෴ පොප් රිවට් ෴



ඉතිං කොහොමද කෂ්ටියට? හසියනම් මේ දවස්වල සෝ බීසී.‍ඒකයි හසියව බස් පැත්තේ එහෙම පේන්න නැත්තේ‍‍.හසියට ට්රේනින් සෙට්වුණා කොම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් එකක.තැනනම් නියමයි.අපරාදේ කියන්න බෑ එකෙක් දෙකෙක් ඇරෙන්න අනිත් හැමෝම පට්ටම පට්ට පිස්සු සෙට් එකක්. ඉතිං ගියේ හාඩ්වෙයාර් ඇන්ඩ් නෙට්වර්කින් සයිඩ් එක පොඩ්ඩක් ත්රෝ වෙන්න කියලා.හාඩ්වෙයාර් ඇන්ඩ් නෙට්වර්කින් කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික්, පීඑල්සී ප්‍රෝග්‍රැමීන් වගේ අමතර දේවල්නම් හොදට ඉගෙනගන්නවා.

ඔන්න ඉතිං හැමදාම වගේ අවුට් ඔෆ් ට්‍රැක් ගිහින් පම්පෝරි කෙලිනවා.හා නැද්ද?


ඕකේ ඕකේ බැක්ටු ට්‍රැක්.....

ඔන්න ඉතිං අපේ ඔය කොම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් එකේ සිස්ටම් ඇඩ්මිනා "දුටුගැමුණු" (කෂ්ටිය එතුමාව ඇමතුවේ එහෙම) කියලා පොරක්.මිනිහගේ ඇත්ත නම "ගැමුණු".මිනිහත් ළගදි සෙට් වෙලා තියෙන්නේ.මේ දවස්වල පරණ තිබුණ නෙට්වර්ක් එක රෙපයාරිං ඇන්ඩ් අප්ග්‍රේඩිං කොරනවා.ඉතිං කෂ්ටිය වයර් ඇදගෙන පටලෝගෙන ඉන්නේ‍.ඉතිං වැඩ ගජරාමෙට නැගලා යනවා.නෙට්වර්ක් වයරිං මදිවට ඉලෙක්ට්‍රිකල් වයරිං එකත් යනවා ඔය අස්සෙම.

ඉතිං ඔන්න ඔය වැඩ යන අතර තුර දවසක් නෙට්වර්කින් වැඩේට පොඩි අඩයක් තියලා තිබ්බා අපේ මේ දුටුගැමුණු.ඉතිං ඔන්න එදා ඒකාගෙම කරුමෙටද කොහෙද ජීඇම් සර් කෂ්ටිය කැදවලා පොඩි මීටිමක් සෙට්ල් කොරලා ප්‍රෝග්‍රස් එක ඇහුවා.ඔන්න ඉතිං හැමෝගෙන්ම දැනට වෙන දේවල් අඩුපාඩු මොනාද බ්ලා බ්ලා බ්ලැක්... ෂිප් අහලා.

ඔන්න ඉතිං අන්තිමට දුටුගැමුණු සහෝදරයාගෙන් ඇහුවලු
"කෝමද දැන් පුතා නෙට්වර්කින් වල ප්‍රෝග්‍රස් එක...?"
කියලා.

ඉතිං මිනිහත් දන්න කියන වැඩ දාලා කියලා
"අහ් සර් අවුලක් නෑ හොදට යනවා.
මේ.. ඒත් සර්...." එකපාරට මිනිහා අදින්න ගත්තලු.

"ඇයි පුතා මොකක්ද ප්‍රශ්නේ ?" ජීඇම් සර් ඇහුවලු.

"නෑ සර් මේ පොඩි පොඩි දේවල් ටිකක් නැතිව නෙට්වර්කින් වැඩේ ඇණහිටලා.ඒ ටික ආපුගමන් අපි ආයේ වැඩ පට්ටාන් ගන්නවා"

"දැන් පුතා මොනාද ඔය නැති පොඩි පොඩි දේවල් ?"

දුටුගැමුණු සහෝදරයා ගත්කටටම කිව්වලු ඉතිං "සර් මේ පොප්‍ රිවට් නැතිව කේසින් ගහන්න විදිහක් නැතිව ඉන්නේ. මම ඒ ටික ඕඩර් කරලා තියෙන්නේ" කියලා.

එතකො‍ටම ජීඇම් සර් කිව්වාලු....
"චී චී පුතා ලැජ්ජා‍ නැද්ද පොප් රිවට් වගේ පොඩි දෙයක් නැතිව වැඩ නතර කරන්න.වැඩි ගාණක් නැති හන්දා කඩෙන් ගෙනල්ලා වුනත් කරන්න පුළුහන්.ගේන්න බැරිනම් මට හරි කියන්න මං හරි ගෙනල්ලා දෙන්නම්" කියලා‍‍.

අපේ දුටුගැමුණු සහෝදරයගේ මලක් වගේ අහිංසක හිතට දැණුනු දේ අමුතුවෙන් කොටන්න ඕනි නෑනෙවැ නේද....
වෙලාවට පොළොව උඩ නෙවේ හිටියේ බිල්ඩිමක.පොළොව උඩ හිටියනම් එහෙම ලොකු පැල්මක් ඇතිවෙනවා එදා මිනිහා පොළොව පලාගෙන ගිහින්.

එදා ඉදන් ඉතිං "දුටුගැමුණු" කියන නම "පොප් රිවට්" මගින් රීප්ලේස් වුණා.දැන් කොම්පැණියේ හැමෝම කතාකරන්නේ පොප් රිවට් කියලා.එහෙම කිව්වහම තමයි හැමෝම දන්නෙත්.හික් හික්


දැන් ඉතිං පොප් රිවට් කිව්වහම.... $%@*#!%$*@!



අප්පට සිරි අර එන්නේ පොප් රිවට්... නෑ නෑ දුටුගැමුණු නේද කඹේකුත් අරන්....හුටා හසියා වාෂ්ප වෙන්නම් නැතිනම් හසියව ගස්බඳියි ඕකා.




එහෙනම් අපි වාෂ්ප වෙනවෝ..... ආයෙත් ළගදිම සෙට්වෙමු.....



ඒසවඃ පුඃ




.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

11 comments:

අනේ පව් අප්පා අර දුස්ට ගාමිණී........ මෙයාලා නිචා ලේ පුච්ච ගන්නවා..... :q ගැමුණු අන්කල් වැරදිලා හරි මේක දැක්කොත් මගේ අයියට වාස්පම වෙන්ට වෙයි. හික්ස්..........:a

හැබෑට ඔතන කතාන්දර නිස්පාදනාගාරයක් වගේ වැඩ කෙසේ වෙතත්.

August 23, 2011 at 7:59 AM  

හසියාගේ කටටත් පොප් රිවට් ගහයිද මන්දා. හපොයි වෙන දේවල්?
මේ හසියෝ මම මේ රහසින් අහන්නේ? ඇත්තටම කාටද පොප් රිවට් කියන්නේ???...:d :e :e

August 23, 2011 at 8:13 AM  

ඔයින් දෙකතුනක් ඇන්න වර එන වෙලාවක තොපි දෙන්නව සරණ බන්ධනය කරන්න :o

August 23, 2011 at 8:22 AM  

එදා ඉදන් ඉතිං "හසියා" කියන නම "පොප් රිවට්" මගින් රීප්ලේස් වුණාලු.

August 23, 2011 at 10:06 AM  

ගස් බැදලා මදි මේකව කරන වැඩ වල හැටියට..මඩ හසියා...

August 23, 2011 at 12:28 PM  

mun denna ekatamai den post dannea aa

August 23, 2011 at 12:36 PM  

හික් හික්!! මරු කතාව. දැන් දෙන්නාම කතා වෙලා එකම දවසෙද බ්ලොග් ලියන්නෙ?

August 23, 2011 at 1:28 PM  

ආආආආ හාවා දැක්ක කල් බඩ අල්ලන් හිනා යලවා අෆ්ෆා මේක කියෙව්වාම

August 23, 2011 at 4:40 PM  

ආ දැන් දෙන්නා එක වෙලාවට එකටමයි පෝස්ට් දාන්නේ නේද? :b

August 23, 2011 at 5:44 PM  

පොප් රිවට්!

August 24, 2011 at 4:24 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails