මම නුඹට කතා කරන්නේ.....
සුදු පැටියා...චූටි පැටියා
සුදු මැණිකේ...චුටි මැණිකේ
මගේ වස්තුව...මගේ පණ
චූටි හාමිනේ...සුදු හාමිනේ
හෙලේනා....මගේ දෙයියා
මගේ රත්තරන්
කියලා.....
ඒත් නුඹ මට කතා කරන්නේ.....
මගේ නම කියලා....
සුදු පැටියා...චූටි පැටියා
සුදු මැණිකේ...චුටි මැණිකේ
මගේ වස්තුව...මගේ පණ
චූටි හාමිනේ...සුදු හාමිනේ
හෙලේනා....මගේ දෙයියා
මගේ රත්තරන්
කියලා.....
ඒත් නුඹ මට කතා කරන්නේ.....
මගේ නම කියලා....
ප.ලි. :
ආමන්ත්‍රණය කරන අයුරෙන් කිසිදිනෙක ආදරය මැනිය නොහැකි බවත්, හදවතට දැනෙන ආදරයේ වැඩිකමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ආමන්ත්‍රණය කරන අයුරු වෙනස් විය හැකි බවත් සිහියේ තබාගන්න.......
(මේ ලෝකේ හැමෝම එකවගේ නෑනේ....)
හසියට මේක ලියන්න පොට පෑදුනේ බස් එකේ ගිය පෙම් යුවලකගේ දෙබසක් ඇහිලා ඕන්...(චී චී හසියා අනුන්ගේ කතාවලටත් ඇන්ටනාව දාගෙනද ඉන්නේ....)
ම්ම්ම්ම්ම් පොඩි උදව්වක් ඕනි කෂ්ටියගෙන් හසියට...හසියගේ බ්ලොග් එක ටිකක් ලොඩ් වෙන්න පරක්කුයි.(කෂ්ටිය බ්ලොග් එක ලෝඩ් වෙන්න දාලා ප්ලේන්ටී එහෙම ගහලා එනවලු.)වටේ තියෙන පිංතූර අරව මේවා ඔක්කොම ලෝඩ් වෙනවා.(පිංතූර වල බර ගොඩක් අඩු කරලාත් තියෙන්නේ)ඒත් පෝස්ට් ටික ලොඩ් වෙන්න තමා ගෙඩක් වෙලාවක් යන්නේ...ඒකට හේතුවක් තියෙනම් කියන්නකෝ දන්න කෙනෙක්....මේ තීම් එක හසියට වෙනස් කරන්න නිකන් දුකයි දුකයි වගේ.....පුළුහන්නම් කියලා යන්නකෝ වෙන විකල්පයක්.....
අහ්...තව දෙයක්....සමාවෙන්න ඕනි හසියගේ අතින් ඊයේ දාපු "෴ කාන්තාවන්ට විශේෂයි..!!! ඇයි පිරිමින්ට...??? ෴" පෝස්ට් එක ආයෙත් පබ්ලිෂ් වුණා.සමාවෙන්න ඕනි හිතලා කරපු දෙයක් නෙවේ ඕන්.....අද පබ්ලිෂ් වුන එක ඩිලීට් කරන්න වුනා ඉතිං... (හසියට දැන්නම් පිස්සුද කොහෙද...)
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
17 comments:
මටත් ඇහිලා තියනවා සමහර අය අයියා, නංගී කියලත් කතාකරනවා
ඒ වුනාට විශේෂ නමකින් කතාකළාම ඒක ඇඟට දැනෙනවා වැඩී
November 14, 2010 at 10:28 AMමෙන්න වැඩක් අදයි හසිය දන්නේ හසියට පිස්සු කියල ....
November 14, 2010 at 11:11 AMහසි පැටියෝ....
මාත් විරුද්ධයි "අයිය" "නංගි" කියල කතා කරනවය නම්...
නම හොදයි ගොඩක්ම.. ඒක වෙන කවුරුවත් කියන්නෙ නැති එයා විතරක් තමන්ට කියන නමක් නම් තවත් අගෙයි නේද?
ගොඩක් අය කතා කරන්නෙ අයිය කියල තමයි.
November 14, 2010 at 11:13 AMවත් අක්කා කීවා වගේ විශේෂ නමකින් කතා කරනවානම් ගොඩාක් හිතට දැනෙනවා... ඒකනේ සමනලීගේ අයිතිකාරයා ඈත්ත නම වෙනුවට මගේ සමනලී කියන්නේ......
November 14, 2010 at 12:31 PMඅයියා කියල කතා කරල තිනව නොවැ පිස්සටත්. අනේ ඔව් ඒක මහ චාටර්... ඈ බන්.. උබ ඔය ඇන්ටෙනාව දාන් ඉන්න ටිකට ඒ කොල්ල ඔය ඔක්කොම නම් ටික කියල කතා කරාද ???
November 14, 2010 at 3:35 PMඅර යට තියෙන බාර් එක අයින් කරලා දාන්න..ඒකෙන් තමා ලෝඩ් වෙන්න ප්‍රමාද වෙන්නෙ...
November 14, 2010 at 4:44 PM@පූසා
November 14, 2010 at 7:41 PMඒක හැබෑව...අයියා නංගි කියනකොට නමින් කතාකරනකොට කිසි කික් එකක් නෑ....
@wath
මං දැනන් හිටියා...කට්ටිය දැනගනියි කියලා තමයි නොකියා හිටියේ...වැරදිලා පෝස්ට් එකේ දැම්මේ...


November 14, 2010 at 7:45 PMනෑ නෑ කාටවත් කියන්න එපා..
ඇයි අක්කි පැටියෝ...
අනිවා...මාත් අකමැති...මහ චාටර් වැඩක්නේ...
බෑ බෑ මම නම් කැමති නෑ නමෙන් කතා කරනවට..හැමෝම නමින් කතා කරනකොට තමන් ආදරේ කරන කෙනා වෙනස්ම විදිහකට කතා කරන්නම ඕනි...මොකද අල්ලපු ගෙදර ගෑණූ කෙනාට කියලා සුදු මහත්තයෝ කියලා කියාගන්නද... බෑනේ....
@Praසන්ன
November 14, 2010 at 7:46 PMඅත්දැකීමෙන් වගේ කියන්නේ...
@punchisamanalee
එතකොට තමයි නිකන් ආදරේට කික් එකක් එන්නේ නේද....
November 14, 2010 at 7:49 PMඒකනේ නේද සමනලී අක්කියෝ....
වැඩිය එහෙ මෙහෙ පියාඹන්න ගිහින් අත්තටුවල අමාරුව වැඩි කරගන්නවා එහෙම නෙවේ ඕන්....
@පිස්සා පලාමල්ල

ම්ම්ම් නෑ නෑ එකයි භාගයයි වගේ...
භාගේ තමයි ක්‍රෂ් එක....
)
November 14, 2010 at 7:52 PMහේ හේ චාටර් ගේ මල්ලි පීටර් කිව්වලු....
නෑ නෑ බං අයියේ මං ඒ කාලේ කිව්ව වචන සැට් එක තමා ඔය කියෙන්නේ...
(ඔක්කොම නෙවේ...අහ් නෑ නෑ ගොඩකට කිව්වේ නෑ..එකම එක්කෙනාටයි...
@Bunny !
මම කරලා බලන්නම්කෝ....බොහොම්ත්ම ස්තූතියි හොදේ....
November 14, 2010 at 7:53 PMඅහ් තැන්කූ බනියෝ....
අවුලක් නෑ මචං මේ බුසු බුසු ගාල පේජ් එක ලෝඩ් වෙන්නේ !
November 14, 2010 at 8:37 PMආමන්ත්‍රණයෙන් ආදරේ මනින්න නම් බෑ.. එයත් මට කතා කලේ පැටියා කියලා..
November 14, 2010 at 11:24 PMහසියෝ ලෝඩ් වෙන්න පරක්කු සීන් 1ක් නැහැනේ. එලටම වැඩ මචෝ. ආයෙ මේකේ කිසි අවුලක් නෑ. office එකෙන් බැළුවත් ගෙදරින් බැළුවත් කිසි අවුලක් නෑ.
November 15, 2010 at 7:52 AMවිශේෂ නමකින් කථා කරන එක හොඳයි තමා..
November 16, 2010 at 2:50 PMහොද blog එකක්නේ. පැන්ඩ තමයි පාර කිවුවෙ.
November 16, 2010 at 3:42 PMටිකක් slow වගේ තමයි. පහල තියන බාර් එකද දන්නෙත් නෑ හේතුව. script එකක් තියනවද වෙන site වලින් resources බාන. ඒවටත් slow වෙනව.මට ක්‍රමයක් හම්බ වුනොත් කියන්නම්.
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....