ඔන්න අද හසියා, කෂ්ටියට කියන්න හදන්නේ පොඩි ගැජට් එකක් ගැන.
අපේ කෂ්ටිය USB Devices Remove කරන්නේ කොහොමද?
හරි ක්‍රමේටද? ඒ කිවිවේ USB Icon එක Right Click කරල බ්ලා බ්ලා බ්ලා..... ද? ඇත්ත තත්වෙනම් ඕක කරන්න ඉතිං ටිකක් කම්මැලියිනේ අපේ කෂ්ටිය...මම දන්නවනේ ඉතිං.
ඕවා කරන්න කම්මැලිකමට කෙලින්ම ඇදල ගන්නවා.ඕකනේ ගොඩක් වෙලාවට කරන්නේ අපේ කෂ්ටිය.එහෙම කරපුවහම සමහර Data එහෙමත් නැතිනම් අපේ දත්ත වලට හානි සිදුවෙන්න පුළුවන්.අපි මොකක් හරි USB Device එකක් අපේ පරිගණකයට සම්බන්ධ කරපුවහම පරිගණකයෙන් කුඩා විදුලියක් අපේ USB Device එකට ලබාදෙනවා.ඉතිං අපි අපේ පරිගණකයෙන් දෙන විද්‍යුතය විසන්ධි නොකර අපේ USB Device එක ගලවපුවහම ස්‍ථිති විද්‍යුතය නිසා අපේ දත්ත වලට හානි සිදුවන්න පුළුහන්.සමහරවිට අපේ USB Device එකට පවා හානි සිදුවන්න පුළුහන්.

ඔන්න ඔය හේතුව නිසා කිසිවිටෙකත් USB Device එක ඔහේ ඇදල ගලවන්න යන්න එපා.කම්මැලිමනම් මෙන්න මේ ගැජට් එක භාවිතා කරන්න.මේ මං වගේ.
අනිත් එක අපි අර දිග ක්‍රමේට USB Devices ගොඩක් ගහල තියෙන වෙලාවට වැරදිලා ගලවන්නේ වෙන එකක්.
ඔය වගේ මහ ජරමර ගොඩයි.ඒ ජරමර ඔක්කොටම විසදුමකට පොඩිම පොඩි ගැජට් එකක් දෙන්නම්.මේකේ නම තමයි "USB Disk Ejector".
කෂ්ටියට තමන්ගේ ඩෙස්ක්ටොප් එකේම මේ පොඩි ගැජට් එක තියාගන්න පුළුහන්. 

මේ ගැජට් එකෙන් ඔය උඩ තියෙනවා වගේ දැනට ගහල තියෙන USB Devices ඔක්කෝම පෙන්වනවා.ඉතිං විසන්ධි කරන්න ඕනි USB Device එක උඩ දෙපාරක් ක්ලික් කරන්න.එච්චරයි.වැඩේ හරිම සිම්පල්.
ක්ලික් තුනෙන් USB Device එක විසන්ධි කරන්න පුළුහන්.ඕනිම නම් ඉතිං USB Ejector එක open කරන්නත් keyboard shortcut (Ctrl + Shift + E වගේ) එකක් දාගන්න.එතකොට එක ක්ලික් එකක් අඩුවෙනවනේ.


ඔක්කෝම USB Devices විසන්ධී කලාම මෙන්න මේවගේ පේන්නන්නේ.......

පොඩි ගැජට් එකක් නිසා බාගෙන බලන්නකෝ.වැඩේ කොච්චර ලේසිද පහසුද කියලා හිතෙයි.එහෙනම් ඉතිං බාගෙන කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ.........

බාගන්න මෙතන ඔබන්න.
USB Disk Ejector
USB Disk Ejector
අහ් මේ...
කෂ්ටියගේ ගෙදර වට පිටාව සුද්ද පවිත්‍ර කරලා දාන්න අමතක කරන්න එපා හොදේ....ඩෙංගු මාරාන්තිකයිනේ.........
එහෙනම් ඔන්න හසියා ගියා...... 



තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
15 comments:
යූඑස්බී එකක් ගහල තියෙනකොට සිස්ටම් ට්‍රේ එකේ පෙන්නන අයිකන් එක උඩ ක්ලික් කලාම (right click නෙවෙයි) දැනට වැඩ කරන ඩිවයිසස් පෙන්නනවා. අනවශ්‍ය එක උඩ ක්ලික් කලාම රිමූව් වෙනවා. ක්ලික් දෙකකින් වැඩේ ගොඩ. හැබැයි මේ xp වල defaults. 7 වල එහෙමද කියල මතක නෑ...
August 3, 2010 at 11:13 AMඑල
August 3, 2010 at 11:42 AMMyComputer වල USB එක උඩ right click කරලා eject ගත්තත් හරි....
August 3, 2010 at 11:43 AMඑල අයියේ! ඒත් පොඩි අවුල මන් ලිනක්ස්නෙ :( නැද්ද මේකටත් ඔය වගේ පොඩි පහේ ගැජට් එකක් එහෙම
August 3, 2010 at 12:02 PMthank you Hasiyo
August 3, 2010 at 12:44 PMමම නම් කෙලින්ම ගලවනවා තාම මොකුත් උනේ නම් නැ .
August 3, 2010 at 1:05 PM@h
ඒත් XP වල නමක් පෙන්වන්නේ නෑ...Drive letter එක විතරයි පෙන්වන්නේ...ඉතිං හරියටම රිමූව් කරන්න ඕනි එක එකපාරටම හොයාගන්න බෑ...හැබැයි සෙවන්වලනම් නම් පෙන්වනවා.බොහෝමත්ම ස්තූතියි..... 
තැන්කූ ප්‍රතිචාරයට. 
ස්තූතියි සහෝදරයා...
මේ වත් අක්කිද?
මොකද බ්ලොග් එක ලියන්නේ නැත්තේ.....
August 3, 2010 at 1:36 PMම්ම්ම්....ඔව් ඒක ඇත්ත...
@lankablogger.info
තැන්කූ වේවා.....
@Saman
අහ්....ඔව් ඔව්....ඒ විදිහටත් කරන්න පුළුවන්....
@Hasitha ජයසූරිය
හ්ම්...හොයල බලන්න ඕනි....ඇත්තට ලිනක්ස් වල USB Drives රිමූව් කරන්නේ නෑ නේද? මම ලිනක්ස් භාවිතා කරල තිබුණත් ඒ ගැන දන්නා ප්‍රමාණය නම් අබ ඇටයක් තරම්වත් නැතිවඇති.
@wath
ස්තූතියි ප්‍රතිචාරයට......
@බුවා
උඹ ඉතිං බුවානේ.....
තැන්කූ තැන්කූ මටත් එපාම වෙලා තිබ්බේ...
August 3, 2010 at 3:28 PMඒක එල වැඩේ. නැත්තම් ඉතින් අර පරණ සිංදුවමනේ ගහන්න වෙන්නේ.
August 3, 2010 at 8:50 PM@හසී
එහෙනම් දැන් එපා වෙන එකක් නෑනේ....ස්තුතියි සහෝදරිය..... 
August 3, 2010 at 9:24 PMඅහ් එහෙමද....
@හෙළයා
සිංදුවක් වුනත් හැමදාම ගහන්න ගියහම එපා වෙනවා නොවැ.....ස්තූතියි හෙළයෝ....
කෙලින්ම ගැලෙව්වට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒ අවස්ථාවේ data transfer එකක් වෙන්නෙ නැත්නම්.
August 4, 2010 at 3:49 PMබලන්නකො මෙන්න මෙතන.
My Computer > Right Click on the Drive > Properties > Hardware Tab > Select the Drive and click on Properties below > Policies Tab
ඔන්න ඔතන Optimize for quick removal කියන එක නම් තියෙන්නෙ සිලෙක්ට් වෙලා කිසිම අවුලක් නෑ.
@Madhawa Habarakada
August 4, 2010 at 6:31 PMආඩේ හෆ්ෆේ තැන්කූ තැන්කූ නොදැනගෙන හිටිදෙයක්නේ කියල දුන්නේ....
ප්‍රතිචාරයටත් ස්තූතියි...
මේකෙනම් ජනේල වල තරම් කට්ටක නෑ....ඩෙක්ස්ටූප් එකේම අයිකන් එක තියෙනව....රයිට් ක්ලික් කලා රිමූව් කලා ...වැඩේ ගොඩ
August 6, 2010 at 2:56 AMතෑන්ක්ස් අයියා
January 28, 2011 at 9:49 AMතැන්කු වේවා ලොකු සර්
September 10, 2011 at 7:59 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....