හෆ්ෆේ කෂ්ටියව දැක්ක කල්.....ඉතිං ඉතිං කෝමද කෂ්ටියට?

අපි ඉතිං පොඩ්ඩක් විවේක සුවය විදිමින්නේ ඉන්නේ මේ දවස්වල..... විවේක සුවය විදිනවද නැතිනම් කම්මැලිකමද කියන්න දන්නෝ දනිති. මේ වෙනකොට කෂ්ටියගේ බ්ලොග් කෙරුවාව නැගලා යනවා වගේ.අළුත් මුහුණු ගොඩක් එකතුවෙලා තියෙනවා.සංතෝසයි. අපි ඒකනේ පැත්තකට වෙලා වෙන දෙයක් කාලා දෙනදෙයක් බලාගෙන ඉන්නේ අළුත් අයට ඉඩදීලා. ඒ වගේම දැන් සයිබරෙත් අළුත් අළුත් ගැජමැටික්ස් ලොට් එකක් තියෙනවා. බස් රේඩියෝව තමා ඉතිං සුපිරි. "බස් රේඩියෝව" ගැන ඉතිං නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්නකෝ..... බස් රේඩියෝ අහනගමන් බස් පදින එකේ තියෙන්නේ අමුතුම ආතල් එකක්. ඒකත් ඉතිං දන්නෝ දනිති..... අදත් පුරා‍‍ජේරුව මදෑ නේද.........


දැන් ඒනටර් වෙමුකෝ මාතෘකාවට....

මොකක්ද මේ "අවුරුද්දයි... මාසයයි... දවසයි....." කියලා කිව්වේ...? කවුදෑ දන්නේ... තවත් නාඩගමක් වෙන්ටෑ.... නෑ නෑ එහෙම දෙයක් නෙවේ ඕන්.....

හසියා හසියගේ බ්ලොග් කෙරුවාව පට්ටාන් අරන් අද වෙනකොට (19/07/2011) හරියටම අවුරුද්දයි මාසයයි දවසක් වෙනවා..... ඒ කිව්වේ මේක හරියටම පට්ටාන් ගත්තේ දෙදහස් දහයක් වූ ජූනි මස දහ අටවැනිදා නෙවැ. අවුරුද්ද පිරුණ දවසේ අදාල පාර්ශවයන් කොහේදෝ ගිහින් උන්නු නිසා පෝස්ටුවක් ලියන්නත් දාන්නත් බැරිවුනා. ඇත්තටම ගොඩක් සතුටුයි අවුරුද්දයි මාසයයි දවසකුයි මේ සයිබරේ පය ගහලා ඉන්න පුළුහන් වුනාට.ඉදිරියටත් බලමු. ලියන්න කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.ඒත්... කම්මැලිකම තමයි හසියට ගහලා තියෙන හෙනේ.

ඉතිං ඒ කාලේ ඉඳන් හසියට උදව් කරපු හැමෝමව ආදරය පිරි කරුණාවෙන් සහ දයාවෙන් මතක් කරනවා.ගොඩාක් ස්තූතියි. ඔය කෂ්ටිය නිසා තමයි හසියා මෙහෙම හරි පෝස්ට් එකක් දැම්මේ. (අදාලා පාර්ශවයේ බල කිරීම එහෙම නෙවේ ඕන්.....) ඒ වගේම කමෙන්ට් කරපු හරි-වැරදි කීව්ව හසියාගේ නවාතැන සමග හිටපු ඔය හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ වගේම ගොඩාක් පිං. ඉස්සර වගේ බ්ලොග්කරණයට නැවතත් එන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ.(එහෙම හරි කියලා ජාමේ බේරාගන්න එපායෑ.....) ඒ වගේම බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුණු මගේ ආදරණිය "හා පැටික්කිවත්" මං ආදරෙන් සාදරෙන් මතක් කරනවා. ඇයගේ දිරිමත්කිරීමත් ආදරයත් කරුණාවත් නොවෙන්නට අද මේ වෙනකොට හසියා ජීවතුන් අතර නොමැති වෙන්නටත් ඉඩ තිබුණා. (අපරාදේ දාන කියලම කීයක්ද නේද....)

ඉතිං හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං හසියා එක්ක හසියාගේ නවාතැන සමග රැදිලා ඉන්නවට.... ඉදිරියටත් එහෙමයි කියලා හසියා දන්නවා.

ඔන්න ඉතිං හසියා කේක් දෙන්න යන්නේ කෂ්ටියට. පොරකන්නේ නැතිව කේක් ගෙඩිය ගානේ කන්න.අහ්...මෙන්න අද සීනී තේ පොල්කිරි පදමට දාලා හදපු උණු උණු කිරි එකක් හසියා ගානේ... (හසියා මිරිස් දාලා හදපු තේ බීපු අයත් ඇතිනේ.....) එහෙනම් කට්ටියම පිළිවෙලට කාලා බීලා යන්න... ආයේ එන්න හොදේ....
මෙන්න කේක්... සමඟ සීනී තේ පොල්කිරි පදමට දමා සෑදූ උණු උණු කිරි.........




අපි එහෙනම් වාෂ්ප වෙනවා....

ඒසවඃ පුඃ



ප.ලි.


හත්තිලව්වේ මට මං පෝස්ට් ලියපු විදිහත් අමතක වෙලානෙවැ......







.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

21 comments:

අම්‍ ‍මේ යාන්තම් ඇති ‍පෝස්ට් එකක් ලියලා.:h
මට නිකම් ‍මෙව්වද මන්දා මාවත් මතක් කරලා............:i :i
ආ ඔක් ‍කොටම කලින් සුභ අවුරුද්දකුයි මාසයකුයි දවසකුයි ‍වේවා......!!!!!:m :m :m :m නැ නැ අයියට ‍නෙ‍මෙයි බ්‍ ‍ලොග් එකට..........
‍හොඳ ‍වෙලාවට මං ‍තේ ‍නො‍බොන් ‍නේ. නැත්නම් ඉවරයි ‍මේ හදන ‍තේ බීලම.:d

අමතක ‍නොවී ති‍යේවිදැ මාස ගානකින් ලිව්වම. :h අද සිටවත් ‍මේ බ්‍ ‍ලොගය දිගටම අප් ‍ඩේට් ‍වේවා.....!!!!!

ඒස් වඃ පුඃ.....

July 19, 2011 at 9:24 AM  

හැප්පි හප්පි බත් ඩේ එකක් හාවෝ........... :m :m :m අපි දන්නවා අදාල පාර්ෂවේ බල කිරීමට කියලා කිව්වේ :a :a

July 19, 2011 at 9:36 AM  

හෑ........මම මේ කමෙන්ට් කරන්නද නැද්ද කියලා බැලුවේ...උඩින්ම එන්න ඕන කමෙන‍්ට් එක තාම වැටිලා නෑ නෙව...ඔන්න ඔහේ කමෙන්ට් කරනවා...
සුබ අලුත් අවුරුද්දක් වේවා!!

July 19, 2011 at 10:52 AM  

සුභම සුභ සංවත්සරයක් වේවා සහෝ...! ඔයා ලියන ස්ටයිලෙට මම නම් පුද්ගලිකව කැමතියි. මාසෙකට පෝස්ට් දෙකක් වත් ලියලා දාන්න. මේවා කර අරින්න හොඳ වැඩි නෙවෙයි නොවැ... දිගටම ලියමු... ජය !!!

July 19, 2011 at 11:28 AM  

සුභ පැතුම් සහෝ !!!

July 19, 2011 at 11:30 AM  

එකසියවිස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා! කියලා තව තව මේ වගේ ම පිස්සු පීකුදු පෝස්ට් බොහොමයක් ලියා එළි දක්වන්නට හැකියාව දයිරිය සක්තිය ලැබේවා කියලා පාත්තනා කරනවා........ :)

සුභ පැතුම් හිත හොඳ හාවෝ................ :)

July 19, 2011 at 12:46 PM  

happy birth day after 31days. හා හා මොකද ඔච්චර slow වුනේ.

July 19, 2011 at 1:33 PM  

උණුසුම් සුබපැතුම් මචෝ! උඹට බ්ලොග් කෙරුවාවෙන් ලැබුනු දේ වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම උපහාරය තමයි දිගටම බ්ලොග් ලියන එක. :b:b:b

ඒත් මටනං පේන්නෙ දැන් දෙන්නාම වැඩේ අතඇරලා ‍වගේ. :h:h:h

July 19, 2011 at 1:34 PM  

හප්පා...සැහෙන කාලයක් වෙනවා එහෙනම් හසියගේ බ්ලොග් කෙරුවාවටත්.ජයවේවා!!

පබලු

July 19, 2011 at 2:30 PM  

සුභ පැතුම් මචෝ...
ඔය කේක් දීලනම් බේරෙන්න හදන්න එපා. තව මිස් වුනු පාටියක් තියනවා :b

July 19, 2011 at 4:41 PM  

සුභ පැතුම් සහෝ..

July 19, 2011 at 6:15 PM  

හසියා මලේ, මෙන්න ගැහුවා විසිල් පාරක් "හැපි බර්ත් ඩේ" ටියුන් එකටම.....!

හුරේ හුරේ... ජය වේවා...! ඉඳල හිටලා මොනව හරි කොටලා පලයන් කොල්ලෝ....!

July 19, 2011 at 8:47 PM  

සුභ පැතුම් හසියා...

කලෙකට පස්සෙ මතක් වෙලා තියෙන්නෙ බ්ලොගේ. දිගටම ලියන්න පටන් ගනින්..

ජය !!!

July 20, 2011 at 8:38 AM  

හැපි අවුරුද්දයි මාසයයි දවසක් වේවා !
තව දිගු කාලයක් බ්ලොග් ලියන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :t

July 20, 2011 at 8:44 AM  

හැපි හැපි බර්ත් ඩේ අයියා. එලකිරි වගේ ඇස්ටි හැලෙන්න ලියන්න ඕනේ :b

July 20, 2011 at 11:56 PM  

හැපී බර්ත්ඩේ එකක් වේවා හසියා අයියේ.. වාස්ප වුනාට කමක් නෑ, අපිට ඊට කලින් පාර්ටියක් ඕනේ,.. එකක් දීලා මදි, දෙන්නම එකතු වෙලා පාර්ටි දෙකක් ඕනේ

July 21, 2011 at 10:59 AM  

සුභ පැතුම් හසියා....

July 21, 2011 at 5:35 PM  

අනේ බං මේක දිගටම ලියහංකෝ.... සුබ උපන්දිනයක් වේවා මලේ.

July 22, 2011 at 1:06 PM  

ලියන්න තියෙන අමාරුව ගැන කියන්න ආයෙම ඉතින් අටුවා ටීකා ටිප්පනි ඕනැන්නෙ නැහැනෙ.. ඒ වුණත් ඔන්න ඔහේ ඉඳල හිටල හරි මොනවහරි කුරුටු ගාපන් කොල්ලෝ අපටත් කියවල යන්ඩ...

අප්පොච්චියෝ මේ කේක් පුස් කාලා නෙව...
එහෙම නොවී තියේයෑ දවස්ගානක් පරක්කු වෙලා ආවහම....
හික් හික්...

July 25, 2011 at 9:13 AM  

මොකා.... ඇ යකෝ මට බ්ලොග්ග ලියහන් ලියහන් කියල උඹ කිව්වේ 2010 අප්‍රේල් වලටත් කලින්නේ ඒ කාලෙත් උඹ බ්ලොග් ලිය ලිය නේද හිටියේ

July 27, 2011 at 7:34 PM  

හැමෝටම බොහෝමත්ම ස්තූතියි.... මං හිතුවා කට්ටියට මාව අමතක වෙලා කියලා.... පිළිතුරු කමෙන්ට් එකින් එක දාන්න බැරිවුණාට සමාවෙන්න ඕනි.... මේ දවස්වල වැඩි ඉතාමත් අධික වී ඇත.පෝස්ට් එක ලියලා දුන්නහම දාන්නේ අදාල පාර්ශවය තමා ඕන්.... හික් හික්....

පුළුහන් පුළුහන් වෙලාවට අකුරක් දෙකක් කොටලා යන්නම්කෝ ඉතිං.... හැමෝටම ස්තූතියි හොදේ......

August 15, 2011 at 7:28 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails