෴ අපි නුඹ වෙනුවෙන්...... ෴



හසියා අද කියන්න යන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා නොවැ.ඔව් මේ අපේ දිලුම් සහොදරයා එහෙම නැතිනම් සයිබර් අවකාශය හරහා සමීපවුණු ඉලංදාරියා ගැන තමා.හැමෝම සිද්ධිය හොද හැටි දන්නවා.හසියා වැල්වටාරම් පුරසාරම් දොඩන්න ඕනි නෑ.....අපේ සහෝදරයාට අපිම උදව් කරමු.ඔහුව සුවපත් කරමු.

වැඩි විස්තර නොදන්න කෙනෙක් ඉන්නවානම් මෙතනින් යන්න....දන්න කියන හැමෝටම කියන්න.....





මචං ඉලංදාරියෝ....


උඹ කවදාවත් නොහිතන්න ඇති බ්ලොග් එකක් නිසා මෙච්චර පිරිසක් උඹ වටා ඇති කියලා.එහෙම නේද? ඒත් උඹ දන්නවා නේද "සේම් ෆෙදර් ෆ්ලොක් ටුගෙදර්" පැරණි ඉංග්‍රිසි කියමන.ගොඩක් වෙලාවට බ්ලොග් එකක් බලපුවහම, කියවපුවහම ඒක ලියන කෙනාගේ ප්‍රතිරූපය ඒ තුලින් හොදට දකින්න පුළුහන් කියන දේ මම පුද්ගලිකව ගොඩක් විශ්වාස කරනවා.ඒ විදිහට උඹවත් උඹේ හදවතත් උඹේ බ්ලොග් අඩවිය හරහා දැකපු අය පිරිසක් තමයි අද උඹ වටා ඉන්නේ.....ඒ උඹ වටා එක් රොක් වෙලා ඉන්න හැමොම උඹ වගේම හිත හොද එවුන් ටිකක්...උඹට ඒක දැනටමත් තේරෙනවා ඇති.උඹ බය වෙන්න එපා....අපි උඹට වැටෙන්න දෙන්නේ නෑ....උඹට දැනුනත් උඹ වැටෙන්න යනවා කියලා බය වෙන්න එපා අපි උඹට වැටෙන්න දෙන්නේ නෑ...අපි ඉන්නවා උඹ වටේ.....කතාවෙන් විතරක් නෙවේ ක්‍රියාවෙනුත්.....කතා ඕනි නෑ....හැමදේම උඹ හිතුවට වඩා හොදින් සිද්ද වෙනවා....!!!





දැකලා කතා බහ කරලා නැතත්‍‍‍....එක අම්මගේ බඩවැල කඩාගෙන නාවට..... අපි උඹේම සහෝදරයෝ.....!!!
උඹට තෙරුවන් සරණයි....!!!






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



ඔන්න ඉතිං අමාරුවෙන් අමාරුවෙන් දැම්මා බස් සතිය වෙනුවෙන් දෙවන පෝස්ට් එකත්.මේක මේ අපේ කෂ්ටියගේ ඇස් පෙනීම හොදද කියලා චැක් කොරගන්න පොඩි ට්‍රික් එකක්.වැඩි කතා ඕනි නෑ.කොරලම බලන්නකෝ....

ඉස්සෙල්ලම හොද හුස්මක් ගන්න...ගත්ත වගේ නෙවේ පිට කොලන්න හොදේ...නැතිනම් ඉතිං හුස්ම අරන් හිරවෙලා මලාස් වෙලාතියෙයි කෂ්ටියගේ.දැන් හිත සැහැල්ලු කොරගන්න.....ම්ම්ම්ම්ම් දැන් වැඩේට බහිමු.....

දැන් මේ පියවරයන් අනුගමනය කොරන්න......

1) ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න ඕනි තමන්ගේ ඇස ඇරගෙන අනිත් ඇහැ හොදට වහගන්න..ඇස් ගහලා පුරුදු අපේ මේ කෂ්ටියට ඕවා ඉතිං මහලොකු වැඩයෑ...නේද ඉතිං....

2) දැන් එක ඇහැකින් බලාගෙන කෂ්ටියගේ කෙම්පුටරේ මව්ස් පොයින්ට් එක ඔය පහල තියෙන රතු " ! " සලකුණ එහෙම නැතිනම් අපි හොදින් දන්න කියන බුදු අම්මෝ සලකුණ ළග ක්ලික් කරන්න.


3) දැන් කෂ්ටියගේ කීබොර්ඩ් එකේ කන්ට්‍රෝල් සහ A (Ctrl+A) යතුරු එකවර ඔබන්න.

4) දැන් කෂ්ටියට ප්‍රතිඵලය හොදට බලාගන්න පුළුහන්....මානසික එකාත්මිකතාවය එකලෙසම පවත්වාගන්න හැබැයි ඔන්න.....

දැන් එහෙනම් කොරලා බැලුවනම්.....







මෝඩයෝ....!!!

මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.මෙහෙම කොහොමද ඇස් පරීක්ෂා කරන්නේ..? මොකෝ මේ ඇහැක් වහගෙන.‍..? වෙන වැඩ නැද්ද හැබෑටම අනේ...?





කොහොමද කෂ්ටිය ඇස් පරීක්ෂා කොරගත්තද? @#%$#%$#!@

එහෙනම් මානසික ඒකාත්මිකතාවය වැඩේ පටන්ගන්න ඉස්සෙල්ලා තිබ්බා ව‍ගේම තබාගෙන ඉන්න....

හසියට මේක මේල් එකකින්...මේ දවස් වල ටිකක් රෙස්ට් කොරන නිසා ලියන්න අමාරුයි වගේ.කම්මැලිකම තමා ඉතිං.ඉතින් බස් සතිය වෙනුවෙන් මොනාම හරි දෙයක් තියෙන්න ඕනි නිසා මේක දැම්මේ.බස් සතිය තව පොඩ්ඩක් දික්කලොත්...හරියට බස් දෙසතිය වගේ ලබන සතියේ ඉදන් ලියන්නම්...හික්ස්...අපිනේ දන්නේ ලියන විදිහ.

එහෙනම් හසියා....


ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :


අද අපි හම්බවෙන්න යන්නේ අපේ මේ සිංහල බ්ලොග් කෙරුවාවේ ඉන්න කෙනෙක් හම්බවෙන්න....මිනිහා බ්ලොග් කෙරුවාවෙන් සමුගන්නවා කියලා ලැබුණු ආරංචියේ සත්‍ය අසත්‍යතාව බලන්න....මිනිහගේ නම තමයි හසියා.දැන් කවුරුත් දන්නවනේ ‍කෙනා කවුද කියලා.හසී ෆැමිලි එකේ ලොකු හසියා.(වයස නිසා හොදේ.)එහෙමත් නැතිනම් ඒස්වඃ පුඃ හසියා‍.එහෙමත් නැතිනම් මාළු බාපු හසියා.ඔය වගේ නම් වලින් තමයි අපි මෙයාව දන්නේ.අපි ඉතිං එයත් එක්ක කතා බහ කොරලා විස්තර ටිකක් දැනගමු එහෙනම්....



ඉතිං හසියා කොහොමද තොරතුරු‍....

ම්ම්ම්ම් වරදක් නෑ....(සුපුරුදු සිනහව පාමින්....)


පහුගිය දවස්වල මොකද කලේ.....

ම්ම්ම්ම්ම් ඇත්තටම විශේෂ දෙයක් කලේ නෑ...(කවදත් එහෙමනේ.....)


අපිට ආරංචිවුනා බලංගොඩ පැත්තෙ ගිහින් අමු චාටර් එකක් කාලා ආවා කියලා....
අනේ මන්දා මේවා ඔයාලා කොහොම හොයාගන්න ඒවද කියලා.ඇත්ත කතාව හැබැයි.මම බලංගොඩ ගියේ වැඩ ටිකක් කරගෙන එන්න කියලා.කොහෙද ඒ හැමදේම වතුරේ ගියා.ඒකට හේතුව වුනේ වැස්සයි උහුලන්න බැරි හීතලයි.දෙයියන්ටත් නිකන් ඉන්න බැරිවට ෆිජ් එකයි ටැප් එකයි ඇරලා දාල.ඔය වගේ බලු වැඩ කරනවද මං අහන්නේ නේද? ඉතිං එළියටවත් බහින්න බෑ‍.ඉතිං කරගන්න ගිය හැමදේම අවුල් ගියා.ඇත්තටම බ්ලොග් එකේ ලිපි ටිකකට කරුණු හොයන්න තමයි ගියේ.ඒත් ඉතිං වැඩේ අබ්ලික් වුනානේ.බලමු ඉදිරියේ දවසක ආයේ ගිහින් කරුණු රැස් කරගෙන එන්න.


මටත් ඇත්තටම කණගාටුයි ඒ දේ ගැන. අපිට ආරංචියි ඒ සංචාරය ගිහින් එනකොට ඔබ සතුව තිබු වටිනාම වස්තුවක් නැතිවෙලා කියලා....

(රහසින්....)යකෝ මේවා මෙහෙම ප්‍රසිද්ධියේ අහන්නෙපා...
ම්ම්ම්ම් ඔව් ඒක ඇත්ත.හිතුවේ නෑ එහෙම වෙයි කියලා.වැරැද්ද මගේමයි.ඒකට ඉතිං මමයි සමාවගන්න ඕනි.මම මේ වෙලාව ඒකට අවස්ථාවක් කරගන්නව ඒ ඒ අදාල අයගෙන් සමාවගන්න.නැවත එහෙම දෙයක් සිදුනොවෙන්න වග බලාගන්න පොරොන්දු වෙන්න පුළුහන්.....


හසියෝ ඒ කියපු කතාවනම් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ...(වැඩිපුර කියන්නේ ඉතිං එහෙම ඒවනේ ෂේප් ෂේප්...) නැතිවුනේ ඔබට අයිති දෙයක් නම් ඇයි තව අයගෙන් සමාව ගන්නේ....

තේරුනේ නැතිනම් ලොකු දෙයක්.....හා හා උඹලා මේවට පොඩි එවුන්....උඹලට තාම මේව්වා තේරෙන්නේ නෑ....


අහ් හරි ඕනි දෙයක්...ම්ම්ම්ම්ම් අපිට දැනගන්න ලැබුණා දෙවන බිරිඳ අසනීප වුනා කියලා.ඇත්තද මේ කතාව?

ඔව් මගේ දෙවන බිරිද අසනීප වුනා හදිසියේම.දැන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා.හැබැයි තාම ඇයගේ තත්වේ කොහොමද කියන්න දන්නේ නෑ..තව දවස් තුනකින් විතර ඇවිත් බලන්න කියලා තමා කීව්වේ දොස්තර මහත්තයා.දැන් මං ඇය වෙනුවට ඒ මට්ටමේ නැති වෙනත් බිරිදක් ළග තබාගෙන ඉන්නේ...(ඇයනම් සක්ස්...වෙලාවේ හැටියට රොක්ස්) ඇත්තටම දෙවන බිරිඳ නැතිව දකුණු අත නෑ වගේ....‍(තේරුනේ දැන් තමයි...)


මොනවා තව බිරිඳක්....? ඔබ කසාදත් බැදලද? කවුද ඒ කෙනා? එතකොට පළමු බිරිද? මේවා නීති විරෝධි වැඩ නේද? ඔබගේ රසිකයන්ට මේවා දැනගන්න උවමනාවෙන්නේ ඇතිතේ...කිව්වනම් ඒ විස්තරත්‍‍....

හෆ්‍ෆා ඔව් අපි නොකා හිටියත් එයාලට ප්‍රශ්නයක්නේ.... (ඔරවමින්....)
අහ් තාම බැදලා නැතෝ....හ‍ෆෆේ දැන්ම අමාරුවේ වැටෙන්න උවමනාවක් නෑ..(සිනාහ වෙමින්...) නීතිවිරෝධි වැඩ වෙන්නේ කොමද ෆොන් දෙකක් පාවිච්චි කොරන එක වරදක් වුනේ මොන රටේද? මගේ දෙවන බිරිඳ කියන්නේ මගේ ආදරණිය ජංගම දුරකථනය.පළවෙනි බිරිද ඉතිං කෙම්පූටරේනේ.


අහ් ඒක මිසක්.....මොකෝ මේ කකුලට වෙලා තියෙන්නේ?

ම්ම්ම් මේක මේ පොඩි රිය අනතුරකින් සිදුවෙච්ච දෙයක්...මම ඊයේ ආපු බස් එක හැප්පුණා පොඩ්ඩක්.වැරැද්ද ඉතිං බස් කාරයගේ.බස් එකේ විදුරුවකට කකුල පොඩ්ඩක් කැපුණා.අතත් පොඩ්ඩක් තැලුණා...දැන් ඉතින් විවේක සුවෙන් ඉන්නවා.


අනේ හෆෝයි....පරිස්සමින් යන්න එපැයෑ....

ඇයි හත්තිලව්වේ මං එලෙව්වා වගේනේ මට කියන්නේ...ඩ්‍රැයිවර් කාරයා කරපු එකටත් මම තමයි පලි.අනේ මන්ද හැමෝම එකයි.


දැන් කියන්න බලන්න මේ බ්ලොග් කරණයෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය ඇත්තක්ද?
ඔව් ඒක ඇත්ත.


හේතුව ඇහුවොත්?

ම්ම්ම්ම්ම්ම් ඇත්තටම කිව්වොත් මට දැන් හොදටම වැඩ.හුස්ම ගන්නත් ඇත්තටම අමතකයි.ඉදිරියේ තවත් වැඩ අධික වෙයි.ඉතිං තිරණය කරා බ්ලොග් කරණයෙන් ඇත්වෙන්න....ඇත්තම කීවොත් මම වෙනදා කියවන බ්ලොග් ගොඩක් කියවන්නත් ගොඩ ගැහිලා.අඩු තරමේ මට පෝස්ට් එකක් ලියනවා තියා අනෙක් අයගේ බ්ලොග් එකක් කියවලා කමෙන්ට් එකක් දාන්න තරම්වත් වෙලාවක් නෑ...ඒ තරම්ම කාර්යය බහුල වෙලා...


මේ සම්බන්ධයෙන් ඔබට මර්ණීය තර්ජන එල්ලවුණා කියන්නේ ඇත්තද?

ම්ම්ම්ම් ඔව් ඇත්ත.මම මගේ බ්ලොග් එක නවත්වනවා කියලා දැනගෙන සමහරු මට නිර්ණාමික ඇමතුම්, මේල් එවන්න ගත්තා‍.ඒ මදිවට මම බ්ලොග් එක නැවැත්තුවොත් තවත් සමහරු බ්ලොග් ලියන එකත් නවත්වනවා කියලා තර්ජණ කරනවා.


අප්පා එහෙමද? ඉතිං පොලිසියට දැනුවත් කලේ නැතිද?
ම්ම්ම් නැහැ ඇත්තටම නැහැ.මොකද ඉතිං මේ අය මගේම රසික රසිකාවියෝනේ...ඉතිං ඒ අයගේ හිත් රිද්දන්න පාරන්න හොද නැනේ...


එතකොට ඔබේ අවසාන තිරණය?

ම්ම්ම්ම්ම්ම් මම බ්ලොග් ලියන එක නවත්වන්න තමයි හැදුවේ.ඒත් දැන් ඒ දේ කරන්න බැරි වෙලා.මට වඩා මගේ බ්ලොග් එකට ආදරේ කරන පිරිසක් එක් රොක් වෙලා ඉන්නවා.(හේහේහේ වැඩේමයි....) ඉතිං මං මගේ තිරණය වෙනස් කරලා නැවත බ්ලොග් කරණයේ යෙදෙන්න හිතුවා.


අහ් අයෙත් ලියනවද ඒ කියන්නේ...ම්ම්ම්ම් වැප්නි සාන්ත මහතාගේ බ්ලොග් සතිය ගැන ඔබේ අදහස කීවොත්...

ඔව් ඉතිං ගංජා ගහන්න පුරුදු කරලා....අන්තිමට සයිඩ් ඉෆෙක්ට් එනවා කියලා අඩලා හරියන්නේ නෑනේ.සයිඩ් ඉෆෙක්ට්ස් වලටත් බේතක් දීලා වැඩේ ෂේප් කරන්න ඕනිනේ....(ගංජා ගහන්න කිව්වේ නෑ ඔන්න....වැප්නි සාන්ත මහත්තයා කෑලි හැලෙන බූං එකේ එයිද දන්නෙනෑ හසියට නෙලන්න....අද සිට හසියා බසයකට නැග හමාරය....)



අන්තිමට ඔබ තුමාට මොනවද කියන්න තියෙන්නේ?


ම්ම්ම්ම් මාව ඉන්ටර්ඩික්ට්... නෑ...නෑ....මේ ඉන්ටර්වීව් කොරන්න ආවට තැන්කූ හොදේ.ආයෙත් බ්ලොග් කරණයට එනවා හසියා.නැවත බ්ලොග් කරණයට එන්න කීව හැමෝටම පිං.ලියන්න එපා, උඹ උඹට ඕනි කෙහෙල් මලක් කරගනින් කියලා කිව්ව එකාලටත් ගොඩාක් පිං.ළගදීම හසියා අනිත් අයගේ පෝස්ට් කියවන්න කොමෙන්ට් කොරන්න ඒ මදිවට පෝස්ට් දාන්න එනවා කියලා මතක තියාගන්න ඕන් හොදේ....



එහෙනම් හසියා සුපුරුදු පරිද වාෂ්ප වෙන්නෙයි කියලා......


ඒස්වඃ පුඃ






.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



සැබෑ ආදරය යනු...
සිදුවු වරදකට
පළිගැනීමද......?
සමාවදීමද......?

ඇත්තටම තිරණය
නුඹේ අතේ....

෴_______෴



ප.ලි. :

වරදක් කිව්වට ඒක වරදක්ම නෙමේ.කරන්න සිදුවු දෙයක්.ඒත් ඒකෙන් කිසි කෙනෙක්ට කරදරයක් නෙවුන බවනම් විශ්වාසයි.ඒත් එකම එක කෙනෙක්ගේ හිත නොරිදුනාමත්ම නෙමේ.(සදාකාලික වෙන්වීමක් වගේ දෙයක් නෙවේ හැබැයි.....)

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........
සිදුකරපු වරද මොකක්ද? කාටද වුනේ? කවුරුද කලේ? ඔය හැමදේම හිතනවට වඩා අහපුදේට පිළිතුරක් දෙන්න....
ඇත්තටම තීරණය නුඹේ අතේ......






" There is no revenge so complete as Forgiveness...!!! "






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails