බ්ලොග් කරණයෙන් ඇත්වෙන්න....ඇත්තම කීවොත් මම වෙනදා කියවන බ්ලොග් ගොඩක් කියවන්නත් ගොඩ ගැහිලා.අඩු තරමේ මට පෝස්ට් එකක් ලියනවා තියා අනෙක් අයගේ බ්ලොග් එකක් කියවලා කමෙන්ට් එකක් දාන්න තරම්වත් වෙලාවක් නෑ...ඒ තරම්ම කාර්යය බහුල වෙලා...


මේ සම්බන්ධයෙන් ඔබට මර්ණීය තර්ජන එල්ලවුණා කියන්නේ ඇත්තද?

ම්ම්ම්ම් ඔව් ඇත්ත.මම මගේ බ්ලොග් එක නවත්වනවා කියලා දැනගෙන සමහරු මට නිර්ණාමික ඇමතුම්, මේල් එවන්න ගත්තා‍.ඒ මදිවට මම බ්ලොග් එක නැවැත්තුවොත් තවත් සමහරු බ්ලොග් ලියන එකත් නවත්වනවා කියලා තර්ජණ කරනවා.


අප්පා එහෙමද? ඉතිං පොලිසියට දැනුවත් කලේ නැතිද?
ම්ම්ම් නැහැ ඇත්තටම නැහැ.මොකද ඉතිං මේ අය මගේම රසික රසිකාවියෝනේ...ඉතිං ඒ අයගේ හිත් රිද්දන්න පාරන්න හොද නැනේ...


එතකොට ඔබේ අවසාන තිරණය?

ම්ම්ම්ම්ම්ම් මම බ්ලොග් ලියන එක නවත්වන්න තමයි හැදුවේ.ඒත් දැන් ඒ දේ කරන්න බැරි වෙලා.මට වඩා මගේ බ්ලොග් එකට ආදරේ කරන පිරිසක් එක් රොක් වෙලා ඉන්නවා.(හේහේහේ වැඩේමයි....) ඉතිං මං මගේ තිරණය වෙනස් කරලා නැවත බ්ලොග් කරණයේ යෙදෙන්න හිතුවා.


අහ් අයෙත් ලියනවද ඒ කියන්නේ...ම්ම්ම්ම් වැප්නි සාන්ත මහතාගේ බ්ලොග් සතිය ගැන ඔබේ අදහස කීවොත්...

ඔව් ඉතිං ගංජා ගහන්න පුරුදු කරලා....අන්තිමට සයිඩ් ඉෆෙක්ට් එනවා කියලා අඩලා හරියන්නේ නෑනේ.සයිඩ් ඉෆෙක්ට්ස් වලටත් බේතක් දීලා වැඩේ ෂේප් කරන්න ඕනිනේ....(ගංජා ගහන්න කිව්වේ නෑ ඔන්න....වැප්නි සාන්ත මහත්තයා කෑලි හැලෙන බූං එකේ එයිද දන්නෙනෑ හසියට නෙලන්න....අද සිට හසියා බසයකට නැග හමාරය....)



අන්තිමට ඔබ තුමාට මොනවද කියන්න තියෙන්නේ?


ම්ම්ම්ම් මාව ඉන්ටර්ඩික්ට්... නෑ...නෑ....මේ ඉන්ටර්වීව් කොරන්න ආවට තැන්කූ හොදේ.ආයෙත් බ්ලොග් කරණයට එනවා හසියා.නැවත බ්ලොග් කරණයට එන්න කීව හැමෝටම පිං.ලියන්න එපා, උඹ උඹට ඕනි කෙහෙල් මලක් කරගනින් කියලා කිව්ව එකාලටත් ගොඩාක් පිං.ළගදීම හසියා අනිත් අයගේ පෝස්ට් කියවන්න කොමෙන්ට් කොරන්න ඒ මදිවට පෝස්ට් දාන්න එනවා කියලා මතක තියාගන්න ඕන් හොදේ....



එහෙනම් හසියා සුපුරුදු පරිද වාෂ්ප වෙන්නෙයි කියලා......


ඒස්වඃ පුඃ






.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

38 comments:

හෙහ් හෙහ් ඔහොමත් බය කරනවද මං අහන්නේ......... :s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s:s :s :s :s

ආවුස් අප්පා අලුත් ආරම්භයක්......... ආයෙමත් හසියා වාස්ප වීම අරඹයි..... හුරේ......... :g :g :g :g

January 26, 2011 at 1:34 PM  

අපිට මොකද බන් උබ නවත්තපන් බ්ලොග් ලියන එක :-D

හැබැයි බස් කාරයින්ට බැනලා පෝස්ට් දාලා බස් එකට එහෙම නගිනවා නෙමෙයි :-D

January 26, 2011 at 1:39 PM  

හිත හදාගෙන කියෙව්වා අනේ මූ සඳහටම වාෂ්ප වෙයිනෙ කියලා.. අන්තිම ටිකෙන් ආයෙත් එනව කියලනේ මල විකාරෙ...

මොකක්ද බන් අර කෑලි හැලෙන බූං කථාව.... :D

January 26, 2011 at 2:00 PM  

@හා පැටික්කි (MS)
අනේ හෆෝයි ඔහොම අඬන්න එපෝ....මෙහෙට වැස්ස පටන් ගත්තේ මේ පුළුන් නැට්ටි අඬන්න පටන් අරන්ද කොහෙද....:n :n හා හා නාඩා හිටින්කෝ....:p :p

හේහේහේ හාවිත් මේ දවස්වල රේස් යනවා කියලා ආරංචියි බාරයක්ද මොකක්ද එකක් ඔප්පු කරන්න....හොදා හොදා...ලියමුකෝ....:t :t

January 26, 2011 at 2:13 PM  

@

අහ් තැන්කූ ‍අනේ....:g එහෙනම් ලියන්නම ඕනි...:r

හේහේහේ එසේමයි දේවයන් වහන්ස.... :p

January 26, 2011 at 2:17 PM  

මමත් මාර හැපී එකෙන් හිටියේ හසියාගේ ගෙදර වහනවා කියලා දැනගත්තාම ..ෂි:හ් මේක වන්නේ නෑ වගේ දැන් මොකද කරන්නේ ? මේ බ්ලොග් එකේ ඉඳලා එලියට එන රසික රසිකාවියෝ මම අල්ලගෙන අළුත් බ්ලොග් එකක් පරන්ගන්න හිටියේ කොහේද හසියා ඒකත් කෑවා ...

මේ මචං හසි මම මේ බ්ලොග් එක සල්ලිවලට ගන්න කැමතියි ..මොකද කියන්නේ ? කීයද ගාන ..? සල්ලි ගැන ගැටළුවක් නෑ මගේ ලඟ ඕනතරම් සල්ලි තියනවා ..ඕනමනං හසි අයියා උඹවත් මම සල්ලිවලට ගන්නම් ...

වෙනම ලියමි : බ්ලොග් එක වහන්න ? ඊට වඩා හොඳයි ඩෝ මාව කෑවනං ..මෙච්චර පට්ට බ්ලොග් එකක් වහන්න ...ඊට පස්සේ අපි බලන්නේ මොනවයි අ......ගෙ ......යි ?

January 26, 2011 at 2:18 PM  

@අභීත

යකෝ මුං ඔක්කොම බලං ඉදලා තියෙන්නේ කෙලවෙනතුරු හසියට....හ්ම්.. :j :h.ඒවා කොහෙද...හිටුකෝ අද ඉදන් ලියනවා.... :j :h

නැහැ ඉතිං ඔය වැප්නි සාන්ත මහතා බූං එකේ පාරේ යනවට වඩා හප්පා ගන්න එකනේ කොරන්නේ...ඉතිං දැන් හැප්පිලා තියෙන විදිහට ඒකේ කෑලිත් හැලි හැලි තමා යන්න වෙන්නේ.... :a

January 26, 2011 at 2:20 PM  

ඔයා නම් හරි නපුර තමයි..රත්නපුර පහු කරගෙන ද බළංගොඩ ගියේ..මේ පැන්ඩ ඉන්නව නිකමට ටටා කිව්වෙ නැ..හරි නරකයි අනේ මෙයා..නොටි නොටි නොටිම බොයි කෙනෙක්..ඉන්නකො මං අල්ලගන්න ඊළග පාර මෙහෙන් යන කොට.

හිකිස් ...පැන්ඩ නම් ඔහොම කතා කරන්නෙ නැ ඔන්න..පැන්ඩට මේ ලගදි ඔහොම කතා කරන කෙනෙක් දකින්න ලැබුන..මරු ආතල් ඕයි

January 26, 2011 at 2:30 PM  

ඇ බං උඹ යන බස් හැප්පෙන එකමනේ වැඩේ.. මොකද යන ගමන් ඩ්‍රැයිවර මහත්තයට කිති කවනවද ?

මේ මචෝ කෝ "ලාංකීය සිතුවිලි" ඒක නැතුව මට නම් බ්ලොග් කියල දෙයක් නැ වගෙ තමා..............

January 26, 2011 at 2:36 PM  

උඹ ආපහු බ්ලොග් ලියන්න ආපු එක ගැන සතුටුයි. නැත්තං බලාගන්න තිබුනා පූසන්ගෙ හැටි. සුදු වෑන් එකෙන් ඇවිත් උඹව හූරලා යන්නෙ හරි?

:b:b:b

January 26, 2011 at 2:50 PM  

හසී මාමේ මාම නැතුව අපි කොහොමද දත්තෙක්වත් හදා ගන්නේ... ආයේ ලියන්න හොද හසී මාමා වගේ....

January 26, 2011 at 3:17 PM  

ෂිහ්!! උඹ ආයි ආවද? මම නම් මාර හැපී එකේ හිටියේ උඹ blog එක නවත්තනවා කිව්වම. දැන් ඉතින් මොනව කරන්නද.

(මලේ පිස්සු කෙලින් නැතුව අවබෝධයෙන් ජීවිතේට මුහුණ දීපන්. ප්‍රශ්න නැති ජීවිතයක රහක් තියනවද බං. මොන මූසල ජීවිතයක්ද. ආ තව එකක්. යන තැනක සිහියෙන් පරිස්සමෙන් පල. මේ දවස්වල උඹට අපලයි. පුළුවන් තරං ඔය වාහන කෝච්චි වතුර තියනතැන් උසතැන් රේල් පාරවල් බස්පාරවල් ලොකු ගස් ලයිට් කනු විදුලි උපකරණ එතකොට උල් ආයුධ මොට ආයුධ අවි ආයුධ තව....... ආ.. තව ෂුවර් නැති වහලවල් වගේ ඒවයින් පුළුවන් තරං ඈත් වෙලා හිටපන්. ආ වැදගත්ම එක. පුළුවන් තරං මේ දවස්වල ගෑණුංගෙනුත් ඈත් වෙලා හිටහං. ගෑණු කිව්වේ උඹේ බිරින්දැවරු කිහිපදෙනාත් ඇතුලුව. ආ තව නාය යන්න පුළුවන් කඳුවලින් ඈත්වෙයන්.)
-ආ මමද? වෙන කවුද ඉතිං

January 26, 2011 at 3:30 PM  

@හිස් අහස

මන් දන්නේ නැතිද උඹලගේ වැඩ බං...හේහේහේ එල එල එහෙනම් බලං හිපටන්කෝ ලියනකන්...

හේහේහේ මැරුවත් දෙන්නේ නෑ...

January 26, 2011 at 3:41 PM  

"එහෙනම් හසියා සුපුරුදු පරිද වාෂ්ප" ඒස්වඃ පුඃ !! ආයි ආවාරෙට ගෙඩි එනවා වගේ තමා පොස්ට් .... හි හි හි ... දිගටම ලියන්න ....

January 26, 2011 at 3:44 PM  

@පැන්da
අපේ ඉස්කෝලෙත් හිටියා නෙවැ ඔහොම එකෙක්....ආතල් ගිතෙල් පොල්තෙල් ඕයි‍‍‍....හික්ස්
අහ් රත්නපුරද ඉන්නේ? කොයි හරියෙද දන්නේ නෑ..මම නම් වැඩිය දන්නේ නෑ...ඕන්...

ඊලග පාර එහෙනම් සැට් වෙමුකෝ බෝතලයක් එහෙම අරන්....නෑ නෑ මං මේ කිව්වේ වතුර බෝතලයක්....

January 26, 2011 at 3:47 PM  

@buwa

ඔව් බං මට ඉස්සර පට්ට බස් පිස්සුවක් තිබ්බා...ඒ හෙනේද කොහෙද දැන් පාත්වෙලා තියෙන්නේ.අනේ මන්දා.

හේහේහේ පොඩි අවුලක් තියේ තමා‍‍‍...ඒත් දැන් නෝමල් විදිහට හරි තියේනේ‍‍...ඒ මදිද?

January 26, 2011 at 3:50 PM  

@blog gadol
අනේ අම්බෝ...ඔක්කොම බලං ගියහම යක්‍කුනේ....මුං එක්කද මෙච්චර කාලයක් හිටියේ බයේ බෑ.....:p :p

January 26, 2011 at 4:04 PM  

@MaRlaN

අනේ නෑ පුතේ කොහේවත් යන්නේ නෑ...ඔව් පුතේ මං ලියනවා දිගටම....

January 26, 2011 at 4:05 PM  

ඔන්න මේ පිස්සු කියවන්නේ නැතුව ඕක ලියපන් :q

January 26, 2011 at 4:08 PM  

හහ් හහ් හා... :q :q මෙයාට ලඟදි කෙල්ලෙක් සෙට් වෙලානේ ඒකයි ඔයා ආඩම්බරේ.. :p මන්නම් කියවද්දිම දැනගත්තා මෙයා එන්නේ මොකාටද කියලා.. :p වෙල්කම් බැක් :b :t

January 26, 2011 at 6:51 PM  

දකුණු අතක් ගැන තිබ්බෙ ??

ඇහ් මේ පොඩි නාටකයක් වගේ.. ආයෙ ලියනවනේ බ්ලොග් එක.. මේක නවත්තන්න එපා බන් එහෙම... නිකන් ඒක අසෝබනයි වගේ... හික් හික් එල එල... ලියමු ආයෙම

January 27, 2011 at 8:45 AM  

ලිපිය මාර්කට් කරන්න අමුතුම මාර්කටින් පාරක් ක්‍රියාත්මක කරලා තියෙන හැඩැයි.:c වැප්නි සාන්ත මහත්මයා මලක් ගහලා කැලි හැලෙන බූං එකක යනවා කියලා නොකියා කිව්වද මන්දා :e :f

January 27, 2011 at 9:32 AM  

හසීයා මලේ මම දැන් දැක්කේ...
හා නගා කිව්වට පස්සේ..ඔය උඩ තියෙන ඇනෝගේ කොමෙන්ටුවට මාගේ කිසිම සම්බන්ධයක් නැත...

ටපල ගන්නනං එපා...

January 27, 2011 at 12:49 PM  

නැවැත්තුවනං බලාගන්න තිබුණ. :h

January 27, 2011 at 2:56 PM  

දිගටම ලියන්න අයියා.. අපි ඉන්නවෝ කියවන්න...

January 27, 2011 at 7:14 PM  

@පූසා

හා හා ලියන්නම් ලියන්නම්..... :h :p :b

January 28, 2011 at 1:35 PM  

ඒ කියන්නෙ නවත්තන්නෙ නැද්ද ? සැක්.. :P

January 28, 2011 at 1:49 PM  

@හසී

අහ් හැබෑට....මේ හසී න‍ඟෝ කිව්වනම් බලන්න ඔය මං නොදන්න කෙල්ල කවුද කියලා.... :j :h :p

දැන් හැබෑටම මොකාටද ආවේ...? :r :j

January 28, 2011 at 3:35 PM  

@පිස්සා පලාමල්ල
:P
අනිවා දැන්නම් ලියනවා....හික්ස්...
හ්ම්ම්ම් අසික්කිතයි අශෝබනයි වගේ නේද?

January 28, 2011 at 3:37 PM  

@කසුන් නදීශන
හේහ් හේහ් හේහ්
අපි බං ලංකාවේ ඉන්න හොදම මාකටින් පප්පටත් මාකටින් උගන්නපු කෂ්ටියක්.... :a

මදෑ...එකෙක් හරි ඕක තේරන එකෙක් හිටියා.... :q

January 28, 2011 at 3:41 PM  

@මාරයාගේ හෝරාව

මොකක්? මං හිතුවේ ඒක දැම්මේ මාරයියා කියලා...ඇයි කතා බහ ඔක්කොම සේම් නේ....

සොරි හොදේ....

January 28, 2011 at 3:43 PM  

@Praසන්ன
වෙලාවට නැවැත්තුවේ නෑ.... :b

January 28, 2011 at 3:43 PM  

@නිම්ශා

හා නංගෝ...කියවන්න ලියන්නම්කෝ.... :b

January 28, 2011 at 3:44 PM  

@Anonymous
හේහේහේ එහෙනම් උඹ මාරයා විදිහට කොමෙන්ටු දාලා මාව ඇන්දුවා...අනේ අසරණ මාරයා....

මොකෝ ඇනෝ? මම හිතුවා උඹට ටිකක් කොන්ද පණ ඇති කියලා....දැන්තමා හරියටම දැනගත්තේ කොන්දක් නෑ කියලා...
කෙලින්ම කිව්වනම් හරිනේ බං මම ටික් ටික් කියලා.

අහ් මොනා නැතත් උඹේ කතාව නම් පංකාදු පහයි.මොකද දැන් අපිත් එක්ක වටේ පිටේ ඉන්න කෙල්ලෝ තඹ සතේකට විශ්වාස කරන්න බෑ.අද එකක් හෙට එකක්....අපි ඉතිං රැවටෙනවා‍‍‍‍...
මේ ඇත්තටම බං මට ඉන්න තැනක් කියපන්කෝ...උඹ කීව විදිහට හැමතැනම මට අපලයිනේ....
අහ් ඒක කියන ගමන් ඇත්ත නම් දාලා පලයන්...මොකටද ඇනෝ වෙලා චා වෙන්නේ...අනිත් එක කෙනා මං දන්නවනේ.....හික්ස්

තැන්කූ සහෝ...

January 28, 2011 at 3:51 PM  

මම නෙට් නෑවිත් හිටපු ටික දවසට වෙච්චි දෙයක්. යකෝ උඹ ඔහොමත් බනිනවද මට?? උඹට මාව ඇනෝ ආවට අඳුරගන්න පුළුවන් කියල හිතල මම ඇනෝ දැම්මේ.. මම දන්න ටික් ටික් නැ බං. සමාවෙන්න මාරයියේ මම මාරයිය වගේ පේන්න comment කරේ නෑ. අනික මම මොකටද එහෙම කරන්නේ
මමද? ඌම තමයි ඉතින්

February 3, 2011 at 10:51 AM  

@Anonymous
අනේ යකෝ...කියන්න එපායෑ....සොරි හොදේ....

February 16, 2011 at 12:10 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails