අද කෂ්ටියට හසියා අපේ ගූගල් දෙයියගේ පුංචි වැඩ කිඩ ටිකක් දෙන්න යන්නේ.වැඩ කිඩ කිව්වට මේ වැඩ කිඩ ටිකක් ෆන් එකට බර වැඩ කිඩ ටිකක්.අපේ තිස්තුන් කොටියක් දෙවි දේවතාවූන් ඉන්නවා වගේ ගූගල් දෙයියගෙත් ඉන්නවා පරම්පරාවක් නෑදෑයෝ.... තව මොකට කාලේකනවද නේද... මෙන්න එහෙනම් බලාගන්නකෝ......



ගූගල් දෙයියා ගුරුත්වාකර්ෂණයට අහුවුනොත්? මෙන්න මෙහෙම හිටියි නේද.... හික් හික්... මෙතනින් ගිහින් බලන්නකෝ...
Google Gravity


ගූගල් දෙයියා බොලයක් උනොත්? මෙන්න මෙහෙම කැරකෙයි නේද...
Google Sphere


ගූගල් දෙයියා ලොකු වෙන්නේ මෙන්න මෙහෙමයි....
Epic Google


ගූගල් දෙයියා පුංචි වෙන්නේ මෙන්න මෙහෙමයි....
Weenie Google


දේදුන්නේ පාට ගත් ගූගල් දෙයියා....
Rainbow Google


ඩාන්සින් ස්ටාර් වෙච්ච ගූගල් දෙයියා....
Google Loco


පැක්මෑන් සෙල්ලම් කරන ගූගල් දෙයියා....
Google Pacman


පිස්සු කෙළින ගූගල් දෙයියා....
Annoying Google


ඉන්ද්‍රජාලික ගූගල් දෙයියා....
Google Magic


ළමයි බයකරන ගූගල් දෙයියා....
Google Gothic


ගූගල් දෙයියගේ ප්‍රතිභිම්බය.......
Google Mirror


හැකිං ගූගල් දෙයියා....
Google Hacker


පයිරෙ‍ට් ගූගල් දෙයියා.....
Google Pirate


ගූගල් දෙයියා ලස්සන කරමු....
Funny Google


ගූගල් දෙයියගේ ඔළුව අවුල් වෙලා.....
Google MentalPlex


ෆැෂන්වෙච්ච ගූගල් දෙයියා.....
Google Chav


ගූගල් දෙයියගේ අම්මාවරු.....
Google Moms


ගූගල් දෙයියගේ හදවත‍‍....
Google Heart


සෝස පාට ගූගල් දෙයියා.....
Google Pink






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ පොප් රිවට් ෴



ඉතිං කොහොමද කෂ්ටියට? හසියනම් මේ දවස්වල සෝ බීසී.‍ඒකයි හසියව බස් පැත්තේ එහෙම පේන්න නැත්තේ‍‍.හසියට ට්රේනින් සෙට්වුණා කොම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් එකක.තැනනම් නියමයි.අපරාදේ කියන්න බෑ එකෙක් දෙකෙක් ඇරෙන්න අනිත් හැමෝම පට්ටම පට්ට පිස්සු සෙට් එකක්. ඉතිං ගියේ හාඩ්වෙයාර් ඇන්ඩ් නෙට්වර්කින් සයිඩ් එක පොඩ්ඩක් ත්රෝ වෙන්න කියලා.හාඩ්වෙයාර් ඇන්ඩ් නෙට්වර්කින් කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික්, පීඑල්සී ප්‍රෝග්‍රැමීන් වගේ අමතර දේවල්නම් හොදට ඉගෙනගන්නවා.

ඔන්න ඉතිං හැමදාම වගේ අවුට් ඔෆ් ට්‍රැක් ගිහින් පම්පෝරි කෙලිනවා.හා නැද්ද?


ඕකේ ඕකේ බැක්ටු ට්‍රැක්.....

ඔන්න ඉතිං අපේ ඔය කොම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් එකේ සිස්ටම් ඇඩ්මිනා "දුටුගැමුණු" (කෂ්ටිය එතුමාව ඇමතුවේ එහෙම) කියලා පොරක්.මිනිහගේ ඇත්ත නම "ගැමුණු".මිනිහත් ළගදි සෙට් වෙලා තියෙන්නේ.මේ දවස්වල පරණ තිබුණ නෙට්වර්ක් එක රෙපයාරිං ඇන්ඩ් අප්ග්‍රේඩිං කොරනවා.ඉතිං කෂ්ටිය වයර් ඇදගෙන පටලෝගෙන ඉන්නේ‍.ඉතිං වැඩ ගජරාමෙට නැගලා යනවා.නෙට්වර්ක් වයරිං මදිවට ඉලෙක්ට්‍රිකල් වයරිං එකත් යනවා ඔය අස්සෙම.

ඉතිං ඔන්න ඔය වැඩ යන අතර තුර දවසක් නෙට්වර්කින් වැඩේට පොඩි අඩයක් තියලා තිබ්බා අපේ මේ දුටුගැමුණු.ඉතිං ඔන්න එදා ඒකාගෙම කරුමෙටද කොහෙද ජීඇම් සර් කෂ්ටිය කැදවලා පොඩි මීටිමක් සෙට්ල් කොරලා ප්‍රෝග්‍රස් එක ඇහුවා.ඔන්න ඉතිං හැමෝගෙන්ම දැනට වෙන දේවල් අඩුපාඩු මොනාද බ්ලා බ්ලා බ්ලැක්... ෂිප් අහලා.

ඔන්න ඉතිං අන්තිමට දුටුගැමුණු සහෝදරයාගෙන් ඇහුවලු
"කෝමද දැන් පුතා නෙට්වර්කින් වල ප්‍රෝග්‍රස් එක...?"
කියලා.

ඉතිං මිනිහත් දන්න කියන වැඩ දාලා කියලා
"අහ් සර් අවුලක් නෑ හොදට යනවා.
මේ.. ඒත් සර්...." එකපාරට මිනිහා අදින්න ගත්තලු.

"ඇයි පුතා මොකක්ද ප්‍රශ්නේ ?" ජීඇම් සර් ඇහුවලු.

"නෑ සර් මේ පොඩි පොඩි දේවල් ටිකක් නැතිව නෙට්වර්කින් වැඩේ ඇණහිටලා.ඒ ටික ආපුගමන් අපි ආයේ වැඩ පට්ටාන් ගන්නවා"

"දැන් පුතා මොනාද ඔය නැති පොඩි පොඩි දේවල් ?"

දුටුගැමුණු සහෝදරයා ගත්කටටම කිව්වලු ඉතිං "සර් මේ පොප්‍ රිවට් නැතිව කේසින් ගහන්න විදිහක් නැතිව ඉන්නේ. මම ඒ ටික ඕඩර් කරලා තියෙන්නේ" කියලා.

එතකො‍ටම ජීඇම් සර් කිව්වාලු....
"චී චී පුතා ලැජ්ජා‍ නැද්ද පොප් රිවට් වගේ පොඩි දෙයක් නැතිව වැඩ නතර කරන්න.වැඩි ගාණක් නැති හන්දා කඩෙන් ගෙනල්ලා වුනත් කරන්න පුළුහන්.ගේන්න බැරිනම් මට හරි කියන්න මං හරි ගෙනල්ලා දෙන්නම්" කියලා‍‍.

අපේ දුටුගැමුණු සහෝදරයගේ මලක් වගේ අහිංසක හිතට දැණුනු දේ අමුතුවෙන් කොටන්න ඕනි නෑනෙවැ නේද....
වෙලාවට පොළොව උඩ නෙවේ හිටියේ බිල්ඩිමක.පොළොව උඩ හිටියනම් එහෙම ලොකු පැල්මක් ඇතිවෙනවා එදා මිනිහා පොළොව පලාගෙන ගිහින්.

එදා ඉදන් ඉතිං "දුටුගැමුණු" කියන නම "පොප් රිවට්" මගින් රීප්ලේස් වුණා.දැන් කොම්පැණියේ හැමෝම කතාකරන්නේ පොප් රිවට් කියලා.එහෙම කිව්වහම තමයි හැමෝම දන්නෙත්.හික් හික්


දැන් ඉතිං පොප් රිවට් කිව්වහම.... $%@*#!%$*@!



අප්පට සිරි අර එන්නේ පොප් රිවට්... නෑ නෑ දුටුගැමුණු නේද කඹේකුත් අරන්....හුටා හසියා වාෂ්ප වෙන්නම් නැතිනම් හසියව ගස්බඳියි ඕකා.




එහෙනම් අපි වාෂ්ප වෙනවෝ..... ආයෙත් ළගදිම සෙට්වෙමු.....



ඒසවඃ පුඃ




.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ ඇනුනා යකෝ.. උඹේ...*$#&!$%$ ෴




ඌයි....*#@&*%#$*

ඇයි මොකද වුනේ මචං.....

ඇනුනා ඇහේ බං....රිදෙනවා යකෝ....

අප්පා රතු වෙලා කඳුළුත් එනවා නේද.....

ඔව් යකෝ රිදෙනවා ඉන්න බෑ....

මොකක්ද ඇණුනේ....?

ඇනුනෙද...? ඇනුනේ උඹේ කෙස් ගහක්....

මොකක්? මගේ කෙස් ගහක්?

ඔව් යකෝ.....තෝ මොනාද ඔළුවේ උලපු ලාටූ?



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :






"මහත්වරුන්"






1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න.
2. වාහනයේ විදුරුව පහත් කරන්න.
3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න.
4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න.
5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න.
6. වාහනයේ වීදුරුව ඔසවන්න.
7. ස්තූතියි...ඔබට පිටත්විය හැක..



"නෝනාවරුන්...."



1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න
2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.
3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.
4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න.
5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.
6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න.
7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න.
8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න.
9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න.
10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න.
11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න.
12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න.
13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න.
14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න.
15. මුදල් හා රිසීට් පත ලබාගන්න.
16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න.
17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න.
18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.
19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න.
20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න.
21. ඔබේ කාඩ් පත ලබාගන්න
22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න.
23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න.
24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න.
25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න.
26. සැතපුම් 2-3 වාහනය පැදයන්න.
27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න.


කොහොමද වැඩේ...?
හික් හික්....


ප.ලි. :

මේක මට ලැබූණු මේල් එකක්.... කියවපුවහම හිතුනා කෂ්ටියත් එක්ක බෙදා හදාගන්න... මොනාවුනත් ඇත්ත කතාව හැබැයි...
මොකද ඔය කාන්තා පාර්ශවය වැඩක් කොරන්න ගියහම හත්පොලේ ගාගෙන තව නාත් ගන්නවනේ.... මෙහෙම කිව්වා කියලා සමස්ත ලෝකවාසී මහීලා සංගමයන් ඔක්කෝම එකතු වෙලා හසියට නෙලයිද දන්නේ නෑ.... හැබැයි ඕන් එහෙම නැති අයත් ඉන්නවා ඕනිතරම්... හික් හික්...


මේ දවස්වල පොඩ්ඩක් ඉන්ටු පෝඩ්ඩක් ප්ලස් තව ගොඩක් බීසී වෙලා ඉන්නේ...
(සූත්‍රය තේරුණේ නැතිනම් අහන්න එපා... දන්නෝ දනිති...
)
අපි නැතිව පාළුයි කිය කියා ඉන්න හන්දා ඔන්න ආවා මේ පැත්තේ පොඩි රවුමක් දාලා යන්න.....


අපි එහෙනම් වාෂ්ප වෙනවා......


ඒසවඃ පුඃ



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails