
හෙට දිනය, මාගේ උපන්දිනය බැව් ඔහු හොදින්ම දන්නා දෙයකි.වෙනදා මෙන් සවස ඔහු වැඩ නිමවී එන පෙරමග බලාසිටියත් අද වෙනදාටත් වඩා නොඉවසිල්ලෙන් බලා සිටියේ හෙට මාගේ උපන්දිනයට ඔහු දෙනදේ ගැන පුංචි ඉඟියක් ලබා ගැනීමේ කුතුහලය නිසාවෙනි.ගියවර ඔහු මට ගෙනා උපන්දින තෑග්ග පසුදින තෙක්ම බැලීමටවත් ඒ ගැන ඇසීමත් තහනම් කර සිටියේය.ඒ ඔහු මා පුදුමයට පත් කිරීමේ අහිංසක චේතනාවෙනි.එවර ඔහුගෙන් මට ලැබුනේ අගනා රන් මාලයකි.මා රන් ආභරණවලට කැමැත්තක් ඇතත්, ඒවා ඉල්ලා නාහෙන් නොඅඩන බව දන්නා ඔහු එය තෑගි කලේ මා සතුටු කිරීමට බව මම දනිමි.
බීප්......බීප්.......බීප්....බීප්......
ඒ ඔහුගේ කාරයේ හෝන් හඩයි.ඒ හඬින් සිතුවිළි සයුරෙන් නික්මුණු මා හනික ගේට්ටුව වෙත දිව ගියේ ගේට්ටුව ඇරීමටය.වෙනදා මෙන් ඔහු කාර් එක ගේට්ටුවෙන් ඇතුළට ගත් විගස ගේට්ටුව වසා කාර් එක පිටුපස දිවගියේ, වැඩ නිමවී ගෙදර එන තම පියාගේ කාරය පසු පස දුවනා පොඩි එකියක් මෙනි.
ඔහු හැමදාමත් කාරයෙන් බසින්නේ ඔහුගේ බ්රීරීෆ් කේස් එක මා අත තබමින් හා මගේ නලලත සිඹිමින්ය.අදත් ඒසේ සිදුකිරීමට අමතක නොකල ඔහු ඔහුගේ සුපුරුදු ප්රශ්නාවලිය ඉදිරිපත් කිරීමටද පසුබට නොවීය.
"සුදු නෝන අද මොකද කලේ...?"
මුකුත් නෑ සුදු මහත්තයෝ.....අද සුදු මහත්තයට කොහොමද...?
"ම්ම්ම් හරිම මහන්සියි.මේ දවස් ටිකේ වැඩ හොදටම ගොඩගැහිලා සුදු නෝනා.හෙටත් යන්නම වෙනවා වැඩට."
ඒ වදන් පෙලින් මා සිත ඇතිවු දුක දරාගත නොහැකි තරම්ය.ඒ මාගේ උපන් දිනය වන හෙට දිනත් ඔහුට වැඩට යාමට සිදුවන නිසාය.අඩුම තරමේ මා වෙනුවෙන් උපන්දින තෑග්ගක් ගැනීමට පවා ඔහු අමතක කරඇත.ඔහුට මාගේ උපන්දිනය අමතක වුයේ කෙසේද?
"සුදු නෝනා මොකද මේ...?" ඔහු මාගේ නහය සෙමින් මිරිකමින් ඇසීය.
ඔහුගේ හඬින් පියවි සිහියට පැමිණි මා, ඔහුට මා සිතේ ඇතිවු ප්රශ්න හා දුක ඔහුට නොදැනෙන සේ....
"අහ්..මුකුත් නෑ සුදු මහත්තයා, ඇයි එහෙම ඇහුවේ ?" කියමින් මා මනසෙහි ජනිත වු ප්රශ්න පෙලද, දුකද ඔහුගෙන් සැගවීමී.
"හ්ම්....නැහැ ඔයා අද ටිකක් අමුතුයි වගේ" කියමින් පුරුදු පරිදි ඔහු මගේ අතින් අල්ලාගෙන ගෙතුලට වැදුනේය.
"මහන්සියි සුදු නෝනා මම නාගෙන එන්නම්." ඒ ඔහුගේ සුපුරුදු ක්රියා පිළිවෙතයි.
ඔහුට උණු කිරි කෝප්පයක් සෑදීම සදහා මුළුතැන්ගෙට වැදුනු මා, වතුර පිරවු කේතලය ගෑස් ලිප මත තැබුවෙමි.නමුත් කිරි සැදීම කෙසේ වෙතත් නැවතත් මා සිතේ ඇතිවු ප්රශ්න එකින් එක නිරාකරණය කරගැනීමට උත්සුක වීමි.ඇයි එයාට මගේ උපන්දිනේ අමතක වුනේ? කොහොමද එහෙම වුනේ? ඉස්සරනම් එයාට මගේ උපන්දිනය ඔහුගේ උපන්දිනයටත් වඩා හොදින් මතකයි.ඒ වගේම ඒ දවසම ඔහුට කෙතරම් වැඩ රාජකාරී තිබුනත් ඔහු මා වෙනුවෙන් කැපකලේය.ඒත් මෙවර.....
හ්ම්ම්ම්ම්....මේ දවස් වල ඔෆීස් එකේ වැඩ වැඩි නිසා අමතක වෙන්න ඇති.රාජකාරිය දේව කාරියටත් වඩා වටිනවනේ. කමක් නෑ අමතක වුනාට.යැයි සිතමින් ඔහුගේ අමතක වීම සාධාරණීයකරනය කිරීමට උත්සහකලෙමි.
ඒත් ගිය මාසේ ඔහුගේ නංගීගේ 21 වන උපන්දිනය වෙනුවෙන් ඔහු ලෑස්තිවුයේ සතියක පමණ පෙර සිටය.එහෙව් එකේ ඔහුට කෙසේද මගේ උපන්දිනය අමතක වුනේ.ඔහු මට දක්වන ආදරය අඩුවෙලාද?නෑ වෙන්න බෑ.ඔහුගේ මේ අමතක වීම නැවතත් මසිතට මහත්සේ වද දෙන්නට විය.
රුරුරුරූරූරූරූරූරූ.......ගෑස් ලිප මත තැබූ කේතයේ වතුර හොදින් රත් වී නැගුනු හඬ නැවතත් මාගේ සිතුවිළි සයුරට බාධා කලේය.
වියවුල් මනසින් නැවතත් කිරි කෝප්පය සෑදීම ඇරඹි මාහට, ඔහු නාගෙන පැමිණෙන විට එය සාදානිමකරීමට හැකිවිණි.
"සුදු නෝනා අද කන්න මුකුත් නැද්ද...?" ඒ ඔහුගේ සුපුරුදු හඬයි.
"අහ්...මට අමතක වුනානේ සුදු මහත්තයෝ, මෙන්න මම අද ඔයා කැමතිම කෑමක් හැදුවා තේ බොන්න.ඉන්න දෙන්න සුදු මහත්තයෝ." සිතේ තිබූ වියවුල් ස්වභාවය නිසා ඔහු වෙනුවෙන්ම සෑදු ඔහුගේ ප්රියතම ආහාරයක් වන සමපෝෂ දීසිය දීමට පවා අමතක විය.
"ආ මෙන්න..." මම සමපෝෂ දීසිය ඔහු අත තැබිමි.
ඔහුගේ කිරි කෝප්පය පමණක් මේසය උඩ තිබෙනු දැක විමතියට පත් ඔහු....
"මේ මොකද මේ...සුදු නෝනා අද කිරි බොන්නේ නැත්තේ?"
"අද මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා සුදු මහත්තයෝ.දැන් බොන්න බෑ.මගේ සුදු මහත්තයා බොන්නකෝ මටත් එක්ක."
සිතේ තිබූ වියවුල් සිතුවිලි කන්ද හා හටගත් දුක නිසාම කිරි කෝප්පයක් බීම පවා මාහට මහත් අප්පිරියාවක් විය.නමුත් බඩ රිදෙනවා යැයි කියමින් ඔහුගෙන් ඒ බව සැඟවීමට ගොස් මා වැටුනේ කබලෙන් ලිපටය.මගේ බඩරිදිල්ල ගණන් නොගතයුතු දෙයක් බව ඔහුට ඒත්තුයනතුරුම ඔහුගේ ප්රශ්න පත්රයට පිළිතුරු දෙන්නට මාහට සිදුවිය.
එදින රාත්රියේ නිනදට ගිය විටත් මා හට සැනසීමක් නොවීය.සිතේ ඇතිවු සිතුවිළි එකින් එක සලකා බලමින් නොයෙකුත් තර්ක විතර්ක ගොඩනගන්නට වීමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පසු දින........
"හා...හා.... සුදු නෝනා නැගිටින්න නැගිටින්න...හොදටම දවල් වෙලා.දැන් උදේ අට හමාරයි වෙලාව.මට ඔෆීස් යන්නත් හොදටම පරක්කුවෙලා." මා අවදි වුයේ ඔහුගේ හඬිනි.
වෙලාව ඇසුනු සැනින් මා, දඩි පඩි ගා නැගිට සිටියේ, සුදු මහත්තයට ඔෆීස් ගෙනියන්න ආහාර සෑදිය යුතු නිසාවෙනි. වෙනදා ඔහුව ඇහැරවන්නේ මවිසිනි.කෙදිනකවත් ඔහුගේ ඔෆීස් ගමන ප්රමාද නෙකල මා, අද......
මා ඉක්මනින් නැගිට මුළුතැන්ගෙය වෙත යාමට මැද සාලයට පැමිණියෙමි.එහිදී මා දුටු දසුනින් මාගේ හදවත නැවතී, මා ගොළු වුවා සේ දැනුණි.දෑස් අදහාගත නොහැකි දසුනකි.
තත්පර කිහිපයක් ගතවිණි. මා පියවි සිහියට පැමිණියේ, මා පිටුපසින් ඇසුණු ඔහුගේ ආදරණීය ලෙන්ගතු හඬිනි.
"මගේ රත්තරන් පුංචි සුදු නෝනට සුභම සුභ උපන්දිනයක්....!!!"
"සුදු නෝනා...මම අද ඔෆීස් යන්නේ නෑ.මෙන්න මං ගානේ අද මගේ සුදු නෝනට රසම රස උණු කිරි කෝප්පයක්...."
ඔහු විසින්ම කරතිබු උපන්දින සැරසිලි දෙස ආසාවෙන් බලමින් මා ඔහුගේ උණුසුම් පපුවට හොද හැටි තුරුළු වුයේ, මාහට මා කෙරේම ඇතිවු ලැජ්ජාව සතුටු කදුළු අතරේ සගවාගනිමිනි.
~නිමි~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
|