෴ ඇයි මට ආදරේ කරන්නේ....? ෴




"සුදු මහත්තයෝ...."
ඒ ඇයගේ ආදරණිය හඩයි.සද එළියෙන් නැහැවුණු මේ කුඩා දොල පාර අසබඩ මාගේ පපුතුරේ ආදරය උණුහුම නිදහසේ නිහඩව විදිමින් සිටි ඇයගේ සිතත් මගේ සිතත් සතුටෙන් ආදරෙයන් පිරී ඉතිරෙන බව සනාථ කිරීමට මෙන් දියවැල්ද අපේ හදවතේ රිද්මයට සමවැදී ගලාබසින්නට විය.මෙතෙක් කල් අප දුටු සිහිනය අද සැබෑවී ඇත.‍‍ඒ අද දින අපි අපේම වු බැවිණි.

"මගේ සුදු මහත්තයෝ...."
ඒ ඇයගේ නොසන්සුන් හඩයි....සිතේ දඟකරන සිතුවිළි දහසක් නිසා ඇයට පිළිතුරු දීමත් අමතකම විය.

"ම්ම්ම්ම්ම්ම්.....ඇයි සුදු නෝනා‍‍....."
ඇයව තවත් මගේ තුරුලට ග්‍රහණය කරගනිමින් පිළිතුරු දුන‍්නෙමි.....

"මං සුදු මහත්ත‍යගෙන් දෙයක් අහන්නද?"
ඒ ඇය මගෙන් වැඩිපුරම අසා ඇති පැනයයි කීවොත් මා නිවැරදිය.

"හ්ම්ම්....." මා ඇයගේ පැනය ඉක්මණින් දැනගනු රිසියෙන් කෙටියෙන් පිළිතුරු දුන්නෙමි.

"සුදු මහත්තයා ඇත්තම කියන්න ඕනි ඔන්න....." ඇයගේ කෙලිලොල් දඟකාර පැනයට තවත තවත් කොන්දේසි එකතු කරමින් ඇය සත්‍යම දැනගැනීමට උත්සුක වන බවක් ඇයගේ කට හඩෙහි තුබු බව දැනුණි.

"හ්ම්ම්ම්...." පෙර පරිදිම කෙටි පිළිතුරක් දී ඇයව සෑහැමකට පත්කලෙමි.

"සුදු මහත්තයා මට කොච්චර ආදරෙයිද?" මා නොඉවසිල්ලෙන් බලා උන් ඇයගේ ප්‍රශ්නය.....

"ම්ම්ම්ම්ම්ම්ම් සුදු නෝනගේ හිතට දැන් මොනාද දැනෙන්නේ....හිතේ තිබ්බ ආදරේ කියාගන්න වචන නැතිව උන්නු බව දැනදැනත් ඇයි ආදරේ තරම අහන්නේ සුදු නෝනේ....ඇති තරම් විදින්න දැන් මං සුදු නෝනා ළගමනේ...."

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට දැනෙනවා සුදු මහත්තයෝ....ගොඩාරියක් කියන්න හිතාගන්න විශ්වාස කරන්න බැරි තරම් දැනෙනවා..දරාගන්නත් බැරිතරම් දැනෙනවා සුදු මහත්තයෝ....මාව තව තුරුළු කරගන්නකෝ.අනේ....."
ඇය සිහින් හඩින් කොඳුරමින් ඇය මාගේ පපුව තුලට රිංගන්න වෙරදරන්නාක් මෙන් මසිතට දැනෙන්නට විය.

"සුදු මහත්තයා මේතරම් ඇයි මට ආදරේ ?" ඒ ඇයගේ ඇයගේ දෙවන පැනයි.

"ම්ම්ම්ම්ම්ම්ම්ම් දන්නෑ." මම කීවෙමි.

"අනේ සුදු මහත්තයා....ඔයා විහිලු කරනවා....කියන්න ඇයි මට මේ තරම් ආදරේ කරන්නේ?" නෝක්කාඩු හඩින් ඇය නැවතත් ඇයගේ පැනය මවෙත ඉදිරිපත් කලාය.

"ඇත්තටම තමයි කීවේ සුදු නෝනා.....මං දන්නේ නෑ...හේතුවක් නෑ....ඒත් මං ආදරෙයි....ඔව් ගොඩාරියක් ආදරේයි...."

"හරි නරකයි....ඔයා බොරු කියන්නේ...මං තරහයි.. " ඇයගේ ‍නෝක්කාඩු හඩින් පවසමින් මගේ තුරුලෙන් මිදෙන්නට මෙන් වෙර දැරීය.

"මං ඇත්ත කීවේ සුදු නෝනා...." ඇයට මාගේ තුරුලෙන් මිදෙන්නට නොදී තවත් පපුවට තුරුලු කරගනිමින් පැවසුවෙමි.

"ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ..." ඇයගේ නෝක්කාඩු හඬ වැඩි වෙන්නට විය.

"මං දැන් එහෙම දෙයක් කීවද සුදු නෝනේ...? ආ පැටියෝ?" මම ඇයව සැනසවීමට උත්තුසුක වීමි.

"නොකීවට එහෙම තමයි. මට ආදරේ නෑ ඔයා." ඇය නිවැරදිය යන මතය නොවෙනස් වෙන සෙයකි.

"ම්ම්ම්ම්ම්ම්ම් සුදු මැණීක එහෙමද හිතන් ඉන්නේ?" මා ඇයගේන් ඇසීමි.

"ඔව්."
ඇය කෙටි පිළීතුරක්දී මගෙන් මිදී ඉදරියේ තිබු දොලපාර අසල තිබු පුංචි ගල්තලාව මතට ගොඩවීය.

ඇයට මදවෙලාවක් නිහඩව ඉන්නට දී...මම ඇය වෙත ගියෙමි.ඇයගේ බද වටා මගේ දෑත යවමින් ඇයව මගේ උණුහුමට නතු කරගත්තෙමි.

"සුදු නෝනා මේ අහන්න....මං ඔයාට ගොඩාරියක් ආදරෙයි.මේ ලෝකේ තියෙන හැමදේටමත් වඩා මං ඔයාට ආදරෙයි සුදු පැටියෝ.ඒ ආදරේ නිසා තමයි සුදු නෝනා අද මේ ගොඩාක් සතුටින් ඉන්නේ.මගේ හිතේ ගුලි වෙලා තිබ්බ ආදරේ අද කිසිම බාධාවක් නැතිව විදින නිසා.එහෙම නේද සුදු නෝනේ? ආ සුදු මැණික? ඒ මගේ හිතේ තියෙන ආදරේට කිසිම හේතුවක් නෑ.ඒ මම අවංකවම ඔයාට ආදරේ නිසා සුදු පැටියෝ."

"මේ අහන්න සුදු මැණීකේ....මං ඔයාගේ දිග කොණ්ඩෙටවත් ඔයාගේ ඔය ආදරේ උතුරන පුංචි අහිංසක ඇස් දෙකටවත් ලස්සන සුදු මුහුණටවත් ඔයාගේ ලස්සනටවත් මං ආදරේ කලේ නෑ.කවදාවත් නෑ.ඔයාගේ සිතුවිළි වලට සිතුම් පැතුම් වලට කෙටියෙන්ම කිව්වොත් ඔයා මට දක්වන ආදරේටවත් මං ආදරේ කලේ නෑ.කවදාවත්ම නෑ."

"මොකද මං ආදරේ කලේ ඔයාට.ඇත්තටම ඔයාට අවංකවම ආදරේ නිසා.ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන සාධකයක් මත රදා පවතින්නේ නෑ.එහෙම වුනානම්.....කවදාහරි ඔයාගේ මේ ලස්සන කොන්ඩේ ගියොත්, ඔයාගේ ඇස් පෙනීම දුර්වල වුනොත්, මුහුණ අවලස්සන වුනොත්, ලස්සන ගත වැහැරුනොත්, සිතුවිළි වෙනස් වුනොත්,සිතුම් පැතුම් වෙනස් වුනොත්,මට දක්වන ආදරේ වෙනස් වුනොත් මගේ ආදරේත් අඩුවෙයි නේද? ආ සුදු පැටියෝ? මගේ සුදු නෝනා කැමති ඒ වගේ තාවකාලික ආදරයක් ලබන්නද? නැතිනම් සදාකාලික හැමදාම වැඩිවෙන ආදරයක් ලබන්නද? ආ මගේ රත්ත‍රනේ? දැන් තේරෙණවා නේද? මගේ ආදරේට හේතුවක් නෑ කියලා.ආදරෙයි ‍ගොඩාරියක්, ඒ ආදරේ තමයි දැන් මගේ රත්තන් සුදු නෝනා අසීමිත සතුටෙන් විදින්නේ......එහෙම නේද සුදු පැටියෝ?"
හිතේ ගුලි වී තිබු හැඟීම්, මා ඇයට එක හුස්මටම කිව්වා නෙවේ කියවුනා කීවොත් මා නිවැරදිය.

"මට සමාවෙන්න සුදු මහත්තයෝ‍‍‍....අදයි මං මගේ රත්තරන් සුදු මහත්තය‍ගේ හිතේ ආදරේ තරම හරියටම දැනගත්තේ‍‍.....මට සමාවෙන්න මගේ රත්තරන් සුදු මහත්තයෝ.....මාත් ආදරෙයි ගොඩාරියක් මගේ රත්තරං සුදු මහත්තයට‍‍...." කදුළු පිරිණු දිදුළන දෙනෙතින් මගේ දෙනෙත් දෙස ආදරීණිය බැල්මක් හෙලමින් ඇය මගේ පපුවට නැවතත් තුරුළු වුනේ සීතලේ ගැහෙමින් උණුහුම අයදින පුංචි කිරිල්ලියක් මෙනි.


"ආදරෙයි ගොඩාරියක් හැමදාමත් මගේ රත්තරන් පුංචි සුදු නෝනට...!!!"



"සඳ මඬල නුඹම විය, ඝණ අඳුරැ රැයේ මට...
පන්හිඳක රැඳුනු නුඹ, ගීතයක් විය නොදැනීම...

අවදි කරනු මැන ඔබ හඬින් මා සිතුම් ලොව...."



කුමුදුනිය ඔබයි මගේ, පිපුණු හද විලේ....
කුමුදු මල මගේ...

නැගුණු සඳ ඔබයි රැයේ, අඳුරැ විජිතයේ

සඳ එලිය වගේ, සඳවතිය මගේ....


අඳුර මැද සැරෑ ඔහේ ලපටි සිත මගේ

එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ

මුලු ලෝකෙම මගේමැයි මට දැනුනේ ලඳේ

සිසිලයි ඔබේ සෙනේ වදන්, ඇසූ ඒ දිනේ

සඳ එලිය වගේ, ලැබූ ඔබේ සෙනේ....



" ඉතින් කියන්න..."



මිහිර පැතූ මිහිරියේ, සුවඳ කුසුමියේ

සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ

දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ

භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ

සඳවතිය, සොඳුරැ විජිතයේ....






෴_________________෴




ප.ලි. :



ඔන්න ඉතිං දවස් ගානකට පස්සේ හසියා අද ඇවිත් අපේ මේ කෂ්ටියටම හැපි වැලන්ටයින් කියලා කියනවා.හැබැයි ඉතිං හසියානම් කියන්නේ, හිතන්නේ ආදරේ කරන්න වෙනම දවසක් ඕනි නෑ කියලා.හැමදාම අපිට එකවගේ ආදරේ කරන්න පුළුහන්නම් ඔහුට හෝ ඇයට, ආදරේ කොච්චර සුන්දර වේවිද? එතකොට මේ වෙනම දිනයක් ඕනිද? අවුරුද්දට එක දවසකට ආදරේ සීමා කරලා තෑගි දීලා පුදුම කරවනවට වඩා කොච්චර අගේද හැමදාම වෙනස් නොවෙන අවංක ආදරයක් ඇයට හෝ ඔහුට විදින්න දුන්නොත්? අනිත් එක ආදරේ කියනදේ අපි ඇයට හෝ ඔහුට ලබාදෙන තෑග්ගේ වටිනාකම මත කවදාවත් රදා පවතින්නේ නෑ.කොච්චර මිල මුදල් වියදම් කරලා වටිනා තෑගි බෝග අරන් දුන්නත් ඒ හැමදේටමත් ව‍ඩා එක පාරක් ඇය‍ට හෝ ඔහුට හදවතින්ම අවංකවම ආදරෙයි කීවනම් පුංචි උණුහුම් හාදුවක් එක්ක කොච්චර වටිනවද? මිල කරන්න පුළුහන්ද අනිත් කෙනාගේ හිතේ ඇතිවෙන ඒ හැඟීම?
අනිත් එක යම් තෑග්ගක් අරන් දෙනවනම් කෙනෙක්‍ට අරන් දෙන්න ඕනි ඇයට හෝ ඔහුට ආදරෙයි කියලා ඔප්පු කරන්නවත්, ඇයට දක්වන ආදරේ තරම පෙන්වන්න හිතාගෙනව‍ත් නෙවේ...ඇයව හෝ ඔහුව සතුටු කරන්න හිතාගෙනයි.එවිටයි අපි දුන් තෑග්ගට සෑබෑ ආදරණිය වටිනාකමක් වගේම අපේ හිතටත් ඇයගේ හෝ ඔහුගේ හිතටත් සතුටක් ලැබෙන්නේ‍‍....

ම්ම්ම්ම්ම්ම්ම් ඉතිං කෂ්ටිය පොඩ්ඩක් හිතලා බලන්න....

අනිත් එක මේ වසරේ වැලන්ටයින් එකට දෙන්නම එකතු වෙලා වියදම් කරන සල්ලි අපේ මේ "ඉලං සහෝ" වෙනුවෙන් වෙන් කලොත් ඒ මුදලට කොච්චර ආදරණිය වටිනාකමක් ලැබේවිද? පොඩ්ඩක් හිතලා බලන්න....



හසියා එහෙනම් වාෂ්ප වෙන්නෙයි කියලා.....

ඒස්වඃ පුඃ



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

30 comments:

උතුරලා උතුරලා තවත් උතුරනවානේ ආදරේ.........
ඔන්න ඔය සුදු මහත්තයාගේ ආදරේ අයිතිකාරි කවුද දන්නැ..... නැ වෙන මොහොකටවත් නෙමේ ඔය ආදරේ ගත්තේ කොහොමද අහගන්න........ :a :a :a :a

අයියටත් එහෙනම් හැපි වැලන්ටයින් කිව්වා..... :g :g :g :g හික්ස්..... :P

සිංදුව ගැන නම් ඉතින් මං මුකුත් නොකිය ඉන්නම්...... :i :i

February 14, 2011 at 9:27 AM  

@හා පැටික්කි (MS)
හේහ් හේහ් හේහ් අපරාදේ වගේද? :s :s

අර අර මගේ ස්වීට් ඒන්ජල්... :a
ඒවා කියන්නේ නෑ‍‍‍...ඒවා රා‍ජ්‍ය රහස්.... :a

අහ් ඔන්න නංගියටත් හැපි වැලන්ටයින් කිව්වා....
:g :g :g :g

හ්ම්ම්ම්ම්ම්ම් මගේ ස්වීට් ඒන්ජල්ගෙත් ආසම සිංදුවක් නෙවැ...ඉතිං ඇයගේ සතුට මගෙත් සතුටනේ.... :r :g :i

February 14, 2011 at 9:38 AM  

අනේ සුදු මහත්තයො.. නියමයි ඇහ් :e

ඒක නෙමේ කවුද බන් උබේ ඔය සුදු අනිත් එක්කෙනා... අපි දන්න කියන කෙනෙක්ද? oO :j :p

February 14, 2011 at 9:43 AM  

අහ් තව හැපිම හැපි වැලන්ටයින් මෙව්ව එකක් වේවා :r

February 14, 2011 at 9:44 AM  

හේ හේ පට්ටයි බන්ස් :t :t :t

February 14, 2011 at 9:54 AM  

@Hasitha ජයසූරිය
අපෝ නෑ....දවසක පෙන්වන්නම්කෝ.... :r :i

විෂ් යූ ද සේම් කිව්වා එහෙනම් සහෝ...‍මේ කොහොමද අරයා හොදින්ද?මතක් කලා තියපන්... :r :q

February 14, 2011 at 9:55 AM  

ෂා මරුනේ... :b :b කොහේද ඉතින් අපිට ඔය ස්වීට් ඒන්ජල්ව අදුන්වලා දුන්නේ නෑනේ තාමත්.. :s :s ලොකු අයියා නෝටි.. :h :h එහෙනම් හසියාටයි ඒන්ජල්ටයි හැපී වැලන්ටයින් ඩේ එකක් වේවා :m :m :g :g :g

February 14, 2011 at 9:55 AM  

කවුද යකෝ හොදින්ද කියල අහන්නෙ... හික්

අපි ඉතින් තාම අහින්සක තනිකඩයොනෙ බන් :k

February 14, 2011 at 9:59 AM  

@සිරකරුවා

තැනකූ කිව්වා සහෝ.... :i :e

February 14, 2011 at 9:59 AM  

@හසී

හේහ් හේහ් හේහ එයා තාම පොඩ්ඩක් ලැජ්ජයි වගේ...ලගදිම අදුන්වලා දෙන්නම්කෝ....
ඔය කීවට නඟාත් නෝටිනේ‍...ඒ හන්දනේ අපිට බොඩි ගාර්ඩ් කාරයා තාම අදුන්වලා දුන්නේ නැත්තේ‍.‍‍... :p

‍තැන්කූ තැන්කූ.... විෂ් යූ ද සේම් කිව්වා.... :e

February 14, 2011 at 10:02 AM  

"සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී..
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි..."

February 14, 2011 at 10:07 AM  

@Hasitha ජයසූරිය

හෙක්හෙක්හෙක්.... :q
අපි නොදන්න තනිකඩ....අර දෙන්නා එදා එම්සී....අහ් නෑ නෑ මුකුත් නෑ ඔන්න.... :r :a

February 14, 2011 at 10:08 AM  

හලේ... මාර ස්වීට් ආදරයක්නේ.... ආදරේ දොර ගලා ගලා යාවා..... ජය වේ හසියෝ.....

February 14, 2011 at 10:24 AM  

ලස්සනයි හසියෝ...:r

February 14, 2011 at 10:55 AM  

හප්පුච්චේ.....හික්...මට නම් ඊයේම මැසේජියක් ආවේ....තෝ මට ඔය මැරිච්ච වැලාගේ දිනේට විශ් කරොත් මම තෝව කනවා...මෙච්චර කල් ඉදියේ ඔය වැලෙක් නිසාද,..මම දනවා යකෝ මට ආදරේ කියලා..එච්චරයි ඕනේ මට"

දැක්කද මගේ නෝනාගේ ආදරේ...උතුරනවා නේද

February 14, 2011 at 11:43 AM  

හැපී වැලන්ටයිමක් වෙවා මචෝ.........

February 14, 2011 at 3:11 PM  

ආව් ඩඩන්................. :i හැ කවුද බොලේ ඒ ඒන්ජැල් :d ඉස්මනට ඒකත් කියමු එහෙනම් හරිද :q

February 14, 2011 at 3:17 PM  

අපූරුයි..හුග දවසකින් බිසි වෙලා උන්නැයි අපේ සුදු මහත්තය ?

February 14, 2011 at 4:44 PM  

හුග දවසකින් එස්වා:පුං ඇවිත් තියෙන්නේ මේ වැලන්ටයින් එකට.. අද නම් වෙලීලා වගේ හසී අයියාත් තේ එකක්වත් නැ ගම්මිරිස් කොටපු... :j

අප්පා සුදු මහත්තයාගේයි සුදු නෝනාගේයි කතාව කියවන් යද්දි මැවිලා පෙනුනා.. :i
ආදරේ කියන්නේ අද හෙට හැමදාම තියෙන හැගිමක් නේ..එහෙනම් ඔයාලා දෙන්නාටත් හැමදාම වැලන්ටයින්ම වේවා.. :i :i

February 14, 2011 at 7:39 PM  

එළ එළ!! බලාගෙන ගියාම අපිත් ආස්සරේ කරන්නෙ ෆුල් රොමෑන්ටික් ඩයල් නොවැ! නියමෙට ලියලා තියෙනවා මචෝ!!!

February 15, 2011 at 12:08 PM  

ලස්සනයි.... :t

February 16, 2011 at 10:13 AM  

ඔන්න දැන්නම් යන්නේ ඕපාදූපයක් කියන්න. මීට කාලෙකින් කෙනෙකුත් සුදු මැණිකෙක් ගැනයි සුදු මහත්තයෙක් ගැනයි කිව්වා. අර සින්දුව එයාගේ ප්‍රියතම සින්දුව.. මේ ඩබලම මේ දවස්වල ෆුල් රොමෑන්ටික්.. කලින් කෙනාගේ සුදු මහත්තයාට අපි "සුදූ" කිව්වා. දැන් ඒ සුදූ මේ සුදූ සුදු මැණික සුදු මහත්තයා... කුමුදුනිය..... අනේ මන්දා..
-මමද? එදා එකාම තමයි

February 17, 2011 at 10:14 PM  

ඇත්ත කියපං, උඹ කවදාවත් කෙල්ලෙකුට ආදරේ කරලා තියෙනවද?

හසියා ෆට්ටයි මචං... සුපිරි...

February 18, 2011 at 1:07 PM  

අඩේ මේකා සින්දුව කොපි කරලම අරන් නේද??? අන්තිම පේළියේ වචන අඩුයි නොවැ.. බෑ බෑ මලේ අහුනොවී කොපි කරන්න පුරුදු වෙන්න ඕනෑ...
-ඌම තමයි

February 21, 2011 at 7:15 PM  

අනේ ම ආසම සිංදුවක් අයියේ.. කතාවත් හරිම ෂෝක්..:)

March 10, 2011 at 12:37 PM  

හසී මලේ විභාග අස්සෙ මේ පොස්ට් එකත් මට මග ඇරිල වගේ..පෙබරවාරි වල පටන් ගත්තු විභාගෙ තාම ඉවර නැ..මාර්තු ඉවර වෙනකම්ම තියෙනව,...නිකමට ආවම අලුත් පොස්ට් එකක් බලන්න මේක දැක්ක ඒත් මේකත් මාසෙකට වඩා පරණයි...මොකො කවදාවත් නැතුව සයිලන්ට් මොඩ් එකෙ,..මල්ලිටත් එක්සැම් ද නැත්තං ?????@@#

March 17, 2011 at 11:57 AM  

ඇත්තටම ලස්සනයි මචං. මම මේ පැත්තෙ ආපු පළවෙනි වතාව. ඔය සුදු නෝන කවුද කියල දැන්නම් අපි දන්නවා. සුදු නෝනගෙ බ්ලොග් එකෙන් තමයි මෙතනට පාර හොයා ගත්තෙ. එහෙනම් සුභ මංගලම් කිව්ව!

April 5, 2011 at 5:00 PM  

ඒකත් ජයසිරි මංගලම් ...ඊලඟට සෙට් වෙන දවසට කැම බීම උඹ ගානෙ මචෝ අපි දන්නෙ නැ නෙ මෙහෙම සීන් එකක් ( අනික් උන් දන්නවද දන්නෙ නැ , කොහොම හරි මම දන්නෙ අනික් පාර්ශවය බ්ලොග් එකේ ලිව්වටත් පස්සෙ ) ඔන්න යාලු කමක හැටි

April 8, 2011 at 10:39 PM  

Mamath meka sudu nonage eken hoyagatte..maru post eka machan! subha mangalam!:)

May 6, 2011 at 4:03 PM  

ලොකු මහත්තයා මොකද කාලෙකින් මොකුත් සද්දයක් නැත්තේ ??? ගොඩ ගියා ගියාමයි සද්ද බද්ද ඔක්කොම නැතිවෙලා ගිහින් වගේ. නිවාස අඩස්සියේද ඉන්නේ :))

May 16, 2011 at 9:30 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails