ඔන්න ඉතිං හසියටත් මතක් වු‍නා හසියගේ පංතියේ කොල්ලෙක්ගේ ගන වැඩක් අපේ මේ පිස්සා අයියා දාපු "බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ" කියන පිස්සු පොස්ට් එකේ තිබ්බ ගන පත්තර කතාව දැකලා....බය වෙන්න එපා මේක ගන පෝස්ට් එකක් වුනාට පවුලේ සැමට නැරඹිය හැකි එකක් ඕන්.....

ඔන්න ඉතිං අද අපේ කතා නායකයා නොහොත් ගන නායකයා...කෙලින්ම නමෙන් කිව්වොත් "ඇම්බැට්ටයා".මේකට ඇම්බැට්ටයා කියන්නේ ඉස්සර 6 7 8 පංතිවල සිංහල සාහිත්‍ය සමිතියේදී ඕකා කියන්නෙම ඇම්බැට්ටයගේ කතාවක්මයි..."ඔන්න එකෝමත් එක කාලෙක ඇම්බැට්ටයා කියලා ළමයෙක් හිටියා...බ්ලා...බ්ලා....." කියලා පටන් ගත්තාම අමු කෙප්ප ටිකක් ඇද බාල තමා නතර කතාව කරන්නේ...
ඉතිං ඔය හේතුව නිසාම මේකට ඇම්බැට්ටයා කියලා නම රෙජිස්ටර් වෙන්න වැඩි දවසක් ගියේ නෑ.ඒ නම කොච්චර ප්‍රසිද්ධද කියනවනම් දැන් වුනත් ඇත්ත නමින් කතා කලාට එකෙක් වත් දන්නේ නැ කවුද කියලා.අනිත් එක දැක්ක තැන "ආ ඇම්බැට්ටයෝ...." කිව්වහම තමයි උටත් පොඩි කික් එකක් එන්නේ...

ඉතිං දැන් හසියා එහෙම 10 වසරේ ඉන්නැද්දි...හසියා නෙවැ පංති නායක නොහොත් ක්ලාස් මොනිටර්.
(LCD මෙනිටර් වගේම තමා ඕන්....) ඔය දවස් වල ගන සීන් කොන් මාරෙට නැගලා ගියා ඕන්..හසියා නම් ඉතිං ඇන්ටි ගන තමා.....(එතකොට අංකල් ගන කියන්නේ මොකක්ද?) මොකද පන්තියේ හිටිය සුවච කීකරු ශිෂ්‍යයෙකෙනේ මේ දැං වගේම...

ඉතිං ඔය ඇම්බැට්ටයා තමා ක්ලාස් එකට ගන ස්ටෆ්ස් සප්ලයි කලේ.හැමදාම කෙහෙන් හරි ගන පත්තර...ඩේක් පීස් බ්ලා බ්ලා...උස්සන් එනවා.
(හසියලා 10 ඉන්නැද්දි ඔය සීඩී ඩීවීඩි වැඩිය නෙමේ ඇත්තේම නෑ වගේනේ...ඉතිං වි.එච්.එස් ‍එහෙමත් නැතිනම් ඩෙක් පීස් තමා තිබ්බේ...)

ඉතිං ඔන්න මේ ඇම්බැට්ටයා පංතියේ එවුන්ව ගෙදර එක්කන් ගිහින් එහෙමත් ගන බැලුවා.ඒ තරම්ම මිනිහා බැහැල වැඩ කලා ගන ප්‍රොමෝට් කරන්න.....


ඔන්න ඉතිං දවසක් මේ ඇම්බැට්ටයා පංතියේ යාළුවෝ කීපදෙනෙක් එක්ක කලින් ඉස්කෝලෙන් පැනලා ගෙදර ගියා.කන්න බොන්න නෙමේ අනේ ගනයක් බලන්න...
ඉතිං දැන් කෂ්ටිය කට ඇරන් බලනවලු.(ලු කියන්නේ හසියා ඔතන හිටපු නැති නිසා ඕන්...) ඉතිං ඔහොම බලන අතරේ ඇම්බැට්ටයගේ අම්මා කොහෙද ගිහින් ගෙදර ඇවිත්.කරුමෙට ඇම්බැට්ටයට ගෙදර ඉස්සරහා දොර වහන්න අමතක වෙලාලු...ඉතිං මුන් එකෙක් වත් දන්නේ නැතිලු ඇම්බැට්ටයගේ අම්මා එනවා.මුංටත් ඉතිං කොහෙද සිහියක්..

ඉතිං ඇම්බැට්ටයගේ අම්මා ඇවිත්‍‍...

"පුතා මේ මොනවද බලන්නේ ආ...අද මොකද ඉස්කෝලෙන් කලින් ආවේ..?" කියලා...


දැන් එකෙක්වත් මීක් නැතිලු...නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.ඇම්බැට්ටයා ටීවී එක ඕෆ් කරගත්තලු ෆුල් ට්‍රයි එකක් දීලා...

දැන් ඇම්බැට්ටයගේ අම්මගේ කටේ සැර වැඩි වෙන්න ගත්තලු...


ඔන්න ඉතිං ඔය ගැන්ග් එකේ හිටපු එකෙක් ගොත ගහ ගහා කිව්වලු "ඇ...ඇන්ටි. අ..අපිට මෙ..මෙයා ත..තම..මයි ෆි..ල්ම් එක..ක් බ..බලන්න එ..එන්න කිව්වේ..." කියලා.


කෙලපන්කෝ හැලප අමුවෙන්....ඇම්බැට්ටයට ෆුල් මලලු දැන්....කොරගන්න දෙයක් නැතිලු.....


ඇම්බැට්ටයගේ අම්මට අසුහාරදාහට පොඩ්ඩක් එහාට තදවෙලාලු‍....ඇම්බැට්ටයා ළගට ඇවිත් ඇම්බැට්ටයගේ කනෙන් අල්ලලා ඇහුවලු....


"ඇත්තද මේ කියන්නේ...?" කියලා....


එතකොටම ඇම්බැට්ටයා ගත් කටටම කිව්වලු "නෑ නෑ අම්මේ අපි ඇර ඇර බැලුවේ" කියලා....


පංතියේ එවුන්ට ඉන්නේ කොහෙද නැතිව හිනාලු....ඇම්බැට්ටයගේ අම්මත් හිනාව අමාරුවෙන්ලු තදකරගත්තලු.....


කොහොමහරි එදා සෙට් එකට ඇම්බැට්ටයගේ අම්මා හොද දේශනාවක් දුන්නලු.ඇම්බැට්ටයගේ අම්මට වැදලත් සමාවගත්තලු කෂ්ටියම.හැබැයි ඇම්බැට්ටයට යාළුවෝ ගෙදර එක්කන් ඒම සම්පුර්ණයෙන්ම තහනම් කලාලු ගොඩ දවසක් යනකන්......

පහුවෙනිදා ඉදං තමයි හොදම සීන් කෝන් එක...ඇම්බැට්ටයා තමා හොදම බයිට් එක හැමෝගෙම...‍..ඔය කේස් එක මුළු ඉස්කෝලෙම පැතිරෙන්න වැඩි වෙලාවක් යන්න ඕනි නෑ කියලා ඉස්කෝලේ ගිය ඈයෝ දන්නවා ඇතිනේ ඉතිං....

"ඒ ඇම්බැට්ටයෝ....ඇර ඇරද බං බැලුවේ...?" කියලා අහපුවහම හොදටම ඇති ඇම්බැට්ටයා ඉන්න අවට වාතලය දුෂණය වෙන්න....

මොනාවුනත් ඇම්බැට්ටයා තමන් කොරන්ගිය ගන සප්ලයි එකනම් නැවැත්තුවේම නෑ.....අදටත් ඌ ළග හොද ගන කොලෙක්ෂන් එකක් තියෙනවුලු.....


ඔන්න ඔහොමයි ඇම්බැට්ටයා ඇර ඇර ගන බැලුවේ...

කෝකටත් හසියට දවස් දෙක තුනක් යනකන් අන්නෝන් නම්බර්ස් වලට ආන්සර් නොකර ඉන්න එක හොදයි වගේ....


එහෙනම් ඔන්න අදත් හසියා වාෂ්ප වෙන්නයි යන්නේ....කට්ටිය වැඳගත්තනම්....


ඕන් රුහුණු කැම්පස් එම්.ඒස්.සී‍. වීක්එන්ඩ් එක්සෑම්ස් දෙසැ.19න් තුෂ්ණින් භුත්....
(ඔහොම කිව්වේ ලොකු හේතුවක් ඇතිව....පස්සේ කියන්නම්කෝ....)


ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



ඔන්න අද හසියා දෙන්න හදන්නේ ඔය ඉස්කොලේ එහෙම නොගිහින් ඉදලා ඒ කිව්වේ මේ ඉස්කෝලේ යන්නේ නැතිව කැලේ පැනලා හිටපු අයට වැදගත් වෙන දෙයක්....(මොකෝ ඔහොම හසියා දිහා බලන්නේ කෂ්ටිය....හිතුවද හසියත් කට්ටි පැන්නා කියලා.මෙන්න හසියා ඉස්කෝලේ ගිහින් කරපු වැඩ..දැක්කේ නැතිනම් ගිහින් බලන එකයි ඇත්තේ ඕන්...."෴ අනාගත බලාපොරොත්තුව ෴","෴ ඔළුවට පීල්ල අල්ලලා. නෑ..නෑ.. පීල්ලට ඔළුව අල්ලලා ෴") අපෝ දවස් දෙකද ඉස්කෝලේ ගියේ කියලා කියන්න එන්න එපා ඕන්....තාම හරියට කියන්න කොරන්න හම්බවුණේ නෑනේ...

හරි හරි දැන් පම්පෝරි ගහලා දෙන්න හදන්නෙ මොකක්ද කියලා දන්නවද කෂ්ටිය? කෂ්ටියට ඒකක පරිවර්තනයට කියාපු සොෆ්ට්වෙයාර් කෑල්ලක්...(ඉතිං ආයෙත් කෑල්ලක් ගැන කියනවා....
) දැන් කෂ්ටිය අහන්න එපා ඇයි ඉස්කොලේ ගිය අයට මේක නරකද කියලා.නෑ නෑ කිසි ගින්නක් නැතිව ඕනි කෙනෙක්ට මේකෙන් වැඩ ගන්න පුළුහන් ඇති තරම්...

සොෆ්ට්වෙයාර් කෑල්ලේ නම තමයි "Das Unit Converter".
මොකක් දාසට එච්චර වැඩකුත් පුළුහන්ද? නෑ නෑ ඒක මේ සොෆ්ට්වෙයාර් එකේ නම විතරයි අනේ.මේකේ තියෙනවා ඒකක කැටගරීස් අසුවකටත් වැඩි ප්‍රමාණයක්.ඊටත් වඩා මේකේ අපි නොහිතන ඒත් අපිට වැදගත් පුංචි පුංචි ගැජට් ටිකකුත් තියේ.ඒ කිවවේ දැන් හදිස්සියේ ඒකක පරිවර්තනයකදි එකතු කිරීමක් අඩු කරිමක් කරන්න ඕනි වුනා කියමුකෝ.ඉතිං ඕකට කැල් එක තියෙන්නේ කෙම්පුටරේම.ඇත්ත තියෙනවා තමා ඒත් ඉතිං ඕක ගන්න ටයිප් කරන්න එහෙම වෙනවනේ‍.ඒත් මේකේ තියෙන එක බටොන් එකකින් අපේ කෙම්පුටරේ තියනෙ කැල් එක ඉක්මණට වගේම පහසුවෙන් ගන්න පුළුහන්.තව අපි හිතමුකෝ අපිට හදිස්සියේ දෙයක් සටහන් කොරගන්න ඕනි වුනා කියලා.හොයපන්කෝ කොල පෑන් පැන්සල්....එහෙම නැතිනම් ඉතිං නෝට්පෑඩ්...ඒකත් ඉතිං පොඩ්ඩක් ගන්න කරදරයි නෙවැ.ඒකටත් තියේ ඔන්න පුංචි ගැජට් එකක්.

ඔය වගේ තවත් ගොඩක් වැදගත් වෙන දේවල් මේ සොෆ්ට්වෙයාර් එකේ ෆීචර්ස් විදිහට තියෙනවා.ඉතිං ඔන්න කෂ්ටිය බාගෙන බලන්නකෝ...හසියා ඔන්න කෂ්ටියට මේ සොෆ්ට්වෙයාර් කෑල්ලේ පොර්ටබල් එකත් දාලා තියේ...
කැමති එකක් බැරි නම් දෙකම වුනත් බාගෙන බලන්න.ඔන්න ඉතිං ඊට පස්සේ ඒකක පරිවර්තන අවුල් කරන් දගලන්න එපා හො‍දේ....


~Das Unit Convertor V-6.25~
(Mediafire Link / 5MB)

~Das Unit Convertor V-6.25 (Portable)~
(Mediafire Link / 8.5MB)


කොහොමද අද දුන්න සොෆ්ට්වෙයාර් කෑල්ල? ඕන්න ඉතිං බාගෙන බලලා අදහසක් දාලා යන්න අමතක කොරන්න එපා ඕන්....



එහෙනම් ඔන්න අදත් හසියා වාෂ්ප වෙන්නයි යන්නේ....කට්ටිය වැඳගත්තනම්....


ඕන් කෂ්ටියගේ ජර මර ලටපට නඩුහඹ මදිවට ගුටිකෙලි තරහමරහා පරණකෝන්තර තුෂ්ණින් භුත්....

ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :




I will never say never...! (I will fight...)
I will fight till forever....! (make it right...)

Whenever you knock me down,

I will not stay on the ground.

Pick it up,

Pick it up,

Pick it up,

Pick it up up up,

And never say never.......


~~~~~~~~


හසියා මොකක්ද මේ කියන්න කරන්න යන්නේ අද.....ඊයේ පට්ට දුකෙන් හිත රිද්දන් දුක් වින්දා....අද මෙතන සිංදු කිය කියා නටනවා......

ම්ම්ම්ම්ම්ම්ම් සේරම ඇත්ත‍‍....

දුක සතුට කියන්නේ කාසියක දෙපැත්ත කියලා හැබෑටම කිව්වේ කව්ද...? හරි ඒකත් හරි කියමුකෝ...එතකොට සමහරවෙලාවට දුකයි සතුටයි එකම සිද්ධියකින් එකවිට ලැබෙනකොට කාසිය දෙකට පැළිලා පලු දෙක වැටෙනවද දන්නේ නෑ නේද....

ඇයි කාසිය කෙලින් හිට්ටෝත්... අහ් ඔව් ඒකත් හරි....

අපේ දුකා අයියා ඊයේ කිව්වා වගේ දුකක් දැනුනමත් සතුටක් දැනුනමත් කරන්න තියෙන හොදම දේ බ්ලෝග් පෝස්ට් එකක් ලියන එක කියලා හසියා ඊයේ හොදට තේරුම් ගත්තා‍‍‍...යාළුවෝ කීදෙනෙක් එක් වුණාද හසියාගේ හිත සනසන්න...ඒ විතරක් යෑ සමහරු තර්ජන ගර්ජන කලා හසියෝ සතුටින් ඉන්න නැතිනම් මගේ බ්ලොග් එක ඩිලීට් කරගන්නවා කියලා....තව කෂ්ටියක් කොල් කරලා මැසේජ් කරලා හිත හැදුවා...
ඒ හැමෝටම ගොඩාක් පිං හසියගේ හිත හදන්න එක්රොක් වුනාට.....ඇත්තටම ගොඩාක් සතුටුයි....ඒ වගේමයි ඔන්න හිත හදන්න එකතු වුන හැමෝගෙම හිත් කිසිම දිනෙක නොරිදේවා...සතුට රැදේවා කියලා හසියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා‍‍......



හ්ම්ම්ම්ම්ම්ම් ඒ ඊයේ...මේ අද.....


දැන් ඒ හැමදේම අමතක කරමු.....!!! කෝ කෂ්ටිය හොද හුස්මක් ගන්න බලන්න.... ම්ම්ම්ම් හරි...

දැන් කෂ්ටිය අහයි මුලින්ම ‍‍‍ජේ.බී. මලයගේ සිංදුවේ කොටසක් දැම්මේ මොකෝ කියලා....

හෝව් හෝව්.... හසියාට අමතක වුණානේ...කෝ කෂ්ටිය හොදට ගත්ත හුස්ම හෙලන්න......තව පොඩ්ඩෙන් මිල්ක් ෆාදර්ට ඩෝග් ජම්ප් වෙනවා...

ම්ම්ම්ම් ඉස්සෙල්ලා හසියා කිව්වා වගේ අර ජේ.බී. මලයගේ "නේවර් සේ නෙවර්" සිංදු‍ව දැම්මේ ලොකු හේතුවක් ඇතිව...

ඒ මොකෝ ඒ....

අද හසියාගේ නවාතැනට ඉතාමත් සුවිශේෂි දවසක්‍‍....ඇත්තටම ගොඩක් සතුටු දවසක් හසියාට....ඔය පහල පිංතූරේ බලන්නකෝ.....










දැන් තේරුණා නේද.....හරියටම 2010 ජූනි 18 වෙනි දින හා හා පුරා කියලා "෴ කෂ්ටියට මතකද මන්ද....??? ෴" කියන පෝස්ට් එකෙන් පටන් ගත්ත ෴ හසියා ගේ නවාතැන ෴ ට අද වෙනකොට පේජ් වීව්ස් කවුන්ටරේ 10'000 පසුකරලා....(හසියගේ පේජ් වීව්ස් නැතිව හොදේ...) අද වෙනකොට ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනකොට
෴ හසියා ගේ නවාතැන ෴ ට දින වලින් නම් දින 161ක්ද මාස වලින්නම් මාස 5යි දින 8ක්ද වෙනවා....ඒ අතරට හසියා දාලා තියෙන පෝස්ට් ගණන 37ක්. (මේ පෝස්ට් එක නැතිව ඕන් හොදේ‍‍‍‍....) ඒ කියන්නේ එක පෝස්ට් එකක පේජ් වීව්ස් සාමාන්‍ය 270 ක් වෙනවා...

කෙනෙක් කියයි.. හෆ්ෆේ ඕකට ඔච්චර උඩ පනින්න ඕනිද කියලා....ඇත්ත‍‍‍‍...ඒත් වෙනත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැතිව තනියම දෙයක් කරලා ඒකේ පුංචි හරි සාර්ථකත්වයක් ලබනකොට දැනෙන සතුට දන්නේ තමන්ම තමයි...ඒක ඉතිං අපේ මේ බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ....

ඉතිං ඔන්න ඕකට තමයි අද හසියාට ‍ගොඩක් සතුටු....ඉතිං හසියා එක්ක මෙතෙක් කලක් ළගින් හිටුපු හැමෝම එක්කත්, හසියට දුක දැනුණු වෙලාවේ ළග හිටපු යාළුවෝ හැමෝම එක්කත් හසියාට දැනුණු සතුට බෙදාගන්න හිතුවා....ඉතිං ඔයාලා හන්දා තමයි හසියා
෴ හසියා ගේ නවාතැන ෴ අද මේ තත්වයේ ඉන්නේ....(ඇයි පිට සක්වලින් හසියගේ බ්ලොග් එක බලන්න එනවා කියලා හිතුවද...?‍)

ඉතිං අපේ කෂ්ටිය හැමෝටම හදවතින්ම හිස නමා ආචාර කරනවා කෂ්ටිය හසියව අද මේ තත්වෙට ඔසවලා තිබ්බට...(බයේ බෑ කොන්ද කැඩෙයිද කියලා බිමට වැටිලා....) බොහෝමත්ම ස්තූතියි ඒව‍ගේම ගොඩාක් පිං හැමෝටම‍‍‍....නම් වශයෙන් සදහන් කරන්න බැරි තරම් ලොකු ‍පිරිවරක් හසියා සමඟ ඉන්නවා කියලා දන්නවා...ඉතිං ඒ හැමොටම තමයි මේ ආචාරය..... (ඔන්න නම් කිව්වේ නෑ කියලා තරහ බෑ හොදේ.....)




හසියා ඉතිං කෂ්ටියට කොහොමත් දුන්නේ අලුත් දෙවල්නේ..... ඉතිං හසියා තවත් අලුත් අත්දැකීමක්
෴ හසියා ගේ නවාතැන ෴ ට පැමිණෙන හැමෝටම ලබාදෙන්න ඉන්නේ... (සූන් ඔන් ෴ හසියා ගේ නවාතැන ෴ .) නෑ නෑ වැඩි කල් නෑ ඉතාමත් ළගදීම ඔන්න හොදේ....
(රැදී සිටින්න
෴ හසියා ගේ නවාතැන ෴ සමගම මීළගට ...........)

ඒ වගේමයි හසියගේ තියනෙ අඩු පාඩු කියලා දෙන්න...(තාම පොඩි එකානේ....) වෙන්ස් වෙන්න ඕනි දෙවල්...වියු යුතු දේවල්....මේ හැමදේම හසියට කියන්න....හසියා ඉතාමත් සතුටින් ස්තූති පුර්වකව ඒ දේවල් බාරගන්නවා....


ඉතිං වාෂ්ප වෙන්න ඉස්සෙල්ලා කියන්න තියෙන්නෙත් හසියා සමග හිටපු හැමෝටම....හසියව දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පිං....ඒ වගේමයි ගොඩාක් ස්තූතියි..... හැමෝටම හසියාගේ හද පිරි ප්‍රණාමය.....

එහෙනම්
෴ හසියා ගේ නවාතැන ෴ සමග දිගටම රැදී සිටින්න කියලා, හසියා කෂ්ටයගෙන්ම ඉල්ලා සිටිනවා ඔන්න හොදේ....

ඒ වගේමයි දෙයක් කරන්න පුළුහන්නම් කරන්න...බෑ බෑ කිය කිය ඉන්න එපා....කොහොමහරි කරන්න බලන්න...හැබැයි කරන්න බැරි දෙවලුත් තියේ...ඒවා කරන්න ගිහින් ජීවිත අවදානමක් ගන්න එපා...... තමන්ටත් සමාජයටත් වැඩදායී හිතැති අලුත් දෙයක් කරන්න හැමවෙලේම.... එතකොට මේ ලෝකේ හැමෝටමත් අපිටත් ගොඩක් සතුටින් ඉන්න පුළුහන් වෙයි.....


ඕන් කිව්වා මේන් වාෂ්ප වුනා..... (කෝ අර ජේ.බී. මලයගේ සිංදුව දැම්මනම්....)


I will never say never.....!!!



ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ හිත රිදුනම...... ෴





අඬන්න....
ලැජ්ජා නැද්ද කොල්ලෙක් වෙලා අඬන්න...



පොතක් බලන්න....
කියෙව්වට හිතට යන්නේ නෑ...



වැටෙනකන් බොන්න...
අපෝ බෑ...කවදාවත් බොන්නෑ කියලා අම්මට පොරොන්දු වුණා.....



ෆිල්ම් එකක් බලන්න...
ඔක්කොම බලපුවා....



යාළුවොත් එක්ක රවුමක් ගහන්න....
මට කවුද ඉතිං ඉන්න යාළුවෝ......



නිදන්න...
නිදි දෙව්දුව අහලකවත් නෑ.....



බ්ලොග් පෝස්ට් එකක් ලියන්න....
ඒක තමා මේ ලිව්වේ.....



~~~~~~~~





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



අද අපේ බ්ලොග් අවකාශයේ ඉන්න පතාක යෝධයෙක්ගේ උපන්දිනේනේ.....(අහ් ඒහෙනම් ලෑලි කෑලි තම්බා පත අට දෙකට සිදුවා දෙන්න වටිනවා නේද....) හෑබැට මොකාද ඒ යෝධයා...යෝධයෙක් කිව්වට යෝධයෙක් නෙමේ අනේ දෙවිකෙනෙක් වගේ මනුස්ස උත්තමයෙක්.එහෙමත් අය ඉන්නවද? මොකෝ නැත්තේ...ඔය ඉන්නේ එහෙම අය.....හැබැයි ඉතිං දුර්ලබයි.හොද දේවල් කෝමත් දුර්ලභයි ලුනේ....

වැඩි කතා ඕනි නෑ...කෙනා තමයි අද දින 83වන උපන්දිනය සමරන අපේ "තිස්ස දොඩන්ගොඩ අයියා" (ආදරේට එහෙම තමයි අයියා කියලනේ කියන්නේ ඉතිං....
) කෂ්ටිය නම් කියන්නේ "දොඩං සීයා" කියලා.ඔව් ඔව් හොරෙන් දොඩං විකුණනලා අහුවුනා නෙවැ දෙතුන්පාරක් දෙල්කද පොලේ....බලමුකෝ ඒකෙත් හැටි....

ඉතිං ඔන්න අපේ මේ සොදුරු මිනිසාට තවත් දිගු කාලයක් අපිත් එක්ක මේ වගේම විනෝදෙන් ආදරෙන් සහෝදර බැදීමෙන් යුතුව බ්ලොග් අවකාශය රස කතා සමග ගීත වලින් අපිව පිනවන්න හැකිවෙන්න කියලත්.....(කොහේ යන්නද ඔහේ හිටු අපිත් එක්ක) අයියගේ සිතුම් පැතුම් හිතනවටත් වඩා හුගක් හොදින් සාර්ථක වෙන්නත්....(පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා) පවුලේ සතුට සාමය සමගිය ආදරය උතුරා දෝරේ ගලන්නත්....(ඇස් වහක් කටවහක් නෑ බොල අයියේ) අපේ මව්බිමට ඇවිත් අපිත් එක්ක ඉන්න එන්න ඕනි කියන චේතනාව හිතට තදින් කා වදින්න කියලත් (කොහේ හිටියත් මව්බිම කරම් විටින තැනක් වෙන තියෙද?) හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.‍‍‍‍...!!! (හදවතින්ම කිව්වට හදවතින්ම නෙමේ...හදවතින් සහ බොක්කෙන් යන දෙකෙන්ම සම සමව අඩු වැඩි නැතිව හොදේ‍‍‍....)

එහෙනම් කෂ්ටිය එකතු වෙලා විෂ් කොලානම් අපේ දොඩං සියාට.....


හැපි බර්ත්ඩේ ටු යු...
හැපි බර්ත්ඩේ ටු යු...
හැපි බර්ත්ඩේ ඩියර් දොඩං සීයේ...

හැපි බර්ත්ඩේ ටු... යු...




දොඩං සීයේ....නුඹට සුභම සුභ උපන්දිනයක් වේවා...!!!



එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබොවේවා...!!!





අහ් කෂ්ටිය ‍අපේ දොඩං සීයට සුභ පතන ගමන් ඒ ගෙවල් පැත්තට ගියානම් දොඩං වලින්ම සංග්‍රහ කරයි මදි නොකියන්න....


හෆ්ෆේ දොඩං සීයා මේ පැත්තට එනවා වගේ හති දාගෙන....‍
අහ් දොඩං නම් දැන් කන්න‍ බොන්නත් බෑ වගේ...අනේ මන්ද හිතටත් හරි නෑ වගේ දුන්නොත් නොගෙන ඉන්න.....

මළා....හෆ්ෆේ අතේ දො
ඩං නෙවේ තියෙන්නේ හැරමිටියද නැතිනම් තඩි පොල්ලක්ද මන්ද....මේ හසියා වාෂ්ප වෙන්නම් නැතිනම් ආයේ පෝස්ට් එකක් ලියන්න බැරිවෙන තරමට හසියව කෝටු මස් කරයි.අසු හාරදාහට පොඩ්ඩක් එහාට තදවෙනවා කියලා දවසක් දොඩං සීයම කිව්වනේ...‍‍. බොරුනම් මේ බලන්නකෝ...



හෆ්ෆේ තව පොඩ්ඩෙන් ඔත්තුව දුන්න කෙනා අමතක වෙලා කන්න වෙන්නේ ටොකු.....
හසියට මේ බව දැනුම් දුන්නේ දොඩං සීයාගේත් හසියාගේත් තවත් බොහෝ සහොදර බ්ලොග් කරුවන්ගේත් ගුරුතුමිය වුන අපේ මේ අහිංසක "වත් අක්කා".(අහිංසකයි කිව්වේ නිදාගත්තහම බව කරුණාවෙන් සහ දයාවෙන් සලකන්න.)

හරි එහෙනම් වත් අක්කේ දුවන්න ලෑස්ති වෙන්ඩෝ....ඔන්න දොඩං සීයා එනෝ.......
(අල්ලයි අපිව... ඒවා කොහෙද දොඩං සීයේ අපිත් එක්ක.....)

ඔන්න හසියා නම් වාෂ්ප වුනෝ......


ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails