ඔන්න ඉතිං ඊයේ දිනයේ කෂ්ටිය ලස්සනට සෙට්වුනානේ අර සුන්දර හංසයෝ පීනන බේරේවැව අසබඩ තිබු ඩී.එච්.පී.එල්. කියන ඒසී අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිය ගොඩනැගිල්ලක.අහ් හසියා ඔය කිව්වේ මේ සිංහල බ්ලොග් සංසදයේ එකතුව ගැන තමා ඉතිං...වැඩේ නැගලා ගියා.ආපු අයට ඉතිං අමුතුවෙන් කියන්ට ඕනිනෑනේ.ආවේ නැති අය ඉතිං ෆෝටෝ එහෙම දකින්න ඇතිනේ....පොඩි පරහකට තිබ්බේ අර වැලා අයියගේ කතාකෝච්චිය තමා.ඒ වෙලාවෙනම් හසියටත් පොඩි නැප් එකක් දාන්නමයි හිතුනේ....වටේ පිටේ හිටපු උන් අන්ෂුවර් නිසා කට්ට කාගෙන ඇස්දෙක ඇරන්ම බලං හිටියා.
අහ් දැන් පෝස්ට් ටයිට්ල් එකට එන්ටර් වෙමුකෝ....(එන්ට එපාද ඩ්‍රැගන් කිව්වලු.....) ඔය පහල තියෙන ෆොටෝ එකේ ඉන්න එකා ගැන දන්නවද....ඔව් ඔව් මිනිහා ඊයේ ගෙට් එකටත් ආවා.ඊටත් වඩා මිනිහා අපේ හසී ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් නොවැ.වැඩි කතා ඕනි නෑ ඔය චිම්පන්සියාතමා (හසී නඟා කියන විදිහට ඔන්න හොදේ.....) හසිත ජයසූරිය නොහොත් අපි හැමෝම දන්න කියන පොඩ්ඩා...
ඔය ඉන්නේ නිකං හැන්ඩියා වගේ...ෂෝයි....(වෙන නැතිනම්)
ඉතිං මේ පොඩ්ඩා හසියටත් අපේ මේ පුබුදු කොල්ලටත් කිව්වා අයියේ මට පොඩි අවශ්‍යතාවයක් තියේ කරගන්න ඕනි කියලා.(අර පොඩි වැඩේ ගැන වෙන්න ඕනි කිව්වේ...) ඕක කිව්වේ නවම් මාවතේ එනගමන් තමා.ඉතිං ඔන්න දැං ගෙට් එක තියෙන හෝල් එකටත් ආවා කියමුකෝ...ඉතිං හසියටයි පුබුදු කොලුවටයිත් ඕනි වුනා අර පොඩි වැඩේ කොරන්න.ඉතිං පොඩ්ඩටත් යන්න ඕනි කිව්ව නිසා ඒකවත් එක්කන් ගියා කියමුකෝ වොෂ්රූම් එකට.ඉතිං අපි ඇතුළට ගියා.පොඩ්ඩට කතා කලාම කිව්වා හරි හරි මං එන්නම් කියලා.අපි හිතුවා පොඩ්ඩට ලැජ්ජාවේ වෙන්න ඇති කියලා.(තාම පොඩි එකානේ...)ඔන්න ඉතිං අපි ආවා කියමුකෝ වොෂ්රූම් එකෙන් එළියට.පොඩ්ඩා තාමත් එළියේ.ඉතිං දැන් ලොකු අමාරුවකින් හිටපු පොඩ්ඩට ගානක්වත් නෑ.
අපි : "මොකෝ උඹ යන්නේ නැද්ද වොෂ්රූම් ?"
පොඩ්ඩා : "දැන් හරි අයියා...දැන් වැඩේ ශේප්"
හසියා : "ඈ බොල පොඩ්ඩෝ දැන් උඹ අඬ අඬා නේද ආවේ ඉන්න අමාරුයි කිය කියා.එකපාරටම කොහොමද අමාරුව සනීප වුනේ.?"
ඔයවෙලාවේ පොඩ්ඩා නිකං කින්ඩි හිනාවක් පනාවක් දාලා කාන්තා පාර්ශවයට අයත් වොෂ්රූම් එක දිහා බැලුවා...මල මඟුළයි....ඔය වෙලාවේ තමයි අපිට මිටර් වුනේ අපි වොෂ්රූම් ගිය වෙලාවේ පොඩ්ඩා කාන්තා පාර්ශවයට අදාල වොෂ්රූම් එකට ගිහින් වැඩේ අහවර කරගෙන කියලා.
පොඩ්ඩා මෙච්චර කල් කොල්ලෙක් විදිහට හිටියට ඇත්තටම කෙල්ලෙක් කියලා ඕන්න ඉතිං අපේ බ්ලොග් ලියන්නෝ ඒකමතිකව තීරණයකලා. කෙල්ලෙක්ට පොඩ්ඩා කියන්න බැරි හින්දා අපේ හසී ෆැමිලි එක තීරණය කරා පොඩ්ඩට පෙඩ්ඩා නොකියා පොඩ්ඩි කියලා අමතන්න....දැන් ඉතිං හසී පවුලේ පුරුෂ නියෝජනයත් කාන්තා නියෝජනයත් සම සමව තියෙන නිසා...ප්‍රජාත්‍රන්ත්‍රවාදී පුංචි පවුලක් බවට පත්වුනා.(එහෙමත් පවුල් තියේද...?)
කොහොම හරි ඉතිං ඔය වෙලාවේ ඉදන් අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ පොඩ්ඩා අහ් නෑ නෑ...පොඩ්ඩි තමයි හොදම බයිට් එක...මරේ මරු...මේවගේ බයිට් එකක් මීට කලින් හම්බවෙලාම නෑ....මුණුපොත පැත්තේ ගියානම් කෂ්ටියට බයිට් එකේ තරම දැනගන්න පුළුහන් වෙයි......
ප.ලි. :
අපේ මේ කතා හසියට හදිසියේ යෙදුනු පන්සලේ රාජකාරියක් නිසා එන්න වෙන්නේ නෑ කියලා උදේම කිව්වා...ඇත්තටම දුකයි.කතා හසියා නැති අඩුව ගොඩක් දැනුනා...ඊළග පාර ගෙට් එකට කතා හසියා ඇතුළුව තව තවත් හසීලා සමගින් හසී ෆැමිලි එකට එකතුවෙන්න හැකිවේවා කියලා හසියා ප්‍රාර්ථනා කරනවා....
මේ තියෙන්නේ අපේ හසී ෆැමිලි එක ගෙට් එකේදී ගත්ත ෆොටෝ එකක්.....ඔය මැද ඉන්න හොර බනියා පැන්නානේ අපේ සංගමේ මැද්දට....උඩ පැන පැන අඬන්න ගත්තා එයාටත් ඉන්න ඕනිමයි කියලා.ඉතිං ඔන්න ඒකත් ඉන්නැද්දිම ගත්තා.....

එහෙනම් අදත් හසියා වාෂ්ප වෙන්න කියලා......
කෂ්ටිය ඊයේ හසියාගෙන් අහනවා වාෂ්ප වෙන්නේ නැද්ද කියලා.ඓහෙම කොහොම වාෂප වෙන්නද ඒවගේ වැදගත් අවස්ථාවකිදි....අනිත් එක කෑම පැකට් එක දාලා....පිස්සු කතා කරන්න එපා....නේද....
එහෙනම් ඉතිං....
ඒස්වඃ පුඃ
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
57 comments:
හපෝ.. මම නං වහ කනවා
December 20, 2010 at 4:41 PMවස ලැජ්ජාවයි ...ම එහෙමනං බෙරේ වැවට පයිනවා ...
December 20, 2010 at 5:02 PMමම ඉන්න පලාතේ ඉඳලා කොලඹට තියන දුර ප්‍රමානේ හැටියට මටනම් අවශ්‍යතාවයක් ඇති උනොත් බස් එකේ තමයි කරන්න වෙන්නේ වෙලාවට මම ආවේ නැත්තේ
ජයවේවා !!
අමාරුව තියෙන එකා එළියේ තියලා උඹල දෙන්නා ඇතුලට රිංග ගත්තහම ඌ එතන බිත්තියට අල්ලන්නයෑ.... මොකෑ ඔය ගෑනු ඒවයේ තියෙන්නෙ අමුතු ජාතියේ ගැජට්ද ? (මමනම් දැකල නෑ... පොඩ්ඩෝ, අමුතු ජාතියේද ? )
December 20, 2010 at 5:10 PMහපාගෙන මැරෙන්න වෙන සීන් එකක්නේ පොඩ්ඩට සොරි සොරි පොඩ්ඩිට වෙලා තියෙන්නේ..
December 20, 2010 at 5:28 PMඅපි මග බල බලා සිටි පෝස්ට් එක පිටවිය
December 20, 2010 at 5:32 PMඒකට මොළේ තියනවා......
ඔය දෙන්න එනකම් එළියේ හිටියනම් ඔය දෙන්නටමනේ හෝදන්න කරන්න කරදරේ ඒ නිසා කාගෙත් යහපත තකා මොළේ පාවිච්චි කරලා.......
December 20, 2010 at 5:45 PMනැද්ද මයේ මලේ......
malli oyage site eka 800 x 600 screen eke kiyawanna be. hethuwa wam ath paththe thiyana buzz, digg, submit, reddit widget ek nisa. eken oyage post eken loku pramaanayak wahila. mekata monawa hari karanna.
December 20, 2010 at 6:07 PMහික්......පොඩ්ඩි කොල්ලා.............
December 20, 2010 at 6:10 PMදුමී අයිය කිව්වත් වාගෙ ඌ බිත්තියට අල්ලන්නයැ.කොහොම හරි උගෙ වැඩේ ගොඩනෙ.
හො හො සිරානේ
December 20, 2010 at 6:11 PM@Kanishka | කණියා
December 20, 2010 at 6:23 PMහිහිහිහිහි එච්චර දරුණු වෙන්න එපා බං....
ලබන පාර කවුද තෝ මළාම නඩේ හොරා වෙන්නේ....
@හිස් අහස
December 20, 2010 at 6:32 PMහේහේහහේ ඒක තමා....මං මේකිට කිව්ව පනින්නම කියලා..කොහෙද ඇහුවයැ....
අපරාදේ බං ආවේ නැත්තේ...පට්ට සෙට් එකක් සෙට් වුනේ....
මැක්සා ෆන් එකක් ගන්න තිබුණා...
නෙක්ස්ට් ටයිම් අනිවා සෙට් වෙමුකෝ....
ජය වේවා උඹටත්...
කෙල්ලෙක් නැතුව මම පාළුවෙන් හිටියේ
දැන් ඉතින් ඉන්නවනේ ඒකටම හරියන්න කෙනෙක්..
අනික අමතක උනාද පොඩ්ඩා ගියානේ 11ට දානේ ගෙදරක පොඩ්ඩිව එවලා..
ඊයේ දවස ගැනනම් කියලා වැඩක් නෑ මාරම ජොලි..
හැමදාම කමෙන්ට් වලින් කථා බහ කරපු නොදැකපු යාලුවෝ ගොඩාක් දැන අදුරගත්තා..
අන්තිමට බෝට්ටු සවාරියකුත් ගිහින් තමා ගෙදර ගියේ.. 
December 20, 2010 at 6:36 PMජය වේවා..!
@දුමී
December 20, 2010 at 6:39 PMඅපෝ ඔව්....ඒකේ ඕනි තරම් ඉඩ තිබ්බා...මුගේ තිබ්බ කපටිකමනේ...මුගේ නෙමේ මේකිගේ කපටි කමනේ...
අහ් හැබෑට ඕක අහන්න බැරි වුනානේ...
@ළමයා
December 20, 2010 at 6:43 PMමේ දැන් මොකක්ද ඔය හපාගෙන මැරෙන්න ඕනි....
@පුබුදුවා
December 20, 2010 at 6:44 PMඅහ් පොඩ්ඩක් හිපටන් අනිත් පෝස්ට් එක තාම මඟ...
@හා පැටික්කි (MS)
December 20, 2010 at 6:46 PMහැබෑද හොර හාවියේ...අහුවෙන්නැතෑ ඊළග ගෙට් එකේදි හරි...දෙන්නම් ඇටි හැලෙන්න....කැරට්....නෙවේ මඩ....
මේවා දේශද්‍රෝහී කුමණ්ත්‍රණ....
ලස්සනට ලියල ... අනිත් පෝස්ට් එකත් ඉක්මනින් ලියන්න.
December 20, 2010 at 6:51 PMහපෝ අපිනං බේරෙ වැවට පනිනව
December 20, 2010 at 6:55 PMවිනාසයි මුළු චරිතෙම ඝාතනය කොරලා නොවැ පොඩි එකාගේ. දැන් කොලුවා සිය දිවි හානි කොරගත්තොත් එහෙම........
December 20, 2010 at 6:55 PMදුක තමා ඊයේ එන්න බැරි වුණු එක ගැන. මක් කොරන්නදෝ එක ගැන
@Attention plz
December 20, 2010 at 6:57 PMබොහෝමත්ම ස්තූතියි කිව්වට සහෝ...කවුද දන්නේ නෑ...මං බලන්නම්...
ඒත් ස්ක්‍රීන් රෙසලුෂන් වෙනස් වුනා කියලා වෙබ් සයිට් එක පේන විදිහ වෙනස් වෙන්නේ නෑ නේද?(මම දන්න විදිහට...වැරදි නම් නිවැරදි කරන්න....)
ම්ම්ම්ම් බලන්න Ctrl + 0 ගහලා වෙබ්සයිට් එක සූම් වෙලාද කියලා...
බොහෝමත්ම ස්තූතියි සහෝ...මමත් බලන්නම් හේතුව....
@dinesh
December 20, 2010 at 6:59 PMඇයි යකුනේ...අච්චර අර ඉඩ තිබ්බ එකට යන්න තිබුනනේ...ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ...
අහ් පොඩ්ඩි කොල්ලත් නරක නෑ නේද....
@අඳුරෙන් එළියට
December 20, 2010 at 7:00 PMහේහේහේහේ ඒකනේ සිරිම තමයි....
@පූසා
December 20, 2010 at 7:06 PM@හසී
December 20, 2010 at 7:09 PMඅර මං අහපු එක මතකයිනේ මේක දැකලා...
හැබෑද ඔයා බෝට්ටු පැද්දද? අපි දන්නේ නෑනේ...කොහෙද බෝට්ටු පැද්දේ පාරෙද...කික් එක තාම ගිහින් නෑ වගේ...අම්මට කියලා දෙහි ගෙඩි දෙක තුනක් වත් ගාගත්තනම් ඔළුවේ....
ඔයාටත් ජය වේවා..!!!
@Bee/ මී මැස්සි
December 20, 2010 at 7:11 PMබොහෝමත්ම ස්තූතියි...
අනිවා දාන්නම්කෝ...
කොහාට ගියාම මොකද බන් වැඩේ කෙරෙනව නම්. කාන්තා එකට ගියත් ඉතින් ඕකම නේ කරන්නෙ. නැතුව වෙන අහවල් එකක් කොරන්නද.
December 20, 2010 at 7:12 PMඒ වගේම මචං අර වම් පැත්තෙ තියෙන Widget එකේ අවුලක් තියෙනව. පෝස්ට් එකේ කොටසක් පේන්නේ නෑ.
@Malinthe Samarakoon
December 20, 2010 at 7:12 PMඅපිත් කිව්වා...ඒත් කොහෙද...ඇහුවයැ...
හංස බෝට්ටු පදින ගමන් මේකව තල්ලු කරන්න හැදුවේ මු පනින්නේම නැති නිසා...ඒත් අන්තිමට හිතුනා මේකි ඒකට දාලා ඒකේ ඉන්න හංසයෝ ටික නරක්වුනොත් එහෙම කියලා නිකං හිටියා....
@Hasitha
December 20, 2010 at 7:14 PMනැහැ නැහැ ඕකා සියදිවි හානි කරගන්නේ නෑ...ඕකා බයයි....කට විතරයි...
හ්ම්ම් ඇත්තටම ගොඩක් විනොද වෙන්න තිබ්බ දවසක්...අපරාදේ...නෙක්ස්ට් ටයිම් අනිවා සෙට් වෙමු....
@Ranga
December 20, 2010 at 7:54 PMබොහෝමත්ම ස්තූතියි සහෝ...මම බලන්නම්..මට දැන් දෙතුන් දෙනෙක් එහෙම කිව්වා...මම බලන්නම්..බොහෝමත්ම ස්තූතියි....
ම්ම්ම්ම්ම් ඇත්ත...ඒත් රීතියක් සිරිතක් විරිතක් තියෙනම් ඒක ගැන අපි හිතන්න ඕනි නේද? එයින් පස්සේ ඇතිවන බලපෑම ගැන...
මෙතන නම් ඉතිං අපේ මේ පොඩ්ඩට පොඩි මඩක් ගැහුවේ....
හපොයි! ඌ බේරෙ වැවට පැන්නෙ නැද්ද බං ගිහිල්ලා

December 20, 2010 at 7:59 PMහසියෝ.. හැපුනාම මැරෙන මොකක් හරි හපාගන්න කියපං කොලුවෝ.. හික් හික්
December 20, 2010 at 8:11 PM@blog gadol
December 20, 2010 at 8:34 PMඅපි කිව්වා පනින්න නැතිනම් ඉදලා හමාරයි කියලා...කොහෙද ඉතිං...
කියනදේ අහන්නේ නැති පොඩ්ඩා බෝට්ටු පැද්දත් එකයි පයින් ගියත් එකයි කියන්නේ ඕකටනේ...
@ළමයා
December 20, 2010 at 8:35 PMඅහ් ගොට් ඉට්....ගොට් ඉට්... දිව හපාගන්න කියන්නම්කෝ එහෙනම්...
අයියෝ හසිත මල්ලියා.... මොකෝ මේ වෙන්නෙ????
මම දන්නෙ දැන්නෙ සීන් එක.. මම ඊයෙ හිටියට දැන්ගන්න ලැබුණෙ නෑනොව.. හි හි කොහොම උනත් නියම ෆන් එක... ඔක්කොටෝම ගොඩක් ස්තූතියි..
December 20, 2010 at 10:40 PMඉතින් පොඩ්ඩි කාන්තා වැසිකිලියට යද්දි අවුලක් වෙලා නැද්ද...
December 21, 2010 at 1:31 AMහෆ්ෆේ මුන් ටික කොරගෙන තියෙන දේවල්? මමත් ලැජ්ජා නැතුව මල්ලි කිව්වනේ, පොඩ්ඩිට.
December 21, 2010 at 7:50 AM‘...වටේ පිටේ හිටපු උන් අන්ෂුවර් නිසා කට්ට කාගෙන ඇස්දෙක ඇරන්ම බලං හිටියා.‘
December 21, 2010 at 8:33 AMඈ බං හසියෝ... වටේ හිටියේ මමයි, මාරයයි, දොඩං අයියයි නොවැ... හුහ්.. උඹට එහෙනං අපිවත් සුවර් නැහැ නේද මලේ...
(හැබැයි කතාව ඇත්ත.. ඇස් දෙක පියා ගත්තනං රියල් ගේමක් දෙන්ට තමා හිතං හිටියේ..)
ඔන්න හසියත් මඩ ගැහිල්ලට එකතු වෙලා... පව් මලේ... කතා කරපු විදිහටනං පොඩි එකා හරිම අහිංසකයි වගේ....
ඇයි ඒක ඇතුලට රිංගුවෙ අච්චර ලොකු බේරෙ වැව තියෙද්දි. ඒකට පොඩ්ඩක් දැම්මයි කියල කොළඹ යටවෙනවැයි.
December 21, 2010 at 8:58 AMපව් හලෝ ඔහොම් මඩ ගහන්න එපා.
December 21, 2010 at 12:20 PMඑකේ හිටපු කවුරු හරි ඌට එන්න කිව්වද දන්නේ නෑනේ.
ඒ ගිය ගමන් අර කලින් ඉඳන් කරන්න හිතාගෙන ඉඳපු වැඩේ"ත්' කරගෙන ආවා වෙන්න ඇති.
හික්ස්
@සුජිත්
December 21, 2010 at 12:44 PMකොහෙද ඉතිං උඹ එතන හිටපු කෙල්ලො දිහා බලගෙනන හිටියේ පැණි හල හල...
ඇත්තටම නියම ෆන් කෝච්චියයි....
@නිම්ශා
December 21, 2010 at 12:46 PMමේක පොඩ්ඩාව බයිට් කරන්න හදපු කතාවක්...හැබැයි වෙච්ච දේ..ඒ කිව්වේ අපිත් එක්ක ගිහින් පස්සේ වැඩේ නොකර හිටපු කතාවනම් ඇත්ත...අපටත් අවුල තියෙන්නේ මේකට තිබ්බ අමාරුව කොහෙද ගියේ කියලා.
@prasanna86k
December 21, 2010 at 12:47 PMඒකනේ බං...හැමෝම රැවටුනානේ මේකගේ හැඩරුවට...
@Jeew
December 21, 2010 at 12:48 PMඅනිවා..උඹලා පොඩ්ඩක්වත් ෂුවර් නෑ...පිටි පස්සේ හිටපු තිස්ස අයියා කොහොමටවත් ෂුවර් නෑ...
අහා...ඔය එලිවෙන්නේ....
අහල නැද්ද අප්පා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා....
අහිංසකයි රටක් වටී අපේ රත්තරන් පොඩිඩියා...
@Praසන්ன
December 21, 2010 at 12:51 PMකියන්න බෑ.. මොකද පොඩ්ඩා එවලේ හිටපු අමාරුවේ හැටියටනම් බේරේ වැවට ඇල්ලුවනම් මුළු ලංකාවම යටවෙන්නත් තිබ්බා...
@දුකා
කොහෙද ඉතිං අත්දෑකීම් බහුල පරිපුර්ණ ඈයෝ අන්තිමටම ඇවිත්නේ කියන්නේ... 
December 21, 2010 at 12:52 PMහැබෑට ඔය සීන් කෝන් එක අමතකවුනානේ...
අපෝයි!!! අමුනල කරල ජංජාල ගතවුනා විතරයි........ මූව මාව කාල බීල මුතාත් කරලනෙ............... යකෝ මන් උබල දෙන්නගෙ ආරක්ශාවට ගියෙ

December 21, 2010 at 1:26 PMහෙක් හෙක්!!! අහුවෙයන්කෝ
ඔන්න ඊළඟ පාරනම් මාත් එනෝ....
December 21, 2010 at 1:44 PMmama daapu comment eketa oyaa ikmaninama react karapu eka gena mama sathuthu wenawa.
December 21, 2010 at 2:22 PMmama www.newslanka.tk
@Hasitha ජයසූරිය


December 21, 2010 at 2:22 PMඅහ් අපි හිතුවා උඹ ආයේ ගිහින් බේරේ වැවට පැන්නා කියලා...පස්සේ තමයි හසී නඟා කිව්වේ උඹ පාර දන්නේ නැ කියලා...
හැබෑට...ඇයි උඹ හිතුවද අපිට තනිකම් දෝෂේ තියේ කියලා...
හේ හේ හේ අහුවෙයමු අහුවෙමු ලගදිම....
@කැන්ඩි...
December 21, 2010 at 2:24 PMඅහ් එල එල...අපි තව මඩ හැලියක් දෙක්ක ගෙන්නම්කෝ....
@Reply to : Attention Plz
December 21, 2010 at 2:32 PMකියවන්නාගේ පහසුව ගැන හිතන්න එපායෑ...බොහෝමත්ම ස්තූතියි දැනුවත් කලාට....
අයියෝ.. .. මාර වැඩක් නෙ හසි පොඩ්ඩා කරලා තියෙන්නෙ..
එහෙනම් මේකයි මේ පොඩ්ඩා.. පොඩ්ඩියෙක් වෙන්න හේතුව.. සාධාරණ හේතුවක්..
December 22, 2010 at 10:25 PMහපොයි පොඩි එකාව නැති කොරලා හික් හික්
December 23, 2010 at 6:01 PM@ප්‍රාර්ථනා
හා නැද්ද මං අහන්නේ...
December 23, 2010 at 6:33 PMඒකනේ මාත් කියන්නේ...
@පිස්සා පලාමල්ල
December 23, 2010 at 6:36 PMඉතිං බං අයියේ ඇත්තනේ කිව්වේ.....
යකෝ.. කෙල්ලෙක් මේක දැකල මඩ මඩ ගහනව යකෝ... මන් වහ කනව...

lol
February 14, 2011 at 9:55 AMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....