ඔන්න ඉතිං හසියටත් මතක් වුනා හසියගේ පංතියේ කොල්ලෙක්ගේ ගන වැඩක් අපේ මේ පිස්සා අයියා දාපු "බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ" කියන පිස්සු පොස්ට් එකේ තිබ්බ ගන පත්තර කතාව දැකලා....
ඔන්න ඉතිං අද අපේ කතා නායකයා නොහොත් ගන නායකයා...කෙලින්ම නමෙන් කිව්වොත් "ඇම්බැට්ටයා".මේකට ඇම්බැට්ටයා කියන්නේ ඉස්සර 6 7 8 පංතිවල සිංහල සාහිත්‍ය සමිතියේදී ඕකා කියන්නෙම ඇම්බැට්ටයගේ කතාවක්මයි..."ඔන්න එකෝමත් එක කාලෙක ඇම්බැට්ටයා කියලා ළමයෙක් හිටියා...බ්ලා...බ්ලා....." කියලා පටන් ගත්තාම අමු කෙප්ප ටිකක් ඇද බාල තමා නතර කතාව කරන්නේ...
ඉතිං දැන් හසියා එහෙම 10 වසරේ ඉන්නැද්දි...හසියා නෙවැ පංති නායක නොහොත් ක්ලාස් මොනිටර්.
ඉතිං ඔය ඇම්බැට්ටයා තමා ක්ලාස් එකට ගන ස්ටෆ්ස් සප්ලයි කලේ.හැමදාම කෙහෙන් හරි ගන පත්තර...ඩේක් පීස් බ්ලා බ්ලා...උස්සන් එනවා.
ඉතිං ඔන්න මේ ඇම්බැට්ටයා පංතියේ එවුන්ව ගෙදර එක්කන් ගිහින් එහෙමත් ගන බැලුවා.ඒ තරම්ම මිනිහා බැහැල වැඩ කලා ගන ප්‍රොමෝට් කරන්න.....
ඔන්න ඉතිං දවසක් මේ ඇම්බැට්ටයා පංතියේ යාළුවෝ කීපදෙනෙක් එක්ක කලින් ඉස්කෝලෙන් පැනලා ගෙදර ගියා.කන්න බොන්න නෙමේ අනේ ගනයක් බලන්න...
ඉතිං ඇම්බැට්ටයගේ අම්මා ඇවිත්...
"පුතා මේ මොනවද බලන්නේ ආ...අද මොකද ඉස්කෝලෙන් කලින් ආවේ..?" කියලා...
දැන් එකෙක්වත් මීක් නැතිලු...නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.ඇම්බැට්ටයා ටීවී එක ඕෆ් කරගත්තලු ෆුල් ට්‍රයි එකක් දීලා...
දැන් ඇම්බැට්ටයගේ අම්මගේ කටේ සැර වැඩි වෙන්න ගත්තලු...
ඔන්න ඉතිං ඔය ගැන්ග් එකේ හිටපු එකෙක් ගොත ගහ ගහා කිව්වලු "ඇ...ඇන්ටි. අ..අපිට මෙ..මෙයා ත..තම..මයි ෆි..ල්ම් එක..ක් බ..බලන්න එ..එන්න කිව්වේ..." කියලා.
කෙලපන්කෝ හැලප අමුවෙන්....ඇම්බැට්ටයට ෆුල් මලලු දැන්....කොරගන්න දෙයක් නැතිලු.....
ඇම්බැට්ටයගේ අම්මට අසුහාරදාහට පොඩ්ඩක් එහාට තදවෙලාලු....ඇම්බැට්ටයා ළගට ඇවිත් ඇම්බැට්ටයගේ කනෙන් අල්ලලා ඇහුවලු....
"ඇත්තද මේ කියන්නේ...?" කියලා....
එතකොටම ඇම්බැට්ටයා ගත් කටටම කිව්වලු "නෑ නෑ අම්මේ අපි ඇර ඇර බැලුවේ" කියලා....
පංතියේ එවුන්ට ඉන්නේ කොහෙද නැතිව හිනාලු....ඇම්බැට්ටයගේ අම්මත් හිනාව අමාරුවෙන්ලු තදකරගත්තලු.....
කොහොමහරි එදා සෙට් එකට ඇම්බැට්ටයගේ අම්මා හොද දේශනාවක් දුන්නලු.ඇම්බැට්ටයගේ අම්මට වැදලත් සමාවගත්තලු කෂ්ටියම.හැබැයි ඇම්බැට්ටයට යාළුවෝ ගෙදර එක්කන් ඒම සම්පුර්ණයෙන්ම තහනම් කලාලු ගොඩ දවසක් යනකන්......
පහුවෙනිදා ඉදං තමයි හොදම සීන් කෝන් එක...ඇම්බැට්ටයා තමා හොදම බයිට් එක හැමෝගෙම.....ඔය කේස් එක මුළු ඉස්කෝලෙම පැතිරෙන්න වැඩි වෙලාවක් යන්න ඕනි නෑ කියලා ඉස්කෝලේ ගිය ඈයෝ දන්නවා ඇතිනේ ඉතිං....
"ඒ ඇම්බැට්ටයෝ....ඇර ඇරද බං බැලුවේ...?" කියලා අහපුවහම හොදටම ඇති ඇම්බැට්ටයා ඉන්න අවට වාතලය දුෂණය වෙන්න....
මොනාවුනත් ඇම්බැට්ටයා තමන් කොරන්ගිය ගන සප්ලයි එකනම් නැවැත්තුවේම නෑ.....අදටත් ඌ ළග හොද ගන කොලෙක්ෂන් එකක් තියෙනවුලු.....
ඔන්න ඔහොමයි ඇම්බැට්ටයා ඇර ඇර ගන බැලුවේ...
කෝකටත් හසියට දවස් දෙක තුනක් යනකන් අන්නෝන් නම්බර්ස් වලට ආන්සර් නොකර ඉන්න එක හොදයි වගේ....
එහෙනම් ඔන්න අදත් හසියා වාෂ්ප වෙන්නයි යන්නේ....කට්ටිය වැඳගත්තනම්....
ඕන් රුහුණු කැම්පස් එම්.ඒස්.සී. වීක්එන්ඩ් එක්සෑම්ස් දෙසැ.19න් තුෂ්ණින් භුත්....
(ඔහොම කිව්වේ ලොකු හේතුවක් ඇතිව....පස්සේ කියන්නම්කෝ....)
ඒස්වඃ පුඃ
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |