ළමායි අද ලියන්න බලන්න.....මම ගැන.මම ගැන කිව්වෙ තම තමන් ගැන.තමන්ගේ විස්තර.පවුලේ විස්තර.කැමති දෙවල්.අනාගතේ වෙන්න කැමති කවුද කියලා.ඔය වගේ විස්තර ලියන්න බලන්න.හොදම රචනාවට දෙනවා ලොකු තරුවක්.
අනේ මිස්ගේ තරුව....ඔන්න චොක්ලට් එකක් වත් දෙනවා කිව්වනම් ලියන්න පුළුහන්.....
ඔන්න ඉතිං කට්ටිය ලියන්න පටන් අරන් හෝගාලා.....(හැබෑට කෝමද හෝ ගාලා ලියන්නේ...?)
හෝ......ඔන්න හසියත් පටන් ගත්තා ලියන්න මයි සෙල්ෆ්.....(මෙන්න මෙහෙමයි හෝ ගාලා ලියන්නේ....)
මයි නේම් ඉස්.....අහ් වැලදුනානේ....සිංහලෙන් නේ ලියන්න කිව්වේ.....වෙලාවට පැන්සලෙන් ලියන්නේ.මකමු ඉතිං දැන්...කෝ අප්පා මේ මකනේ.මුං එක්ක මකනයක් තියාගන්නවත් බෑනේ.
ඒ මතං තුත්තිරියෝ මගේ මකනේ ගත්තද?
නෑ නෑ මම ගත්තේ නෑ බං උඹේ මකනයක්.මම ඊයේ කපුටගෙන් හොලකම් කලපු එක තාම නැතිවුනේ නෑ බං.
මොකද හසියෝ...දැන් ලියලා ඉවරද ඔය කතා කරන්නේ....? ආ....?
නෑ...නෑ මි..මිස් මේ...මේ මගේ හො..හොදම යා..යාළුවගේ ස..සම්පුර්ණ න..නම ඇහුවා.
හා හා කෑගහන්නේ කතා කරන්නේ නැතිව ඉක්මණට ලියන්න.
ඇති යාන්තම් කටට ආපු බොලුව කියලා බේලුනා.දැන් කෝ මකනයක්.මකන මොකටද මේ තියෙන්නේ එල භාණ්ඩේ.එකක් නෙවේ දහයක්ම තියේ.මොකා වුනත් මිනිස්සු මවපු එකාට හසියා වගේ අසරණ අය ගැන හිතිලා තියෙනවා.කෝ කවුරුත් බලං නෑ නේද...
ඇඟිල්ලෙන් මකමු....ෂා...මාර ගති ඒ වැඩෙත්...පොඩ්ඩක් කොලේ හම ගියාද මන්ද.කමක් නෑ...
දැන් ලියන්න පට්ටාන් ගමු.....
මගේ නම හසියා.මම ඉන්නේ හසියාගේ නවැතැනේ.මගේ වයස....හැබෑටම කීයද...එකයි දෙකයි තුනයි........අටයි නවයයි.හරි.මගේ වයස අවුරුදු නවයයි.මගේ අම්මගේ නම විපක්ෂෙ.මගේ තාත්තගේ නම ආණ්ඩුපක්ෂෙ.අපේ ගෙදර වෙන වෘත්තීය සමිති නොමැත.(තියෙන වන් ඇන්ඩ් ඔන්ලි වෘත්තීය සමිතිය නොවැ මේක ලියන්නේ....)
ළමායි....දැන් ලියලා ඉවරද?
මිසුත් මාර කතානේ කියන්නේ මම තාම පටන් ගත්තා විතරයි...
හෆ්ෆේ ඔන්න යාන්තම් ලියාගත්තා.
මේ මතං තුත්තිරියෝ උඹ කොච්චර ලිව්වද?
ම්ම්ම්ම් මම ලිව්වා පිටු තුනක් පිරෙන්න.උඹ?
ම්ම්ම්ම් මම කොල දෙක්ක ලිව්වා පිරෙන්නම.
ළමායි දැන් ලියලා ඉවරද?
ඔව්.......(ලියලා නෙවේ මලවලත් ඉවලයි.
එහෙනම් පොත් ටික එකතු කරන්න බලන්න හසියා.....
ඩෝග් ජම්ප් ටු මිල්ක් ෆාදර් කිව්වලු.....පන්ති නායකයාද මොකාද එකා වුනාට මොකෝ, මේ පොත් එකතු කරිල්ල තරම් එපා කරපු වැඩක් නෑ.
ඒ වැඩෙත් කොලා කියමුකෝ....
මිස් පොත් ටික බලනකන් පොඩි කයියක් දාන්න ඕනි.
මේ මතං බස්සෝ අද අපි ඉන්ටවල් එකේ බොම්බයි මොටයි කමු නේද....?මගේ අතේ තියෙනවා රුපියල් තුනක්.උඹ අතේ කීයක් තියේද? රුපියල් තුනක ගන්නවාට වඩා වාසියි තව රුපියල් දෙකක් හොයාගෙන රුපියල් පහකම ගන්නඑක.
ළමයි මෙන්න හොදම රචනාව.....ඔන්න අහගන්න.....
දෙවෙනි පාරටත් ඩෝග් ජම්ප් ටු මිල්ක් ෆාදර් වුනා නේද.....කොච්චර කිව්වත් ඉතිං පොඩ්ඩක් උඩින් ඉන්න ඕනි.
ඒ තුත්තිරියෝ දැක්කා නේද හසියගේ වැඩ.....
මගේ නම හසියා.මම ඉන්නේ හසියාගේ නවාතැනේ.....බ්ලා බ්ලා.....(හසියා නෙවේ කියන්නේ, අපේ මිස් කියවන්නේ පංතියටම ඇහෙන්න.විලිලැජ්ජාවේ සංතෝසේ බෑ....
(දැන් ඔන්න අන්තිම හා හොදම හරිය හසියගේ මයි සෙල්ෆ් රචනාවේ....
මගේ අනාගත බලාපොරොත්තුව රට දැය වෙනුවෙන් දිවි පිදීමයි.
ඒ බං හසියෝ මොක්කද බං ඒ කිව්වේ?
අපෝ මතං තුත්තිරියෝ උඹ ඒකවත් දන්නේ නෑද්ද? මම මේ කිව්වේ ලොකු වුනාම සොල්දාදුවෙක් වෙලා රට බේරගන්න සතුරත් එක්ක සටන් කොරලා මැරෙන්න.
එතකොට උඹ ඉක්මණට මැරෙනවද?
නෑ නෑ ඔය කිව්වට මැරෙන එකක් නෑ.....
හසියා පුතා නැගිටින්නකෝ.....
මළා නැගිටපන්කෝ දැන්....
හසියා පුතා රට දැය වෙනුවෙන් දිවි පුදපුවහම ආණ්ඩුපක්ෂෙටයි විපක්ෂෙටයි කවුද ඉන්නේ?
හැබෑම නේන්නම් මිස් කියනකම් මතක් වුනේ නෑ නේ.
ළමායි බලන්න මේ හසියාගේ රචනාව.කොච්චර හොදද.ලස්සනට පිළිවෙලට පැහැදිලිව ලියලා තියෙනවා.ඡේද කඩලා අකුරු රවුමට ලියලා තියෙනවා.හසියාගේ පොත අරන් කියවන්න හැමෝම.පුතාලා දුලා හැමෝම අන්න ඒ විදිහට ලියන්න...
අනේ මිස්ගේ චාටුව...
ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරුණා කියමුකෝ.
ආආආආආ අර ඉන්නේ මගේ සදාදරණිය විපක්ෂේ......හෆ්ෆා අන්න අපේ මිස් විපක්ෂෙ එක්ක කතා කරනවා නේද?
අහ් පුතා....එන්න එන්න.අපි මේ කතා කලේ දැන් ශිෂ්‍යත්ව විභාගය ඊළග අවුරුද්දේ නිසා හවසට පංති දාන්න.
අපි යං පුතා ගෙදර එහෙනම්.....
ඔන්න ඉතිං හසියා ගෙදර ගියා කියමුකෝ......
පුතා අද මොනාද ඉස්කෝලේ කලේ....?
මොනා කරන්නද වෙනදා කරන විකාරම තමයි.අම්මා මාව ඉස්කෝලේ යැව්වට මොකටද යවන්නේ කියලාවත් දන්නේ නෑනේ.
ඔන්න ඉතිං හසියා සෙල්ලම් කොර කොර ඉන්නවලු.....
හසියගේ අම්මා (ඔව් ඔව් ආදරණිය විපක්ෂෙ තමා) ඇවිත් හසියව බදාගෙන අඩනන්න ගත්තා එක පාරට.වෘත්තීය සමිතිය අනුදුන් කුන්දුන් නො හෙල්ලුම් පොල් මැල්ලුම් කිව්වලු.
ඇයි අම්මේ මේ....?
පුතා රට දැය වෙනුවෙන් දිවි පුදපු වහම අපිට කවුද ඉන්නෙ ජෙම් කැටේ.....(නෑ නෑ මැණිකේ කියලා කිව්වේ
හෆ්ෆේ විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.මොනා වුනත් හසියටත් ඔන්න දැන් ඇඩෙන්නම එනවලු....
නෑ නෑ මගේ රත්තරන් අම්මේ මම අම්මවයි තාත්තවයි දාලා කොහේවත් යන්නේ නෑ නෑ නෑ නෑමයි. අනේ දැන් හිනාවෙන්නකෝ රත්තරන් අම්මේ.......
හසියා පට්ට අමාරුවෙන් ඔය වචන ටික ගැට ගහලා කියලා දුවලා ගිහින් පොතේ ලියලා තිබුණ "රට දැය වෙනුවෙන් දිවි පිදීමයි" කියන එක මකලා ලිව්වා (නෑ නෑ මැකුවේ ඇගිල්ලෙන් නෙවේ මකනෙන්.....
වෙලාවට රචනාව ලිව්වේ පැන්සලෙන්....පෑනෙන් ලිව්වනම් එහෙම සොරි.කොම්.
ප.ලි. : (පලි නොගනිමි කිසිදා.....
අදත් හසියගේ පම්පෝරියට වඩා ප.ලි. කොටස දික් වෙයිද මන්දා......
අද මේ අනාගත බලාපොරෙත්තු පම්පෝරිය ලියන්න හිතුවේ බුද්ධි අයියා.., ඔව් ඔව් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගැන තමයි,
පම්පෝරිය අහන් හිටපු අයට මේකත් අහන් ඉන්න අමාරුවක් නැතිව ඇති නේද?
හෆ්ෆේ හසියට එපාම කොරපු එක නෙවැ ඔය රචනා ලියන එක.ඒකාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.
මේ මයි සෙල්ෆ් එක ලිව්වේ හසියා හතර වසරේ මුල් කාලේ.
හසියාගේ සදාආදරණීය අම්මට බනින්න එපා ඔන්න කට්ටිය......
එදා මිස් හසියගේ අම්මට කියලා තියෙන්නේ "ගෙදර ගිහින් පුතාගේ පොත බලන්න",
ඕවා දැනගත්තේ පස්සේ කාලෙක....ඔන්න හසියාගේ ආදරණීය අම්මා, හසියාට බැන්න වෙලාවට එහෙම හසියා අම්මාව පොඩ්ඩක් අවුස්සන්න "මම එහෙනම් හමුදාවට යනවා" කියලා කියනවා.ඒ හොදටම ඇති ඉතිරි ටික කන පිරෙන්න අහගන්න....
එහෙනම් ඔන්න හසියා අදත් වාෂ්ප වුණා.....
ඒස්වඃ පුඃ
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |