හෆ්ෆේ කෂ්ටියව දැක්ක කල්.....ඉතිං ඉතිං කෝමද කෂ්ටියට?

අපි ඉතිං පොඩ්ඩක් විවේක සුවය විදිමින්නේ ඉන්නේ මේ දවස්වල..... විවේක සුවය විදිනවද නැතිනම් කම්මැලිකමද කියන්න දන්නෝ දනිති. මේ වෙනකොට කෂ්ටියගේ බ්ලොග් කෙරුවාව නැගලා යනවා වගේ.අළුත් මුහුණු ගොඩක් එකතුවෙලා තියෙනවා.සංතෝසයි. අපි ඒකනේ පැත්තකට වෙලා වෙන දෙයක් කාලා දෙනදෙයක් බලාගෙන ඉන්නේ අළුත් අයට ඉඩදීලා. ඒ වගේම දැන් සයිබරෙත් අළුත් අළුත් ගැජමැටික්ස් ලොට් එකක් තියෙනවා. බස් රේඩියෝව තමා ඉතිං සුපිරි. "බස් රේඩියෝව" ගැන ඉතිං නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්නකෝ..... බස් රේඩියෝ අහනගමන් බස් පදින එකේ තියෙන්නේ අමුතුම ආතල් එකක්. ඒකත් ඉතිං දන්නෝ දනිති..... අදත් පුරා‍‍ජේරුව මදෑ නේද.........


දැන් ඒනටර් වෙමුකෝ මාතෘකාවට....

මොකක්ද මේ "අවුරුද්දයි... මාසයයි... දවසයි....." කියලා කිව්වේ...? කවුදෑ දන්නේ... තවත් නාඩගමක් වෙන්ටෑ.... නෑ නෑ එහෙම දෙයක් නෙවේ ඕන්.....

හසියා හසියගේ බ්ලොග් කෙරුවාව පට්ටාන් අරන් අද වෙනකොට (19/07/2011) හරියටම අවුරුද්දයි මාසයයි දවසක් වෙනවා..... ඒ කිව්වේ මේක හරියටම පට්ටාන් ගත්තේ දෙදහස් දහයක් වූ ජූනි මස දහ අටවැනිදා නෙවැ. අවුරුද්ද පිරුණ දවසේ අදාල පාර්ශවයන් කොහේදෝ ගිහින් උන්නු නිසා පෝස්ටුවක් ලියන්නත් දාන්නත් බැරිවුනා. ඇත්තටම ගොඩක් සතුටුයි අවුරුද්දයි මාසයයි දවසකුයි මේ සයිබරේ පය ගහලා ඉන්න පුළුහන් වුනාට.ඉදිරියටත් බලමු. ලියන්න කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.ඒත්... කම්මැලිකම තමයි හසියට ගහලා තියෙන හෙනේ.

ඉතිං ඒ කාලේ ඉඳන් හසියට උදව් කරපු හැමෝමව ආදරය පිරි කරුණාවෙන් සහ දයාවෙන් මතක් කරනවා.ගොඩාක් ස්තූතියි. ඔය කෂ්ටිය නිසා තමයි හසියා මෙහෙම හරි පෝස්ට් එකක් දැම්මේ. (අදාලා පාර්ශවයේ බල කිරීම එහෙම නෙවේ ඕන්.....) ඒ වගේම කමෙන්ට් කරපු හරි-වැරදි කීව්ව හසියාගේ නවාතැන සමග හිටපු ඔය හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ වගේම ගොඩාක් පිං. ඉස්සර වගේ බ්ලොග්කරණයට නැවතත් එන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ.(එහෙම හරි කියලා ජාමේ බේරාගන්න එපායෑ.....) ඒ වගේම බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුණු මගේ ආදරණිය "හා පැටික්කිවත්" මං ආදරෙන් සාදරෙන් මතක් කරනවා. ඇයගේ දිරිමත්කිරීමත් ආදරයත් කරුණාවත් නොවෙන්නට අද මේ වෙනකොට හසියා ජීවතුන් අතර නොමැති වෙන්නටත් ඉඩ තිබුණා. (අපරාදේ දාන කියලම කීයක්ද නේද....)

ඉතිං හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං හසියා එක්ක හසියාගේ නවාතැන සමග රැදිලා ඉන්නවට.... ඉදිරියටත් එහෙමයි කියලා හසියා දන්නවා.

ඔන්න ඉතිං හසියා කේක් දෙන්න යන්නේ කෂ්ටියට. පොරකන්නේ නැතිව කේක් ගෙඩිය ගානේ කන්න.අහ්...මෙන්න අද සීනී තේ පොල්කිරි පදමට දාලා හදපු උණු උණු කිරි එකක් හසියා ගානේ... (හසියා මිරිස් දාලා හදපු තේ බීපු අයත් ඇතිනේ.....) එහෙනම් කට්ටියම පිළිවෙලට කාලා බීලා යන්න... ආයේ එන්න හොදේ....
මෙන්න කේක්... සමඟ සීනී තේ පොල්කිරි පදමට දමා සෑදූ උණු උණු කිරි.........




අපි එහෙනම් වාෂ්ප වෙනවා....

ඒසවඃ පුඃ



ප.ලි.


හත්තිලව්වේ මට මං පෝස්ට් ලියපු විදිහත් අමතක වෙලානෙවැ......







.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails