"මහත්වරුන්"






1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න.
2. වාහනයේ විදුරුව පහත් කරන්න.
3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න.
4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න.
5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න.
6. වාහනයේ වීදුරුව ඔසවන්න.
7. ස්තූතියි...ඔබට පිටත්විය හැක..



"නෝනාවරුන්...."



1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න
2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.
3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.
4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න.
5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.
6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න.
7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න.
8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න.
9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න.
10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න.
11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න.
12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න.
13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න.
14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න.
15. මුදල් හා රිසීට් පත ලබාගන්න.
16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න.
17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න.
18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.
19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න.
20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න.
21. ඔබේ කාඩ් පත ලබාගන්න
22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න.
23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න.
24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න.
25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න.
26. සැතපුම් 2-3 වාහනය පැදයන්න.
27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න.


කොහොමද වැඩේ...?
හික් හික්....


ප.ලි. :

මේක මට ලැබූණු මේල් එකක්.... කියවපුවහම හිතුනා කෂ්ටියත් එක්ක බෙදා හදාගන්න... මොනාවුනත් ඇත්ත කතාව හැබැයි...
මොකද ඔය කාන්තා පාර්ශවය වැඩක් කොරන්න ගියහම හත්පොලේ ගාගෙන තව නාත් ගන්නවනේ.... මෙහෙම කිව්වා කියලා සමස්ත ලෝකවාසී මහීලා සංගමයන් ඔක්කෝම එකතු වෙලා හසියට නෙලයිද දන්නේ නෑ.... හැබැයි ඕන් එහෙම නැති අයත් ඉන්නවා ඕනිතරම්... හික් හික්...


මේ දවස්වල පොඩ්ඩක් ඉන්ටු පෝඩ්ඩක් ප්ලස් තව ගොඩක් බීසී වෙලා ඉන්නේ...
(සූත්‍රය තේරුණේ නැතිනම් අහන්න එපා... දන්නෝ දනිති...
)
අපි නැතිව පාළුයි කිය කියා ඉන්න හන්දා ඔන්න ආවා මේ පැත්තේ පොඩි රවුමක් දාලා යන්න.....


අපි එහෙනම් වාෂ්ප වෙනවා......


ඒසවඃ පුඃ



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

9 comments:

ඇහ්....... මං හිතුවා ‍මේ ‍හොරු ඈ ටී ඇම් වලින් සල්ලි ගන්න හැටිවත් කියලා. මදෑ ඉතින්..... :h

‍මොකක් උනත් කතාව නම් ඇත්ත. සමහර දවසට කාර් වලින් බහින්න කලින් ‍නෝනලා ඔය ව‍ගේ කරනවා. අනික හදිස්සියකට ‍‍‍මොනවා හරි බඩුවක් ඉල්ලුවත් ඔය සන්තෑසියම තමා. මං නම් කියන්‍නේ ‍ගෙදර කුණු ඔක්‍කොම මල්‍ ‍ලේ කියලා. :a :a :a :a

August 11, 2011 at 8:33 AM  

ෆට්ට.මම හිතුවෙ ඇත්තටම අළුත් තාක්ෂණයක්/ක්‍රමයක් කියලා.
අළුත් තමයි නැද්ද:)

August 11, 2011 at 8:56 AM  

අර 20 වෙනි ඔප්ෂන් එකේ විදියට නැවත යන්ත්‍රය වෙත රිවස් කරනකොට ගොඩදෙනෙක් පිටිපස්සෙ වාහනයක් තියෙනවද කියල බලන්නෙ නෑ. එතකොට ඉතිං 20 න් පස්සෙ ඔප්ෂන් ටික ක්‍රියාත්මක කරන්න වෙන්නෙ වෙනස් විදියකට තමයි.

August 11, 2011 at 10:02 AM  

අර කාන්තාවන්ට කොටසේ කණ්නාඩියෙන් මූණ බැලූ පසූ සායම් පාට අඩු වී ඇත්නම් සායම් පොඩ්ඩක් උලා ගන්න කියලා ඇතුලත් කළොත් හොඳයි සමහරු එහෙමත් කරනවා නොවැ..

August 11, 2011 at 3:10 PM  

පොඩ්ඩක් බලපන් එක ස්ටෙප් එකක් හරි මිස් වුනොත් විනාසේ තමයි! :n

August 11, 2011 at 3:26 PM  

හොඳා හොඳා මචෝ.........මමත් දවසක පොඩි Try එකක් දල බලන්න ඕනෑ

August 11, 2011 at 3:56 PM  

මට නම් මේක කලින් කිය වලා තියනවා මතකයි බ්ලොග් එකකදි... ප්‍රශ්නේ මම වැඩ කරන බැන්ක් එකේ නම් ඔහොම ඒටි ඒම් ලගට වෙහිකල් එක ගන්න ටිකක් අමාරු එක තමා

August 11, 2011 at 10:15 PM  

අඩේ යන්න වාහනේකුයි.. දාන්න කාඩ් එකකුයි නෑ නොවැ :n

August 12, 2011 at 12:59 AM  

හිකිස්....

27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න.

ලොලේ ලොල්

August 12, 2011 at 1:58 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails