පුතා.......(ජෙම් කැටේ)
මදෑ උදේ නැගිටලා මාගේ සදාදරණිය බිරිඳ ළග වාඩි වුනා විතරයි......(බිරිඳ කිවේ හසියාගේ ආදරණිය පරිගණකයට බව කරුණාවෙන් සලකන්න.
)
ඇයි අම්මා.........
මේ බුදු පහන වැඩකරන්නෙ නෑ.බලන්න පෙඩ්ඩක් මොකද වෙලාතියෙන්නේ කියලා.ඔයාට වැඩක් කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක.කොල්ලෙක් හිටියට මොකද මුකුත් කරන්නේ නෑ ගෙදර. ඔහොම බෑ පුතා.දැන් ලොකු ළමයෙක්, වගකීම් බාර අරගෙන වැඩ කරන්න ඕනී, ඔක්කොම ගෙදර අම්මයි තාත්තයි කරනකන් බලන් ඉන්නේ නැතිව.
කම්මලේ බල්ලගේ කන් දෙක මොනාද වෙලාලුනේ ඉතිං අර හැමදාම යකඩ තලන සද්දේ අහලා.අම්මා හැමදාම දාන රෙකෝඩ් එක හසියට අහලම එපා වෙලා තියෙන්නේ.දැන්නම් කනත් හොදට පදම් වෙලා තියෙන්නේ හසියගේ.
දෙවෙනි වොර්නින් එක ලැබෙන්න ඉස්සෙල්ලා බිරිඳ ලගින් නැගිටලා ගියා බලන්න බුදු පහනට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.හැබෑ නේන්නම් වැඩ කොරන්නේ නෑ නොවැ.බලමුකෝ ඒකෙත් හැටි.අමුනලා කරලා හසියා ඔන්න බුදු පහනට මොකද වෙලා තියෙන්නේ කියලා පර්යේෂණයක් කොලා.
පරීක්ෂණය : බුදු පහන වෙනත් හෝල්ඩර් එකකට සවිකර බැලීම. (ඕනි නම් වෙනත් බල්බයක් බුදු පහන ළගට දාලා බලන්නත් පුළුහන්)
නිරීක්ෂණය : පත්තු වෙන්නේ නෑනේ. (පත්තු වෙන්නේ සද්දෙත් එක්කද දන්‍නෑ)
නිගමනය : බුදු පහන පිච්චී ඇත. (ඕන මෝඩයෙක්ට තේරෙනවනේ ඉතිං ඕක)
උපකල්පන : බුදු පහන පරීක්ෂා කරන මොහොතේ කරන්ට් තිබු බව.(දවසේ වැඩි හරියක් කරන්ට් නෑනේ)
ඔන්න ඔහොමයි පරීක්ෂණ නිරීක්ෂණ උපකල්පන මගින් නිගමන වලට එළඹෙන්නේ....තේරුණාද.....
දැන් තමයි කරපු පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම එහෙමත් නැතිනම් සිංහලෙන් කියනවනම් ප්‍රසන්ටේෂන් එක.
විපක්ෂය : පුතා මොකද බල්බ් එකට වෙලා තියෙන්නේ....
වෘත්තීය සමිති : ම්ම්ම්ම් බල්බ් එක පිච්චිලා.අළුත් එකක් දාන්න වෙයි.
විපක්ෂය : පුතා ටවුමට අද ගියාම අළුත් බල්බ් එකක් ගෙන්න.
ආණ්ඩුපක්ෂය : ඔව් ඉතිං ඔයාලට හැමවෙලේම ඕනී අළුත් දෙවල්නේ.
ඔතනින් ප්‍රසන්ටේෂන් වැඩ කටයුතු හමාරයි.අළුත් බල්බ් එකකට මුදල් අනුමත වුනා.
හැබැයි හසියට අළුත් අදහසක් පහල වුනා නොවැ.(හැබෑටම පහල වෙන්න ඕව උඩද තියෙන්නේ...?
)ඔව් ඔව් අර "අහා අයිඩියාස්" කියන්නේ ඕවටනේ.අහා අයිඩියාස් ආවට මොකෝ ක්‍රියාත්මක කරන්න ඉහලින් ඇප්රූවල් එක එපායෑ.
වෘත්තීය සමිති : අම්මේ.... අපි දාමුකෝ අළුත් විදිහේ බලුප් එක්ක බුදු පහන ගාවට.(තිබ්බේ ගිණි දැල්ල වගේ පත්තු වෙන් බල්බ් එකක්.කියන නම නම් නොදනී) පාට පාට පත්තු වෙන එකක් හොද නැද්ද.අනිත් එක අපෙනුත් සේවයක් වෙන්න එපායෑ.අපි වැඩ කරන්නේ නෑ කියලනේ කට්ටිය චෝදනා කරන්නේ.
විපක්ෂය : ඕනී දෙයක් කරන්න.හැබැයි අද දවස ඇතුළත බල්බ් එකක් දාලා තියන්න බුදු පහන ළගට.
හරි ඒ ප්‍රෝජෙක්‍ට් ඇප්රූවල් එකත් ගත්තා.විපක්ෂයේ අනුමැතිය පමණක් ඇතිව ප්‍රෝජෙක්‍ට් ලෝන්ච් කරන රටක් ගැන එහෙම හසියගෙන් අහන් එපා.හසියා ඕවා දන්නේ නෑ.
දැන් සර්කිට් එකට ඕනි උපාංග ලැයිස්තුව......
[ C1 ] : 224 (400V) poly Capacitors - 1
[ C2 ] : 10uF (50V) Electrolytic Capacitors - 1
[ R1 ] : 120Ω (1/2W) Resistors - 1
[ R2 ] : 100k (1/4W) Resistors - 1
[ BR ] : IN 4007 Diodes - 4
[ L ] : RGB Colour LED - 1
ඔන්න හසියා කඩෙන් බඩු ටිකත් සපයා ගත්තා කියමුකෝ.නෑ නෑ ෆාමසි වල නෙමේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වල තියෙන්නේ.
දැන් තියෙන්නේ පාස්සන වැඩේ.....කෝ ඉතිං පරිපථ සටහන.....
අහ් මේ තියෙන්නේ........(පරිපථ සටහනේ උපාංග නම් කර ඇති ආකරයටම ඉහත උපාංග ලැයිස්තුවද සකසා ඇති බව කරුණාවෙන් සහ දයාවෙන් කලකන්න.)
ඒකට ඕනි දෙවල් :
ඇඩැප්ටර් එකක් (අර හෝල්ඩර් එකට හයි කොරන ඒවා තමා ඉතිං)
අඟලෙන් අඟල් තුන්කාලට ගන්න ෂොකට් එකක් (ඔව් ඔව් වතුර බට වලට එන ඒවා තමයි.)
රීසයිකල් කප් එකක් (අර ප්ලාස්ටික් වතුර බොන කෝප්ප තියෙන්නේ අන්න ඒවා.එකක් හොයාගන්න නැතිනම් පොඩ්ඩක් කල්පනා කොරලා ඊට හරියන ආදේශකයක් ගන්න)
පොඩි රිජිෆෝම් කෑල්ලක් (පොඩි රවුම්ක කපාගන්න විතරයි.)
සෙලෝටේප් කතුරක් වගේ දේවලුත් ඕනි වෙනවා.
දැන් එහෙන්ම හසියා බලුප් එක හදන විදිහ කියන මේ වීඩියෝ එක බලන්නකෝ.
කොහොමද හසියා බුදු පහනට හදපු අළුත් බලුප් එක.ඩිසයින්ඩ් ඇන්ඩ් ක්‍රියේටඩ් බයි හසියා.(ඇති ඇති ඉතිං.....)
හසියගේ ඔය බලුප් එකට ආණ්ඩුපක්ෂයෙනුත් විපක්ෂයෙනුත් පැසසුම් ලැබුණා නොවැ.
ප.ලි. : (නමුත් කාගෙන්වත් පලි නොගනිමි.)
කෂ්ටිය බලනවා ඇති ඒ පාර හසියා හසියාගේ නවාතැනේ "ලාම්පුරේ පෙයාර් කෙරේ" වැඩපොලක්වත් දාන්න හදනවද කියලා.
මේක ගෙදර මේන් කරන්ට් එකට සම්බන්ධ කරන්න පුළුහන්. (අහ් ඔව් ඔව් ඒ කියැව්වේ ඔය ගෙදර තියෙන විදුලිය, 230v ලයින් එක ගැන තමයි) මේ විදිහේ පරිපථයක් "ඉලෙක්ට්‍රොනික් Lab" බ්ලොග් එකේ දාලා තිබුණා.කැමතිනම් ඒ පරිපථය භාවිතා කරන්න වුනත් පුළුහන්.(පොඩි වෙනසයි තියෙන්නේ)ඒ පෝසට් එකට යන්න මෙතනින්.කැමතිනම් හසියා දෙන මේ පරිපථය භාවිතා කරන්නත් පුළුහන්.ඒක ඉතිං ඔයාලට බාරයි ඕන්.මේ ලාම්පුව ඕනිනම් කෂ්ටියගේ කාමරය ලස්සන කරගන්න....බුදු පහන ළගට වගේ දාන්නත් හොදයි.අළුත් විදිහට හිතලා අළුත් දෙයක් කරන්න.
එහෙනම් හසියා වාෂ්ප වෙන්න කියලා.
අහ්....
ඉස්සෙල්ලම "ජෙම් කැටේ", ඒ කියන්නේ "මැණික" කියන එකටනේ.හසියට අම්මා ආමන්ත්‍රණය කරන්නේ එහෙමනේ සමහර වෙලාවට.(වැඩක් එහෙම කරගන්න ඕනි වුනහම විතරයි ඕන්.අනිත් වෙලාවට හසියට ආමන්ත්‍රණය කරන විදිහ පිට කෙනෙක්ට ඇහුනොත් එහෙම හිතන්නේ හසියගේ නවාතැන සත්තු වත්තක් කියලා.)
ඔය ආණ්ඩුපක්ෂය කියන්නේ විපක්ෂයේ මෙන්ම වෘත්තිය සමිති වල ඉල්ලීම් ඉටුකරමින් දැහැමින් පවුල පාලනය කරන හසියාගේ සදාදරණීය තාත්තා.විපක්ෂය කියන්නේ ආණ්ඩුපක්ෂය වගේම වෘත්තීය සමිති කරනදෙවල් වලට බාල්දි දාන, විවේචනය කරන පාර්ෂවය නොහොත් හසියාගේ සදාදරණිය අම්මා.වෘත්තීය සමිති කවුද කියලා කියන්න ඕනි නෑ නේ ඉතිං.
ඕකේ ඒහෙනම් හසියා අදට වාෂ්ප වුනා.ආණ්ඩුපක්ෂයෙත් විපක්ෂයේත් තාඩන පීඩන මධ්‍යයේ, මේවගේ ප්‍රෝජෙක්‍ට් එකකින් නැවත හමුවෙමු.
කෝ ලයිට් නිවන්න.......
ඒස්වඃ පුඃ
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
37 comments:
උබේ ටොක්ස් තමයි ටෝක්ස්
October 27, 2010 at 4:50 PMපට්ට මචන් පට්ට......
යමක් කමක් පුලුවන් කොල්ලෙක් නේද..කො මේ කස්ටිය දෙන්න බලන්න හොදට අත් දෙක උස්සල අත් පුඩියල් අපේ හසියට..ආ ආ නියමායි ... කෝ ඔය ඔතන ඉන්න නංගිල ත් අත් දෙක උස්සල දෙන්න කො මේ කොල්ලට හොද චියර් එකක්...
October 27, 2010 at 4:53 PMනියමයි හසියො..
ෂා මරු මරු...
අපේ ගෙදර තියෙන්නේ... හඳුන්කූරු ගහපු එකක් වගේ එකක්..
October 27, 2010 at 5:01 PM@Thusitha Sampath
October 27, 2010 at 5:02 PMතැන්කූ තැන්කූ.....ම්ම්ම් මේ පැත්තේ ආවේ ඉස්ඉස්සෙල්ලම වෙන්න ඕනි....
මෙන්න මගෙන් උණු උණු කෝපී එකක් මිරිස් පොඩ්ඩක් දාලා.....
@පැන්da
කො කෝ මදි මදි ඔහොම බෑ....



October 27, 2010 at 5:07 PMඅහ් තැන්කූ තැන්කූ...එහෙනම් හසියව මුරුංගා අත්තේ තිබ්බ පැන්da කොල්ලටත් දෙන්න බලන්න කට්ටයි හොද අත්පුඩියක්....
කෝ කට්ටිය කියන්න එකට....
"පැන්da තමයි පැන්da" කියලා....
අහ් ඔය තියෙන්නේ....
බොහෝමත්ම ස්තූතියි පැන්ඩෝ.....
@හසී


වැඩෙත් නරක නෑ වගේ...
තැන්කූ සහෝදරී....
)
October 27, 2010 at 5:11 PMහැබෑට....
හදුන්කූර පිච්චිලා ඉවර වුනාම මොකද දන්නෑ නේද කරන්නේ?
මේ ඒකේ හදුන්කූරු සුවදත් එනවද?
(හීහීහී ඊළග පාර හදමුද හදුන්කූරු ලැම්ප් එකක්.
හම්බ ප්‍රොෆෙෂනල් මල්ලි...
October 27, 2010 at 5:45 PMඇත්තමයි...
විස්තරේ, වීඩියෝ එක, ප්‍රොජෙක්ට් එකේ සිම්ප්ලිසිටි එක නියමයි....
උඹලා වාගේ එවුන් තමා මල්ලියේ අපේ රටට ඕනේ... අම්මපා බොක්කෙන්මයි මේ කියන්නේ...
උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා පස්පඩංගුවේ හැමෑකාටම බනින්නේ නැතුව හරවත් දෙයක් කරලා ඒක බෙදා හදා ගන්න එවුන්...
හිටපන්කෝ මම ලංකාවට එනකොට උඹට පොඩි ට්‍රයිපොඩ් එකක් ගේන්නම්.. එතකොට ඒකේ කැමරාව හයිකරලා අත්ඩෙකින්ම වැඩේ කල හැකි.. ගෙනල්ලා උඹට දන්වන්නම්කෝ... ජයවේවා මල්ලී..
වැඩක් නෑ කියලා. එළකිරි වගේ නියමයි!
October 27, 2010 at 6:21 PMඉතින් බන් සර්කිට් එකට ඔච්චර නහින්න ඔනී නැ...
ඩීම් ගාලා සද්දයක් ඒවි එච්චරයි ;-) 
October 27, 2010 at 6:33 PM100K රෙසිස්ටර් එකක් දැම්මනම් ගොඩනේ ?
වැරදිලාවත් පුතේ 100oms නම් දාන්න එපා හොදේ
හැබැයි IN4001 දාපු නිසා ටිකක් කල්පැවැත්ම වැඩියි වගේ...
එළි ලිපිය
පා:ලී:
ආංඩු පක්ශයටයි විපක්ශයටයි කීවනම් තව සහෝදරයෙක් ඕනි කියලා ට්‍රයිපෝඩ් ඕනිම නැ
අයියේ....නිකන් බල්බ් එකක් හෝල්ඩර් එකකට දාන්නෙ කොහොමද....හික්...අපේ ගෙදර බල්බ් එකක් පිච්චිලා....
October 27, 2010 at 6:38 PMඅපෙ හසි අයියා නම් එළ කොල්ලෙක්නෙ අහ්..?කතාව කියන විදිහත් top!.. අපෙ ගෙදරත් ඔහොමමයි.. වෙලාවකට සත්තු වත්තක්..:):).. ආණ්ඩුව හා විපක්ෂෙත් ඔය වගේමයි..
October 27, 2010 at 6:44 PMවෙනද වගේම ගොඩ වැදිල යන්න ආවා... ම්ම්... මට නම් ඉතින් ඔයා ටෙක්නික් වැඩ වැඩිය බැහැ... යන්තම් බැටරි පැත්ත මාරු නොකර (ධන සෘණ) අමුණන්න් විතරයි අහැකි...
October 27, 2010 at 6:49 PMහ්ම් ... තිස්ස අයියගෙන් දැන් තෑග්ගකුත් ලැබේවි නේද එහෙනම් ඕං... ජය වේවා
දැනුයි මම වීඩියෝ එක බලල ඉවර උනේ. මේකට ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා පේනවා. අර තිස්ස අය්යා කියල තියෙන එකනං ඈත්තම ඈත්ත. ඒක ආය කියවල එන්න හසියා.
October 27, 2010 at 7:09 PMහැබැයි එක කේස් එකක්.
අර තිස්ස අය්යා ගේන ට්‍රයිපෝඩ් එකේ කැමරාව හයි කරලා උඔට මොකෙන්ද එයා වැඩ කරනන් කියලා තියෙන්නෙ.
@තිස්ස දොඩන්ගොඩ
ආසාවනේ අයියාගේ....


මේ දවස්වල පොඩ්ඩක් විතර බිසී නිසා වැඩේට බහින්න විදිහක් නෑ.නැත්නම් ඒකත් සිම්පල් හරිට වතුල බොනවා වගේ.
October 27, 2010 at 7:19 PMකාලෙකින් මේ පැත්තේ අයියා අවේ.බොහෝමත්ම ස්තූතියි අයියා....
හලි හලි කමක් නෑ පොඩ්ඩක් මුරුංගා අත්තේ තිබ්බට...
අනේ අයියේ බොහෝමත්ම ස්තූතියි.ඒ වගේම ඇත්තටම සතුටුයි.
අනිත් එක අයියේ මම මේ වගේ පොඩි දෙකටනේ කැම් එක පාවිච්චි කරන්නේ.ඒකයි ට්‍රයි පොඩ් එකක් ගැන හිතුවේ නැත්තේ.
ම්ම්ම්ම් ඒත් අයියා මම හිතුවේ මමම පොඩි ස්ටෑන්ඩ් එකක් හදාගන්න.
හේහේහේහේ තෑගි එපා තෑගි එපා අපිව බලලා යන්න එන්න ඕනිවෙලාවක......
@Tharaka Weerasekara
ඒත් මම එලකිරි වලට කැමති නෑ නේ.....
October 27, 2010 at 7:21 PMතැන්කූ තැන්කූ සහෝ....
@Bunny !
හැබැයි කොල්ලෝ අපේ රටේ කරන්ට් එකම විදිහට නෑ.අඩු වැඩි වෙනවානේ හැමවෙලේම.උඹ කියනවිදිහට 100k එකක් දාපුවහම ඔය කරන්ට් එක අඩු වැඩි වෙන එකට ඔරොත්තු දෙන්නේ නෑ වගේ.
අත්දැකීමෙන් කියන්නේ... 


යකො වෘත්තිය සමිති එකක් තිබිලත් කොච්චර අමාරුවෙන්ද ඉල්ලීම් දිනාගන්නේ...
තව එකෙක් ආවොත් වෙන්නේ හුලං කන්න තමා...
October 27, 2010 at 7:29 PMඔව් ඔව් ඒ වැඩේ හොදයි...
ඒකනේ අපි දුන්නොත් පරිපුර්ණ දෙයක් නොවැ දෙන්නේ.....
තැන්කූ තැන්කූ කොල්ලෝ.....
උඹත් මගුලක් කතා කරනවා.
@ර ත්
අදහස් වලට අය කරනු ලැබේ.....
ඉස්සෙල්ලා බල්බ් එක කටේ ඔබාගෙන ඇගිළි දෙක්ක හෝල්ඩරේට දාලා ස්විච් එක දාලා බලන්නකෝ...එතකොට පත්තුවෙයි....
October 27, 2010 at 7:37 PMග ම යා
අහ් ඒවා ඒහෙම කියන්න බෑ....
මල්ලී හන්දා කියන්නම්
@ප්‍රාර්ථනා


එහෙනම් SBU එකේ සෙට් එකේ ගෙට් එක ප්‍රාර්ථනා නංගිලාගේ ගෙදර තියමුකෝ...එතකොට ඒක දේශික සත්තුත් බලාගන්න පුළුහන්නේ....
ලංකාවේ කෝමත් ඔය දෙක එත වගේනේ. වෙනසක් නෑ නේ...
October 27, 2010 at 7:43 PMලැජ්ජාවේ සංතෝසේ බැලුවා...කෙල්ලෙක් මෙහෙම කියද්දී....හික්ස්
තැන්කූ තැන්කූ නංගියෝ.....
හැබෑට...
අහ් ඇයි පාර්ලිමේන්තුවත් තියෙනවානේ.ෂා නියමයි.
@wath
අපේ ඉ-ගජමන් නෝනා දකින්නත් ආසයි නොවැ...
කෂ්ටියටම ඇහෙන්න පොඩි සිංදුවක් කියන්නකෝ මේ උණු උණූ තේ කෝප්පේ බොනගමන්....
හෙමින් හෙමින් ඉගෙන ගමු....

තෑගි නැතත් අපිව බලලා වත් යන්න එකවනම් ඒ හොදටෝම ඇති නේද අක්කියෝ....
October 27, 2010 at 7:50 PMඅනේ කොච්චර එකක්ද?
අහ් ඒ හොදටම ඇති නොවැ ඉතිං....
හසියට නම් ඔන්න හොද පළ පුරුද්දක් තියෙනවා කරන්ට් වැඩ කරලා පොඩි කාලේ ඉදන්ම.සසබර කාතා ටිකත් කියන්නම්කෝ....
ඒකනේ මාර වැඩේනේ වුනේ...
@බුද්ධි

October 27, 2010 at 7:57 PMබොහෝමත්ම ස්තූතියි අයියා...තව තව දෙවල් ඉස්සරහට බලාගන්න පුළුහන් වෙයි.
ඒක ඇත්ත තමයි අයියා.මම නම් හිතන්නේ වැරැද්ද ළමයින්ගේ නෙවේ.වැරැද්ද දෙමව්පියන්ගේ,ගුරුවරුන්ගේ ඒ ඔක්කොටමත් වඩා ලංකාවේ අධ්‍යපන ක්‍රමයේ වැරැද්ද....ළමයට අළුත් දෙයක් හිතන්න නෙවේ සලස්වන්නේ ඔහේ කට පාඩම් කරලා ගිරව් වගේ කෑගහන්න විතරයි.මොනා කරන්නද අයියා අධ්‍යාපන බලධාරීන් නොවැ අධ්‍යාපනය හසුරවන්නේ...ඔය හසුරවන හොදකම තමයි ඉතිං.
හැබෑව හැබෑව....පොඩි ටයිපින් මිස්ටේක් එකක් වගේ....
එල වැඩේ... ලොකු වෙන්න ලොකු වෙන්න ඔය වගේ ඇඩ්වෙන්චර් වැඩ කරන්න තියෙන ඉඩ අඩු වෙනවනේ හැබෑටම. මමත් ගිය ඉරිදා ඔය වගේම ආතල් වැඩක් කලා අවුරුදු 10කට විතර පස්සේ... දිගටම කරන්න.. නියමයි
October 27, 2010 at 9:22 PMඅඩේ එළ හසියෝ එළ....... මැස්සා..............
October 27, 2010 at 9:51 PMහෆොයි වැරදුනා නැ නැ මැස්ස නෙමේ මැxxආ............... :)
@පැතුම්.....
October 27, 2010 at 10:51 PMහ්ම්....ඒක ඇත්ත...එහෙම වෙන්නේ මම හිතන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද...සිතීමේ හැකියාව නැත්තටම නැති කරනවා.
ෂා නියමයිනේ...දාන්නකෝ බ්ලොග් එකේ අපිටත් බලන්න එක්ක.....
@ජේ.ඩී
October 27, 2010 at 10:53 PMතැන්කූ තැන්කූ සහෝ.....
හා හා වචන ටපලාගෙන්නේ බලාගෙන ඔන්න.....
පට්ටනේ බං... ඔන්න ප්‍රසන්ටේෂන්.......

October 27, 2010 at 11:02 PMඒක නෙවි හසියෝ කරුවලේ හොරාට ලයිට් එකක් ගහගෙනනේ වීඩියෝ කරල තියෙන්නේ, පාර්ලිමේන්තුවට බයේ නේද වීඩියෝ එක ගැහුවේ
මොනව වුනත් වැඩේ නම් පට්ට. වැඩේට වඩා මට අල්‍ලලාගියේ ඉදිරිපත් කිරීම.
රහසක් කියන්නද? c1ගෙ පොඩි (ඇත්තටම ලොකු) සේෆ්ටි කන්සිඩරේෂන් එකක් තියනවා voltage rating එක maximum input ac voltage එක වගේ දෙගුණයක් කියල.(c1 peak voltage එකට වඩා කොහොමත් වැඩි වෙන්න එපැයි) ඒකියන්නේ 250Vac කියල ගත්තොත් c1, 500V වෙන්න ඕන. ඒ නොවුනත් අඩුම තරමේ 400V වෙන්න ඕන. (400ත් ටිකක් මදි වගේ)
හපොයි ඒ කතාව ඇති නැත්තං මේක කියවන අය පොලු උස්සගෙන එයි මට ගහන්න.
එහෙනම් තිස්ස අයියගේ ට්‍රයිපොඩ් එකේ පිහිටිනේ මීටත් වඩා හොඳ අත්(දෙකෙන්ම)වැඩ අපිට දකින්න ලැබේවා.............. කියලා ප්‍රාර්ථනා කරල අපි කැපුනා.....
@කාංචන දිනූක
October 28, 2010 at 5:09 AMහිහිහිහි තැන්කූ තැන්කූ අයියා....
අපෝ නෑ...වෘත්තිය සමිති එහෙම බය නෑ.කරනදේ කියන කියන දේ කරන වැදගත් වෘත්තීය සමිති අපි හරිද...මේක වීඩියෝ කලේ මගේ කාමරේ...ලයිට් එකත් දැම්මා...කැම් එකේ ෆ්ලෑෂ් එක ඔන් කරන් වැඩේ කලේ පොඩි ගතියක් ගන්න විඩියෝ එකට...මොකද එතකොට පුළුහන් අපට ඕනිදේ විතරක් ටාගට් කොරන්න...හේහේහේහේ අන්න ඒක තමයි අවුල් ගිහින් තියෙන්නේ...
බෝහෝමත්ම ස්තූතියි සහෝ.....
හැබෑව...හැබෑව....මම C1 කැපෑසිටරයේ අගය දාලා තියෙන්නේ වැරදිලා.ඕක 400V වෙන්න ඕනි.
බොහෝමත්ම ස්තූතියි කංචු අයියේ වැරැද්ද පෙන්නලා දුන්නට....
අපෝ නෑ අපේ වැරැදි පෙන්නම කෙනෙක් පොලු නෙවෙනෙ දෙන්න ඕනි...තේ එකක්...
හැබෑටම අයියට හොද ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියෙනවනේ.දාමුකෝ බ්ලොග් ඒකේ අපිට දැනගන්නත් එක්ක අළුත් දේවල් ටිකක්....
හිහිහිහිහි බලමු බලමු....බොහෝමත්ම ස්තූතියි අයියේ....
කියල වැඩක් නෑ. නියම ප්‍රොජෙක්ට් එක.
October 28, 2010 at 8:35 AM@Praසන්ன
October 28, 2010 at 12:24 PMබොහෝමත්ම ස්තූතියි සහෝ....
මම නම් මේව හදන්න ගියොත් ගේම ගිනි තියනව ෂුවර් මට ඔය ඉලෙක්ට්‍රික් පැත්තට මෙලෝ හැකියාවක් නෑ .
October 28, 2010 at 12:40 PMහැබැයි මේක දැක්කම මාර ආසාවක් ආවා ඔය වැඩේ කරල බලන්න ඕන
ජයවේවා !! හසී
@හිස් අහස
October 28, 2010 at 3:46 PMඋත්සහ කරලා බලන්න සහෝ...උදව්වක් ඕනිනම් දෙන්නම්....මේ ලොකේ බෑ කියලා දෙයක් නෑ සහෝ....තියෙන්නේ අපේ හිතේ තියෙන බය විතරයි.....
ඔබටත් ජයවේවා සහෝ.....
හසියා එළ එළ ඔහොම යමු ඔහෝම යමු. තව තව ජොලි වැඩ ඉදිරියට බලාපොරොත්තු වෙනවා අපි. ජය වේවා කොල්ලො........
October 29, 2010 at 7:42 PMනියමයි අයියා වැඩේ පට්ටයි. නොබෙල් තෑග්ගක් දෙන්න වටිනවා හදලා හරි
November 1, 2010 at 5:00 PMඑල වැඩක්නෙ හසියා...........
November 10, 2010 at 1:06 AMමම ඔය වගේ සර්කිට් 1න නැතුව හිටියේග දැන් දෙන්නම් වැඩක් මාත්...
ඔන්න එහෙන්ම එල වැඩේට මගෙනුත් හෙල්ප් එකක්...
සොරි වෙන්න ඔ්න ඇනොනිමස් උනාට සහෝ..........
හසියෝ Anonymous comment දැම්මට සමා වෙන්න .මම නම් සර්කිට් පාස්සන්න දන්නේ නැහැ.අන්න ඒ ටික කරන විදිය Video එකක දැම්මා නම් තමයි හොඳ..සර්කිට් එක පාස්ස ගන්න විදිය.ඔය කෑලි බෑලි ටික අර සර්කිට් එකේ කොයි කොයි තැන්වලද තියන්නේ ඒවා පාස්සා ගන්නේ කොහොමද කියලා...ඔය සර්කිට්සටහන් කියවල ඕව පාහන්න දන්නේ නැත.. ඒ නිසා ඒ උදව්වත් කරලා පෙන්නන්න මිත්‍රයා.
December 2, 2010 at 10:45 PMජයෙන් ජය!
අනේ ඔව් හසි මලේ, ඔය සර්කිට් එක අමුණන හැටි පෙන්නුවනම් තමයි ටොප්. ඇත්තම කියන්නම්කෝ ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් පාඩම තියෙන්නේ අන්තිම හරියෙනෙ. මම ඕක හරියට ඉගෙනගෙනම නෑ. අනිත් එක බහුතරයක් ගෑණු ළමයි වගේම මටත් ඉස්සර වැඩි උනන්දුවක් තිබුනෙත් නෑ. ඒත් දැන් මට ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න මාර ආසාවක් තියෙනවා. ඔයාට පුළුවන් නම් ඔය දේවල් වල බේසික් ගැන පාඩම් ටිකක් වීඩියෝ එක්කම දාන්න. බොහොම ස්තුතියි( මම පොකට් මනී දාලා හරි මේ ප්‍රොජෙක්ට් එක කරල බලන්නම්. හරි ගියොත් විස්තර දාන්නම්කෝ. )
December 21, 2010 at 6:28 PM@ හැමෝටම....
December 26, 2010 at 10:49 AMම්ම්ම්ම්ම්ම් මම ඒක උත්සාහකර බලන්නම්....විඩියෝ එක ටිකක් දික්වෙන නිසා තමයි සමහරදේවල් විඩියෝවතුළට ඇතුළත් නොකරේ....
ම්ම්ම්ම්ම් ඉලෙක්ට්‍රොනික තාක්ෂණික දැනුමක් අවශ්‍ය අයට "ඉලෙක්ට්‍රොනික් Lab" සයිට් එක ගොඩක් වැදගත් වේවි...මෙහි බේසික් දේ පව සරළව නිවැරදි පැහැදිළි කර තියෙනවා...ඊට අමතරවා ඔවුන් විසින් ෆෝරමයක්ද පවත්වා ගෙන යනවා...හැමෝටම ඉලෙක්ට්‍රොනික් පිළිබද යම්දෙයක් හෝ ගැටළුවක් ඇතිවුවිට පිළිතුරක් එමගින් ලබාගත හැකිවෙනු ඇත...ගිහින් බලන්න....
ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීමට බලවත් කණගාටුව ප්‍රකාශකරමි....
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....