අද ඔන්න හසියා කෂ්ටියට දෙන්න යන්නේ හොද තෑග්ගක්. කෂ්ටිය දන්නවා ඇතිනේ ගූගල් දෙයියා හදුන්වලා දුන්නු "Angry Birds".අපි මේකට සිංහලෙන් දාමු "කෝප කුරුල්ලෝ" කියලා.ලේසියට කෙටි කරලා "කෝකු" කියන්නත් පුළුහන්නේ. මේ "කෝකු" ප්‍රසිද්ධ වුනේ "Google Chrome" වෙබ් බ්‍රව්සර් එකත් එක්ක.ඒකෙන් තමයි ගොඩක් කට්ටිය දැනගත්තේ... දැන් නම් ඉතිං ගූගල් පස් වල ඉන්න අය මේ ගේම් එක පැල් බැදගෙන ගහනවනේ... අර ඒකාලේ මූණුපොතේ "Barn Buddy" වගේ පිස්සුවක් තමයි දැන් මේක. මේ "කෝප කුරුල්ලෝ" සෙල්ලමේ පීසී වර්ෂන් එකක් එහෙමත් නැතිනම් අපේ කොම්පූටරේ ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරන්න පුළුහන් වර්ෂන් කිහිපයක් රිලීස් වෙලා තියෙනවා.ඒ ගැන දන්න අය අඩුයි. මේ "කෝප කුරුල්ලෝ" සෙල්ලම නිර්මාණය කරලා තියෙන්නේ "Rovio" කියන සමාගම විසින් තමයි ඕන්.වැඩි විස්තර ඕනි නම් මෙන්න විකියේ තියෙනවා "Angry Birds" ගැන.හසියා ආවේ ඔය කෝප කුරුල්ලන්ගේ ඉතිහාසේ තෙපර බාන්න නෙවේනේ.

ඉතිං ඔන්න හසියා අද දෙන්න හදන්නේ මේ කෝප කුරුල්ලෝ ගේම්ස් ටික. දැනට පීසී වර්ෂන් තුනක් රිලීස් වෙලා තියෙනවා.ඒ වර්ෂන්ස් වලත් ලෙවල්ස් ඇති වෙන්න තියෙනවා. අර කිව්වත් වගේ පැල් බැදගෙන ගහන්න පුළුහන්.

ඔන්න පිළිගන්න ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ පලවෙනි වර්ෂන් එක... "Angry Birds Classic".
මේක ප්‍රෝටබල් ඇප්ලිකේෂන් එකක් විදිහට තියෙන්නේ.


Angry Birds Classic (Portable) | MediaFire | 38MB
~Download Here~


ඔන්න දැන් පිළිගන්න ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ දෙවැනි වර්ෂන් එක "Angry Birds Rio"‍.මේකත් ප්‍රෝටබල් ඇප්ලිකේෂන් එකක් විදිහට තමයි ඕන් තියෙන්නේ.


Angry Birds Rio (Portable) | MediaFire | 36MB
~Download Here~


ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ තුන්වැනි වර්ෂන් එක දැන් පිළිගන්න මෙන්න හසියගේ නවාතැනේ "Angry Birds Seasons". මේක නම් ඉන්ස්ටෝල් පාරක් දාන්න වෙනවා.හැබැයි ඉතිං කරදරයක් නෑ.නෝමල් ඉන්ස්ට්‍රෝලේෂන් එකක් තියෙන්නේ....


Angry Birds Seasons | MediaFire | 27MB
~Download Here~


ඔන්න එහෙනම් ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ දැනට රිලීස් වෙලා තියෙන වර්ෂන්ස් ටික කෂ්ටියට දුන්නා.දැන් ඉතිං ඉතිරි ටික තම තමන්ට බාරයි හොදේ... ඒ කිව්වේ ඔය ටික ඩවුන්ලෝඩ් කරගෙන පැල් බැදගෙන ලෙවල් ටික කොම්ප්ලීට් කොරන්නකෝ... හික් හික්.... බය නැතිව ඩව්න්ලෝඩ් කරලා සෙල්ලම් කොරන්න. හසියා චැක් කොරලා බලලයි කෂ්ටියට දුන්නේ. ‍කෙලින්ම කියනවනම් මේවයේ වෛරස් නැතෝ.....


අහ් තව දෙයක්... ඔය සමහරුන්ගේ මැෂින් වල "OpenGL 2.0 render not supported!" වගේ එර එකක් එහෙම ආවොත් පොඩ්ඩක් තම තමන්ගේ මැෂින් වල වීජීඒ ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරලද බලන්න. ඩ්‍රැයිවර් අංකල්ලව ඉන්ස්ටෝල් කොරලා ගත්තහම වැඩ කොරයි.


සැ.යු. :

ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ වහා ඇබ්බැහි වෙන සුළුයි.ප්‍රවේසමෙන් පරිහරණය කොරන්න.
ඇබ්බැහි වීමක් වුනොත් හසියා නොහොත් මං තුමා වගකියනු නොලැබේ.


හුටා.... හෙට නේද විභාගේ.... යන්න ඕනි ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ ගහන්න..... හික් හික්...

අපි එහෙනම් වාෂ්ප වෙනවෝ.....


ඒස්වඃ පුඃ


.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

12 comments:

අපිට එපා ඔව්වා...... තියාගන්ට......... ඒවා ලස්සන නෑ මාළු කනවා වගේ...... :k :k

--නරියට මිදි තිත්තයි කියන්ට නම් එපා ඕන්- :h :h :a

September 29, 2011 at 9:45 AM  

හි හි ඔන්න වර්ෂන් තුනම බාන්න දැම්මා බලමුකො ඔය කියනවා වගේම ඇබ්බැහි වෙයිද කියලා

September 29, 2011 at 10:01 AM  

අෆ්ෆච්චියේ මේ මොන පාපයක්ද.. ඇබ්බැහි වෙනවා කියන්නෙ නවත්ත ගන්න බැහැ.. මුල් එක මං ක්‍රොම් උඩ ගහලා ඉවර කලා.. දැන් ගහන්නෙ RIO එක ඒක නම් සුපිරි :D හැබැයි ක්‍රොම් වලට ආවෙ නැති නිසා මං ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එක් ගත්තා :D දැන් ඒකත් ඉවර වෙන්න කිට්ටුයි.. අනික් එක නම් ගැහැව්වෙ නැ තාම :D

September 29, 2011 at 10:51 AM  

හිටපිය එකසෑම් ඉවර වෙනකං. අන්තිම එකටත් දෙඤ්ඤං බැටේ :D

September 29, 2011 at 3:38 PM  

ඔන්න මමත් දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න....

September 29, 2011 at 6:27 PM  

මේක නිකන් Hydrogen ලඟට ගිනිදල්ලක් තිබ්බ වගේ :D
Angry Birds Season එකනම් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, අනිත් දෙකනම් තියනවා :)

September 29, 2011 at 8:11 PM  

හසියා ඔන්න ආයෙත් පැන්ඩා ගූගල් ප්ලස් වල ගේම් ගහන්නෙ නැ බයිට් නාස්ති කොරන් ස්තූතියි

September 29, 2011 at 11:16 PM  

meka mulinma ave ipod app ekak widiyata mama danna widiyata. Pissu hadenawa tamai :D

September 30, 2011 at 8:21 AM  

හනේ ඇත්තට මේ ගූගල් දෙයියටත් වෙන වැඩ නැත්ද.. කාලෙමනෙ කන්නෙ මගේ.. :h

මගෙත් විභාගෙටනං කෝප කුරුල්ලගෙම පිහිටයි :d

September 30, 2011 at 8:27 PM  

සොරිම තමා දැනටමත් ඇබ්බැහී වී ඇත , රියෝ පිසී වර්ෂන් එකේද භාගයක් ඉවරය , ක්‍රෝම් වල චූටී වින්ඩොව් එක වගේ නේවේ පුල්ස්ක්‍රීන් ගසනා විට දැනෙන ආතල් එක ඉමහත්ය . හො හො හො... මම නම් කියන්නේ "කේන්ති කුරුල්ලෝ " කියාය

October 1, 2011 at 7:19 PM  

තොපි දෙන්නව අල්ල ගන්න හිටියේ කාලේක ඉඳලා....

October 14, 2011 at 10:42 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails