කොහොමද කෂ්ටිය ඉතිං...ඔන්න අදත් හසියා හසියාගේ නවාතැනට ගොඩවෙන අයට තවත් අළුත් දෙයක් අරන් ආවා...ඒ පාර මොකක්ද දන්නෑ හසියා දෙන්න යන්නේ නේද?ම්ම්ම්ම්ම් ගියපාර දුන්න තෑග්ගට හොද ප්‍රතිචාර තියෙනවා....අහ් තාම දැක්කේ නැත්නම් ගිහින් දැන්ම නොමිලේ ගෙදරටම ගෙන්න ගන්නකෝ...
අද හසියා කෂ්ටියට කියල දෙන්න යන්නේ විනාඩියක් යන්නත් කලින් සීඩී හරි ඩීවීඩී හරි දාන්න කවරයක් හදාගන්නේ කොමද කියලා. හොදයි නේද? හදන්නත් හරිම ලේසියි.අපේ සීඩී එකත් ආරක්ෂාවෙනවා.කාට හරි දෙනකොට උනත් අමුතුම ගතියක් තියෙනවනේ.හිත ගිය කෙල්ලෙක්ට සීඩී එකක් එහෙම දෙන වෙලාවක මේ විදිහට හදලා දීලා බලන්නකෝ.
(දැන් කෂ්ටිය අහන්න එපා හිත නොගිය කෙල්ලෙක්ට දුන්නොත් මොනාවෙයිද කියලා ඕන්.....) කනේ පාර කෙසේ වෙතත් උම්බෑ පාරක්
නම් දෙයි. ඒකත් නරකම නෑ නේද......
හා හා හැමදාම වගේ ට්රැක් එක පනින එක තමයි හසියාගේ එකම අවුල නේද....හ්ම්ම්ම්ම්ම්ම්...හරි එහෙනම් වැඩේට බහිමුකෝ...කෝ උදැල්ලක් වලක් හාරන්න?
ම්ම්ම්ම්ම්ම්.......මේකට ඕනී මෙච්චරයි...
සීඩී එක් හෝ ඩීවීඩී එකක්.....(ඒක නැතිව කොහොමද නේද...)
A4 සයිස් එකේ කඩදාසි කොලයක්.ටිකක් ගණකම එකක් නම් ඉතිං සීඩී එකේ ආරක්ෂාවට හොදයි.
ඔය දේවල් ටික හොයාගෙන මේ තියෙන විඩියෝ එක බලන්නකෝ..........
(ක්‍රියේටඩ් ඇන්ඩ් එඩිටඩ් වෙන කවුද ඉතිං හසියා මිසක්)
කොහොමද වැඩේ.....? හරිම ලේසිය නේද? තව ඉතිං ඕනිනම් ඔය කවරයට පොඩි වැඩ කෑලි ටිකක් දාලා ලස්සන කරගන්නත් පුළුහන්.ආයේ කාට හරි සීඩී එකක් හරි ඩීවීඩී එකක් හරි දෙනවනම් මේ විදිහට දෙන්න මතක ඇතිව.සීඩී එකේ අරක්ෂාවටත් හොදයි.කරලා බලන්න....කොමෙන්ටුවක් දාන්න අමතක කොරන්න එපා ඕන්.වැඩේ කෝමද කියලා පොඩි ෆීඩ් බැක් එකක් දුන්නනම් නියමායිනේ.....
ම්ම්ම්ම්ම්ම් එහෙනම් ඉතිං හසියා යන්නෙයි කියලා....අහ් වැරදුනා වාෂ්ප වෙන්න කියලා...අපේපොඩ්ඩා සහ හසී නගා හසියට චොදනා කරලා තිබ්බා වාෂ්ප වෙනකොට දුම් දාලා පරිසරය දුෂණය කරනවා කියලා.
එහෙනම් හසියා වාෂ්ප වුණා.....කෝ ඔය ලයිට් ඔක්කොම නිවන්න......
ඒස්වඃ පුඃ
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
14 comments:
ඉස්සර මාත් ඔහොම A4 වලිං කවර හැදුවා. විසේසෙං කෙල්ලොන්ට දෙන්න තමා
October 24, 2010 at 9:08 AM@හසියා අයියා..මේ වැඩෙත් එළම තමා ඉතිං (අපෙ හසි අයියා කලොත් ඉතිං වැඩක්...ආයෙ කතා 2ක් නෑනෙ..) අනේ අයියේ ඔය cover එකක් හිත නොගිය කෙල්ලෙක්ට දුන්නා කියලා මුකුත් වෙන එකක් නම් නෑ අයියේ


October 24, 2010 at 9:13 AMමමත් හදලා බලන්නම්කෝ..(අපි නම් ඔය හිතගිය කොල්ලට විතරක් දෙන්නෑ හොඳේ..)
කොහොම උනත් ඔයා ලියන විදිහ නම් හරිම ලස්සනයි..
අද වාෂ්ප වුන විදිහ නම් එළ..කොහොම ඕවා හිතෙනවද මංදා..
@Kanishka | කණියා
October 24, 2010 at 9:33 AMඑල එල නියමයි.....
ඔහොම තමයි ඉතිං ලැජ්ජාවට කියන්නේ...අපිනේ දන‍්නේ දුන්නේ කාටද කියලා...හරි හරි අපි කාටවත් කියන්නේ නැ..
චී චී චී.... ඒ ගමන මේක ලයිට් නිවනව..

.. මෙහ් මන් කෝකටත් සිත නොගිය කෙල්ලෙක්ට දීල බලන්නම් මොකෝ වෙන්නෙ කියල
October 24, 2010 at 9:36 AMඅහ් හා... අමුනල කරල මේකත් නියමම වැඩේනෙ
@ප්‍රාර්ථනා
October 24, 2010 at 9:41 AMඅත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් කිව්වලු....
එහෙනම් එකක් හදලා දීලම බලන්න ඕනි...නැද්ද ඔයාගේ යාළුවෙක්...?
එල එල හදලා බලන්නකෝ.....
අන්න දැක්කනේ බොලු කීනකොට නායත් දික්වෙනවා...
ම්ම්ම්ම් ඔයාටම හින්දා කියන්නේ....කාටවත් කියන්න එපා ඔන්න....
ඇත්තටම කියනවනම් මම මේවා හොයාගන්නේ පරණ පුස්කොල පොත්වලින්...
(අයියෝ මගේ නහය..........)
අපි ඉතිං කියවන්නේ ඔයාලගේ ලිපිනේ නංගියෝ....
@Hasitha ජයසූරිය

උඹටනම් මොන කෙල්ලට දුන්නත් එයා උඹේ කන ආදරේන අතගායි.
ටික වෙලාවකින් උඹට දැනෙයි කන රත්වෙලා වගේ...
හිකස්
October 24, 2010 at 9:45 AMහේ හේ හේ උඹත් එක්ක බෑ....
හසියාගේ වැඩනේ...
අප්පට සිරි..එල එල.....................
October 24, 2010 at 11:01 AMහා හා බලහන්කො අපේ වැඩ කොහොමද කියල
October 24, 2010 at 11:11 AMහසිත මලයෝ, මමත් මේ පටන්ගන්න හොඳ සයිඩ් බිස්නස් එකක් හොය හොයා හිටියේ. උඹ හිංඳා ඕං මටත් ගොඩ ආතැහැකි . . . !
October 24, 2010 at 3:29 PMමාර ගති එල අයිඩියාව ආයෙ කවර කතාද ? ....
October 24, 2010 at 9:19 PMමචෝ කොල ටිකක් ගෙනත් පටන්ගන්න ඕන. කොහෙද අපේ ගෙවල් දිහා පත්තර වගේ කොල නෑනේ , තියෙන්නෙම 1000 කොල 2000 කොල , ඒවයෙන් හදනවා මොනා උනත් කොලනේ නේද බං. හි හි
ජයවේවා හසී !!
අනේ අයියෙ මේ කොල වැස්සට දියවෙයි වගේ, වතුර අල්ලන්නේ නැති ජාතියක් ගැන කියපංකෝ බං පොඩ්ඩක්....
October 26, 2010 at 1:41 PMකොහොම වුනත් සිරා වැඩේ. එල බං...
@දුමී

October 27, 2010 at 5:14 PMආහා.....එල එල දුමී අයියේ...
අපි දාමු "දුමී කවර" කියලා නම.
මට කොකිස් ඕනි හොදේ...නෑ නෑ කොමිස් එකක්...
@හිස් අහස
ම්ම්ම්ම් අවුලක් නෑ...ඒ කොල හයියයි නේ.වැඩි ගානකට දෙන්නත් පුළුහන්..
කොලේ වටිනාකමත් අල්ලන්න එපායෑ නේද...
October 27, 2010 at 5:18 PMතැන්කූ තැන්කූ.....
හැබෑට....
ඔබටත් ජය වේවා සහෝ...!!!
@prasanna86k


October 27, 2010 at 5:21 PMහැබෑට ගොල්ඩ් ෆිෂ්ලා ඉන්නේ වතුරෙනේ...අමතකම වුනා නොවැ...
හදමු ඉටිකොල වලින්....
ස්තූතියි සහෝ
හසියාගේ නවාතැනට මාළු පැටියෙකුත් ආවා එහෙනම්....හොදා හොදා....
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....