මම වෙජිටේරියන්....!!!
මම මස් කන්නේ නෑ
හැබැයි මස් හොදි කනවා...
මම බිත්තර කන්නේ නෑ
ඒත් කේක්, වටලප්පන් කනවා...
මම යෝගට් කන්නේ නෑ
ඒත් කෝප්පේ පුරවලා කිරි බොනවා...
කූනිස්සෝ කන්නේ නෑ
ඒ වුනාට චිලී පේස්ට් කනවා...
හැබැයි මස් හොදි කනවා...
මම බිත්තර කන්නේ නෑ
ඒත් කේක්, වටලප්පන් කනවා...
මම යෝගට් කන්නේ නෑ
ඒත් කෝප්පේ පුරවලා කිරි බොනවා...
කූනිස්සෝ කන්නේ නෑ
ඒ වුනාට චිලී පේස්ට් කනවා...
කවුරුහරි ඇත්ත කිව්වහම
මට අම්බානකට මලපනිනවා...
මොනාවුනත්, කවුරු මොනාකීවත්
මට අම්බානකට මලපනිනවා...
මොනාවුනත්, කවුරු මොනාකීවත්
මං වෙජිටේරියන්.....!!!
ප.ලි.:
මේ අපේ ඔෆීසියේ ඇම්ඩන් අයියා අහ්... නෑ...නෑ... ඇඩ්මින් අයියා (එකතරා ආකාරයක ඇම්ඩන් කෙනෙක් තමයි ඉතිං...
දන්නෝ දනිති
) ඔය වෙජිටේරියන් කියන ලේබලේ අතේ තියාගෙන ඉන්නේ...
(තව තව ලේබල් ගොඩක් අතේ තියාගෙන ඉන්නවා....
හික්ස්) හැබැයි ඉතිං හොර වෙජි... දන්නෝ දනිති.... අපේ ගොඩක් අය ඉතිං ඔය වෙජිටේරියන් කියන එක අභරණයක් කරගෙන... ඇයි ඉතිං කෙල්ලෙක් ළගදි ඔය බයිලා කිව්වහම ලකුණු දාගන්න පුළුහන්නේ... හික් හික්...
ඕවා ඇහෙනකොට අනිත් පැත්තෙන් හිනාවෙනවා මිසක් කෙල්ලෝ ලකුණු දුන්න කාලේ දැන් ඉවරයි....
හා නැද්ද....?
හික්ස් විතවුට් ලොල්ස්.....

එහෙනම් අපි වාෂ්ප වෙනවා....
මේ අපේ ඔෆීසියේ ඇම්ඩන් අයියා අහ්... නෑ...නෑ... ඇඩ්මින් අයියා (එකතරා ආකාරයක ඇම්ඩන් කෙනෙක් තමයි ඉතිං...
එහෙනම් අපි වාෂ්ප වෙනවා....
ඒස්වඃ පුඃ
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
40 comments:
හික්ස්......
හපෝයි....... එයා හොඳි ටේරියන් වෙන්නැති මගේ අයියා..........


September 8, 2011 at 8:13 AMමං නම් ඔන්න කාටවත් වෙජිටේරියන් කියලා නෑ. එහෙම කියන්ට බෑනේ.....
හැබැයි ඉතින් දැන් තියන බිත්තර ෆාම් බිත්තර නිසා පැටව් එන්නැති නිසා කනවා ඇති. කිරි නම් ඉතින් සතාට හානියක් නොකර ගන්න දෙයක්නේ. ඉස්සර ක්‍රෙම්ටනම් නම් පැටියා කිරි බීලා ඉවර උනාමනේ දොවන්නේ.
මේ කියලා තියෙන්නේ හාවා ගැනමද මන්දා
September 8, 2011 at 8:49 AMවෙජීලා ගැන කතා ගොඩක් තියනව කියන්න.
September 8, 2011 at 9:02 AMඑක කෙල්ලෙක් කියනවලු කෑම කන්න ගිහිල්ලා මාළු දෙන්න හැදුවම "මම වර්ජින්" කියලා.බලනකොට වෙජිටේරියන්-වර්ජින් ටැපලිලා.
උපාසක මහත්තුරු නෝනල කස්ටියක් හාමුදුරු කෙනෙකුට දානෙ බෙදාගෙන යනවලු පෝලිමේ.ඔන්න මස් බෙදන මණුස්සයත් ආව.
"හාමුදුරුවනේ කුකුලු මස්" උපාසක මහත්තය කිවුව.
"පව් අහිංසක සතා, ඔය පීකුදු කෑල්ලක්වත් බෙදන්න" හාමුදුරුවො කිව්ව.
මගෙත් යාළුවෙක් හිටිය එයා වෙජිටේරියන් හැබැයි සොසේජස් කනවා.
ඒ මාත් හිතුවෙ මන් වෙජිටේරියන් කියලනෙ බන්.. බලපන් දැන් ඒක කියලවත් ලකුණක් දාගන්න බැරිවෙනව.. ශෙක්.. *%(&*&*)&&*&^%&*
September 8, 2011 at 10:01 AMමම ඕකෙ තියන ඒවනම් කරන්නෙ නෑ. හැබැයි කිරි බොනව යොගට් කනව.

September 8, 2011 at 10:10 AMකිරි හැදෙන්නෙ ජීවිතයක් නසාගෙන නෙවෙයි ජීවිතයක් ඇතිකරගෙනනෙ. අනික හරක් පැටියට පුන්නක්කු තියනවනෙ.
Therefore,
I AM PROUD TO BE A VEGETARIAN
අර මාරයක් වවුනියාවෙ ගිය දවස් වල ඔය වගේ වෙජිටේරියන් කෙනෙක් ගැන කිවුව.
September 8, 2011 at 10:39 AMඅපේ සමාජ ක්‍රමයෙන් මිනිස්සුන්ගේ සමහර ආසාවල් යටපත් කරලා තියෙන්නේ. මිනිස්සු ඒ ආසාවල් අමාරුවෙන් හංගං ඉන්නවා එලියට දාන්න බයයි අනිත් මිනිස්සු හිනාවෙයි කියලා ඒ මදිවට තවත් සමහරු ලෝකෙට පේන්න තමන්ටම නීති දාගෙන තවත් පීඩනයට පත් වෙනවා. එයාලා ගැන දුකයි....
September 8, 2011 at 1:51 PMසත්තු පව් කියලා මස් නොකා ඉන්නවනම් සිහියේ තියාගන්න ඕනේ මාළුවත් සතෙක්, සොසේජස් හදන්නෙත් මස් වලින්, හොද්දට දාන උම්බලකඩ හදන්නෙත් සතෙක්ගෙන්.....
මං නම් වෙජිටේරියන් නෙමෙයි ඔන් :පී :පී
September 8, 2011 at 1:52 PMMamath vegetatian. Mata therennete ai podi podi dewal walata vegetarianslata mechara apahasa karanne ai liyala. at least we try to be vegetarians. Mun kukullu pana pitin kanawa. unta muku the ne.
September 8, 2011 at 2:35 PMits called jealous.
එක එක මිනිස්සු විවිදාකාර විදියට ප්‍රතිරෑප හදා ගන්න හදනවා. මේ අතරේ සමහරැ ඉන්නවා සත්‍යවාදීන්.
September 8, 2011 at 3:34 PM@හා පැටික්කි (MS)
September 8, 2011 at 4:21 PMඒකනේ නේද හාවියේ.... බලමුකෝ ඒකෙත් හැටි....
@ශානු
September 8, 2011 at 4:21 PMදන්නෝ සහ දැනගතයුත්තෝ දනිති මං ගැන කානුවෝ.... හික් හික්...
@රාජ්
September 8, 2011 at 4:22 PMහේහ් හෙහ් පට්ට පට්ට... පළවෙනි කතාව අද ඇහුවේ....
ස්තූතියි සහෝ...
@Crazy Hasi
September 8, 2011 at 4:24 PMකෙල්ලන්ගෙන් ලකුණු දාගන්න හැටි ඕනිනම් දැනගන්න වරෙන් මගේ ඔන්ලයින් ක්ලාස්... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ... මං කොරගෙන තමයි උඹත් අමාරුවේ දාන්න හදන්නේ... ලොල්ස්...
@chanakalin
September 8, 2011 at 4:25 PMඑල එල සහෝ....
@Praසන්ன
September 8, 2011 at 4:26 PMහේහ් හෙහ් මටත් ලාවට වගේ මතකයක් තියේ ඒගැන... හික්ස්....
@පූසා
September 8, 2011 at 4:28 PMඇත්ත මචෝ... සම්පූර්ණ ඇත්ත...
කෙනෙක් හැකිතරම් සත්ව ආහාරයෙන් වැලකීසිටිනවනම් හොදයි.(මොකද සමහරු යම් යම් හේතු නිසා නොකා ඉන්නවා....)අගය කරන්න ඕනි... හැබැයි ඒකෙනා ඒක ආභරණයක් වගේ හැමෝටම පෙන්න පෙන්න ආතල් ගන්නවනම් ඉතිං සත්ව ආහාර නොගන්න එකෙන් වැඩක් නෑ...
@dishanrajapaksha
September 8, 2011 at 4:29 PMඅපිත් නෑ ඕන්.... හික්ස්...
@Anonymous
September 8, 2011 at 4:34 PMටිකක් වැදිලා වගේ පෝස්ටුව... හික්ස්...
මචං ඇනෝ.. මං පෝස්ටුවක් දාලා කාටවත් අපහාස කරන්න හැදුවේ නෑ... ම්ම්ම්ම් කවුරුහරි සත්ව ආහාරයෙන් වැලකී සිටිනවනම් හොදයි. හැබැයි එහෙම කියලා ඒක ආභරණයක් කරගෙන හැමතැනම කියව කියව ඉන්නවනම් තේරුමක් නෑනේ... මොකද කෙනෙක් අවබෝධයෙන් යුතුව යම් දෙයක් කරනවනම් බොරුවට අනිත් අයට පෙන්නන් කරන්න යන්නේ නෑ...තමන් තමන්ගේ ප්‍රතිපත්තිය රකිනවා... එහෙම නේද....
ඇත්ත වෙජිටේරියන් වෙන්න පුළුහන්නම් හොදයි...
@batti
September 8, 2011 at 4:36 PMඔව් සහතික ඇත්ත....හැබැයි පිරිණු කලේ දියනොසැලේ වගේ සත්‍යවාදීන් තමන්ගේ ප්‍රතිපත්තිය නිහඩව රකිනවා...
ස්තූතියි...
@chanakalin
September 8, 2011 at 4:37 PMපොඩි කියමනක් කියන්න අමතකවුනා මචං...
I am Vegetarian 'cz I hate plants.
hikz vit lolz
හික් හික්... අද කාලෙ සම්පූර්නෙන්ම වෙජිටේරියන් වෙන්න අමාරුයි.. තමන්ගෙ ප්‍රතිපත්තිය රැකගත්තම හරි :)
September 8, 2011 at 7:30 PMමම කියෙව්ව උඹේ පෝස්ට් වලින් කැමතිම එක , සහතික ඇත්ත කියල තියෙන්න (මතකද ක්ලාස් එකේ වෙජිටේරියන්ල බොන්නේ නැති කථාව )
September 8, 2011 at 8:39 PMඑලම තමා දාපන් 5ක් ..නෑ 25ක්ම දාමු
මගෙත් යාළුවෙක් ඉන්නවා මස් නොකන හොදි විතරක් කන.. හැබැයි මිනිහා තනියම කන වෙලාවටනම් හොදට අඹරනවා.. බොරුවට ලෝකෙට පේන්න වෙජිටේරියන්.....
September 9, 2011 at 12:40 AMලස්සන නිර්මාණයක්, රස වින්දෙමි.
September 9, 2011 at 1:17 AMමමත් කාලයක් මස් මාලු කිසිවක් කන්නේ නැතුව හිටියා.ඔබ ඔය කියල තියන දේ එක්ක පොඩි අදහසක් එකතු කරන්න කැමති. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අධික ලෙස සිල් ආරක්ෂා කරන්න අමාරුයි. නමුත් අපිට පුලුවන්නම් යම් තරමකට හරි වැරදි වැඩ වලින් අයින් වෙන්න ඒක හොඳ දෙයක් ලෙස මම හිතනව. මස් මාංශ අනුභවහෙදී සමහරු ඕනෑම මස් වර්ගයක් කනව. සමහරු උම්බලකඩවත් නොදාපු කෑම තමයි කන්නේ. ඔය පරාස දෙක ඇතුලේ තව බොහෝ සීමාවන් දාගත්ත අය ඉන්නව. සමහරු හරක් මස් කන්නේ නෑ, කුකුළ් මස් කනවා. එහෙම කෙනෙක්ට අපි කියුවොත් කොයි මස කෑවත් එකයි, එක හන්ද හරකවත් කන්න කියල ඒක වැරදියි කියල අපි පිලිගන්නව. සමහරු ඉන්නව මස් කන්නේ නෑ, මාලු විතරක් කනව... ඒ ඒ අයට පුලුවන් විදිහට එයාල සත්ව හිංසනයෙන් වැළකෙන හැටි. ඉතින් ඔය අතර බහුලම කට්ටිය තමයි, මස් - මාලු ඒ විදිහටම කන්නේ නෑ. නමුත් ඒව මිශ්‍ර වුනු ආහාර (කේක්, අයිස් ක්‍රීම්, වටලප්පන්, චිලී පේස්ට් ) ප්‍රතික්ශේප කරන්නේත් නෑ. මම හිතන්නේ යම් තරමකට හරි එයාල පාපයෙන් මිදිච්ච අය. නමුත් සම්පූර්නයෙන්ම නොවේ. එහෙම කෙනෙක්ව අපහාසයට ලක් කරනවානම් ලක් කල යුත්තේ ඔහුව සම්පූර්ණයෙන්ම මස් අනුභවයෙන් ඈත් කිරීම පිණිස මිස, ඔහු දැනට රකින ශීලයෙනුත් බිඳවා ඕනෑම මසක් කන තත්වයට පත් කිරීමට නම් නොවේ. නමුත් අද බොහෝ විට සිදු වන්නේ මෙහි සිදු නොවිය යුත් පැත්ත බව අපි කවුරුත් දන්නවා. මම වසර 5ක් පමන කාලයක් ඔය කියන තත්වයේ සිට විවිද හේතු නිසා මාලු සහ කුකුළ් මස් පමණක් ආහාරයට ගන්නා තත්වයට එන්නට සිදු වුන කෙනෙක්. නමුත් අද මා අවට කිඹුලාගේ මස් වල සිට සීබ්‍රා මස් දක්වා ආහාරයට ඇති පරිසරයක ජීවත් වද්දීත්, එම සතුන්ගේ මස් ආහාරයට නොගන්නේ 5 වසරකට ආසන්න කාලයක් කිසිදු මසක් ආහාරයට නොගැනීමෙන් ඇතිකරගත් හික්මීම මත බව විශ්වාස කරනවා.
"අපි නම් බොන්නේ XXXX වර්ගයේ විස්කි/ බ්‍රැන්ඩි" කියා කියනවාට වඩා "බාගෙට හෝ වෙජිටේරියන්" යැයි කියමින් යම් පොරත්වයක් ඇති කරගන්නා පුද්ගලයා හොඳ බවයි මගේ හැඟීම... (මම නම් වෙජිටේරියන් බව පවසා පොර වන්නට ගොස් නැහැ ) මේ සටහන කවියේ කියන පරිදිම "මල පැනීමෙන්" ලියූ ලිපියක් නොව බාගෙට වෙජිටේරියන් ලාගේ පැත්තේ අදහස් එක් කිරීමට පමනක් ලියන ලද්දකි.
මල්ලිගෙ කවිය ටිකක් යතාර්තවාදී වගේ පෙනුනට ගොඩක් ආත්මාර්තකාමී ඒකක් .... හිතන්න තව පාර්ක් තවත් පාරක් පුලුවන්නම් තවත් පාරක්
September 9, 2011 at 9:11 AMChinthaka
හොඳ ලිපියක්. එත් තව එකතු කිරීමට ගොඩක් දේවල් තියෙනවා. ඔය නිර්මාංශ ප්‍රශ්නය විසඳ ගන්න කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ලියපු "නිර්මාංශ ප්‍රශ්නය" කියන පොත ගොඩක් උපකාරී වෙයි.ඉතා විමසිල්ලෙන් කියවන්න. මොකද බුදු බණ හා අදහස් යන දෙකේම සම්මිශ්‍රණයෙන් ලියවුනු පොතක්. හැබැයි විමසිල්ලෙන් බැලුවොත් ඒ පොතෙත් නොගැලපෙන තැන් අහු වෙයි. නමුත් කල්පනා කරලා අවසානයේදී ඔබටම හොඳ තීරණයකට එන්න පුළුවන් වෙයි. මස් කන අය එයට සහයෝගයක් විදියට වත්, මස් නොකන අය මස් අනුභවය විවේචනය කිරිනටවත් මේ පොත යොදා ගන්න එපා කියල ඉල්ලලා සිටිනවා.සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමයි අනිත් අයගේ ඇදයක්, අනිත් කෙනෙක් කරන වැරදි දෙයක් දිහා බලල හිනා වෙන එක. අපි ගාව ඊට වඩා ගොඩක් වැරදි තියෙනවා හදා ගන්න. දිවයින පත්තරේ ගියපු ලිපි පෙලකුත් ඔයාල සමග බෙදා ගන්න කැමතියි. පිලිවෙලින් බලන්න.
September 10, 2011 at 8:10 AMhttp://www.divaina.com/2011/07/03/feature01.html
http://www.divaina.com/2011/07/24/feature04.html
http://www.divaina.com/2011/07/17/feature07.html
- Asanka-
මං මස් කන්නෙත් නෑ..
September 11, 2011 at 8:59 PMවෙජිත්නං නෙවේ.. ඕං..
කවිය ලියපු කෙනා ලියන්න කලින් පොඩි research එකක්වත් කරල නෑ වගේ. කෙනෙක් බිත්තර කෑව කියල, කිරි බිව්ව කියල vegetarian කෙනෙක් වෙන්නෙ නැත්තෙ නැහැ. සත්ව ආහාර සහ සත්ව නිශ්පාදන, ඒ කියන්නෙ සතෙක්ගෙන් ගන්න කිරි බිත්තර, හම් පාවිච්චි කරල මහන ඇඳුම්, මේව පාවිච්චි නොකරන අයට කියන්නෙ vegan කියල. ඒ අය මස් කන්නෙත් නැහැ, සත්ව නිශ්පාදන පාවිච්චි කරන්නෙත් නැහැ. vegetarian කියන්නෙ සත්ව මාංශ අනුභව නොකරන අයට විතරය්. ඒ වගේම ගොඩක් අය බිත්තර ගැන කතා කලාට දන්නෙ නැහැ බිත්තර වල ජීවයක් නැහැ කියල, කිකිලියෙක් අවුරුද්දකට බිත්තර 300ක් පමන දානව, ඒක අනිවාරයයෙන් වෙන දෙයක්. බිත්තරේකට පැටියෙක් එන්නෙ කිකිලියෙක් කුකුලෙක් එක්ක ලිංගිකව එක් වීමක් උනොත් පමනය්. බිත්තර දාන්න කුකුලෙක් අවශ්‍ය නැහැ. ෆාම් වල ඉන්නෙ තනිකර කිකිලියො, උන් සාමාන්‍ය ශරීර ක්‍රියාවක් හැටියට බිත්තර දානව. එතනදි ජීවිතයක් නැති උනේ නැති උනාට හැබැය් ඒ සත්තු කොටු වෙලා දුක් විඳිනව ගොඩක්. මස් නොකන එක අපේ අය show එකක් කරගන්න එකටනම් සම්පූර්න එකඟය්. අඩෝ මම මස් කන්නෙ නැහැ, උඹල මහ පාහරයො උඹලත් නොකා හිටහල්ල කියනව මම දැකල තියෙනව. මම මස් නොකන කෙනෙක් උනාට අනිත් අයට කවදාවත් උපදෙස් දෙන්න යන්නෙ නැහැ, මොකද ඒක මගේ විශ්වාසයක් විතරය්. ඒ අය විශ්වාස කරන දේ විශ්වාස කරන්න ඒ අයට සම්පූර්න අයිතිය තියෙනව.
September 12, 2011 at 1:24 AM@ගීත් | Geeth
September 12, 2011 at 11:10 AMඔව් ඒක ඇත්ත සහෝ....
@buwa
September 12, 2011 at 11:11 AMබොහොමත්ම ස්තූතියි සහෝ.....
මට ඔය සිද්ධියත් මතක්වුනා... හික් හික්....
@Dinesh
September 12, 2011 at 11:12 AMමං පෝස්ට් එක දැම්මෙත් අන්න ඒ අයටම තමා...
ස්තූතියි සහෝ....
@නදුන් උයන
September 12, 2011 at 11:15 AMබොහෝමත්ම ස්තූතියි සහෝ....
හැබැයි මම දකින්නේ කෙනෙක් බොරුවට තමන්කරනදේ උලුප්පලා ඒක අනිත් අයටත් වදයක් වාතයක් වෙන විදිහට වැඩකටයුතු කරන එක ඇත්තටම මොඩකමක් විදිහට.....
@Anonymous
September 12, 2011 at 11:17 AMම්ම්ම්ම්ම් ආත්මාර්ථකාමීකමද පරාර්ථකාමී කමද කියන්න මං දන්නේ නෑ....
ම්ම්ම්ම්ම් ඔෆීස් එකේ මටත් අපි හැමෝටමත් ඕක මහ ඇණයක් වෙලා තියෙන්නේ...
මොකද ඇත්තටම වෙජිටේරියන් දෙන්නෙක් ඉන්නවා.උන්දෙන්නා උන්ගේ පාඩුවේ කන දෙයක් බෙදාගෙන කනවා.පම්පෝරි ගහන්නේ නෑ තමන්ගේ කෙරුවාව ගැන.....
@නදුන් උයන
September 12, 2011 at 11:24 AMඅමතකවුණා පොඩි දෙයක්...
මේ පෝස්ට් එක දාලා මං බලාපොරොත්තුවුනේ කාටවත් හිත රිද්දන්න නෙවේ... නමුත් ඇත්ත කීවේ...
සහෝ කියන කතාව ඇත්ත...
මස්කන එකට වඩා වෙජිටේරියන් වෙන්න හදන එක ගොඩක් හොදයි.... හැබැයි වෙජිටේරියන් කියලා තමන්ගේ පම්පොරිය ගහන එකාට වඩා මස්කන එකා හොදා...
ඒකයි මං කියන්නේ අවබෝධයෙන් යුතුව කෙනෙක් යම් ප්‍රතිපත්තියක් රකිනවනම් ඔය පම්පෝරී නෑ කියලා..... ඒ හන්දයි අයියට ඔය පරිසරයේ ඉන්න පුළුහන්.... එහෙම නේද....
@Anonymous
September 12, 2011 at 11:25 AMස්තූතියි සහෝ.....
මං මේ පොත ගැන නම් දරන්නේ වෙනම අදහසක්... ඒ අදහස හිතේ තියාගෙන ඉදීම නුවණට හුරුයි.... හික්ස්....
බොහෝමත්ම ස්තූතියි දැනුම බෙදාගත්තාට....
@හිම කුමාරි
September 12, 2011 at 11:26 AMහික් හික්.... එල එල හිම කුමාරියේ...
@Anonymous
September 12, 2011 at 11:34 AMහිතවත් ඇනෝ....
කෙනෙක්ට මං ලිව්ව පෝස්ට් ටිකක් රිදෙන්න පුළුහන්... හැබැයි තව කෙනෙක්ට පෝස්ට් එකක් විතරක් වෙන්න පුළුහන්... තව කෙනෙක්ට ලොකු දෙයක් වෙන්න පුළුහන්...
මාත් කෙනෙක් මස් මාංශ කනවට විරුද්ධ නෑ... ඒ වගේම නොකන කෙනාට විරුද්ධත් නෑ....
කෙනෙක් මස් මාංශ කන්න පොළඹවන්නෙත් නෑ.. ඒ වගේම කෙනෙක්ට කන්න එපා කියන්නෙත් නෑ...
මොකද ඒක තමන්ගේ කැමැත්ත හා අයිතිය....
හැබැයි බොරුවට අනිත් අයට වැඩ දාන තමන් කැපිලා පෙන්න කෙනෙක් තමන් මස් මාංශ කනවා හෝ නොකනවා කියනවනම් ටිකක් විරුද්ධයි....මං මේක ලිව්වේ අන්න එහෙම කෙනෙක් වෙනුවෙන්... මොකද ඒක මහා ඇණයක් නිසා... කන්න ගත්ත හැමවෙලේම දොඩවන්නේ තමා වෙජිටේරියන් ඒ හන්දා තමා පොරක් කියලා නම් ඒකාට විරුද්ධ වීඹ අපේ අයිතියක්....
ස්තූතියි සහෝ... ඇනෝ වුණාට නෙවේ... කමෙන්ට් එකට....
මේ ගැන යලිත් අදහසක් පල කරන්න හිතුනේ ඔබේ පිලිතුරින් කියවෙන දෙයක් පිලිබඳව මම එකඟ නොවන නිසයි.
September 14, 2011 at 1:36 AM"හැබැයි වෙජිටේරියන් කියලා තමන්ගේ පම්පොරිය ගහන එකාට වඩා මස්කන එකා හොදා..." කියන කතාවට මම එකඟ නෑ.
පම්පොරි ගැසීම කියන්නේ කටින් සිදුවන පාපයක්. සමහරු තමන්ගේ කෑම ගැන, අතේ දුරකතනය ගැන, පවුලේ පසුබිම ගැන, තමුන්ගේ වාහනය ගැන , රැකියාව ගැන පම්පෝරි ගහන්න පුලුවන්. ඒ විදිහට බලද්දි තමුන් වෙජිටේරියන් කියල පම්පෝරි ගහන අය වගේම, අය්යෝ මම ගැරඩි මසුත් කාල තියනව කියල පම්පෝරි ගහන අයත් ඉන්න පුලුවන්.(මගේ බ්ලොග් අඩවියෙත් මේ දවස්වල ඔය වගේ ලිපියක් මම ලියුව, සමහරු හිතනවද දන්නේ නෑ පම්පෝරියක් කියල ) පොදුවේ පම්පෝරි ගැසීම කියන දෙයට විරුද්ධ වන්න.
නමුත් වෙජිටේරියන් වීම සහ පම්පෝරි ගැසීම් කියන කාරණය එකට සලකල මස් කන එකා හොඳා කියල කියන එකට මම එකඟ නෑ. එසේනම් ඔබ කියන්නට ඕනේ පම්පෝරි නොගසා මස් කන එකා හොඳා කියල... නමුත් අපි මස් කෑවට ඒකේ ඇති හොඳක් නෑනේ..
ඔබේ ලිපියෙන් කිසිම සිත් රිදීමක් මට නම් උනේ නැති බවත් කියන්න ඕනේ. නමුත් කවිය පොඩ්ඩක් ඒක පාර්ශ්වික බවක් තේරුන හන්දයි දීර්ඝ පිලිතුරක් දුන්නේ. වෙජිටේරියන් කෙනෙක් ඇසුරු කරන සමාජයේ ඉන්නවනම් මම නම් කියන්නේ දෙපැත්තෙන්ම යම් යම් කැප කිරීම් අවශ්‍යයි කියල. දෙගොල්ලොම අන්තවාදයට ගියොත් වෙන්නේ තවත් වෛරී අකුසල් දෙගොල්ලොම රැස් කරගන්න එක විතරයි.තවත් විස්තර ලියන්න නම් පුලුවන්... නමුත් මේක මගේ බ්ලොග් එක නොවෙයි නේ....
ඔබේ කවි පෙල සරල උනාට ප්‍රතිචාර මගින් ඉතා හොඳ සංවාදයක් ඇතිවී තිබීම ගැන සංතෝශයි.
@නදුන් උයන
September 17, 2011 at 7:17 PMඅපි හැමෝම එකිනෙකාට වෙනස්... ඔබ දරණ මතේ මා නොදරන්න පුළුහන්.... මා කිවේ මාගේ පුද්ගලික අදහස පමණයි.මම සාමන්‍යයෙන් පම්පොරි ගහන(සාධාරණ හේතුවක් නැතිව) අයට අකමැති කෙනෙක්... ඉතිං ඒකයි මං ඓහම කීවේ...
කොහොමවුනත් සංවාදයකට මුල්වුණානම් මගේ පෝස්ටුව සතුටුයි.
බොහෝමත්ම ස්තූතියි සහෝ....
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....