අහ් කෂ්ටිය සද්ධාවෙන් භක්තියෙන් දෙහොත් මුඳුන්දී වැඳගත්තනම්‍‍.... විහිළුවකට ගන්නේපා ඔන්න හොදේ... හසියගේ මන්තරවල බලේ දන්‍න අය ගොඩක් ඉන්නවා..... ඔය ඔය ඔතන ඉදන් ඉන්න නරපනු මල්ලි තොප්පිය ගැලෙව්වනම්.... විහිලුවක් නෙවේ ඔන්න ආයෙත් කිව්වා.....!!!



ඕං රිං කට්ටු කට්ටු....හසියා ඇවිත් ඔන්න හැමෝටම සුභ පතන්න....ඕං.....ලැබුවාවු නව වසර බත බුලතින් කිරියෙන් පැණියෙන් (කූඹින්ගෙන් තොර) ඉතිරෙන්නත්‍‍....අපේ මේ කෂ්ටියගේ පුංචි අහිංසක හිත්වල ගුලි වෙලා තියෙන සිතුම් පැතුම් යනාදී එකීමෙකී නොකී දහසකුත් බලාපොරොත්තු සියල්ලම හිතනවටත් වඩා හොදින් අතිසා‍ර්ථකව ඉටුවෙන්නත්......කරන කියන හැමදේම ඉතාමත් හොදින් ඉටුකරගන්න පුළුහන් වෙන්නත් ඊට අදාල ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්නත්....සාමය සමගිය සමාදානය සතුට නිඳුක් නීරෝගීසුව පිරි ඉතිරීයන්නත්.....කියලා, හසියා... හසියාගේ අවංක හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම සමසමව ප්‍රාර්ථනා කරනවා.....!!!


දැන් සම සමව එකතු කරගත් සුභ පැතුම් කිලෝ පනහේ උර වලට කිරා මැන ‍‍ගෙන කල්දේරමකට දමා ඇති පදමින් ජලය එක්කර.... මද ගින්නේ සෙල්ෂියස් අංශක හරියටම අඩු වැඩි නැතිව 465.234කට රත්කර....ඊට සීනී තුනපහ ලුණු ඇති පදමින්ද....මිරිස් වැනිලා ස්ට්‍රෝබෙරි පලම් සුල්තානා වැඩි වැඩියෙන්ද....කජු කොත්තමල්ලි පස්පංගුව සමග එකට හොදින් කවලම් කොර සෙලිසියස් අංශක -106.123ට නිවෙන්නට ජලයේ ගිල්වා පත දෙක අටට සිදෙනතුරු තබා ඊට උඩින් කිතුල් පැණි හා කිරි වත්කර හොදින් සුද්ද කරගත් පොල්කට්ටකට බෙදා පොල්කටු හැන්දක් හා හකුරු කෑල්ලක් සමග මේන්න රස විඳින්න....


කොහොමද හසියාගේ සුභ පැතුම් පුඩිම.....?


නව වසරේ හසියගෙනම් තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයි......

ඒ තමා....

"හසියට මේ අවුරුද්දෙත් අනිත් අය වෙනුවෙන්.... අනිත් අයගේ සතුට වෙනුවෙන්.... හසියගේ ජීවිතයෙන් කැපකිරීම් කරන්න හැකියාව හා ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න..."
කියලා......


මෙන්න හසියගෙන් කෂ්ටියට පුංචිම පුංචි තෑග්ගක්.... ඩිසයින්ඩ් ඇන්ඩ් ක්‍රියේටඩ් බයි හසීයා තමයි ඕන්.....හැබැයි ඉතිං අවුරදු කීපයක් පරණයි... ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා කවුද එකකේනෙක් කියලා තියෙනවලුනේ... අරන් බලන්නකෝ ‍කොහොමද කියලා.....ඔන්න ලින්ක් එක...



ප.ලි. :




ඒ වගේමයි අද හසියට වගේම හසියාගේ නවාතැනටත් ‍ගොඩක් වැදගත් දවසක්..මේ පෝස්ට් එක හසියගේ 50 වෙනි පෝස්ට් එක....ඉතිං හසියව නැවත බ්ලොග්කරණයට බලකරපු උනන්දුකරපු හැමෝටමත්‍‍....එක අම්මගේ තාත්තගේ නොවුනත් හදවතින්ම අමුතුම බැදීමකින් බැදිලා ඉන්න සාඩම්බර හසී පවුලේ සාමාජිකයින්ටත්....ලිපි කියවා රසවිදලා කමෙන්ට් කරලා උනන්දු කරපු හැමෝටමත්...ලිපි කියවලා රසවින්ද අයටත්‍‍....මේ බ්ලොග් අවකාශය තුල ඉන්න හැමෝටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....!!! මේ කෂ්ටිය නිසා තමයි අද හසියා 50වෙනි පෝස්ට් එක ලිව්වේ.....නම් වශයෙන් කියන්න ගියොත් හසියා ලොකු අමාරුවක වැටෙනවා....ඒ තරම්ම සෙනඟක් හසියා වටා රොක් වෙලා ඉන්නවා කියන්නත් සතුටුයි.....ඉතිං ‍ඒ හැමෝටම තමා හසියගේ මේ උපහාරය හසියාගේ නවාතැනට ආව ගියා හැමෝටම මුළු හදවතින්ම හිසනමා ප්‍රදානය කරන්නේ.....




"හසියා දිරිමත්කල සහෘද ඔබ සැමට බෙහෙවින් ස්තූතියි....!!! "




හසියගේ පළවෙනිම පෝස්ට් එක......(ආවේ මෙන්න මෙහෙම.......)





අහ්....අද හසියා කෂ්ටියට ලබාදුන්නු "නිව් ඉයර් විෂින්" මන්තරේ හරිම බලගතු එකක්....එස්.බී.යු. ගෙට් එකට එන්න නොහිටි කෙනෙක් ඔය මන්නතරේ බලෙන් ගෙන්නුවා....ප්‍රසිද්ධ එක්කෙනෙක්....ඒ දවස්වල බ්ලොග් කියවපු අය හීනියට ලාවට දකින්න ඇති.....


හරි එහෙනම්‍‍....හසියා අද ගොඩක් සතුටින් වාෂ්ප වෙන්නෙයි කියලා....

කාලෙකට ඉස්සෙල්ලා නැතිවෙලා තිබුනු සතුට නැවතත් හසියට ගෙනාපු හැමෝටම ගොඩාක් පිං....!!!




ඒස්වඃ පුඃ




.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

මේ පිංතූර ටික හසියට එව්වේ හසියගේ යාළුවෙක් මේල් එකකින්...පොඩි ගතියක් තිබ්බ නිසා ඔන්න හසියට හිතුනා කෂ්ටියත් එක්ක බෙදා ගත්තනම් කොච්චර හොදද කියලා..දැකපු අයත් ඇති...දැකපු අයයි නෙදැකපු අයයි ඔක්කෝම ඔන්න බලලා හිටියනම්.....









































කොහොමද වැඩේ....

මේකට නේද ක්‍රියෙටිව් තින්කින් කියන්නේ...පිංතූරයක් දැක්කහම ඒකට අදහසක් ඇතිවෙනවා...(අදහසක් කිව්වේ මේ ආදරයක් එහෙම නෙ‍වේ ඕන්....)ඉතිං හසියා හැමදාම කියනවා වගේ ක්‍රියෙටිව් විදිහට අලුතින් යහපත් වැඩක් කරලා ලෝකය සමාජය හොද පැත්තට වෙනස් කරන්න බලන්න....ඒකනේ වෙන්න ඕනි දේ...හසියත් ඉතිං ක්‍රියෙටිව් විදිහට හිතලා අනුන් කරපු එකක් දැම්මා පෝස්ට් එකක් විදිහට....සිම්පල් ප්ලෑන් එකක්නේ.....


එහෙනම් අදට හසියා වාෂ්ප වුනා.....

ඒස්වඃ පුඃ


.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



ආසයි හිස අතගා
නුඹ සනහන්නට
ආසයි දිග කෙහෙරැලි
සමඟින් දඟකරන්නට
ආසයි නුඹේ සිනිදු දෙතොල්
සෙමින් සීරුවට සිපගන්නට
ආසයි මුමුණා කියන්න
ආදරෙයි කියා නුඹහට
ආසයි විදින්නට ජීවිතේ
නුඹේ ආදරෙන් දයාවෙන් නැහැවෙන



ඒ සිතුපැතු ආසාවන් කිසිදා
නොලැබෙන බව මා දනිමි
නුඹේ ආදරේ සිහිල් ගිම්හල
මෙමට හිමිනැති බැව් දිනිමි
මා විදවන ලද මේ දිවිමග
නුඹෙන්වත් විදින්නට සිතීමි
නුඹේ සතුටම වෙනුවෙන්
ඉදිරියටත් මේලෙසම විදවන්නෙමි


෴_____෴




ප.ලි.:

කෂ්ටිය බලනවා ඇති හසියට මොකෝ මේ එකපාරට කවි සිතුවිළි පහල වෙලා කියලා...මේක ලිව්වේ මීට අවුරුදු කීපෙකට පෙර ඇය වෙනුවෙන්...(හා හා වැඩි විස්තර පස්සේ....)

ම්ම්ම්ම්ම්ම්ම් අද හසියට හසියගේ ප්‍රියතම සිංදුවක් අහන්න ලැබුණා.ඒ සිංදුව ගොඩදවසකින් තමයි අහන්න ලැබුනේ..සිංදුව තමා ටී.එම්. ජයරත්න මහතා‍ගේ "සිතට දැනෙන මේ ලතැවුල්....." ඉතිං හසියගේ මතකය පියාඹලා ගියා නෙවැ අතීතයට...ඉතිං හසියගෙන් ඇය වෙන්වී ගිය වෙලාවේ හිතට ආපු පද ටිකක් තමයි මේ.....ආයෙ ඉතිං වෙනදා කියනවා වගේම පද ටිකනම් චාම තමයි...

හසියා ඔන්න ඉතිං "සිතට දැනෙන මේ ලතැවුල්....." ගීතයේ පද ටිකයි ගීතයයි දෙකම දැම්මා ආයේ කෙනෙක්ට රස විදින්න....





සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබෙ නමින්
ජීවිතයේ කෙදිනක ‍හෝ
සැනසෙන්නට පතා ඔබෙන්‍.....

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ හිමිවේ නම්......

අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්......


ගායනය : ටී.එම්. ජයරත්න
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ විරසිංහ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



දුක්බර තනිව ගෙවු ඒ
දිවිමඟට සමුදෙමින්

ඇයට පණටත් වඩා

පුද කලෙමි ආදරය මුළු හදින්....

නමුත් ඇය වෙන්ව ගියේ

ඇරඹුමම කදුලක් වෙමිනි.....

දෙවැනි තෙවැනි වරටත්

ලබන්නට සිතු ආදරය

පෙර පරිදිම

ඇරඹුමම කදුලක්ම විය....

ඒ අයුරින් මා හට

ආදරය සරදම් කරන්නට විය....



දිවිමගේ හමුවූ මිතුරන් මිතුරියන්

සහොදර සහෝදරියන්

නෑදෑ හිතවතුන්

නොසිතූ ලෙස වෙන්ව යමින්....

කරනා සියළු දේ මෙන්ම

අලුතින් පටන්ගත් හැ‍මදේම

ප්‍රතිඵල රහිතව

නිෂ්ඵල වෙමින් මා හට

ජීවිතයද සරදම් කරන්නට විය.....



එපා වූ ජීවිතයෙන්

සමුගන්නට සදහටම

බීවෙමි නිදි පෙති

අසුපහක් එක් රැයෙක....

කිසිත් නොවුවෙකු මෙන්

පසුදා අවදි කරවමින් මාහට

මරණයද සරදම් කරන්නට විය....



ළංව සිටි සැමටම

මා වදයක්ම විය...

මා කරදරයක්ම විය...

මා දුකක්ම විය....


මා මෙතෙක්

දැනහෝ නොදැන

සිදුකරඇති සැම‍දේ

වෙනුවෙන් වරදකරු වෙමි

නිවැරදිකරු නොවෙමි......

එය මා පිළිගන්නා එකම සත්‍යයි....

සමාදෙන්න මාහට

හැකිනම් පමණක්

මා අතින් සිදුවූ සැමදේට.....



මෙලෙසින් වූ මාගේ

දුක්බර පව්කාර විඳවන

අරුතක් නොලත් ජීවිතයට

නැවතත් සමුදෙන්නට

කාලය එළෙඹ ඇත‍...
.
කාටත් වදයක් වු මා

තවදුරටත් වදයක් නොවෙමි..

යන්නටම යමි

සදාකාලිකවම නොඑන්නට....




෴____________෴






ප.ලි. :


ම්ම්ම්ම්ම්ම්..... හසියා සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මේ පද ටික ලියන්නට සිතුවේ එක්තරා පුද්ගලයෙක් වෙනුවෙන්....ඒ කෙනා කවුද කියන එක ගැන වගේම ඒ සිදුවීම හොයනවට වඩා ඔහුගේ මානසික තත්වය ගැන කැමතිනම් විතරක් සිතන්න..... ඔහුගේ හැඟීම් හසියට හරියටම අකුරු කරන්න බැරවුණා වෙන්න පුළුහන්...මොකද හසියට පද හරඹයේ දස්කමක් ඇත්තටම නෙමැති නිසා‍‍.....ඒ ගැන අනේක වාරයක් සමාව අයදිනවා ඔබ සැමගෙන්.....






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



ඔන්න හසියා අද හැමෝටම
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!




(හසියාගෙන් පුංචිම පුංචි තෑග්ගක්....)


ගිය දවස් ටිකේ කෂ්ටිය මඩ ගාගෙන නාගෙන එක විකාරයක් වුනා නේද....ඔන්න ඉතිං කෂ්ටියට මඩ හෝදාගන්නත් එක්ක මාලු බාන ටියුටෝරියල් එකක් දෙන්න හිතුවා...හොදම සීන් එක මේ වැඩේ ගෙදරදීම කරගන්න පුළුහන්....කොච්චර පහසුද නේද‍‍...මාලු කෑල්ලක ගාණ අහනකොට කලන්තේ හැදෙන මේ කාලේ මේවගේ දෙයක් කොච්චර වැදගත්ද.....හසියා‍ ඉතිං හැමදාම අසරණ පිඩීත ජනතාව ගැන හිතන පතන අහිංසක සත්ඟුණවත් නැණවත් සාධරණ කොටානේ.....(නෑ නෑ වැරදිලාවත් හසියා දේශපාලුවෙක් නම් වෙන්න අදහසක් නෑ...)

වැඩි කතා මොකටද...ඔන්න බලලා හිටියනම්.......



(මෙන්න මෙහෙමයි ගෙදරදීම මාලු බාන්නේ....)


කො‍හොමද වැඩේ...දන්නවනේ ඉතිං හසියා වැඩක් කලොත් කියන්න දෙයක් නෑ කියලා...හා නැද්ද මං අහන්නේ....

අහ් ඔය ටියුටෝරියල් එක ප්‍රසන්ට් කොරන්නේ වෙන කවුද ඉතිං......හසියා තමා‍‍‍‍....ගෙට් එකට ආපු අයනම් ඉතිං දැක්කා නෙවැ...නොදැක්ක අයටත් ඔන්න බලාගන්න....ම්ම්ම්ම්ම්ම්ම් තව දෙයක් ඕය විඩියෝ එක හැදුවේ 2004 හෝ 2005.හරියටම මතක නෑ.කොහොමහරි ඔය අවුරුදු දෙකෙන් එකක අප්‍රියෙල් නිවාඩුවට අපේ පුංචිලාගේ ගෙදර ගිය දවසක පුංචිගේ පුතන්ඩියා එක්ක...අදහස නම් හසියගේ නෙමේ, ඒ අයියගේ හොදේ.....හසියට ඉතිං කොහෙද ඔච්චර මොළයක්...නේද....

එහෙනම් හසියා වාෂ්ප වෙන්නම් දැන්ම....නැතිනම් කෂ්ටිය බාපු මාලු වලින් හසියට පෙරලා පහරදෙයි වගේ.....


අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා....මේ විඩියෝ එකේ අනිතිමට කියනදේ තියෙනවනම් විතරක් මේ වැඩේ අත්හදා බලන්න....නැතිනම් ඉතිං වැඩේ සාර්ථක වෙන්නේ නෑ‍....


හසියා එහෙනම්......


ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



"අහිංසකීගේ නැවතුමෙහි විවේක ගත් මඩකෝච්චිය ජීවි, පුබුදු, මල්ටි මඩ, හසී නඟා පසුකරමින් හසියා වෙත ඇදෙනු ඇත‍‍...."

වැඩි කතා බහ ඕනි නෑ...දන් කෂ්ටිය දන්නවනේ හසියගේ මඩ කෝච්චිය ගැන.දැක්කේ නැතිකෙනෙක් ඉන්නවනම් දැන්ම පෝඩ්ඩක් හො‍ට දාලා ලොවෙත් නැති මඩ ටිකක් ගාගෙන බැරිනම් නාගෙන ආවනම් තව මඩ ටිකක් නාගන්න....

මඩකෝච්චියේ පළමු භාගය.....
"෴ මඩ මඩ මඩ...ලාබයි ලාබයි ලාබයි..... ෴"

මඩකෝච්චියේ දෙවන භාගය.....
"෴ මඩ මඩ මඩ...තව ඉවර නැද්ද මේ මඩ කල්දේරම.... ෴"


ඔන්න ඉතිං නැවතත් මඩකෝච්චිය ඉදිරයට ඇදෙමින්.....


සාර්ථක එකොලොස් වෙනි මඩ පාර... මේ නගරයේ වීදී දීගේ ඇවිදන් ගිය අපේ මේ ජීව් අයියටම තමා‍‍‍ ඕන්......

ඉතිං ඔන්න දැන් කෂ්ටිය ආහාර අනුමත වෙලා එහෙම සතුටු සාමීචීයේ යෙදුණනේ...ඔන්න ඔය අතරේ ආවා නේද ලස්සන අක්කා නඟෙක්...ඇස්වහක් කටවහක් නෑ ඉටි රූපේ වගේ.පස්සේ තමයි දැක්කේ අයිතිකාරයා...වෙන කවුද ඉතිං ජීව් අයියා තමයි...අක්කා නම් ඇත්තටම ලස්සනයි.(හසියා බොරු කියන්නේ නෑනේ...කියලත් නෑනේ....) හැබැයි ඉතිං මොනාවුනත් එවලේ තිබ්බ මූඩ් එකද එහෙමත් නැතිනම් හැටිමද මන්දා පොඩි අවුලක් තිබ්බා වගේ.ඒ අක්කගේ මුණට චීස් කෑල්ලක් එහෙම දැම්මනම් උණුවෙන්නේ දාන පරක්කුවෙන්...ඒ තරම්ම කූල්....ජීව් අයියත් ඉතිං අනේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ (වචනෙ සැරද මන්ද...) මීක් නෑ....වෙලාවට ඉතිං ජීව් අයියගේ වයිෆ් අක්කා ගෙට් එකට මුලදි ආවේ නැත්තේ.නැත්නම් ඉතිං ඔය ෆුල් මූඩ් ගහලා සැන්ටිමැන්ටල් විදිහට සිංදු කියන්න යෑ...නේද....

ජීව් අයියගේ වයිෆ් අක්කා දැක්කගමන් හසියා ඉතිං ජීව් අයියට පොඩි වොර්නිං පාරක් දුන්නා...අදනම් පුතේ ගෙදර ගිහින් හමාරයි කියලා..මිනිහට ඒක තේරුණේ නැද්ද...නැත්නම් ඉතිං වයිෆ් ඉස්සරහා නිසා කරබාගෙන උන්නද කියන එකනම් හසියා දන්නේ නෑ ඕන්...හැබැයි ජීව් අයියා ගෙට් එකෙන් පස්සේ දවස් දෙක්ක විතර යනකම් දැක්කේම නෑ....පස්සේ තමයි කරලියට බැස්සේ...ඔය පානදුර පැත්තේ කෂ්ටිය නම් කිව්වේ ගෙට් එක දවසේ හවස ඉදන් පියාඹන පීරිසි, පිඟන්, කෝප්ප එහෙම අහසේ පාවෙනවා දැක්කා කියලා.වෙච්චි දේ හිතාගන්න පුළුහන් ඇතිනේ...අනේ අසරණ අපේ මේ ජීව් කොලුවා....හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.....!!!


ඔන්න ඉතිං දොලොස්වෙනි මඩ පාර....අපේ අර හයේ හතරේ කොලුවා...බුපුදු නෑ නෑ... පුබුදු කොලුවට තමා මේ හීන් මඩේ....

ඔන්න ඉතිං දැන් ඔක්කොම කයි කතන්දර අහවර කොරලා සැවොම සතුටින් විසිර යනමොහොතේ අපි හිපටු බිල්ඩිමෙන් පහලට ආවේ අර ඇලිවේටොර්ද මොකක්ද එකෙන් නෙවැ...(කවදා කාපු ජම්බෝලද මෙව්වා....)ඔන්න ඉතිං කෂ්ටිය දඟලලා දඟලලා අර ඇලිගේටරේද මොකක්ද එක‍ ගෙන්නගෙන ඇතුලටත් ගියා.දැන්මේක පහලට යනකොට අපේ මේ පුබුදු කොලුවා උඩ පනින්න ගත්තා‍‍...ඉවරයක් නෑ ඉතිං උඩ පැනිල්ල...හසියා හිතුවේ පුබුදු කොලුවට මොකක් හරි දෙයක් මතක් වෙලා ගිය චූන් එකක් නිසා ඇතිවෙච්ච සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්න ඇති කියල....පස්සේ කෝකටත් කියලා කවුරුත් නැති වෙලාවක අහල බලපුවහම කිව්වේ, "ඇයි බං ඉතිං දැන් අපිට යන්න ඕනි පහලටනේ‍‍....ඉතිං අපි උඩ පැන්නාම අපේ බරට තමා ඕක පහලට යන්නේ.ඒකයි ඉතිං උඩ පැන්නේ..." කියලා. කොහොමද අපේ පුබුදු කොලුවගේ මොලේ... හැබෑටම එතකොට උඩට යන්න පහළට පනින්න ඕනිද පුබුදු කොලුවෝ...?


දැන් ඉතිං දහතුන්වෙනි මඩ පාර....මේකත් හීනි මල්ටි මඩක්.....

අපේ මේ හසී නඟාට හරි ආසාවක් තියෙනවා මුහුදේ රැල්ල පාඟන්න.ඉතිං ඔය හොතුව නිසා අපි හිතුවා ගෙට් එකෙන් පස්සේ පොඩ්ඩක් එයාට ඇති තරම් රැල්ල පාඟන්න ගෝල්ෆේස් පැත්තට ගිහින් දාන්න.ගිහින් දාලත් බෑ...කඹ වලින් බැදලා කොරලා තියන්න එපායෑ...‍හුලං පාරටයි රැල්ලටයි අහුවෙලා පාවෙලා ගියොත් මොන දෙයියන්ට කියන්නද ඉතිං......(හසියට නම් ඔය තිස්තුන් කොටියක්ද කොහෙද ඉන්න දෙයියන්ව පොඩ්ඩක් වත් ෂුවර් නෑ...මුකත්ම කොරගන්න බැරිව අපෙන්ම යැපෙන සැට් එකක්නේ....ඉතිං හසියා උන්ට මුකුත්ම කියන්නේ නෑ‍‍‍....) ඉතිං දවල් වෙද්දි තිබ්බ සීතල නිසාම අපි තීරණය කොර අපේ හසී නඟාගේ ආසාවට වැට බදින්න...පව් පෙඩි එකීගේ ආසාව....

ඔන්න ඔය අස්සේ අපේ මේ පොඩ්ඩිට ඕනි වුනා නෙවැ බේරෙ වැවේ හංස බෝට්ටු පාරක් පදින්න...අපි මුලදි හිතුවා එදා පොඩ්ඩිට වෙච්ච දේ නිසා මේකි පනියි කියලා බේරේ වැව මැද්දට ගිහින්...කොහෙද ඒකවත් කොලේ නෑනේ....ඔන්න ඉතිං හංස බෝට්ටුවට නැග්ගේ දේන්නා දෙන්නා.අලි පස්දෙනෙක් එක බෝට්ටුවක ගියොත් හොදට තියෙයි...හිඟන්නයි ජේඩී කොලුවයි එකකට නැඟ්ගා.(කෙල්ල කවුද කියලා හසියා දන්නේ නැතෝ‍‍.....)අපේ පුබුදු කොලුවයි පොඩ්ඩියි නැග්ගා එකකට (හරි රොමැන්ටික්.....) අනේ අසරණ හසියාට නඟින්න වුනේ හසී නඟා එක්ක.නැග්ග කරුමේ කියලා හිතුනේ ඒ වෙලාවේ...(හසියා ගැන දුකේ බෑ....පව් නේද....)


දාහතරවෙනි මඩපාර අපේ මේ පොඩ්ඩිට....

දැන් ඉතිං කෂ්ටිය හංස බෝට්ටු පැදලා කකුල් දෙකට වැඳ වැඳා යන්න පිටත් වුනා.ඔන්න එතකොට අපේ මේ පොඩ්ඩිට දොළදුකක් පහලවු‍නා හංස ‍බෝට්ටු පදින්න ගියා පුබුදු කොලුවා එක්ක ටැයිටැනික් බයිස්කෝප් එකේ තිබ්බ සීන් එකක් රඟදක්වන්න...(හෆ්ෆේ ඇඩල්ට් සීන් එකක් නෙවේ....ඒත් එහෙම එකක්ද මන්දා කියලත් හිතනෙවා....) ඔන්න ඉතිං බේරේ වැව ළග තියලා තියෙන නැංගුරමක් ළගට වෙලා දෙන්න ලව් සීන් එකක් රඟදැක්කුවා...හසියා වැඩි දුර ගෙනියන්න දුන්නේ නෑ...බෑනේ මුං දෙන්නව අල්ලන් ගියොත් අසභ්‍ය විදිහට ප්‍රසිද්ධීයේ හැසිරුණා කියලා..ඔන්න ෆොටෝ එක තියෙනවා....

(ෆුල් රොමැන්ටික්....)

දැන් ඉතිං ඔය සීන් කෝන් රඟදක්වලා කෂ්ටිය මොනාහරි බොන්ට කියලා හොයන් ගියා...(ඇඟරත්වෙන්න නෙවේ කූල් වෙන්න දෙයක් හොයන්....) ඔන්න ඉතිං කඩයක්ද හෝටලයක්ද කූල්ස්පොට් එකක්ද මන්ද එහෙකට ගියා.ඔන්න කෂ්ටිය කික් කෝලා බොන්න කතා කරගත්තා.අපේ හසී නඟා ඉතිං කික් ගන්න ඕනි නෑ කියලා ක්‍රීම් සොඩා එකක් ඉල්ලුවා.ඔන්න ඉතිං දැන් අපි කික් ගහනකොට හසී නඟා ක්‍රීම් සොඩා ගහනවා...පස්සේ ඉතිං හසී නඟා හසියට ක්‍රීම් සොඩා එක දීලා කියනවා හසියෝ ආ බොන්න පොඩ්ඩක් කියලා.හත්ඉල්ව්වට ගහපු කලාබරේ කිව්වලු..මේ මොකෝ මේ...එකපාරට අපි ගැන ආදරේ පහල වුනේ ඇයි කියලා.පස්සේ තමා තේරුණෙ...එයාට මේ අපි බොන කික් කෝලා බොන්න ඕනි වෙලා.නැතිනම් දෙයි මෙයාලා.(ඔය කෙල්ලෝ අපිට දෙයක් දෙන්නේ ඉතිං ගන්න දෙයක් අපේ අතේ තියෙනම් විතරමනේ....හා‍ නැද්ද මං අහන්නේ....) ඔන්න ඉතිං හසී නඟාටත් දුන්නා.පව්නේ ඇඩුවොත් නළවන්නේ කොමැයි...ඔය අතරේ පොඩ්ඩිත් හසී නඟාගේ ක්‍රීම් සෝඩා එක අරන් කික් කෝලා එකට එක අනුපාතයට මික්ස් කොරලා ගැහුවා.අපිට මොකෝ ඒකිට හොදනම්‍‍...දැන් පොඩ්ඩට පොඩ්ඩක් කික් වගේ....පොඩ්ඩක් නෙවේ හොදටම...කඩෙන් එළයට බැහැල එද්දි තමා අපිටත් ඒක තේරුනේ.දැන් අපි පෙටා එන්න බස් හොල්ට් එකට පොඩ්ඩක් මෙහා නැවතිලා හිටියා බස් එකක් එනකන්.පොඩ්ඩි මේ අතරේ අපිට කියනවා ඒ බංස්ලා අතන පට්ට කෑලි ටිකක් ඉන්නවා යංකෝ බං බස් හෝල්ට් එක ළගට කියාලා.ඔන්න පොඩ්ඩිගේ කුකුල් ගතිය...හැබැයි ලොකු අවුලකට තිබ්බේ එතන හිටියේ කෙල්ලො ටිකක් නෙවේ කොල්ලෝ තුන්දෙනෙක්...(අහ් හරිනේ කෙල්ලොත් කොල්ලන්ට කියන්නේ කෑලි කියලනේ...ෂේප් ෂේප්....)

කොහොම හරි පොඩ්ඩිට වැදිච්ච කික් එක නිසා පොඩ්ඩි දවස් තුනක් යනකන් පේන්න හිටියේ නෑ.ගෙදරට කතාකරලා බලපුවහම කිව්වා පොඩ්ඩිගේ ඔළුවේ දෙහි ගාන්න දැන් දෙහි කිලෝ පහකටත් වඩා ගෙනාව කියලා.තාමත් කිසිම අඩුවක් නෑ කියලා...පුළුහන් කෙහෙල් මලක් කොරන්න එපායැ....මදෑ පොඩ්ඩි කික් ගන්න ගියා....


අති සාර්ථක පහලොස්වැනි මඩපාර අපේ මේ හසී නඟාට.....

ඔන්න දැන් අපි බස් එකේ නැගලා පෙටා එනකොට අපි ඉදගත්තා පිටිපස්සේ සීටි එකේ.අපි කිව්වේ හසියයි, පොඩ්ඩියි, හිඟන්නයි.එතකොට පුබුදුවා පිටිපස්සේ දොරට ඉස්සරහා සීට් එකෙන් ඉදගත්තා.පුබුදුවා හිටපු සීට් එකට හරියටම අනිත් සයිඩ් එකේ තිබ්බ සීට් එකේ අපේ හසී නඟා ඉදගත්තා‍‍...දැන් තමයි හොදම සීන් එක...බස් කාරයට නැට්ට පැගිලා ඇරලා තියලා යනවා...ඉතිං වංගු ගන්නකොට අපේ මහත හසී නඟා සීට් එකපුරාම එහා යනවා මෙහා යනවා...හරියට නිකන් සරල අවලම්බයක් වගේ...ඔහොම යනකොට තුන් පාරක් විතරම හසී නඟා සීට් එකෙන් එළියට විසික් වුණා.ඒ හැමපාරම අපේ මේ පුබුදු කොලුවා තමා පයින් ගහලා හසී නඟාව බේරාගත්තේ‍‍‍...සීට් එකෙන් එළියට පනින කොටම පයින් එකක් ගහනවා සීට් එකේ එහා කොනටම විසික්වෙන්න...වෙලාවට අපේ පුබුදු කොලුවා ස්ථානෝචිතප්‍රඥාව යොදලා අපේ හසී නඟාට එහෙම කොලේ...නැතිනම් ඉතිං අපේ හසී නඟා බස් එකෙන් එළියට විසික්වෙන්නේ බස් එකේ තඩි දොරෙන් නෙමේ ජනේලෙකින්....ඇයි ඉතිං හුලං පාරට ඔරෙත්තු දෙන්නේ නෑනේ....


(පුබුදු කොලුවා එඩිතරව අපේ හසී නඟාව බේරාගන්නා එක් අවස්ථාවක්.....)


ඔන්න ඉතිං හසියගේ මඩ කෝච්චිය දැන්නම් ගමනාන්තට ඇවිත්‍‍....මඩකල්දේරමේ පොඩ්ඩක් තව මඩ තියේ...ඒක මේ අපේ ගුණගරුක අවංක සත්ඟුණවත් නැණවත් හසියාතුමාට....මේච්චර වෙලා මඩ ගහපු අපේ මේ හසියාතුමටත් මඩ පාරක් ගැහුවේ නැතිනම් ඉතිං හරි නෑ වගේනේ... මේන්න එහෙන්ම් ඒ මඩ පාර....

ඔන්න ඉතිං කෂ්ටය හංස බෝට්ටු පදින්න ගිහින් හසියාතුමායි හසී නඟායි එකබෝට්ටුවේ නැග්ගා කියලා හසියාතුමා ඉස්සෙල්ලා කිව්වනේ... ඔතන හොද සීන් එකක් වුනා.දැන් ඉතිං හංස බෝට්ටුවේ නැග්ග අනිත් කෂ්ටිය සහයෝගෙන් දෙන්නම ලස්සනට පදිනවා .ඒත් ඉතිං හසියාතුමා නැග්ග බෝට්ටුව පැද්දේ හසියාතුමා තනියම.හසියාතුමා කකුල් දෙක කාඩාගෙන පදිනවා....දුකේ බෑ...හසී නඟා ඉතිං සුක්කානම අරන් කරකෝනවා එයාට ඕනි ඕනි විදිහට....(රියදුරු දෑතට නොව, රිය පදවනා කකුල් දෙකට බුදු සරණයි.....)ඉතිං ම‍ගෙත් කට කහන නිසා මං ඇහුවා හසියාතුමාගෙන් මොකෝ මේ තනියම පදින්නේ හසී නඟාත් එක්ක පදින්න කියලා.ඉතිං හසියාතුමා කියනවා‍‍...."හසී නඟාත් බෝට්ටුව පැදලා එයාගේ හන්දිපත් රුදාවයි කකුල්වල රුදාවයි ඇවිස්සුනහම තෙල් බේත් ගාන්නේ කවුද...අනිත් එක ‍ඔය වයසේ හැටියට තරුණ ගැටිච්චියෝ වගේ වෙහෙස මහන්සි වෙන්න හොද නෑනේ...ඉතිං මං කිව්වා හසී ඔයා පදින්න ඕනි නෑ මං පදින්නම් කියලා".ඒකත් හැබෑව හැබෑව.ඔය වෙලාවේ මට තව පුශ්නයක් පැණ නැග්ගනේ.ඒකත් ඉතිං හසියාතුමාගේන් අහලා නිරාකොරණය කොරගත්තා.මං ඇහුවේ එතුමගෙන් "දැන් ඔච්චර වයස හසීට ඇයි ඔබතුමා නඟා නඟා කියන්නේ...එහෙම නඟා කියන ඔබතුමාට ඊටත් වඩා වයසද...? "කියලා.එතකොට හසියාතුමා කියනවා... "නෑ බං මට නම් වසය අවුරුදු 22යි.අපේ හසීට වයස අවුරුදු 86ක් විතර.ඔච්චර වයස වෙලත් තාම හසී බැදලා නෑනේ.ඉතිං අපිට ඔය හසී කිව්වා අනේ මට බදින්න කෙනෙක් සෙට් කරගන්න ඕනි...ඒ හන්දා කට්ටිය ඉන්න තැන හසී නඟා කියලා කියන්න.මං මේකප් එකෙන් අවුරුදු 22 විතර කෙලි පොඩ්ඩක් වගේ ඉන්නම් කියලා.මොනා වුනත් හසීගේ ආසාව නිසා අපි තීරණය කොලා හසී නඟා කියලා කතාකරන්න...".ඔන්න බලන්න පිංවතුණි මේ පවුලේ තියෙන බැදීම...ආදරය...එක පවුලේ නොවුනත් දක්වන ආදරය අනුකම්පාව අනොන්‍ය අවබෝධය...

එහෙනම් හසියාතුමාට මඩ ගහපු මං නැවතත් අපේ සත්ගුණවත් නැණවත් කරුණාබර දයාබර හසියාතුමාට මඩ කෝච්චිය බාර දීලා පැත්තකට වෙන්නම්....මම තමයි මඩ කරියා....ටාටා හොදේ....


අහ් එහෙනම් කෂ්ටිය අන්තිමට හසියටත් මඩ ගැහුවා...හසියට මඩ ගහන්න ඉතුරුවෙලා තිබ්බ එකම තුරුම්පුව අර මඩ කරියා මහතා ගැහුවනේද...දැන් ඉතිං හසියට මඩ ගහන්න බලන් උන්නු අපේ මේ දේශමාමක දේශද්‍රෝහී හසී නඟා ඇතුළු අන්ඩපාල සෙ‍ට් එකට හුලං තමා...අනේ පව් නෙවැ....


ම්ම්ම්ම්ම් 19 තිබ්බ සිංහල බ්ලොගර්ස්ලාගේ එකතුවෙදී සිදුවෙච්ච සිදුවීම් කිහිපයක් අල්ලාලා තමයි හසියා ඔය මඩ කෝච්චිය සංවිධානය කොරේ...ඇත්තටම ගෙට්එක සංවිධානය කරපු කාලිංග ඇතුළු සෙට් එකට ගොඩක් ස්තූතියි...ඔවුන් ඒක සංවිධානය කරපු නිසා තමයි අපිට මේවගේ ෆන් එකක් ගන්න ලැබුනේ...ඇත්ත අඩුපාඩු තිබුණා.අනවශ්‍ය දීර්ඝ කතා දෙක්කම තිබුණා කියලා කියන්න ඕනි.තව පොඩ්ඩක් කෂ්ටියගේ සුහදතාවය වැඩිවෙන විදිහේ අංගයක් දෙකක් ඇතුළත්ව තිබුණනම් නියමයි..උපරිමයි...අවුලක් නෑ...අපි නැගිටින්න ඕනි වැරදි මතින්..ඊළග පාර ඔය වැරදි නිවැරදි කරගෙන මේ ආවටත් වඩා සෙට් එකක් එකතු කරගෙන මීටත් වඩා හොද ගෙට් එකක් තියමු.එකනේ වෙන්න ඕනි දේ...

බොක්කෙන්මයි කියන්නේ හසියනම් ෆුල් හැපී විත් දිස්ටයිම් ගෙට්....මැක්සා විත් රොක්ස්.....


අහ් අද අපේ මේ ජිල් අක්කගේ හයියෝ නෑ නෑ... අපේ මේ දිල් අක්කගේ උපන්දිනේ......අපරා‍දේ 19 ගෙට් එකට ආවනම් උපන්දිනේට කවදාවත් අමතක නොවෙන්නම මඩහැලියක් දෙන්න තිබුණා.....හසියා අහල තියෙන විදිහටනම් දිල් අක්කත් හොද මඩ පප්පියක් බස් එකතුල..... ඔන්න ඉතිං ඒ මඩ පප්පිටත් සුභම සුභ උපන්දිනයක් වගේම කරන කියන සියළුම කටයුතු සාරථකවෙන්නත් සතුට නීරෝගී සුවය සදා රැදෙන්නත් කියලා හසියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......


තුන්වෙනි පාරටත් කියන්නම්කෝ...

"මඩ වැදුනු ඇත්තෝ ඇත්තියෝද.... වදින්න සිටින ඇත්තෝ ඇත්තියෝද... තරහා අවසර හොදේ....‍"


එහෙනම් හසියා දැනට වාෂ්ප වෙන්නම්කෝ.....


ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



"හසී නඟාගෙන් පටන් ගත් මඩ කෝච්චිය ඉදිරියේදී ජීව්, පුබුදු, පොඩ්ඩී, හසී නඟා, හිඟන්නා, උපාසක, කුෂාන් විත් ෆා යන නැවතුම් පසුකරමින් අහිංසකීගේ නැවතුමේ තාවකාලිකව විවේක ගනුඇත‍‍‍..."

වැඩි කතා ඕනි නෑ...මඩ කෝච්චියේ මුල් ගමනාගමනය දැක්කේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පොඩ්ඩක් හොට දාලා එන්නකෝ... "෴ මඩ මඩ මඩ...ලාබයි ලාබයි ලාබයි..... ෴"

ඔන්න ඉතිං ඉස්සෙල්ලා නැවැත්තුව වගේ දැං ආයෙත් මඩ සීරීස් පටන් ගන්න යන්නේ....


හයවෙනි මඩ පාර....කිව්වත් වගේ මේ නඟරයේ විදී දිගේ ඇවිදන් ගිය වෙන කාටද අපේ මේ ජීව් අයියට ඇරෙන්න....

ඔන්න ඉතිං කාලිංග අයියා කිව්වනේ අපේ තිස්ස අයියට සිංදුවක් කියන්න කියලා.තිස්ස අයියා නොබියව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේපකලා.(එහෙම හරිද මං අහන්නේ...)ඇත්ත හැබැයි වැඩේ වැරැද්දුවේ කාලිංග අයියා.සිංදු කොහොමද කියන්නේ..ගායනා කරනවා මිසක් නේද.බැරි දේවල් නොකරන් අඹරෝ වගේ තිස්ස අයියා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කල එකත් හරි.තිස්ස අයියා ඉතිං ලංකාවේ අර දේශපාලුවො බොලේ පාස් කරනවා වගේ මයික් පොල්ල කුෂාන් අයියට බාර කලා...එයත් ඊට නොදෙවෙනි නෑ.ආයේ තිස්ස අයියට දුන්නා බොරු බයිලා පාරක් ගහලා.අපි නොදන්න සිංදු කාරයෝ...ඔන්න ඔය වෙලාවේ ඉතිං අපි ගැන දුක හිතිලා හසියා අසල ඉදන් හිපටු ජීව් අයියා උඹලා දෙන්නට බැරිනම් දියව් මං කියන්න කියලා මයික් පොල්ල උඳුරලා අරන් කිව්වනේ සිංදුවක් අහ් වැරදුනා කිව්වේ නෑ...ගායනා කලා නෙවැ.ඔන්න හසියා ඉක්මනින් විඩියෝ පාරක් දැම්මා.හැබැයි විඩියෝ කරන්න පටන් ගනිද්දි කෝච්චිය ගිහින්.කොහෙද ඒවා රෙඩි කරගන්නත් වෙලාවක්.උඳුරගත්ත ගමන් මයික් පොල්ල කියාගෙන කියාගෙන ගියා.ඉතිං සිංදුවේ මුල්ම කොටස නැ හොදේ.ඔය විඩියෝ එක අතර තුර බලන්නකෝ ජීව් අයියගේ සිංදු කීමේ හැකියාව නිසා මාරයියට නින්දත් ගිහින්.බොහොම අමාරුවෙන් තමයි මිනිහා ඇහැරලා හිටියේ.බොරුනම් බලන්නකෝ.ජීව් අයියා සිංදුව ගායනා කරන ෆ්‍රේම් එකේදී වම් පැත්තෙන් ඉන්නවා කංචන අයියා.මිනිහටම මාර චූන් එකක් ගිහින් තියෙන්නේ.බලන්නකෝ හසියා කියන්නේ බොරුද කියලා.ඇයි ඒ මදිවට දකුණු පැත්තේ ඉන්නේ අපේ මේ පුබුදු කොලුවනේ.ඌටනම් ඉතිං කඳුළු පැන්නේ නැති එක විතරයි.බලන්නකෝ මූඩ් එකේ හැටි.දැක්කම දෙන්න හිතෙනවා මූඩ් ෆික්ස් වෙන්න ජින්ජර් බිස්කට් එකක්.මොනා වුනත් ඉතිං කාපු බූට් වලින් එකක් දෙකක් මතකෙට එන්න ඇතිනේ...පව්නේද...
දැන් කිව්ව ටික මතකද මන්දා..ඔන්න වීඩියෝ එක තියෙනවා.බලන එකයි ඇත්තේ‍‍‍...



සිංදුවට ප්‍රතිචාරනම් තිබ්බා.අන්තිමට මොකෙක්ද මන්ද විසිල් පාරකුත් ගැහුවේ.
හසියා ඉතිං මධ්‍යස්ථ මතධාරී සාධාරණ කොටා නිසා ඇත්තම කියනවනම් ඉතාමත් දුර්වලයි.ශෘතියද (කෑ ගැහුවට හරියට ලිව්වද මන්ද...) මොකක්ද එක කෑලේ.මිනිහා නිදි.ඔහොම පුළුහන්ද සිංදු කියන්න.ආ...? තුන්වෙනි වටේට තියා දෙවෙනි වටේටවත් යවන්න බෑ කියලා තමයි කියන්නේ.මොකාද මේ ජීව් කාරයාව දෙවෙනි වටේට එවපු එකා...


හත්වැනි මඩ පාර කාටද දෙන්නේ...ම්ම්ම්ම්ම්ම්ම මේක හීන් මල්ටි මඩ ප්‍රහාරයක්...(හැමෝටම එකයි....)

ඔන්න ඉතිං කෂ්ටිය දැන් කන්න බොන්න සෙට් වුනානේ ගෙට් එකෙන් පස්සේ.ෂේප් කෑම ටික.ඔන්න ඉතිං කන්න ඉස්සෙල්ලා අපේ මේ හිඟන්නා අඩන්න ගත්තා කෑම පැකට් එක ඉස්සරහා තියාන ෆොටෝ එකක් ගන්න ඕනි කියලා.පව්නේ ඉතිං හිඟන්නගෙත් ආසාවනේ.ඔන්න ඉතිං ගත්ත ෆොටෝ එකත් දැම්මා.ආව් ආව් හිඟන්නා...කවදා කාපු කොන්ක්‍රීට්ද මෙව්වා නේද...

ඔන්න දැන් පේනවානේද අපේ පුබුදු කොලුවගේ උනන්දුව.උනන්දුවද පෙරේත කමද කියන එක පොඩ්ඩක් හිතලා බලලා තීරණය කොරන එකයි ඇත්තේ‍‍.‍..පේනවනේ බත් පැකට්එක එක පාර බඩට දාගන්න විදිහ තමයි හිතන්නේ ඔය...වැඩේ අසාර්ථකයි.මොකද හසියා පුබුදුවට මතක් කරලා දුන්නේ මේ ගෙදර නෙමේ කියලා..

ඔය අපේ හසී නඟා ඔච්චර කෙට්ටු වුනාට කන හැටි දැක්කම කලන්තේ හැදෙනවා.හසියාගේ බත් එකෙන් බාගෙකට හසී නඟා වැඩේ දුන්නා.දුන්නේ නැතිනම් ගහනවා කිව්වා.ගුටි කනවා කියලා ඔහොමත් ගුටි කන්න පුළුහන්ද මං අහන්නේ...කැත වැඩේ කියන්නේ ගිඟන්නගෙ බත් එකෙනුත් බාගයක් දුක නැතිව ගත්තා‍‍.(හිඟන්නගේ පාත්තරේටම තමා හසී නඟාත් කඩා පාත්වෙන්නේ කියන්නේ ඕකටනේ...)

පොඩ්ඩිනම් අඬ අඬා කිව්වා අනේ මගේ බත් එකනම් ඉල්ලන්න එපා.මට මේකත් හොදටම මදි කියලා.කොහොම හරි පොඩ්ඩිගේ බත් එක බේරුනේ කාලංග අයියා ඇවිත් කිව්වනේ තව බත් පැකට් තියනෙවා ඕනි නම් අරන් කන්න කියලා.ඒක කිව්වා විතරයි හසී නඟා හිටපු තැනක්වත් නෑ. බැලින්නම් බත් පැකට් දෙක්ක අත් දෙකෙන්ම උස්සන් එනවා.දුක නැතිව ඒ බත් පැකට් දෙකට හසී නඟා‍ වගකිව්වා.ගෙදර අලියාව මතක් වෙලා හසියගේ ඇහැට කදුළුත් ආවා.ගෘහස්ථ හිංසනය යටතේ කොච්චර පීඩනයකින් ඒ මිනිහා ජීවත්වෙනවා ඇත්තේ‍‍‍ නේද....

(මල්ටි මඩ කියන්නේ මේවට තමා....)

ඔය ෆොටෝ එකෙන් තව එකෙක්ගේ හොර වැඩක් මාට්ටු වුණා.බලන්නකෝ හොදට.ඔය බත් පැකට් දිහා කෙලා හලා හලා ඉන්නේ එහා මේසේ ඉදන් වෙන කවුද නේද....අපේ මේ උපාසක බළල් උන්නැහේ මිසක්...වෙලාවට දැක්කේ.නැතිනම් අපේ බත් පැකට් එකට වගකියන්නේ කොහෙවත් හිටපු හොර උපාසක පූස් තඩියෙක්‍‍.(අහුවෙත්දෙන්කෝ ඔය හොර පූස් තඩියා....)


ඔතන පොඩ්ඩි හිඟන්නට කෙප්පයක් අතාරිනවා.මොකක්ද කියලා අහඟන්න බැරිවුනානේ හසියට.මොකද මේ ෆෝටෝ ගැනිල්ල නිසා.හසී නඟත් ඉතිං හැමදේම දන්න ඇත්ති වගේ අනුන්ගේ කතාවලට හොට දාගෙනමයි...පේනවනේ ගෑණු ගතිය....


දැන් එහෙනම් ඊළග මඩ පාර අපේ මේ පුබුදු කොලුවටනේ...අනේ අහිංසකයා....(අපිනේ දන්නේ...)

ඔන්න දැන් ඉතින් කට්ටිය කාලා බීලා සතුටු සාමීචියේ යෙදෙනකොට බැලින්නම් පුබුදු කොලුවා නෑ.මාර සීන් එකනේ.පස්සේ බැලින්නම් තමයි දැක්කේ පැත්තක තිබ්බ පුටුවක හොදට වාඩිවෙලා කෝල් එකක කියලා.අපිත් හිතුවා ඉතිං ඔෆීෂියල් කොල් පොල්ලක් වෙන්න ඇති කියලා.ඒත් කතාව ඉවරවෙන පාටක් නෑ.මෙන්න බොලේ එක පාරට මේකා උම්බෑ කියන්න ගත්තා ෆොන් එක‍ට.අහ් ෆෝන් එකට නෙමේ අනිත් පැත්තේ කතාකරපු කෙනාට වෙන්න ඕනි මයෙ හිතේ‍‍.කවුද කියලා අපිනම් දන්නේ නෑ ඕන්...පුබුදු කොලුවගෙන්ම අහල බැලුවනම්...ඔන්න මල් කඩන වෙලාවේ ගත්ත ෆොටෝ එකකුත් දැම්මා.දැන් කෂ්ටියට ෂුවර්නේ.නැතිනම් අර ඊයේ හසී කෙල්ල හසියා කියපු දේවල් බොරු කියලා කියන්න අසාර්ථක උත්සහයක නිරතවුණා වගේ පුබුදු කොලුවත් ට්‍රයි කොරයි.(ඒවා කොහෙද මල්ලි මේ හසියා එක්ක...ආ....) හසියට ඒවා සාර්ථකව මැඩ පවත්වන්න පුළුහන් හොදේ.

(මල් පොහොට්ටු ගොඩායි.....)


මේ මඩ පාර පිස්සු ඩබලකට ගහන්න යන්නේ....හා කවුද කියන්න බලන්න....හරියට හරි වෙන කාටද ඉතිං කුෂාන් ඇන්ඩ් ෆා ඩබලට තමා‍....

මේ දෙන්නා හරියට රයිනයි සූකරයි වගේ.(වෙගේ මොකක්ද නේද ඉතිං....) ඇඟේ සයිස් එකෙනේ නෙවේ.මොලේ සයිස් එකෙන්.ඉතිං ඔය කුෂාන් කාරයා අපිව අන්දන්න කියලා වෙන්න ඇති හදුනාගැනීමේ පෙරැට්ටුවේදී කිව්වේ "මට අදාල වෙන කවුරුත් නෑ..බ්ලා බ්ලා බ්ලා...." කියලා.ඔන්න එතනම එහා පුටුවේ හිටපු ෆා අක්කත් ඒ බයිලා එකම ගැහුවේ අපිව තවත් ගොනාට අන්ඳන්‍න වෙන්න ඇති.අනේ මුං දෙන්නා වගේ මෝඩ ජෝඩුවක්‍.කෙලින්ම ඇත්ත කිව්වනම් මේ ඉන්නේ මගේ වෙන්ඩ වයිෆ් ඇන්ඩ් වෙන්ඩ හබී කියලා කතාව ඉවරයිනේ.කොහෙද ඉතිං.

අනිත් එක කුෂාන් කාරයා හිතන් ඉන්න ඇත්තේ පොර කියල වෙන්න ඇති.කොන්ඩේ කපා ගන්න සල්ලි නෑ කිව්වනම් දෙනවා කීය කීය හරි එකතු කරලා.අර ෆා අක්කා පොඩි කාලේ කොණ‍්ඩෙ‍ට දාපු බෑන්ඩ් එකක් දාගෙන් කොණ්ඩේ තියේ කියලා පෙන්නනවා.ඒ මදිවට ජේ.ඩී. කාරයත් ඒක පුරුදු වෙලා.පිස්සු නැත්නම් ෂෝක්..

කුෂාන් කාරයා එක්ක ෆෝටෝ ගත්ත අයට මතක ඇති හැමවෙලේම කේජු කේජු ගානවා.(කේජු කියන්නේ කේක් කියලා දන්නේ දනිතිනේ...)ඕකට හේතුව වෙලා තියෙන්නේ පොඩි කාලේ කුෂාන් කාරයා බයලු ෆෝටෝ ගන්නවට.ඉතිං පොඩි කාලේ ෆෝටෝ ගන්නකොට හැමදාම දුන්නලු කේජු.තාමත් ඉතිං බයලු‍.ඉතිං ඒකයි ඔය හැමවෙලේම ෆෝටෝ ගන්නකොට කේජු කේජු ගානේනේ.දැනගත්තේ විශ්වාසවන්ත ආරංචිමාර්ගයක් හරහා ඕන්‍‍‍...(ඉතිං කවුද කියලා අහන්න ඕට්ටු නෑ ඕන්....)

ඔන්න ඉතිං හසී ෆැමිලි එකත් ඔය කුෂාන් අයිය ඇන්ඩ් ෆා අක්කා තියලා ෆොටෝ එකක් ගත්ත නෙවැ.කේජුම තමයි....

(පිස්සු ඩබලක් පිස්සු ෆැමිලි එකක් සමග)


අති සාර්ථක දහවෙනි මඩ පාර අළුතින් අඳුනාගත්ත අහීංසකීට...මේක හීන් මඩ පාරක්...තාම ජූනියර්නේ...(පව්නේ පොඩි එකී...)

ඔන්න ඉතිං අර ඉස්සෙල්ලා කිව්වා වගේ පිස්සු ඩබල එක්ක ‍ෆොටෝ එකක් ගන්නකොට පැත්තක හිපටු අහීංසකී අඬ අඬා කිව්වා මාවත් ෆොටෝ එකට ගන්නකෝ කියලා.කොහෙද හසියට ගෑණු දැරිවියෝ නළවලා පුරුද්දක් තියේයෑ.ඉතිං ඔන්න හසියත් කිව්වා එහෙනම් හොටු කඳුලු පිහදාගෙන පැත්තකින් සෙට් වෙන්න කියලා.කොහෙද මැදටම එන්න ඕනි කිව්වනේ.පොඩි එකීගේ ආසාවනේ කියලා එන්න දුන්නාම බලන්නකෝ නේද..කාන්තා පාර්ශවයේ හැටිනෙවැ.ඔන්න ඉතිං ෆොටෝ එකක් ගත්තා‍ කියමුකෝ.ගෙදර ඇවිත් බලද්දී තමා හසියට තරු විසික්වුනේ.අහිංසකී කියලා එතන ඉදලා තියෙන්නේ භූතියක්‍‍.බොරුනම් ෆොටෝ එක බලන්නකෝ.‍‍...

(අහිංසකී භූතීට දකුණු පැත්තෙන් ඉන්නේ කවුරුත් දන්න මලහොල්මනක් ඊටත් දකුණු පැත්තෙන් ඉන්නේ කවුද කියලා කිව්වොත් හසියට වෙන්නේ අයි.සී.යූ එකේ මාස ගාණක් ඉන්න...නොකියා ඉන්න තරමටම හොදයි....)

පේනවා නේද...ඕකනේ කියන්නේ සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ කාන්තාවන් කියලා....


හෆ්ෆේ මඩ කල්දේරම ආයෙත් වේලිලා නෙවැ.ආයෙත් වතුර ටිකක් දාලා පහේ අඩු වැඩි නැතිව දාලා රත්කරලා ගෙන්නම්කෝ....මඩ කෝච්චිය දැනට අහිංසකීගේ නැවතුමේ නතරකලා තියන්නම්කෝ‍‍‍...තරහා නෑ නෙවැ...මේ මඩ කල්දේරම හදාගෙන ආයේ එන්නම්කෝ හසියා....


ආයෙත් කියන්නම්...

"මඩ වැදුනු ඇත්තෝ ඇත්තියෝද....
වදින්න සිටින ඇත්තෝ ඇත්තියෝද...

තරහා අවසර හොදේ....‍"



එහෙනම් හසියා දැනට වාෂ්ප වෙන්නම්කෝ.....


ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



"එන්න සල්ලි නොදී මඩ අරන් යන්න එන්ඩෝ...ඒන්න ඇවිත් මඩ ගාගන්න බැරි නම් නාගන්න එන්ඩෝ.... මෙන්න අපෙනුත් මඩ පිට මඩ......"

හසියත් හිතුවා ඔන්න ඉතිං 19 තිබ්බ ගෙට් එකේ වෙච්ච මඩ සීන් කොන් ටිකක් ඇදලා අරන් අයිස්, පලම්, සුල්තානා, කජු, පැණි වගේ දාලා කෂ්ටියට දෙන්න රස බලන්න.ඔන්න එහෙනම් ඔන්න ඇතිවෙනකම් මඩ ගාගන්න බැරිනම් ගිලිලා නාන්න....

වසරේ හොදම මඩ කල්දේරම නාගත්තේ අපේ සාඩම්බර හසී පවුලේ සාමාජික පොඩ්ඩා.පොඩ්ඩ කිව්වට දැන්නම් ‍ඒකා පොඩ්ඩා නෙමේ පොඩ්ඩි.ඒක දැක්කේ නැති කෙනෙක් ඉන්නවනම් හීන්සීරුවේ මාරුවෙලා..., "෴ මූ කොල්ලෙක්ද කෙල්ලෙක්ද....??? ෴"‍‍ පෝස්ට් එක බලලා අයේ මේ පැත්තට සැපත්වෙන්නකෝ‍.‍‍....

දැන් එහෙනම් ඔන්න හසියගේ මඩ සීරීස්.....


ඔන්න හා හා පුරා කියලා පලමු මඩ පාර වදින්නේ අපේ හසී නඟාට....

ඔන්න ඉතිං හසී නඟාට තනියම යන්න බෑ කියලා අඬන්න ගත්ත නිසා, හසියට මහරගමින් බැහැලා හසී නඟා එනකන් බලන් ඉන්න වුනානේ.හසී නඟා නම් කිව්වේ මට මහරගමට ආපු ගමන් කොල් එකක් දෙන්න මම විනාඩි පහෙන් එන්නම් කිව්වා.මොකද අලියා (හසී නඟා අලියා කියන්නේ එයාගේ අයියට...) හසී නඟාව ගෙනත් දානවා කියලා මහරගමට අලියගේ දඬුමොණරෙන්ම.හැබැයි එයාගේ විනාඩි පහනම් මරේ මරු.වැඩිය නෑ අඩු නැතිව විනාඩි පහලොවක් විතර ගියා එන්න.ඔන්න ඉතිං අලියත් එක්ක කූඹියෙක් ආවා බයික් එකේ.ළගට ඇවිත් බහිනකන්ම දැක්කේ නෑ.හසියා හිතුවා බයික් එකේ පිටිපස්සේ ගෙනාපු කාඩ්‍බෝඩ් කෑල්ලක් වැටුනා කියලා.(ඒ තරම්ම මහතයි නෙවැ...)බයික් එකේ ඇවිදිනුත් මෙච්චර වෙලා ගිහින් තියෙන්නේ බයික් එකට නැග ගන්න බැරිව හසී නඟා‍ පැය ගාණක් දඟලලා.පස්සේ අම්මා පුටුවක් ගෙන්ත් දීලා නඟින්න ලේසිවෙන්න දඬුමොණරෙට.අනිත් හොදම දේ තමා හසී නඟා, අලියගේ දඬුමොණරෙ තිබ්බට එකපාරක් වත් ඕකේ ගිහින් නැතිලු.(එක්කන් යන්න බැරි බව අලියට වුනත් තේරෙනවනේ...දඬුමොණරේ එක්කම චා වෙනවනේ...) ඉතිං අලියට ඕක අමතක වෙලා පොඩ්ඩක් දඬුමොණරේ පාගලා ලෑල්ලට.මෙන්න එක පාරට අලියට හසී නඟා කියනවලු අලියෝ මට වමනේ යන්න වගේ කියාලා.ඔන්න ඉතිං අලියා දඬුමොණරේ නවත්තලා හසී නඟා කබරයා දාලා ඉවරවෙනකන් කඩේකට ගිහින් ප්ලෙන්ටියක් ගහලා කෑල්ලකට ටෝකක් එහෙමත් දාලා ඇවිත්.ඒ එනකොටත් හසී නඟා නන්ස්ටෝප් කබර සීන්ලු.ඔන්න ඉතිං කොහොමින් කොහොමහරි බෝක්කුවක් උඩට ගිහින් අමාරුවෙන් හසී නඟා නැඟලා අයේ දඬුමොණරෙටඅලියත් එක්ක ආයේ එන්න ගත්තලු‍‍.ඉතිං අලියා අයේ පොඩ්ඩක් ස්පීඩ් කරලා.එක පාරටම බැලින්නම් අලියට දැනුනලු හසී නඟා නෑ කියලා.ඉතිං පොඩ්ඩක් ස්ලෝ කරපුවහමලු දැක්කේ ආපු ස්පීඩ් එකට හසී නඟාව හුලන් පාරට සරුංගළයක් ‍වගේ එල්ලිලා එනවලු දඬුමොණරේ පිටිපස්සේ තිබ්බ හැන්ඩ්ල් එකක.පස්සේ ඉතිං අලියා ඇවිත් තියෙන්නේ පයින් යන වේගෙටත් වඩා අඩු වේගෙකින්.ඉතිං ඔන්න ඔහෙමයි කිලොමීටර දෙකක්වත් නැති ගමනට විනාඩි පහලොවකටත් වඩා ගතවුනේ.ඕවා ඉතිං විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තමයි හසියට දැනගන්න ලැබුණේ.


ඔන්න දෙවැනි මඩ පාර.... මේකත් ඉතිං අපේ හසී නඟාටම තමා...

ඔන්න ඉතිං හසී නඟාවත් එක්කන් ආවා කියමුකෝ පිටකොටුවට.අපේ හසී ෆැමිලි එක සෙට් වෙන්න කතාවුනේ ‍පිටකොටුවේ දුම්රියපල ඉස්සරහා තියෙන මඟී ගුවන් පාලමේ මැදදි.(පිස්සෝ වුණාම එහෙම තමා ඉතිං....) ඔන්න ඉතිං හසී නඟාවත් එක්කන් නැග්ගා‍ මඟි පාලමට.දැන් මැද අපි ඉන්නේ.දැන් පොඩ්ඩා අහ් වැරදුනා අපේ පොඩ්ඩි ඉන්නේ කොහෙද කියලා බලන්න ගත්තා‍ කොල් පොල්ලක්.දැන් පොඩ්ඩිට කොල් කරලා ඉවරවෙලා බලනකොට හසී නඟා නෑ.බොක්ක කූල් වෙලා ගියා හසියගේ.අලියා ඇවිත් නෙලන විදිහ මැවිලා පෙනුනා.යකෝ මේකී පල්ලටවත් පැන්නද? (ෂුවර් නෑනේ...පුර පසොළොස්වකත් ළගයිනේ...) කොක්ටත් කියලා බැලුවා.ඒත් නෑ.මල මඟුළයි.කෝ මේකී..ඔන්න ඉතිං ඔය වෙලාවේ කූඹියෙක් කෑ ගහනවා වගේ ඇහෙනවා පාලමේ ස්ටේශන් එක පැත්තේ සයිඩ් එකෙන්.එතකොට තමයි දැක්කෙ පාලම උඩ තිබ්බ ලොකු බටයක් බදාගෙන ගැහි ගැහි ඉන්න අපේ හසී නඟාව.අපරාදේ කියන්න බෑ හසියට අමතකම වුණා ෆෝටෝ එකක් ගන්න.ඉතිං ගිහින් බැලින්නම් මේකි කියනවා අනේ හසියෝ අර පාලමේ මැද ඉන්න බෑ.වාහන පල්ලෙහා යනකොට පාලම හෙල්ලෙනවා..මට කලන්තේ වගේ දැනෙනවා.කඩන් වැටෙයි කියලා බයයි.අනේ අපි ඉක්මණට පහලට යමු කියලා.ඔන්න ඔය වෙලාවේ තමා අර "කොන් වෙච්ච ෆියුස් කිලෝග්‍රෑරෑම් එකට පොඩ්ඩක් අඩුවෙන් අරගත්ත එකෙක්" (කන්‍ෆියුස්ඩ් ප්‍රෝග්‍රැමර් | Confiuzd ප්‍රෝග්‍රැමර්) එයාගේ වෙන්ඩ වයිෆ් එක්ක ඔය පාලම උඩින් කින්ඩි හිනාවකුත් දාගෙන ගියේ හසියටත් එක්ක.තව පොඩ්ඩක් කලින් ආවනම් කින්ඩි නෙමේ හිනාවේලා පණ යනවා අපේ හසී නඟාව දැකලා.


ඔන්න තුන්වෙනි මඩ පාර...මේක අපේ පරණ සාමාජිකයෙක් වුනත් අළුතින් පොඩිඩි කියලා බෞතීස්ම වෙච්ච අපේ පොඩ්ඩට.....

ඔන්න ඉතිං දැන් හසී නඟාගේ බය අඩුවෙනකන් ඉන්නකොට පොඩ්ඩිට ආයේ පාරක් කොල් පොල්ලක් දීලා බැලුවා.මෙන්න මේකී කියනවා.අනේ අයියේ කොහේවත් යන්න එපා.මං මේ දැන් එනවා.අනේ බුදු අයියේ කොහේවත් යන්න එපා.මට ආපහු ගෙදර යන්නත් පාර මතකනෑ.අනේ මං අතරමං වෙයි බං අයියේ යන්න එපා කියලා.අනේ ඒ පොඩි එකීගේ අඳෝනාව අහපු අපිට බඩ පපුව දාලා ගියා.(කොහෙටද දන්නේ නෑ නේද...) තාම කිරිබොන පොඩි එකානේ...ඉතිං ගනන් ගන්න දෙයක් නෙමේ.ඒත් ඉතිං මේකිට කොල්ලෙක් එහෙම හීනියට දැක්කනම් ඇති ඉතිං පොඩිකම ඉහින් කනින් විසික්වෙන්න...කුකුල් කරමලේ නැති කිකිලි රැජිණක්.....


ඔන්න ඉතිං සාර්ථක විදිහට එල්ලවෙන හතරවෙනි මඩ පාර...වෙන කාටද ඉතිං ආයෙත් අපේ හසී නඟාටම තමා‍‍‍ ඕන්.....

ඔන්න ඉතිං අපි කොටුව ස්ටේෂන් එක ඉස්සරහා තියෙන බස් හොල්ට් එකෙන් නැග්ගා මොරටුව බස් එකකට‍.බස් එකනම් ෂෝයි.හැබැයි ඉතිං නඩේ ගුරා නම් චොර.අපි දන්නෙත් නෑ‍‍..., ඌම ඉතිං හිතාගෙන තමන් නඩේ ගුරා කියලා.(ඉතිං අපිට මොකෝ...පොඩි එකාගේ ආසාවනේ ඉතිං...) වෙන කවුද ඉතිං අපේ මේ කණියට ඇරෙන්න...නේද.‍.... දැන් ඔන්න ඉතිං බස් එකට නැඟලා හසියා ඉදගත්තේ හසී නඟාගාව.අපි ඉතිං හසී නඟාගේ හැටි දන්නවනේ.බැරි වෙලාවත් වෙන කෙනෙක් එයා ළඟ ඉදගෙන ඉදගත්ත කෙනාට මොකක් හරි නරක දෙයක් වෙයි කියලා තමා හසියා එයා ළගින් ඉදගත්තේ.පව්නේ අහිංසක මිනිස්සු නේද...ඉතිං ඔන්න දැන් ලේක්හවුස් එක ළංවෙනකොට හසී නඟා, හසියට කතා කරලා පෙන්නනවා බස් එකේ එයාගේ සීට් එක ළග තිබ්බ ඇලුමිනියම් පතුරක්.‍මේකි ඒ ඩින්ගිත්තට ඒක ගලවලා.හසියත් දන්න දහම් ගැට ඔක්කොම දාලා බැලුවා ඒක හයි කොරන්න.කොහෙද...ගලවන එක ගලවලා තියෙන්නේ සුපිරිම විදිහට.ආයේ හදන්නම බැරිවෙන්නම තමා ඕන්...ඔන්න ඒකෙනම් හසියා ෆොටෝ එකක් ගත්තා.‍ඒක ගත්තා කියලත් හසියට තර්ජන එල්ල වුණා අපේ හසී නඟාගෙන් (ප්‍රසිද්ධියේ නොකියා කොහොමද ඉතිං‍‍‍...)හසියා ඉතිං නොසැලී එඩිතරව මුහුණ දීලා ෆොටෝ එකක් ගත්තා අමාරුවෙන්...


(හසී නඟාගේ වික්‍රම....)
(දහදුක් විදලා තර්ජන ගර්ජන මැද්දේ ගත්ත ෆෝටෝ එක)



නඩේ ගුරා කියලා එයාම හිතාගත්ත අපේ කණියගේ GPS එකෙන් නවම් මාවතේ වටයක් ඇවිදන් යනකොට, බේරේ වැව වටේ ඔය ලස්සනට තියලා තියෙන පරණ නැංඟුරම් එහෙම දැකලා...එකක් උස්සලා පොලේ ගහන්න..., බෙල්ලේ මාලෙකට පෙන්ඩන්ට් එකක් විදිහට හයිකරගන්න වගේ හීනී හන්කිති ආතල් එහෙම අපේ හසී නඟාට ඇතිවුනේ එහෙම නෑ ඕන් හොදේ....(හරි හරි බං කෙල්ලේ එහෙම දෙයක් වුනේ නෑ කියලනේ කිව්වේ‍‍‍...)


ම්ම්ම්ම්ඔන්න දැන් එහෙනම් පස්වෙනි මඩ පාර වදින්නේ අපේ මේ මාර කොලුවට....අහ් ඔව් ඔව් උඹට තමයි අයියේ....

ඔන්න ඉතිං දැන් ගෙට් එක නමෝ විත්තියෙන් පරක්කු නැති‍ව ඔන් ටයිම් පෙ.ව. 9.40ට විතර පටන් ගත්තා කියමුකෝ. කෂ්ටය හදුනාගැනීමේ පෙරැට්ටුවට එහෙම මුණදීලා කාගෙදෝ මංදා කතා‍වක් අහන්න සැලැස්සුවනේ අපේ මේ කාලංග අයියා.ඉතිං කෂ්ටියට නියමෙට සැපට නින්ද ගියා ඕන්..මාරයත් පොඩ්ඩක් ගොරවනවා ඇහුණා.ඔක්කෝටම වැඩිය තිස්ස අයියගේ ගෙරවිල්ල තමා ගෙරවිල්ල.තව පොඩ්ඩෙන් හසියත් ඇදිලා යනවා.ඔය වෙලාවේ මරයා හීනෙන් නැගිටලාද කොහෙද තිස්ස අයියට කියනවා මේ වොෂ්රූම් තියෙන්නේ කොහෙද දන්නේ නෑ නේද කියලා.තිස්ස අයියා ඉතිං නිදිමර ගාතේ පාර කිව්වා.දැන් ඔන්න ඉතිං මාරයා නැඟිටලා අර පාර්ලිමෙන්තුවේ කතානායකට ගෞරව කරනවා වගේ ඒ වෙලාවේ දේශණාවක් කර කර හිටුපු ඇත්තට ආචාර කොරලා ගියා එළියට.විනාඩි පහක් ගියා.දහයක් ගියා.පහලොවකුත් ගියා.කෝ යකෝ මරායා.දැන් කෂ්ටිය ඒ කිව්වේ මේ තිස්ස අයියයි අපේ ජීව් අයියයි බලනවා කෝ මාරයා කියලා.නිදිමතේ වැරදි පැත්තකටවත් ගිහන් බිල්ඩිමෙන් පහළට වැටුනද දන්නේත් නෑනේ.ඔන්න මාරයා ජයග්‍රාහී ලීලාවෙන් එනවා හිනාවෙවි එයා හිටුපු ආසනේට.විනාඩි විස්සක් විතර ගියා මං හිතන්නේ.දැන්නේ වැඩේ ක්ලික් වුනේ.මාරයා එළියට ගිහින් තියෙන්නේ හංඟලා ආපු ගල් බාගේ අනුමතවෙන්න.කොහේ හැංඟුවද කියන එක තමයි අවුල.හසියා ඉතිං තීක්ෂණ නුවණ යොදවලා කල්පනා කොරා.පස්සේ තමයි මතක් වුනේ අර කතන්දර කාරයාගේ බොතල් හංඟන ෆ්ලෂ් ටෑන්කියේ කේස් එක.(කකා අයියගේ ඒ පෝස්ට් එකනම් හොයාගන්න බැරිවුණා සමාවෙන්න ඕනි හොදේ...) මාරයත් කරලා තියෙන්නේ ඒ වැඩේ.මිනිහගේ ඇස් රතුවෙලා.අමුතුම කික් එකකින් හිටියේ එවලේ.මෙන්න ඒ අස්සේ ජීව් අයියා මාරයා ලව්වා බැලුම් පුම්බවන්න හදනවා.හසියනම් එවලේ බයේ හිටියේ මාරයාගේ තිබ්බ කික්එකට මයික් පොල්ල අතට අරන් බණක් දේශනා කොරන්න පටන් ගනියි කියලා.මේ දේශන සම්මන්ත්‍රණ කුමන්ත්‍රණ අස්සේ අහපල්ලකෝ මාර බණ.වෙලාවට වටාපතක් තිබ්බේ නෑ ළගපාතක.නැතිනම් ඉතිං කෂ්ටයට වේන්නේ සාදු සාදු සාදු කිය කියා දවස ගත කරන්න තමයි ඕන්....



දැන් තියෙන්නේ අති සාර්ථක හයවෙනි මඩ පාර‍‍‍....වදින්නේ අපේ මේ ජීව් අයියට තමයි‍‍...දතකට මැදගෙන මූණ ‍එහෙම හෝදන් ඉන්නකෝ... තව ගොඩක් මඩතියේ ඉතිරිවෙලා.හසියා ඊළඟ පෝස්ට් එකෙන් දෙන්නම්.නැතිනම් මඩ පෝස්ට් එක පට්ට දිග වෙලා චා පෝස්ට් එකක් වෙනවනේ.අනිත් එක හසිය‍ගේ මඩ කල්දේරමත් ටිකක් වේලිලා වතුර නැතිව.හිපටල්ලකෝ කෂ්ටිය ආයේ පදමට වතුර ටිකක් දාලා අනලා සීනී, ලුණු, මිරිස්, දෙහි,තුන පහ, පස් පංගුව දාලා රත්කරලා ගේන්නම්කෝ හොද්ද වගේ හදලා ඇති වෙන්න නාඟන්න....


එහෙනම් හසියා දැනට වාෂ්ප වෙන්නම්කෝ.....

"මඩ වැදුනු ඇත්තෝ ඇත්තියෝද....
වදින්න සිටින ඇත්තෝ
ඇත්තියෝද...
තරහා අවසර හොදේ....‍"




ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :


ඔන්න ඉතිං ඊයේ දිනයේ කෂ්ටිය ලස්සනට සෙට්වුනානේ අර සුන්දර හංසයෝ පීනන බේරේවැව අසබඩ තිබු ඩී.එච්.පී.එල්. කියන ඒසී අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිය ගොඩනැගිල්ලක.අහ් හසියා ඔය කිව්වේ මේ සිංහල බ්ලොග් සංසදයේ එකතුව ගැන තමා ඉතිං...වැඩේ නැගලා ගියා.ආපු අයට ඉතිං අමුතුවෙන් කියන්ට ඕනිනෑනේ.ආවේ නැති අය ඉතිං ෆෝටෝ එහෙම දකින්න ඇතිනේ....පොඩි පරහකට තිබ්බේ අර වැලා අයියගේ කතාකෝච්චිය තමා.ඒ වෙලාවෙනම් හසියටත් පොඩි නැප් එකක් දාන්නමයි හිතුනේ....වටේ පිටේ හිටපු උන් අන්ෂුවර් නිසා කට්ට කාගෙන ඇස්දෙක ඇරන්ම බලං හිටියා.

අහ් දැන් පෝස්ට් ටයිට්ල් එකට එන්ටර් වෙමුකෝ....(එන්ට එපාද ඩ්‍රැගන් කිව්වලු.....) ඔය පහල තියෙන ෆොටෝ එකේ ඉන්න එකා ගැන දන්නවද....ඔව් ඔව් මිනිහා ඊයේ ගෙට් එකටත් ආවා.ඊටත් වඩා මිනිහා අපේ හසී ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් නොවැ.වැඩි කතා ඕනි නෑ ඔය චිම්පන්සියාතමා (හසී නඟා කියන විදිහට ඔන්න හොදේ.....) හසිත ජයසූරිය නොහොත් අපි හැමෝම දන්න කියන පොඩ්ඩා...



ඔය ඉන්නේ නිකං හැන්ඩියා වගේ...ෂෝයි....(වෙන නැතිනම්)

ඉතිං මේ පොඩ්ඩා හසියටත් අපේ මේ පුබුදු කොල්ලටත් කිව්වා අයියේ මට පොඩි අවශ්‍යතාවයක් තියේ කරගන්න ඕනි කියලා.(අර පොඩි වැඩේ ගැන වෙන්න ඕනි කිව්වේ...) ඕක කිව්වේ නවම් මාවතේ එනගමන් තමා.ඉතිං ඔන්න දැං ගෙට් එක තියෙන හෝල් එකටත් ආවා කියමුකෝ...ඉතිං හසියටයි පුබුදු කොලුවටයිත් ඕනි වුනා අර පොඩි වැ‍ඩේ කොරන්න.ඉතිං පොඩ්ඩටත් යන්න ඕනි කිව්ව නිසා ඒකවත් එක්කන් ගියා කියමුකෝ වොෂ්රූම් එකට.ඉතිං අපි ඇතුළට ගියා.පොඩ්ඩට කතා කලාම කිව්වා හරි හරි මං එන්නම් කියලා.අපි හිතුවා පොඩ්ඩට ලැජ්ජාවේ වෙන්න ඇති කියලා.(තාම පොඩි එකානේ...)ඔන්න ඉතිං අපි ආවා කියමුකෝ වොෂ්රූම් එකෙන් එළියට.පොඩ්ඩා තාමත් එළියේ.‍ඉතිං දැන් ලොකු අමාරුවකින් හිටපු පොඩ්ඩට ගානක්වත් නෑ.

අපි : "මොකෝ උඹ යන්නේ නැද්ද වොෂ්රූම් ?"

පොඩ්ඩා : "දැන් හරි අයියා...දැන් වැඩේ ශේප්"

හසියා : "ඈ බොල පොඩ්ඩෝ දැන් උඹ අඬ අඬා‍ නේද ආවේ ඉන්න අමාරුයි කිය කියා.එකපාරටම කොහොමද අමාරුව සනීප වුනේ.?"

ඔයවෙලාවේ පොඩ්ඩා නිකං කින්ඩි හිනාවක් පනාවක් දාලා කාන්තා පාර්ශවයට අයත් වොෂ්රූම් එක දිහා බැලුවා...මල මඟුළයි....ඔය වෙලාවේ තමයි අපිට මිටර් වුනේ අපි වොෂ්රූම් ගිය වෙලාවේ පොඩ්ඩා කාන්තා පාර්ශවයට අදාල වොෂ්රූම් එකට ගිහින් වැ‍‍ඩේ අහවර කරගෙන කියලා.

පොඩ්ඩා මෙච්චර කල් කොල්ලෙක් විදිහට හිටියට ඇත්තටම කෙල්ලෙක් කියලා ඕන්න ඉතිං අපේ බ්ලොග් ලියන්නෝ ඒකමතිකව තීරණයකලා. කෙල්ලෙක්ට පොඩ්ඩා කියන්න බැරි හින්දා අපේ හසී ෆැමිලි එක තීරණය කරා පොඩ්ඩට පෙඩ්ඩා නොකියා පොඩ්ඩි කියලා අමතන්න....දැන් ඉතිං හසී පවුලේ පුරුෂ නියෝජනයත් කාන්තා නියෝජනයත් සම සමව තියෙන නිසා...ප්‍රජාත්‍රන්ත්‍රවාදී පුංචි පවුලක් බවට පත්වුනා.(එහෙමත් පවුල් තියේද...?)

කොහොම හරි ඉතිං ඔය වෙලාවේ ඉදන් අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ පොඩ්ඩා අහ් නෑ නෑ...පොඩ්ඩි තමයි හොදම බයිට් එක...මරේ මරු...මේවගේ බයිට් එකක් මීට කලින් හම්බවෙලාම නෑ....මුණුපොත පැත්තේ ගියානම් කෂ්ටියට බයිට් එකේ තරම දැනගන්න පුළුහන් වෙයි......


ප.ලි. :

අපේ මේ කතා හසියට හදිසියේ යෙදුනු පන්සලේ රාජකාරියක් නිසා එන්න වෙන්නේ නෑ කියලා උදේම කිව්වා...ඇත්තටම දුකයි.කතා හසියා නැති අඩුව ගොඩක් දැනුනා...ඊළග පාර ගෙට් එකට කතා හසියා ඇතුළුව තව තවත් හසීලා සමගින් හසී ෆැමිලි එකට එකතුවෙන්න හැකිවේවා කියලා හසියා ප්‍රාර්ථනා කරනවා....

මේ තියෙන්නේ අපේ හසී ෆැමිලි එක ගෙට් එකේදී ගත්ත ෆොටෝ එකක්.....ඔය මැද ඉන්න හොර බනියා පැන්නානේ අපේ සංගමේ මැද්දට....උඩ පැන පැන අඬන්න ගත්තා එයාටත් ඉන්න ඕනිමයි කියලා.ඉතිං ඔන්න ඒකත් ඉන්නැද්දිම ගත්තා.....



එහෙනම් අදත් හසියා වාෂ්ප වෙන්න කියලා......
කෂ්ටිය ඊයේ හසියාගෙන් අහනවා වාෂ්ප වෙන්නේ නැද්ද කියලා.ඓහෙම කොහොම වාෂප වෙන්නද ඒ‍වගේ වැදගත් අවස්ථාවකිදි....අනිත් එක කෑම පැකට් එක දාලා....පිස්සු කතා කරන්න එපා....නේද....


එහෙනම් ඉතිං....

ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :




හෆ්ෆේ හසියට මොකෝ වුණේ හැබෑටම....(මේකා මළාවත්ද?) නෑ නෑ තාම මේ පිස්සු පොර හොදින්...දන්නේ නැද්ද පොඩිම පොඩි වැඩ මදිවට පොඩිම පොඩි විවාහයක්... අහ් වැරදුනා වැරදුනා... පොඩිම පොඩි විභාගයකුත් තිබ්බා..හසියා ඉතිං ගොඩ දවසකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ.(දැන් ඇති නෙවැ බොරු කිව්වා....)

ඔන්න හසියා එක පාරක් දුන්නනේ අපේ කෂ්ටියට ගෙදරටම ගෙන්න ගන්න වැදගත් දේවල් ටික්ක්...දැක්කේ නැතිනම් මෙතනින් ගිහින් ඒකත් බලන්නකෝ..."෴ නොමිලේ ‍ගෙදරටම එවනවා ෴" හසියා දුන්නොත් ඉතිං අහන්නත් දෙයක්ද...නැද්ද මං අහන්නේ....

ඉතිං හසියා හිතුවා ගොඩ දවසකට පස්සේ එනකොට කෂ්ටියට මොනාහරි අරන් එන්න ඕනි කියලා....ඔන්න ඉතිං ගෙනාවා ආයෙත් තෑගි හැමෝටම.

පළවෙනි එක අපේ මේ බෞද්ධාගමික සහෝදර සහෝදරියන්ට වැදගත් එකක්.සයිට් එක තමයි "JUST BE GOOD".මේ සයිට් එකේන් බුක්මාර්ක්ස් ස්ටිකර්ස් බුක්ලට්ස් කාර් ඩෙකෑල්ස් වගේ දේවල් ගෙන්න ගන්න පුළුහන්.ඔන්න ඒකට මෙතනින් යන්නකෝ....


දෙවෙනි එක සෑම ආගමක අයටම වැදගත් දෙයක්.සතුන්ගේ මස් මාංශ ආහාරයට ගන්න එපා කියන "Love Us, Not Eat Us!" සයිට් එකෙන් තමයි එවන්නේ.මේකෙන් එවන්නේ ස්ටිකර්ස් තමයි.ඉතිං ඒකට ඇප්ලයි කරන්න මෙතනින් යන්නකෝ...



හොදයි නේද?

හැබැයි එක දෙයක්.නිකන් දෙනවා කියලා ඔහේ ගෙන්නගෙන විසිකරලා දාන්න එපා.හසියා එදා කිව්ව වගේ ගෙන්නගෙන ඒකෙන් වැඩක් ගන්න.තමන්‍ වගේම තවකෙනෙක්ට කියවන්න දීලා දැනුම බෙදාගන්න.කෙනෙක්ගේ අයහපත්, නරක ආකල්පයක් වෙනස් කරන්න නරක පුරුද්දක් වෙනස් කරන්න උත්සහාකරන්න...එතකොට ලස්සන ලෝකයක් හෙට දිනේ උදාවෙයි...,අපිට නැතත් අපේ මතු පරපුරට....!!!


එහෙනම් හසියා වාෂ්ප වෙන්න කියලා....
අහ් මේ දවස් වල වාෂ්ප වෙන්න බෑ.හීතල වැඩියි ගල් වෙනවා.ඒ හන්දා අද ඝනීභවනය වෙන්නම්....


ඒස්වඃ ඝනීභවනම් පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails