අද ඔන්න හසියා කෂ්ටියට දෙන්න යන්නේ හොද තෑග්ගක්. කෂ්ටිය දන්නවා ඇතිනේ ගූගල් දෙයියා හදුන්වලා දුන්නු "Angry Birds".අපි මේකට සිංහලෙන් දාමු "කෝප කුරුල්ලෝ" කියලා.ලේසියට කෙටි කරලා "කෝකු" කියන්නත් පුළුහන්නේ. මේ "කෝකු" ප්‍රසිද්ධ වුනේ "Google Chrome" වෙබ් බ්‍රව්සර් එකත් එක්ක.ඒකෙන් තමයි ගොඩක් කට්ටිය දැනගත්තේ... දැන් නම් ඉතිං ගූගල් පස් වල ඉන්න අය මේ ගේම් එක පැල් බැදගෙන ගහනවනේ... අර ඒකාලේ මූණුපොතේ "Barn Buddy" වගේ පිස්සුවක් තමයි දැන් මේක. මේ "කෝප කුරුල්ලෝ" සෙල්ලමේ පීසී වර්ෂන් එකක් එහෙමත් නැතිනම් අපේ කොම්පූටරේ ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරන්න පුළුහන් වර්ෂන් කිහිපයක් රිලීස් වෙලා තියෙනවා.ඒ ගැන දන්න අය අඩුයි. මේ "කෝප කුරුල්ලෝ" සෙල්ලම නිර්මාණය කරලා තියෙන්නේ "Rovio" කියන සමාගම විසින් තමයි ඕන්.වැඩි විස්තර ඕනි නම් මෙන්න විකියේ තියෙනවා "Angry Birds" ගැන.හසියා ආවේ ඔය කෝප කුරුල්ලන්ගේ ඉතිහාසේ තෙපර බාන්න නෙවේනේ.

ඉතිං ඔන්න හසියා අද දෙන්න හදන්නේ මේ කෝප කුරුල්ලෝ ගේම්ස් ටික. දැනට පීසී වර්ෂන් තුනක් රිලීස් වෙලා තියෙනවා.ඒ වර්ෂන්ස් වලත් ලෙවල්ස් ඇති වෙන්න තියෙනවා. අර කිව්වත් වගේ පැල් බැදගෙන ගහන්න පුළුහන්.

ඔන්න පිළිගන්න ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ පලවෙනි වර්ෂන් එක... "Angry Birds Classic".
මේක ප්‍රෝටබල් ඇප්ලිකේෂන් එකක් විදිහට තියෙන්නේ.


Angry Birds Classic (Portable) | MediaFire | 38MB
~Download Here~


ඔන්න දැන් පිළිගන්න ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ දෙවැනි වර්ෂන් එක "Angry Birds Rio"‍.මේකත් ප්‍රෝටබල් ඇප්ලිකේෂන් එකක් විදිහට තමයි ඕන් තියෙන්නේ.


Angry Birds Rio (Portable) | MediaFire | 36MB
~Download Here~


ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ තුන්වැනි වර්ෂන් එක දැන් පිළිගන්න මෙන්න හසියගේ නවාතැනේ "Angry Birds Seasons". මේක නම් ඉන්ස්ටෝල් පාරක් දාන්න වෙනවා.හැබැයි ඉතිං කරදරයක් නෑ.නෝමල් ඉන්ස්ට්‍රෝලේෂන් එකක් තියෙන්නේ....


Angry Birds Seasons | MediaFire | 27MB
~Download Here~


ඔන්න එහෙනම් ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ දැනට රිලීස් වෙලා තියෙන වර්ෂන්ස් ටික කෂ්ටියට දුන්නා.දැන් ඉතිං ඉතිරි ටික තම තමන්ට බාරයි හොදේ... ඒ කිව්වේ ඔය ටික ඩවුන්ලෝඩ් කරගෙන පැල් බැදගෙන ලෙවල් ටික කොම්ප්ලීට් කොරන්නකෝ... හික් හික්.... බය නැතිව ඩව්න්ලෝඩ් කරලා සෙල්ලම් කොරන්න. හසියා චැක් කොරලා බලලයි කෂ්ටියට දුන්නේ. ‍කෙලින්ම කියනවනම් මේවයේ වෛරස් නැතෝ.....


අහ් තව දෙයක්... ඔය සමහරුන්ගේ මැෂින් වල "OpenGL 2.0 render not supported!" වගේ එර එකක් එහෙම ආවොත් පොඩ්ඩක් තම තමන්ගේ මැෂින් වල වීජීඒ ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරලද බලන්න. ඩ්‍රැයිවර් අංකල්ලව ඉන්ස්ටෝල් කොරලා ගත්තහම වැඩ කොරයි.


සැ.යු. :

ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ වහා ඇබ්බැහි වෙන සුළුයි.ප්‍රවේසමෙන් පරිහරණය කොරන්න.
ඇබ්බැහි වීමක් වුනොත් හසියා නොහොත් මං තුමා වගකියනු නොලැබේ.


හුටා.... හෙට නේද විභාගේ.... යන්න ඕනි ගූගල් දෙයියගේ කෝප කුරුල්ලෝ ගහන්න..... හික් හික්...

අපි එහෙනම් වාෂ්ප වෙනවෝ.....


ඒස්වඃ පුඃ


.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ මෙන්න විසදුම ෴



ඔබටත්....
ගෑස් ලිපේ රත්වෙන
කේතලය අමතක වෙනවාද?
මෙන්න එහෙනම් විසදුම


"හූ කියන
කේතලේ...."

දැන් ඔබේ නඟරයේ
වෙළදසැල් වල....







(මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි......)




ප.ලි.

අපේ සර්ප්‍රියා අයියා අද උදේ පෝස්ටුවක් දාලා තිබ්බා නෙවැ හීටරේ ලස්සන කොරගන්න විදිහ.නොදැක්ක අය මෙතනින් ගිහින් බලන්නකෝ...නරක නෑ නේද වැඩේ.මටත් මතක්වුණ ඉතිං අපේ ගෙදර වෙච්චි දෙයක්.වෙච්චි දේ හිතාගන්නකෝ.පෝස්ටුවේ තියෙන්නේ වෙච්චි දේට විසදුම හොදේ..... හික් හික්....


එහෙනම් අපි වාෂ්ප වෙනවා....


ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ චටාස් ෴

.


රිදෙන්නම විදලා
බීලා...බීලා...බීලා....
වැඩ දාන්න වටේ කැරකුණා...



චටාස්....!!!


මං දුන්නා ඇටි හැලෙන්න
"මදුරුවාට"
අපරාදේ...
උටත් නැති
මටත් නැති


ලේ බිංදුව......!!!





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :








"ගුඩ් මෝර්නිං මගේ සුදු මැණිකේ.. ආදරෙයි ගොඩාරියක්..." සුව සේ ඔහුගේ පපුතුරේ මුහුණ හොවාන සිටියේ නිදිමතට වඩා මා ඇත්තටම ප්‍රිය කල නිසාවෙනි.ඔහු මා අවදිවනතුරු නෙඉවසිල්ලෙන් සිටිනු මා ඇසිපියි යටින් ‍දුටිමි.මා තවත් නිදිබව හඟවන්නට තැත් කලද වෙනදා මෙන්ම එය පුස්සක් බවට පත්විය.

"අහ්... කෝ ඉතිං වැඳගත්තනම් මගේ චුටී හාමිනේ.... ඕං....රීං..... කට්ටු කට්ටු.. මගේ රත්තරං සුදු නෝනට සුභම සුභ උපන්දිනක් වේවා.... ඒ වගේම කරන කියන හැමදේමත් සිතන පතන හැමදේමත් හිතනවටත් වඩා හොදින් ඉටුවෙන්න කියලත් නිදුක් නීරෝගී සුව පිරී ඉතිරෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්......" අද මාගේ උපන්දිනයයි.ඔහු හා විවාහ වීමෙන් පසු මා සමරන දෙවන උපන්දිනයයි.

"ආදරෙයි මගේ රත්තරං සුදු මහත්තයටත් ගොඩාරියක්.... උම්ම්ම්ම්ම්ම්ම්හ්...." මම ඔහුගේ නලළත සිඹිමින් මිමිණුවෙමි.

"කෝ ඉතිං ඇස් පියාගන්නකෝ මගේ වස්තූ‍‍...." ඔහු මගේ වතට බරවෙමින් මිමිණීය.

"හ්ම්ම්ම්ම්ම්......." මම සෙමින් කෙදිරීය....

"හොරෙන් බලන්න බෑ ඔන්න.... ඔය ඉතිං මං කිව්වනේ හොරෙන් බලන්න බෑ කියලා..." කියමින් ඔහු මගේ නළලත හා බෙල්ල සිඹින්නට වීය.

"සනීපයි සුදු මහත්තයෝ....ආදරෙයි ගොඩාරියක් මගේ පණට...." ඔහුගේ පහස සුවසේ විදිමින්ම කෙදිරුවෙමි....

"මගේ මහත්තයා මේ මොකද කරන්නේ... වස්තූ...?" මගේ ‍බෙල්ලේ යම් දෙයක් දැවටෙනු දැනුනු නිසාවෙන් නෙඉවසිල්ලෙන් ඔහුගෙන් ඇසීමි.

"දැන් ඇස් අරින්නකෝ මගේ මැණික...." මම ඔහුගේ ඒ අවසරයෙන් දෑස් විවර කලෙමි....

"ලස්සනද සුදු හාමිනේ....?" ඔහු ඇස් කුඩා කරමින් මගේ ඇස් දෙස බලමින් ඇසුවේය.

"මගේ මහත්තයට ඇත්තටම පිස්සු...." ඇයි මේ වස්තූවේ?

"හරස් ප්‍රශ්න, බාල්දි, කොකු බෑ... අහපු දේට උත්තර දෙන්නකෝ...." "ඔව් මගේ සුදු මහත්තයෝ.... හරිම ලස්සනයි වස්තූවේ...." ඔහු මගේ ගෙල රනින් වැඩ දැමූ වටිනා මාලයක් දවටා එහි ගුණ දෝස් විමසන්නට වීය.

"ඉන්නකෝ තව තියෙනවා මගේ මැණිකෙට තෑගි...." "අනේ ඇයි මේ රත්තරනේ... මං ඔය දේවල් වලට වඩා මගේ මහත්තයව මට වටිනවනේ...."

"ඔන්න ආයේ පටන් ගත්තා ඉතිං බාල්දි අදින්න...." ඔහු බොරු තරහක් ගනිමින් පැවසීය.

"ආ හරි හරි... නෝටි බබා ආයේ බාල්දි දාන්නේ නෑ..." මම ඔහු අස්වසමින් පැවසීමි.

"කෝ අත දෙන්නකෝ මගේ පැටි‍යෝ..." ඔහු මගේ දකුණත ගෙන රත්තරං මුඳුවක් පළඳා අත සෙමින් සීරුවේ ඔහුගේ දෙතොලින් තෙමන්නට විය.

"මගේ පිස්සු මහත්තයා.... ආදරෙයි ගොඩාරියක්..." මම ඔහුව සිප ගනිමින් මිමිණුවෙමි.

ඔහු සමග යහනට වී පැයක් දෙකක් සිටින්නට ඇත... ඔහු සමග සිටිනා විට කාලය ගෙවෙනවා නොව ඉගිල්ලෙනවා යැයි සිතෙන වාර අනේකය....

"සුදු නෝනා...."

"ඇයි මහත්තයෝ....හරි හරි සුදු මහත්තයට අද වැඩට යන්න ඕනි කිව්වනේ... අපි ලෑස්තිවෙමු...."

"සුදු මැණික ඉතිං මං ගැන හොදටම දන්නවනේ.... මං අහන්නේ නෑ ඉතිරි ටික...." මගේ නහය ආදරෙන් මිරිකමින් පැවසීය.

"තරහද සුදු මැණිකේ මාත් එක්ක?"

"ඒ මොකටද සුදු මහත්තයෝ....?"

"මට සුදු නෝනගේ මේ පාර උපන්දිනේට ගෙදර ඉන්න වෙන්නේ නැති එකට...."

"අනේ නෑ මගේ මහත්තයෝ...මං මගේ වස්තුව ගැන දන්නවනේ....." ඔහු මාගේ සෑම උපන්දිනයකදීම මා සමග සිටියේය.නැතිනම් මාව විනෝද ගමන් එක්කන් ගියේය... ඒත් මෙවර ඔහු‍ගේ රැකියා ස්ථානයේ වැඩ රාජකාරී අධික වීම නිසා නිවාඩුවක් ගැනීමට නොහැකිවිය. මා සිත තුළ සියුම් ශෝකයක් ඇතත් මා ඉවසිය යුතුයි.මන්ද ඔහු ඔහුගේ රාජකාරිය කලයුතු නිසාවෙනි.

"සුදු මැණික මොනාද පැටියෝ කල්පනා කරන්නේ...? මගේ මැණික දුකින් නේද? ආ පැටියෝ? කියන්න මට...." ඔහුගේ වදනින් මා නැවතත් පියවි සිහියට පැමිණියෙමි....

"නෑ මගේ මහත්තයෝ නෑ... සුදු මහත්තයා දන්නවනේ මං ගැන....."

"හ්ම්ම්ම්ම්..... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්..... ආදරෙයි ගොඩාරියක්... මට නිවාඩුවක් ගන්න පුළුහන්වුන ගමන්ම මං මගේ වස්තුව එක්කන් යන්නම්කෝ කොහේ හරි... හොදද පැටියෝ...?"

"පිස්සා... හා හා දැන් නැගිටිමු... නැතිනම් අද විතරක් නෙවේ හැමදාම මාව හුරතල් කර කර ගෙදර ඉන්න වෙයි.... එසේ කියමින් මම ඔහුත් සමග ඇදෙන් නැගිට්ටෙමි...."





~~~~~~~~~~~~~~~



"සුදු මැණිකේ... මගේ ටී ෂර්ට් එක මැදලා දෙන්න පුළුහන්ද...." ඔහු නානකාමරයට පියමනිමින් පැවසීය....

"හා මහත්තයෝ... මහත්තයා අද ටී ෂර්ට්ද අදින්නේ?"

"ඔව් මැණිකේ... අද සිකුරාදානේ.... කැෂුවල් යනවා.... ලේසියි...."

මා ඔහුගේ ටී ෂර්ටය මදින්නට වීමී.ඔහුට කැෂුවල් කිව්වොත් වෙනදෙයක් නැත...ඔහුට සැමවිටම නිදහස්ව වගේම සැහැල්ලුවෙන් සිටින්නට අවැසිය. මාද එසේම බැවින් අප දෙදෙනා තකට තකය...ඔහු පවසන අයුරින් මා ඔහුගේ අනෙක් පලුවයි.

"මොනාද කල්පනා කරන්නේ මගේ වස්තුව...." මා තිගැස්සී ගියේ ඔහුගේ සීතල ජල බිදු පහරිනි.

"මුකුත් නෑ මහත්තයෝ...."

"මෙන්න මහත්තයෝ ටී ෂර්ට් එක මැද්දා... ඉන්න මං කිරි බත් බෙදන්නම්...." එසේ කියමින් මා කුස්සියට පැමිණියේ සෑදු කිරිබත් පිඟානට බෙදිමටය....





~~~~~~~~~~~~~



කිරිබත් කෑමෙන් අනතුරුව ඔහු රැකියා ස්ථානය බලා පිටත් වීමට සූදානම් විය.

"සුදු මැණිකේ මං ගිහින් එන්නම්... මගේ වස්තුව ගොඩාරියක් පරිස්සමින් ඉන්න... මං අද ඉක්මණට එන්න බලන්නම්.... උම්ම්ම්මම්ම්ම්ම්ම්හ්...." සුපුරුදු සෙනෙහසින් මගේ නළලත සිඹ ඔහු රැකියාව වෙත පිටත්ව ගියේය.

ඔහු නැති විට දැනෙන පාලුව කියාගන්න බැරිතරම්ය... ඔරලෝසුවේ කටු කැරකෙන්නේද ඉතා මන්දගාමීවය.ඔහුගේ කෙළි කවට මැද ජීවිතය ඉතා සුන්දරය. ඔහු හමුවීමෙන් මා ජීවිතය නැවත උපන්නාක්මෙනිය.ඔහු කියන හැටියට ඔහුටද එසේමය....

ට්‍රීං ට්‍රීං.... ගෙදර දුරකථනයේ නාදයෙන් සිතුවිළි සයුරෙන් මිදුණු මා කවුද මේ වෙලාවේ... යැයි සිතමින් දුරකථනය වෙත පියමැන්නෙමි....

"හෙලෝ....."

"සුභම සුභ උපන්දිනක් වේවා...!!! උම්ම්ම්ම්ම්ම්මහ්...."

"අක්කේ... එහෙනම් ඔයාට මතක තිබ්බා.... තැන්කූ අක්කණ්ඩියේ....."

"මට අමතක වෙයිද නගේ...."

"අද මොකෝ කරන්නේ දෙන්නා..."

"අක්කේ අද සුදූට වැඩ.... අද හොදටම වැඩ කියලා දුකෙන් වැඩට ගියා....."

"ම්ම්ම්ම්ම්ම්ම් එහෙමද‍‍‍.... මං මේ පාටිය ගන්න කතාකලේ...."

"මොන මොන පාටිද....?"

"මගේ නඟාගේ උපන්දින පාටිය.... හික් හික්..."

"පස්සේ බැරියෑ....."

"පස්සේ බැරියෑ කියලා බෑ... දැන් ඕනි..."

"දැන්...? අනේ බෑ... සුදු මහත්තයත් නෑ...."

"එයාට කෝල් එකක් දීලා‍ අහලා බලලා එන්නකෝ...... ප්ලීස්.... දහයට ලවර්ස් රිසෝර්ට් එකට එන්න... ප්ලීස්...."

"ම්ම්ම්ම්ම් මං බලන්නම්.... අක්කණ්ඩි දන්නවනේ මං එයා නැතිව කොහේවත් යන්න කැමති නෑ කියලා... විශේෂයෙන්ම මේවගේ දේකට... මං එහෙම එන එකත් හරි නෑ නේද අක්කේ....?"

"හරි හරි ඔයා සුදුගෙන් අහලා බලන්නකෝ.... කතා කරලා මට දැන් කියන්න.... හොදේ...? ඉබ්බියි, අයියණ්ඩියිත් එනවා කිව්වා...."

"හ්ම්ම්ම්ම්....."

මං රිසීවරය තැබුවෙමි.... මාගේ මනස පැටලී ඇත. සොයුරියන් නොසිටි මාහට අක්කණ්ඩී හා ඉබ්බී මගේම සොයුරියන් වුවාය.අයියණ්ඩි මගේම සොහොයුරෙක් විය.ඔවුන් මගේ දුකේදීත් සැපේදීත් ළගින්මය. ඇයගේ ඉල්ලීම ඉවතලන්නේ කෙසේද? සුදු මහත්තයා නැතිව කොහේවත් යන්න අකමැති මා මේ ගමන කෙසේ යන්නද..

ට්‍රීං....ට්‍රීං.... නැවතත් දුරකතනය නාද වෙන්නට විය....

"හෙලෝ සුදු නෝනා.... මගේ මැණික මොකද කරන්නේ....?"

"මුකුත් නෑ මහත්තයෝ.... මං මේ කතා කරන්න හිටියේ මගේ මහත්තයට..."

"ඒ මොකෝ මගේ මැණිකේ....?"

"හරි හරි ඊට ඉස්සෙල්ලා කියන්නකෝ මගේ මහත්තයා මට කතා කලේ ඇයි කියන්න....."

"කතා කලේද කතා කලේ පොඩි දෙයක් කියන්න....."

"ඒ මොකක්ද වස්තූ....?"

"ආදරෙයි මගේ රත්තරං සුදු නෝනට ගොඩාරියක්..... උම්ම්මම්ම්ම්ම්හ්...."

"පිස්සා... ආදරෙයි මාත් ගොඩාරියක් මගේ මහත්තයට.... ඔන්න බොස් පිටිපස්සේ.... හික් හික්... පිස්සා"

"මං මේ දවල් ටී එක බොන ගමන් කතා කරන්නේ.... දැන් කියන්නකෝ පැටියෝ මොනාද මැණිකෙට කියන්න තියෙන්නේ....?"

"අක්කණ්ඩි කතා කලා‍‍...කතා කරලා මට විෂ් කරලා කිව්වා පාටියක් ඕනි දැන් එන්න කියලා...අනේ මන්දා මහත්තයෝ... මට යන්න බෑ... ඒත් අක්කණ්ඩිත් එක්ක බෑ.... ඉම්මියි, අයියණ්ඩියිත් එනවා කියලා...."

"මගේ සුදු මැණිකේ කියන්න අක්කණ්ඩිට එන්නම් කියලා... පව්නේ.... අනික අක්කණ්ඩි තෑගිත් දෙයිනේ.අපරාදේනේ තෑගි ටික... හික්ස්...."

"විහිළු නෙවේ මහත්තයෝ... මට මහත්තයා නැතිව යන්න බෑ....."

"හරි හරි කමක් නෑ මං මගේ මැණික ළග ඉන්නවනේ..... මගේ මැණිකට මං ආදරෙයිනේ ගොඩාරියක්. මගේ වස්තූ ගිහින් එන්න... එතකොට හරිනේ... එහෙම හොදයි නේද වස්තූ‍‍...."

"අනේ මන්දා මහත්තයෝ.... "

"අනේ මන්දා අනේ මන්දා නෙමේ... කො කෝ දැං ලෑස්ති වෙලා පරිස්සමින් ගිහින් එන්නකෝ..... මං එහෙනම් තියන්නද වස්තූ... ආදරෙයි ගොඩාරියක්... සුදු නෝනා පරිස්සමින් ගිහින් එන්න... බුදු සරණයි මගේ රත්තරං සුදු නෝනට...."

"හ්ම්ම්ම්.... එහෙනම් මං ගිහින් එන්නම්කෝ..... බුදු සරණයි මගේ මහත්තයෝ.... පරිස්සමින් වැඩ කරන්න... උම්ම්ම්ම්හ්...."

අකමැත්තෙන් වුවද ඔහුගේ කීමට පිටුපාන්නට මා අකමැතිය.ඒනිසා ඔහුගේ කීම පරිදි යන්නට සිතාගත්තෙමි.

අක්කණ්ඩීට ඇමතුමක් දී එනබව පවසා මා ලෑස්තිවන්නට වීමී....





~~~~~~~~~~~~~~~



මා ලවර්ස් රිසෝර්ට් වෙත යනවිට 10.15ට පමණ ඇත‍.

"මොකද පරක්කු නගෝ...? ඔහොම පුළුවන්ද පාටි ගන්න... ආ?" එහි යනවිටම ඇඟට කඩා පැන්නේ අක්කණ්ඩීය....

"එහෙම තමයි ආරාධිත අමුත්තෝ එනකොට වෙලාවට එන්නේ නෑ... කෝ කෝ කේක් එක....? ආ? කෝ තෑගි? මා ඇසක් ඉඟිමරමින් ඇසීමි."

"හා හා යමුකෝ කේක් කන්න‍‍.... අපිද කේක් දෙන්න ඕනි දැන්? ආ න‍ගෝ...?" ඒ අයියණ්ඩියයි‍‍‍...

"අපිට තියෙනවා අපේ නඟාව පුදුම කරවන්න...." ‍එසේ කියමින් ඉම්මි ඇයගේ අතේ තිබූ කලු රෙදි පටියකින් මගේ දෑස් බැදීය...

"මේක හරිම අසාධාරණ ලෝකයක්.. හැමෝම කරන්නේ මගේ ඇස් වහන එකයි පුදුම කරවන එකයි..."

"ඇයි අපි නැතිව වෙන අය ඉන්නවද ඔයාව සර්ප්‍රයිස් කරන්න... ආ ?" ඒ ඉම්මිගේ කටය... පේන්න හිටියනම් අනින්න හිතෙන්නේ ඔළුව හිල්වෙන්න ටොක්කක්ය...

ඉම්මිත් අක්කණ්ඩිත් මා අල්ලාගෙන යන අතරේ මසිතේ සිතුවිළි දහසක් පොදි බදින්නට වීය. මෙයාලා මොකාටද එන්න හදන්නේ...? මොකක්ද පුදුමය? මගේ සුදු මහත්තයා මාව පුදුම කරනවා මදිවට දැන් මේ අයත් ඒකම පුරුදු වෙලා.

"ඔන්න අපි තැනට ආවා.... දැන් රෙදි පටිය ගලවමු...."

දෑස් විවර කල විට කිසිත් කියාගන්න බැරිව ගොළු වන්නට වීමී.දෑසේ කඳුලු පනින්නට ඔන්න මෙන්න විය. සැරසිලි මැද තනිවූ ලස්සන උපන්දින කේක් ගෙඩියකි‍.ඇස් අදහාගත නොහැකිව මා ඔවුන් දෙස මාරුවෙන් මාරුවට පුදුමයෙන් බැලුවෙමි.මට වචනයක්වත් ගැට ගසා ගැනීමට තරම් නිච්චි නැත.ඒ සමගම මගේ බද වටා උණුසුම් දෑතක් වෙලෙන්නට විය. මා ගැස්සී ගියෙමි.

"බය වුනාද ? මේ මම... වෙන කවුරු‍ත් නෙවේ සුදු නෝනා....?" ඒ වෙන කවුරුත් නොව මගේ පණ මගේ ජීවිතය වූ මගේම දඟකාර සුදු මහත්තයාය......

ඔහු මගේ නලළත සෙමින් සිපගනිමින් "සුභම සුභ උපන්දිනක් වේවා මගේ රත්තරං සුදු නෝනට.....!!!" යැයි මුමුණන්නට විය.....

"හොරා හරි නරකයි. මේ පාරත් එහෙනම් මාව පුදුම කලා. ආදරෙයි ගොඩාරියක් මගේ රත්තරං සුදු මහත්තයට. සුදු මහත්තයා තමයි මේ ලෝකේ ඉන්න හොදම මහත්තයා." හැඟුම් බර ස්වරයෙන් මට මුමුණාගත හැකිවූයේ එපමණකි.දෑසට නැඟුණු කදුළු සඟවානොගෙනම මා ඔහුගේ ආදරණිය පපතුරට තුරුළු වුණෙමි....





෴ ~~~~~~~~~~ ෴



ප‍.ලි.:

අද මගේ හාවිගේ උපන්දිනේ... ම්ම්ම්ම්ම් මගේ හාවි ඇ‍ගේ ජීවිතේ සමරපු හොදම හා ලස්සනම උපන්දිනය කරන්නයි මට ඕනි... ඒ වෙනුවෙන්
පබලු අක්කා, කංචන අයියා, හසාරි නංගි වගේම ඉම්මි නංගිත් මට ගොඩාක් උදව් කලා.. ඒ වෙනුවෙන් ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය‍.

අන්තිමට කියන්න තියෙන්නේ
මං ඇයට ගොඩාරියක් ආදරෙයි...!!! ඒ වගේම ඇයට සියළු පැතුම් ඉටුවෙන සතුට මෙන්ම නිදුක් නීරෝගී සුව පිරීඉතුරුණු සුභම සුභ උපන්දිනක් වේවා...!!!






ඉතිං එන්න හැමෝම ඇයට සුභ පතන්න...




.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ මම වෙජිටේරියන් වෙමි ෴





මම වෙජිටේරියන්....!!!
මම මස් කන්නේ නෑ
හැබැයි මස් හොදි කනවා...
මම බිත්තර කන්නේ නෑ
ඒත් කේක්, වටලප්පන් කනවා...
මම යෝගට් කන්නේ නෑ
ඒත් කෝප්පේ පුරවලා කිරි බොනවා...
කූනිස්සෝ කන්නේ නෑ
ඒ වුනාට චිලී පේස්ට් කනවා...


කවුරුහරි ඇත්ත කිව්වහම
මට අම්බානකට මලපනිනවා...
මොනාවුනත්, කවුරු මොනාකීවත්
මං වෙජිටේරියන්.....!!!
ප.ලි.:

මේ අපේ ඔෆීසියේ ඇම්ඩන් අයියා
අහ්... නෑ...නෑ... ඇඩ්මින් අයියා (එකතරා ආකාරයක ඇම්ඩන් කෙනෙක් තමයි ඉතිං... දන්නෝ දනිති) ඔය වෙජිටේරියන් කියන ලේබලේ අතේ තියාගෙන ඉන්නේ... (තව තව ලේබල් ගොඩක් අතේ තියාගෙන ඉන්නවා.... හික්ස්) හැබැයි ඉතිං හොර වෙජි... දන්නෝ දනිති.... අපේ ගොඩක් අය ඉතිං ඔය වෙජිටේරියන් කියන එක අභරණයක් කරගෙන... ඇයි ඉතිං කෙල්ලෙක් ළගදි ඔය බයිලා කිව්වහම ලකුණු දාගන්න පුළුහන්නේ... හික් හික්... ඕවා ඇහෙනකොට අනිත් පැත්තෙන් හිනාවෙනවා මිසක් කෙල්ලෝ ලකුණු දුන්න කාලේ දැන් ඉවරයි....හා නැද්ද‍‍....? හික්ස් විතවුට් ලොල්ස්.....


එහෙනම් අපි වාෂ්ප වෙනවා....


ඒස්වඃ පුඃ



.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ ඇයගෙන් සමුගතිමි ෴

එදා....
ඇය හරිම හොදය
විවෘතය
කලොත් දෙයක් කියයි...
මා කිව්වොත් දෙයක් කරයි.....
සද්ද බද්ද නැත...
කරන කියන දෙයක් එයා එයාගේ පාඩුවේ
මට වදයක් නැත‍‍.....

ඒත්.... අද,
ගොඩක් නපුරු වෙලා
මා කියන දේට පිටින් යයි...
තනී මතයට තීරණ ගනී
කරන දේ නොකියයි...
ගුප්ත වෙලා
මා දෙයක් කිව්වොත් සද්ද බද්ද දාගෙන එයි....
වදයක්ම වෙලා මට....

වගකිව යුත්තේ ඔහුයි...
එනමුත් ඔහුත් මගේ මිතුරෙකි..
ඔහුත් මට අවැසිය
ඔහුගේ ඉදහිට සිදුවන වෙනස් වීම
මා ඇගෙන් වෙන් කිරීමට හේතුවමවිය

මෙතෙක් මා ළග හුන්
මා සැනසූ නුඹට සුභ ගමන්...
ඉතිං අවසරයි සමුදෙන්නට නුඹට.....

ඉක්මණට වෙනස් වී මෙගෙන් වෙන්වු....,
නුඹ මගේ "1ටීබී හාඩය" වූ අතර
නුඹ මගෙන් වෙන් කල ඔහු...,
නිතර වෙනස් වන "විදුලියම" විය.....


ප.ලි.

කෂ්ටිය මාතෘකාව පටලාගත්තානම් සමාව භාජනේක තියලා තියෙන
වා...ඇති වෙනකම් ගන්න හොදේ.... මේක මීට මාස දෙකකට විතර කලින් ලියපු පෝස්ටුවක්... ඩ්‍රාෆ්ට් වලට වෙලා දුක් විඳ විඳ හිටියේ... පව්නේ ඔන්න අවස්ථාව දුන්නා... ලොල්ස්... මේ පෝස්ටුවට මාකටින් එකක් දෙන්න ගිහින් ඊයේ එක්කෙනෙක්ගෙන් තර්ජනත් ආවා... කීපදෙනෙක්ම හොයලත් බැලුවා මොකක්ද සීන් කෝන් එක කියලා...හැමෝටම ගොඩක් ස්තූතියි හොදේ... කරදරේකදි ළග ඉන්නවට....


එහෙනම් අපි වාෂ්ප වෙනවා....

ඒස්වඃ පුඃ



.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails