ඉතිං ඉතිං කෝමද කෂ්ටියට...??? මේ දවස් ටිකේ හොදටම බිසී.
වැඩ හොදටම වැඩිවෙලා හුස්ම ගන්නත් අමතක වෙලා හිටියේ. ඒ තරම්ම වැඩ. දැන්නම් පොඩ්ඩක් නිදහස ලබමිනුයි ඉන්නේ.
අහ්..අද මාතෘකාව... "මචං හොරා...". මෙක මට ලියන්න හිතුනේ, අපේ බිඟුවා එයාට වුන දේ "අනේ දෙවියනේ මට වුනු වියෝයා" කියලා දාපු ලිපිය දැක්කාමයි.
මේක ඇත්ත සිද්ධියක්. වෙලා තිබුණේ බලංගොඩ ප්‍රදේශයේ. වැඩිය කියවන්නේ මොකටද....ඔය පහල පිංතූරය බලන්නකෝ.

කෙසෙල් වතු අයිතිකාරයගේ වත්තෙන් පිට පිට කෙසෙල් කැන් 6ක්ම එකතරා හොරෙක් කපාගෙන.
වැඩේ කියන්නේ, හොරා හත්වෙනි කෙසෙල් කැන අයිතිකාරයා ඉල්ලුවා වගේම ඉතිරි කරලා. අට වෙනි කෙසෙල් කැනට වැඩේ දීලා.
බලන්න අපේ රටේ ඉන්නේ කොච්චර හොද, නිති ගරුක , කීකරු හොරුද මං අහන්නේ...
ප්‍රොෆෙෂනල් හොරෙක් නොවු...
මම
෴ කොලු හසී ෴
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
17 comments:
මොනව උනත් අයිති කාරයත් හොඳ කෙනෙක් වගේ....... නැත්නම් මෙහෙම පණිවිඩ ලියන්නෑනේ.........
July 1, 2010 at 11:56 AMහදිස්සියෙන් වත් අයිතිකාරය මීට පස්සේ කෙහෙල් කැන් ටික අපිට ඉතුරු කරන්න කියල නොකිය 7වෙනි එක විතරක් ඉතුරු කරන්න කිව්ව නිසා හොරාත් වාසනාවන්තයි........
පට්ට බං...හරියට අර ඕනෑ තරම් මල් අතු කඩාගෙන යන්න කියලා බෝඩ් ගැහුවා වාගෙයි....
July 1, 2010 at 11:56 AMමාර පොරවල්නේ ලංකාවෙත් ඉන්නේ
හික්ස් මරු....
July 1, 2010 at 1:17 PM@Shadow/හේමලයා
කියන්නකෝ පුළුවනි නම්..



July 1, 2010 at 1:36 PMතැන්කූ....මචෝ මං ඒ කතාව දන්නේ නෑ නේ...
@හා පැටික්කි (MS)
හ්ම්...අත්දැකීමෙන් වෙන්නැති කියන්නේ. හා පැටික්කියෝ හොරකම් කරන්නේ කැරට් නේ.
ඒක තමා...අපරාදේ...
@හෙළයා
ආයෙත් අහල...ලංකාවෙනේ.....
@හසී
තැන්කූ කෙලි හසීයේ....
අයිති කාරය පුදුම කේන්තියකින් මේක ලියන්න ඇත්තේ නේද? හොරාව අහු වුනා නම් කෙසෙන් කැනක්ම කවාවි.hikz...
July 1, 2010 at 1:36 PM@පබලු
July 1, 2010 at 1:45 PMහීහී...හීහී...වෙන්න ඇති අක්කියෝ...
කේන්තියේ තරම හන්ද වෙන්න ඇති අකුරුත් කැත වෙලා තියෙන්නේ....හික්ස් විත් ලොල්ස්
ඇයි බන් අපේ ගෑනු මල් ගහක් දැක්ක ගමන් ඒකෙන් අතු කඩා ගෙන යනවානෙ. ඉතින් පාරක් අයිනෙ ඉන්න පොරකට මේක මාර කරදරවක් ලු. මූ මොනවා කෙලත් වැඩේ නවතන්න බැරිලු. පස්සේ ලොකුවට බෝඩ් එකක් ගැහුවාලු "ඇති තරම් මල් අතු කඩා ගෙන යන්න කියලා"...වැඩේ නැවතුනාලු. අපෙ රටේ එවුන්නෙ..කුණු දමන්න කියලා ගහල තියෙන තැන කුණු දන්නෙ කව්ද?...ඒ වුනාට කුණු දැමීම තහනම් කිව්ව ගමන් පෝලිමට කුණු දානවා....
...
July 1, 2010 at 2:41 PMඅයියා මාව දැක්ක දවසෙ ඉඳන්ම හොරා කරනව..........
(මුලින්ම හොරා කරපු දවස මතකනේ.........
හික් හික් හික් සෝ....යි කතාව මෙයා... මටනම් තාමත් හිනාලු. ඇත්තටම ලංකාව අදහන්න වටින රටක් කියන්නෙ බොරු නෙමෙයිනේ........... හික්ස් + ලොල් x 5 බලය කිව්වලු..........
July 2, 2010 at 7:37 AM@Shadow/හේමලයා
තැන්කූ හොදේ...
මතක නැතුව මොකද...
අයියෝ විහිළුවටනේ කීවේ හා පැටික්කියේ...හා හා නාඩා මේ කැරට් අල ටික කන්නකෝ....
July 2, 2010 at 8:32 AMපට්ට කතාව....තැන්කූ කීවට....
කරන්න එපා කියන දේ කරන...කරන්න කියන දේ නොකරන රටක් බැලින්නම් අපේ රට...
@ipesha24hasari
@හා පැටික්කි (MS)
මුණේ තියෙන්නෙම හොර මුණක් නේ...
@ජේ.ඩී
සන්තෝසයි...
කෙසෙල් හොරා එතනින් යද්දී ඕක දැක්කාම හොරාට පොළව පලාගෙන යන්න තරම් වස ලැජ්ජාවක් එනවා ඇති නේද ?
July 3, 2010 at 3:44 PMලංකාවනේ අයියෝ!අපේ හොලු ඔහොම තමයි!
July 11, 2010 at 11:13 AMපට්ට නියමයි නිතිගරුක හොරු..
November 30, 2010 at 10:21 PM@ හෙළයා .. දෑකිම සතුටක්...
හේ...හේ.. හොඳ අයිතිකරයෙක් වගේම. හොඳ හොරෙක්..:)
November 30, 2010 at 11:08 PMමෙහෙම කරන්න ඕන. 8 වෙනි කැනේ ලොකුම කෙහෙල් ගෙඩියේ ට්‍රාන්ස් මීටරයක් හයිකරන්න තිබ්බා එහෙමනම් හොරා කෙහෙල් කනකොට ට්‍රාන්ස්මීටරේ බඩට යනවා .එතකොට ඌ ඉන්න තැන අයිතිකාරයිට දැනගන්න ලැබෙනවා ..එතකොට හොරා ආයේ කැන් කපන්න කෙහෙල් කොටුවට ලං වෙනකොටම අල්ලගත හැකි !
December 1, 2010 at 6:20 PMකොහොමද ඒ අදහස ?
එල පෝස්ට් එක හසියෝ ...
ජයවේවා !!
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....