අද හසියා දෙන්න යන්නේ අපේ මේ කාන්තා පාර්ෂවයේ අයට පොඩි තෑග්ගක්...(පෙනේද හසියගේ කුකුළ් ගතිය....)
අහ් දැන් මේ ආපු පිරිමි පාර්ශවය යන්නද නැගිට්ටේ?
(බොරුවට හොරෙන් බලන්න දෙයක් නෑ ඉතිං) නෑ නෑ ඔයාලත් හිටියට කමක් නෑ...මේක හැමෝටම වැදගත්...ඒත් ඉතිං කාන්තා පාර්ශවයට ගොඩක් වැදගත් වගේ.හිටියට කමක් නෑ.අහගෙන ඉදලා කරලා බලන්නකෝ පුළුහන්නම් විතරක්.හැබැයි එක වැඩේ දෙක කරගන්න එපා බැරි වැඩ කරන්න ගිහින් ඔන්න.
ඊට පස්සේ අදාල කෂ්ටියගේ ගෙවල් වල උදවිය ඇවිත් අහිංසක හසියට පාට් දායි.හසියා පව්නේ ඉතිං...
මොනා වුනත් දැන් දැන් මේ වැඩේට අපේ පිරිමි පාර්ශවයේත් ලොකූ නැඹුරුවක් තියෙනවා කියලා අනිවා ආඩම්බරයෙන් කියන්න ඕනී....
(කොහොමද අපේ වැඩ....හූ....හූ....හූ....
)
කෙලින්ම කතාවට බහිමුකෝ.අපේ කෂ්ටිය ආසයිනේ ඉතිං කටට රහට කන්න බොන්න.අපේ මේ සිංහල බ්ලොග් අවකාශයේ කෑම බීම ගැන ලියලා තියෙන සමහර පෝස්ට්, බ්ලොග්ස් දැක්කහම හසියටත් හිතුනා කෑම බීම ගැන පෝස්ට් එකක් දාන්න.නැත්නම් හසියටත් හරි නෑ, හසියගේ නවාතැනටත් හරි නෑ වගේනේ.දැන් ඉතිං කෂ්ටිය කියයි හසියා අද කෑමක් හදන හැටි කියා දෙන්න යනවා කියලා.හෆ්ෆේ නෑ නෑ.බැරි වැඩ නොකරන් අඹරෝ කිව්වලුනේ.ඔය කිව්වට හසියට ටිකක් උයන්න පිහින්න පුළුහන්.මොකද ඉස්සර හසියා බාලදක්ෂ කලානෙවැ.ඉතිං කෑම්ප් ගියහම උයලා පිහලා වගේම ආහාර පිසින්නා (අරක්කැමි) ප්‍රවීනතා පදක්කමත් අරන් තියෙනවා.
හැබැයි ඉතිං උයන ඒවා කන්න පුළුහන්ද බැරිද කියලා බලන්න කාලම තමා බලන්න වෙන්නේ....
මෙන්න අපේ රටේ කෑම වට්ටෝරු තියෙන සයිට්........
මෙන්න ලොකේ වටේම තියෙන කෑම වට්ටෝරු තියෙන සියිට්......
මෙන්න නියම බාබිකිව් වට්ටෝරු තියෙන සයිට් එකක්...... (බීච් පාර්ටි එකකට, බාබිකිව් පාර්ටි එකකට එහෙම ඉතිං කියාපු බාබිකිව් වට්ටෝරු ටික.....
මෙන්න මෙතන තියෙනවා කෑම වට්ටෝරු තියෙන පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්....ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....
ඔන්න එහෙනම් දැන් ඉතිං කෂ්ටිය එක එක කෑම වර්ග හදලා බලන්නකෝ.පුළුහන්නම් හදලා බලලා බ්ලොග් එකක් තියේනම් දාන්න.එතකොට අනිත් කෂ්ටියට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුහන් වෙයිනේ.
අපේ මේ පිරිමි පාර්ශවෙත් ට්‍රයි එකක් දීලා බලන්න..."ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි" ලුනේ....
එහෙනම් අපේ කාන්තා පාර්ශවයට නොවේවා කේන්ති වේවා ශාන්ති කියලා හසියා වාෂ්ප වෙන්නයි හදන්නේ.....කෝ ඔය ලයිට් ඕෆ් කරන්ඩෝ.....
හරියන්නෑ...ඊළග පාර මිස්ටර් බීන් වගේ හසියත් පිස්ටොල් එකක් තියාගන්නවා ලයිට් ඕෆ් කරන්න.....
ඇති යාන්තම් ඕෆ් කලා......
ඒස්වඃ පුඃ
සැ.යු. :
කෂ්ටිය හදන කෑම ගැන හසියා කිසිම වගකීමක් නොදරන බව කරුණාවෙන් සහ දයාවෙන් සලකනු මැනිව.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
24 comments:
බතකුයි පරිප්පු හොද්දකුයි හදාගන්න රෙසපි එකක් තිබුන්නැද්ද හසියෝ
November 13, 2010 at 10:48 AMහසියෝ හා මස් ටිකක් එහෙම බාබක්‍යු කරගන්න රෙසපියක් දන්නවද?
November 13, 2010 at 10:52 AM@ගයාන් තාරක
November 13, 2010 at 10:53 AMලංකාවේ එකෙක් වෙලා බතකුයි පරිප්පුවකුයිවත් රෙසිපි බලන්නේ නැතිව හදාගන්න බැරිනම් වැඩක් නෑනේ බං......හික්ස්...
හිකිස්.. අපි ඉතිං කන තරමක් කන්නෙ පරිප්පුනේ.. නේද බං..
November 13, 2010 at 10:59 AM@Anonymous
නම මතක නැතෙයි?
November 13, 2010 at 11:00 AMමොකෝ නැත්තේ පොඩ්ඩක් හොයලා බලපන්කෝ ගූගල් දෙයියගේ හොයලා....
මොකෝ ඇනෝ කමෙන්ට්....
@ගයාන් තාරක
November 13, 2010 at 11:04 AMපරිප්පු....???
අපි නම් පරිප්පු විතරක් නෙවේ දරිච්ච ලණු ඉදන් කනවා.....
මම කවුද කියල දැනගත්තොත් හාව මාව බාබක්‍යු කරනවා.. ඒක නොවැ ඇනෝ.
November 13, 2010 at 11:44 AM@කාංචන දිනූක
November 13, 2010 at 12:08 PMදන්න හන්දා තමයි කෙලින්ම ඇහුවේ නම දාන්න අමතක වුනාද කියලා....
අයියණ්ඩි එන්න මම කියලා දෙන්න බාබක්‍යු කරන හැටි......
November 13, 2010 at 12:42 PMඕවත් කෑමද මල්ලියා... රතු බතුයි පොල් සම්‍බෝලයි හොද කට්ට කරෝල කෑල්ලක් තෙල් දාලා ගත්තම් ම් ම් රස..
November 13, 2010 at 1:23 PMනරකද හසී රෙස්ටොරන්ට් කියල එකක් දැම්මනං
November 13, 2010 at 2:27 PM@Anonymous
මට පේන විදිහට කංචු අයියව බාබිකිව් කරයි වගේ....
November 13, 2010 at 2:47 PMඅහ් පුළුන් නැට්ටි කොමද ඉතිං....
අදනම් අම්බානකට තදවෙලා වගේ...
@wath


November 13, 2010 at 2:50 PMකෑම තමයි පේන්නේ නැද්ද ආ....?
අහලා නැද්ද "එක එක රස නොවිදපු කට තොගේ කට හුඹස් කට" කියලා.....
හරි හරි මම දැන් කිව්වද අපේ සිංහල කෑම හොදනෑ කියලා....
කන්න කැමති කෂ්ටියට හදාගන්න තමයි දුන්නේ....
@Praසන්ன
බලන්න ඕනි හසියගේ නවාතැන ලගින්ම එක්ක පටන් ගන්න...
(ගුටි එහෙම නෙවේ...
)
November 13, 2010 at 2:53 PMෂා චෝයි අදහස...
ඔන්න අදහස දුන්නට මංගානේ ෆ්රී කෑම වේලක්...
post maddata kohomei me munu danne kod kalle diyanko.hasiyo
November 13, 2010 at 4:19 PM@Anonymous

මොනාවුනත් මෙයත් දන්න කියන කෙනෙක් වගේ...
November 13, 2010 at 4:55 PMඇනෝ....මට මතක විදිහට සෑම් හරි ටික්ස් හන්ටර් හරි දාලා තිබ්බා පෝස්ට් එකට ස්කයිප් සහ යාහූ ඉමෝෂන්ස් දාන විදිහ....
මම මේකනම් කරලා තියෙන්නේ කමෙන්ට් වලට දාලා කියෙන ඉමෝෂන්ස් වලින් කොපිකරලා පෝස්ට් එකේ අපිට ඕනි තැනට පේස්ට් කරලා.පොඩි වෙලාවක් නම් යනවා...
අද ඇනෝලා වැඩියි වගේ...
ශා...... මරු මරු හසියෝ...... මම හොය හොය හිටියේ. මෙහෙ ඉතින් ලන්කවෙ තියෙන කුලු බඩු ඒ තරම් හොද නෑ. ඒ උනත් මම උයන්න හරිම ආසයි. දැන් මට අලුත් අලුත් ඒව උයල බලන්න පුලුවන්. තැන්ක් යු....
November 13, 2010 at 6:03 PM@හිරු ප්‍රභා
November 13, 2010 at 6:15 PMම්ම්ම්ම් එහෙනම් නිවාඩු පාඩු වෙලාවක හදලා බලන්නකෝ....හදලා විස්තර එහෙම දාන්නකෝ බ්ලොග් එකේ....
හසියා..පුන්චි අදහසක්..මචං ඔය ලොකෙ වටෙ තියෙන කැම වට්ටොරු වල ලංකාවෙ ඒව තිබ්බෙ නැද්ද..පුලුවන් නං ට්‍රයි එකක් දීපන්කො අපේ කැමත් ලොකෙට ගෙනියන්න,,නිකමට කොහොම තියෙයි ද සුද්දො වැලිතලප, අළුව, අර ටොපි මේ ටොපි කැවුම කොකිස් අනන් මනන් හදන්න ගත්තොත්...
November 14, 2010 at 8:07 AMඋඹට ඊ බෙ එකෙන් කොකිස් අච්චු, තාච්චි, පොල්තෙල්, හාල් පිටි බොතල් කරල යවන්න වගේ අලුත් බ්ස්නස් එකකුත් පටන් ගන්න පුලුවන්නෙ..
http://www.srilankacooking.com/ එකෙන් තමයි පිස්සත් උයා පිහා ගන්න ඉගෙන ගත්තෙ මුලින්ම මෙහේ ඇවිත් තනියම උයන්න ගත්තම හි හි.... අහන අහන එකා එකා එක එක ලෙවල් කියනවා... මතක් වෙන්නෙ නැහ උයන්න ගත්තම. අන්තිමට ඕකෙ වීඩියො එක දාගෙන තමා ඉව්වෙ... ගොඩ ගියා හි හි.
November 14, 2010 at 3:38 PM@පැන්da


November 14, 2010 at 7:56 PMලෝකේ වටේ එවායේ තිබුනේ නෑ නෙව..අපේ රටේ ඒවයෙනම් තියේ ඉතිං...
වැඩේ නම් හොදයි...ඒත් ඕකට ලොකු වෙලාවක් කැප කරන්න වෙයි වගේ...මොකද ඉන්ටර්නැෂනල් විදිහට කොරන්න එපායෑ....
ෂා චෝයි අදහස නේද...සලකා බලන්න ඕනි...
පැන්ඩාටත් හිතෙන දේවල් මං අහන්නේ...
@පිස්සා පලාමල්ල

November 14, 2010 at 7:58 PMෂා චෝයි චෝයි...
අන්න කෂ්ටයට ආදර්ශයට ගන්නවනම් හොද චෙෆ් කෙනෙක්..
සංතෝසයි අයියා....
නියමයි..
නොදන්න කෑමක් හදන්න බැරියැයි දැන්...
November 16, 2010 at 2:46 PMදැන් ඉතින් ඔය අමුතු ජාතිවල කෑම ටික හදාගෙන බඩ පැලෙන්න කන්න තමා තියෙන්නේ
November 19, 2010 at 8:16 AMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....