෴ බාකින් නිව්ස්.... ෴




සිදුවු ප්‍රමාද දෝෂයක් නිසා මෙය නැවත විකාශය වන බව කරුණාවට බර දයාවෙන් සලකන්න....

ඔබ මේ එක්වී සිටින්නේ පචවාහිනී ගෙනෙන පචස් බාකින් නිව්ස් සමගයි....

මෙන්න සිරස්තල.....

බ්ලොග් අවකාශයේ පජාත මඩයා යහමගට.....
හසියා මාස ගණනකට පසු නැවතත් කරළියට....
හාවි බීසී විත් රන්දුනා මැහුම් ගෙතුම්....
පූෂා නැවත බස් නොනගීද.....
මාරයා මෙවර ඇනගනී....


පළමු පුවත ඔබ වෙත ගෙන එන්නේ සුදු හංසී ජය (අව)මංගල සේවය විසිනි.......

කවුරුත් දන්නවනේ ඉතිං මඩයා කියපුවහම.ඔව් අපි මේ කියන්න යන්නේ ඒ පජාත මඩයා ගැන තමයි.එතුමා යහමගට පැමිණි බවත් නැවතත් පෙර කල කුප්ප වැඩවල නොයෙදෙන බවත් පසුගිය දවසක හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල කිව්වා.මේ වන විට තමා වගේ සිය දහස් ගනනක් කුප්පයෝ බිහිකර ඇති බැවින් දැන් දුකක් නැතිව හිතේ සතුටෙන් එතුමාට තමාගේ කුප්පකමින් ඈත් වීමට හැකිබවද ප්‍රකාශ කරසිටියා.සුරා සූදුවෙන් තොර වීමටත් ඉදහිට කෝප්පයක් දෙකක් නවන අහිංසකයෙකු බවට පත්වෙන බවටත් මෙතුමා තරයේ ප්‍රකාශ කලා.කොහොමවුනත් සුදු හංසි ජය (අව)මංගල සේවය පැවසුවේ මෙතුමාගේ මේ කුප්ප වෙනස්වීම දෙවැනි පාර්ශවයකින් හදවතට එල්ලවූ හැකර් ප්‍රහාරයක බලපෑමක් නිසාවෙන් සිදුවූ බවයි.ඒ පිළිබදව වැඩිදුර තොරතුරු අපගේ මීළග පුවත් ප්‍රකාශයෙන් බලා පොරොත්තු වන්න......

බ්ලොග් අවකාශය අමන්දානන්දයට පත්කල අපේ මේ හසියා නැවතත් හසියාගේ නවාතැනේ වැඩ ඇරඹීමට සුදානම් වෙන බව අද උදේ එහි තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.2011 පෙබරවාරි 14 වෙනි දින "෴ ඇයි මට ආදරේ කරන්නේ....? ෴" නැමැති කුජීත පෝස්ටුවකින් පසු හසියා එතුමාගේ හසියාගේ නවාතැනේ වැඩ නවතාදමා තිබුණා.වැඩ අධික වීම සහ එක්සෑම් වැනි මල ඉලව් කෝන්තර නිසා හසියාගේ නවාතැන තාවකාලිකව අතහැර දැමීමට සිදුවු බව තමයි එතුමා පැවසුවේ.හසියාගේ නවාතැනේ නැවත වැඩ ඇරඹීම පිටුපස දෙවන පාර්ශවයක බලපෑමක් තිබේදැයි අප මාධ්‍යවේදියෙකූ ඇසු පැනයට එතුමා පැවසුවේ එවැන්නක් නිසා නැවත හසියාගේ නවාතැන ආරම්භ නොකල බවත් ඉදිරියටත් හැකි පමණින් හසියාගේ නවාතැනේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනබවත් දන්වා සිටියේය.


"සැමියා බිරිදගේ දෙවියා" ලූ...එහෙම කියන්නේ අපේ මේ රන්දුනා.ඉතිං මේ රන්දුනා දැන් මොනවද කරන්නේ...ඔව් මේ වන විට රන්දුනා හා හාපුරා කියලා අළුත් වැඩකට අතගහලා.ඇය මේ වනවි‍ට සියළුම වැඩ අතහැර මැහුම් ගෙතුම් පාඨමාලවක් ආරම්භකරලාලු‍‍.ඉතිං ඇයගේ ප්‍රථම ශිෂ්‍යාව වීමේ අගනා වරම ලබාගෙන ඇත්තේ අපේ මේ හා පැටික්කී‍.රන්දුනාගේ මැහුම් ගෙතුම් වලට හාවිගේ හිත ඇදීයාම කොච්චරද කියනවනම් තමන්ගේ ආදරණිය හාවාද අමතක කර එතුමාටත් හොරෙන් මැහුම් ගෙතුම් වැඩ වල යෙදෙන බව තමයි වාර්ථා වෙන්නේ.තමාගේ ආදරණිය හාවාව පුදුමයටත් ප්‍රීතියටත් උද්දාමයටත් පත්කිරීමට මෙවන් හොර වැඩ වල යෙදෙන බවත් ඇයගේ මේ වැඩපිළිවෙලට "හාවීස් හොර වර්ක්ස්" නමින් නම්කර ඇති අතර සියළුම පෙම්වතියන්ට රන්දුනාගේ මෙම පාඨමාලාව හැදෑරිය යුතු බවත් තරයේ ප්‍රකාශ කර සිටියාය.තවදුරටත් හාවි අප සමග පවසා සිටියේ මෙම පාඨමාලාව ඔන්ලයින් පැවැත්වෙන අතර කාල සීමාවක්, වේලාවක් කලාවක්, වයස්‍ භේදයක් නොමැති අතර සහභාගීවීමට කැමති අයෙකු සිටීනම් දැන්ම රන්දුනා මැහුම් ගෙතුම් අමතන ලෙසය....


දැන් මද විරාමයක්.....

ඔබගේ හක්කේ දත් සෙලවේද? සෙලවුනත් නැතත් ගලවා ගන්නම ඕනි නම් දැන්ම අමතන්න අබේපාල ටූත් ඉන්ජිනේරිංස්. වසර ගනනාවක පලපුරුද්ද සමගින් අගනා සේවයක් දැන්ම අ‍බේපාල අමතන්න....."දත් කිව්වොත් වෙන දෙයක් නෑ...."

නැවතත් ඔබ පචස් නිව්ස් සමගින්....

මෙන්න දැන් ලැබුණු විශේෂ උණුසුම් පුවතක්......

රන්දුනා විලීට ආදරය කරන බවත් විලීට ඔහු‍ගේ වෙඩිමට දුක්බර ෂුබාශිංෂන එකතුකරන බවත් එතුමිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.ඇය තවදුරටත් පවසා සිටියේ වසර ගණනක සිටන් ඔහුව පැතූමුත් ඇහැක් ඇර ඔහු මා දෙස නෙබැලූ බවයි.
මේ පිළිබද ලද සැනින් එසැනින් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙන්නෙමු......කෙසේ නමුත් විලීගේ පෙර පිනක් පළදීඇති බව අපිටනම් හොදාකාරවම පැහැදිලිය.....

එම උණුසුම් පුවත ඔබ වෙත ගෙන ආවේ නලී නිලි වෙතිනි. ඔබේ ඕනෑම උත්සව අවස්ථාවකට නිළියක් ගෙන්වාගැනීමට දැන්ම අමතන්න නලී නිලි. සෑම නිලියක්ම මගේ අක්කියක්ය...

තමාගේ පජාත බස් පැදීමේ පුරුද්ද නිසා එක්සෑම් අනාගත් බව අඩමින් පැවසූ සූදු පූසා නොහොත් හොර කළු පූස් තඩියා කියා සිටියේ නැවත බස් පැත්ත පළාතේ නොඑන බවයි.එහි සිටිනා කුප්ප රෑන තමාගේ අනාගත අධ්‍යාපනයද නැති නාස්ති කරන්නට මාන බලං සිටින බවත් මෙතෙක් කලක් බස් වල නැගීමෙන් ඇල්ලූ එක කොස් ඇට මීයෙක්වත් නැතිබවත් එතුමා අප සමගින් පැවසීය.බවලත් කලකීරීමෙන් අප ඇමතු එතුමා නැවත බස් නොනගිනු ඇත‍‍...නමුත් අපිට ඔබ කෙසේ අමතක වෙම්ද.....

ප්‍රධාන පෙලේ ෆොටෝකාරයෙකුවන ඉන්දරනාම මල්ටිපල් ෆොටෝග්‍රැෆි ටැක්නික් අත්හදා බලමින් සිටින බව පසුගියදා අප වෙත ආරංචි වුනා.ඉතිං අපි ගියා මේ කතාව ඇත්තද කියලා හොයලා බලන්න.ටැස්ටිං ලෙස සිදුකල එතුමාගේ ප්‍රථම මල්ටිපල් ෆෙටෝග්‍රැෆිය අති සාර්තක වූ බව මහත් ආඩම්බරයෙන් අප සමගින් කියා සිටියේය.ඔහුට තව තවත් මෙවන් හපන්කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.....

දැන් නැවතත් මද විරාමයක්....

ඔබටත් හැමදාම එකම බුල්ටෝ කලා එපා වෙලාද....? එහෙනම් දැන්ම ශාමි බුල්ටෝවක රස බලන්න.අනුකරණවලට නොරැවටෙන්න. ශාමි බුල්ටෝ කියලා නමින්ම ඉල්ලන්න."කන්නෝ රස හඳුනන්නෝ...කෑවොත් දත් හැලෙන්නෝ...."

ඔබ නැවතත් පචස් නිව්ස් සමගින්....

දැන් අපි අහන්න යන්නේ අවාසනාවට ඇත්ත කතාවක් විශේෂාංගයයි....අද කතාව සිදුවෙන්නේ යක්කල පැත්තේ ඉන්න අපේ මේ මාරයට...

කාගෙත් කතා බහට ලක්වන චරිතයක් තමයි අපේ මේ මාරයා.ඒත් මේ දිනවල ‍එතුමා සානුකම්පිතව ඇලවී මැලවී සිටින බව තමයි වාර්ථාවෙන්නේ....අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.ඈලී මෑලි වී දුබල ගතියෙන් පෙළීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එතුමා පසුගිය දවසක තෙමි තෙමි ගිය දැරිවියකට කුඩේ අල්ලන්න ගොසින් දැරිවිගෙන් අම්බානක අසාගැනීමයි.සිද්ධිය සැකෙවින් මෙසේය....
මාරයා කියන්නේ අපි කවුරුත් දන්න බුවෙක්නේ.තෙමි තෙමි යන ගැටිච්චියන්ට කුඩේ ඇල්ලීම තමා විනෝදාංශේ.ඉතිං මේ පහුගිය දවසක ගෙදරට වෙලා වැස්සේ එළිය බල බලා ඉන්නකොට මාරයා දැක්කලු ගැටිච්චියක් තෙමි තෙමි ඉන්නවා.ඉතිං අර දෙයියන්ගේ පාණ්ඩුකම්බලස් සෛලාසොනේ රත්වෙනවා වගේ මාරයාගේ හදවත උණුවී කඩා‍වැටෙන්න පටන් අරන්.ඉතිං හනිකට ගෙතුලට දිවූ මාරයා තමාගේ අවිය නොහොත් කුඩය රැගෙන මහා වැස්සේ තෙමි තෙමී අර ගැටිච්චි හිටපු පැත්තට දිව්වලු.ඉතිං දුවලා ගිහින් අර තෙමි තෙමි උන්න අර ‍ගැටිච්චිට මාරයා කුඩේ අල්ලලා.ඒ දැරිවි මාරයගෙන් අහල මේ මොකද මේ කුඩේ මට අල්ලන්නේ කියලා‍.මාරයා එතකොට පපුව ඉදිරයට දාගෙන කට ඇරලා කිව්වලු "මං මේ නඟා තෙමෙන හන්දා කුඩේ අල්ලන්න ආවේ.එන්න නගෝ මං ගිහින් දාන්නම්කෝ" කියලා‍‍‍.
"ඈ මාමේ පේන්නේ නැද්ද මං නානවා...ඔය කුඩේ අහකට ගන්නවා මට නාගන්න.ක්ලාස් ඇරිලා එද්දි තෙමුණ නිසා ඒ ගමන්ම නාන්න හැදුවා.කොහෙද කෙල්ලෙක්ට නිවී සැනසිල්ලේ ‍නාගන්නවත් දෙන්නේ නැති හැටි.හොද හිතින් යනවද නැද්ද...ආවා මෙතන කුඩේ අල්ලන්න..." මාරයාගේ මේ කුඩ ඇල්ලීමෙන් ඒ මොහොතේ කුලප්පු වූ ඒ කෙලිපොඩ්ඩ මාරයට දිගට හරහට බැනවදින්නට විය.තමන් විහින් චා වුන බව දැනගෙන හෙමින් තමන්ගේ ගෙදරට ගොඩවැදුනේ "අපි ගහකට නැග්ගොත් ඒකෙත් ගෙම්බෙක්" කියමින්ය‍‍‍...

ඔන්න ඕකයි සිද්ධවුනේ.ඔන්න ඉතිං තරුණ ගැටිච්චියෝ තෙමි තෙමි යනකොට කුඩේ අල්ලන්න යනවනම් දෙවරක් නෙවේ තෙවරක් හිතලා බලලා යන්න....

ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා....නැවතත් මේ වගේ පචස් නිව්ස් එක්ක අපි හමුවෙමු..දන්නවනේ අපි තමයි පචස් අංක එක...යන්නෙපා අපිව දාලා.....

පචස් නිව්ස් ඔබ වෙත ගෙන ආවේ මාරයාගේ ඉවුම් පිහුම් වෙතිනි‍.අපි කන හැටි ලිපටද ඉගැන්වූයෙමි‍‍‍...

මම දුරාචා‍රයෙන් තොර වෙමි.සුරා සූදුවෙන්ද තොර වෙමි.මම ඉද හිට සයිටක් දෙකක් හැක් කරමි.මා වැඩ අනාගත්තේ සයිට් දෙකතුනක් පොර වගේ ලියන්න ගොසිනි.ඊට පෙර මා වටා රූමත් ලලනාවන් පිරී ඉතිරි සිටියෝය.රෙදි ගැලවුනු පසු එකෙක්වත් මා වටා නොමැත‍.ඒ කාලේ මං දුන්න ගේම් මතක්වෙනකොටත් ඇඩෙන්නේය.දැන් ඒවා වැඩක් නොමැත.දැන්වත් මා සීරියස් විය යුතුයි.ගොඩින් අක්කර නැතුවාට කම්නැත මඩින් අක්කර තුබුනොත් සෑහේය.මගේ වයසට ගැලපෙන අවුරුදු 75ට නොඅඩු නාඩි නොවැටෙන රූමත් ලළනාවක් වෙතොත් මා හට දැනුම් දෙන්න.මම වෙන කවුද ඉතිං.... (JEMA)

මෙය මුදල් දෙගුණයක් ගෙවා බලෙන් ප්‍රචාරය කරනගන්නා ලද දැන්වීමකි.....



.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails