෴ ඉතිං එන්න ඇයට සුභ පතන්න... ෴








"ගුඩ් මෝර්නිං මගේ සුදු මැණිකේ.. ආදරෙයි ගොඩාරියක්..." සුව සේ ඔහුගේ පපුතුරේ මුහුණ හොවාන සිටියේ නිදිමතට වඩා මා ඇත්තටම ප්‍රිය කල නිසාවෙනි.ඔහු මා අවදිවනතුරු නෙඉවසිල්ලෙන් සිටිනු මා ඇසිපියි යටින් ‍දුටිමි.මා තවත් නිදිබව හඟවන්නට තැත් කලද වෙනදා මෙන්ම එය පුස්සක් බවට පත්විය.

"අහ්... කෝ ඉතිං වැඳගත්තනම් මගේ චුටී හාමිනේ.... ඕං....රීං..... කට්ටු කට්ටු.. මගේ රත්තරං සුදු නෝනට සුභම සුභ උපන්දිනක් වේවා.... ඒ වගේම කරන කියන හැමදේමත් සිතන පතන හැමදේමත් හිතනවටත් වඩා හොදින් ඉටුවෙන්න කියලත් නිදුක් නීරෝගී සුව පිරී ඉතිරෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්......" අද මාගේ උපන්දිනයයි.ඔහු හා විවාහ වීමෙන් පසු මා සමරන දෙවන උපන්දිනයයි.

"ආදරෙයි මගේ රත්තරං සුදු මහත්තයටත් ගොඩාරියක්.... උම්ම්ම්ම්ම්ම්ම්හ්...." මම ඔහුගේ නලළත සිඹිමින් මිමිණුවෙමි.

"කෝ ඉතිං ඇස් පියාගන්නකෝ මගේ වස්තූ‍‍...." ඔහු මගේ වතට බරවෙමින් මිමිණීය.

"හ්ම්ම්ම්ම්ම්......." මම සෙමින් කෙදිරීය....

"හොරෙන් බලන්න බෑ ඔන්න.... ඔය ඉතිං මං කිව්වනේ හොරෙන් බලන්න බෑ කියලා..." කියමින් ඔහු මගේ නළලත හා බෙල්ල සිඹින්නට වීය.

"සනීපයි සුදු මහත්තයෝ....ආදරෙයි ගොඩාරියක් මගේ පණට...." ඔහුගේ පහස සුවසේ විදිමින්ම කෙදිරුවෙමි....

"මගේ මහත්තයා මේ මොකද කරන්නේ... වස්තූ...?" මගේ ‍බෙල්ලේ යම් දෙයක් දැවටෙනු දැනුනු නිසාවෙන් නෙඉවසිල්ලෙන් ඔහුගෙන් ඇසීමි.

"දැන් ඇස් අරින්නකෝ මගේ මැණික...." මම ඔහුගේ ඒ අවසරයෙන් දෑස් විවර කලෙමි....

"ලස්සනද සුදු හාමිනේ....?" ඔහු ඇස් කුඩා කරමින් මගේ ඇස් දෙස බලමින් ඇසුවේය.

"මගේ මහත්තයට ඇත්තටම පිස්සු...." ඇයි මේ වස්තූවේ?

"හරස් ප්‍රශ්න, බාල්දි, කොකු බෑ... අහපු දේට උත්තර දෙන්නකෝ...." "ඔව් මගේ සුදු මහත්තයෝ.... හරිම ලස්සනයි වස්තූවේ...." ඔහු මගේ ගෙල රනින් වැඩ දැමූ වටිනා මාලයක් දවටා එහි ගුණ දෝස් විමසන්නට වීය.

"ඉන්නකෝ තව තියෙනවා මගේ මැණිකෙට තෑගි...." "අනේ ඇයි මේ රත්තරනේ... මං ඔය දේවල් වලට වඩා මගේ මහත්තයව මට වටිනවනේ...."

"ඔන්න ආයේ පටන් ගත්තා ඉතිං බාල්දි අදින්න...." ඔහු බොරු තරහක් ගනිමින් පැවසීය.

"ආ හරි හරි... නෝටි බබා ආයේ බාල්දි දාන්නේ නෑ..." මම ඔහු අස්වසමින් පැවසීමි.

"කෝ අත දෙන්නකෝ මගේ පැටි‍යෝ..." ඔහු මගේ දකුණත ගෙන රත්තරං මුඳුවක් පළඳා අත සෙමින් සීරුවේ ඔහුගේ දෙතොලින් තෙමන්නට විය.

"මගේ පිස්සු මහත්තයා.... ආදරෙයි ගොඩාරියක්..." මම ඔහුව සිප ගනිමින් මිමිණුවෙමි.

ඔහු සමග යහනට වී පැයක් දෙකක් සිටින්නට ඇත... ඔහු සමග සිටිනා විට කාලය ගෙවෙනවා නොව ඉගිල්ලෙනවා යැයි සිතෙන වාර අනේකය....

"සුදු නෝනා...."

"ඇයි මහත්තයෝ....හරි හරි සුදු මහත්තයට අද වැඩට යන්න ඕනි කිව්වනේ... අපි ලෑස්තිවෙමු...."

"සුදු මැණික ඉතිං මං ගැන හොදටම දන්නවනේ.... මං අහන්නේ නෑ ඉතිරි ටික...." මගේ නහය ආදරෙන් මිරිකමින් පැවසීය.

"තරහද සුදු මැණිකේ මාත් එක්ක?"

"ඒ මොකටද සුදු මහත්තයෝ....?"

"මට සුදු නෝනගේ මේ පාර උපන්දිනේට ගෙදර ඉන්න වෙන්නේ නැති එකට...."

"අනේ නෑ මගේ මහත්තයෝ...මං මගේ වස්තුව ගැන දන්නවනේ....." ඔහු මාගේ සෑම උපන්දිනයකදීම මා සමග සිටියේය.නැතිනම් මාව විනෝද ගමන් එක්කන් ගියේය... ඒත් මෙවර ඔහු‍ගේ රැකියා ස්ථානයේ වැඩ රාජකාරී අධික වීම නිසා නිවාඩුවක් ගැනීමට නොහැකිවිය. මා සිත තුළ සියුම් ශෝකයක් ඇතත් මා ඉවසිය යුතුයි.මන්ද ඔහු ඔහුගේ රාජකාරිය කලයුතු නිසාවෙනි.

"සුදු මැණික මොනාද පැටියෝ කල්පනා කරන්නේ...? මගේ මැණික දුකින් නේද? ආ පැටියෝ? කියන්න මට...." ඔහුගේ වදනින් මා නැවතත් පියවි සිහියට පැමිණියෙමි....

"නෑ මගේ මහත්තයෝ නෑ... සුදු මහත්තයා දන්නවනේ මං ගැන....."

"හ්ම්ම්ම්ම්..... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්..... ආදරෙයි ගොඩාරියක්... මට නිවාඩුවක් ගන්න පුළුහන්වුන ගමන්ම මං මගේ වස්තුව එක්කන් යන්නම්කෝ කොහේ හරි... හොදද පැටියෝ...?"

"පිස්සා... හා හා දැන් නැගිටිමු... නැතිනම් අද විතරක් නෙවේ හැමදාම මාව හුරතල් කර කර ගෙදර ඉන්න වෙයි.... එසේ කියමින් මම ඔහුත් සමග ඇදෙන් නැගිට්ටෙමි...."





~~~~~~~~~~~~~~~



"සුදු මැණිකේ... මගේ ටී ෂර්ට් එක මැදලා දෙන්න පුළුහන්ද...." ඔහු නානකාමරයට පියමනිමින් පැවසීය....

"හා මහත්තයෝ... මහත්තයා අද ටී ෂර්ට්ද අදින්නේ?"

"ඔව් මැණිකේ... අද සිකුරාදානේ.... කැෂුවල් යනවා.... ලේසියි...."

මා ඔහුගේ ටී ෂර්ටය මදින්නට වීමී.ඔහුට කැෂුවල් කිව්වොත් වෙනදෙයක් නැත...ඔහුට සැමවිටම නිදහස්ව වගේම සැහැල්ලුවෙන් සිටින්නට අවැසිය. මාද එසේම බැවින් අප දෙදෙනා තකට තකය...ඔහු පවසන අයුරින් මා ඔහුගේ අනෙක් පලුවයි.

"මොනාද කල්පනා කරන්නේ මගේ වස්තුව...." මා තිගැස්සී ගියේ ඔහුගේ සීතල ජල බිදු පහරිනි.

"මුකුත් නෑ මහත්තයෝ...."

"මෙන්න මහත්තයෝ ටී ෂර්ට් එක මැද්දා... ඉන්න මං කිරි බත් බෙදන්නම්...." එසේ කියමින් මා කුස්සියට පැමිණියේ සෑදු කිරිබත් පිඟානට බෙදිමටය....





~~~~~~~~~~~~~



කිරිබත් කෑමෙන් අනතුරුව ඔහු රැකියා ස්ථානය බලා පිටත් වීමට සූදානම් විය.

"සුදු මැණිකේ මං ගිහින් එන්නම්... මගේ වස්තුව ගොඩාරියක් පරිස්සමින් ඉන්න... මං අද ඉක්මණට එන්න බලන්නම්.... උම්ම්ම්මම්ම්ම්ම්ම්හ්...." සුපුරුදු සෙනෙහසින් මගේ නළලත සිඹ ඔහු රැකියාව වෙත පිටත්ව ගියේය.

ඔහු නැති විට දැනෙන පාලුව කියාගන්න බැරිතරම්ය... ඔරලෝසුවේ කටු කැරකෙන්නේද ඉතා මන්දගාමීවය.ඔහුගේ කෙළි කවට මැද ජීවිතය ඉතා සුන්දරය. ඔහු හමුවීමෙන් මා ජීවිතය නැවත උපන්නාක්මෙනිය.ඔහු කියන හැටියට ඔහුටද එසේමය....

ට්‍රීං ට්‍රීං.... ගෙදර දුරකථනයේ නාදයෙන් සිතුවිළි සයුරෙන් මිදුණු මා කවුද මේ වෙලාවේ... යැයි සිතමින් දුරකථනය වෙත පියමැන්නෙමි....

"හෙලෝ....."

"සුභම සුභ උපන්දිනක් වේවා...!!! උම්ම්ම්ම්ම්ම්මහ්...."

"අක්කේ... එහෙනම් ඔයාට මතක තිබ්බා.... තැන්කූ අක්කණ්ඩියේ....."

"මට අමතක වෙයිද නගේ...."

"අද මොකෝ කරන්නේ දෙන්නා..."

"අක්කේ අද සුදූට වැඩ.... අද හොදටම වැඩ කියලා දුකෙන් වැඩට ගියා....."

"ම්ම්ම්ම්ම්ම්ම් එහෙමද‍‍‍.... මං මේ පාටිය ගන්න කතාකලේ...."

"මොන මොන පාටිද....?"

"මගේ නඟාගේ උපන්දින පාටිය.... හික් හික්..."

"පස්සේ බැරියෑ....."

"පස්සේ බැරියෑ කියලා බෑ... දැන් ඕනි..."

"දැන්...? අනේ බෑ... සුදු මහත්තයත් නෑ...."

"එයාට කෝල් එකක් දීලා‍ අහලා බලලා එන්නකෝ...... ප්ලීස්.... දහයට ලවර්ස් රිසෝර්ට් එකට එන්න... ප්ලීස්...."

"ම්ම්ම්ම්ම් මං බලන්නම්.... අක්කණ්ඩි දන්නවනේ මං එයා නැතිව කොහේවත් යන්න කැමති නෑ කියලා... විශේෂයෙන්ම මේවගේ දේකට... මං එහෙම එන එකත් හරි නෑ නේද අක්කේ....?"

"හරි හරි ඔයා සුදුගෙන් අහලා බලන්නකෝ.... කතා කරලා මට දැන් කියන්න.... හොදේ...? ඉබ්බියි, අයියණ්ඩියිත් එනවා කිව්වා...."

"හ්ම්ම්ම්ම්....."

මං රිසීවරය තැබුවෙමි.... මාගේ මනස පැටලී ඇත. සොයුරියන් නොසිටි මාහට අක්කණ්ඩී හා ඉබ්බී මගේම සොයුරියන් වුවාය.අයියණ්ඩි මගේම සොහොයුරෙක් විය.ඔවුන් මගේ දුකේදීත් සැපේදීත් ළගින්මය. ඇයගේ ඉල්ලීම ඉවතලන්නේ කෙසේද? සුදු මහත්තයා නැතිව කොහේවත් යන්න අකමැති මා මේ ගමන කෙසේ යන්නද..

ට්‍රීං....ට්‍රීං.... නැවතත් දුරකතනය නාද වෙන්නට විය....

"හෙලෝ සුදු නෝනා.... මගේ මැණික මොකද කරන්නේ....?"

"මුකුත් නෑ මහත්තයෝ.... මං මේ කතා කරන්න හිටියේ මගේ මහත්තයට..."

"ඒ මොකෝ මගේ මැණිකේ....?"

"හරි හරි ඊට ඉස්සෙල්ලා කියන්නකෝ මගේ මහත්තයා මට කතා කලේ ඇයි කියන්න....."

"කතා කලේද කතා කලේ පොඩි දෙයක් කියන්න....."

"ඒ මොකක්ද වස්තූ....?"

"ආදරෙයි මගේ රත්තරං සුදු නෝනට ගොඩාරියක්..... උම්ම්මම්ම්ම්ම්හ්...."

"පිස්සා... ආදරෙයි මාත් ගොඩාරියක් මගේ මහත්තයට.... ඔන්න බොස් පිටිපස්සේ.... හික් හික්... පිස්සා"

"මං මේ දවල් ටී එක බොන ගමන් කතා කරන්නේ.... දැන් කියන්නකෝ පැටියෝ මොනාද මැණිකෙට කියන්න තියෙන්නේ....?"

"අක්කණ්ඩි කතා කලා‍‍...කතා කරලා මට විෂ් කරලා කිව්වා පාටියක් ඕනි දැන් එන්න කියලා...අනේ මන්දා මහත්තයෝ... මට යන්න බෑ... ඒත් අක්කණ්ඩිත් එක්ක බෑ.... ඉම්මියි, අයියණ්ඩියිත් එනවා කියලා...."

"මගේ සුදු මැණිකේ කියන්න අක්කණ්ඩිට එන්නම් කියලා... පව්නේ.... අනික අක්කණ්ඩි තෑගිත් දෙයිනේ.අපරාදේනේ තෑගි ටික... හික්ස්...."

"විහිළු නෙවේ මහත්තයෝ... මට මහත්තයා නැතිව යන්න බෑ....."

"හරි හරි කමක් නෑ මං මගේ මැණික ළග ඉන්නවනේ..... මගේ මැණිකට මං ආදරෙයිනේ ගොඩාරියක්. මගේ වස්තූ ගිහින් එන්න... එතකොට හරිනේ... එහෙම හොදයි නේද වස්තූ‍‍...."

"අනේ මන්දා මහත්තයෝ.... "

"අනේ මන්දා අනේ මන්දා නෙමේ... කො කෝ දැං ලෑස්ති වෙලා පරිස්සමින් ගිහින් එන්නකෝ..... මං එහෙනම් තියන්නද වස්තූ... ආදරෙයි ගොඩාරියක්... සුදු නෝනා පරිස්සමින් ගිහින් එන්න... බුදු සරණයි මගේ රත්තරං සුදු නෝනට...."

"හ්ම්ම්ම්.... එහෙනම් මං ගිහින් එන්නම්කෝ..... බුදු සරණයි මගේ මහත්තයෝ.... පරිස්සමින් වැඩ කරන්න... උම්ම්ම්ම්හ්...."

අකමැත්තෙන් වුවද ඔහුගේ කීමට පිටුපාන්නට මා අකමැතිය.ඒනිසා ඔහුගේ කීම පරිදි යන්නට සිතාගත්තෙමි.

අක්කණ්ඩීට ඇමතුමක් දී එනබව පවසා මා ලෑස්තිවන්නට වීමී....





~~~~~~~~~~~~~~~



මා ලවර්ස් රිසෝර්ට් වෙත යනවිට 10.15ට පමණ ඇත‍.

"මොකද පරක්කු නගෝ...? ඔහොම පුළුවන්ද පාටි ගන්න... ආ?" එහි යනවිටම ඇඟට කඩා පැන්නේ අක්කණ්ඩීය....

"එහෙම තමයි ආරාධිත අමුත්තෝ එනකොට වෙලාවට එන්නේ නෑ... කෝ කෝ කේක් එක....? ආ? කෝ තෑගි? මා ඇසක් ඉඟිමරමින් ඇසීමි."

"හා හා යමුකෝ කේක් කන්න‍‍.... අපිද කේක් දෙන්න ඕනි දැන්? ආ න‍ගෝ...?" ඒ අයියණ්ඩියයි‍‍‍...

"අපිට තියෙනවා අපේ නඟාව පුදුම කරවන්න...." ‍එසේ කියමින් ඉම්මි ඇයගේ අතේ තිබූ කලු රෙදි පටියකින් මගේ දෑස් බැදීය...

"මේක හරිම අසාධාරණ ලෝකයක්.. හැමෝම කරන්නේ මගේ ඇස් වහන එකයි පුදුම කරවන එකයි..."

"ඇයි අපි නැතිව වෙන අය ඉන්නවද ඔයාව සර්ප්‍රයිස් කරන්න... ආ ?" ඒ ඉම්මිගේ කටය... පේන්න හිටියනම් අනින්න හිතෙන්නේ ඔළුව හිල්වෙන්න ටොක්කක්ය...

ඉම්මිත් අක්කණ්ඩිත් මා අල්ලාගෙන යන අතරේ මසිතේ සිතුවිළි දහසක් පොදි බදින්නට වීය. මෙයාලා මොකාටද එන්න හදන්නේ...? මොකක්ද පුදුමය? මගේ සුදු මහත්තයා මාව පුදුම කරනවා මදිවට දැන් මේ අයත් ඒකම පුරුදු වෙලා.

"ඔන්න අපි තැනට ආවා.... දැන් රෙදි පටිය ගලවමු...."

දෑස් විවර කල විට කිසිත් කියාගන්න බැරිව ගොළු වන්නට වීමී.දෑසේ කඳුලු පනින්නට ඔන්න මෙන්න විය. සැරසිලි මැද තනිවූ ලස්සන උපන්දින කේක් ගෙඩියකි‍.ඇස් අදහාගත නොහැකිව මා ඔවුන් දෙස මාරුවෙන් මාරුවට පුදුමයෙන් බැලුවෙමි.මට වචනයක්වත් ගැට ගසා ගැනීමට තරම් නිච්චි නැත.ඒ සමගම මගේ බද වටා උණුසුම් දෑතක් වෙලෙන්නට විය. මා ගැස්සී ගියෙමි.

"බය වුනාද ? මේ මම... වෙන කවුරු‍ත් නෙවේ සුදු නෝනා....?" ඒ වෙන කවුරුත් නොව මගේ පණ මගේ ජීවිතය වූ මගේම දඟකාර සුදු මහත්තයාය......

ඔහු මගේ නලළත සෙමින් සිපගනිමින් "සුභම සුභ උපන්දිනක් වේවා මගේ රත්තරං සුදු නෝනට.....!!!" යැයි මුමුණන්නට විය.....

"හොරා හරි නරකයි. මේ පාරත් එහෙනම් මාව පුදුම කලා. ආදරෙයි ගොඩාරියක් මගේ රත්තරං සුදු මහත්තයට. සුදු මහත්තයා තමයි මේ ලෝකේ ඉන්න හොදම මහත්තයා." හැඟුම් බර ස්වරයෙන් මට මුමුණාගත හැකිවූයේ එපමණකි.දෑසට නැඟුණු කදුළු සඟවානොගෙනම මා ඔහුගේ ආදරණිය පපතුරට තුරුළු වුණෙමි....





෴ ~~~~~~~~~~ ෴



ප‍.ලි.:

අද මගේ හාවිගේ උපන්දිනේ... ම්ම්ම්ම්ම් මගේ හාවි ඇ‍ගේ ජීවිතේ සමරපු හොදම හා ලස්සනම උපන්දිනය කරන්නයි මට ඕනි... ඒ වෙනුවෙන්
පබලු අක්කා, කංචන අයියා, හසාරි නංගි වගේම ඉම්මි නංගිත් මට ගොඩාක් උදව් කලා.. ඒ වෙනුවෙන් ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය‍.

අන්තිමට කියන්න තියෙන්නේ
මං ඇයට ගොඩාරියක් ආදරෙයි...!!! ඒ වගේම ඇයට සියළු පැතුම් ඉටුවෙන සතුට මෙන්ම නිදුක් නීරෝගී සුව පිරීඉතුරුණු සුභම සුභ උපන්දිනක් වේවා...!!!






ඉතිං එන්න හැමෝම ඇයට සුභ පතන්න...




.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

31 comments:

කවුද යකෝ මේ හසාරියි ඉම්මියි??? මේ කතාවේ විසිල් සහ බල්ටි ලඟදීම... Exclusively from පබලු with කාංචන.
-කාංචන

September 9, 2011 at 3:16 PM  

සුභම සුභ උපන්දිනයක් වේවා හා පැටික්කියේ!!!! වාසනාවන්ත අනාගතයක් උදා වේවා!!!!

September 9, 2011 at 3:25 PM  

හුටා... දැනුයි දැන ගත්තේ..හප්පොස්සියේ උදේ බස් එකේදී අහු වෙලත් ඔය වගක් කීවේ නැහැනේ..හැබැයි මොකක්ද අඩමානේ ගමනක් ගැනනං කිව්වා.. එහෙනං කෙලීට පාටිය ලැබිලා වගේ...අනේ වාසනාවන්...

දයාබර හාවි නගේ උඹට සුභම සුභ උපන් දිනයක් වේවා..!

September 9, 2011 at 3:29 PM  

හා පැටික්කිට සුබම සුබ උපන් දිනයක්.

September 9, 2011 at 3:35 PM  

හා අක්කෙ.. මගේ වකුගඩුව.. <3 <3 සුභ උපංදිනයක් වේවා.. උම්මමාමාමාම :D

September 9, 2011 at 3:38 PM  

හා පැටික්කිට සුභ උපන්දිනයක් වේවා... !!! :m

September 9, 2011 at 3:42 PM  

සුභම සුභ උපන්දිනයක් හා පැන්චියෝ......සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක්.....:m

September 9, 2011 at 3:50 PM  

හෆ්ෆා..මේක පුරසිද්දත් වෙලාද.හැපි බර්ත් ඩේ හාවියේ.සුදු තැන්ක් වේවා අපිට දවල් ලන්ච් එක දුන්නට.

අනේ මට ඉක්මනට යන්න ඕන කිය කියා හිටි හාවි පහු වෙනකොට එලවගන්න බැරි වුනා.ඒ මදිවට හසියා හොයාගෙන අපි යනමග හසියා වමනේ දාලා මාතර ස්ටැන්ඩ් එක චා කරල.මගේ අම්මේ.. එෆා වුනා අපිට.

වැඩි විස්තර පසුවට.දැනට එපමනයි.

September 9, 2011 at 3:56 PM  

හාවිට සුභ උපන්දිනයක් වේවා!

September 9, 2011 at 4:04 PM  

සුභම සුභ උපන්දිනයක් හාපැටික්කියේ

September 9, 2011 at 4:18 PM  

සුභ උපන් දිනයක් වේවා....!

September 9, 2011 at 5:06 PM  

සුභ උපන් දිනයක් හාවිට.... :m :m :m

September 9, 2011 at 5:24 PM  

සුභම සුභ උපන්දිනයක් වේවා.......!!!!!!!!

September 9, 2011 at 5:44 PM  

සුභ උපන්දිනයක් හා පැටික්කිට,,,
ඔහොම නම් හරි යන්නේ නැතෝ.. අපිට පාර්ටි ඕනේ,.. ඔය දෙන්නා විතරක් කේක් කාලා හරියනවද?

September 9, 2011 at 6:01 PM  

Happi Birth day dear haaaveee....

September 9, 2011 at 6:15 PM  

හා පැටික්කිට සුභ උපන්දිනයක්.... :m

September 9, 2011 at 6:39 PM  

සුභ උපන් දිනයක් හාවි. ඒ වගේම හාවා වගේ හොඳ පෙම්වතෙක් ලැබෙන්න හාවි පින් කරලා තියෙන බවත් පේනවා

September 9, 2011 at 7:54 PM  

අනේ ලස්සන ආදර කතාවක් ...ඒ වගේම ඔන්න හාවිට මමත් සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා...:c :t

September 9, 2011 at 8:32 PM  

ඔන්න ඉතිං බුල්ටෝ අයියාගෙනුයි බුල්ටී අක්කාගෙනුයි හා පැටික්කි නගාට සුභම සුභ උපන්දියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ හැමදාම ඔය දෙන්නා සතු‍ටින් ඉන්නවා දකින්න තමා අපිත් කැමති. ඒ නිසා ඒ සතුට හැම මොහොතකම ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. තව නිරෝගී සම්පත්තිය වගේම සුභම සුභ අනාගතයකට පිය නගන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා අපි දෙන්නා ඔය දෙන්නාටම ප්‍රාර්ථනා කරනවා.

September 9, 2011 at 9:30 PM  

හැපි උපන්දිනක් වේවා හාවි නගේ...

September 9, 2011 at 9:49 PM  

ඔන්න සිංහයගෙනුත් සුභ පැතුම් ........:D

September 9, 2011 at 10:42 PM  

අපේ හා පැටික්කිට සුබම සුබ උපන් දිනයක් වේවා .!!

September 9, 2011 at 11:05 PM  

Ko oya hora haavi.....
Ehenam havita magenuth suba pathum male.....
ee vagema oyaala dennatath hamadaama lan vela inda Subama suba pathum.....

September 10, 2011 at 3:34 AM  

හපොයි කවුද ඔය වගක් දැනන් උන්නෙ...

පරක්කුයි පරක්කුයි......

සුබම සුබ උපන් දිනයක් හා පැටික්කියේ...ජීවිතය වාසනාවත්ත වේවා !

September 10, 2011 at 10:06 AM  

කතාව නම් කියෙව්වේ නැහැ අම්මපා අමූලික ඇත්ත ඒක නම්. ඒත් මම දන්නවා හසි අයියා හෘදයාංගම හා පැටික්කිට සුභ පතලා තියෙන වග. හා පැටික්කිට හැපි හැපි බර්ත් ඩේ එකක් වේවා කියලා එක සිතින් හදවතින් බොක්කෙන් සර්වාංගෙන්ම පතනවා

දෙපළගේ ඉදිරි දිවියත් මේ විදිහටම හැපි හැපි තබ්ලාවේ ජිම් එකයි බුම් එකයි [හරිද මන්දා] වගේ ඉන්න ලැබේවා කියල පතනවා. ඕන් කිව්වා මේන් ගියා :-)

September 10, 2011 at 12:49 PM  

සුබ පැතුම් !!!

September 10, 2011 at 2:20 PM  

මගේ ආදරණීය හාවිට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි... ඒ වගේම අක්කණ්ඩිටත් අයියණ්ඩිටත් ඉම්මිටත් හසාරිටත් ගොඩාක් ස්තූතියි...
ඊයේ දවස ලස්සන සුන්දරම දවසක් කරගන්න මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි... ඒ ‍වගේම ගොඩක් පිං... හැමෝටම මගේ හෘදයාංගම ස්තූතියි...

මෙන්න එහෙනම් හාවිගෙන් කේක් හැමෝටම....

http://haapatikki.blogspot.com/2011/09/d.html

September 10, 2011 at 7:19 PM  

හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක් වේවා...

September 11, 2011 at 3:10 AM  

@ කාංචන

අයියණ්ඩිටයි අක්කණ්ඩිටයි අපි බයා.......යිනේ.... :P

@ ..ChAnDiKa..
Praසන්ன
හිම කුමාරි
සිතුවිලි නිහඬයි
පූසා
ශානු
prasanna86k
තාරක Dilsh@n
Thusitha (දිමා)
අභීත
Dinesh
සුදු හංසි
The Lion
හිස් අහස
දිල්
දේදුණු

හැමෝටම බොහොමත්ම ස්තූතියි...... :c :c :c :c

@ මාරයාගේ හෝරාව

ඒ යන්න හිටියට දැනන් හිටියේ නෑ නොවැ. :h
බොහොම ස්තූතියි අයියා....... :c

@ Bunny

හැහ්? වකුගඩුව..... හා හා කමක් නෑ....... :j
බෝම ස්තූතියි මල්ලියෝ........... :i

@ පබලු

අප්පච්චියේ අර වරායේ ගල උඩට නැඟලා කිව්වනම් වැඩක්වත් තියේ ඔය කතා වල. හික්ස්..... :h

බෝම ස්තූතියි අක්කණ්ඩි............. :c

@ ප්‍රාර්ථනා

අපෝ තනියට තව දෙන්නෙක්ම උන්නා....... හික්ස්... :q

බෝම ස්තූතියි......... :c

@ blog gadol

ආන්න ඒ කතාවටනම් කේක් ගෙඩියක් කටේ දමන්න හිතෙනවා...... හික්ස්...... ඒ පින ගැන නම් හිතාගන්නවත් බෑ පුරු පුරු අයියේ...... :i :i

බොහොම ස්තූතියි අයියා............ :c

@ සුපර්

ආ අනිත් පණිවිඩෙත් හම්බවුනා අයියා........
බොහොම ස්තූතියි අයියටයි අක්කටයි දෙන්නටම......... :c

@ Jeew

ආ අයියණ්ඩිත් තාම ඉන්නවනේ.... ආන් බ්ලොගේ මකුළුවෝ පිරිලා........ හික්ස්......... :p

බොහොම ස්තූතියි අයියා............. අක්කවත් මතක් කලා කියන්න ආදරෙන්....... :c

@ Hasitha

මගේ අම්මේ තියන වචන ගොඩ..... :m
බොහොම ස්තූතියි හසිත..............

හිහ්..... මාත් දන්නැ. හැබැයි ආසම භාණ්ඩයක් තබ්ලාව......... :r

@ ෴හසියා෴

අනේ මං පරක්කු උන නිසා සුදු අයියා රිප්ලයි දාලා....... :i

ගොඩාඩාඩාඩාක් පින් මගේ අයියේ....... :g :g :g :g :g :g :g :g :g :g

September 11, 2011 at 10:42 AM  

සුභම සුභ උපන්දිනයක් වේවා හා පැටික්කියේ...!!!

September 12, 2011 at 3:29 PM  

@ නිසුපා

බොහොම ස්තූතියි අක්කියා.......... :c

@ නචියා

බොහොම ස්තූතියි අයියා.......... :c

September 13, 2011 at 11:49 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails