෴ සුභ උපන්දිනක් වේවා......!!! ෴





මල් ලොවට පිපි එන රතු රොස් මල වගේ
දෙවු ලොවට පා තැබුව හිම කුමාරිය වගේ
බ්ලොග් ලොවට කැලෙන් ආ සුදු පුළුන් හාවිගේ
උපන් දින සැමරුමට මෙන්න පැතුමක් අපේ.......



අද ඉතිං මේ අපේ පැන පැන යන හා පැටික්කිගේ උපන්දිනේ නොවැ.....ඉතිං අපි හිතුවා බ්ලොග් අවකා‍ශයේ ඉන්න කෂ්ටියත් එකතු කරගෙන අපේ හා පැටික්කිට සුභ පතන්න.......

කෝ එහෙනම් කට්ටිය දෙන්න බලන්න අත් හොදට උස්සලා අත්පුඩියක්........හරි හරි බොහෝමත්ම ස්තූතියි...දැන් කට්ටියම එකතු වෙලා හා පැටික්කි ඉටි පන්දම් නිමනකොට කියන්න අපිත් එක්ක හයියෙන් කෑගහලා.....




" හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ඩියර් හා පැටික්කි......
හැපි බර්ත් ඩේටූ.... යූ......!!! "


ආ....නියමායි නියමායි.......

හා පැටික්කිගේ හා හදවතේ තියෙන සියළුම පැතුම් ඉටුවෙන්නත්‍‍‍...අනාගතය හිතනවටත් වඩා සාර්ථක වෙන්නත්....ඊයේ පෙරේදා ලියලා ඉවර වුන අ.පො.ස. උ.පෙ. ත් හිතනවටත් වඩා හොදට (පියාඹන පාට සහිතව) පාස් වෙන්නත්....අපි සමගම බ්ලොග් අවකාශය තුල පැන පැන යමින් චිරාත් කාලයක් ලිපි ලියන්නත්....ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත්....අපි හැමෝම මුළු හදවතින්ම සුභ පතනවා.....


පැන පැන යන අපේ හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක් වේවා.......!!!



මෙන්න අපෙන් තෑගී.........


බ්ලොග් අවකාශයේ
සැරිසරන විට හමුවූ,
අවිහිංසක, කටකාර,
කවිකාරියකි නුඹ,
විටෙක යෙහෙලියකි,
විටෙක නැගණියකි,
ජීවන මගේ තවත් එක්
පියවරක් ඉදිරියට තබන
අපගේ ආදරණීය සොහොයුරියට
උපන්දින සුබ පැතුම් ගෙන එමි මෙසේ..........











දැන් කට්ටියට කවන එකයි ඇත්තේ කැරට්.....අහ් වැරදුනා කේක් කේක්.........



හා පැටික්කිගේ උපන් දිනය අමතක නොකල අපි.....


෴ සහෘද සිංහල බ්ලොග් කැල ෴
෴ සාඩම්බර හසී පවුල ෴
෴ වත් අක්කී ෴


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ දෛවය ෴




"තරිඳු ඔයා මට කොච්චර ආදරෙයිද?" ඒ ඇය මගෙන් වැඩිපුරම අසා ඇති ප්‍රශ්නය කිව්වොත් මා නිවැරදිය.

"ම්ම්ම්...මෙච්චරක්..." කියමින් මා ඇයව පෙඩ්ඩක් අවුස්සන රිසියෙන් අත තිබු කඩල ‍ගොට්ටෙන් කඩල ඇටයක් ගෙන පෙන්වුවෙමි.

"අහ්...ඇත්තද? එහෙනම් මගේ ආදරෙන් වැඩක් නෑනේ....යනවා වෙන කෙල්ලෙක්ව හොයාගන්නවා."

"හා එහෙනම් මම යන්නම්.....මේ කඩල ටික මොකද කරන්නේ....ඔයාට එපාද?"

"මට එපා ඔය නපුරන්ගේ කඩල...අරන් යනවා‍‍...."

"අහ්...ඒක හොදයි.එතකොට මේක මට වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්නේ."

"මට මොකද ඕනි කෙනෙක්ට ගිහින් දෙනවා ඉතිං.මේ යන්න ඉස්සෙල්ල මට අයිතිදෙයක් නපුරු ඔයා ළග තියේ ඒක දීලා යනවා."

"ඒ මොනාද ඒ....?"

"මගේ හදවත"

"පිස්සු කතා කරන්න එපා....මං මැරෙයි ඒක දුන්නොත්‍‍.... ?"

"ඒ කියන්නේ ඔයා මට ආදරෙයි..."

"කවුද එහෙම කිව්වේ....? මම ඔයාට මගේ ලග තියෙන ඔයාගේ හදවත දුන්නාම මට එකක් නෑනේ.මගේ හදවත ඔයා ලගනේ...ඒක දෙන්න එතකොට දෙන්නම්......"

"නපුරුම නපුරුයි ඔයා නම්.....මම තරහම තරහයි......" කියමින් ඇය මා අසලින් නැගිට වෙරළ වෙත දිවයන්නට විය.ඇය වෙරළේ නැවතී ඈත ක්ෂිතිජය දෙස බලා සිටින්නට විය.මිනිත්තු කිහිපයක් ඇයට එසේ සිටින්නට ඉඩදී මා ඇය වෙත පා නැගුවෙමි.ඇගේ ඉනවට මගේ දෑත් යවා ඇයගේ උරහිස මතට මගේ නිකට තබා ඇයට බර වීමි.

"මේ මුහුදේ කොච්චර වතුර තියෙනවද?" මම ඇගෙන් ඇසුවෙමි.

"මම දන්නේ නෑ...." ඒ ඇගේ නෝක්කාඩු හඬයි.‍

"මේ මුහුදේ වැලි කොච්චර තියෙනවද?"

"මං දන්නේ කොහොමද?"

"අර පේන අහස කොච්චර විශාලද?"

"මේ මම ඕවා දන්නේ නෑ....දැන් කීපාරක් කීවද?"

"දන්නවද මම අන්න ඒ තරම්ම ඔයාට ආදරෙයි චුටි පැටියෝ... ඇත්තමයි‍‍....."

"ඉතිං මට මොකද?"

"තාමත් තරහද?"

"ඔව්"

"මම නම් අහල තියෙන්නේ ආදරේ අයත් එක්ක තරහා වෙන්න බෑ කියලා....ඒ කියන්නේ මට ආදරේ නැද්ද.....?"

"ඔව්..."

"එහෙම කියන්නෙපා මං මැරෙයි...."

"ම්ම්ම්ම්ම් නපුරු උනත් ඉතිං මොනා කරන්නද ඔයා මගේනේ.ඉවසන් ඉන්නම්කෝ."

"අන්න හොද භාර්යාවක් වීමේ ලක්ෂණ.ඉවසීම තමයි වැදගත්ම දේ......"

"ආ....ඇත්තද...?"

"කෝ ඔය ඇස් දෙක පොඩ්ඩක් පියා ගන්නකෝ ඉතිං....."

"අනේ මේ......"

"අහ් එහෙනම් ඉන්නවකෝ...." කියමින් මම ඇයගේ සිනිදු කොපුල බලෙන් මෙන් සිපගත්තෙමි‍.

"ඔය ඉතිං......" කියමින් ඇය වට පිට බලමින් මගේ තුරුලෙන් මිදුනේ බොරු ලැජ්ජාවක් මවාගනිමිනි.


"සමාවෙන්න මහත්තයා......" එකවර ඇසුණු ඒ හඩින්, මීට අවුරුදු 10කට පමණ පෙර ඒ මගේ සුන්දර අතීතයේ සිට පියවී සිහියට පැමිණි මා ඇමතු තැනැත්තා දෙස මගේ දෑසේ තිබු කඳුළු ඔහුට වසන් කරමින් බැලිමි.හැඩරුවින් සාමාන්‍ය වුවත් කරණාබර මුහුණ කෙදිනක හෝ දැක ඇතත් එක්වරම මනසට ඒ කවුරුන්දැයි සිතාගත නොහැකි විය.

"මහත්තයට බාධා කලානම් සමාවෙන්න......ම්ම්ම් මහත්තයට මාව මතක නෑ වගේ....." මා ඔහුදෙස පුදුමයෙන් බලාසිටියේ තමත් ඔහු කවුදැයි කීමට නිච්චියක් නැති නිසාවෙනි.

"මට ඔබතුමාව දැකල පුරුදු වගේ දැනුනත් කවුද කියලා හරියටම මතකයක් නෑ." මම මගේ හඬ අවදි කලෙමි.

"මහත්තයා වැඩ කලේ ඇඹිලිපිටිය ලංකා බැංකුවේ නේද?"

"ඔව්...මම ඉස්සර එහේ තමා වැඩ කලේ.ඔබතුමා මාව දන්නේ කොහොමද?"

"එක දවසක් මම බැංකුවෙන් ණයක් ගන්න ආපුවහම මට ඒ ණය ගන්න බෑ කියලා බැංකුවේ මහත්තුරු කිව්ව වෙලාවේ මහත්තය තමයි ඇවිත් මට ඒ ණය ගන්න උදව් කලේ.දැන් මතකද මාව මහත්තයට?"

ඒ මීට අවුරුදු හයකට පමණ පෙර සිදුවු සිදුවීමකි‍.
"අහා‍‍...දැන් මතක් වුනා.....ඉතිං මෙහේ කොහෙද ඔබතුමා...?ඔබතුමාට පුදුම මතකයක් නේ තියෙන්නේ."

"මහත්තයා එදා ගන්න උදවු කල ණය නිසා තමයි අද මම මෙතන ඉන්නේ....."

"ඒ කිව්වේ....?" මම පුදුමයෙන් මෙන් ඔහුගෙන් ඇසුවෙමි.

"මහත්තයෝ මම එදා ඒ ණය ගත්තේ මගේ දුගේ විශ්වවිද්‍යාල ගමනට.ඉතිං ඇය දැන් උපාධියත් අරන් ආදායම් බදු දෙපාර්තමේනතුවේ වැඩ කරනවා.දු දැන් විවාහ වෙලා.දැන් මම ඉන්නේ දුගේ ගෙදර මහත්තයෝ.ඉතිං මම හුගක් දවස්වලට හවසට මේ මුහුදු වෙරළට ඇවිත් මුහුද දිහා, ඉන්න මිනිසුන් දිහා බලන් ඉන්නවා.ඒදා මහත්තයා මට අර ලොකු උදව්ව නොකරන්න මගේ දුගේ අධ්‍යාපනය එතනින් නවතිනවා.මහත්තයා දෙවියෙක්." එසේ පවසන විට ඔහුගේ ඇසට නැගුණ කදුළු මගේ ඇසටත් ඉනුවාදැයි දැනුනි.
"අදත් ඉතිං ආවා පොඩ්ඩක් මුහුද පැත්තට....එතකො‍ට තමයි මහත්තයාව දැක්කේ.අදහගන්නත් බැරිවුනා.ඒ පාර තමයි ඇවිත් කතා කලේ."

"ඉතිං ඔබ තුමා මේ ළගද ඉන්නේ....?" මම නැවත්ත හඬ අවදි කලෙමි.

"අහ්....ඔව් මහත්තයෝ....මහ පාරට ගියහම තියෙන පළමු පටුමගේ හතරවන ගේ.ම්ම්ම්ම් මහත්තයා මොකද මෙතන කරන්නේ....?"

"නිකං ආවා පොඩ්ඩක්....."

"අද හරියට මුහුද සැරයි වගේ....ම්ම්ම්...හරියට මහත්තයගේ සිත වගේ නේද....."

මම ඔහුදෙස එකවර බැලුවේ ඔහු කෙසේද මගේ හිත කියෙව්වේ කියා පුදුමයට පත්වයි.

"අනේ මහත්තය මම නිකං කීවේ‍‍‍...වැරදි දෙයක් ඇහුවනම් සමාවෙන්න....ඒක නෙවේ දැන් අර සීදේවි දැරිවි එහෙම හොදින්ද?"

ඒ වදනින් මා තිගැස්සී ගියේය.ඔහු මේ කා ගැනද කතා කරන්නේ.

"ඔබතුමා කවුරු ගැනද කියන්නේ....? "

"ඇයි මහත්තයෝ අර ඒකාලේ හිටපු ගෑණු දැරිවි.මොනා නැතත් සීදේවි දැරිවි. "

"ඔබතුමා කොහොමද ඇය ගැන දන්නේ....?"

"ඇයි මහත්තයෝ එදා මම ණය ගන්න ආපු වෙලාවේ මහත්තයගේ මේසේ උඩ තියාන තිබ්බ අහිංසක සීදේවි ගෑණු දැරිවියකගේ පිංතූරයක්.ඒ මහත්තයගේ හිත ගිය ගෑණු දැරිවි කියලා මට දැක්ක ගමන්ම හිතුනා.දෙන්න නම් නියමෙට ගැලපෙනවා." අහිංසක අවංකව ඔහු ඒ කී වදන් මගේ සිත තුල දොංකාර දෙන්නට විය.මොහු කතාකරන්නේ මගේ සදා ආදරණිය පෙම්වතිය ගැනයි.

"ඇය දැන් මගේ ලග නෑ....." දුගු සුසුමක් සුළගට එක්කල මා ඉතාමත් පහත් ස්වරයෙන් පිළිතුරු දුනි.

"මොනවා....ඒ කිව්වේ මහත්තයෝ......ඇහුවට සමාවෙන්න මහත්තයෝ.....මහත්තයා මොකක්දෝ ලොකු දුකකින් ඉන්නවා වගේ කියලා තමයි මටනම් දැනෙන්නෙම.මහත්තය කැමතිනම් මට මහත්තයාගේ හිතේ සඟවන් ඉන්නදේ කියන්න.මහත්තයා වගේ දෙවි කෙනෙක්ට උදව්වක් කරන්න ලැබෙනවනම් ඒකත් සතුටක්"

"හ්ම්........ මෙනාකරන්නද.....දැන් වෙන්න ඕනි දේවල් සියල්ලම වෙලා ඉවරයි.මේක මගෙත් ඇයගෙත් දෛවයයි."

"ඇයි මහත්තයෝ ඒ ගෑණු දැරිවි මහත්තයා දාලා ගියාද...?" දුක්මුසු ස්වරයෙන් ඔහු ඒ ඇසු ප්‍රශ්නයට මා කෙළෙස පිළිතුරු දෙන්නද.

"හ්ම්ම්ම්ම්......ඒක දිග කතාවක්." මම දිගු සුසුමක් හෙලමින් මගේ දුක්බර කතාව ඔහුට පැවසීමට අමාරුවෙන් සිත එක්තැන් කරගත්තෙමි.

"ඔබතුමා එදා දැක්කේ මගේ සදා ආදරණිය පෙමිවතියව තමයි.එයාගේ නම නදීකා.මම එයාට ආදරේට කීවේ නදී කියලා.ඇය ඇත්තටම අවංක, අහිංසක කෙනෙක්.අදටත් එයාට මම ගෞරව කරනවා ඇගේ ගතිගුණ වලට.එයා මට එයාගේ පණට නොදෙවෙනිව ආදරේ කලා.මමත් එහෙමයි.අපි ගොඩාක් සතුටින් හිටියා.අපි දෙන්නා යාළුවුනේ A/L කරනකොට.හරිම සුන්දර අතීතයක්.ආයෙත් ඒ අතීතයට යන්න ඇත්තනම් කියලා හිතෙනවා.එහෙම වුනෙත් මගේ අතින් වුන වැරදි නිවැරදි කරන්නත් පුළුවන්. "

"මම මහත්තයට කතා කරපු වෙලාවේ මහත්තයා ඒ සුන්දර අතීතයේ වෙන්න ඕනි ඉන්න ඇත්තේ.ඉතිං මහත්තයෝ මොනාද මහත්තය අතින් වුන වැරදි?" ඔහු ඔහුට නැගුනු ප්‍රශ්න පෙලට මගෙන් පිළිතුරු බලාපොරොත්තු වුයේ නෙඉවසිල්ලෙනි.

"ඔබතුමා මාව දෙවියෙක් විදිහට සැලකුවට මම මේ ලෝකේ ඉන්න කාලකන්නිම මනුස්සයා.මම ජීවිත දෙකක් කාලකන්නිකලා.මම මහ පව් කාරයෙක්......" මම මගේ සිතේ තිබු සියළුම දේ ඔහුවෙත දිගහැරියෙමි.

"ඇයි මහත්තයෝ එහෙම කියන්නේ....මොකක්ද මහත්තය අතින් වුන වැරැද්ද?ඇයි එහෙම කලේ?"

"අපි දෙන්නගේ සම්බන්ධයට අවුරුදු 8ක් විතර වෙනකොට අපි දෙන්නගේ ගෙවල් වලින් අපේ සම්බන්ධය දැනගත්තා.ඇයගේ ගෙදර අයගේනම් කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ.නමුත් අපේ ගෙදර අය අපේ මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධ වුනා.මම හිතුවෙත් මුලදී මෙහෙමවුනාට පහුවෙනකොට ඒ විරුද්ධකම් නැත්තටම නැතිවෙයි කියලා.ඒත් එන්න එන්නම ඒ අපේ ගෙදරින් තිබ්බ විරුද්ධකම් වැඩිවෙන්න ගත්තා.‍" ඉතිරිය ඔහුට කියන්න හිතට දිරිගන්න මම මගේ කතාව මදකට නැවතුවෙමි.

"ඇයි මහත්තයෝ ඉතිං ඒ විදිහට අකමැතිවුනේ මහත්තයගේ ගෙදරින්?"

"ම්ම්ම්ම්ම් අපේ ගෙදර අයට විකාර.ඇයගේ පවුලේ අය අපේ පවුලට ගැලපෙන්නේ නැතිලු."

"හ්ම්.....ඒ කියන්නේ එයා අඩු කුලේ කෙනෙක්ද?" ඔහු මගේ කතාවට බාධා කරමින් ඔහුගේ ප්‍රශ්නය ඉදිරිපත්කලේය.

"ඔව්....ඒත් මම ඒගැන ඉස්සෙල්ල දැන සිටියත් පොඩ්ඩක් වත් හිතුවෙත් නෑ.මොකද මට කෙනෙක්ගේ ඒ දෙවල් වලින් වැඩක් නැති නිසා.මට ඕනි ආදරය, අවංකකම, හොද ගතිගුණ ඉහටත් උඩින් ඇය සතුව තිබුණා."

"ඉතිං මහත්තයා ගෙදර අයගේ කීම අහල ඇයගෙන් වෙන්වුණා." ඔහු නැවත්ත ඔහුගේ හරස් ප්‍රශ්නාවලිය ඉදිරිපත් කලේය.

"ම්ම්ම්ම්.....නැහැ.....මම ගෙදර විරුද්ධකම් ඉවසන් දරාන ඇයට වෙනදටත් වඩා ආදරෙන් හිටියා‍.ගෙදර විරුද්ධකම් එන්න එන්නම වැඩිවුනොත් ඇය සමග හොරෙන් විවාහ වෙන්න පවා මම සිතන් හිටියා.මම ඇයටත් ඒ ගැන කිව්වා.ඇයගේත් අකමැත්තක් තිබුනේ නෑ.ඒත් හදිස්සියේම මගේ අම්මට හෘදයාබාධයක් හැදුණා.අම්මට සැත්කමක් කරලා බොහොම අමාරුවෙන් බේරාගත්තේ‍.ඉතිං දොස්තරලා කිව්වා ඇයව පරිස්සමින් බලාගන්න.ඇයට දුකක් වේදනාවක් දැනෙන් දෙන්න එපා.එහෙම වුනොත් අම්ගේ ජීවිතය අහිමිවෙයි කියලා කිව්වා.දැන් තමයි මගේ ජීවිතයේ බලාපොරොත්තු, හීන ඒ හැමදෙයක්ම එකින් එක බිදවැටෙන්න ගත්තේ‍.අම්මට තිබ්බ ආදරේ නිසා මට දැඩි තීරණයක් ගන්නත් බෑ."

"හ්ම්.....මට තේරෙනවා මහත්තයෝ...ඔය වගේ තැන් වලදි අපි පුදුම විදිහට හිරවෙන්නේ.මම ඒ නිසාමයි මගේ දුට කිව්වේ..උඹ කැමති උඹට හොදයි කියලා හිතෙන කෙනෙක්ව බැදගන්න කියලා.මොකද බැදල ඉන්නේ මම නෙවේනේ.එයයි බැන්ද එක්කෙනා එක්ක දිගු කාලයක් ඉන්න ඕනි.මම ඒ නිසා ඇයට සම්පුර්ණ නිදහස ලබාදුන්නා." ඔහුගේ ඒ වදන් සවන වැකෙද්දි මට හිතුනේ මගේ අම්මත් තාත්තත් මේ වගේ වුනානම් අද මමත් ඇයත් කොච්චර සතුටින්ද කියලා.

"ඉතිං ඉතිං මහත්තයෝ.....ඊට පස්සේ මොකද වුනේ....." ඔහු මගේ කල්පනාව නැවතත් කතාවට හරවාගත්තා‍.

"හ්ම්......ඔය අතරේ මගේ තාත්තගේ යාළුවෙක්ගේ දුවෙක් ගැන මට යෝජනාවක් ආවා.ඇයගේ නම ශාලිකා‍.ඇය පොහොසත්‍.ඉතිං අපේ ගෙදර අය එයාට මගෙනුත් අහන්නේ නැතිව කැමැත්ත දීලා ඉවරයි.දවසක් රෑ මම මේගැන කතා කලා ගෙදර අය එක්ක.ඒ හේතුව නිසාද මන්දා පහුවදා අම්මට ආයේ අමාරුවුනා.ඉතිං ඇයව රෝහල් ගත කරලා සති කිහිපයකින් මරණය දැක දැක නැවත් සුවය ලැබුවා."

"ඊට පස්සේ මහත්තයගේ ගෙදර අයගේන් අර යොජනාවට තිබ්බ බලපෑම වැඩිවෙන්න ඇති නේද?" ඒ මම ඊළගට කියන්න හදපු දේ.ඔහු දැන් මගේ මුළු හිතම කියවා ඇතිබව වැ‍ටහුණි.

"ඔව් ඔබතුමා හරි.පස්සේ මට සිද්ධවුණා ගෙදර අයගේ බලපෑම මත ශාලිකාට කැමැත්ත දෙන්න.ඔබතුමාට කියන්න අද වෙනතුරුත් මම ඇයට ආදරේ කරලා නෑ.ඒක මම අවංකව කියනවා.ඇය පිටරට ඉගෙන ගත්ත කෙනෙක්.ජීවිතයේ වැඩි හරියක් ඉදල තියෙන්නේ රට.ඇයට අන් අයගේ හැගීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත්තෙම නෑ.ඇය මට කැමති වුනත් ඇය මට අද වෙනතුරුත් ආදරෙයි කියලා නෑ.ඒහෙම කෙනෙක් එක්ක තමයි මට විවාහ වෙන්න වුනේ.මම මේ ගැන කීවමා නදීට, එයා කිව්ව කමක් නෑ තරිඳු ඔයා ඔයාගේ අම්මා වෙනුවෙන් මාව අමතක කරන්න.මොනතරම් දේවල් ලැබුණත් ඇය වගේ කෙනෙක් මට අහිමි වෙන්න තරම් මම අවාසනාවන්තයෙක් වුනා.මම ඇගෙන් වෙන්වුන දවසේ මට දැනුනේ මම බාගෙට මැරුණා කියලා.කරන්නේ මොනාද කියන්නේ මොනාද කියලා කිසිම වගක් නෑ.ඔහොම ජීවිතය ගෙවිලා ඊට මාස දෙකකට විතර පස්සේ මට තාත්තගේ යාළුවගේ දුවව බදින්නවුනා.මා බැදපු දවසේ රෑ මගේ සදාආදර පෙම්වතිය නිදී නිදි පෙති බීලා.ඇය මගෙන් සදහටම වෙන්වුණා.මම ඒ බව දන්නේ මාස කිපයකට පස්සේ.මට එයාගේ මිනියවත් බලන්න යන්න ලැබුනේ නෑ.ඒත් අදටත් මම එයාගේ සොහොනට ගිහින් ඇය එක්ක කතා කරනවා."

"හ්ම්.....මට නම් හිතාගන්නවත් බෑ මහත්තයෝ.මහත්තයා කොහොමද මේවගේ දුකක් මෙච්චරකල් හිතේ තද කරන් ඉන්නේ...? මහත්තයලට ළමයි නැද්ද?"

"මම හිතුවා ඔබ තුමා ඕකත් අහයි කියලා.මම ශාලිකා එක්ක විවාහ වුනාට අපි අතරේ කිසිම සබැදියාවක් තිබුනේ නෑ.එයා එයාගේ ලෝකේ.මම මගේ ලොකේ.ගෙදර අයට පේන්න අපි එකට ඉන්නවා.දැන්නම් තේරෙන්නේ ඇය මාව බැන්දේ දේපල තණ්හාවට කියලා.එයා මට පොඩ්ඩක් වත් ආදරේ කරලා නෑ.පස්සේ පස්සේ අපි දෙන්නා අතරේ රණ්ඩු ඇති වුනා.එයා මාර දුතියක් වගේ.හරිම සැරයි.ඒ හැමදේටම ප්‍රධාන හේතුව අපි දෙන්නගේ නොගැළපීමයි."

"එතකොට මහත්තයෝ කෝ දැන් මහත්තයගේ බිරිද?"

මම ඉදි ගල් තලාවෙන් නැගී සිටියේ තවත් කීමට දෙයක් මා සතුව නොමැති නිසාවෙනි.

"ඇයි මහත්තයෝ එයා දැන් කෝ...?" ඔහුගේ කුතුහලය මගේ ක්‍රියාවන් වැඩිකරන්නට ඇත.

"හ්ම්ම්ම්ම්......අද මම එයාගෙන් දික්කසාද වුනා‍....." දිගු සුසුමක් සීතල සුළඟට එක්කරමින් මා මගේ කතාව අවසාන කලෙමි.




~~~~~~~~



තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails