ළමායි අද ලියන්න බලන්න.....මම ගැන.මම ගැන කිව්වෙ තම තමන් ගැන.තමන්ගේ විස්තර.පවුලේ විස්තර.කැමති දෙවල්.අනාගතේ වෙන්න කැමති කවුද කියලා.ඔය වගේ විස්තර ලියන්න බලන්න.හොදම රචනාවට දෙනවා ලොකු තරුවක්.
අනේ මිස්ගේ තරුව....ඔන්න චොක්ලට් එකක් වත් දෙනවා කිව්වනම් ලියන්න පුළුහන්.....
ඔන්න ඉතිං කට්ටිය ලියන්න පටන් අරන් හෝගාලා.....(හැබෑට කෝමද හෝ ගාලා ලියන්නේ...?)
හෝ......ඔන්න හසියත් පටන් ගත්තා ලියන්න මයි සෙල්ෆ්.....(මෙන්න මෙහෙමයි හෝ ගාලා ලියන්නේ....)
මයි නේම් ඉස්.....අහ් වැලදුනානේ....සිංහලෙන් නේ ලියන්න කිව්වේ.....වෙලාවට පැන්සලෙන් ලියන්නේ.මකමු ඉතිං දැන්...කෝ අප්පා මේ මකනේ.මුං එක්ක මකනයක් තියාගන්නවත් බෑනේ.
ඒ මතං තුත්තිරියෝ මගේ මකනේ ගත්තද?
නෑ නෑ මම ගත්තේ නෑ බං උඹේ මකනයක්.මම ඊයේ කපුටගෙන් හොලකම් කලපු එක තාම නැතිවුනේ නෑ බං.
මොකද හසියෝ...දැන් ලියලා ඉවරද ඔය කතා කරන්නේ....? ආ....?
නෑ...නෑ මි..මිස් මේ...මේ මගේ හො..හොදම යා..යාළුවගේ ස..සම්පුර්ණ න..නම ඇහුවා.
හා හා කෑගහන්නේ කතා කරන්නේ නැතිව ඉක්මණට ලියන්න.
ඇති යාන්තම් කටට ආපු බොලුව කියලා බේලුනා.දැන් කෝ මකනයක්.මකන මොකටද මේ තියෙන්නේ එල භාණ්ඩේ.එකක් නෙවේ දහයක්ම තියේ.මොකා වුනත් මිනිස්සු මවපු එකාට හසියා වගේ අසරණ අය ගැන හිතිලා තියෙනවා.කෝ කවුරුත් බලං නෑ නේද...ඇඟිල්ලෙන් මකමු....ෂා...මාර ගති ඒ වැඩෙත්...පොඩ්ඩක් කොලේ හම ගියාද මන්ද.කමක් නෑ...
දැන් ලියන්න පට්ටාන් ගමු.....
මගේ නම හසියා.මම ඉන්නේ හසියාගේ නවැතැනේ.මගේ වයස....හැබෑටම කීයද...එකයි දෙකයි තුනයි........අටයි නවයයි.හරි.මගේ වයස අවුරුදු නවයයි.මගේ අම්මගේ නම විපක්ෂෙ.මගේ තාත්තගේ නම ආණ්ඩුපක්ෂෙ.අපේ ගෙදර වෙන වෘත්තීය සමිති නොමැත.(තියෙන වන් ඇන්ඩ් ඔන්ලි වෘත්තීය සමිතිය නොවැ මේක ලියන්නේ....)
ළමායි....දැන් ලියලා ඉවරද?
මිසුත් මාර කතානේ කියන්නේ මම තාම පටන් ගත්තා විතරයි...
හෆ්ෆේ ඔන්න යාන්තම් ලියාගත්තා.
මේ මතං තුත්තිරියෝ උඹ කොච්චර ලිව්වද?
ම්ම්ම්ම් මම ලිව්වා පිටු තුනක් පිරෙන්න.උඹ?
ම්ම්ම්ම් මම කොල දෙක්ක ලිව්වා පිරෙන්නම.
ළමායි දැන් ලියලා ඉවරද?
ඔව්.......(ලියලා නෙවේ මලවලත් ඉවලයි.)
එහෙනම් පොත් ටික එකතු කරන්න බලන්න හසියා.....
ඩෝග් ජම්ප් ටු මිල්ක් ෆාදර් කිව්වලු.....පන්ති නායකයාද මොකාද එකා වුනාට මොකෝ, මේ පොත් එකතු කරිල්ල තරම් එපා කරපු වැඩක් නෑ.හැමදාම පොත් ටික වට්ටනවනේ.අනිත් එක හසියගේ මොළේ වෙහෙසලා වෙහෙසලා ලියලා ඉවරවෙලා පොඩි රෙස්ට් එකක් දාන්න හැදුවා විතරයි.අතත් රිදෙනවා.
ඒ වැඩෙත් කොලා කියමුකෝ....
මිස් පොත් ටික බලනකන් පොඩි කයියක් දාන්න ඕනි.
මේ මතං බස්සෝ අද අපි ඉන්ටවල් එකේ බොම්බයි මොටයි කමු නේද....?මගේ අතේ තියෙනවා රුපියල් තුනක්.උඹ අතේ කීයක් තියේද? රුපියල් තුනක ගන්නවාට වඩා වාසියි තව රුපියල් දෙකක් හොයාගෙන රුපියල් පහකම ගන්නඑක.(අපේ කාලේ බොම්බයි මොටයි ඔය ගණන් තමයි.කැමතිනම් රුපියලටත් ගන්න පුළුහන්.රුපියල් පහක ගත්තාම දෙන්නෙක්ට විතර ඇති.වැඩිය කන නරක ළමයි හෙම නොවේ අපි නේ....)
ළමයි මෙන්න හොදම රචනාව.....ඔන්න අහගන්න..... අහ් මේක ලියලා තියෙන්නේ හසියා.
දෙවෙනි පාරටත් ඩෝග් ජම්ප් ටු මිල්ක් ෆාදර් වුනා නේද.....කොච්චර කිව්වත් ඉතිං පොඩ්ඩක් උඩින් ඉන්න ඕනි.
ඒ තුත්තිරියෝ දැක්කා නේද හසියගේ වැඩ.....
මගේ නම හසියා.මම ඉන්නේ හසියාගේ නවාතැනේ.....බ්ලා බ්ලා.....(හසියා නෙවේ කියන්නේ, අපේ මිස් කියවන්නේ පංතියටම ඇහෙන්න.විලිලැජ්ජාවේ සංතෝසේ බෑ....)
(දැන් ඔන්න අන්තිම හා හොදම හරිය හසියගේ මයි සෙල්ෆ් රචනාවේ....)
මගේ අනාගත බලාපොරොත්තුව රට දැය වෙනුවෙන් දිවි පිදීමයි.
ඒ බං හසියෝ මොක්කද බං ඒ කිව්වේ?
අපෝ මතං තුත්තිරියෝ උඹ ඒකවත් දන්නේ නෑද්ද? මම මේ කිව්වේ ලොකු වුනාම සොල්දාදුවෙක් වෙලා රට බේරගන්න සතුරත් එක්ක සටන් කොරලා මැරෙන්න.
එතකොට උඹ ඉක්මණට මැරෙනවද?
නෑ නෑ ඔය කිව්වට මැරෙන එකක් නෑ.....මාත් ඔය කිව්වට මැරෙන්න බයයි බං.ඔක්කොටම වඩා බය මැරුණට පස්සේ පුච්චන එක.රිදෙනවා ඇති හොදටම.මම නම් මැරුණම පුච්චන්න නෙවේ වල දාන්න කියන්නේ.පස් වලට යටවුනාට කමක් නෑ පෙට්ටිය ඇතුලෙනේ බං.ඒත් පුච්චනකොට ඔක්කොම පිච්චිලා යනවනේ ඔක්කොම.
හසියා පුතා නැගිටින්නකෝ.....
මළා නැගිටපන්කෝ දැන්....
හසියා පුතා රට දැය වෙනුවෙන් දිවි පුදපුවහම ආණ්ඩුපක්ෂෙටයි විපක්ෂෙටයි කවුද ඉන්නේ?
හැබෑම නේන්නම් මිස් කියනකම් මතක් වුනේ නෑ නේ.
ළමායි බලන්න මේ හසියාගේ රචනාව.කොච්චර හොදද.ලස්සනට පිළිවෙලට පැහැදිලිව ලියලා තියෙනවා.ඡේද කඩලා අකුරු රවුමට ලියලා තියෙනවා.හසියාගේ පොත අරන් කියවන්න හැමෝම.පුතාලා දුලා හැමෝම අන්න ඒ විදිහට ලියන්න...(වෙන නැත්නම් හොදයි....)
අනේ මිස්ගේ චාටුව...අපිනේ දන්නේ....මිස් දන්නවනම් මකනේ වෙනුවට ඇගිල්ලෙන් මැකුවේ කියල වර්ණනා කරන්න තියා පොත බලන්න අතටවත් ගන්නේ නෑ.
ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරුණා කියමුකෝ.
ආආආආආ අර ඉන්නේ මගේ සදාදරණිය විපක්ෂේ......හෆ්‍ෆා අන්න අපේ මිස් විපක්ෂෙ එක්ක කතා කරනවා නේද? තුන්වෙනි පාරටත් ඩෝග් ජම්ප් ටු මිල්ක් ෆාදර් කිව්වලු.
අහ් පුතා....එන්න එන්න.අපි මේ කතා කලේ දැන් ශිෂ්‍යත්ව විභාගය ඊළග අවුරුද්දේ නිසා හවසට පංති දාන්න.(මොකක් මේ කට්ට කාලා කාලා තවත් හවස ඉන්න.ම්ම්මම්ම් හැබැයි මිස් අම්මට මුකුත් කියලා නෑ වගේ....ඒකත් හොදයි.එහෙනම් බයවෙන්න දෙයක් නෑ.)
අපි යං පුතා ගෙදර එහෙනම්.....
ඔන්න ඉතිං හසියා ගෙදර ගියා කියමුකෝ......
පුතා අද මොනාද ඉස්කෝලේ කලේ....?
මොනා කරන්නද වෙනදා කරන විකාරම තමයි.අම්මා මාව ඉස්කෝලේ යැව්වට මොකටද යවන්නේ කියලාවත් දන්නේ නෑනේ.
ඔන්න ඉතිං හසියා සෙල්ලම් කොර කොර ඉන්නවලු.....
හසියගේ අම්මා (ඔව් ඔව් ආදරණිය විපක්ෂෙ තමා) ඇවිත් හසියව බදාගෙන අඩනන්න ගත්තා එක පාරට.වෘත්තීය සමිතිය අනුදුන් කුන්දුන් නො හෙල්ලුම් පොල් මැල්ලුම් කිව්වලු.මේ මෙකද මේ.
ඇයි අම්මේ මේ....?
පුතා රට දැය වෙනුවෙන් දිවි පුදපු වහම අපිට කවුද ඉන්නෙ ජෙම් කැටේ.....(නෑ නෑ මැණිකේ කියලා කිව්වේ)
හෆ්ෆේ විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.මොනා වුනත් හසියටත් ඔන්න දැන් ඇඩෙන්නම එනවලු....එනවා නෙවේ අනේ ඇඩුවා තමා....ආදරණීය විපක්ෂේ දුක්වෙනකොට කොමද වෘත්තීය සමිති බලං ඉන්නේ..... හා කොහොමද?
නෑ නෑ මගේ රත්තරන් අම්මේ මම අම්මවයි තාත්තවයි දාලා කොහේවත් යන්නේ නෑ නෑ නෑ නෑමයි. අනේ දැන් හිනාවෙන්නකෝ රත්තරන් අම්මේ.......
හසියා පට්ට අමාරුවෙන් ඔය වචන ටික ගැට ගහලා කියලා දුවලා ගිහින් පොතේ ලියලා තිබුණ "රට දැය වෙනුවෙන් දිවි පිදීමයි" කියන එක මකලා ලිව්වා (නෑ නෑ මැකුවේ ඇගිල්ලෙන් නෙවේ මකනෙන්.....) "හොද ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමයි" කියලා. (අනේ හසියා ගහන ක්‍රිකට්....)
වෙලාවට රචනාව ලිව්වේ පැන්සලෙන්....පෑනෙන් ලිව්වනම් එහෙම සොරි.කොම්.
ප.ලි. : (පලි නොගනිමි කිසිදා.....)
අදත් හසියගේ පම්පෝරියට වඩා ප.ලි. කොටස දික් වෙයිද මන්දා......(කතන්දර කාරයා තමයි මේ ප.ලි. කොටස ලියන්න ගත්තේ...)
අද මේ අනාගත බලාපොරෙත්තු පම්පෝරිය ලියන්න හිතුවේ බුද්ධි අයියා.., ඔව් ඔව් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගැන තමයි, ලියලා තිබ්බ "කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගායකයෙක් වෙන්න ගිය ගමන !| ෆයිනල් එපිසෝඩ්" පෝස්ට් එකේ අන්තිමට අහලා තිබ්බනේ කට්ටියගේ අනාගත බලාපොරොත්තු මොනාද කියලා...ඕක දැක්කාම තමයි මතක් වුනේ හසියගේ මේ පම්පෝරිය.
පම්පෝරිය අහන් හිටපු අයට මේකත් අහන් ඉන්න අමාරුවක් නැතිව ඇති නේද? ම්ම්ම්ම්ම් හසියා ගානේ දෙන්නම්කෝ බිසකට් සමඟ කූල් ඩ්‍රින්ක් එකක්.....ම්ම්ම්ම්ම් මේකට මිරිස් තුනපහ දාලා නෑ...හෆ්ෆේ එකවත් දන්නෑනේ.කූල් ඩ්‍රින්ක්ස් වලට දාන්නේ ගම්බිරිස් සහ හොට් වෝටර්.....
හෆ්ෆේ හසියට එපාම කොරපු එක නෙවැ ඔය රචනා ලියන එක.ඒකාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.(හැබැයි කොච්චර අකමැත්තෙන් ලිව්වත් අනාගන්නේ නැතිව ලිව්වා.) දැන් අහන්න එපා එතකොට මේ පණ දාගෙන සිංහල බ්ලොග් ලියන්නේ....බ්ලොග් ලියන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්නේ.....හා හා බැක්ටු ට්රැක් ඔෆ් ප.ලි. බයි හසී ........
මේ මයි සෙල්ෆ් එක ලිව්වේ හසියා හතර වසරේ මුල් කාලේ.හසියා ඒ කාලේ ඇත්තටම ආසාවක් තිබුණා විරෝධාර රණවිරුවෙක් වෙන්න.එදා අම්මා කිව්ව දේ නිසා වන්න ඇති ඒ ආසාව අත හැරෙන්න ඇත්තේ.ම්ම්ම්ම් හසියාගේ අම්මා අසාධාරණ ආත්මාර්ථකාමී කතාවක් කිව්වා කියලා කෙනෙක් කියයි.ඒත් හසියා හිතනවා හසියාගේ අම්මගේ පැත්තේන් සාධාරණයි කියලා.හසියාට අම්මා පණටත් වඩා ආදරෙයි.(කොයි අම්මත් එහෙම තමයි ඔන්න.) හසියගේ අම්මට හිටියේ හසියා විතරයි නෙවැ.ඉතිං හසියා නැතිව කෝමද හසියගේ අම්මයි තාත්තයි ඉන්නේ......
හසියාගේ සදාආදරණීය අම්මට බනින්න එපා ඔන්න කට්ටිය......
එදා මිස් හසියගේ අම්මට කියලා තියෙන්නේ "ගෙදර ගිහින් පුතාගේ පොත බලන්න", කියලා විතරයි.ඉතිං හසියගේ අම්මා පොත බලලා.ඒක කියවලා තමයි හසියාව බදාගෙන ඇඬුවේ....(හිහිහිහිහි වැරැද්දක් කොරලනම් බනින්න බලාගෙනලු බැලුවේ.)
ඕවා දැනගත්තේ පස්සේ කාලෙක....ඔන්න හසියාගේ ආදරණීය අම්මා, හසියාට බැන්න වෙලාවට එහෙම හසියා අම්මාව පොඩ්ඩක් අවුස්සන්න "මම එහෙනම් හමුදාවට යනවා" කියලා කියනවා.ඒ හොදටම ඇති ඉතිරි ටික කන පිරෙන්න අහගන්න....
එහෙනම් ඔන්න හසියා අදත් වාෂ්ප වුණා.....(ටර්න් ඕෆ් ඕල් ලයිට්ස්....නෑ නෑ ලයිට් ඕෆ් කරන්න කියලා කිව්වේ.....)
ඒස්වඃ පුඃ
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
12 comments:
හෆොයි මේකෙ දිග...කොල්ල පොඩි කාලෙ ඉදන්ම වැඩකරු නේද? එහෙනං අපි ගිහින් එන්නං මොනිටර්...
October 29, 2010 at 9:44 PM@පැන්da
October 29, 2010 at 9:59 PMහැබෑට පැන්ඩා අයියා කිව්වාම කමයි මටත් මීටර් වුනේ...:j අද පෝසට් එකේ දිග....ෂු... :n
අපෝ නෑ...මා වැඩකරු(සර්වන්ට්) නොවෙමි...:p සාමාන්‍ය කුඩා පාසැල් ළමයෙකු වෙමි... :q
හොදා හොදා එහෙනම්... :t
පලිස්සමින් පැන්ඩා මාමේ.... :c :p
ඈ බොලං. ජෙම්කැටේට ඉස්කෝලෙ කීවෙ කිව්වේ මොකා කියලද??
October 29, 2010 at 10:16 PMහිකොස් ! හසියා මං නං හමුදාවෙත් හිටියා. ඒ ආසාවත් හරි.......
October 29, 2010 at 10:23 PMඈ බං හසියා මල්ලියෝ, උඹට ඒ දවස් වල ටීචර් කියලා තිබුණා නෙවද බල්ලා ගැන රචනාවක් ලියන්ට කියලා... බයවෙන්ට එපා මං කාටවත් කියන්නේ නැහැ... මලයා ඒක ලිව්වේ මැක්කා ගැනයි කියලා....
October 30, 2010 at 2:39 AM@Jeew
October 30, 2010 at 4:04 AMහොව් හෝව්...:h :hමේ කාටවක් වත් කියන්න එපා....:j :j ඒවා ටොප් සීක්රට්ස් නේ....:a :a
ඔව් ඔව් විද්දේ පදුරට වැදුනේ හාවට....අනේ අසරණ හාවා.... :q :q
@බුද්ධි
October 30, 2010 at 4:06 AMපොලොස් ! :d අනේ වාසනාවන්.... :b අපි දන්නේ නෑ නොවැ ඒ ගැන... :r හා හා ලිව්වනම් කියවන්නත් එක්ක අපිට.... :t
@කාංචන දිනූක
October 30, 2010 at 4:10 AMහිහිහිහි ජෙම් කැටේ තමා....:q එහෙම නැතිනම් හසී එහෙමත් නැතිනම් හසියා.... :e
ඒකනේ ආයේ හසියා කියලා උප්පැන්නේ වෙනස් කොරගත්තේ..... :r :q
දැන් ඉතින් කට වරද්ද ගත්තා නම් cricketer කෙනෙක් වෙන්නම වෙයි අයියේ.. :f
October 30, 2010 at 2:40 PMඔයාගෙ පම්පෝරිය තමා කතාවෙ ලස්සනම හරිය.. :d
යාළුවන්ගේ නම් ටිකත් ඉතින් කියලා වැඩක් නෑ.. :t
හසි අයියා අම්මට ගොඩක් ආදරේ වගේ..(කන පිරෙන්න බැන්නත් අම්මා අම්මාමයි නේද අයියා..අපේ අම්මගෙත් වැඩේ කෑ ගහන එක:h.. මට බයයි මමත් කවදාහරි එහෙම ඉදී කියලා:s..)
ලස්සනයි අයියා.. ඇත්තම්යි... :k
නහය දික් වුනාට ගනන් ගන්න එපා අයියා.. ඇත්ත කියනකොට එහෙම වෙනවා..:p
ඒ හසී මතෝ මාත් ඒ කාලේ හිතං ඉටියේ හමුදාවට යන්න. පස්සේ පස්සේ බය හිතුනා මතෝ. ඒක නිසා කොම්පූටර් කලන්න ගත්තා.
October 30, 2010 at 5:05 PMඑල කතාව මචං... සිරා...
බොලේ හසියා බලාගෙන ගියාම පොඩි කාලේ ඉන්දලම මරු බුවෙක්නේ.
October 30, 2010 at 9:58 PMහසි අයියා හමුදාවට ගියා නම් තමා වැඩේ. එහෙම නම් මේ කතාව මෙහෙම නෙමෙයි නේ ලියවෙන්නේ..................
November 1, 2010 at 3:40 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....